චූළහත්ථිපදොපමසුත්තවණ්ණනා අට්ඨකථා
චූළහත්ථිපදොපමසුත්තවණ්ණනා
චූළහත්ථිපදොපම සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති චූළහත්ථිපදොපමසුත්තං. තත්ථ සබ්බසෙතෙන වළවාභිරථෙනාති, “සෙතා සුදං අස්සා යුත්තා හොන්ති සෙතාලඞ්කාරා. සෙතො රථො සෙතාලඞ්කාරො සෙතපරිවාරො, සෙතා රස්මියො, සෙතා පතොදලට්ඨි, සෙතං ඡත්තං, සෙතං උණ්හීසං, සෙතානි වත්ථානි, සෙතා උපාහනා, සෙතාය සුදං වාලබීජනියා බීජියතී”ති (සං· නි· 5.4) එවං වුත්තෙන සකලසෙතෙන චතූහි වළවාහි යුත්තරථෙන.
එවම්මෙසුතං යනු චූලහත්ථිපදොපම සූත්‍රයයි. එහි සබ්බසෙතෙන වළභිරත්ථෙන යනු සර්වාංයම සුදු වූ වෙළඹුන් සතරදෙනෙක් යෙදූ රථයෙන්, සුදු රථය, සුදෙන් සැරසුනු පිරිවර, සුදු රැස්වලින් යුත්, සුදු සැරයටියෙන් (වේවැලින්), සුදුකුඩ, සුදු ශීර්ෂය, මුදුන, සුදු වස්ත්‍ර, සුදු පාවහන්, සුදු වල් විදුනාවන්, මෙසේ සිදු වූ රථයට මුළු සිරුරම සිදු වූ වෙළඹුන් සතර දෙනෙකු යොදා.
රථො ච නාමෙසො දුවිධො හොති – යොධරථො, අලඞ්කාරරථොති. තත්ථ යොධරථො චතුරස්සසණ්ඨානො හොති නාතිමහා, ද්වින්නං තිණ්ණං වා ජනානං ගහණසමත්ථො. අලඞ්කාරරථො මහා හොති, දීඝතො දීඝො, පුථුලතො පුථුලො. තත්ථ ඡත්තග්ගාහකො වාලබීජනිග්ගාහකො තාලවණ්ටග්ගාහකොති එවං අට්ඨ වා දස වා සුඛෙන ඨාතුං වා නිසීදිතුං වා නිපජ්ජිතුං වා සක්කොන්ති, අයම්පි අලඞ්කාරරථොයෙව. සො සබ්බො සචක්කපඤ්ජරකුබ්බරො රජතපරික්ඛිත්තො අහොසි. වළවා පකතියා සෙතවණ්ණාව. පසාධනම්පි තාදිසං රජතමයං අහොසි. රස්මියොපි රජතපනාළි සුපරික්ඛිත්තා. පතොදලට්ඨිපි රජතපරික්ඛිත්තා. බ්රාහ්මණොපි සෙතවත්ථං නිවාසෙත්වා සෙතංයෙව උත්තරාසඞ්ගමකාසි, සෙතවිලෙපනං විලිම්පි, සෙතමාලං පිලන්ධි, දසසු අඞ්ගුලීසු අඞ්ගුලිමුද්දිකා, කණ්ණෙසු කුණ්ඩලානීති එවමාදිඅලඞ්කාරොපිස්ස රජතමයොව අහොසි. පරිවාරබ්රාහ්මණාපිස්ස දසසහස්සමත්තා තථෙව සෙතවත්ථවිලෙපනමාලාලඞ්කාරා අහෙසුං. තෙන වුත්තං “සබ්බසෙතෙන වළවාභිරථෙනා”ති.
රථය වූ කලී දෙපරිදිය. යෝධ රථ හා අලංකාර රථ වශයෙන්, එහි යෝධ රථය නම් සිව්රැස් සටහන් ඇත්තේ වෙයි. ඉතා මහත් නො වෙයි. දෙදෙනෙකුට හෝ තිදෙනෙකුට හා හැකි වෙයි. අලංකාර රථය නම් මහත් විශාල වෙයි. දිගින් හා පුළුලින් සමන්විතය. එහි (ඡත්තග්ගාහක) සේසත් දරන්නා, සෙමෙර වල්ග දරන්නා, තල්වැට දරන්නා, ආදී වූ අට දෙනෙකුට හෝ දස දෙනෙකුට සතර ඉරියව්වලින් ම සිටීමට හැකිවෙයි. මෙය අලංකාර රථයයි. එහි සියල්ල රෝද, කූඩුව, ඒරියා කඳ ආදී සියල්ල රිදීයෙන්ම කරන ලද්දේ වෙයි. වෙළඹහු ස්වභාවයෙන්ම සුදු වූවෝ වෙති. ඔවුන්ගේ ආභරණ ද රිදීයෙන් නිමවා ඇත. රැහැන් ද, කෙවිටද රිදීමය වෙති. බ්‍රාහ්මණයා ද සුදු වස්ත්‍ර හැඳ සුදු වස්ත්‍රයක් පොරවා, සුදු විළවුන් තවරා, සුදු මල් පැළඳ සිටී. ඇඟිලිවල මුදු ද, කන්වල කුණ්ඩලාභරණ ද, ආදී වූ සියලු දෙයම සුදු පැහැ රිදීයෙන්ම බබළති. බමුණාගේ පිරිවර ජනයා ද මෙසේම තනි සුදෙන් හැඳ පෙරව, සුදු පැහැ විලවුන්, මල්දම්, ආදියෙන් අලංකාරව සැරසුනෝ වෙති. සබ්බ සෙතෙන වළභිරතෙන යන්න එහෙයින් කියන ලදී.
සාවත්ථියා නිය්යාතීති සො කිර ඡන්නං ඡන්නං මාසානං එකවාරං නගරං පදක්ඛිණං කරොති. ඉතො එත්තකෙහි දිවසෙහි නගරං පදක්ඛිණං කරිස්සතීති පුරෙතරමෙව ඝොසනා කරීයති; තං සුත්වා යෙ නගරතො න පක්කන්තා, තෙ න පක්කමන්ති. යෙ පක්කන්තා, තෙපි, “පුඤ්ඤවතො සිරිසම්පත්තිං පස්සිස්සාමා”ති ආගච්ඡන්ති. යං දිවසං බ්රාහ්මණො නගරං අනුවිචරති, තදා පාතොව නගරවීථියො සම්මජ්ජිත්වා වාලිකං ඔකිරිත්වා ලාජපඤ්චමෙහි පුප්ඵෙහි අභිප්පකිරිත්වා පුණ්ණඝටෙ ඨපෙත්වා කදලියො ච ධජෙ ච උස්සාපෙත්වා සකලනගරං ධූපිතවාසිතං කරොන්ති. බ්රාහ්මණො පාතොව සීසං න්හායිත්වා පුරෙභත්තං භුඤ්ජිත්වා වුත්තනයෙනෙව සෙතවත්ථාදීහි අත්තානං අලඞ්කරිත්වා පාසාදා ඔරුය්හ රථං අභිරුහති. අථ නං තෙ බ්රාහ්මණා සබ්බසෙතවත්ථවිලෙපනමාලාලඞ්කාරා සෙතච්ඡත්තානි ගහෙත්වා පරිවාරෙන්ති; තතො මහාජනස්ස සන්නිපාතනත්ථං පඨමංයෙව තරුණදාරකානං ඵලාඵලානි විකිරිත්වා තදනන්තරං මාසකරූපානි; තදනන්තරං කහාපණෙ විකිරන්ති; මහාජනා සන්නිපතන්ති. උක්කුට්ඨියො චෙව චෙලුක්ඛෙපා ච පවත්තන්ති. අථ බ්රාහ්මණො මඞ්ගලිකසොවත්ථිකාදීසු මඞ්ගලානි චෙව සුවත්ථියො ච කරොන්තෙසු මහාසම්පත්තියා නගරං අනුවිචරති. පුඤ්ඤවන්තා මනුස්සා එකභූමකාදිපාසාදෙ ආරුය්හ සුකපත්තසදිසානි වාතපානකවාටානි විවරිත්වා ඔලොකෙන්ති. බ්රාහ්මණොපි අත්තනො යසසිරිසම්පත්තියා නගරං අජ්ඣොත්ථරන්තො විය දක්ඛිණද්වාරාභිමුඛො හොති. තෙන වුත්තං “සාවත්ථියා නිය්යාතී”ති.
සාවත්ථියා නීත්යාති යනු ඔහු සෑම සයමසකටම එක් වරක් මේ අන්දමින් නුවර පැදකුණු කෙරේ. මෙයින් මෙතෙක් දිනකින් අසවල් දින නුවර පැදකුණු කරන්නේ යයි නගරය පුරා ප්‍රචාරය කරති. එය අසා නගරවැසියෝ යමෙක් නගරයෙන් පිටත නො ගියාහු ද ඔහු නොයති. නගරයෙන් පිටත ගියාහු නැවත නගරයට පිවිසෙති. යම්කිසි දවසක බමුණා නගර ප්රදක්ෂිණා කෙරේද එදින උදයේ නගරයේ පාරතොට හැමද සුදුවැලි ඉස, ලදපස්මල් හාත්පස විසුරුවා පුන්කලස් තබා, කැන් සහිත කෙසෙල්ගස් සිටුවා, කොඩිසේසත් නංවා, මුළු නගරය පුරා සුවඳදුම් අල්ලා සුගන්ධවත් කෙරෙති. බ්‍රාහ්මණයා උදේම හිස නා පෙරබත් අනුභවකොට පළමු කී ක්‍රමයෙන් සුදෙන්ම සැරසී ප්‍රාසාදයට පිවිස රථයට නගී. සුදෙන්ම සැරසුණු පිරිවර ජනයා සේසත් ගෙන ඔහු පිරිවරා ගනී. ඉක්බිති මහා ජනයා රැස්කිරීම සඳහා පළමුව තරුණ දරුවන්ට ඵලාපල විසුරුවති. ඊට අනතුරු ද මසුරන් ද කහවණු ද විසුරුවති. මහාජනයා රැස්වෙති. ඔල්වර හඬ ද, ප්‍රීතිඝෝෂා ද හිසවටා රෙදි කරකැවීමි. පිළි සිසෑරුම් පවත්වති. ඉක්බිතිව බමුණා ද ආශිර්වාද ගී ජයමගුල් ගී ගයද්දී මහත් වූ සම්පත්තියෙන් යුතුව නගරයේ සැරිසරයි. ධනවත් මිනිස්සු උඩුමහල් තලවලට නැගී දොරජනෙල් විවෘතකොට බලති. බමුණා ද තමන්ගේ යසඉසුරු ශ්‍රී සම්පත්තීගෙන් නගරය උතුරවමින් දකුණු දොරටුවට මුහුණ ලා පැමිණේ. සාවත්ථියා නීත්යාති යන්න එහෙයින් කියන ලදී.
දිවා දිවස්සාති දිවසස්ස දිවා, මජ්ඣන්හකාලෙති අත්ථො. පිලොතිකං පරිබ්බාජකන්ති පිලොතිකාති එවං ඉත්ථිලිඞ්ගවොහාරවසෙන ලද්ධනාමං පරිබ්බාජකං. සො කිර පරිබ්බාජකො දහරො පඨමවයෙ ඨිතො සුවණ්ණවණ්ණො බුද්ධුපට්ඨාකො, පාතොව තථාගතස්ස චෙව මහාථෙරානඤ්ච උපට්ඨානං කත්වා තිදණ්ඩකුණ්ඩිකාදිපරික්ඛාරං ආදාය ජෙතවනා නික්ඛමිත්වා නගරාභිමුඛො පායාසි. තං එස දූරතොව ආගච්ඡන්තං අද්දස.
දිවාදිවස්ස දෙවෙන් දවාලේ, මධ්‍යාහ්න කාලයේ පිලොතිකං පරිබ්බාජකං ස්ත්‍රීලිංග නාමයෙන් නම් ලද පිරිවැජියා ඒ පිරිවැජි තෙමේ තරුණ වූයේ පළමු වයම්සේ සිටියේ, රන්වන් වූයේ බුදුනට උවැටන් කරන්නෙක්ල, උදෑසනම බුදුනට ද, මහතෙරවරුනට ද උපස්ථාන කොට, වක් තුනක් වූ දණ්ඩ හා පැන්කෙණ්ඩිය ආදී සිය උපකරණ, පිරිකර රැගෙන දෙව්රමින් නික්ම නගරයට මුහුණ ලා නික්මුණෝය. මෙතෙම සමීපයේ එන බමුණා දුටුවේය.
එතදවොචාති අනුක්කමෙන සන්තිකං ආගතං සඤ්ජානිත්වා එතං, “හන්ද කුතො නු භවං වච්ඡායනො ආගච්ඡතී”ති ගොත්තං කිත්තෙන්තො වචනං අවොච. පණ්ඩිතො මඤ්ඤෙති භවං වච්ඡායනො සමණං ගොතමං පණ්ඩිතොති මඤ්ඤති, උදාහු නොති අයමෙත්ථ අත්ථො.
එතදවොච යනු පිළිවෙළින් සමීපයට පැමිණියාහු හැඳින, හන්දකුතො නු භවං වච්ඡායනො ගෝත්‍ර නාමයෙන් අමතා මේ වචන කීය. පණ්ඩිතො මඤ්ඤෙ යනු පින්වත් වාත්ස්‍යායනය, ඔබ ශ්‍රමණ භවත් ගෞතමයන් නුවණැත්තෙක් යයි සිතන්නේ ද? නැතහොත් එසේ නො සිතන්නේද, මෙසේ ඇසීය යන අර්ථයි.
කො චාහං, භොති, භො, සමණස්ස ගොතමස්ස පඤ්ඤාවෙය්යත්තියං ජානනෙ අහං කො නාම? කො ච සමණස්ස ගොතමස්ස පඤ්ඤාවෙය්යත්තියං ජානිස්සාමීති කුතො චාහං සමණස්ස ගොතමස්ස පඤ්ඤාවෙය්යත්තියං ජානිස්සාමි, කෙන කාරණෙන ජානිස්සාමීති? එවං සබ්බථාපි අත්තනො අජානනභාවං දීපෙති. සොපි නූනස්ස තාදිසොවාති යො සමණස්ස ගොතමස්ස පඤ්ඤාවෙය්යත්තියං ජානෙය්ය, සොපි නූන දස පාරමියො පූරෙත්වා සබ්බඤ්ඤුතං පත්තො තාදිසො බුද්ධොයෙව භවෙය්ය. සිනෙරුං වා හිමවන්තං වා පථවිං වා ආකාසං වා පමෙතුකාමෙන තප්පමාණොව දණ්ඩො වා රජ්ජු වා ලද්ධුං වට්ටති. සමණස්ස ගොතමස්ස පඤ්ඤං ජානන්තෙනපි තස්ස ඤාණසදිසමෙව සබ්බඤ්ඤුතඤ්ඤාණං ලද්ධුං වට්ටතීති දීපෙති. ආදරවසෙන පනෙත්ථ ආමෙඩිතං කතං.
කොචාහම්භො යනු පින්වත, ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ප්‍රඥාවෙහි ව්‍යක්ත භාවය දැනගන්නට මා කවරෙක්ද? කොච සමණස්ස ගොතමස පඤ්ඤා වෙය්යත්තියං ජානිස්සාමි යනු වැලිදු කෙසේ නම් මම ශ්‍රමණ භවත් ගෞතමයන් ප්‍රඥාව දැනගන්නෙම්ද, කවර කරුණකින් කවර හේතුවකින් දැනගන්නෙම්ද, මෙසේ සර්වප්රකාරයෙන් තමන්ගේ නොදන්නා බව කීය. සොපි නූනස්ස තාදිසො යනු යමෙක් ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ප්‍රඥා ව්‍යක්ත භාවය දැනගන්නේ ද ඔහු දස පෙරුමන් පුරා සර්වඥතා ඥානයට පැමිණි එබඳු බුදු කෙනෙක්ම විය යුතුය. මහමෙර හෝ හිමවත හෝ පෘථුවිය හෝ අහස මනිනු කැමැත්තෙක් වේ නම් ඔහු ඒ සඳහා දිග සුදුසු රැහැනක්, දණ්ඩක් හෝ මිම්මක් ලැබිය යුත්තේමය. ශ්‍රමණ භවත් ගෞතමයන් ගේ ප්‍රඥාව දැනගැනීමට නම් ඒ නුවණ සමාන වූ, සර්වඥතාඥානය ලැබීමට අවශ්‍ය වන්නේය යි දැක්වීය. මෙහි ආදර ගෞරව වශයෙන් නැවත නැවත පුන පුනා කියන ලදී.
උළාරායාති උත්තරාය සෙට්ඨාය. කො චාහං, භොති, භො, අහං සමණස්ස ගොතමස්ස පසංසනෙ කො නාම? කො ච සමණං ගොතමං පසංසිස්සාමීති කෙන කාරණෙන පසංසිස්සාමි? පසත්ථපසත්ථොති සබ්බගුණානං උත්තරිතරෙහි සබ්බලොකපසත්ථෙහි අත්තනො ගුණෙහෙව පසත්ථො, න තස්ස අඤ්ඤෙහි පසංසනකිච්චං අත්ථි. යථා හි චම්පකපුප්ඵං වා නීලුප්පලං වා පදුමං වා ලොහිතචන්දනං වා අත්තනො වණ්ණගන්ධසිරියාව පාසාදිකඤ්චෙව සුගන්ධඤ්ච, න තස්ස ආගන්තුකෙහි වණ්ණගන්ධෙහි ථොමනකිච්චං අත්ථි. යථා ච මණිරතනං වා චන්දමණ්ඩලං වා අත්තනො ආලොකෙනෙව ඔභාසති, න තස්ස අඤ්ඤෙන ඔභාසනකිච්චං අත්ථි. එවං සමණො ගොතමො සබ්බලොකපසත්ථෙහි අත්තනො ගුණෙහෙව පසත්ථො ථොමිතො සබ්බලොකස්ස සෙට්ඨතං පාපිතො, න තස්ස අඤ්ඤෙන පසංසනකිච්චං අත්ථි. පසත්ථෙහි වා පසත්ථොතිපි පසත්ථපසත්ථො.
උළාරාය යනු උතුම් වූ, ශ්‍රේෂ්ඨ වූ, කොවා හං භො යනු පින්වත ශ්‍රමණ ගෞතමයන්ට පැසසීමෙහි මා කවරෙක්ද, කො ච සමණං ගොතමං පසංසිස්සාමි යනු කවර කරුණකින් පසසන්නෙම්ද, පසත්ථ පසත්ථො යනු සියලු ගුණයන් මතුයෙහි හැසිරෙන්නා වූ සියලු ලෝකයා විසින් පසස්නා ලද තමන්ගේ ගුණයන් විසින්ම ප්රශස්ත වූ, උන්වහන්සේට අන්‍යයන් විසින් පැසසීමක් කළ යුතු නැත්තේය. එය එසේමයි. යම්සේ සපුමලක් හෝ නිලුපුලක් හෝ පියුමක් හෝ රත්සඳුන් හෝ තමාගේ වර්ණයෙන්ම සුවඳින්ම සුවඳ වූයෙන් ප්‍රසාද එළවන්නේත් වූයේද, ඔහුට ආගන්තුක වශයෙන් එන්නා වූ වර්ණ ගන්ධයන්ගෙන් ස්තුති කටයුත්තක් නැත්තේද තව ද, යම් සේ මාණික්‍ය රත්නයක් හෝ සඳමඩල හෝ තමන්ගේ ආලෝකයෙන් ම බබළයි. වෙනත් අනුන්ගේ බැබළවීමක් අනවශ්‍යය. මෙසේ ශ්‍රමණ ගෞතම තෙමේ තමන්ගේ ගුණයෙන්ම සියලු ලෝකයාගේ පැසසීමට හිමිකම් කියන්නේ ය. ප්‍රශස්තයන් විසින්ම පසන්නා ලද නිසා ‘පසත්ථ පසත්ථ’ නම් වේ.
කෙ පසත්ථා නාම? රාජා පසෙනදි කොසලො කාසිකොසලවාසිකෙහි පසත්ථො, බිම්බිසාරො අඞ්ගමගධවාසීහි. වෙසාලිකා ලිච්ඡවී වජ්ජිරට්ඨවාසීහි පසත්ථා. පාවෙය්යකා මල්ලා, කොසිනාරකා මල්ලා, අඤ්ඤෙපි තෙ තෙ ඛත්තියා තෙහි තෙහි ජානපදෙහි පසත්ථා. චඞ්කීආදයො බ්රාහ්මණා බ්රාහ්මණගණෙහි, අනාථපිණ්ඩිකාදයො උපාසකා අනෙකසතෙහි උපාසකගණෙහි, විසාඛාදයො උපාසිකා අනෙකසතාහි උපාසිකාහි, සකුලුදායිආදයො පරිබ්බාජකා අනෙකෙහි පරිබ්බාජකසතෙහි, උප්පලවණ්ණාථෙරිආදිකා මහාසාවිකා අනෙකෙහි භික්ඛුනිසතෙහි, සාරිපුත්තත්ථෙරාදයො මහාසාවකා අනෙකසතෙහි භික්ඛූහි, සක්කාදයො දෙවා අනෙකසහස්සෙහි දෙවෙහි, මහාබ්රහ්මාදයො බ්රහ්මානො අනෙකසහස්සෙහි බ්රහ්මෙහි පසත්ථා. තෙ සබ්බෙපි දසබලං ථොමෙන්ති වණ්ණෙන්ති, පසංසන්තීති භගවා “පසත්ථපසත්ථො”ති වුච්චති.
ප්රශස්තයෝ නම් කවරහුද? පසේනදි කොසොල් රජතෙම කාසි කෝසල වාසීන් විසින් ප්‍රශස්තය. බිම්බිසාර රජු අංග මගධ වාසීන් විසින් ප්‍රශස්තය. විශාලා නුවර ලිච්ඡවීහු වජ්ජි රටවැසියන් විසින් ප්රශස්තයෝය. පාවෙය්‍ය නුවර මල්ල රජදරුවෝ කුසිනාරාවාසි මල්ල රජදරුවෝ ද ඒ ඒ ක්ෂත්රියයන් විසින් ද, රටවැසියන් විසින් ද ප්‍රශස්තය. වංක ආදී බ්‍රාහ්මණයෝ බමුණු සමූහයා විසින් ප්‍රශස්තයහ. අනාථපිණ්ඩික ආදී උපාසක උපාසකවරුන් විසින් ප්‍රශස්තය. විශාකාව වැනි උපාසිකාවෝ නොයෙක් සියදහස් ගණන් උපාසිකාවන් විසින් ප්‍රශස්තයහ. සකුලුදායි. ආදී පරිබ්‍රාජකයෝ පරිබ්‍රාජකයන් විසින් ප්‍රශස්තය. උත්පලවණ්ණා ස්ථවිරීන් ආදී මහා ශ්‍රාවිකාවෝ නොයෙක් සියගණන් භික්ෂුණීන් විසින් ද, සැරියුත් ස්ථවිර ආදී මහා ස්ථවිරයෝ නොයෙක් සිය ගණන් භික්ෂූන් විසින් ද ශක්රාදීහු නොයෙක් දහස් ගණන් දෙවියන් විසින් ද, මහා බ්‍රහ්මාදී බ්‍රහ්මයෝ නොයෙක් දහස් ගණන් බ්‍රහ්මයන් විසින්ද, ප්රශස්තයෝයි. ඔව්හූ සියල්ලෝම දසබලයන් වහන්සේ ස්තුති කරති. වර්ණනා කෙරෙති. ප්‍රශංසා කෙරෙති. මේ නිසා භාග්‍යවත්හු ප්රශස්ත ප්රශස්තයෝමය.
අත්ථවසන්ති අත්ථානිසංසං. අථස්ස පරිබ්බාජකො අත්තනො පසාදකාරණං ආචික්ඛන්තො සෙය්යථාපි, භො, කුසලො නාගවනිකොතිආදිමාහ. තත්ථ නාගවනිකොති නාගවනවාසිකො අනුග්ගහිතසිප්පො පුරිසො. පරතො පන උග්ගහිතසිප්පො පුරිසො නාගවනිකොති ආගතො. චත්තාරි පදානීති චත්තාරි ඤාණපදානි ඤාණවලඤ්ජානි, ඤාණෙන අක්කන්තට්ඨානානීති අත්ථො.
අත්ථවසං යනු අර්ථානිශංසයයි. ඉක්බිති පිරිවැජි තෙමේ තමන්ගේ පැහැදීමට කරුණු පැහැදිලි කරන්නේ. සෙය්යථාපි භො කුසලො නාගවනිකො ආදිය කීහ. එහි නාගවනිකො යනු ඇතුන් වසන වනයෙහි ජීවත්වන නූගත් අයෙක්, මත්තෙහි වනාහි උගත් ශිල්ප ඇති පුරුෂයෙක් ‘නාගවනිකො’ යනුවෙන් ආයේය. චත්තාරි පදානි යනු සතර ඥාන පදයන්ය. නැණ වැළඳුම්, නුවණින් මැඩගෙන සිටි තැන් යන අර්ථයි.
ඛත්තියපණ්ඩිතෙතිආදීසු පණ්ඩිතෙති පණ්ඩිච්චෙන සමන්නාගතෙ. නිපුණෙති සණ්හෙ සුඛුමබුද්ධිනො, සුඛුමඅත්ථන්තරපටිවිජ්ඣනසමත්ථෙ. කතපරප්පවාදෙති විඤ්ඤාතපරප්පවාදෙ චෙව පරෙහි සද්ධිං කතවාදපරිචයෙ ච. වාලවෙධිරූපෙති වාලවෙධිධනුග්ගහසදිසෙ. තෙ භින්දන්තා මඤ්ඤෙ චරන්තීති වාලවෙධි විය වාලං සුඛුමානිපි පරෙසං දිට්ඨිගතානි අත්තනො පඤ්ඤාගතෙන භින්දන්තා විය චරන්තීති අත්ථො. පඤ්හං අභිසඞ්ඛරොන්තීති දුපදම්පි තිපදම්පි චතුප්පදම්පි පඤ්හං කරොන්ති. වාදං ආරොපෙස්සාමාති දොසං ආරොපෙස්සාම.
ඛත්තිය පණ්ඩිතෙ යනාදියෙහි පණ්ඩිතෙ යනු නුවණැති බැවින් යුක්ත වූ, නිපුණො සිලුටු, සියුම් වූ බුද්ධිමතුන්, සියුම් වූ අර්ථාන්තර අවබෝධ කරගැනීමෙහි සමත් වූවන් කතපරප්පවාදෙ දැනගත් පරවාදයන් ඇති හා අන්‍යයන් හා කළ වාද පිළිබඳ පුරුද්ද ඇතියන්, වාළවෙධිරූපෙ වාළවේධී (අස්ලොමට විදීමේ සමත්) දුනු විදින්නන් හා සමාන වූවන්, වාළවේධි විය වාළං - වාලවේධි දුනුවායන් මෙන් වොභින්දන්තා මඤ්ඤෙ චරන්ති අස්ලොම් මෙන් සියුම් වූ ද, අනුන්ගේ දෘෂ්ටිගතයන් තමන්ගේ නුවණින් මථනය කරන්නවුන් බිඳින්නවුන් මෙන් හැසිරෙත් යන අර්ථයි. පඤ්හං අභිසංකරොන්ති තනිපද, දෙපද, තුන්පද, සිව්පද, ප්රශ්නයන් කෙරෙති. වාදං ආරොපෙස්සාම යනු දොස් නගන්නෙමු.
න චෙව සමණං ගොතමං පඤ්හං පුච්ඡන්තීති; කස්මා න පුච්ඡන්ති? භගවා කිර පරිසමජ්ඣෙ ධම්මං දෙසෙන්තො පරිසාය අජ්ඣාසයං ඔලොකෙති, තතො පස්සති – “ඉමෙ ඛත්තියපණ්ඩිතා ගුළ්හං රහස්සං පඤ්හං ඔවට්ටිකසාරං කත්වා ආගතා”ති. සො තෙහි අපුට්ඨොයෙව එවරූපෙ පඤ්හෙ පුච්ඡාය එත්තකා දොසා, විස්සජ්ජනෙ එත්තකා, අත්ථෙ පදෙ අක්ඛරෙ එත්තකාති ඉමෙ පඤ්හෙ පුච්ඡන්තො එවං පුච්ඡෙය්ය, විස්සජ්ජෙන්තො එවං විස්සජ්ජෙය්යාති, ඉති ඔවට්ටිකසාරං කත්වා ආනීතෙ පඤ්හෙ ධම්මකථාය අන්තරෙ පක්ඛිපිත්වා විද්ධංසෙති. ඛත්තියපණ්ඩිතා “සෙය්යො වත නො, යෙ මයං ඉමෙ පඤ්හෙ න පුච්ඡිම්හා, සචෙ හි මයං පුච්ඡෙය්යාම, අප්පතිට්ඨෙව නො කත්වා සමණො ගොතමො ඛිපෙය්යා”ති අත්තමනා භවන්ති.
න චෙව සමණං ගොතමං පඤ්හං පුච්ඡති යනු කුමක් මෙයින් නොවිචාරත්ද, භාග්‍යවතුන් වහන්සේ වනාහි පිරිස් මැද දහම් දෙසන්නේ පිරිසෙහි හදගැස්ම බලති. මේ ක්ෂත්රිය පණ්ඩිතවරු අදහස් සැඟවුණු රහස් වූ ප්‍රශ්නයක් ඔඩොක්කුවේ තබාගෙන මෙන් ආවාහුයයි දන්නා සේක. හේ ඔවුන් විසින් නො විචාරණ ලද්දේම, මෙබඳු වූ ප්‍රශ්න විචාරීමෙහිලා මෙපමණ දොස් ඇත්තේය. විසඳීමෙහි මෙතෙක් අර්ථය. පද අකුර මෙපමණ වෙති. මේ ප්‍රශ්න විචාරීමෙන්, මෙසේ විමසන්නේ යයි මේ ආකාරයෙන් ඔඩොක්කුවේ වූවක් කොටගෙන ආ ප්‍රශ්න ධර්මකථා අතරෙහි යොදා විශේෂයෙන් දක්වන්නේය. ක්ෂත්රිය පණ්ඩිතවරු අපි මේ ප්රශ්නය නොවිචාළෙමුද, එය අපට ඒකාන්තයෙන් යහපතකි. ඉදින් අප විමසූයේ නම් අප ප්‍රතිෂ්ඨා විරහිත වූවන් කොට දමන්නේ යයි සතුටු වෙති.
අපිච බුද්ධා නාම ධම්මං දෙසෙන්තා පරිසං මෙත්තාය ඵරන්ති, මෙත්තාඵරණෙන දසබලෙ මහාජනස්ස චිත්තං පසීදති, බුද්ධා ච නාම රූපග්ගප්පත්තා හොන්ති දස්සනසම්පන්නා මධුරස්සරා මුදුජිව්හා සුඵුසිතදන්තාවරණා අමතෙන හදයං සිඤ්චන්තා විය ධම්මං කථෙන්ති. තත්ර නෙසං මෙත්තාඵරණෙන පසන්නචිත්තානං එවං හොති – “එවරූපං අද්වෙජ්ඣකථං අමොඝකථං නිය්යානිකකථං කථෙන්තෙන භගවතා සද්ධිං න සක්ඛිස්සාම පච්චනීකග්ගාහං ගණ්හිතු”න්ති අත්තනො පසන්නභාවෙනෙව න පුච්ඡන්ති.
තව ද බුදුවරයෝ නම් ධර්මය දේශනා කරන්නාහු, පිරිස වෙත මෙත් සිත පතුරුවන්නාහ. මෙත් සිත පැතිරවීම නිසා දශබලයන් කෙරෙහි මහජනයාගේ සිත පහදී. බුදුවරයෝ රුවින් අගතැන්පත් වූවාහු වෙති. දැකුම්කළු ස්වභාවය ද, මිහිරි හඬ ද, මොළොක් දිව ඇත්තාහු (එහෙයින්ම සුදු මුදු වචන ඇත්තාහු) මනාව පිහිටි දන්තාවරණ ඇත්තාහු අමා ජලයෙන් ළය තෙමන්නාක් මෙන් දහම් දෙසති. එහි ඔවුන් වෙත මෙත්සිත පැතිරවීමෙන් පහන් වූ සිත් ඇත්තන්ට මෙසේ සිතේ මෙබඳු වූ දෙපරිද්දෙකින් නො පවත්නා කථාව, නො හිස් කථාව, නෛර්යාණික කථාව කියන්නා වූ භාග්‍යවතුන් සමග විරුද්ධ කථා කියන්නට නොහැකි වන්නෙමු. තමන් තුළ පැහැදීම ඇති නිසාම ප්‍රශ්න නො විචාරති.
අඤ්ඤදත්ථූති එකංසෙන. සාවකා සම්පජ්ජන්තීති සරණගමනවසෙන සාවකා හොන්ති. තදනුත්තරන්ති තං අනුත්තරං. බ්රහ්මචරියපරියොසානන්ති මග්ගබ්රහ්මචරියස්ස පරියොසානභූතං අරහත්තඵලං, තදත්ථාය හි තෙ පබ්බජන්ති. මනං වත, භො, අනස්සාමාති, භො, සචෙ මයං න උපසඞ්කමෙය්යාම, ඉමිනා ථොකෙන අනුපසඞ්කමනමත්තෙන අපයිරුපාසනමත්තෙනෙව නට්ඨා භවෙය්යාම. උපසඞ්කමනමත්තකෙන පනම්හා න නට්ඨාති අත්ථො. දුතියපදං පුරිමස්සෙව වෙවචනං. අස්සමණාව සමානාතිආදීසු පාපානං අසමිතත්තා අස්සමණාව. අබාහිතත්තා ච පන අබ්රාහ්මණාව. කිලෙසාරීනං අහතත්තා අනරහන්තොයෙව සමානාති අත්ථො.
අඤ්ඤදත්ථු ඒකාන්තයෙන් සාවකා සම්පජ්ජන්ති ශරණාගමන යාමෙන් ශ්‍රාවකයෝ වෙති. තදනුත්තරං යනු ඒ අනුත්තර වූ බ්‍රහ්මචරිය පරියොසානං මාර්ග බ්‍රහ්මචරියාවගේ අවසානය වූ අර්හත්ඵලය තම අවසාන අරමුණු කොටගෙන ඔව්හූ පැවිදි වෙති. මනං වත භො අනස්සාම යනු පින්වත! අපි (බුදුන් වෙත) නො එළඹෙන්නෙමු නම්, එපමණකින් ඇසුරු කිරීම නො කිරිම පමණකින් නටුවෝ වූවමු. වැලි එළඹීම් පමණකින් විනාශ නොවූවෝ වෙමු යන අර්ථයි. දෙවෙනි පදය පළමු පදයාගේම සමාන තේරුමයි. අස්සමණාච සමානා පාපයන් නො සන්සිඳුවන ලද, නොමහණුන් වූවාම, යළි බහා නොතැබූ බැවින් අබ්රාහ්මණොව නො බමුණෝ වූවාහු, කෙලෙස් සතුරන් නො නසන ලද බැවින් අනරභන්තො යෙව සමානා නො රහත් වූවාහුම යන අදහසයි.
උදානං උදානෙසීති උදාහාරං උදාහරි. යථා හි යං තෙලං මානං ගහෙතුං න සක්කොති, විස්සන්දිත්වා ගච්ඡති, තං අවසෙකොති වුච්චති, යඤ්ච ජලං තළාකං ගහෙතුං න සක්කොති, අජ්ඣොත්ථරිත්වා ගච්ඡති, තං ඔඝොති වුච්චති. එවමෙව යං පීතිමයං වචනං හදයං ගහෙතුං න සක්කොති, අධිකං හුත්වා අන්තො අසණ්ඨහිත්වා බහි නික්ඛමති, තං උදානන්ති වුච්චති. එවරූපං පීතිමයං වචනං නිච්ඡාරෙසීති අත්ථො.
උදානං උදානෙසි ප්‍රීතිමය වචනයක් උදානයක් පහළ කළේය. යම්කිසි තෙලක් මැනීම් කරන්නට නොහැකිව වැගිරී යේද, එය ‘අවසෙක’ යයි කියයි. යම්කිසි ජලයක් විලෙහි රඳන්නට නො හැකි වේද, උතුරා යයි ද එය ‘ඕඝ’ යයි කියයි. මෙසේ හදවත තුළ ප්‍රීති වචන උපන් කල්හි හෘදයෙහි පවතින්නට නො හැකි වේද, අධිකව ඇතුළත නො පිහිටා (වචන මගින්) පිටත නික්මේද එය ‘උදාන’ යයි කියයි. මෙබඳු වූ ප්‍රීති වචනයක් පහළ කළේය යන අර්ථයි.
හත්ථිපදොපමොති හත්ථිපදං උපමා අස්ස ධම්මස්සාති හත්ථිපදොපමො. සො න එත්තාවතා විත්ථාරෙන පරිපූරො හොතීති දස්සෙති. නාගවනිකොති උග්ගහිතහත්ථිසිප්පො හත්ථිවනචාරිකො. අථ කස්මා ඉධ කුසලොති න වුත්තොති? පරතො “යො හොති කුසලො”ති විභාගදස්සනතො. යො හි කොචි පවිසති, යො පන කුසලො හොති, සො නෙව තාව නිට්ඨං ගච්ඡති. තස්මා ඉධ කුසලොති අවත්වා පරතො වුත්තො.
හත්ථිපදොපමො යනු ඇත් පියවර උපමාකොට ඇති ධර්මය ‘හත්ථි පදොපම’ නම් වේ. ඒ ධර්මය මෙපමණකින් පරිපූර්ණ විස්තරයක් නොවූයේ යයි දක්වයි. නාගවනිකො ඇතුන් සිටින වනයක හැසිරෙන හස්ති ශිල්පය උගත් තැනැත්තෙක්, කවර හෙයකින් මෙහි ‘කුසලො’ යන්න නො කීවේද? මත්තෙහි යො හොති කුසලො යන්නෙහි විභාගය දැක්වීම සඳහාය. යමෙක් යම්හෙයකින් පිවිසේද, නැතහොත් යමෙක් දක්ෂ වේද, හෙතෙම ඒ තාක් කෙළවරට නිෂ්ඨාවට නො ගියේද, එහෙයින් මෙහි ‘කුසලො’ යන්න නොකියා, ඉදිරියට තැබූයේය.
වාමනිකාති රස්සා ආයාමතොපි න දීඝා මහාකුච්ඡිහත්ථිනියො. උච්චා ච නිසෙවිතන්ති සත්තට්ඨරතනුබ්බෙධෙ වටරුක්ඛාදීනං ඛන්ධප්පදෙසෙ ඝංසිතට්ඨානං. උච්චා කාළාරිකාති උච්චා ච යට්ඨිසදිසපාදා හුත්වා, කාළාරිකා ච දන්තානං කළාරතාය. තාසං කිර එකො දන්තො උන්නතො හොති, එකො ඔනතො. උභොපි ච විරළා හොන්ති, න ආසන්නා.
වාමනිකා කෙටි වූ, දිගින් වඩා දික් නොවූ මහ බඩක් ඇති ඇතිනියෝ, උච්චාව නිසෙවිතං හත් අට රියනක් උස ඇති, නුග ආදී ගස්වල කඳ පෙදෙසෙහි (ගැටෙන) ගෑවෙන, උච්චා කාළාරිකා උසින් යෂ්ටි සමාන පා ඇතිව උස් වූ දත් නොසම බැවින් ‘කාළාරිකා’ නම් වූද, ඔවුන්ගේ වනාහි එක් දතක් දළයක් උල්ව උඩින් පිහිටියේය. එක් දතක් (දළයක්) පහලින් පිහිටියේය. දළ දෙක සමීපව සමානව නො පිහිටියේ.
උච්චා ච දන්තෙහි ආරඤ්ජිතානීති සත්තට්ඨරතනුබ්බෙධෙ වටරුක්ඛාදීනං ඛන්ධප්පදෙසෙ ඵරසුනා පහතට්ඨානං විය දාට්ඨාහි ඡින්නට්ඨානං. උච්චා කණෙරුකා නාමාති උච්චා ච යට්ඨිසදිසදීඝපාදා හුත්වා, කණෙරුකා ච දන්තානං කණෙරුතාය, තා කිර මකුළදාඨා හොන්ති. තස්මා කණෙරුකාති වුච්චන්ති.
උච්චාව දන්තෙහි ආරඤ්ජිතානි උස නුගරුක්වල හත් අටරියනක් උසින් කඳ පෙදෙස පොරවකින් කෙටූ තැන් මෙන් දළවලින් සිඳින ලද තැන. උච්චා කණෙරුකා නාමා සැරයටියක් වැනි උස්වූ පා ඇතිව කණේරුවක් වැනි දළවලින් යුත් ‘කණෙරුකා’ නම් වූ ද ඔවුන්ට මොට්ටුවක් වැනි දළ ඇත්තාහූ වෙත් ල. එහෙයින් කණෙරුකා යයි කියනු ලැබේ.
සො නිට්ඨං ගච්ඡතීති සො නාගවනිකො යස්ස වතාහං නාගස්ස අනුපදං ආගතො, අයමෙව සො, න අඤ්ඤො. යඤ්හි අහං පඨමං පදං දිස්වා වාමනිකානං පදං ඉදං භවිස්සතීති නිට්ඨං න ගතො, යම්පි තතො ඔරභාගෙ දිස්වා කාළාරිකානං භවිස්සති, කණෙරුකානං භවිස්සතීති නිට්ඨං න ගතො, සබ්බං තං ඉමස්සෙව මහාහත්ථිනො පදන්ති මහාහත්ථිං දිස්වාව නිට්ඨං ගච්ඡති.
සො තිට්ඨංගච්ඡති යනු ඒ හස්ති ශිල්පය දන්නා තැනැත්තා. මම යම් ඇතෙකුගේ පියසටහන් අනුව ආයෙම්ද, හේ මොහුම වේ. අනිකෙක් නොවේ. මම පළමුව යම්කිසි පා සටහනක් දැක වාමාතිකාවන්ගේ පා සටහනක් වන්නේ යයි නිගමනයට නො ගියෙම්ද, ඉන් මෑත දී යම් (පියවරක්) දැක කාළාරිකාවන්ගේ වන්නේ යයි හෝ කණෙරුකාවන්ගේ වන්නේ යයි නිගමනයට නො පැමිණෙත්ද, ඒ සියල්ල මේ මහ ඇත් රජුගේම පියවර යයි මහ ඇතා දැකම නිගමනයට බසී.
එවමෙව ඛොති එත්ථ ඉදං ඔපම්මසංසන්දනං – නාගවනං විය හි ආදිතො පට්ඨාය යාව නීවරණප්පහානා ධම්මදෙසනා වෙදිතබ්බා. කුසලො නාගවනිකො විය යොගාවචරො; මහානාගො විය සම්මාසම්බුද්ධො; මහන්තං හත්ථිපදං විය ඣානාභිඤ්ඤා. නාගවනිකස්ස තත්ථ තත්ථ හත්ථිපදං දිස්වාපි වාමනිකානං පදං භවිස්සති, කාළාරිකානං කණෙරුකානං පදං භවිස්සතීති අනිට්ඨඞ්ගතභාවො විය යොගිනො, ඉමා ඣානාභිඤ්ඤා නාම බාහිරකපරිබ්බාජකානම්පි සන්තීති අනිට්ඨඞ්ගතභාවො. නාගවනිකස්ස, තත්ථ තත්ථ මයා දිට්ඨං පදං ඉමස්සෙව මහාහත්ථිනො, න අඤ්ඤස්සාති මහාහත්ථිං දිස්වා නිට්ඨඞ්ගමනං විය අරියසාවකස්ස අරහත්තං පත්වාව නිට්ඨඞ්ගමනං. ඉදඤ්ච පන ඔපම්මසංසන්දනං මත්ථකෙ ඨත්වාපි කාතුං වට්ටති. ඉමස්මිම්පි ඨානෙ වට්ටතියෙව. අනුක්කමාගතං පන පාළිපදං ගහෙත්වා ඉධෙව කතං. තත්ථ ඉධාති දෙසාපදෙසෙ නිපාතො. ස්වායං කත්ථචි ලොකං උපාදාය වුච්චති.
එවමෙව ඛො යන මෙහි උපමා උපමේය සන්සන්දනය වේ. ඇත් වනය මෙන්, මුල පටන් නීවරණයන්ගේ ප්රහාණය දක්වා ධර්ම දේශනාව දතයුතුය. දක්ෂ වූ හස්ති ශිල්පියා මෙන් යෝගාවචර තෙමේ ද, මහ ඇත්හු මෙන් බුදුන් වහන්සේ ද, මහත් වූ ඇත් පිය මෙන් ධ්‍යාන අභිඥාද, නාගවනිකයාගේ ඒ ඒ තැන ඇත් පා සටහන් දැක ද, වාමනිකයන්ගේ පා සටහන් වන්නේ ය. කාළාරිකාවන්ගේ කණේරුකාවන්ගේ පා සටහනක් වන්නේ යයි නිගමනයට නො ගිය බව මෙන් යෝගීහුගේ මේ ධ්‍යාන අභිඥා නම් බාහිර පිරිවැජියන්ට ද ඇත්තාහු යයි නිගමනය නො ගිය බවද, නාගවනිකයාගේ ඒ ඒ තැන මා විසින් දක්නා ලද පියසටහන් මේ මහ ඇතාගේම ය. අනිකකු ගේ නොවේයයි මහ ඇතු දැකම නිගමනයට යාම මෙන්, ආර්ය ශ්‍රාවකයාගේ රහත් බවට පැමිණීම නිගමනයට යාම යයි දතයුතුය. තව ද මේ උපමා සන්සන්දනය මස්තකයේ (ඉහළ) සිටද කිරීම සුදුසුය. මෙතැන්හි දී ද සුදුසුය. පිළිවෙළින් පැමිණියා වූ ඒ පාලි පදය ගෙන මෙතැන්හිම කරන ලදී.
යථාහ – “ඉධ තථාගතො ලොකෙ උප්පජ්ජතී”ති (දී· නි· 1.279). කත්ථචි සාසනං. යථාහ – “ඉධෙව, භික්ඛවෙ, සමණො, ඉධ දුතියො සමණො”ති (අ· නි· 4.241). කත්ථචි ඔකාසං. යථාහ –
එහි ඉධ යනු දේශය දැක්වීමෙහි නිපාතයි. ඉධ ශබ්දය සමහර තැනක ලෝකය දක්වයි. ඉධ තථාගතො ලොකො උපපජ්ජති යනුය. සමහර තැනක ශාසනය කියනු ලැබේ. ඉධෙව භික්ඛවෙ සමණෙ ඉධ දුතියො සමණො යනු සමහර තැනක ‘අවකාශය’ කියයි.
“ඉධෙව තිට්ඨමානස්ස, දෙවභූතස්ස මෙ සතො; පුනරායු ච මෙ ලද්ධො, එවං ජානාහි මාරිසා”ති. (දී· නි· 2.369; දී· නි· අට්ඨ· 1.190);
ඉධෙව තිට්ඨමානස්ස - දෙව භූතස්ස මෙ සතො පුනරායුච මෙ ලද්ධො - එවං ජනාහි මාරිසා
මේ අවකාශයෙහි ම සිටින්නා වූ දිව්‍ය වූ මාගේ නැවත ජීවිතය ද මා විසින් ලද්දේ ය. නිදුකාණන් වහන්ස, එපරිද්දෙන් දැන ගනු මැනව.
කත්ථචි පදපූරණමත්තමෙව. යථාහ – “ඉධාහං, භික්ඛවෙ, භුත්තාවී අස්සං පවාරිතො”ති (ම· නි· 1.30). ඉධ පන ලොකං උපාදාය වුත්තොති වෙදිතබ්බො. ඉදං වුත්තං හොති “බ්‍රාහ්මණ ඉමස්මිං ලොකෙ තථාගතො උප්පජ්ජති අරහං…පෙ… බුද්ධො භගවා”ති.
සමහර තැනක පද පූරණයේ පමණි. වදාළේමැයි. ඉධාහං භික්ඛවෙ භූත්තාවී අස්සං පවාරිතො මෙහි ලෝකය සඳහා කියන ලදී. බමුණ, මේ ලෝකයේ අර්හත් වූ සිව්සස් අවබෝධ කළා වූ භාග්‍යවතුන් වහන්සේ උපදිනේය.
තත්ථ තථාගතසද්දො මූලපරියායෙ, අරහන්තිආදයො විසුද්ධිමග්ගෙ විත්ථාරිතා.
එහි ‘තථාගත’ ශබ්දය මූල පරියායේ ද ‘අරහං’ යන්න විසුද්ධි මාර්ගයේ ද විස්තර කර ඇත.
ලොකෙ උප්පජ්ජතීති එත්ථ පන ලොකොති ඔකාසලොකො සත්තලොකො සඞ්ඛාරලොකොති තිවිධො. ඉධ පන සත්තලොකො අධිප්පෙතො. සත්තලොකෙ උප්පජ්ජමානොපි ච තථාගතො න දෙවලොකෙ, න බ්රහ්මලොකෙ, මනුස්සලොකෙයෙව උප්පජ්ජති. මනුස‍්සලොකෙපි න අඤ්ඤස්මිං චක්කවාළෙ, ඉමස්මිංයෙව චක්කවාළෙ. තත්රාපි න සබ්බට්ඨානෙසු, “පුරත්ථිමාය දිසාය ගජඞ්ගලං නාම නිගමො. තස්සාපරෙන මහාසාලො, තතො පරා පච්චන්තිමා ජනපදා, ඔරතො මජ්ඣෙ. පුරත්ථිමදක්ඛිණාය දිසාය සල්ලවතී නාම නදී, තතො පරා පච්චන්තිමා ජනපදා, ඔරතො මජ්ඣෙ. දක්ඛිණාය දිසාය සෙතකණ්ණිකං නාම නිගමො, තතො පරා පච්චන්තිමා ජනපදා, ඔරතො මජ්ඣෙ. පච්ඡිමාය දිසාය ථූණං නාම බ්රාහ්මණගාමො, තතො පරා පච්චන්තිමා ජනපදා, ඔරතො මජ්ඣෙ. උත්තරාය දිසාය උසිරද්ධජො නාම පබ්බතො, තතො පරා පච්චන්තිමා ජනපදා, ඔරතො මජ්ඣෙ”ති (මහාව· 259) එවං පරිච්ඡින්නෙ ආයාමතො තියොජනසතෙ විත්ථාරතො අඩ්ඪතෙය්යයොජනසතෙ පරික්ඛෙපතො නවයොජනසතෙ මජ්ඣිමපදෙසෙ උප්පජ්ජති. න කෙවලඤ්ච තථාගතොව, පච්චෙකබුද්ධා අග්ගසාවකා අසීති මහාථෙරා බුද්ධමාතා බුද්ධපිතා චක්කවත්තී රාජා අඤ්ඤෙ ච සාරප්පත්තා බ්රාහ්මණගහපතිකා එත්ථෙව උප්පජ්ජන්ති.
ලොකෙ උපපජ්ජති යන මෙහි ලෝකය වනාහි අවකාශ ලෝකය, සත්ත්ව ලෝකය, සංස්කාර ලෝකයයි තෙපරිදිය. මෙහි සත්ත්වලෝකය අදහස් කරන ලදී. තව ද සත්ත්ව ලෝකයෙහි උපදනා වූ තථාගතයන් වහන්සේ දෙලොව නූපදිති. බඹලොව නූපදිති. මිනිස්ලොවෙහිම උපදිති. මිනිස් ලොව ද අන් සක්වල නූපදිති. මේ සක්වළ ම උපදිත්. එහි ද සෑම තැනෙකම නූපදිත්. පෙරදිග කජංගල නම් නියම්ගමක් වේ. එයට පසුභාගයේ මහාසාලයෝ ද එයින් මත්තෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝ වෙති. මෙයින් මධ්‍යයේ ගිනිකොණ දිසාවෙහි සල්ලවතී නම් නදිය වෙයි. එයින් මත්තෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝ වෙති. මොබින් මධ්‍යයෙහි දකුණු දෙස සේත කර්ණිකා නම් නියම්ගම වෙයි. එයින් මත්තෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝ වෙති. මෙයින් මත්තෙහි පැසුළු දෙසෙහි (බටහිර) ථූන නම් බ්‍රාහ්මණ ගම පිහිටියේ ය. ඔබින් මත්තෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝ වෙති. මොබින් මධ්‍යයෙහි උත්තර දිසාවේ උසිරද්වාජ පර්වතය පිහිටියේය. එයින් මත්තෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝ වෙති. මොබින් මධ්‍යයෙහි, යොදුන් තුන්සියයක් දිගින් වූ, පළලින් දෙසිය පනස් යොදුන් වූ, හාත්පස නවසියයක් යොදුන් වූ, මැදුම් පියසෙහි උපදියි. හුදෙක් තථාගතයන්ම පමණක් නොවෙති. පසේබුදුවරු, අග්‍රශ්‍රාවකවරු, අසූමහා ශ්‍රාවකවරු, බුදු පියා, බුදුමව, සක්විති රජු, අනෙක් මහා භෝග සම්පත් ඇති බ්‍රාහ්මණ ගෘහපතියෝ ද එහිම උපදිති.
තත්ථ තථාගතො සුජාතාය දින්නමධුපායසභොජනතො පට්ඨාය යාව අරහත්තමග්ගො, තාව උප්පජ්ජති නාම. අරහත්තඵලෙ උප්පන්නො නාම. මහාභිනික්ඛමනතො වා යාව අරහත්තමග්ගො. තුසිතභවනතො වා යාව අරහත්තමග්ගො. දීපඞ්කරපාදමූලතො වා යාව අරහත්තමග්ගො, තාව උප්පජ්ජති නාම. අරහත්තඵලෙ උප්පන්නො නාම. ඉධ සබ්බපඨමං උප්පන්නභාවං සන්ධාය උප්පජ්ජතීති වුත්තං, තථාගතො ලොකෙ උප්පන්නො හොතීති අයඤ්හෙත්ථ අත්ථො.
එහි තථාගත තෙමේ සුජාතාව විසින් දුන් මිහිරි කිරි ආහාරයේ පටන්, යම්කිසි දිනක රහත් මගට පත්වේද, ඒ තාක් උපදීනම් රහත්ඵලය පැමිණි කල්හි උපන්නේ නම්, මහාභිනිෂ්ක්‍රමණයේ පටන් රහත්මග තෙක් හෝ තුසිත භවනයේ පටන් රහත්මග තෙක් හෝ දීපංකර පාදමූලයේ පටන් රහත්මග තෙක් හෝ යම්තාක් වේ ද, ඒ තාක් උපදී නම් රහත්ඵලය උපන්නේ නම් මෙහි සියල්ලට පළමු උපන් බව සඳහාම උපපජ්ජතී යන්න කියයි. තථාගතයෝ ලොව උපන්නේ ය යන අර්ථයි.
සො ඉමං ලොකන්ති සො භගවා ඉමං ලොකං, ඉදානි වත්තබ්බං නිදස්සෙති. සදෙවකන්ති සහ දෙවෙහි සදෙවකං. එවං සහ මාරෙන සමාරකං. සහ බ්රහ්මුනා සබ්රහ්මකං. සහ සමණබ්රාහ්මණෙහි සස්සමණබ්රාහ්මණිං. පජාතත්තා පජා, තං පජං. සහ දෙවමනුස්සෙහි සදෙවමනුස්සං. තත්ථ සදෙවකවචනෙන පඤ්චකාමාවචරදෙවග්ගහණං වෙදිතබ්බං. සමාරකවචනෙන ඡට්ඨකාමාවචරදෙවග්ගහණං. සබ්රහ්මකවචනෙන බ්රහ්මකායිකාදිබ්රහ්මග්ගහණං. සස්සමණබ්රාහ්මණිවචනෙන සාසනස්ස පච්චත්ථිපච්චාමිත්තසමණබ්රාහ්මණග්ගහණං සමිතපාපබාහිතපාපසමණබ්රාහ්මණග්ගහණඤ්ච. පජාවචනෙන සත්තලොකග්ගහණං. සදෙවමනුස්සවචනෙන සම්මුතිදෙවඅවසෙසමනුස්සග්ගහණං. එවමෙත්ථ තීහි පදෙහි ඔකාසලොකෙන සද්ධිං සත්තලොකො, ද්වීහි පජාවසෙන සත්තලොකොව ගහිතොති වෙදිතබ්බො.
සො ඉමං ලොකං යනු ඒ භාග්‍යවත්හු මේ ලෝකය මෙවිට කිවයුත්ත නිදර්ශනය කෙරෙයි. සදෙවකං දෙවියන් සහිත වූයේ සදේවක නම් වේ. එසේ මාරයා සහිත වූයේ සමාරකං වේ. බ්‍රහ්මයන් සහිත වූයේ සබ්රහ්මකං වේ. ශ්‍රමණ බමුණන් සහිත වූයේ සස්සමණිං බ්රාහ්මණිං වේ. උත්කෘෂ්ට අන්දමින් උපන් බැවින් පජං නම් වේ. දෙව් මිනිසුන් සමග යන අරුතින් සදෙව මනුස්සං වේ. එහි සදේවක යන වචනයෙන් කාමාවචර පහේ දෙවිවරුන් ගැනේ. ‘සමාරකෙ’ යන වචනයෙන් සදෙව්ලොව කාමාවචර දෙවිවරුන් ගැනේ. ‘සබ්‍රහ්මක’ යන වචනයෙන් බ්රහ්මකායිකාදී බ්‍රහ්ම සමූහයා ද, ‘සස්සමණ බ්‍රහ්මණී’ යන වචනයෙන් ශාසනයට විරුද්ධ පසමිතුරු මහණ බමුණන්ගේ ගැනීම හා සමිතපාපී බාහිතපාපී මහන බමුණන්ගේ ගැනීමද වෙයි. ‘පජා’ යන වචනයෙන් සත්ත්ව ලෝකය ගැනීමද ‘සදෙව මනුස්ස’ වචනයෙන් සම්මුති දෙවියන් හා අවසේස මිනිසුන් ගැනීමද වේ. මෙසේ මෙහි පද තුනෙන් අවකාශ ලෝකය සමග සත්ත්ව ලෝකය, දෙපදයකින් ප්‍රජා වශයෙන් සත්ත්ව ලෝකයම ගන්නා ලදී.
අපරො නයො – සදෙවකග්ගහණෙන අරූපාවචරදෙවලොකො ගහිතො. සමාරකග්ගහණෙන ඡකාමාවචරදෙවලොකො. සබ්රහ්මකග්ගහණෙන රූපී බ්රහ්මලොකො. සස්සමණබ්රාහ්මණාදිග්ගහණෙන චතුපරිසවසෙන සම්මුතිදෙවෙහි වා සහ මනුස්සලොකො අවසෙසසබ්බසත්තලොකො වා.
වෙනත් ක්‍රමයකින් ද විස්තර කර ඇත - ‘සදෙව ගහණෙන’ යන්නෙන් අරූපාවචර ලෝකය ගත්තේය. ‘සමාරක ගහණෙන’ යන වචනයෙන් කාමාවචර දිව්‍ය ලෝක සයද, ‘සබ්‍රහ්මක ගහණො’ යන වචනයෙන් රූපී බ්‍රහ්ම ලෝකය ද ‘සස්සමණ බ්‍රහ්මණාදී’ යන වචනයෙන් සිව් පිරිස වශයෙන් සම්මුති දෙවිවරුන් හෝ සමග මිනිස්ලොව ද, ‘අවසෙස සියලු සත්ත්වලෝක හෝ ගන්නා ලදී.
අපිචෙත්ථ සදෙවකවචනෙන උක්කට්ඨපරිච්ඡෙදතො සබ්බස්ස ලොකස්ස සච්ඡිකතභාවමාහ. තතො යෙසං අහොසි – “මාරො මහානුභාවො ඡකාමාවචරිස්සරො වසවත්තී. කිං සොපි එතෙන සච්ඡිකතො”ති? තෙසං විමතිං විධමන්තො සමාරකන්ති ආහ. යෙසං පන අහොසි – “බ්රහ්මා මහානුභාවො, එකඞ්ගුලියා එකස්මිං චක්කවාළසහස්සෙ ආලොකං ඵරති, ද්වීහි…පෙ… දසහි අඞ්ගුලීහි දසසු චක්කවාළසහස්සෙසු ආලොකං ඵරති, අනුත්තරඤ්ච ඣානසමාපත්තිසුඛං පටිසංවෙදෙති. කිං සොපි සච්ඡිකතො”ති? තෙසං විමතිං විධමන්තො සබ්රහ්මකන්ති ආහ. තතො යෙ චින්තෙසුං – “පුථූ සමණබ්රාහ්මණා සාසනස්ස පච්චත්ථිකා, කිං තෙපි සච්ඡිකතා”ති? තෙසං විමතිං විධමන්තො සස්සමණබ්රාහ්මණිං පජන්ති ආහ. එවං උක්කට්ඨුක්කට්ඨානං සච්ඡිකතභාවං පකාසෙත්වා අථ සම්මුතිදෙවෙ අවසෙසමනුස්සෙ ච උපාදාය උක්කට්ඨපරිච්ඡෙදවසෙන සෙසසත්තලොකස්ස සච්ඡිකතභාවං පකාසෙන්තො සදෙවමනුස්සන්ති ආහ. අයමෙත්ථ භාවානුක්කමො.
මෙහි සදෙවක වචනයෙන් උඩත් පිරිසෙයින් සියලු ලොව පසක් කළ බව කියයි. නැවත යම් කෙනෙකුන්ට මාරතෙම මහානුභාව ඇත්තෙක. කාමාවචර ලෝක සයට අධිපතිය. ‘වසවර්තීය’ යන සිතක් වීද හෙතෙමේත් මොහු විසින් පසක් කරන ලදැයි විමතිය දුරුකරමින්, සමාරකං යනු වදාළහ. නැවත යම් අයකුට ‘බ්‍රහ්මතෙම මහානුභාව ඇත්තෙක. එක් ඇඟිල්ලකින් දස දහසක් සක්වළ ආලෝකය පතුරුවයි. නිරුත්තර වූ දැහැන් සමවත් සුවය ද විඳියි. කිම හෙතෙමේත් පසක් කරන ලදදැයි සිතක් වීද? ඔවුන්ගේ විමතිය දුරුකරනු සඳහා සබ්රහ්මකං යන්න වදාළහ. නැවත යමෙක් තුමූ මෙසේ සිතහුද? බොහෝ මහණ බමුණෝ ශාසනයට විරුද්ධ වූවාහු වෙති. කිම ඔවුහුත් පසක් කරන ලදද? ඔවුගේ විමතිය දුරු කරමින් සස්සමණ බ්රාහ්මණිං පජං යන්න වදාළහ. මෙසේ විශිෂ්ට වූවන්ගේ පසක් කළ බැව් ප්‍රකාශ කොට නැවත සම්මුති දෙවියන් ද සෙසු මිනිසුන් ද ගෙන විශිෂ්ට බෙදීම් වශයෙන් සෙසු සත්ත්ව ලෝකයා ගේ සාක්ෂාත් කළ බැව් ප්‍රකාශ කරමින් සදෙව මනුස්සං යනු වදාළහ. මේ මෙහි භවයන්ගේ අනුපිළිවෙළයි.
පොරාණා පනාහු – සදෙවකන්ති දෙවතාහි සද්ධිං අවසෙසලොකං. සමාරකන්ති මාරෙන සද්ධිං අවසෙසලොකං. සබ්රහ්මකන්ති බ්රහ්මෙහි සද්ධිං අවසෙසලොකං. එවං සබ්බෙපි තිභවූපගෙ සත්තෙ තීහාකාරෙහි තීසු පදෙසු පක්ඛිපෙත්වා පුන ද්වීහි පදෙහි පරියාදියන්තො “සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්ස”න්ති ආහ. එවං පඤ්චහි පදෙහි තෙන තෙනාකාරෙන තෙධාතුකමෙව පරියාදින්නන්ති.
පුරාණාචාර්යයෝ වනාහි මෙසේ කීහ. සදෙවකං යනු දෙවියන් සහිත අවසේස ලෝකය, සමාරකං යනු මාරයා සහිත ඉතිරි ලෝකයයි. සබ්රහ්මකං යනු බ්‍රහ්මයන් සමග ඉතිරි ලෝකයයි. මෙසේ සියලු තුන් භවයට පැමිණි සත්ත්වයන් තුන් ආකාරයෙක්හිලා තුන්පදයෙක්හි ඇතුළත් කොට නැවත දෙපදයකින් ඇතුළත් කොට ගන්නාහු. සස්සමණං බ්‍රාහ්මණි පජං සදෙවමනුස්සං යනු කීහ. මෙසේ පස් පදයකින් හා ඒ ඒ ආකාරයෙන් තුන් ලෝකයම ඇතුළත් කළෝය.
සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙතීති සයන්ති සාමං අපරනෙය්යො හුත්වා. අභිඤ්ඤාති අභිඤ්ඤාය, අධිකෙන ඤාණෙන ඤත්වාති අත්ථො. සච්ඡිකත්වාති පච්චක්ඛං කත්වා. එතෙන අනුමානාදිපටික්ඛෙපො කතො හොති. පවෙදෙතීති බොධෙති විඤ්ඤාපෙති පකාසෙති.
සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙතී යනු සයං තෙමේ අනිකෙකු විසින් නො දත යුතු අභිඤ්ඤාය අධික වූ නුවණින් දැන යන අර්ථයි. සච්ඡිකත්වා ප්රත්යක්ෂ කොට, මෙයින් සැකයෙන් බලන්නන්ගේ ඉවතලෑම කරයි. පවෙදෙති අවබෝධ කරවයි, දන්වයි, ප්‍රකාශ කෙරෙයි.
සො ධම්මං දෙසෙති ආදිකල්යාණං…පෙ… පරියොසානකල්යාණන්ති සො භගවා සත්තෙසු කාරුඤ්ඤතං පටිච්ච හිත්වාපි අනුත්තරං විවෙකසුඛං ධම්මං දෙසෙති. තඤ්ච ඛො අප්පං වා බහුං වා දෙසෙන්තො ආදිකල්යාණාදිප්පකාරමෙව දෙසෙති. ආදිම්හිපි කල්‍යාණං භද්දකං අනවජ්ජමෙව කත්වා දෙසෙති. මජ්ඣෙපි… පරියොසානෙපි කල්‍යාණං භද්දකං අනවජ්ජමෙව කත්වා දෙසෙතීති වුත්තං හොති.
සො ධම්මං දෙසෙති ආදි -පෙ- පරියොසන කල්යාණන්ති ඒ භාග්‍යවතුන් වහන්සේ සත්ත්වයන් කෙරෙහි කරුණාව පෙරදැරිකොට නිරුත්තර වූ විවේක සුවය හැර දමා දහම් දෙසති. එය මදක් හෝ බොහෝ සෙයින් හෝ දේශනා කරන්නෝ ආදි කල්යාණාදී ප්‍රකාර වූවක්ම දේශනා කරති. මුලින්ම කල්‍යාණ වූවක් ම සුදුසු වූවක් ම නිවැරදි වූවක්ම දේශනා කරති. මධ්‍යයෙහි ද එසේය. අවසානයේ දී ද කල්‍යාණ වූවක්ම යහපත් වූවක්ම නිවැරදි වූවක්ම දේශනා කරති.
තත්ථ අත්ථි දෙසනාය ආදිමජ්ඣපරියොසානං, අත්ථි සාසනස්ස. දෙසනාය තාව චතුප්පදිකායපි ගාථාය පඨමපාදො ආදි නාම, තතො ද්වෙ මජ්ඣං නාම, අන්තෙ එකො පරියොසානං නාම. එකානුසන්ධිකස්ස සුත්තස්ස නිදානමාදි, ඉදමවොචාති පරියොසානං, උභින්නං අන්තරා මජ්ඣං. අනෙකානුසන්ධිකස්ස සුත්තස්ස පඨමානුසන්ධි ආදි, අන්තෙ අනුසන්ධි පරියොසානං, මජ්ඣෙ එකො වා ද්වෙ වා බහූ වා මජ්ඣමෙව. සාසනස්ස පන සීලසමාධිවිපස්සනා ආදි නාම. වුත්තම්පි චෙතං – “කො චාදි කුසලානං ධම්මානං, සීලඤ්ච සුවිසුද්ධං, දිට්ඨි ච උජුකා”ති (සං· නි· 5.369). “අත්ථි, භික්ඛවෙ, මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා”ති එවං වුත්තො පන අරියමග්ගො මජ්ඣං නාම, ඵලඤ්චෙව නිබ්බානඤ්ච පරියොසානං නාම. “එතදත්ථමිදං, බ්‍රාහ්මණ, බ්රහ්මචරියමෙතං සාරං, එතං පරියොසාන”න්ති (ම· නි· 1.324) හි එත්ථ ඵලං පරියොසානන්ති වුත්තං. “නිබ්බානොගධඤ්හි, ආවුසො විසාඛ, බ්රහ්මචරියං වුස්සති නිබ්බානපරායණං නිබ්බානපරියොසාන”න්ති (ම· නි· 1.466) එත්ථ නිබ්බානං පරියොසානන්ති වුත්තං.
එහි එම දේශනාවෙහි ආදි මධ්‍ය අවසාන ඇති ශාසනයාගේ ඇති පළමුකොට දේශනාවෙහි සිව්පදැති ගාථාවෙක ප්‍රථම පාදය ආදි නමි. දෙවැනි දෙපාදය මධ්‍ය නමි. අන්තයෙහි එක් පදය පරියෝසාන නමි. එක් අනුසන්ධියක් ඇති සූත්‍රයෙක නිදානය ආදිය වේ. ඉදමවොච යනු පරියෝසානය, දෙදෙනාගේ අතර මධ්‍යය, නොයෙක් අනුසන්ධි ඇති සූත්‍රයක ප්රථමානු සන්ධිය ආදියයි. අන්තයෙහි සන්ධිය අවසානයයි. මධ්‍යයේ එකක් හෝ දෙකක් හෝ බොහෝවක් මධ්‍යයයි. නැවත ශාසනයාගේ ශීල සමාධි විපස්සනා ආදි නමි. මෙසේ කියන ලදී. කොවාදි කුසලානං ධම්මානං සීල විසුද්ධං දිටඨිච උජුකා අත්ථි භික්ඛවෙ මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා මෙසේ වදාරන ලද ආර්ය මාර්ගය මධ්‍ය නමි. ඵලඤ්චෙව නිබ්බාණඤ්ච ඵලය ද නිර්වාණය පරියොසාන නමි. තසමා තිහ ත්වං බ්රාහ්මණා එතං සාරං එතං පරියොසනං යන මෙහි ඵලය නිවන පරියෝසානයයි කියන ලදී. නිබ්බානොගධං ආවුසො විසාඛ බ්රහ්මචරියං වුස්සති නිබ්බාන පරායනං නිබ්බාන පරියොසානං’ යන මෙහි නිර්වාණය පරියෝසනයයි කියන ලදී.
ඉධ දෙසනාය ආදිමජ්ඣපරියොසානං අධිප්පෙතං. භගවා හි ධම්මං දෙසෙන්තො ආදිම්හි සීලං දස්සෙත්වා මජ්ඣෙ මග්ගං පරියොසානෙ නිබ්බානං දස්සෙති. තෙන වුත්තං – “සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්‍යාණ”න්ති. තස්මා අඤ්ඤොපි ධම්මකථිකො ධම්මං කථෙන්තො –
මෙම දේශනාවෙහි ආදිය, මධ්‍යය, පරියොසානය, අදහස් කරයි. භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ ආදියෙහි ම සීලය දක්වා, මධ්‍යයෙහි මාර්ගය දක්වා කෙළවර නිවන දක්වති. එහෙයින් සො ධම්මං දෙසෙති ආදි කල්‍යාණං, මජ්ඣෙ කල්‍යාණං, පරියොසාන කල්‍යාණං යනු කියන ලද, එහෙයින් අන්‍ය ධර්ම කථිකයෙක් දහම් දෙසන්නේ නම්,
“ආදිම්හි සීලං දස්සෙය්‍ය, මජ්ඣෙ මග්ගං විභාවයෙ; පරියොසානම්හි නිබ්බානං, එසා කථිකසණ්ඨිතී”ති. (දී· නි· අට්ඨ· 1.190);
ආදියෙහි සීලය දැක්විය යුතුය. මධ්‍යයෙහි මාර්ගය ප්‍රකාශ කළ යුතුය, කෙළවර නිර්වාණය ප්‍රකාශ කළ යුතුය.
සාත්ථං සබ්යඤ්ජනන්ති යස්ස හි යාගුභත්තඉත්ථිපුරිසාදිවණ්ණනා නිස්සිතා දෙසනා හොති, න සො සාත්ථං දෙසෙති. භගවා පන තථාරූපං දෙසනං පහාය චතුසතිපට්ඨානාදිනිස්සිතං දෙසනං දෙසෙති. තස්මා “සාත්ථං දෙසෙතී”ති වුච්චති. යස්ස පන දෙසනා එකබ්යඤ්ජනාදියුත්තා වා සබ්බනිරොට්ඨබ්යඤ්ජනා වා සබ්බවිස්සට්ඨසබ්බනිග්ගහීතබ්යඤ්ජනා වා, තස්ස දමිළකිරාසවරාදිමිලක්ඛූනං භාසා විය බ්යඤ්ජනපාරිපූරියා අභාවතො අබ්යඤ්ජනා නාම දෙසනා හොති. භගවා පන –
සාත්ථං සබ්බ්යඤ්ජනං යම් හෙයකින් යමෙකුගේ දේශනාව කැඳ බත්, ස්ත්‍රී පුරුෂ ආදීන්ගේ වර්ණනාවලින් තොරව අර්ථ සහිතව නො දෙසාද, භාග්‍යවතුන් වහන්සේ වනාහි ඒ බඳු වූ දේශනාවන් හැර සතර සතිපට්ඨානාදිය ඇසුරු කළ දේශනාව දෙසන සේක් ද එහෙයින් එය අර්ථ සහිතව දේශනා කරති. නැවත යමෙකුගේ දේශනාව සමාන ව්යඤ්ජනයන්ගෙන්ම යුක්ත වූයේ ද සියලු අතින්ම ඔට්ඨජාක්ෂර රහිත බ්‍යඤ්ජනවලින් යුක්ත වූයේ ද, සියලු තැන්හි විසිරුණු සියලු නිග්ගහීතයන්ගෙන්ම යුක්ත වූයේ වේද, ම්ලේච්ඡ භාෂාවන්හි මෙන් ව්‍යඤ්ජන පරිපූර්ණත්වය නැති හෙයින් ඔහුගේ දේශනාව අබ්යඤ්ජන දේශනා නම් වේ. භාග්‍යවතුන් වහන්සේ වනාහි -
“සිථිලං ධනිතඤ්ච දීඝරස්සං, ගරුකං ලහුකඤ්ච නිග්ගහීතං; සම්බන්ධං වවත්ථිතං විමුත්තං, දසධා බ්යඤ්ජනබුද්ධියා පභෙදො”ති. (දී· නි· අට්ඨ· 1.190) –
සිථිල ධනිතඤ්ච දීඝරස්සං - ගරුක ලහුකඤ්ව නිග්ගහිතං සම්බන්ධනං වවත්ථිතං විමුත්තං - දසධා බ්‍යඤ්ජන බුද්ධියා පභෙදො
ශිථිලය හා ධනිතය ය ද දීර්ඝ හා හ්‍රස්ව ද, ගරුකය හා ලහුකයද සානුනාසිකව ද (දේශනා කරයි.)
එවං වුත්තං දසවිධං බ්යඤ්ජනං අමක්ඛෙත්වා පරිපුණ්ණබ්යඤ්ජනමෙව කත්වා ධම්මං දෙසෙති. තස්මා “සබ්යඤ්ජනං ධම්මං දෙසෙතී”ති වුච්චති.
මෙසේ කියන ලද දශවිධ ව්‍යඤ්ජනය හා අහෝසි නො කොට පරිපූර්ණ ව්යඤ්ජනයන්ගෙන්ම යුක්ත කොට දේශනා කරන සේකැයි කියයි.
කෙවලපරිපුණ්ණන්ති එත්ථ කෙවලන්ති සකලාධිවචනං. පරිපුණ්ණන්ති අනූනාධිකවචනං. ඉදං වුත්තං හොති – “සකලපරිපුණ්ණමෙව දෙසෙති, එකදෙසනාපි අපරිපුණ්ණා නත්ථී”ති. පරිසුද්ධන්ති නිරුපක්කිලෙසං. යො හි ඉදං ධම්මදෙසනං නිස්සාය ලාභං වා සක්කාරං වා ලභිස්සාමීති දෙසෙති, තස්ස අපරිසුද්ධා දෙසනා හොති. භගවා පන ලොකාමිසනිරපෙක්ඛො හිතඵරණෙන මෙත්තාභාවනාය මුදුහදයො උල්ලුම්පනසභාවසණ්ඨිතෙන චිත්තෙන දෙසෙති. තස්මා “පරිසුද්ධං ධම්මං දෙසෙතී”ති වුච්චති. බ්රහ්මචරියං පකාසෙතීති එත්ථ බ්රහ්මචරියන්ති සික්ඛත්තයසඞ්ගහං සකලසාසනං. තස්මා බ්රහ්මචරියං පකාසෙතීති සො ධම්මං දෙසෙති ආදිකල්යාණං…පෙ… පරිසුද්ධං, එවං දෙසෙන්තො ච සික්ඛත්තයසඞ්ගහිතං සකලසාසනං බ්රහ්මචරියං පකාසෙතීති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො. බ්රහ්මචරියන්ති සෙට්ඨට්ඨෙන බ්රහ්මභූතං චරියං. බ්රහ්මභූතානං වා බුද්ධාදීනං චරියන්ති වුත්තං හොති.
කෙවල පරිපුණ්ණං මෙහි කෙවල යනු පරිපුණ්ණං අනුනාසික වචනයි. සියල්ල නො අඩු නො වැඩි කොට යන අර්ථයි. එකම දේශනාවක් වත් අපරිපරිපූර්ණ නොවේ. සියල්ල පරිපූර්ණය. පරිසුද්ධං යනු උපක්ලේශ රහිතය. යමෙක් මේ ධර්මදේශනාව නිසා ලාභය හෝ සත්කාරය ලබන්නෙමියි සිතා ද, එසේ දෙසාද ඔහුගේ ඒ ධර්ම දේශනාව අපරිසුද්ධ වේ. භාග්‍යවතුන් වහන්සේ නිරාමිස වූ සේක් මෙත්සිත පැතිරවීමෙන්, මෛත්‍රියෙන් මොලොක් වූ සිතින්ම, නගා සිටුවන ස්වභාවයෙහි පිහිටි සිතින්ම දේශනා කරන සේක. එහෙයින් පිරිසිදුකොට ම දේශනා කරති. බ්රහ්මචරියංපකාසෙති යන මෙහි බ්‍රහ්මචරිය නම් ත්‍රි ශික්ෂාවන්ගෙන් යුත් ශාසනයයි. එහෙයින් බ්රහ්මචරියං පකාසෙති යනු ඒ තථාගතයෝ ආදි කල්‍යාණ වූ -පෙ- පරිශුද්ධ වූ ධර්මයම දේශනා කරති. මෙසේ දේශනා කරන්නේ ත්‍රි ශික්ෂාවෙන් යුක්ත වූ ශාසන බ්රහ්මචරියාවම දේශනා කරන්නේ යයි මෙහි අරුත් දතයුතුය. බ්රහ්මචරියං යනු ශ්‍රේෂ්ඨ අර්ථයෙන් බ්‍රහ්ම වූ හැසිරීම හෙවත් බ්‍රහ්ම වූ බුද්ධාදීන්ගේ හැසිරීම යයි දතයුතුය.
තං ධම්මන්ති තං වුත්තප්පකාරසම්පදං ධම්මං. සුණාති ගහපති වාති කස්මා පඨමං ගහපතිං නිද්දිසතීති? නිහතමානත්තා උස්සන්නත්තා ච. යෙභුය්යෙන හි ඛත්තියකුලතො පබ්බජිතා ජාතිං නිස්සාය මානං කරොන්ති. බ්රාහ්මණකුලා පබ්බජිතා මන්තෙ නිස්සාය මානං කරොන්ති. හීනජච්චකුලා පබ්බජිතා අත්තනො විජාතිතාය පතිට්ඨාතුං න සක්කොන්ති. ගහපතිදාරකා පන කච්ඡෙහි සෙදං මුඤ්චන්තෙහි පිට්ඨියා ලොණං පුප්ඵමානාය භූමිං කසිත්වා නිහතමානදප්පා හොන්ති. තෙ පබ්බජිත්වා මානං වා දප්පං වා අකත්වා යථාබලං බුද්ධවචනං උග්ගහෙත්වා විපස්සනාය කම්මං කරොන්තා සක්කොන්ති අරහත්තෙ පතිට්ඨාතුං. ඉතරෙහි ච කුලෙහි නික්ඛමිත්වා පබ්බජිතා නාම න බහුකා, ගහපතිකාව බහුකා, ඉති නිහතමානත්තා උස්සන්නත්තා ච පඨමං ගහපතිං නිද්දිසතීති.
තං ධම්මං ඒ කියන ලද අයුරු සම්පත් සහිත ධර්මය සුණාති ගහපති වා කුමක් හෙයින් පළමුකොට ගෘහපතියකු දක්වන්නේ ද, නිහතමානී බැවින් ද උත්සන්න බැවින් ද වේ. බොහෝසෙයින් කැත් කුලයෙන් පැවිදි වූවාහු කුලය නිසා මානය උපදවයි. බමුණු කුලයෙන් පැවිදි වූවාහු අධ්‍යාපනය (මන්ත්‍ර) නිසා මානය උපදවයි. පහත් කුලවලින් පැවිදි වූවාහු තමා ගේ පහත් ගති පැවතුම්වලින් ඍජුව සිටින්නට නොහැකි වෙයි. ගෘහපති දරුවෝ දහදිය ගලන කිහිලිවලින් යුක්තව, ලුණු පිපෙන පිටෙන් යුතුවැ බිම හාරමින් මාන දර්ප ඇත්තෝ වෙති. ඔව්හූ පැවිදි මානයක් හෝ දර්පයක් නො කොට ශක්ති පමණින් බුදු වදන් උගෙන විදර්ශනාව පිණිස කමටහන් වඩන්නාහු රහත් බැව්හි පිහිටන්ට හැකිවෙත්. තව ද ඉතිරි කුලයන්ගෙන් නික්ම පැවිදි වූවාහු නම් බොහෝ නොවෙති. ගෘහපතියෝම බොහෝ වෙත්. මෙසේ නිහතමානී බැවින් ද, උත්සන්න බැවින් ද පළමුකොට ගෘහපතියා දක්වයි.
අඤ්ඤතරස්මිං වාති ඉතරෙසං වා කුලානං අඤ්ඤතරස්මිං. පච්චාජාතොති පතිජාතො. තථාගතෙ සද්ධං පටිලභතීති පරිසුද්ධං ධම්මං සුත්වා ධම්මස්සාමිම්හි තථාගතෙ “සම්මාසම්බුද්ධො වත භගවා”ති සද්ධං පටිලභති. ඉති පටිසඤ්චික්ඛතීති එවං පච්චවෙක්ඛති. සම්බාධො ඝරාවාසොති සචෙපි සට්ඨිහත්ථෙ ඝරෙ යොජනසතන්තරෙපි වා ද්වෙ ජායම්පතිකා වසන්ති, තථාපි නෙසං සකිඤ්චනසපලිබොධට්ඨෙන ඝරාවාසො සම්බාධොයෙව. රජොපථොති රාගරජාදීනං උට්ඨානට්ඨානන්ති මහාඅට්ඨකථායං වුත්තං. ආගමනපථොතිපි වට්ටති. අලග්ගනට්ඨෙන අබ්භොකාසො වියාති අබ්භොකාසො. පබ්බජිතො හි කූටාගාරරතනපාසාදදෙවවිමානාදීසු පිහිතද්වාරවාතපානෙසු පටිච්ඡන්නෙසු වසන්තොපි නෙව ලග්ගති න සජ්ජති න බජ්ඣති. තෙන වුත්තං – “අබ්භොකාසො පබ්බජ්ජා”ති. අපිච සම්බාධො ඝරාවාසො කුසලකිරියාය ඔකාසාභාවතො. රජොපථො අසංවුතසඞ්කාරට්ඨානං විය රජානං කිලෙසරජානං සන්නිපාතට්ඨානතො. අබ්භොකාසො පබ්බජ්ජා කුසලකිරියාය යථාසුඛං ඔකාසසබ්භාවතො.
අඤ්ඤතරස්මිං වා ඉතිරි කුලයන් අතරෙහි හෝ එක්තරා කුලයෙක්හි පච්ඡාජාතො උපන්නේ. තථාගතෙ සද්ධං පටිලභති පිරිසිදු දහම් අසා ධර්මස්වාමී වූ තථාගතයන් කෙරෙහි ‘ඒකාන්තයෙන් බුදුහු සම්මා සම්බුද්ධහයි’ ශ්‍රද්ධාව ලබයි. පැහැදීම වැඩෙයි. ඉතිපටිසඤ්චික්ඛති මෙසේ නුවණින් සලකා බලයි. සම්බාධො ඝරාවාසො යනු යම් විධියකින් සැටරියන් ගෙයක යොදුන් සියයක් අතරම අඹුසැමි දෙදෙනෙක් වෙසෙත් ද, එතකුදු වුවත් ඔවුන්ට සැක සහ වෙනත් පළිබෝධයන් නිසා ගෘහවාසය සම්බාධ සහිත ම ය. රාජාපථො යනු රාග රජස් ආදීන්ගේ උත්පත්ති ස්ථානයයි. මහා අට්ඨකථාවේ කියන ලදී. පැමිණෙන මග යයි ද, කියනු වටී. නො ලැගෙන හේතුවෙන් අභ්‍යවකාශයක් මෙනි අබ්භොකාස නම් වේ. පැවිදි තෙම වනාහි කුළු ගේ, රුවන් පහය, දෙව් විමන ආදී වූ වසන ලද දොර ජනෙල් ඇති වැසුණු තැනක වසන්නේ නමුත් එහි නො ලැගේ ද, නො ඇලේ ද, නො බැඳේ ද, එහෙයින් කියන ලදී. අබ්භොකාසෙ පබ්බජ්ජා තව ද සම්බාධො ඝරාවාසො කුසල ක්‍රියාවන්ට අවකාශ නැති බැවිනි. රාගාදී රජස් උපදින මගකි. රජස්වලට නො ඇසූ කසළ ගොඩක් මෙන් කෙළෙස් රජස් රැස්වන බැවිනි. පැවිද්ද අභ්යවකාශයකි. කුශල ක්‍රියාවන්ට කැමති සේ අවකාශ ඇති බැවිනි.
නයිදං සුකරං…පෙ… පබ්බජෙය්යන්ති එත්ථ අයං සඞ්ඛෙපකථා – යදෙතං සික්ඛත්තයබ්රහ්මචරියං එකම්පි දිවසං අඛණ්ඩං කත්වා චරිමකචිත්තං පාපෙතබ්බතාය එකන්තපරිපුණ්ණං. එකදිවසම්පි ච කිලෙසමලෙන අමලිනං කත්වා චරිමකචිත්තං පාපෙතබ්බතාය එකන්තපරිසුද්ධං, සඞ්ඛලිඛිතං ලිඛිතසඞ්ඛසදිසං ධොතසඞ්ඛසප්පටිභාගං චරිතබ්බං, ඉදං න සුකරං අගාරං අජ්ඣාවසතා අගාරමජ්ඣෙ වසන්තෙන එකන්තපරිපුණ්ණං…පෙ… චරිතුං. යංනූනාහං කෙසෙ ච මස්සුඤ්ච ඔහාරෙත්වා කාසායරසපීතතාය කාසායානි බ්රහ්මචරියං චරන්තානං අනුච්ඡවිකානි වත්ථානි අච්ඡාදෙත්වා පරිදහිත්වා අගාරස්මා නික්ඛමිත්වා අනගාරියං පබ්බජෙය්යන්ති. එත්ථ ච යස්මා අගාරස්ස හිතං කසිවාණිජ්ජාදිකම්මං අගාරියන්ති වුච්චති, තඤ්ච පබ්බජ්ජාය නත්ථි. තස්මා පබ්බජ්ජා අනගාරියාති ඤාතබ්බා, තං අනගාරියං. පබ්බජෙය්යන්ති පටිපජ්ජෙය්යං. අප්පං වාති සහස්සතො හෙට්ඨා භොගක්ඛන්ධො අප්පො නාම හොති, සහස්සතො පට්ඨාය මහා. ආබන්ධනට්ඨෙන ඤාති එව පරිවට්ටො ඤාතිපරිවට්ටො. සො වීසතියා හෙට්ඨා අප්පො හොති, වීසතියා පට්ඨාය මහා.
නයිදං සුකරං -පෙ- පබ්බජෙය්යං යනු මෙහි සංක්ෂේප කථාය. යම් මේ ත්රිශික්ෂාවන් බ්රහ්මචරියාවක් එක් දවසකුදු නොකඩකොට අවසාන සිතට පැමිණිය යුතු බැවින් එකන්ත පරිපුණ්ණා නම් එක දවසකුදු සංක්ලේශ මලයෙන් මල රහිත කොට අවසාන සිතට පැමිණිය යුතු බැවින්, එකන්ත පරිසුද්ධ නමි. සංඛලිඛිතං ලියවන ලද සක්ගෙඩියක් වැනිකොට සේදූ හගෙඩියක් සමානකොට, හැසිරිය යුතු (බඹසර) අගාරං අජ්ඣොවසනා ගෘහ ජීවිතයෙහි වසන්නහු විසින් ඒකාන්ත පරිපූර්ණ කොට, හැසිරෙන්ට පහසු නොවේ. මම කෙස් රවුල් බහා කසට රස පෙවූ බැවින් කසාවන් වූ, බඹසර වසන්නවුන්ට සුදුසු වූ වස්ත්‍ර හැඳ පෙරවා ගිහිගෙන් නික්ම පැවිද්දට පිළිවදනේ නම් ඉතා යෙහෙක. මෙහි ගිහිගෙට හිත වූ අවශ්‍ය වූ කෘෂි වණික් කර්මාන්තාදිය ‘අගාරිය’ යයි කියනු ලැබේ. ඒවා පැවිද්දෙහි නැති බැවින් ‘අනගාරිය’ යයි දතයුතුය. ඒ පැවිද්දට පබ්බජෙය්ය පිළිපදනෙම් නම් අප්පං වා දහසින් බැඳි පියලි භෝගස්කන්ධ අල්ප වේ. දහස පටන් මහත් නම් වේ. පසුපස්සෙන් අනුව එන යන අර්ථයෙන් ඤාතිවරයා ඤාති පරිවට්ට නම් වේ. හේ විස්සකින් යට අල්ප වේ. විස්ස පටන් මහත් වේ.
භික්ඛූනං සික්ඛාසාජීවසමාපන්නොති යා භික්ඛූනං අධිසීලසඞ්ඛාතා සික්ඛා, තඤ්ච, යත්ථ චෙතෙ සහ ජීවන්ති එකජීවිකා සභාගවුත්තිනො හොන්ති, තං භගවතා පඤ්ඤත්තසික්ඛාපදසඞ්ඛාතං සාජීවඤ්ච තත්ථ සික්ඛනභාවෙන සමාපන්නොති භික්ඛූනං සික්ඛාසාජීවසමාපන්නො. සමාපන්නොති සික්ඛං පරිපූරෙන්තො, සාජීවඤ්ච අවීතික්කමන්තො හුත්වා තදුභයං උපගතොති අත්ථො.
භික්ඛූනං සික්ඛාසා ජීව සමාපන්නො භික්ෂූන්ගේ යම් අධිශීල සංඛ්‍යාත ශික්ෂාවක් වේද, එය ද යම් ශික්ෂාවෙක්හි භික්ෂූන් සමග ජීවත් වේද, සමාන දිවි පැවතුම් ඇත්තාහු, සභාග පැවතුම් ඇත්තාහු, වෙත් ද, ඒ භාග්‍යවතුන් විසින් පනවන ලද ශික්ෂාපද සංඛ්‍යාත ජීවය ද එහි හික්මෙන බැවින් පිළිපන්නේ භික්ඛූනං සික්ඛාසාජීව සමාපන්නො නම් වේ. ශික්ෂාව පරිපූර්ණ කරන්නෙක් සාජීවය ද නො ඉක්මවන්නෙක් ව, ඒ දෙකට පැමිණියේ යන අර්ථයි.
පාණාතිපාතං පහායාතිආදීසු පාණාතිපාතාදිකථා හෙට්ඨා විත්ථාරිතා එව. පහායාති ඉමං පාණාතිපාතචෙතනාසඞ්ඛාතං දුස්සීල්යං පජහිත්වා. පටිවිරතො හොතීති පහීනකාලතො පට්ඨාය තතො දුස්සීල්යතො ඔරතො විරතොව හොති. නිහිතදණ්ඩො නිහිතසත්ථොති පරූපඝාතත්ථාය දණ්ඩං වා සත්ථං වා ආදාය අවත්තනතො නික්ඛිත්තදණ්ඩො චෙව නික්ඛිත්තසත්ථො චාති අත්ථො. එත්ථ ච ඨපෙත්වා දණ්ඩං සබ්බම්පි අවසෙසං උපකරණං සත්තානං විහිංසනභාවතො සත්ථන්ති වෙදිතබ්බං. යං පන භික්ඛූ කත්තරදණ්ඩං වා දන්තකට්ඨවාසිං වා පිප්ඵලකං වා ගහෙත්වා විචරන්ති, න තං පරූපඝාතත්ථාය. තස්මා නිහිතදණ්ඩො නිහිතසත්ථොත්වෙව සඞ්ඛං ගච්ඡති. ලජ්ජීති පාපජිගුච්ඡනලක්ඛණාය ලජ්ජාය සමන්නාගතො. දයාපන්නොති දයං මෙත්තචිත්තතං ආපන්නො. සබ්බපාණභූතහිතානුකම්පීති සබ්බෙ පාණභූතෙ හිතෙන අනුකම්පකො. තාය දයාපන්නතාය සබ්බෙසං පාණභූතානං හිතචිත්තකොති අත්ථො. විහරතීති ඉරියති පාලෙති.
පාණාතිපාතං පහාය යනාදියෙහි පරපණ නැසීම පිළිබඳ විස්තරය ඉහත විස්තර කරන ලදී. පහාය මේ සතුන් මැරීමේ සිතිවිල්ල නම් වූ දුශ්ශීල බව දුරුකොට, පටිවරතො හොති ප්‍රහීණ වූ කාලයේ පටන් ඒ දුසිල්බවෙන් වෙන් වූයේ, මෑත් වූයේම වෙයි. නිහිතදණ්ඩො නිහිත සත්ථො අනුන් නැසීම පිණිස ලීයක්-මුගුරක් හෝ ආයුධයක් ගෙන නො පවත්නා හෙයින් බහා තැබූ දඬු ඇත්තෙක් ද වේ යන්නයි. තව ද මෙහි දඬු තබා සියලුම සෙසු උපකරණ සත්ත්වයින් වෙහෙසෙන බැවින් ආයුධ නමැයි දතයුතු. යම්කිසි භික්ෂුවක් සැරයටියක් හෝ දැහැටිදඬු කැපීම සඳහා පිහියක් හෝ කතුරක් හෝ එවැනි යමක් ගෙන හැසිරේද ඒ සතුන් මරණු සඳහා නොවේ. එහෙයින් ඒවා නිහිත දණ්ඩ නිහිතසත්ථ යන ගණයටම වැටේ. ලජ්ජි පාපය පිළිකුල් කරන ස්වභාවය වූ ලජ්ජා ස්වභාවයෙන් යුක්ත වූ, දයාපන්නො දයාවට මෙත්සිත් ඇති බවට පැමිණියේ, සබ්බපාණභූත හිතානුකම්පී සියළු සතුන් වෙතම දක්වන හිතවත් බව, අනුකම්පාව, කරුණාව ඒ මෙත් සිත් ඇති බවට පැමිණි බැවින් සියළු සත්ත්වයන් කෙරෙහිම මෙත්සිත් ඇත්තේ යන අර්ථයි. විහරති වාසය කරයි. ඉරියව් පවත්වයි. පාලනය කරයි.
දින්නමෙව ආදියතීති දින්නාදායී. චිත්තෙනපි දින්නමෙව පටිකඞ්ඛතීති දින්නපාටිකඞ්ඛී. ථෙනෙතීති ථෙනො. න ථෙනෙන අථෙනෙන. අථෙනත්තායෙව සුචිභූතෙන. අත්තනාති අත්තභාවෙන, අථෙනං සුචිභූතං අත්තභාවං කත්වා විහරතීති වුත්තං හොති.
දෙන ලද්දක්ම ගනීනුයි දින්නාදායී නම් වේ. සිතින් ද දෙන ලද්දක් ම කැමති වේනුයි දින්න පාටිකංඛී නමි. සොරකම් කෙරෙනුයි ථෙන නම් වේ. සොරෙක් නොවූයෙන් අථෙන්නෙ යනු වේ. නොසොර වූ බැවින්ම, සුචිභූතෙන යනු වේ. අත්තනා අත්බැවින්, සොර නොවූ පවිත්‍ර වූ ජීවිතයක් ඇතිවම වාසය කෙරේ යන අදහසයි.
අබ්රහ්මචරියන්ති අසෙට්ඨචරියං. බ්රහ්මං සෙට්ඨං ආචාරං චරතීති බ්‍රහ්මචාරී. ආරාචාරීති අබ්රහ්මචරියතො දූරචාරී. මෙථුනාති රාගපරියුට්ඨානවසෙන සදිසත්තා මෙථුනකාති ලද්ධවොහාරෙහි පටිසෙවිතබ්බතො මෙථුනාති සඞ්ඛං ගතා අසද්ධම්මා. ගාමධම්මාති ගාමවාසීනං ධම්මා.
අබ්රහ්මචරියං උසස් නොවූ හැසිරීම, උසස් වූ, ශ්‍රේෂ්ඨ වූ, බ්‍රහ්ම වූ ආචාරයෙහි හැසිරේනුයි බ්‍රහ්මචාරී යනු වේ. ආරාචාරී අබ්‍රහ්මචරියාවෙන් දුරුව හැසිරෙනසුළු, මෙථුනා රාගය ඉපදවීම් සමාන බැවින් ‘මෙථුනක’ යන ව්‍යවහාර ඇත්තවුන් විසින් සේවය කරන බැවින් ‘මෙථුන’ යයි කියන අසද්ධර්මයෙන්, ගාමධම්මා ග්‍රාම්‍ය වූ, ගම්වැසියන් ගේ ධර්මයෙන්,
සච්චං වදතීති සච්චවාදී. සච්චෙන සච්චං සන්දහති ඝටෙතීති සච්චසන්ධො, න අන්තරන්තරා මුසා වදතීති අත්ථො. යො හි පුරිසො කදාචි මුසා වදති, කදාචි සච්චං, තස්ස මුසාවාදෙන අන්තරිතත්තා සච්චං සච්චෙන න ඝටීයති. තස්මා න සො සච්චසන්ධො, අයං පන න තාදිසො, ජීවිතහෙතුපි මුසාවාදං අවත්වා සච්චෙන සච්චං සන්දහතියෙවාති සච්චසන්ධො. ථෙතොති ථිරො, ථිරකථොති අත්ථො. එකො හි පුග්ගලො හලිද්දිරාගො විය, ථුසරාසිම්හි නිඛාතඛාණු විය, අස්සපිට්ඨෙ ඨපිතකුම්භණ්ඩමිව ච න ථිරකථො හොති. එකො පාසාණලෙඛා විය ඉන්දඛිලො විය ච ථිරකථො හොති; අසිනා සීසෙ ඡිජ්ජන්තෙපි ද්වෙ කථා න කථෙති; අයං වුච්චති ථෙතො. පච්චයිකොති පත්තියායිතබ්බකො, සද්ධායිකොති අත්ථො. එකච්චො හි පුග්ගලො න පච්චයිකො හොති, “ඉදං කෙන වුත්තං, අසුකෙනා”ති වුත්තෙ “මා තස්ස වචනං සද්දහථා”ති වත්තබ්බතං ආපජ්ජති. එකො පච්චයිකො හොති, “ඉදං කෙන වුත්තං, අසුකෙනා”ති වුත්තෙ, “යදි තෙන වුත්තං, ඉදමෙව පමාණං, ඉදානි උපපරික්ඛිතබ්බං නත්ථි, එවමෙව ඉද”න්ති වත්තබ්බතං ආපජ්ජති, අයං වුච්චති පච්චයිකො. අවිසංවාදකො ලොකස්සාති තාය සච්චවාදිතාය ලොකං න විසංවාදෙතීති අත්ථො.
ඇත්ත කියන්නේ නුයි සච්චවාදී නම් ඇත්තෙන්ම ඇත්තම ඇත්තටම පිහිටුවයි යන අදහසින් සච්චසන්ධ නමි. අතරින් අතර බොරු නො කියයි යන අර්ථයි. යම්හෙයකින් යම් පුරුෂයෙක් කිසිවිටෙක බොරු කියා ද, කිසිවිටක ඇත්ත කියා ද, ඔහුගේ බොරුවෙන් අනර්ථ කළ බැවින් සැබෑව සැබෑ ලෙසින් නො ගැලපේද, එහෙයින් හේ ‘සච්චසන්ධ’ නොවෙයි. කෙනෙකු එබඳු නොවූයේ ජීවිතය හේතුකොට ගෙන ද බොරු නොකියා ඇත්තෙන් ඇත්තම පාවිච්චි කෙරේ ද ඔහු ‘සච්ච සන්ධ’ නම් වෙයි. ථෙරො ස්ථිර වූයේ, තිරකථා ඇත්තේ යනුයි. යමෙක් කහ අලවල වර්ණය මෙන් ද, දහයියා ගොඩක සිට වූ කණුවක් මෙන් ද, අසුපිට තබන ලද කොමඩු ගෙඩියක් මෙන් ද, ස්ථිර නොවූ කථා ඇත්තේ වෙයි. එකෙක් ගලෙක ඇඳි ඉරක් මෙන් ද, ඉන්ද්‍රඛීලයක් මෙන් ද යුක්ත වූ කථා ඇත්තේ වෙයි. කඩුවෙන් හිස සිඳින කල්හි ද කථා දෙකක් නො කියයි. මෙවැනි අය ‘ථෙත’ නම් වේ. පච්චයිකො විස්වාස කටයුතු වූයේ ඇදහිය යුත්තේ, යන අර්ථයි. ඇතැම් පුද්ගලයෙක් විශ්වාස නොකටයුත්තේ වෙයි. මෙය කවුරුන් විසින් කියන ලදදැයි විමසූ විට අසවලා විසිනැයි කී කල්හි ඉදින් ඔහු විසින් කියන ලද නම් එයම ප්‍රමාණය. නැවත විමසිය යුත්තක් නැත. එය එසේම යයි කිවයුතු බවට පත්වේ. මෙතෙම ‘පච්චයික’ යයි කියනු ලැබේ. අවිසංවාදකො ලොකස්ස ඒ සත්‍යවාදී බැවින් ලෝකයා රැවටීම නො කරයි යන අර්ථයි.
ඉමෙසං භෙදායාති යෙසං ඉතො සුත්වාති වුත්තානං සන්තිකෙ සුතං, තෙසං භෙදාය. භින්නානං වා සන්ධාතාති ද්වින්නම්පි මිත්තානං වා සමානුපජ්ඣායකාදීනං වා කෙනචිදෙව කාරණෙන භින්නානං එකමෙකං උපසඞ්කමිත්වා “තුම්හාකං ඊදිසෙ කුලෙ ජාතානං එවං බහුස්සුතානං ඉදං න යුත්ත”න්තිආදීනි වත්වා සන්ධානං කත්තා. අනුප්පදාතාති සන්ධානානුප්පදාතා, ද්වෙ ජනෙ සමග්ගෙ දිස්වා, “තුම්හාකං එවරූපෙ කුලෙ ජාතානං එවරූපෙහි ගුණෙහි සමන්නාගතානං අනුච්ඡවිකමෙත”න්තිආදීනි වත්වා දළ්හීකම්මං කත්තාති අත්ථො. සමග්ගො ආරාමො අස්සාති සමග්ගාරාමො. යත්ථ සමග්ගා නත්ථි, තත්ථ වසිතුම්පි න ඉච්ඡතීති අත්ථො. “සමග්ගරාමො”තිපි පාළි, අයමෙවෙත්ථ අත්ථො. සමග්ගරතොති සමග්ගෙසු රතො, තෙ පහාය අඤ්ඤත්ර ගන්තුම්පි න ඉච්ඡතීති අත්ථො. සමග්ගෙ දිස්වාපි සුත්වාපි නන්දතීති සමග්ගනන්දී. සමග්ගකරණිං වාචං භාසිතාති යා වාචා සත්තෙ සමග්ගෙයෙව කරොති, තං සාමග්ගිගුණපරිදීපකමෙව වාචං භාසති, න ඉතරන්ති.
ඉමෙසං භෙදාය යන මෙහි ‘ඉතො’ යයි කියන ලද යම් කෙනෙකුගේ සමීපයෙහි අසන ලද්ද ඔවුන්ගේ බිඳීම පිණිස භින්නානං වා සන්ධාතා කිසියම් හේතුවකින් විරසක වූ මිතුරන් දෙදෙනෙකු අතුරෙන් හෝ සමාන උපාධ්‍යයයන් අතුරෙන් හෝ මේ එකිනෙකා වෙත එළඹ, මෙබඳු කුලයෙක පවුලක උපන් දැනඋගත්කම් ඇති, ඔබට මෙය සුදුසු නො වන්නේ ය කියා ඇති, ඔබට මෙය සුදුසු නො වන්නේ ය කියා සමගි කරන්නේ අනුප්පදාතා සමගිය සමාදානය දැඩි කරන්නේ, සමගි වූ දෙදෙනෙකු දැක, මෙබඳු පවුලක උපන් මෙබඳු ගතිගුණවලින් යුත් වූ තොපට මෙය සුදුසුමය කියා දැඩි, තහවුරු කරන්නේ මොහුට නුයි සමග්ගාරාමො යයි කීයේය. යම්කිසි තැනක සමගියක් නැත් ද, එහි වසන්නට කැමති නොවේ යන අර්ථයි. ‘සමග්ගාරාමො’ යනු පෙළයි. සමග්ගරතො සමගි වූවන් කෙරෙහි ඇලුනේ, ඔවුන් හැර වෙන තැනකට යාමට අකමැති වේ යන අර්ථයි. සමගි වූවන් දැක විමසා සතුටු වන්නේ සමග්ග නන්දි යනුයි. සමග්ග කරණිං වාචං භාසිතා සමගි වූවන් කෙරේ යම් වචනයක් කියයි ද, සමගි වූවන් ම කෙරෙයි ද, වෙනත් (අහිතකර දේ නො කියයි යන අර්ථයි.)
නෙලාති එලං වුච්චති දොසො, නාස්සා එලන්ති නෙලා, නිද්දොසාති අත්ථො. “නෙලඞ්ගො සෙතපච්ඡාදො”ති එත්ථ වුත්තනෙලං විය. කණ්ණසුඛාති බ්යඤ්ජනමධුරතාය කණ්ණානං සුඛා, සූචිවිජ්ඣනං විය කණ්ණසූලං න ජනෙති. අත්ථමධුරතාය සකලසරීරෙ කොපං අජනෙත්වා පෙමං ජනෙතීති පෙමනීයා. හදයං ගච්ඡති, අපටිහඤ්ඤමානා සුඛෙන චිත්තං පවිසතීති හදයඞ්ගමා. ගුණපරිපුණ්ණතාය පුරෙ භවාති පොරී, පුරෙ සංවද්ධනාරී විය සුකුමාරාතිපි පොරී, පුරස්ස එසාතිපි පොරී, නගරවාසීනං කථාති අත්ථො. නගරවාසිනො හි යුත්තකථා හොන්ති, පිතිමත්තං පිතාති, මාතිමත්තං මාතාති, භාතිමත්තං භාතාති වදන්ති. එවරූපී කථා බහුනො ජනස්ස කන්තා හොතීති බහුජනකන්තා. කන්තභාවෙනෙව බහුනො ජනස්ස මනාපා චිත්තවුද්ධිකරාති බහුජනමනාපා.
නෙලා දෝෂය ඵලය යයි කියයි. මේ වචනය පිළිබඳ දොසක් නැත්තේනුයි ‘නෙලා’ නම් වේ. නිදොස් යන අර්ථයි. නෙලංගො සෙත පච්ඡාදො යන මෙහි කියන ලද සීලය මෙනි. කණ්ණසුඛා අකුරුවල යෙදීම හා ශබ්දය නිසා කණට මිහිරි වූ, ඉඳිකටුවකින් විදින්නාක් මෙන් කණට නොරිදවයි. අරුත්බර නිසා මිහිරි බවින් සියලු සිරුරෙහි කෝපය නූපදවා ප්‍රේමය උපදවයි. ඒ නිසා පෙමනීයා නමි. හදවතට නොගැටී දුක් නොදී සුවසේ සිතට පිවිසේ යන අරුතින් හදයංගමා වේ. ගුණයෙන් පරිපූර්ණව පුරයෙහි වූවෝ පොරි නමු. පුරයෙහි වැඩුණු අඟනක් ලෙසින් සියුමැලි වූවා යන අරුතින් ද පොරි නම් වේ. ‘පුරස්ස එසා’ යිද පොරී නමි. පුරස්ස එසා යනු නගරවාසීන්ගේ කථාවයි. නගරවාසීහු සුදුසු වූ කථා ඇත්තෝ වෙති. පියා පමණ වූවහුට ‘පිතා’ යයි ද, සොහොයුරු පමණ වූවහුට ‘භාතා’ යයි ද කියයි. මෙබඳු කථා බොහෝවිට සිත්කළු වේය යන අරුතින් බහුජන කන්තා නමි. බොහෝදෙනාට මනාප බැවින්, සිතේ සතුට ඇති කරත්නුයි බහුජන මනාපා නම් වෙයි.
කාලෙන වදතීති කාලවාදී, වත්තබ්බයුත්තකාලං සල්ලක්ඛෙත්වා වදතීති අත්ථො. භූතං තච්ඡං සභාවමෙව වදතීති භූතවාදී. දිට්ඨධම්මිකසම්පරායිකත්ථසන්නිස්සිතමෙව කත්වා වදතීති අත්ථවාදී. නවලොකුත්තරධම්මසන්නිස්සිතං කත්වා වදතීති ධම්මවාදී. සංවරවිනයපහානවිනයසන්නිස්සිතං කත්වා වදතීති විනයවාදී. නිධානං වුච්චති ඨපනොකාසො, නිධානමස්සා අත්ථීති නිධානවතී, හදයෙ නිධාතබ්බ යුත්තවාචං භාසිතාති අත්ථො. කාලෙනාති එවරූපිං භාසමානොපි ච “අහං නිධානවතිං වාචං භාසිස්සාමී”ති න අකාලෙන භාසති, යුත්තකාලං පන අවෙක්ඛිත්වා භාසතීති අත්ථො. සාපදෙසන්ති සඋපමං, සකාරණන්ති අත්ථො. පරියන්තවතින්ති පරිච්ඡෙදං දස්සෙත්වා යථාස්සා පරිච්ඡෙදො පඤ්ඤායති, එවං භාසතීති අත්ථො. අත්ථසංහිතන්ති අනෙකෙහිපි නයෙහි විභජන්තෙන පරියාදාතුං අසක්කුණෙය්යතාය අත්ථසම්පන්නං, යං වා සො අත්ථවාදී අත්ථං වදති, තෙන අත්ථෙන සංහිතත්තා අත්ථසංහිතං වාචං භාසති, න අඤ්ඤං නික්ඛිපිත්වා අඤ්ඤං භාසතීති වුත්තං හොති.
කාලය කියන්නේනුයි කාලවාදී නමි. කියයුතු කාලය සලකා කියන්නේය යන තේරුමයි. විද්‍යමාන වූ ම සත්‍ය වූම ඇත්තක්ම කියතියි භූතවාදී නම් වේ. මෙලෝ පරලෝ යහපත සලසා දෙන අර්ථවත් වූවක්ම කියන්නේ යයි අත්ථවාදී නමි. නවලොව්තුරු දහම් ඇසුරු කියන්නේ යයි ධම්මවාදී නම් වේ. සංවර විනය ප්‍රහාණ විනය ඇසුරුකොට කියන්නේනුයි විනයවාදී නමි. තැන්පත් කරන ඉඩ ප්‍රමාණය නිධානයයි කියයි. නිධානයක් ඇත්තේය යන අරුතින් නිධානවතී නමි. හදවතෙහි තැන්පත් කරන ලද්ද තෙපුල කියන්නේ ය යන අර්ථයි. කාලෙන මෙසේ කියන්නේ නමුදු මම නිධන්ගත වචනයක් කියන්නෙමි’යි නො කල්හි නො කියයි. සුදුසු කල්ම බලා කියයි යන අර්ථයි. සාපදෙසං උපමා සහිතව, කරුණු සහිතව, පරියත්තවතිං පරිච්ඡේදය දක්වා යම්සේ මේ පිළිබඳව පරිච්ඡේදය පෙනේ ද මෙසේ කියන්නේය යන අර්ථයි. අත්ථසංහිතං විවිධ ක්‍රමවලින් බෙදා වෙන්කොට විභාග කරන්නෙකු විසින් ගන්නට නො හැකි බැවින් අර්ථ සම්පන්න කොට නැතහොත් ඒ අර්ථවාදී තෙමේ යම් අර්ථයක් කියා ද එය අර්ථයෙන් යුක්ත බැවින් අර්ථ යුක්ත වූ වචනයක්ම කියයි. අනෙකක් ඉවත දමා අනිකක් නො කියයි.
බීජගාමභූතගාමසමාරම්භාති මූලබීජං ඛන්ධබීජං ඵළුබීජං අග්ගබීජං බීජබීජන්ති පඤ්චවිධස්ස බීජගාමස්ස චෙව යස්ස කස්සචි නීලතිණරුක්ඛාදිකස්ස භූතගාමස්ස ච සමාරම්භා, ඡෙදනභෙදනපචනාදිභාවෙන විකොපනා පටිවිරතොති අත්ථො.
බීජගාම භූතගාම සමාරම්භා මූල බීජ, බීජ, ඵල බීජ, අග්ග බීජ, බීජ බීජ යන පස්වැදෑරුම් බීජ සමූහයාගේ ද කිසියම් නිල් තණ, ගස් ආදී වූ භූත සමූහයාගේ ද කැපීම් සිඳීම්, ආදී වෙන් කිරීමෙන් වෙන්වූයේ බැහැර වූයේ යන අර්ථයි.
එකභත්තිකොති පාතරාසභත්තං සායමාසභත්තන්ති ද්වෙ භත්තානි. තෙසු පාතරාසභත්තං අන්තොමජ්ඣන්හිකෙන පරිච්ඡින්නං, ඉතරං මජ්ඣන්හිකතො උද්ධං අන්තොඅරුණෙන. තස්මා අන්තොමජ්ඣන්හිකෙ දසක්ඛත්තුං භුඤ්ජමානොපි එකභත්තිකොව හොති, තං සන්ධාය වුත්තං “එකභත්තිකො”ති. රත්තියා භොජනං රත්ති, තතො උපරතොති රත්තූපරතො. අතික්කන්තෙ මජ්ඣන්හිකෙ යාව සූරියත්ථංගමනා භොජනං විකාලභොජනං නාම. තතො විරතත්තා විරතො විකාලභොජනා.
එකභත්තිකො පාතරාස භත්ත - සායමාස භත්ත යනුවෙන් දෙපරිදි වේ. ඔවුන් අතුරෙන් උදෑසන කෑයුතු බත ඇතුළු මධ්‍යාහ්නයේ පිරිසිඳින ලද දේය. ඉතිරි සායමාස බත මධ්‍යාහ්නයෙන් උඩ ඇතුළු අරුණෙන් සීමිතය. එහෙයින් ඇළු මධ්‍යාහ්නයේ දස වරක් වැළඳුවත් ඒක භත්තික වේ. ඒ සඳහා එකභත්තිකො යන්න කියන ලදී. රාත්‍රී භෝජනය රත්ති නමි. එයින් වැළකුනේ රත්තුපරතො නමි. මධ්‍යාහ්නය ඉක්ම ගියකල්හි හිරු අස්තයට යෑම තෙක් පවතින භෝජනය ‘විකාල භෝජන’ නම් වේ. එයින් වෙන් වූ බැවින්, විරතො විකාල භෝජනා නම් වේ.
සාසනස්ස අනනුලොමත්තා විසූකං පටාණීභූතං දස්සනන්ති විසූකදස්සනං. අත්තනා නච්චනනච්චාපනාදිවසෙන නච්චා ච ගීතා ච වාදිතා ච, අන්තමසො මයූරනච්චනාදිවසෙනාපි පවත්තානං නච්චාදීනං විසූකභූතා දස්සනා චාති නච්චගීතවාදිතවිසූකදස්සනා. නච්චාදීනි හි අත්තනා පයොජෙතුං වා පරෙහි පයොජාපෙතුං වා පයුත්තානි පස්සිතුං වා නෙව භික්ඛූනං න භික්ඛුනීනං වට්ටන්ති.
ශාසනයට සුදුසු නොවන බැවින්, ශාසනයට විරුද්ධ වූ පටහැනි වූ දර්ශනය විසූක දස්සන නම් වේ. තමන් නැටීම නැටවීම ආදී වශයෙන් කරන ක්‍රියා නෘත්යයෝය. ගීතයෝ ද වාදිතයෝ ද, යටත් පිරිසෙයින් මොනර නැටුම් ආදී නාට්යාදීන්ගෙන් යුක්ත දර්ශනයෝ නච්ච ගීත වාදිත විසූක දස්සන යන්නෙන් ගැනේ. තමන් නටන්නට හෝ අනුන් නටවන්නට හෝ කටයුතු කිරීම, බැලීම භික්ෂූන්ට නො වටී. භික්ෂුණීන්ට නො වටී.
මාලාදීසු මාලාති යංකිඤ්චි පුප්ඵං. ගන්ධන්ති යංකිඤ්චි ගන්ධජාතං. විලෙපනන්ති ඡවිරාගකරණං. තත්ථ පිළන්ධන්තො ධාරෙති නාම. ඌනට්ඨානං පූරෙන්තො මණ්ඩෙති නාම. ගන්ධවසෙන ඡවිරාගවසෙන ච සාදියන්තො විභූසෙති නාම. ඨානං වුච්චති කාරණං. තස්මා යාය දුස්සීල්යචෙතනාය තානි මාලාධාරණාදීනි මහාජනො කරොති, තතො පටිවිරතොති අත්ථො.
මල්දම් ආදිය මාලා යනුයි. යම්කිසි පුෂ්පයක්, යම්කිසි සුවඳ වහනය වන යමක් ගන්ධං යන්නෙන් ගැනෙයි. විලෙපනං සිවිය වර්ණවත් කිරීම, ආලේල්ප කිරීම, එය පළඳින්නේ ධාරණ නම් වේ. උනු තැන් පිරවීම, කැළැල් වැසීම ආදිය මණ්ඩන නම් වේ. සුවඳ වශයෙන් ද ඇඟ ගැල්වීම් වශයෙන් ආලේපන වශයෙන් ද ඉවසීම විභූසන නම් වේ. ඨාන නම් කාරණයයි. යමෙක් දුසිල් සිතිවිලිවලින් ඒ මල් දැරිම ආදිය මහජනයා කරයි ද එයින් වෙන්වූයෙන් යන අරුතින් පටිවිරතො නම් වේ යන අර්ථයි.
උච්චාසයනං වුච්චති පමාණාතික්කන්තං. මහාසයනං අකප්පියත්ථරණං. තතො පටිවිරතොති අත්ථො. ජාතරූපන්ති සුවණ්ණං. රජතන්ති කහාපණො ලොහමාසකො ජතුමාසකො දාරුමාසකොති යෙ වොහාරං ගච්ඡන්ති, තස්ස උභයස්සපි පටිග්ගහණා පටිවිරතො, නෙව නං උග්ගණ්හාති, න උග්ගණ්හාපෙති, න උපනික්ඛිත්තං සාදියතීති අත්ථො.
උච්චාසයනං යනු ප්‍රමාණය ඉක්ම වූ ආසනයයි. මහාසයනං යනු අකැප වූ ඇතිරිලි අතුරන ලද ආසනයයි. එම ආසන පරිහරණයෙන් වෙන්වූයේ යන අර්ථයි. ජාතරූපං යනු රත්රන්ය. රජතං යනු කහවණුය. කහවණු, ලෝහ මාසක, ජතුමාසක, දාරුමාසක ආදී වශයෙන් ව්‍යවහාර වන මුදල් වර්ගයි. ඒවා පිළිගැනීමෙන් වෙන්වූයේ යන අර්ථයි. තමා වෙත තබන ලද නො ඉවසයි යන අර්ථයි.
ආමකධඤ්ඤපටිග්ගහණාති සාලිවීහියවගොධූමකඞ්ගුවරකකුද්රූසකසඞ්ඛාතස්ස සත්තවිධස්සාපි ආමකධඤ්ඤස්ස පටිග්ගහණා. න කෙවලඤ්ච එතෙසං පටිග්ගහණමෙව, ආමසනම්පි භික්ඛූනං න වට්ටතියෙව. ආමකමංසපටිග්ගහණාති එත්ථ අඤ්ඤත්ර ඔදිස්ස අනුඤ්ඤාතා ආමකමංසමච්ඡානං පටිග්ගහණමෙව භික්ඛූනං න වට්ටති, නො ආමසනං.
ආමක ධඤ්ඤ පටිග්ගහණ යනු හාල්, වී, යව, තිරිඟු, තණහාල්, හමු, කුරහන් යන හන්වැදෑරුම් ධාන්‍ය වර්ග අමුවෙන් පිළිගැනීමෙන් වෙන්වීම, හුදෙක් මේවා පිළිගැනීම පමණක් නොව, ස්පර්ශය ද භික්ෂූන්ට නුසුදුසුය. ආමක මංස පටිග්ගහණා මෙහි වෙනත් තැනක අනුදන්නා ලද අමු මස් මාළු පිළිගැනීම ද ස්පර්ශ කිරීම ද භික්ෂූන්ට නො වටී.
ඉත්ථිකුමාරිකපටිග්ගහණාති එත්ථ ඉත්ථීති පුරිසන්තරගතා, ඉතරා කුමාරිකා නාම. තාසං පටිග්ගහණම්පි ආමසනම්පි අකප්පියමෙව. දාසිදාසපටිග්ගහණාති එත්ථ දාසිදාසවසෙනෙව තෙසං පටිග්ගහණං න වට්ටති, “කප්පියකාරකං දම්මි, ආරාමිකං දම්මී”ති එවං වුත්තෙ පන වට්ටති. අජෙළකාදීසු ඛෙත්තවත්ථුපරියොසානෙසු කප්පියාකප්පියනයො විනයවසෙන උපපරික්ඛිතබ්බො. තත්ථ ඛෙත්තං නාම යස්මිං පුබ්බණ්ණං රුහති. වත්ථු නාම යස්මිං අපරණ්ණං රුහති. යත්ථ වා උභයම්පි රුහති, තං ඛෙත්තං. තදත්ථාය අකතභූමිභාගො වත්ථු. ඛෙත්තවත්ථුසීසෙන චෙත්ථ වාපිතළාකාදීනිපි සඞ්ගහිතානෙව.
ඉත්ථි කුමාරිකා පටිග්ගහණං මෙහි ස්ත්‍රී නම් විවාහක කාන්තාවන්ය. අනෙක් අය කුමාරිකා යන්නෙන් ගැනේ. ඔවුන්ගේ පිළිගැනීම ද ස්පර්ශය ද නො වටී. අකැපය. දාසි දාස පටිග්ගහණ දැසි දසුන් වශයෙන් දරුවන් පිළිගැන්නීම නො වටී. අකැපය. එහෙත් කැපකරුවෙකු, ආරාමිකයකු දෙමියි කී කල පිළිගැනුම වටී. එළු බැටළු ආදීන් පිළිගැනීම ද කෙත්වත්, අවසන්කොට ඇත්තවුන් කෙරෙහි කැප අකැප විස්තරය න්‍යාය විනය වශයෙන් විමසිය යුතු වෙයි. එහි ඛෙත්ත නම් වී ආදිය පුබ්බන්තය වැඩේද එයයි. වත්ථු නම් යම් තැනක අපරන්තය වැඩේද යම්තැනක ධාන්‍ය වර්ග වැඩේද එයයි. ඛෙත්ත නම් ඒ සඳහා සූදානම් නොකළ බිම් පෙදෙසයි. වත්ථු නම් ඉඩම් වැව් පොකුණු ආදිය ඇතුළත් වේ.
දූතෙය්යං වුච්චති දූතකම්මං, ගිහීනං පණ්ණං වා සාසනං වා ගහෙත්වා තත්ථ තත්ථ ගමනං. පහිණගමනං වුච්චති ඝරා ඝරං පෙසිතස්ස ඛුද්දකගමනං. අනුයොගො නාම තදුභයකරණං, තස්මා දූතෙය්යපහිණගමනානං අනුයොගාති එවමෙත්ථ අත්ථො වෙදිතබ්බො.
දූතෙය්යං ගිහියන්ගේ පණිවුඩ, ලියුම්, සන්දේශ ආදිය රැගෙන ඔබ මොබ යාමයි. පහිණගමනං ගෙයින් ගෙට යන කුඩා ගමන කියයි. අනුයෝග යනු ඒ දෙක කිරීමයි.
කයවික්කයාති කයා ච වික්කයා ච. තුලාකූටාදීසු කූටන්ති වඤ්චනං. තත්ථ තුලාකූටං තාව රූපකූටං අඞ්ගකූටං ගහණකූටං පටිච්ඡන්නකූටන්ති චතුබ්බිධං හොති. තත්ථ රූපකූටං නාම ද්වෙ තුලා සරූපා කත්වා ගණ්හන්තො මහතියා ගණ්හාති, දදන්තො ඛුද්දිකාය දෙති. අඞ්ගකූටං නාම ගණ්හන්තො පච්ඡාභාගෙ හත්ථෙන තුලං අක්කමති, දදන්තො පුබ්බභාගෙ. ගහණකූටං නාම ගණ්හන්තො මූලෙ රජ්ජුං ගණ්හාති, දදන්තො අග්ගෙ. පටිච්ඡන්නකූටං නාම තුලං සුසිරං කත්වා අන්තො අයචුණ්ණං පක්ඛිපිත්වා ගණ්හන්තො තං පච්ඡාභාගෙ කරොති, දදන්තො අග්ගභාගෙ.
කය වික්කයා මිලදී ගැනීමෙන් හා විකිණීමෙන්. තුලා කූට ආදියෙහි කූටං යනු වංචා කිරීමයි. එහි තුලා කූටං යනු රූප කුට, අංගකුට, ගහණකුට, පටිච්ඡන්න කූට යයි සිව්වැදෑරුම් වේ. එහි රූපකුට නම් එක වගේ තරාදි දෙකක් ගෙන ලොකු තරාදියෙන් ගැනීමත් පොඩි තරාදියෙන් දීමත් වේ. අංගකුට නම් ගන්නාවිට පසුපසින් තරාදිය ඔසවයි. දෙනවිට ඉස්සරහින් තරාදිය ඔසවයි. ගහනකූට නම් ගන්නාවිට මුල රැහැන ගනී. දෙනවිට අග රැහැන ගනී. පටිච්ඡන්න කූට නම් තරාදිය සිදුරුකොට ඇතුළත යකඩ කුඩු බහා ගන්නේ එය පසුපස කෙරෙයි. දෙනවිට පෙරපස කෙරෙයි.
කංසො වුච්චති සුවණ්ණපාති, තාය වඤ්චනං කංසකූටං. කථං? එකං සුවණ්ණපාතිං කත්වා අඤ්ඤා ද්වෙ තිස්සො ලොහපාතියො සුවණ්ණවණ්ණා කරොති, තතො ජනපදං ගන්ත්වා කිඤ්චිදෙව අද්ධකුලං පවිසිත්වා, “සුවණ්ණභාජනානි කිණථා”ති වත්වා අග්ඝෙ පුච්ඡිතෙ සමග්ඝතරං දාතුකාමා හොන්ති. තතො තෙහි “කථං ඉමෙසං සුවණ්ණභාවො ජානිතබ්බො”ති වුත්තෙ – “වීමංසිත්වා ගණ්හථා”ති සුවණ්ණපාතිං පාසාණෙ ඝංසිත්වා සබ්බා පාතියො දත්වා ගච්ඡති.
කංස නම් රන්තැටියයි. එය වංචා කිරීම කංසකූට නම් වේ. එක් රන්තැටියක් නිමවා එවැනිම රන්වන් වූ ලෝහ තැටි කීපයක් නිමකරයි. ඊට පසු ජනපදවලට ගොස් ධනවත් කුලවලට ගොස් රන්තැටි ගන්දැයි විමසයි. මිලගණන් විමසූවිට අවම අඩුම මිළට දෙනු කැමති වෙති. ඉදින් මේවායේ රන්මය බව විමසුවහොත් පරීක්ෂාකර බලා ගනිවු යයි කියමින් නියම රන්තැටිය උරගා පෙන්වයි. මෙසේ සියලු තැටි දී යෙත්.
මානකූටං නාම හදයභෙදසිඛාභෙදරජ්ජුභෙදවසෙන තිවිධං හොති. තත්ථ හදයභෙදො සප්පිතෙලාදිමිනනකාලෙ ලබ්භති. තානි හි ගණ්හන්තො හෙට්ඨා ඡිද්දෙන මානෙන, “සණිකං ආසිඤ්චා”ති වත්වා අන්තොභාජනෙ බහුං පග්ඝරාපෙත්වා ගණ්හාති; දදන්තො ඡිද්දං පිධාය සීඝං පූරෙත්වා දෙති. සිඛාභෙදො තිලතණ්ඩුලාදිමිනනකාලෙ ලබ්භති. තානි හි ගණ්හන්තො සණිකං සිඛං උස්සාපෙත්වා ගණ්හාති, දදන්තො වෙගෙන පූරෙත්වා සිඛං ඡින්දන්තො දෙති. රජ්ජුභෙදො ඛෙත්තවත්ථුමිනනකාලෙ ලබ්භති. ලඤ්ජං අලභන්තා හි ඛෙත්තං අමහන්තම්පි මහන්තං කත්වා මිනන්ති.
මානකූටං මානකුට යන්න හදය භේද, සිඛීභේද, රජ්ජුභේද වශයෙන් තුන්ආකාර වේ. ඔවුන් අතුරෙන් හදයභේද නම් ගිතෙල් තලතෙල් ආදිය මනින කල ලැබේ. එවැනි දේ මනිනවිට යට සිදුරක් ඇති මිනුමකින් හෙමින් හෙමින් වත්කරයි කියා ඇතුළු බඳුනට බොහෝ වත්කර ගනී. සිඛාභේද - තල සහල් ආදිය මනිනවිට සිදුකරයි. තල සහල් ආදිය ගන්නා විට කුරුණිය සෙමින් පුරවා සෙමින් ගනියි. දෙනවිට ඉක්මණින් කුරුණිය පුරවා ඉක්මණින් දෙයි. (එවිට නියම ලෙස නොපිරේ) රජ්ජුභේදය කුඹුරු-ඉඩම් මනින කල ලැබේ. අත්ලස් නො ලබන (මිනින්දෝරුවෝ) කුඩා ඉඩම හෝ කුඹුර මහත් කොට මනිති.
උක්කොටනාදීසු උක්කොටනන්ති සාමිකෙ අස්සාමිකෙ කාතුං ලඤ්ජග්ගහණං. වඤ්චනන්ති තෙහි තෙහි උපායෙහි පරෙසං වඤ්චනං. තත්රිදමෙකං වත්ථු – එකො කිර ලුද්දකො මිගඤ්ච මිගපොතකඤ්ච ගහෙත්වා ආගච්ඡති. තමෙකො ධුත්තො, “කිං, භො, මිගො අග්ඝති, කිං මිගපොතකො”ති ආහ. “මිගො ද්වෙ කහාපණෙ මිගපොතකො එක”න්ති ච වුත්තෙ කහාපණං දත්වා මිගපොතකං ගහෙත්වා ථොකං ගන්ත්වා නිවත්තො, “න මෙ, භො, මිගපොතකෙන අත්ථො, මිගං මෙ දෙහී”ති ආහ. තෙන හි “ද්වෙ කහාපණෙ දෙහී”ති. සො ආහ – “නනු තෙ, භො, මයා පඨමං එකො කහාපණො දින්නො”ති. ආම දින්නොති. “ඉමම්පි මිගපොතකං ගණ්හ, එවං සො ච කහාපණො අයඤ්ච කහාපණග්ඝනකො මිගපොතකොති ද්වෙ කහාපණා භවිස්සන්තී”ති. සො කාරණං වදතීති සල්ලක්ඛෙත්වා මිගපොතකං ගහෙත්වා මිගං අදාසීති.
උක්කෝටනාදියෙහි උක්කොටනං යනු හිමියා අහිමියා කිරීම සඳහා අත්ලස් ගැනීමයි. වඤ්චනං විවිධ උපායයන්ගෙන් අනුන් රැවටීමයි. මේ එක උදාහරණයකි. එක් වැද්දෙක් මුවෙක් ද මුව පැටියෙක් ද ගෙන ඒ. එක් ධූර්තයෙක් ඔහුගෙන් මුවා කීයද? මුවපැටියා කීයදැයි මිලගණන් විමසයි. මුවා කහවණු දෙකකි. මුවපැටවා කහවණු එකකැයි වැද්දා කියයි. කහවණුවක් දී මුවපැටවා ගෙන ටිකදුරක් ගොස් නැවත මට මුවපැටවාගෙන් වැඩක් නැත. මට මුවා දෙවයි කියයි. එසේනම් කහවණු දෙකක් දෙන්නැයි වැද්දා කියයි. මා එක කහවණුවක් දුන්නා නොවේදැයි ධූර්තයා කියයි. ඔව්. මේ මුවපැටවාද ගනුව, එසේ ඒ කහවණුව ද මේ කහවණු ද මේ කහවණුවක් අගනා මුව පැටවාදැයි කහවණු දෙකක් වන්නේයයි ඔහු කියයි. හෙතෙම යුක්තියක් කියාලයි සිතා සලකා මුවා දෙයි. (එහෙත් මුවා විකිණී ඇත්තේ එක කහවණුවකටය)
නිකතීති යොගවසෙන වා මායාවසෙන වා අපාමඞ්ගං පාමඞ්ගන්ති, අමණිං මණින්ති, අසුවණ්ණං සුවණ්ණන්ති කත්වා පටිරූපකෙන වඤ්චනං.
නිකති යෝග වශයෙන් හෝ මායා වශයෙන් හෝ පාමංග නොවූයේ (හවඩියක් නොවූ දෙය) පාමංග (හවඩියක්) යැයි ද මැණික් නොවූයේ මැණිකයි. රත්රන් නො වූයේ රන්මයි ආදී වශයෙන් සමාන දෙයකින් රැවටීමයි.
සාචියොගොති කුටිලයොගො, එතෙසංයෙව උක්කොටනාදීනමෙතං නාමං, තස්මා උක්කොටනසාචියොගො වඤ්චනසාචියොගො නිකතිසාචියොගොති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො. කෙචි අඤ්ඤං දස්සෙත්වා අඤ්ඤස්ස පරිවත්තනං සාචියොගොති වදන්ති. තං පන වඤ්චනෙනෙව සඞ්ගහිතං.
සාවියොගො කුටිල (වංක සිතින් කරන) ප්‍රයෝගය මෙය අල්ලස් ගැනීමාදියටම තවත් නමකි. උක්කොටන සාවියෝගය, වංචන සාවියෝගය, නිකති සාවියෝගය වශයෙන් දතයුතු. එහෙත් එය වංචාකාරි වීමමයි.
ඡෙදනාදීසු ඡෙදනන්ති හත්ථච්ඡෙදනාදි. වධොති මාරණං. බන්ධොති රජ්ජුබන්ධනාදීහි බන්ධනං. විපරාමොසොති හිමවිපරාමොසො ගුම්බවිපරාමොසොති දුවිධො. යං හිමපාතසමයෙ හිමෙන පටිච්ඡන්නා හුත්වා මග්ගපටිපන්නං ජනං මුසන්ති, අයං හිමවිපරාමොසො. යං ගුම්බාදීහි පටිච්ඡන්නා මුසන්ති, අයං ගුම්බවිපරාමොසො. ආලොපො වුච්චති ගාමනිගමාදීනං විලොපකරණං. සහසාකාරොති සාහසිකකිරියා, ගෙහං පවිසිත්වා මනුස්සානං උරෙ සත්ථං ඨපෙත්වා ඉච්ඡිතභණ්ඩග්ගහණං. එවමෙතස්මා ඡෙදන…පෙ… සහසාකාරා පටිවිරතො හොති.
ඡෙදන නම් අත් පා සිඳීම් ආදියයි. වධො වධ නම් මරණය, ලණු ආදියෙන් බැඳීම (මාංචු දැමීම) ආදියයි. විපරාමාසො විපරමසය ද ගුම්බ විපරාමොසය, හිම විපරාමොසය යයි දෙපරිදිය. යමෙක් හිමවැටෙන කල හිමයෙහි සැඟවී පාරේ යන එන්නන්ගේ කොල්ල කතිද, පැහැරගනිත්ද, එය හිම විපරාමෝසයයි. යමෙක් පඳුරු ආදිය අස්සේ සැඟවී සිට පැහැරගනිත් ද මංකොල්ලකයි ද එය ගුම්බවිපරාමොසයයි. ආලොපො ආලොපය නම් නියම්ගම් ආදිය කොල්ලකෑමයි. සහසාකාරො යනු සැහැසිකම් කිරීමයි. ගෙට පිවිසි මිනිසුන්ගේ පපුවෙහි ආයුධ තබා කැමති බඩු උදුරාගැනීමයි. මේ ආදි වශයෙන් අත් පා සිඳීම් - බඩු උදුරාගැනීම් ආදී සියලු සාහසික ක්‍රියාවලින් වැළකීමයි.
සො සන්තුට්ඨො හොතීති ස්වායං භික්ඛු හෙට්ඨා වුත්තෙන චතූසු පච්චයෙසු ද්වාදසවිධෙන ඉතරීතරපච්චයසන්තොසෙන සමන්නාගතො හොති. ඉමිනා පන ද්වාදසවිධෙන ඉතරීතරපච්චයසන්තොසෙන සමන්නාගතස්ස භික්ඛුනො අට්ඨ පරික්ඛාරා වට්ටන්ති තීණි චීවරානි පත්තො දන්තකට්ඨච්ඡෙදනවාසි එකා සූචි කායබන්ධනං පරිස්සාවනන්ති. වුත්තම්පි චෙතං –
සො සන්තුට්ඨො හොති ඒ මේ භික්ෂුව ඉහත සඳහන් සිව්පසයෙහි දොළොස් අයුරකින් පෙන්වා ඇති, ඉතරෙතර ප්‍රත්‍ය සන්තෝෂයෙන් සමන්විත වූ භික්ෂුවට තුන්සිවුරු, පාත්‍රය, දැහැටිදඬු කැපීමාදිය සඳහා පිහිය, හිඳිකටුව, කාබහන, පෙරහන යන අටපිරිකර වටින්නේ යයි කියන තුන්සිවුර, පාත්‍රය, දැහැටිදඬු කපන පිහිය, ඉඳිකටුව, පටිය, පෙරහන යන පිරිකර අට භික්ෂුව හට වටින්නේ ය. සුදුසු වන්නේ ය.
“තිචීවරඤ්ච පත්තො ච, වාසි සූචි ච බන්ධනං; පරිස්සාවනෙන අට්ඨෙතෙ, යුත්තයොගස්ස භික්ඛුනො”ති.
තිචීවරං ච පත්තො ච - වාසි සූචීච බන්ධනං පරිස්සාවනෙන අට්ඨෙ තෙ - යුත්ත යොගස්ස භික්ඛුනො
තෙ සබ්බෙපි කායපරිහාරිකාපි හොන්ති කුච්ඡිපරිහාරිකාපි. කථං? තිචීවරං තාව නිවාසෙත්වා පාරුපිත්වා ච විචරණකාලෙ කායං පරිහරති පොසෙතීති කායපරිහාරිකං හොති, චීවරකණ්ණෙන උදකං පරිස්සාවෙත්වා පිවනකාලෙ ඛාදිතබ්බඵලාඵලග්ගහණකාලෙ ච කුච්ඡිං පරිහරති පොසෙතීති කුච්ඡිපරිහාරිකං හොති. පත්තොපි තෙන උදකං උද්ධරිත්වා නහානකාලෙ කුටිපරිභණ්ඩකරණකාලෙ ච කායපරිහාරිකො හොති, ආහාරං ගහෙත්වා භුඤ්ජනකාලෙ කුච්ඡිපරිහාරිකො හොති. වාසිපි තාය දන්තකට්ඨච්ඡෙදනකාලෙ මඤ්චපීඨානං අඞ්ගපාදචීවරකුටිදණ්ඩකසජ්ජනකාලෙ ච කායපරිහාරිකා හොති, උච්ඡුච්ඡෙදනනාළිකෙරාදිතච්ඡනකාලෙ කුච්ඡිපරිහාරිකා. සූචිපි චීවරසිබ්බනකාලෙ කායපරිහාරිකා හොති, පූවං වා ඵලං වා විජ්ඣිත්වා ඛාදනකාලෙ කුච්ඡිපරිහාරිකා. කායබන්ධනං බන්ධිත්වා විචරණකාලෙ කායපරිහාරිකං, උච්ඡුආදීනි බන්ධිත්වා ගහණකාලෙ කුච්ඡිපරිහාරිකං. පරිස්සාවනං තෙන උදකං පරිස්සාවෙත්වා නහානකාලෙ, සෙනාසනපරිභණ්ඩකරණකාලෙ ච කායපරිහාරිකං, පානීයපරිස්සාවනකාලෙ තෙනෙව තිලතණ්ඩුලපුථුකාදීනි ගහෙත්වා ඛාදනකාලෙ ච කුච්ඡිපරිහාරිකං. අයං තාව අට්ඨපරික්ඛාරිකස්ස පරික්ඛාරමත්තා.
මේ සියල්ල කය පරිහරණයට ද කුස පරිහරණයට ද, ප්‍රමාණ වෙති. කෙසේද? පළමුකොට තුන් සිවුර හැඳ පෙරවා, හැසිරෙන කල කය පරිහරණය කෙරෙයි. පෝෂණය කෙරෙයි යන අදහසින් ‘කාය පරිහාරිය’ වෙයි. සිවුරු කොණින් දිය පෙරා බොන කල ද, කෑ යුතු පලවැල ගන්නා කලද කුස පරිහරණය කෙරෙයි. පෝෂණය කෙරෙයි යන අදහසින් ‘කුච්ඡ පරිහාරිය වෙයි. පාත්‍රය ද එයින් දිය ගෙන නාන කල ද, කුටිය පිරිබඩන කල ද, කාය පරිහාරිය’ වෙයි. ආහාර ගෙන වළඳන කල ‘කුචඡි පරිහාරිය’ වෙයි. පිහිය එයින් දැහැටි දඬු කපන කල ද, ඇඳපුටුවලට වියලි, පා සිවුරු දඬු, කිළිදඬු සකස් කරන කල ‘කාය පරිහාරිය’ වෙයි. උක්දඬු කපන, පොල් ආදිය සසින කල ‘කාය පරිහාරිය’ වෙයි. ඉඳිකටුව සිවුර ආදිය මහන කල ‘කාය පරිහාර’ වෙයි. කැවුම් හෝ ගෙඩි හෝ සිඳ විඳ අනුභව කරනවිට ‘කුච්ඡිපරිහාර’ වෙයි. කාබහන (පටිය) බැඳ හැසිරෙන කල ‘කාය පරිහාරිය’ වෙයි. උක් ආදිය බැඳගන්නා කල ‘කුච්ඡි පරිහාරිය වෙයි. පෙරහන් මගින් දිය පෙරා නාන කල සෙනසුන් පිරිබඩන කල ‘කාය පරිහාර’ වෙයි. බීම සඳහා පැන් පෙරන කල ද, එයින් තල සහල් හබලපෙති ආදිය පොඟවා ආහාර වශයෙන් ගන්නා විට ‘කුච්ඡි පරිහාරිය’ වෙයි. මේ වූ කලී අටපිරිකර හිමි භික්ෂුවගේ පරිෂ්කාර මාත්රයෝය.
නවපරික්ඛාරිකස්ස පන සෙය්යං පවිසන්තස්ස තත්රට්ඨකපච්චත්ථරණං වා කුඤ්චිකා වා වට්ටති. දසපරික්ඛාරිකස්ස නිසීදනං වා චම්මඛණ්ඩං වා වට්ටති. එකාදසපරික්ඛාරිකස්ස කත්තරයට්ඨි වා තෙලනාළිකා වා වට්ටති. ද්වාදසපරික්ඛාරිකස්ස ඡත්තං වා උපාහනා වා වට්ටති. එතෙසු ච අට්ඨපරික්ඛාරිකොව සන්තුට්ඨො, ඉතරෙ අසන්තුට්ඨා, මහිච්ඡා මහාභාරාති න වත්තබ්බා. එතෙපි හි අප්පිච්ඡාව සන්තුට්ඨාව සුභරාව සල්ලහුකවුත්තිනොව. භගවා පන නයිමං සුත්තං තෙසං වසෙන කථෙසි, අට්ඨපරික්ඛාරිකස්ස වසෙන කථෙසි. සො හි ඛුද්දකවාසිඤ්ච සූචිඤ්ච පරිස්සාවනෙ පක්ඛිපිත්වා පත්තස්ස අන්තො ඨපෙත්වා පත්තං අංසකූටෙ ලග්ගෙත්වා තිචීවරං කායපටිබද්ධං කත්වා යෙනිච්ඡකං සුඛං පක්කමති. පටිනිවත්තෙත්වා ගහෙතබ්බං නාමස්ස න හොති, ඉති ඉමස්ස භික්ඛුනො සල්ලහුකවුත්තිතං දස්සෙන්තො භගවා, සන්තුට්ඨො හොති කායපරිහාරිකෙන චීවරෙනාතිආදිමාහ.
නැවත ශයනයට පිවිසෙන නව පරිෂ්කාරකයා හට එහි පිහිටි පසතුරණ හෝ පැන් කෙණ්ඩිය සුදුසුය. වටනේය. දස පිරිකරට හිඳිනා සම්කඩ පත්කඩය ද ඇතුළත් වේ. එකොළොස් පිරිකරවලට සැරයටිය හෝ තෙල් නැළිය ඇතුළත් වෙයි. දොළොස් පිරිකරවලට කුඩය හෝ වහන්සඟල ඇතුළත් වේ. තව ද මොවුන් අතුරෙහි අෂ්ටපරිෂ්කාර තෙමේ එයින්මැ සතුටු වෙයි. අන්‍යයෝ අසතුටු වෙති. වැඩිපුර ආශා ඇත්තවුන් මහා තණ්හාධිකයෝ යැයි නො කිවයුතුය. මොවුහු ද අපිස් බවින් සතුටු වූවාහු මැ සුහර වූවාහු මැ සැහැල්ලු පැවැතුම් ඇත්තාහු මැ වෙති. භාග්‍යවතුන් වහන්සේ වනාහි මේ සූත්‍රය ඔවුන් සඳහා නො වදාළහ. එය එසේමය. හෙතෙම කුඩා පිහිය ද, ඉඳිකටුව ද, පෙරහන ද, පාත්‍රය ඇතුළත තබා, පාත්‍රය උරහිස එල්වා, තුන්සිවුර ශරීරයෙහි පොරවා තමන් කැමති වූ යම්තැනකට සුවසේ නික්ම යයි. පෙරළා අවුත් ගතයුත්තක් ඔහුට නොවේ. මෙසේ මේ භික්ෂූන්ගේ සැහැල්ලු පැවැතුම් දක්වමින් භාග්‍යවතුන් වහන්සේ සන්තුට්ඨො හොති කාය පරිහාරිකෙන චීවරෙන ආදිය වදාළහ.
තත්ථ කායපරිහාරිකෙනාති කායපරිහරණමත්තකෙන. කුච්ඡිපරිහාරිකෙනාති කුච්ඡිපරිහරණමත්තකෙන. සමාදායෙව පක්කමතීති තං අට්ඨපරික්ඛාරමත්තකං සබ්බං ගහෙත්වා කායපටිබද්ධං කත්වාව ගච්ඡති, “මම විහාරො පරිවෙණං උපට්ඨාකො”තිස්ස සඞ්ගො වා බද්ධො වා න හොති, සො ජියා මුත්තො සරො විය, යූථා අපක්කන්තො මත්තහත්ථී විය ඉච්ඡිතිච්ඡිතං සෙනාසනං වනසණ්ඩං රුක්ඛමූලං වනපබ්භාරං පරිභුඤ්ජන්තො එකොව තිට්ඨති, එකොව නිසීදති, සබ්බිරියාපථෙසු එකොව අදුතියො.
එහි කාය පරිහාරිකෙන කය පරිහරණයට, පමණ වූ, කුච්ඡි පරිහාරිකෙන කුස පරිහරණයට ප්‍රමාණ වූ, සමාදායමෙව පක්කමති ඒ අටපිරිකර වූ සියල්ල ගෙන කය පමණක් රැගෙන යයි. මගේ විහාරය, මගේ පිරිවෙන - මගේ දායකයෝ, යයි ඔහුගේ ඇලීමක් බැඳීමක් නැත. හෙතෙම දුනුදියෙන් මිදුණු ඊතලයක් මෙන් රැළින් වෙන් වූ මහ ඇතෙකු මෙන්, කැමති කැමති සෙනසුන්, වනලැහැබ්, රුක්මල්, අළුත් අළුත් පර්වත ප්‍රාන්ත, පරිභෝග කරමින් හුදෙකලාව සිටී. හුදෙකලාව හිඳී. සියළු ඉරියව්වල දෙවැන්නෙක් රහිත වූයේ හුදෙකලා වූයේ (සැරිසරයි).
“චාතුද්දිසො අප්පටිඝො ච හොති, සන්තුස්සමානො ඉතරීතරෙන; පරිස්සයානං සහිතා අඡම්භී, එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති. (සු· නි· 42);
චාතුද්දිසො අප්පටිඝො ච හොති, සන්තස්සමානො ඉතරීතරෙන පරිස්සයානං සහිතා අජම්හි, එකො චරෙ ඛග්ග විසාණ කප්පො
සිව්දිග කැමති පරිද්දෙන් හැසිරෙන්නේ නොහොත් සිව්දිග බ්‍රහ්මවිහාර පතුරවමින්, සංස්කාරයන් කෙරෙහි නොගැටෙන්නේ වේ. කුදු මහත් ප්‍රත්‍යයෙන්, සතුටුවන්නේ, උපද්‍රවයන් (බාහිර සතුන්ගෙන් සිදුවන උපද්‍රවයන් ද අභ්‍යන්තරිකව කාමච්ඡන්දාදී උපද්‍රවයන් ද) වීර්යයෙන් ඉවසමින්, තැති ගැනීම් රහිතවැ, කඟවේණෙකු මෙන්, හුදෙකලා වූයේ හැසිරෙන්නේ ය.
එවං වණ්ණිතං ඛග්ගවිසාණකප්පතං ආපජ්ජති.
මෙසේ වර්ණනා කරන ලද කඟවේණෙකු හා සමාන බවට පැමිණේ.
ඉදානි තමත්ථං උපමාය සාධෙන්තො සෙය්යථාපීතිආදිමාහ. තත්ථ පක්ඛී සකුණොති පක්ඛයුත්තො සකුණො. ඩෙතීති උප්පතති. අයං පනෙත්ථ සඞ්ඛෙපත්ථො – සකුණා නාම “අසුකස්මිං පදෙසෙ රුක්ඛො පරිපක්කඵලො”ති ඤත්වා නානාදිසාහි ආගන්ත්වා නඛපක්ඛතුණ්ඩාදීහි තස්ස ඵලානි විජ්ඣන්තා විධුනන්තා ඛාදන්ති. “ඉදං අජ්ජතනාය ඉදං ස්වාතනාය භවිස්සතී”ති නෙසං න හොති. ඵලෙ පන ඛීණෙ නෙව රුක්ඛස්ස ආරක්ඛං ඨපෙන්ති, න තත්ථ පත්තං වා නඛං වා තුණ්ඩං වා ඨපෙන්ති, අථ ඛො තස්මිං රුක්ඛෙ අනපෙක්ඛො හුත්වා යො යං දිසාභාගං ඉච්ඡති, සො තෙන සපත්තභාරොව – උප්පතිත්වා ගච්ඡති. එවමෙව අයං භික්ඛු නිස්සඞ්ගො නිරපෙක්ඛොයෙව පක්කමති. තෙන වුත්තං “සමාදායෙව පක්කමතී”ති. අරියෙනාති නිද්දොසෙන. අජ්ඣත්තන්ති සකෙ අත්තභාවෙ. අනවජ්ජසුඛන්ති නිද්දොසසුඛං.
දැන් ඒ සඳහා උපමාවක් දක්වන්නේ සෙය්යථාපි ආදිය කීහ. එහි පක්ඛි සකුණො පියාපත් ඇති ළිහිණියෝ, ඩෙති පියාසර කරයි. මෙය වූ කලී කෙටි අරුතයි. ලිහිණියෝ නම් අසවල් ප්‍රදේශයේ ගසක පැසුණු ඉදුණු ගෙඩි ඇතැයි දැන නන් දෙසින් එහි අවුත්, නිය, හොට ආදියෙන් ඒ ගසේ ගෙඩි කති. විසුරුවා දමති. මේවා අදටය. මේවා හෙටට යයි ඔවුන් තුළ අදහසක් නැත. ගසේ ගෙඩි ඉවර වූ කල ගසෙහි පදිංචි නොවෙති. එහි පියාපත් හෝ නිය හෝ තුඩා නො තබති. ඒ ගස පිළිබඳව ආශා රහිතව, යමෙක් යම් දිසාවක් කැමති වේද, සිය පියාපත් බර පමණක් ඇතිවම එහි පියාඹා යෙති. එපරිද්දෙන් භික්ෂුව ද ඇලුම්රහිත වූයේ ආශා රහිත වූයේ අටපිරිකර පමණක්ම ගෙන නික්ම යන්නේ ය. අරියෙන නිදොස් වූ, අජ්ඣත්තං සිය ආත්ම භාවයෙහි අනවජ්ජසුඛං නිදොස් සුවය,
සො චක්ඛුනා රූපං දිස්වාති සො ඉමිනා අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො භික්ඛු චක්ඛුවිඤ්ඤාණෙන රූපං පස්සිත්වාති අත්ථො. සෙසපදෙසු යං වත්තබ්බං සියා, තං සබ්බං විසුද්ධිමග්ගෙ වුත්තං. අබ්යාසෙකසුඛන්ති කිලෙසෙහි අනවසිත්තසුඛං, අවිකිණ්ණසුඛන්තිපි වුත්තං. ඉන්ද්රියසංවරසුඛඤ්හි දිට්ඨාදීසු දිට්ඨමත්තාදිවසෙන පවත්තතාය අවිකිණ්ණං හොති. සො අභික්කන්තෙ පටික්කන්තෙති සො මනච්ඡට්ඨානං ඉන්ද්රියානං සංවරෙන සමන්නාගතො භික්ඛු ඉමෙසු අභික්කන්තපටික්කන්තාදීසු සත්තසු ඨානෙසු සතිසම්පජඤ්ඤවසෙන සම්පජානකාරී හොති. තත්ථ යං වත්තබ්බං සියා, තං සතිපට්ඨානෙ වුත්තමෙව.
සො චක්ඛුනා රූපං දිස්වා මේ ආර්ය වූ සීලස්කන්ධයෙන් යුක්ත වූ භික්ෂුව චක්ඛු විඥානයෙන් රූපයක් දැක යන අර්ථයි. අනෙක් පදවලින් කිවයුතු සියල්ල විශුද්ධි මාර්ගයෙහි කියන ලදී. අබ්යාසෙකසුඛං කෙලෙසුන් විසින් නො විසුරුණු නො ඉසින ලද සුවය, ඉන්ද්රිය සංවරයෙන් උපන් සුවය රූපාදී අරමුණු පිළිබඳව දැකීම් පමණකින් උපන් බැවින්, සිත අවිකීර්ණ (නොවිසිරීම) වේ. සො අභික්කන්තෙ පටික්කන්තෙ යනු සිත හයවෙනි කොට ඇති ඉන්ද්රියයන් ගේ සංවරයෙන් සංවර වූ භික්ෂුව ඉදිරියට යාම, පසුපසට ඊම ආදී ඉරියවු (ස්ථාන) හතේදීම මනා සිහියෙන් යුක්තව, යෝනිසෝ මනසිකාරයෙන් යුතුව නුවණින් දැන ඉටු කරන්නේ වේ. එහි යමක් කිවයුතු වන්නේ නම් ඒ සියල්ල සතිපට්ඨාන සූත්‍රයේ කියන ලදී.
සො ඉමිනා චාතිආදිනා කිං දස්සෙති? අරඤ්ඤවාසස්ස පච්චයසම්පත්තිං දස්සෙති. යස්ස හි ඉමෙ චත්තාරො පච්චයා නත්ථි, තස්ස අරඤ්ඤවාසො න ඉජ්ඣති, තිරච්ඡානගතෙහි වා වනචරකෙහි වා සද්ධිං වත්තබ්බතං ආපජ්ජති, අරඤ්ඤෙ අධිවත්ථා දෙවතා, “කිං එවරූපස්ස පාපභික්ඛුනො අරඤ්ඤවාසෙනා”ති භෙරවසද්දං සාවෙන්ති, හත්ථෙහි සීසං පහරිත්වා පලායනාකාරං කරොන්ති. “අසුකො භික්ඛු අරඤ්ඤං පවිසිත්වා ඉදඤ්චිදඤ්ච පාපකම්මං අකාසී”ති අයසො පත්ථරති. යස්ස පනෙතෙ චත්තාරො පච්චයා අත්ථි, තස්ස අරඤ්ඤවාසො ඉජ්ඣති, සො හි අත්තනො සීලං පච්චවෙක්ඛන්තො කිඤ්චි කාළකං වා තිලකං වා අපස්සන්තො පීතිං උප්පාදෙත්වා තං ඛයතො වයතො සම්මසන්තො අරියභූමිං ඔක්කමති, අරඤ්ඤෙ අධිවත්ථා දෙවතා අත්තමනා වණ්ණං භාසන්ති, ඉතිස්ස උදකෙ පක්ඛිත්තතෙලබින්දු විය යසො විත්ථාරිකො හොති.
සො ඉමිනා ච යනාදියෙන් කුමක් දක්වන්නේ ද, යමෙකුට මේ සතර ප්‍රත්‍යයෝ නැත්තාහුද ඔහුගේ අරණ්‍යවාසය සමෘද්ධ නොවේ. තිරිසනුන් හා වැද්දන් සමාන බවට පැමිණෙයි. වනයෙහි අධිගෘහිත දේවතාවෝ, මෙබඳු පව්කාර භික්ෂුවක් අරණ්‍යයෙහි විසීමෙන් කවර ප්‍රයෝජනදැයි භයානක ශබ්ද පතුරුවති. අත්වලින් හිස පැහැර පලායන අයුරු දක්වති. අසවල් භික්ෂුව වනයට පිවිස මේ මේ පව්කම් කළේ යයි අපහාසය අපකීර්තිය පතුරුවති. යමෙකුට මේ සතර ප්‍රත්‍යයෝ ඇත්ද ඔහුගේ වනවාසය සමෘද්ධ වෙයි. හෙතෙම තමන්ගේ ශීලය ප්රත්යවේක්ෂා කරමින් කිසි කැළලක් හෝ පැල්ලමක් නො දක්වමින් ප්‍රීතිය උපදවා එය ක්ෂය වශයෙන් ව්‍යය වශයෙන් සිහි කරමින් ආර්ය භූමියට බැසගනී. වනයට අධිපති දේවතාවෝ සතුටු වී ගුණ කියති. ඔහුගේ කීර්තිය දියෙහි බහාලූ තෙල් බිඳක් මෙන් පැතිරයන්නේ වේ.
තත්ථ විවිත්තන්ති සුඤ්ඤං අප්පසද්දං, අප්පනිග්ඝොසන්ති අත්ථො. එතදෙව හි සන්ධාය විභඞ්ගෙ, “විවිත්තන්ති සන්තිකෙ චෙපි සෙනාසනං හොති, තඤ්ච අනාකිණ්ණං ගහට්ඨෙහි පබ්බජිතෙහි, තෙන තං විවිත්ත”න්ති (විභ· 526) වුත්තං. සෙති චෙව ආසති ච එත්ථාති සෙනාසනං, මඤ්චපීඨාදීනමෙතං අධිවචනං. තෙනාහ – “සෙනාසනන්ති මඤ්චොපි සෙනාසනං, පීඨම්පි භිසිපි බිම්බොහනම්පි, විහාරොපි අඩ්ඪයොගොපි, පාසාදොපි, හම්මියම්පි, ගුහාපි, අට්ටොපි, මාළොපි, ලෙණම්පි, වෙළුගුම්බොපි, රුක්ඛමූලම්පි, මණ්ඩපොපි සෙනාසනං, යත්ථ වා පන භික්ඛූ පටික්කමන්ති, සබ්බමෙතං සෙනාසන”න්ති. අපිච “විහාරො අඩ්ඪයොගො පාසාදො හම්මියං ගුහා”ති ඉදං විහාරසෙනාසනං නාම. “මඤ්චො පීඨං, භිසි බිම්බොහන”න්ති ඉදං මඤ්චපීඨසෙනාසනං නාම. “චිමිලිකා, චම්මඛණ්ඩො, තිණසන්ථාරො, පණ්ණසන්ථාරො”ති ඉදං සන්ථතසෙනාසනං නාම. “යත්ථ වා පන භික්ඛූ පටික්කමන්තී”ති ඉදං ඔකාසසෙනාසනං නාමාති එවං චතුබ්බිධං සෙනාසනං හොති, තං සබ්බම්පි සෙනාසනග්ගහණෙන ගහිතමෙව. ඉමස්ස පන සකුණසදිසස්ස චාතුද්දිසස්ස භික්ඛුනො අනුච්ඡවිකං දස්සෙන්තො අරඤ්ඤං රුක්ඛමූලන්තිආදිමාහ.
එහි විචිත්ත හිස් වූ, අල්ප ශබ්ද, නිශ්ශබ්ද යන අර්ථයි. මේ සඳහා විභංගයෙහි ‘විවිත්තම්පි සන්තිකෙ චෙපි සෙනාසනං හොති, තඤ්ච අනාකිණ්ණං ගහට්ඨෙහි පබ්බජිතෙහි තෙන තං විවිත්තං යයි වදාරන ලදී. මෙහි නිදාගන්නේ ද ඉඳගන්නේ ද නුයි සේනාසන නමි. ඇඳ පුටු ආදියට නමකි. ඒ සඳහා සෙනාසනන්ති මඤ්චො’පි සෙනාසනං පීඨම්පි භිසි’පි බිම්බොහනම්පි විහාරොපි අඩ්ඪයොගොපි, පාසාදොපි හම්මීයම්පි ගුහාපි අට්ටොපි මාලො’පි ලෙණම්පි වෙළු ගුම්බොපි රුක්ඛමූලම්පි මණ්ඩපොපි සෙනාසනං යත්ථ වා පන භික්ඛූ පටික්කමන්ති සබ්බමෙතං සෙනාසනං’ යනුවෙන් වදාළහ. තව ද විහාරය, අඩ්ඪයොග, (ගුරුළු පියාපත් වැනි සෙවෙනි ඇති ගේ) ප්‍රාසාදය, සඳළු සහිත ගේ, ගුහා ය, යන මේවා විහාර සේනාසන. ඇඳ, පුටු, බිසි, බිම්බෝහන යන මේවා මංච පීඨ සේනාසන නමි. පටරෙදි, සම්කඩ, තණ ඇතිරි, පත් ඇතිරි යන මේවා සත්ථත සේනාසන නමි. යම්තැනෙක්හි භික්ෂුව ආපසු පැමිණෙත් ද මෙය ඕකාසන සේනාසන වේ. මෙසේ සතරාකාර සෙනසුනක් දැක්වෙයි. ඒ සියල්ල සේනාසන නමින්ම ගැනේ. නැවත ලිහිණියක මෙන් සතරදිසාවේ කැමති සේ හැසිරෙන භික්ෂුවට සුදුසු සෙනසුන දැක්වීම සඳහා අරඤ්ඤං රුක්ඛමූලං යනාදිය වදාළහ.
තත්ථ අරඤ්ඤන්ති “නික්ඛමිත්වා බහි ඉන්දඛීලා, සබ්බමෙතං අරඤ්ඤ”න්ති ඉදං භික්ඛුනීනං වසෙන ආගතං අරඤ්ඤං. “ආරඤ්ඤකං නාම සෙනාසනං පඤ්චධනුසතිකං පච්ඡිම”න්ති (පාරා· 654) ඉදං පන ඉමස්ස භික්ඛුනො අනුරූපං, තස්ස ලක්ඛණං විසුද්ධිමග්ගෙ ධුතඞ්ගනිද්දෙසෙ වුත්තං. රුක්ඛමූලන්ති යංකිඤ්චි සන්දච්ඡායං විවිත්තං රක්ඛමූලං. පබ්බතන්ති සෙලං. තත්ථ හි උදකසොණ්ඩීසු උදකකිච්චං කත්වා සීතාය රුක්ඛච්ඡායාය නිසින්නස්ස නානාදිසාසු ඛායමානාසු සීතෙන වාතෙන වීජියමානස්ස චිත්තං එකග්ගං හොති. කන්දරන්ති කං වුච්චති උදකං, තෙන දාරිතං, උදකෙන භින්නං පබ්බතප්පදෙසං, යං නදීතුම්බන්තිපි නදීකුඤ්ජන්තිපි වදන්ති. තත්ථ හි රජතපට්ටසදිසා වාලිකා හොන්ති, මත්ථකෙ මණිවිතානං විය වනගහනං, මණික්ඛන්ධසදිසං උදකං සන්දති. එවරූපං කන්දරං ඔරුය්හ පානීයං පිවිත්වා ගත්තානි සීතානි කත්වා වාලිකං උස්සාපෙත්වා පංසුකූලචීවරං පඤ්ඤාපෙත්වා නිසින්නස්ස සමණධම්මං කරොතො චිත්තං එකග්ගං හොති. ගිරිගුහන්ති ද්වින්නං පබ්බතානං අන්තරා, එකස්මිංයෙව වා උමඞ්ගසදිසං මහාවිවරං. සුසානලක්ඛණං විසුද්ධිමග්ගෙ වුත්තං. වනපත්ථන්ති අතික්කමිත්වා මනුස්සානං උපචාරට්ඨානං, යත්ථ න කසන්ති න වපන්ති. තෙනෙවාහ – “වනපත්ථන්ති දූරානමෙතං සෙනාසනානං අධිවචන”න්තිආදි (විභ· 531). අබ්භොකාසන්ති අච්ඡන්නං, ආකඞ්ඛමානො පනෙත්ථ චීවරකුටිං කත්වා වසති. පලාලපුඤ්ජන්ති පලාලරාසිං. මහාපලාලපුඤ්ජතො හි පලාලං නික්කඩ්ඪිත්වා පබ්භාරලෙණසදිසෙ ආලයෙ කරොන්ති, ගච්ඡගුම්බාදීනම්පි උපරි පලාලං පක්ඛිපිත්වා හෙට්ඨා නිසින්නා සමණධම්මං කරොන්ති, තං සන්ධායෙතං වුත්තං.
එහි අරඤ්ඤං - නික්ඛමිත්වා බහි ඉන්දඛීලා සබ්බමෙතං අරඤ්ඤං මේ භික්ෂුණීන්ගේ වශයෙන් ආරණ්‍ය යයි. ආරඤ්ඤකං නාම සෙනාසනං පඤ්චධනු සතිකං පච්ඡිමං මේ මහණහට සුදුසු වේ. ඒ සේනාසනවල ලක්ෂණ විශුද්ධි මාර්ගයේ ධුතංග නිර්දේශයේ දක්වයි. රුක්ඛමූලං ගන සෙවණලු ඇති හිස් වූ ගස්මුල, පබ්බතං කඳු පාමුල්, කුඩා දිය විල්වලින් ජලස්නානය කොට, සිහිල් රුක් සෙවණ යට හිඳ නන් දිගුන් වැටහෙන කල්හි සිහිල් පවනින් සැනසෙන්නහුගේ සිත එකග වේ. කන්දරං ‘යං’ යන්නෙන් ජලය කියවේ. එයින් දාරිත වූ දියෙන් බිඳුණු පර්වත ප්‍රදේශය යමක් ‘නිතබ්බ” යයි ද ‘නදී කුඤ්ජ’ යයි ද කියති. එහි රිදීපට වැනි වැලිතලාව වේ. ඉහල මුදුනේ මැණික් වියනක් මෙන් වන ගහණය. මැණික කඳවැනිව (නිල්වන්ව) ජලය ගලා බසී. මෙවැනි කඳුරට බැස දිය බී ඇඟපත සිහිල්කොට වැලි ගොඩගසා ඊ මත පාංශුකූල සිවුර අතුරා, මහණදම් පුරන්නකුගේ සිත එකග වේ. ගිරිගුහා පර්වත දෙකක් අතර හෝ තනි පර්වතයක උමගක් සමාන වූ මහා ඉඩකඩක් වේ. සොහොන්බිමක හැඩරුව විශුද්ධි මාර්ගයේ දක්වයි. වනපත්ථං යනු මහජනයාගේ උපචාර සීමාව ඉක්මවා, යම්තැනක ගොවිතැන් නො කෙරේද, නො වපුරන්නේ ද එතැනයි. දුරානමෙතං සෙනාසනං අධිවචනං යනාදිය එහෙයින් කීහ. අබ්භොකාසං නො වැසුණු තැන, සමහරවිට කැමති වන්නෝ සිවුරු කුටියක් කර වෙසෙති. පලාල පුඤ්ජං පිදුරු රැස, මහත් පිදුරු ගොඩකින් පිදුරු ඇද ලෙන් වැනි වාසස්ථානයක් කරති. ගස් පඳුරු ආදිය මත පිදුරු යොදා ඒ යට හිඳ මහණදම් පුරති.
පච්ඡාභත්තන්ති භත්තස්ස පච්ඡතො. පිණ්ඩපාතපටික්කන්තොති පිණ්ඩපාතපරියෙසනතො පටික්කන්තො. පල්ලඞ්කන්ති සමන්තතො ඌරුබද්ධාසනං. ආභුජිත්වාති බන්ධිත්වා. උජුං කායං පණිධායාති උපරිමං සරීරං උජුකං ඨපෙත්වා අට්ඨාරස පිට්ඨිකණ්ටකෙ කොටියා කොටිං පටිපාදෙත්වා. එවඤ්හි නිසින්නස්ස චම්මමංසනහාරූනි න පණමන්ති. අථස්ස යා තෙසං පණමනපච්චයා ඛණෙ ඛණෙ වෙදනා උප්පජ්ජෙය්යුං, තා න උප්පජ්ජන්ති. තාසු අනුප්පජ්ජමානාසු චිත්තං එකග්ගං හොති, කම්මට්ඨානං න පරිපතති, වුද්ධිං ඵාතිං උපගච්ඡති.
පච්ඡා භත්තං බතට පසුව, පිණ්ඩපාත පටික්කන්තො පිඬුසිඟා යාමෙන් වෙන්වූයේ, වැළකුනේ, පල්ලංකං ආභුජිත්වා ඌරු බද්ධාසනය බැඳ උජුං කායං පණිධාය ශරීරය කෙලින් තබා, දහඅටක් වූ කොඳුඇට කොනින් කොන පිහිටුවා, මෙසේ සිටින්නහුගේ සම්-මස්-නහර නො නැමී කෙළින් සිටී. එකල්හි ඔහුට වරින් වර වේදනා නූපදියි. වේදනා නූපදනා කල්හි සිත එකඟ වෙයි. කමටහන නො පෙරළෙයි. කමටහන් වැඩීමට තරවීමට පැමිණෙයි.
පරිමුඛං සතිං උපට්ඨපෙත්වාති කම්මට්ඨානාභිමුඛං සතිං ඨපයිත්වා, මුඛසමීපෙ වා කත්වාති අත්ථො. තෙනෙව විභඞ්ගෙ වුත්තං – “අයං සති උපට්ඨිතා හොති සූපට්ඨිතා නාසිකග්ගෙ වා මුඛනිමිත්තෙ වා, තෙන වුච්චති පරිමුඛං සතිං උපට්ඨපෙත්වා”ති (විභ· 537). අථ වා “පරීති පරිග්ගහට්ඨො, මුඛන්ති නිය්යානත්ථො, සතීති උපට්ඨානත්ථො, තෙන වුච්චති පරිමුඛං සති”න්ති (පටි· ම· 1.164) එවං පටිසම්භිදායං වුත්තනයෙනපෙත්ථ අත්ථො දට්ඨබ්බො. තත්රායං සඞ්ඛෙපො “පරිග්ගහිතනිය්යානසතිං කත්වා”ති.
පරිමුඛං සතිං උපට්ඨපෙත්වා කර්මස්ථානයට අභිමුඛව සිහිය පිහිටුවා, මුඛ සමීපයෙහි හෝ කොට යන අර්ථයි. විභංගයෙහි අයං සති උපට්ඨිතා හොති සුපට්ඨිතා, නාසිකග්ගෙවා මුඛ නිමිත්තෙ වා තෙන වුච්චති පරිමුඛං සතිං උපට්ඨපෙත්වා’ යනුවෙන් කීහ. නොහොත් පරීති පරිග්ගහට්ඨො මුඛන්ති නීන්යානට්ඨො - සතීති උපට්ඨානට්ඨො තෙන වුචචති පරිමුඛං සතිං’ මෙසේ පටිසම්භිදා මාර්ගයෙහි කී නයින් ද මෙහි අර්ථ දතයුතු. ගන්නා ලද හා නික්මයාම ඇති සිහිය ඇතිව, යනු කෙටි අදහසයි.
අභිජ්ඣං ලොකෙති එත්ථ ලුජ්ජනපලුජ්ජනට්ඨෙන පඤ්චුපාදානක්ඛන්ධා ලොකො, තස්මා පඤ්චසු උපාදානක්ඛන්ධෙසු රාගං පහාය කාමච්ඡන්දං වික්ඛම්භෙත්වාති අයමෙත්ථ අත්ථො. විගතාභිජ්ඣෙනාති වික්ඛම්භනවසෙන පහීනත්තා විගතාභිජ්ඣෙන, න චක්ඛුවිඤ්ඤාණසදිසෙනාති අත්ථො. අභිජ්ඣාය චිත්තං පරිසොධෙතීති අභිජ්ඣාතො චිත්තං පරිමොචෙති. යථා නං සා මුඤ්චති චෙව, මුඤ්චිත්වා ච න පුන ගණ්හාති, එවං කරොතීති අත්ථො. බ්යාපාදපදොසං පහායාතිආදීසුපි එසෙව නයො.
අභිජ්ඣං ලොකෙ යනු බිඳීම් අර්ථයෙන් පංච උපාදානස්කන්ධ ලෝකයයි කියයි. එහෙයින් පංච උපාදානස්කන්ධයන් කෙරෙහි රාගය දුරුකොට, කාමච්ඡන්දය සිඳ දමා යනු මෙහි අර්ථයයි. විගතාභිජ්ඣෙනාති සිඳ දැමීම් වශයෙන් ප්‍රහීණ බැවින් පහවූ අභිධ්‍යාව ඇතිව චක්ෂුර් විඥානය සමාන වුයේ නොවේ යන අර්ථයි. අභිජ්ඣාය චිත්තං පරිසොධෙති යනු අභිධ්‍යාවෙන් සිත සම්පූර්ණයෙන් මුදයි. යම්සේ අභිධ්‍යාව මුදන්නේත් නැවත නොගන්නේත් යන අර්ථයි. මෙසේ කරන්නේය යන අදහසයි. බ්යාපාද පදොසං පහායාති ආදියෙහි ද මේ ක්‍රමයයි.
බ්යාපජ්ජති ඉමිනා චිත්තං පූතිකම්මාසාදයො විය පුරිමපකතිං පජහතීති බ්යාපාදො. විකාරාපත්තියා පදුස්සති, පරං වා පදූසෙති විනාසෙතීති පදොසො. උභයමෙතං කොධස්සෙවාධිවචනං. ථිනං චිත්තගෙලඤ්ඤං. මිද්ධං චෙතසිකගෙලඤ්ඤං. ථිනඤ්ච මිද්ධඤ්ච ථිනමිද්ධං. ආලොකසඤ්ඤීති රත්තිම්පි දිවා දිට්ඨආලොකසඤ්ජානනසමත්ථතාය විගතනීවරණාය පරිසුද්ධාය සඤ්ඤාය සමන්නාගතො. සතො සම්පජානොති සතියා ච ඤාණෙන ච සමන්නාගතො. ඉදං උභයං ආලොකසඤ්ඤාය උපකාරත්තා වුත්තං. උද්ධච්චඤ්ච කුක්කුච්චඤ්ච උද්ධච්චකුක්කුච්චං. තිණ්ණවිචිකිච්ඡොති විචිකිච්ඡං තරිත්වා අතික්කමිත්වා ඨිතො. “කථමිදං කථමිද”න්ති එවං නප්පවත්තතීති අකථංකථී. කුසලෙසු ධම්මෙසූති අනවජ්ජෙසු ධම්මෙසු. “ඉමෙ නු ඛො කුසලා, කථමිමෙ කුසලා”ති එවං න විචිකිච්ඡති න කඞ්ඛතීති අත්ථො. අයමෙත්ථ සඞ්ඛෙපො, ඉමෙසු පන නීවරණෙසු වචනත්ථලක්ඛණාදිභෙදතො යං වත්තබ්බං සියා, තං සබ්බං විසුද්ධිමග්ගෙ වුත්තං.
මෙයින් සිත විකෘතියට පැමිණෙයි. කුණු කසළ ආදිය මෙන් පළමු ස්වභාවය හරී. බ්යාපාදො විකාරයට පැමිණීමෙන් දූෂ්‍ය වෙයි. අනුන් හෝ දූෂ්‍ය කෙරෙයි. විනාශ කෙරෙයි. පදොසො මේ දෙකින්ම ක්‍රෝධය හඳුන්වයි. ථීනං සිතේ ගිලන් බවයි. මිද්ධං සිතිවිලිවල ගිලන් බවයි. ථීනයද මිද්ධයද ථීනමිද්ධං නමි. ආලොක සඤ්ඤී යනු දහවල් දුටු එළිය රාත්‍රියෙහි ද හැඳිනීමෙහි සමත් වූ, පහ වූ නීවරණ ඇති. පිරිසිදු වූ සංඥාවෙන් යුක්ත වූයේ සතො සම්පජානො සිහියෙන් ද නුවණින් ද සමන්විත වූ, මේ දෙකම ආලෝක සංඥාවට උපකාර වේ. සිත විසිරී යන උද්ධච්චයද සැක සංකා ඇති කුකුස් බවද උද්ධච්ච කුක්කුච්ච වේ. තිණ්ණවිචිකිච්ඡො සැකය දුරුකොට, සැකය ඉක්මවා සිටියේ, මේ කෙසේද? මෙය පවතින්නේ ද? නො පවතින්නේද යන්න අකථංකථී නම් වේ. කුසලෙසු ධම්මෙසු නිවැරදි ධර්මයන්හි, මොව්හූ කුසලයෝද? කුසල් වන්නේ කෙසේද? ආදී වශයෙන් සැක නො කරයි යන අර්ථයි. මේ මෙහි කෙටි සටහනයි. නැවත මේ නීවරණයන්හි වචනාර්ථ ලක්ෂණාර්ථ භේදයෙන් යමක් කිවයුතු වේද ඒ සියල්ල විශුද්ධි මාර්ගයෙහි දැක්වේ.
පඤ්ඤාය දුබ්බලීකරණෙති ඉමෙ පඤ්ච නීවරණා උප්පජ්ජමානා අනුප්පන්නාය ලොකියලොකුත්තරාය පඤ්ඤාය උප්පජ්ජිතුං න දෙන්ති, උප්පන්නා අපි අට්ඨ සමාපත්තියො පඤ්ච වා අභිඤ්ඤා උච්ඡින්දිත්වා පාතෙන්ති; තස්මා “පඤ්ඤාය දුබ්බලීකරණා”ති වුච්චන්ති. තථාගතපදං ඉතිපීති ඉදම්පි තථාගතස්ස ඤාණපදං ඤාණවළඤ්ජං ඤාණෙන අක්කන්තට්ඨානන්ති වුච්චති. තථාගතනිසෙවිතන්ති තථාගතස්ස ඤාණඵාසුකාය නිඝංසිතට්ඨානං. තථාගතාරඤ්ජිතන්ති තථාගතස්ස ඤාණදාඨාය ආරඤ්ජිතට්ඨානං.
පඤ්ඤාස දුබ්බලී කරණෙ මෙම පංච නීවරණ ඉපදීමෙන් නුපන් ලෞකික ලෝකෝත්තර ප්‍රඥාවට උපදින්ට ඉඩ නොදේ. උපන්නා වූ අෂ්ට සමාපත්ති හෝ පංච අභිඥාවන් මුලින් උපුටා හෙලති. එහෙයින් ප්‍රඥාව දුර්වල කෙරේ යයි කියනු ලැබේ. තථාගතපදං ඉතිපි යනු මෙය තථාගතයන්ගේ ඤාණපදය ඤාණ වලඤ්ජනය නුවණින් ඇක්මුණු තැනයයි කියනු ලැබේ. තථාගත නිසෙවිතං තථාගතයන් වහන්සේගේ නුවණ නමැති ඉළයෙන් ගටනා ලද තැනෙකි. තථාගත රඤ්ජිතං යනු තථාගතයන්ගේ නුවණ නමැති දළයෙන් ඉරි ඇඳි තැනෙක.
යථාභූතං පජානාතීති යථාසභාවං පජානාති. නත්වෙව තාව අරියසාවකො නිට්ඨං ගතො හොතීති ඉමා ඣානාභිඤ්ඤා බාහිරකෙහිපි සාධාරණාති න තාව නිට්ඨං ගතො හොති. මග්ගක්ඛණෙපි අපරියොසිතකිච්චතාය න තාව නිට්ඨං ගතො හොති. අපිච ඛො නිට්ඨං ගච්ඡතීති අපිච ඛො පන මග්ගක්ඛණෙ මහාහත්ථිං පස්සන්තො නාගවනිකො විය සම්මාසම්බුද්ධො භගවාති ඉමිනා ආකාරෙන තීසු රතනෙසු නිට්ඨං ගච්ඡති.
යථාභූතං පජානාති ස්වභාව වූ පරිද්දෙන් දැනගනී. නත්ථෙවතාව අරියසාවකො නිට්ඨං ගතො හොති මේ ධ්‍යානාභිඥා බාහිරකයන් හා සාධාරණයෝය. ඒ තාක් නිමාවට නො ගියේ වෙයි. මාර්ග ක්‍ෂණයෙහිද අවසන් නො කළ කටයුතු ඇති බැවින් ඒ තාක් නිමාවට නොගියේ වේ. අපි ච ඛො නිට්ඨං ගච්ඡති නැවත ද වනාහි මාර්ග ක්ෂණයෙහි මහා ඇතු දක්නා වූ නාග වනිකයා මෙන් භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධයහයි මේ ආකාරයෙන් තුන් රුවන්හි නිමාවට යෙයි.
නිට්ඨං ගතො හොතීති එවං මග්ගක්ඛණෙ නිට්ඨං ගච්ඡන්තො අරහත්තඵලක්ඛණෙ පරියොසිතසබ්බකිච්චතාය සබ්බාකාරෙන තීසු රතනෙසු නිට්ඨං ගතො හොති. සෙසං උත්තානත්ථමෙවාති.
නිට්ඨංගතො හොති මෙසේ මාර්ග ක්ෂණයෙහි නිෂ්ඨාවට යන්නේ අර්තහත් ඵල ලක්ෂණයෙහි අවසන් කළ සියලු කිස ඇති බැවින් හැම අයුරකින්ම තුන්රුවන්හි නිමාවට ගියේ වේ. ඉතිරිය සියලු තන්හි ප්‍රකට අර්ථ ඇත්තේය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය චූළහත්ථිපදොපමසුත්තවණ්ණනා නිට්ඨිතා.
චූලහත්ථිපදොපම සූත්‍ර වර්ණනාව නිමියේය.