චූළහත්ථිපදොපමසුත්තං
1. 3. 7.
1. 3. 7.
චූළහත්ථිපදොපමසුත්තං
චූළහත්ථිපදෝපම සූත්‍රය
1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ජාණුස්සොණි බ්රාහ්මණො සබ්බසෙතෙන වළභීරථෙන සාවත්ථියා නිය්යාති දිවා දිවස්ස.
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරණ සේක. එසමයෙහි ජාණුස්සෝණි බ්‍රාහ්මණ තෙම් සවිසුදු වෙළෙඹුන් යෙදූ රියකින් දෙවෙන්දාවල් සැවැත්නුවර පැදකුණු කරයි.
2. අද්දසා ඛො ජාණුස්සොණි බ්රාහ්මණො පිලොතිකං පරිබ්බාජකං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන පිලොතිකං පරිබ්බාජකං එතදවොච:
2. ජාණුස්සෝණි බ්‍රාහ්මණ තෙමේ එන්නා වූ පිලෝතිකා පරිව්‍රාජකයා දුර දී ම දැක්කේය. දැක මෙසේ කීයේය:
“හන්ද කුතො නු භවං වච්ඡායනො ආගච්ඡති දිවා දිවස්සා”ති.
“භවත් වාත්ස්‍යායන තෙමේ දැන් දෙවෙන්දාවල් කොහි සිට එන්නේ ද”
ඉතො හි ඛො අහං භො ආගච්ඡාමි සමණස්ස ගොතමස්ස සන්තිකාති.
“පින්වත, මම මෙහි ශ්‍රමණ ගෞතමයන්ගේ සමීපයෙහි සිට එමි.”
“තං කිං මඤ්ඤති භවං වච්ඡායනො සමණස්ස ගොතමස්ස පඤ්ඤාවෙය්යත්තියං, පණ්ඩිතො මඤ්ඤෙ”ති.
“භවත් වාත්ස්‍යායන තෙමේ ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රඥාව හා වියත්බව කිමැයි හඟනේ ද? පණ්ඩිතයෙකැ යි සිතන්නේ ද”
කො චාහං භො, කො ච සමණස්ස ගොතමස්ස පඤ්ඤාවෙය්යත්තියං ජානිස්සාමි. සොපි නූනස්ස තාදිසොව යො සමණස්ස ගොතමස්ස පඤ්ඤාවෙය්යත්තියං ජානෙය්යාති.
භවත, මම කවරෙකිම් ද, ශ්‍රමණගෞතමයන්ගේ නුවණ හා වියත්බව දැනීමෙහි මම කවරෙකිම් වෙම් ද, යමෙක් ශ්‍රමණගෞතමයන්ගේ නුවණ හා වියත්බව දන්නේ නම්, හෙතෙමේත් ඒකාන්තයෙන් එවැනි (බුදුවරයෙක්) වන්නේ ම ය.
“උළාරාය ඛලු භවං වච්ඡායනො සමණං ගොතමං පසංසාය පසංසතී”ති.
“පින්වත් වාත්ස්‍යායන තෙමේ උදාර වූ ප්‍රශංසාවෙන් භවත් ගෞතමයන් පසසයි”
කො චාහං භො, කො ච සමණං ගොතමං පසංසිස්සාමි. පසත්ථපසත්ථොව සො භවං ගොතමො, සෙට්ඨො දෙවමනුස්සානන්ති.
“පින්වත, මම කවරෙකිම් ද, ශ්‍රමණගෞතමයන් පැසසීමෙහි මම කවරෙකිම් වෙම් ද, ඒ භවත් ගෞතම තෙමේ ප්රශස්ත ගුණයෙන් ප්‍රශස්තය, නොහොත් ප්‍රශස්තයන් විසින් ප්‍රශස්තය. දෙවි මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ ය.
“කම්පන භවං වච්ඡායනො අත්ථවසං සම්පස්සමානො සමණෙ ගොතමෙ එවං අභිප්පසන්නො”ති.
“පින්වත් වාත්ස්‍යායන තෙමේ කවර කරුණක් දක්නේ ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මෙසේ වෙසෙසින් පැහැදුණේ ද”
3. සෙය්යථාපි භො කුසලො නාගවනිකො නාගවනං පවිසෙය්ය, සො පස්සෙය්ය නාගවනෙ මහන්තං හත්ථිපදං දීඝතො ච ආයතං තිරියඤ්ච විත්ථතං. සො නිට්ඨං ගච්ඡෙය්ය: ‘මහා වත භො නාගො’ති. එවමෙව ඛො අහං භො යතො අද්දසං සමණෙ ගොතමෙ චත්තාරි පදානි, අථාහං නිට්ඨමගමං: “සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො”ති.
3. “පින්වත, යම් සේ නාගවනවාසී (ඇතුන් වසන වනයෙහි වසන) දක්ෂ පුරුෂයෙක් ඇත්වනයට ඇතුළු වේ ද, හෙතෙම නාගවනයෙහි දිගිනුදු දික් වූ සරසිනුදු පුළුල් වූ මහඇත්පියක් දක්නේ ද, හෙතෙමේ ‘පින්වත, මහ ඇතෙකැ’ යි නිශ්චයට පැමිණෙන්නේ ය. පින්වත, එසේ ම මම යම් තැනක පටන් ශ්‍රමණ ගෞතමයන් වෙත ඤාණපද සතරක් දිටිම් ද, ඉක්බිති මම භාග්‍යවතුන් වහන්සේ ‘සම්‍යක්සම්බුද්ධයහ. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය ස්වාක්ඛ්‍යාත ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුප්‍රතිපන්නය’යි නිෂ්ඨාවට පැමිණියෙමි.
4. කතමානි චත්තාරි?
4. කවර ඤාණපද සතරෙක් ද යත්:
ඉධාහං භො පස්සාමි එකච්චෙ ඛත්තියපණ්ඩිතෙ නිපුණෙ කතපරප්පවාදෙ වාලවෙධිරූපෙ, වොභින්දන්තා මඤ්ඤෙ චරන්ති පඤ්ඤාගතෙන දිට්ඨිගතානි. තෙ සුණන්ති: සමණො ඛලු භො ගොතමො අමුකං නාම ගාමං වා නිගමං වා ඔසරිස්සතීති. තෙ පඤ්හං අභිසඞ්ඛරොන්ති: ඉමං මයං පඤ්හං සමණං ගොතමං උපසඞ්කමිත්වා පුච්ඡිස්සාම, එවඤ්චෙ නො පුට්ඨො එවං ව්යාකරිස්සති, එවමස්ස මයං වාදං ආරොපෙස්සාම. එවඤ්චෙපි නො පුට්ඨො එවං ව්යාකරිස්සති, එවම්පිස්ස මයං වාදං ආරොපෙස්සාමා’ති.
පින්වත, මම මේ ලෝකයෙහි යම් කෙනෙක් ස්වකීය ප්‍රඥාවෙන් අනුන්ගේ දෘෂ්ටීන් බිඳින්නාක් මෙන් හැසිරෙද්ද, එබඳු වූ සියුම් බුද්ධි ඇති අනුන් හා කළවිරූ වාද ඇති වාලවේධි දුනුවාවන් වැනි වූ ඇතැම් ක්ෂත්රිය පණ්ඩිත කෙනෙකුන් දකිමි. ඔහු ශ්‍රමණ භවත් ගෞතම තෙමේ ‘අසුවල් ගමට හෝ නියම්ගමට හෝ පැමිණේ ය’යි අසත්. ඔහු ප්‍රශ්න අභිසංස්කරණ කරත්: අපි මේ ප්‍රශ්න ශ්‍රමණ ගෞතමයන් කරා පැමිණ විචාරන්නෙමු. ඉදින් මෙසේ අප විසින් විචාරණ ලද්දේ මෙසේ විසඳන්නේ නම්, මෙසේ අපි ඔබට වාදාරෝපණය කරන්නෙමු. මෙසේත් අප විසින් විචාරණ ලද්දේ මෙසේ විසඳන්නේ නම්, ඔබට මෙසේත් අපි වාදාරෝපණය කරන්නෙමු’යි කියා යි.
තෙ සුණන්ති: සමණො ඛලු භො ගොතමො අමුකං නාම ගාමං වා නිගමං වා ඔසටොති. තෙ යෙන සමණො ගොතමො තෙනුපසඞ්කමන්ති. තෙ සමණො ගොතමො ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති. තෙ සමණෙන ගොතමෙන ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා න චෙව සමණං ගොතමං පඤ්හං පුච්ඡන්ති, කුතස්ස වාදං ආරොපෙස්සන්ති, අඤ්ඤදත්ථු සමණස්සෙව ගොතමස්ස සාවකා සම්පජ්ජන්ති. යදාහං භො සමණෙ ගොතමෙ ඉමං පඨමං පදං අද්දසං අථාහං නිට්ඨමගමං: සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො’ති. [පඨමං ඤාණපදං]
ඔහු ‘ශ්‍රමණ භවත් ගෞතම තෙමේ අසුවල් ගමට හෝ නියම්ගමට පැමිණියේය’යි අසත්. ඔහු ශ්‍රමණ භවත් ගෞතමයන් වෙත පැමිණෙත්. ශ්‍රමණ භවත් ගෞතමයෝ ඔවුන්ට දැහැමි කථාවෙන් කරුණු දක්වති. සමාදන් කරවති. තියුණු කරවති. සතුටු කරවති. ඔහු ශ්‍රමණ භවත් ගෞතමයන් විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද්දාහු සමාදන් කරවන ලද්දාහු තෙද ගන්වන ලද්දාහු සතුටු කරවන ලද්දාහු ශ්‍රමණ ගෞතමයන් අතින් ප්‍රශ්න නො විචාරත්ම ය. කොයින් උන්වහන්සේට වාදාරෝපණය කරන්නාහු ද? ඒකාන්තයෙන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ම ශ්‍රාවකයෝ වෙත්. පින්වත, යම් දිනෙක මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කෙරෙහි මේ පළමුවන පදය දිටිම් ද, ඉක්බිති මම භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධයහ. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය ස්වාඛ්‍යාතය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුප්‍රතිපන්න” යි නිශ්චයට ගියෙමි. [පළමුවැනි ඥානපදය]
5. පුන චපරාහං භො පස්සාමි ඉධෙකච්චෙ බ්රාහ්මණපණ්ඩිතෙ නිපුණෙ කතපරප්පවාදෙ වාලවෙධිරූපෙ, වොභින්දන්තා මඤ්ඤෙ චරන්ති පඤ්ඤාගතෙන දිට්ඨිගතානි. තෙ සුණන්ති: සමණො ඛලු භො ගොතමො අමුකං නාම ගාමං වා නිගමං වා ඔසරිස්සතීති. තෙ පඤ්හං අභිසඞ්ඛරොන්ති: ඉමං මයං පඤ්හං සමණං ගොතමං උපසඞ්කමිත්වා පුච්ඡිස්සාම, එවඤ්චෙ නො පුට්ඨො එවං ව්යාකරිස්සති, එවමස්ස මයං වාදං ආරොපෙස්සාම. එවඤ්චෙපි නො පුට්ඨො එවං ව්යාකරිස්සති, එවම්පිස්ස මයං වාදං ආරොපෙස්සාමා’ති.
5. නැවත අනිකක් ද වෙයි. පින්වත, මම මේ ලෝකයෙහි යම් කෙනෙක් ස්වකීය ප්‍රඥාවෙන් අනුන්ගේ දෘෂ්ටීන් බිඳිමින් මෙන් හැසිරෙත් ද, එබඳු වූ සියුම් බුද්ධි ඇති අනුන් හා කළවිරූ වාද ඇති වාලවේධි දුනුවායන් වැනි වූ ඇතැම් බමුණුපඬිවරුන් දකිමි. ඔහු ‘ශ්‍රමණ භවත් ගෞතම තෙමේ අසුවල් ගමට හෝ නියම්ගමට හෝ පැමිණේය’යි අසත්. ඔහු ප්‍රශ්න සකස් කරත්: ‘අපි මේ ප්‍රශ්න ශ්‍රමණ ගෞතමයන් වෙත එළඹ විචාරන්නෙමු. ඉදින් අප විසින් මෙසේ විචාරණ ලද්දේ මෙසේ විසඳන සේක. අපි මෙසේ උන්වහන්සේට වාදාරෝපණය කරන්නෙමු. ඉදින් අප විසින් මෙසේ විචාරණ ලද උන්වහන්සේ මෙසේ විසඳන්නේය. අපි මෙසේත් ඔහුට වාදාරෝපණය කරන්නෙමු’යි කියා යි.
තෙ සුණන්ති: සමණො ඛලු භො ගොතමො අමුකං නාම ගාමං වා නිගමං වා ඔසටොති; තෙ යෙන සමණො ගොතමො තෙනුපසඞ්කමන්ති. තෙ සමණො ගොතමො ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති. –
ඔහු ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ අසුවල් ගමට හෝ නියම්ගමට පැමිණියහ’යි අසත්. ඔහු ශ්‍රමණ භවත් ගෞතමයන් වෙත පැමිණෙත්. ශ්‍රමණ ගෞතම තෙමේ ඔවුන්ට දැහැමි කථාවෙන් කරුණු දක්වයි. සමාදන් කරවයි. තෙද ගන්වයි. සතුටු කරවයි.
තෙ සමණෙන ගොතමෙන ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා න චෙව සමණං ගොතමං පඤ්හං පුච්ඡන්ති, කුතස්ස වාදං ආරොපෙස්සන්ති, අඤ්ඤදත්ථු සමණස්සෙව ගොතමස්ස සාවකා සම්පජ්ජන්ති. යදාහං භො සමණෙ ගොතමෙ ඉමං දුතියං පදං අද්දසං අථාහං නිට්ඨමගමං: සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො’ති. [දුතියං ඤාණපදං]
ශ්‍රමණ ගෞතමයන් විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලැබූ, සමාදන් කරවනු ලැබූ, තියුණු කරවනු ලැබූ, සතුටු කරවනු ලැබූ, ඔහු ශ්‍රමණ ගෞතමයන් වහන්සේගෙන් ප්‍රශ්න නොවිචාරත්ම ය. කොයින් ඔබට වාදාරෝපණය කෙරෙත් ද? ඒකාන්තයෙන් ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ම ශ්‍රාවකයෝ වෙත්. පින්වත, යම් දිනෙක මම ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මේ දෙවන ඥානපදය දිටිම් ද, ඉක්බිති මම ‘භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධයහ. ධර්මය භාග්‍යවතුන් වහන්සේ විසින් ස්වාඛ්‍යාත ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුප්‍රතිපන්නය” යි නිශ්චයට පැමිණියෙමි. [දෙවැනි ඥානපදය]
6. පුන චපරාහං භො පස්සාමි ඉධෙකච්චෙ ගහපතිපණ්ඩිතෙ නිපුණෙ කතපරප්පවාදෙ වාලවෙධිරූපෙ, වොභින්දන්තා මඤ්ඤෙ චරන්ති පඤ්ඤාගතෙන දිට්ඨිගතානි. තෙ සුණන්ති: සමණො ඛලු භො ගොතමො අමුකං නාම ගාමං වා නිගමං වා ඔසරිස්සතීති. තෙ පඤ්හං අභිසඞ්ඛරොන්ති: “ඉමං මයං පඤ්හං සමණං ගොතමං උපසඞ්කමිත්වා පුච්ඡිස්සාම. එවඤ්චෙ නො පුට්ඨො එවං ව්යාකරිස්සති, එවමස්ස මයං වාදං ආරොපෙස්සාම. එවඤ්චෙපි නො පුට්ඨො එවං ව්යාකරිස්සති, එවම්පිස්ස මයං වාදං ආරොපෙස්සාමා’ති.
6. නැවත අනිකක් ද වෙයි. පින්වත, මම මේ ලෝකයෙහි යම් කෙනෙක් ස්වකීය ප්‍රඥාවෙන් අනුන්ගේ දෘෂ්ටීන් බිඳිමින් මෙන් හැසිරෙත් ද, එබඳු වූ සියුම් බුද්ධි ඇති අනුන් හා කළවිරූ වාද ඇති වාලවේධි දුනුවායන් වැනි වූ ඇතැම් ගෘහපතිපණ්ඩිතයන් දකිමි. ඔහු ශ්‍රමණ භවත් ගෞතමයෝ අසුවල් ගමට හෝ නියම්ගමට හෝ එත්ල යි අසත්. ඔහු ප්‍රශ්න සකස් කරත්: ‘අපි මේ ප්‍රශ්න ශ්‍රමණ ගෞතමයන් කරා එළඹ විචාරන්නෙමු. මෙසේ අප විසින් විචාරණ ලද්දේ මෙසේ ප්‍රකාශ කරන්නේය. අපි මෙසේ ඔහුට වදරෝපණය කරන්නෙමු. ඉදින් අප විසින් මෙසේත් විචාරණ ලද්දේ මෙසේ ප්‍රකාශ කරන්නේය. අපි මෙසේත් ඔහුට වාදාරෝපණය කරන්නෙමු’යි කියායි.
තෙ සුණන්ති: සමණො ඛලු භො ගොතමො අමුකං නාම ගාමං වා නිගමං වා ඔසටොති තෙ යෙන සමණො ගොතමො තෙනුපසඞ්කමන්ති. තෙ සමණො ගොතමො ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති. තෙ සමණෙන ගොතමෙන ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා න චෙව සමණං ගොතමං පඤ්හං පුච්ඡන්ති. කුතස්ස වාදං ආරොපෙස්සන්ති. අඤ්ඤදත්ථු සමණස්සෙව ගොතමස්ස සාවකා සම්පජ්ජන්ති. යදාහං භො සමණෙ ගොතමෙ ඉමං තතියං පදං අද්දසං අථාහං නිට්ඨමගමං: සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො’ති. [තතියං ඤාණපදං]
ඔහු ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ අසුවල් ගමට හෝ නියම්ගමට පැමිණියහ’යි අසත්. ඔහු ශ්‍රමණ ගෞතමයන් වෙත එළඹෙත්. ශ්‍රමණ භවත් ගෞතමයෝ ඔවුන්ට දැහැමි කථාවෙන් කරුණු දක්වති. සමාදන් කරවති. තෙද ගන්වති. සතුටු කරවති. ශ්‍රමණ ගෞතමයන් විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලැබූ, සමාදන් කරවනු ලැබූ, තෙදගන්වනු ලැබූ, සතුටු කරවනු ලැබූ, ඔහු ශ්‍රමණගෞතමයන් ප්‍රශ්න නොවිචාරත් ම ය. කොයින් ඔබට වාදාරෝපණය කෙරෙත්ද? ඒකාන්තයෙන් ශ්‍රමණ ගෞතමයන්ගේ ම ශ්‍රාවකයෝ වෙත්. පින්වත, මම යම් දිනෙක ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මේ තුන්වන ඥාන පදය දිටිම් ද, ඉක්බිති මම ‘භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධයහ, ධර්මය භාග්‍යවතුන් වහන්සේ විසින් ස්වාඛ්‍යාතය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුප්‍රතිපන්න’යි නිශ්චයට පැමිණියෙමි. [තෙවැනි ඥානපදය]
7. පුන චපරාහං භො පස්සාමි ඉධෙකච්චෙ සමණපණ්ඩිතෙ නිපුණෙ කතපරප්පවාදෙ වාලවෙධිරූපෙ, වොභින්දන්තා මඤ්ඤෙ චරන්ති පඤ්ඤාගතෙන දිට්ඨිගතානි. තෙ සුණන්ති: සමණො ඛලු භො ගොතමො අමුකං නාම ගාමං වා නිගමං වා ඔසරිස්සතීති. තෙ පඤ්හං අභිසඞ්ඛරොන්ති: “ඉමං මයං පඤ්හං සමණං ගොතමං උපසඞ්කමිත්වා පුච්ඡිස්සාම. එවඤ්චෙ නො පුට්ඨො එවං ව්යාකරිස්සති. එවමස්ස මයං වාදං ආරොපෙස්සාම. එවඤ්චෙපි නො පුට්ඨො එවං ව්යාකරිස්සති. එවම්පිස්ස මයං වාදං ආරොපෙස්සාමා”ති.
7. නැවත ද අනිකක් වෙයි. පින්වත, මම මේ ලෝකයෙහි යම් කෙනෙක් ස්වකීය ප්‍රඥාවෙන් අනුන්ගේ දෘෂ්ටීන් බිඳිමින් මෙන් හැසිරෙත් ද, එබඳු වූ සියුම් බුද්ධි ඇති අනුන් හා කළවිරූ වාද ඇති වාලවේධි දුනුවායන් වැනි වූ ඇතැම් ශ්‍රමණ පතිපණ්ඩිතයන් දකිමි. ඔහු ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ අසුවල් ගමට හෝ නියම්ගමට හෝ එත්ල යි අසත්. ඔහු ප්‍රශ්න සකස් කරත්: අපි මේ ප්‍රශ්න ශ්‍රමණ ගෞතමයන් වෙත එළඹ විචාරන්නෙමු. ඉදින් මෙසේ අප විසින් විචාරණ ලද්දේ මෙසේ විසඳන්නේය. අපි මෙසේ ඔහුට වදරෝපණය කරන්නෙමු. ඉදින් මෙසේත් විචාරණ ලද්දේ මෙසේ විසඳන්නේය. අපි මෙසේත් ඔහුට වාදාරෝපණය කරන්නෙමු’යි කියායි.
8. තෙ සුණන්ති: සමණො ඛලු භො ගොතමො අමුකං නාම ගාමං වා නිගමං වා ඔසටොති. තෙ යෙන සමණො ගොතමො තෙනුපසඞ්කමන්ති. තෙ සමණො ගොතමො ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති. තෙ සමණෙන ගොතමෙන ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා න චෙව සමණං ගොතමං පඤ්හං පුච්ඡන්ති, කුතොස්ස වාදං ආරොපෙස්සන්ති. අඤ්ඤදත්ථු සමණංයෙව ගොතමං ඔකාසං යාචන්ති අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය. තෙ සමණො ගොතමො පබ්බාජෙති උපසම්පාදෙති. තෙ තත්ථ පබ්බජිතා සමානා එකෙ වූපකට්ඨා අප්පමත්තා. නචිරස්සෙව යස්සත්ථාය කුලපුත්තො සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති. තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්ති. තෙ එවමාහංසු: මනං වත භො අනස්සාම, මනං වත භො පනස්සාම. මයං හි පුබ්බෙ අස්සමණාව සමානා සමණම්හාති පටිජානිම්හ, අබ්රාහ්මණාව සමානා බ්රාහ්මණම්හාති පටිජානිම්හ, අනරහන්තොව සමානා අරහන්තම්හාති පටිජානිම්හ. ඉදානි ඛොම්හ සමණා. ඉදානි ඛොම්හ බ්රාහ්මණා. ඉදානි ඛොම්හ අරහන්තොති. යදාහං භො සමණෙ ගොතමෙ ඉමං චතුත්ථං පදං අද්දසං, අථාහං නිට්ඨමගමං: සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝොති. [චතුත්ථං ඤාණපදං]
8. ඔහු ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ අසුවල් ගමට හෝ නියම්ගමට පැමිණියහ’යි අසත්. ඔහු ශ්‍රමණ භවත් ගෞතමයන් කරාපැමිණෙත්. ශ්‍රමණ ගෞතමයෝ ඔවුන්ට දැහැමි කථාවෙන් කරුණු දක්වති. සමාදන් කරවති. තෙද ගන්වති. සතුටු කරවති. ශ්‍රමණ ගෞතමයන් විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද සමාදන් කරවන ලද, තෙද ගන්වන ලද, සතුටු කරවන ලද, ඔහු ශ්‍රමණගෞතමයන් වහන්සේගෙන් ප්‍රශ්න නොවිචාරත්ම ය. කොයින් ඔබට වාදාරෝපණය කෙරෙත්ද? ඒකාන්තයෙන් ගිහි ගෙයින් නික්ම පැවිද්දට පැමිණීම පිණිස ශ්‍රමණ ගෞතමයන්ගේ අවසර යදිත්. ශ්‍රමණ භවත් ගෞතමයෝ ඔවුන් මහණ කරවති. උපසපන් කරවති. එහි පැවිදි වූ ඔහු එකලා වූවාහු (ගණයා කෙරෙන්) වෙන් වූවාහු සිහියෙන් යුක්ත වූවාහු කෙලෙස් තවන වැර ඇත්තාහු නිවන් පිණිස මෙහෙයන ලද සිත් ඇති ව වාසය කරන්නාහු නොබෝ කලකින්ම - යම් අර්‍ත්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ මැනවින් ම ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණෙද්ද - නිරුත්තර වූ මගබඹසර කෙළවර කොට ඇති ඒ අර්හත්වය ඉහාත්මයේදී ම විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට පැමිණ වාසය කෙරෙත්. ඔහු මෙසේ කීහ: ‘පින්වත, අපි ඒකාන්තයෙන් මදකින් (නොපැමිනීම් මතුයෙන්) නැසූණම්හ. පින්වත, ලේසයකින් වැනසුණම්හ. අපි පෙර නොමහණව ‘මහණම්හ’යි පිළින කෙළෙමු. නොබමුණු ව ‘බමුණම්හ’ යි පිළින කෙළෙමු. නො රහත්ව ‘රහත්ම්හ’යි පිළින කෙළෙමු. දැන් මහණමෝ වම්හ. දැන් බමුණෝ වම්හ. දැන් රහත්මෝ වම්හ’යි කියායි. පින්වත, යම් කලෙක පටන් ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මේ සිවුවන ඥාන පදය දිටිම් ද, ඉක්බිති මම ‘භාග්‍යවතුන්වහන්සේ සම්‍යක්සම්බුද්ධ යහ. ධර්මය භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය ස්වාඛ්‍යාත ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුප්‍රතිපන්න’යි නිශ්චයට පැමිණියෙමි. [සිවුවැනි ඥානපදය]
9. යතො ඛො අහං භො සමණෙ ගොතමෙ ඉමානි චත්තාරි පදානි අද්දසං, අථාහං නිට්ඨමගමං: සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝොති.
9. පින්වත, යම් තැනෙක පටන් මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කෙරෙහි මේ ඥානපද සතර දිටිම් ද, එකල්හි මම ‘භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධයහ. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය ස්වාඛ්‍යාත ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසංඝ තෙමේ සුප්‍රතිපන්න’යි නිශ්චයට පැමිණියෙමි.
10. එවං වුත්තෙ ජාණුස්සොණි බ්රාහ්මණො සබ්බසෙතා වළභීරථා ඔරොහිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා තික්ඛත්තුං උදානං උදානෙසි. “නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස, නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස, නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස.” අප්පෙවනාම මයම්පි කදාචි කරහචි තෙන භොතා ගොතමෙන සද්ධිං සමාගච්ඡෙය්යාම, අප්පෙවනාම සියා කොචිදෙව කථාසල්ලාපොති.
10. මෙසේ කී කල්හි ජානුස්සෝණී බ්‍රාහ්මණ තෙමේ සව්සුදු වෙළඹ රියෙන් බැස උතුරුසළුව එකස් කොට භාග්‍යවතුන් වහන්සේ දෙස ඇඳිලි බැඳ “ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා”යි තුන් යළක් උදන් ඇනී ය. ‘අපි කිසියම් කලෙක්හි ඒ භවත් ගෞතමයන් වහන්සේ සමග එක් වන්නමෝ නම්, මැනව. කිසියම් කථා සල්ලාපයෙක් වන්නේ නම්, මැනැවැ’යි ද කීය.
අථ ඛො ජාණුස්සොණි බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ජාණුස්සොණි බ්රාහ්මණො යාවතකො අහොසි පිලොතිකෙන පරිබ්බාජකෙන සද්ධිං කථාසල්ලාපො, තං සබ්බං භගවතො ආරොචෙසි.
ඉක්බිති ජානුස්සෝණී බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවී ය. සතුටු විය යුතු සිත ඇලවිය යුතු කථාව කොට එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන් ජානුස්සෝණී බ්‍රාහ්මණ තෙමේ පිලෝතිකා පරිව්‍රාජකයා සමග යම් පමණ කථාසල්ලාපයෙක් වී ද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැළ කළේය.
14. එවං වුත්තෙ භගවා ජාණුස්සොණිං බ්රාහ්මණං එතදවොච: ‘න ඛො බ්‍රාහ්මණ, එත්තාවතා හත්ථිපදොපමො විත්ථාරෙන පරිපූරො හොති. අපි ච බ්‍රාහ්මණ, යථා හත්ථිපදොපමො විත්ථාරෙන පරිපූරො හොති, තං සුණාහි, සාධුකං මනසි කරොහි, භාසිස්සාමී’ති. එවං භොති ඛො ජාණුස්සොණි බ්රාහ්මණො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච:
14. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ ජානුස්සෝණී බ්‍රාහ්මණ හට මෙය වදාළ සේක: “බමුණ, මෙපමණකින් හස්තිපදෝපමය විස්තර වශයෙන් සම්පූර්ණ වූයේ නො වේ. බමුණ, යම්සේ හස්තිපදෝපමය විස්තර වශයෙන් සම්පූර්ණ වේ ද, එය ශ්‍රවණය කරව, මනා කොට මෙනෙහි කරව. කියන්නෙමි”. “පින්වතුන් වහන්ස, එසේ ය” යි කියා ජානුස්සෝණී බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
15. සෙය්යථාපි බ්‍රාහ්මණ නාගවනිකො නාගවනං පවිසෙය්ය, සො පස්සෙය්ය නාගවනෙ මහන්තං හත්ථිපදං දීඝතො ච ආයතං තිරියඤ්ච විත්ථතං; යො හොති කුසලො නාගවනිකො නෙව තාව නිට්ඨං ගච්ඡති: ‘මහා වත භො නාගො’ති. තං කිස්ස හෙතු: සන්ති හි බ්‍රාහ්මණ නාගවනෙ වාමනිකා නාම හත්ථිනියො මහාපදා, තාසම්පෙතං පදං අස්සාති. සො තමනුගච්ඡති. තමනුගච්ඡන්තො පස්සති නාගවනෙ මහන්තං හත්ථිපදං දීඝතො ච ආයතං තිරියඤ්ච විත්ථතං උච්චා ච නිසෙවිතං; යො හොති කුසලො නාගවනිකො නෙව තාව නිට්ඨං ගච්ඡති ‘මහා වත භො නාගො’ති. තං කිස්ස හෙතු: සන්ති හි බ්‍රාහ්මණ නාගවනෙ උච්චා කාළාරිකා නාම හත්ථිනියො මහාපදා, තාසම්පෙතං පදං අස්සාති. සො තමනුගච්ඡති. තමනුගච්ඡන්තො පස්සති නාගවනෙ මහන්තං හත්ථිපදං දීඝතො ච ආයතං තිරියඤ්ච විත්ථතං උච්චා ච නිසෙවිතං උච්චා ච දන්තෙහි ආරඤ්ජිතානි; යො හොති කුසලො නාගවනිකො නෙව තාව නිට්ඨං ගච්ඡති ‘මහා වත භො නාගො’ති. තං කිස්ස හෙතු: සන්ති හි බ්‍රාහ්මණ, නාගවනෙ උච්චා කණෙරුකා නාම හත්ථිනියො මහාපදා, තාසම්පෙතං පදං අස්සාති. සො තමනුගච්ඡති. තමනුගච්ඡන්තො පස්සති නාගවනෙ මහන්තං හත්ථිපදං දීඝතො ච ආයතං, තිරියඤ්ච විත්ථතං, උච්චා ච නිසෙවිතං, උච්චා ච දන්තෙහි ආරඤ්ජිතානි, උච්චා ච සාඛාභඞ්ගං. තඤ්ච නාගං පස්සති රුක්ඛමූලගතං වා අබ්භොකාසගතං වා ගච්ඡන්තං වා ඨිතං වා නිසින්නං වා නිපන්නං වා, සො නිට්ඨං ගච්ඡති: අයමෙව සො මහානාගොති.
15. බමුණ, යම්සේ ඇත් වනයෙහි වාසය කරන්නෙක් ඇත්වනයට පිවිසෙන්නේ ද, හෙතෙම ඇත් වනයෙහි දිගිනුදු දික්වූ, සරසිනුදු පුළුල් වූ මහත් ඇත්පියක් දක්නේ නම් දක්ෂ වූ යම් නාගවතිකයෙක් වේ ද, හෙතෙම ‘පින්වත, මහත් වූ ඇතෙකැ’යි එපමණකින් නිෂ්ඨාවට නොපැමිණෙයි. එ කවර හෙයින යත්: බමුණ, නාගවනයෙහි මහපිය ඇති වාමනිකා නම් (මිටි වූ) ඇතින්නෝ ඇතියහ. ‘මේ ඔවුන්ගේ පියක් වන්නේ ය’යි (සිතීමෙනි). හෙතෙම එය අනුව යයි. එය අනුව යන්නේ ඇත් වනයෙහි දිගින් දික්වූ, සරසින් පුළුල් වූ මහත් ඇත්පියක් ද (ගස්වල සතටරියන් පෙදෙසෙහි) පිට ඉලූ තැන් ද දකියි. යමෙක් දක්ෂ වූ නාගවතිකයෙක් වේ ද, හෙතෙම ‘පින්වත, මහත් වූ ඇතෙකැ’යි එපමණකින් නිෂ්ඨාවට නොමපැමිණෙයි. ඒ කවර හෙයින යත්: බමුණ, නාගවනයෙහි මහපිය ඇති (උස් පහත් දළ ඇති) උච්චා කාළාරිකා නම් ඇතින්නෝ ද ඇත්තාහුමය. ‘මේ ඔවුන්ගේ පියක් වන්නේ ය’යි (සිතීමෙනි). හෙතෙම එය අනුව යයි. එය අනුව යන්නේ ඇත් වනයෙහි දිගින් දික්වූ, සරසින් පුළුල් වූ මහත් ඇත්පියක් ද (ගස්වල සතටරියන් පෙදෙසෙහි) පිට ඉලූ තැන් දළින් සිඳි තැන් හා දකියි. යමෙක් දක්ෂ වූ නගවතිකයෙක් වේ ද, හෙතෙම ‘පින්වත, මහත් වූ ඇතෙකැ’යි එපමණකින් නිෂ්ඨාවට නො යේ ම ය. ඒ කවර හෙයින යත්: බමුණ ඇත්වනයෙහි (යටි වැනි උස් වූ පාද ඇති) උච්චා කණේරුකා නම් මහ පිය ඇති ඇතින්නෝ ඇතියහ. ‘මේ ඔවුන්ගේ පියක් වන්නේ ය’යි (සිතීමෙනි). හෙතෙම එය අනුව යයි. එය අනුව යන්නේ ඇත් වනයෙහි දිගින් දික්වූ, සරසින් පුළුල් වූ මහත් ඇත්පියක් ද (ගස්වල උස් පෙදෙසෙහි) පිට ඉලූ තැන් දළින් සිඳි තැන් හා උස් තැන්හි බුන් අතු හා දකියි. ගසක් මුලට ගියාවූ හෝ අබ්භ්යවකාශයට ගිය වූ හෝ ඇවිදිනා වූ හෝ සිටිනා වූ හෝ හුන්නා වූ හෝ වැද හොත්තා වූ හෝ ඒ ඇතු ද දකියි. ‘මේ ඒ මහා ඇතා ම ය’යි හේ නිශ්චයට යෙයි.
16. එවමෙව ඛො බ්‍රාහ්මණ, ඉධ තථාගතො ලොකෙ උප්පජ්ජති: අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං, සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති: ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං, බ්රහ්මචරියං පකාසෙති.
16. බමුණ, මේ පරිද්දෙන් ම මේ ලෝකයෙහි අර්හත් වූ, සම්‍යක්සම්බුද්ධ වූ, විද්‍යාචරණයෙන් යුක්ත වූ, සුගත වූ, ලෝකය දන්නා වූ, නිරුත්තර පුරුෂදම්‍යසාරථි වූ, දෙවි මිනිසුන්ට ශාස්තෘ වූ, බුද්ධ වූ, භාග්‍යවත් වූ, තථාගත තෙමේ පහළ වෙයි. හෙ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ මේ ලෝකය ද, මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාව ද තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්ෂාත් කොට ප්‍රකාශ කෙරෙයි. හෙ ආදි කල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට පර්ය්යාවසානකල්යාණ කොට අර්ත්ථසහිත කොට බ්‍යඤ්ජන සහිත කොට කේවල සම්පූර්ණ කොට පිරිසුදු කොට ධර්මය වදාරයි, ශාසනබ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙයි.
17. තං ධම්මං සුණාති ගහපති වා ගහපතිපුත්තො වා අඤ්ඤතරස්මිං වා කුලෙ පච්චාජාතො. සො තං ධම්මං සුත්වා තථාගතෙ සද්ධං පටිලභති. සො තෙන සද්ධාපටිලාභෙන සමන්නාගතො ඉති පටිසඤ්චික්ඛති: සම්බාධො ඝරාවාසො රජොපථො, අබ්භොකාසො පබ්බජ්ජා, නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං, යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්යන්ති. සො අපරෙන සමයෙන අප්පං වා භොගක්ඛන්ධං පහාය මහන්තං වා භොගක්ඛන්ධං පහාය අප්පං වා ඤාතිපරිවට්ටං පහාය මහන්තං වා ඤාතිපරිවට්ටං පහාය කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජති.
17. ඒ ධර්මය ගැහැවියෙක් හෝ ගැහැවිපිතෙක් හෝ එක්තරා කුලයෙක උපන්නෙක් හෝ අසයි. හෙතෙම ඒ ධර්මය අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව උපදවයි. හෙතෙම ඒ ශ්‍රද්ධාව ලැබීමෙන් යුක්ත වූයේ මෙසේ සිතයි: “ගෘහවාසය සම්බාධ ය, රාගාදි රජසුන්ට මාර්ගයෙකි. පැවිද්ද එලිමහනක් වැන්න, ඒකාන්තයෙන් පරිපූර්ණ වූ ඒකාන්තයෙන් පිරිසුදු වූ මේ ශඞ්ඛලිඛිත බ්‍රහ්මචර්‍ය්‍යය පුරන්නට ගිහිගෙයි වසන්නහු විසින් පහසු නො වෙයි. මම කෙස්රවුළු බහා කහවත් ඇඳ ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍යසඞ්ඛ්‍යාත පැවිද්දට පැමිණෙන්නෙම් නම් යෙහෙකැ”යි. හෙතෙම පසුකලයෙක ස්වල්පවූ හෝ භෝගරාශිය හැර ස්වල්ප වූ හෝ නෑපිරිවර හැර මහත් වූ හෝ නෑපිරිවර හැර කෙස්රවුළු බහා කහවත් හැඳ පෙරෙව ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍යසඞ්ඛ්‍යාත පැවිද්දට පැමිණෙයි.
18. සො එවං පබ්බජිතො සමානො භික්ඛූනං සික්ඛාසාජීවසමාපන්නො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති. නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරති. අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති. දින්නාදායී දින්නපාටිකඞ්ඛී අථෙනෙන සුචිභූතෙන අත්තනා විහරති. අබ්රහ්මචරියං පහාය බ්‍රහ්මචාරී හොති ආරාචාරී විරතො මෙථුනා ගාමධම්මා. මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති සච්චවාදී සච්චසන්ධො ථෙතො පච්චයිකො අවිසංවාදකො ලොකස්ස. පිසුනං වාචං පහාය පිසුනා වාචා පටිවිරතො හොති: ඉතො සුත්වා න අමුත්ර අක්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්ර වා සුත්වා න ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය, ඉති භින්නානං වා සන්ධාතා සහිතානං වා අනුප්පදාතා සමග්ගාරාමො සමග්ගරතො සමග්ගනන්දී සමග්ගකරණිං වාචං භාසිතා හොති. ඵරුසං වාචං පහාය ඵරුසා වාචා පටිවිරතො හොති: යා සා වාචා නෙළා කණ්ණසුඛා පෙමනීයා හදයඞ්ගමා පොරී බහුජනකන්තා බහුජනමනාපා, තථාරූපිං වාචං භාසිතා හොති. සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො හොති: කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී නිධානවතිං වාචං භාසිතා කාලෙන සාපදෙසං පරියන්තවතිං අත්ථසංහිතං.
18. හෙතෙමේ මෙසේ පැවිදි වූයේ භික්ෂුන්ගේ ශික්ෂාපද සඞ්ඛ්‍යාත සාජීවයට පැමිණියේ සතුන් මැරීම හැර සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි. බහා තැබූ දඬු ඇත්තේ වෙයි. බහා තැබූ ශස්ත්‍ර ඇත්තේ වෙයි. ලජ්ජායෙන් යුක්ත වූයේ දයාවට පැමිණියේ සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කෙරෙයි. නුදුන් දෙය ගැන්ම හැර නුදුන් දෙය ගැන්මෙන් වැළකුණේ වෙයි. දුන් දෙය ගන්නාසුලු වූයේ දුන් දෙය කැමැති වන සුලු වූයේ සොර නොවූ පිරිසුදු වූ සිතින් වාසය කෙරෙයි. අශ්රේෂ්ඨචර්ය්යාව හැර ශ්‍රේෂ්ඨචර්‍ය්‍යා ඇත්තේ අයහපත් හැසිරීමෙන් දුරු වූයේ වෙයි. ග්‍රාමධර්‍ම යයි කියන ලද මෛථුනයෙන් වැළකුණේ වෙයි. මුසාවාදය හැර මුසාවාදයෙන් වැළකුණේ වෙයි, සත්‍ය කියනසුලු වූයේ සත්‍යයෙන් සත්‍ය ගළපනුයේ ස්ථිරකථා ඇදහිය යුතු බස් ඇත්තේ ලෝකයා බොරුවෙන් නොරවටන්නේ වෙයි. පිසුනුබස් හැර පිසුනුබසින් තොර වූයේ වෙයි. මෙතැනින් අසා මොවුන්ගේ භේදය පිණිස එතැන කියන්නේ නොවෙයි. එතැනින් අසා ඔවුන්ගේ භේදය පිණිස මෙතැන කියන්නේ නොවෙයි. මෙසේ බිඳුණවුන් සමගි කරන්නේ සමගි වූවන්ට අනුබල දෙන්නේ සමගියට කැමැත්තේ සමගියෙහි ඇලුණේ සමගි වූවන් දැක සතුටු වනසුලු වූයේ සමගි කරණ වචන කියන්නේ වෙයි. රළුබස් හැර රළුබස් කීමෙන් වැළකුණේ වෙයි. යම් ඒ වචනයක් නිදොස් ද, කනට සුව ද, ප්‍රේමණීය ද, ළ ගන්නාසුලු ද, නාගරික ද, බොහෝ දෙනා කැමැති ද, බොහෝ දෙනාගේ මන වඩන්නේ ද, එබඳු වචන කියන්නේ වෙයි. හිස බස් තෙපලීමෙන් වෙන් වූයේ වෙයි. කල් බලා කියනසුලු වූයේ වූවක් කියනසුලු වූයේ අර්ත්‍ථයක්ම කියනසුලු වූයේ ධර්මයක් ම කියනසුලු වූයේ විනයක් ම කියනසුලු වූයේ වෙයි. ළෙහි තැන්පත් කර ගත යුතු කරුණු සහිත වූ පිරිසිඳීම් ඇති අර්ත්ථයෙන් යුත් වචන නිසි කල්හි කියන්නේ වෙයි.
19. සො බීජගාමභූතගාමසමාරම්භා පටිවිරතො හොති. එකභත්තිකො හොති රත්තූපරතො විරතො විකාලභොජනා. නච්චගීතවාදිතවිසූකදස්සනා පටිවිරතො හොති. මාලාගන්ධවිලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා පටිවිරතො හොති. උච්චාසයනමහාසයනා පටිවිරතො හොති. ජාතරූපරජතපටිග්ගහණා පටිවිරතො හොති. ආමකධඤ්ඤපටිග්ගහණා පටිවිරතො හොති. ආමකමංසපටිග්ගහණා පටිවිරතො හොති. ඉත්ථිකුමාරිකපටිග්ගහණා පටිවිරතො හොති. දාසිදාසපටිග්ගහණා පටිවිරතො හොති. අජෙළකපටිග්ගහණා පටිවිරතො හොති. කුක්කුටසූකරපටිග්ගහණා පටිවිරතො හොති. හත්ථිගවාස්සවළවාපටිග්ගහණා පටිවිරතො හොති. ඛෙත්තවත්ථුපටිග්ගහණා පටිවිරතො හොති. දූතෙය්යපහිණගමනානුයොගා පටිවිරතො හොති. කයවික්කයා පටිවිරතො හොති. තුලාකූටකංසකූටමානකූටා පටිවිරතො හොති. උක්කොටනවඤ්චනනිකතිසාචියොගා පටිවිරතො හොති. ඡෙදනවධබන්ධනවිපරාමොසආලොපසහසාකාරා පටිවිරතො හොති.
19. හේ බීජසමූහ (පැළවන දෑ) ද, භූතසමූහ (පැළවුන දෑ) ද, සමාරම්භයෙන් (නැසීමෙන්) වෙන් වූයේ වෙයි. එක වේලේ වළඳන්නේ රාත්‍රිභෝජනයෙන් වැළක්කේ විකල් බොජුනෙන් වෙන් වූයේ වෙයි. නටනු ගයනු වයනු විසුලු දස්නෙන් දුරු වූයේ වෙයි. මල් ගඳ විලෙවුන් ඇඟ දැරීම, අඩු තැන් පිරවීම, සැරසීම යන මෙයින් වෙන් වූයේ වෙයි. උස්යහනින් මහයහනින් දුරු වූයේ වෙයි. රන්රිදී මසු කහවණු පිළිගැන්මෙන් දුරු වූයේ වෙයි. අමු ධාන්‍යවර්ග පිළිගැන්මෙන් දුරු වූයේ වෙයි. අමුමස් පිළිගැන්මෙන් දුරු වූයේ වෙයි. ස්ත්‍රීන් කුමරියන් පිළිගැන්මෙන් දුරු වූයේ වෙයි. දැසිදසුන් පිළිගැන්මෙන් දුරු වූයේ වෙයි. එළු බැටෙළුවන් පිළිගැන්මෙන් දුරු වූයේ වෙයි. කුකුළන් ඌරන් පිළිගැන්මෙන් දුරු වූයේ වෙයි. ඇත ගව අස් වෙළඹුන් පිළිගැන්මෙන් දුරු වූයේ වෙයි. ගිහීන්ගේ පණිවුඩ හා ගෙන් ගෙට හසුන් ගෙනයාමෙන් දුරු වූයේ වෙයි. වෙළඳ ගනුදෙනුවෙන් දුරු වූයේ වෙයි. හොර තරාදියෙන් කිරුම, නොරන් බඩු රන් බඩු සේ දක්වා දීම, හොර මිනුම යන මෙයින් දුරු වූයේ වෙයි. අල්ලස් ගැනීම, රැවටීම, සමාන දේ දක්වා කරණ මායාව යන කුටිල (වඞ්ක) ප්‍රයෝගයෙන් වැළකුනේ වෙයි. අත් පා කැපීම, මැරීම, විලංගු ආදිය ලා බැඳීම, මංපැහැරීම, ගම්පැහැරීම, සැහැසිකම යන මෙයින් වැළකුනේ වෙයි.
20. සො සන්තුට්ඨො හොති කායපරිහාරිකෙන චීවරෙන කුච්ඡිපරිහාරිකෙන පිණ්ඩපාතෙන. සො යෙන යෙනෙව පක්කමති සමාදායෙව පක්කමති. සෙය්යථාපි නාම පක්ඛී සකුණො යෙන යෙනෙව ඩෙති සපත්තභාරොව ඩෙති, එවමෙව ඛො භික්ඛු සන්තුට්ඨො හොති කායපරිහාරිකෙන චීවරෙන කුච්ඡිපරිහාරිකෙන පිණ්ඩපාතෙන. සො යෙන යෙනෙව පක්කමති සමාදායෙව පක්කමති. සො ඉමිනා අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො අජ්ඣත්තං අනවජ්ජසුඛං පටිසංවෙදෙති.
20. හෙතෙම කය පරිහරණය කිරීමට ප්‍රමාණ වූ සිවුරෙන් ද, කුස පරිහරණය කිරීමට ප්‍රමාණ වූ පිණ්ඩපාතයෙන් ද, සතුටු වූයේ වෙයි. හෙතෙම යම් යම් තැන යේ ද, පාසිවුරු රැගෙන ම යෙයි. යම් සේ පියාපත් ඇති ලිහිණියෙක් යම් යම් දිගෙක පියාඹයි ද, පියාපත් බර සහිත ව ම පියාඹයි. මෙපරිද්දෙන් ම භික්ෂු තෙමේ කය පරිහරණය කිරීමට ප්‍රමාණවත් සිවුරෙන්ද කුස පරිහරණය කිරීමට ප්‍රමාණවත් පිණ්ඩපාතයෙන් ද, සතුටු වූයේ වෙයි. හෙ තෙම යම් යම් තැන යේ නම්, පාසිවුරු රැගෙන ම යෙයි. හෙ තෙම මේ ආර්ය්යශීලස්කන්ධයෙන් යුක්ත වූයේ ස්වසන්තානයෙහි නිරවද්‍ය වූ සැපය විඳියි.
21. සො චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං. තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති මනින්ද්රියං, මනින්ද්රියෙ සංවරං ආපජ්ජති. සො ඉමිනා අරියෙන ඉන්ද්රියසංවරෙන සමන්නාගතො අජ්ඣත්තං අබ්යාසෙකසුඛං පටිසංවෙදෙති.
21. හෙ තෙම ඇසින් රූප දැක ස්ත්‍රී පුරුෂාදී වශයෙන් නිමිති ගන්නේ නො වේ. හස්තපාදාදි අවයවයන් ආකාරය නොගන්නා සුලු වේ. යම් කාරණයකින් චක්‍ෂුරින්‍ද්‍රිය සංවරණය නො කොට වාසය කරන ඒ පුද්ගලයා ලාමක අකුශලධර්ම වූ අභිධ්යාදෞර්මනස්යයෝ අනු බඳනාහු ද, ඒ චක්‍ෂුරින්‍ද්‍රිය සංවරණය පිණිස පිළිපදියි. චක්ෂුරින්ද්රියයෙහි සංවරණයට පැමිණේ, කණින් ශබ්ද අසා ... නාසයෙන් ගඳ අසා ... දිවින් රස විඳ ... කයින් ස්ප්‍රෂ්ටව්‍ය ස්පර්ශ කොට ... සිතින් ධර්මාලම්බනය දැන නිමිති නොගන්නා සුලු වේ. අනුව්‍යඤ්ජන නොගන්නා සුලු වේ. යම් කරුණකින් මනින්‍ද්‍රිය සංවරණය නොකොට වාසය කරන ඒ පුද්ගලයා ලාමක අකුශලධර්ම වූ අභිධ්යාදෞර්මනස්යයෝ අනුබඳනාහු ද, ඒ මනින්ද්රියාගේ සංවරය පිණිස පිළිපදියි. මනින්‍ද්‍රිය රකියි. මනින්ද්රියෙහි සංවරණයට පැමිණේ. හෙ තෙම මේ ආර්‍ය්‍ය වූ ඉන්ද්රියසංවරයෙන් යුක්ත වූයේ සිය සිත්සතන්හි කෙලෙසුන් වැගුරුණු නො කිලිටි සැපය විඳියි.
22. සො අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති, ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති, සම්මිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී හොති, සංඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී හොති, අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී හොති, උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී හොති, ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී හොති.
22. හෙ තෙම ඉදිරියට යාමෙහි පෙරළා ඊමෙහි සම්පජානකාරී (මැනවින් දැන කරන සුලු) වෙයි. ඉදිරි බැලීමෙහි ආපසු බැලීමෙහි සම්පජානකාරී වෙයි. අත් පා හැකිලීමෙහි දිග හැරීමෙහි සම්පජානකාරී වෙයි. අනුභවයෙහි පානයෙහි කඩා කෑමෙහි රස විඳීමෙහි සම්පජානකාරී වෙයි. මල මූ පහ කිරීමෙහි සම්පජානකාරී වෙයි. යාමෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි නිදි වැරීමෙහි බිණීමෙහි නිහඬ වීමෙහි සම්පජානකාරී වෙයි.
23. සො ඉමිනා ච අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො ඉමිනා ච අරියෙන ඉන්ද්රියසංවරෙන සමන්නාගතො, ඉමිනා ච අරියෙන සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො විවිත්තං සෙනාසනං භජති අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං.
23. හෙ තෙම මේ ආර්ය වූ ශීලස්කන්ධයෙන් ද යුක්ත වූයේ මේ ආර්ය වූ ඉන්ද්රියසංවරයෙන්ද යුක්ත වූයේ මේ ආර්ය වූ ස්මෘතිසම්ප්‍රඥානයෙන් ද යුක්ත වූයේ ජනයාගෙන් තොර ආරණ්‍ය, වෘක්ෂමූලය, පර්වතය, කඳුරැලිය, පර්වතගුහාව, සොහොන, වනලැහැබ, අබවස, පිදුරුකුටි යන සෙනසුනක් භජනය කරයි.
24. සො පච්ඡාභත්තං පිණ්ඩපාත පටික්කන්තො නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො අභිජ්ඣං ලොකෙ පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති. අභිජ්ඣාය චිත්තං පරිසොධෙති. බ්යාපාදපදොසං පහාය අබ්යාපන්නචිත්තො විහරති සබ්බපාණභූතහිතානුකම්පී. බ්යාපාදපදොසා චිත්තං පරිසොධෙති. ථිනමිද්ධං පහාය විගතථිනමිද්ධො විහරති ආලොකසඤ්ඤී සතො සම්පජානො. ථිනමිද්ධා චිත්තං පරිසොධෙති. උද්ධච්චකුක්කුච්චං පහාය අනුද්ධතො විහරති අජ්ඣත්තං වූපසන්තචිත්තො. උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසොධෙති. විචිකිච්ඡං පහාය තිණ්ණවිචිකිච්ඡො විහරති අකථඞ්කථී කුසලෙසු ධම්මෙසු. විචිකිච්ඡාය චිත්තං පරිසොධෙති.
24. හෙ තෙම පසුබත්හි පිණ්ඩපාතයෙන් වැළැක්කේ පලක් බැඳ කය ඍජු කොට තබා සිහිය කර්මස්ථානාභිමුඛ කොට හිඳියි. හෙ තෙම ස්කන්ධලෝකයෙහි අභිධ්‍යාව දුරු කොට පහ වූ අභිධ්‍යා ඇති සිතින් යුක්තව වාසය කෙරෙයි. අභිධ්‍යාවෙන් සිත පිරිසිදු කරයි. ව්‍යාපාදයට නො පැමිණ ව්‍යාපාද සඞ්ඛ්‍යාත වූ ප්රකර්ෂ ද්වේෂය හැර විරුද්ධයට නොපැමිණි සිතැත්තේ වාසය කරයි. සියලු ප්‍රාණභූතයන් කෙරෙහි හිතවත්ව අනුකම්පා කරණසුලු වූයේ ව්‍යාපාදසඞ්ඛ්‍යාත ප්රකර්ෂද්වේශය කෙරෙන් සිත පිරිසිදු කරයි. ථිනමිද්ධය හැර පහ වූ ථිනමිද්ධ ඇති ව වාසය කරයි. රාත්‍රියෙහි ද ආලෝක සංඥාව ඇත්තේ සිහි ඇත්තේ යහපත් නුවණ ඇත්තේ ථිනමිද්ධය කෙරෙන් සිත පිරිසිදු කරයි. උද්ධච්චකුක්කුච්චය දුරු කොට උද්ධත නො වූයේ තමා තුල සන්හුන් සිත් ඇත්තේ වාසය කෙරෙයි. උද්ධච්චකුක්කුච්චය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. විචිකිත්සාව දුරු කොට පහ වූ විචිකිත්සා ඇත්තේ කුශලධර්මයන්හි කෙසේ කෙසේදැ’යි පැවැති සැක නැත්තේ වාසය කෙරෙයි. විචිකිත්සාව කෙරෙන් සිත පිරිසිදු කෙරේ.
25. සො ඉමෙ පඤ්ච නීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ, විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදම්පි වුච්චති බ්‍රාහ්මණ, තථාගතපදං ඉතිපි, තථාගතනිසෙවිතං ඉතිපි, තථාගතාරඤ්ජිතං ඉතිපි. න ත්වෙව තාව අරියසාවකො නිට්ඨං ගච්ඡති: ‘සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො’ති.
25. හෙතෙම මේ චිත්තය පිළිබඳ උපක්ලේශ වූ ප්‍රඥාව දුර්වල කරණ පඤ්චනීවරණයන් දුරු කොට කාමයන්ගෙන් වෙන් ව ම අකුශල ධර්මයන්ගෙන් වෙන් ව ම විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හට ගත් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. බ්‍රාහ්මණය, මෙය ද තථාගතයන් වහන්සේගේ ඤාණපද යයි කියා ද තථාගතයන් වහන්සේගේ නුවණ නැමැති ඉළඇට ඉලූ තැන යයි ද, තථාගතයන් වහන්සේගේ නුවණ නැමැති දළයෙන් සිඳි තැන යයි ද කියනු ලැබේ. ආර්ය ශ්‍රාවක තෙමේ එපමණෙකින් ‘භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධයහ, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය ස්වක්ඛාත ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය’යි නිශ්චයට නො පැමිණේ ම ය.
26. පුන චපරං බ්‍රාහ්මණ, භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදම්පි වුච්චති බ්‍රාහ්මණ, තථාගතපදං ඉතිපි, තථාගතනිසෙවිතං ඉතිපි, තථාගතාරඤ්ජිතං ඉතිපි. න ත්වෙව තාව අරියසාවකො නිට්ඨං ගච්ඡති: ‘සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො’ති.
26. බ්‍රාහ්මණය, නැවත අනෙකෙක් ද වෙයි. මහණ තෙමේ විතර්ක විචාරයන් සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති චිත්තයාගේ ඒකෝදිභාවය ඇති විතර්ක නැති විචාර නැති සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුඛය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. බමුණ, මෙය ද තථාගතපද යයි ද, තථාගතනිසේවිත යයි ද, තථාගතාරඤ්ජිත යයි ද, කියනු ලැබේ. ආර්ය ශ්‍රාවක තෙමේ ‘භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධයහ, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය ස්වක්ඛාත ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය’යි එපමණෙකින් නිශ්චයට නො පැමිණේ ම ය.
27. පුන චපරං බ්‍රාහ්මණ, භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො, සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති. යං තං අරියා ආචික්ඛන්ති: ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති තතියං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදම්පි වුච්චති, බ්‍රාහ්මණ තථාගතපදං ඉතිපි, තථාගතනිසෙවිතං ඉතිපි, තථාගතාරඤ්ජිතං ඉතිපි. න ත්වෙව තාව අරියසාවකො නිට්ඨං ගච්ඡති: ‘සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො’ති.
27. බ්‍රාහ්මණය, නැවත අනෙකෙක් ද වෙයි. මහණ තෙමේ ප්‍රීතිය ද ඉක්මවීමෙන් උපේක්ෂා ඇත්තේ ස්මෘතිමත් වූයේ සම්‍යක් ප්‍රඥා ඇත්තේ වාසය කෙරෙයි. කයින් සුව විඳියි. ආර්‍ය්‍යයෝ ඒ යමක් ‘උපේක්ෂා ඇත්තේ සිහි ඇත්තේ සුඛවිහරණ ය’යි (ගුණවර්ණනා වශයෙන්) කියත් ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. බමුණ, මෙය ද තථාගතපද යයි කියා ද, තථාගතනිසේවිත යයි ද, තථාගතාරඤ්ජිත යයි ද, කියනු ලැබේ. ආර්ය ශ්‍රාවක තෙමේ ‘භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධයහ, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය ස්වක්ඛාත ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය’යි එපමණෙකින් නිශ්චයට නො පැමිණේ ම ය.
28. පුන චපරං බ්‍රාහ්මණ, භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදම්පි වුච්චති බ්‍රාහ්මණ තථාගතපදං ඉතිපි, තථාගතනිසෙවිතං ඉතිපි, තථාගතාරඤ්ජිතං ඉතිපි. න ත්වෙව තාව අරියසාවකො නිට්ඨං ගච්ඡති: ‘සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො’ති.
28. බ්‍රාහ්මණය, නැවත අනෙකෙක් ද වෙයි. මහණ තෙමේ සුඛප්රහාණයෙන් ද, දුක්ඛප්රහාණයෙන් ද, පළමු කොට ම සොම්නස් දොම්නස් නැති කිරීමෙන් දුක් නැති සුව නැති උපේක්ෂාස්මෘති දෙදෙනාගේ පිරිසිදුබව ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. බමුණ, මෙය ද තථාගතයන් වහන්සේගේ තථාගතපද යයි ද, තථාගතනිසේවිත යයි ද, තථාගතාරඤ්ජිත යයි ද, කියනු ලැබේ. ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ‘භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධයහ, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනා ව දෙසන ලද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය’යි එපමණෙකින් නිශ්චයට නො පැමිණෙ යි.
29. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති: සෙය්යථිදං – එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො චතස්සොපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො වීසතිම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාරීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි, අනෙකෙපි සංවට්ටකප්පෙ අනෙකෙපි විවට්ට කප්පෙ අනෙකෙපි සංවට්ටවිවට්ටකප්පෙ; ‘අමුත්රාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො
29. හෙ තෙම මෙසේ පිරිසිදු වූ ප්‍රභාස්වර වූ අඞ්ගණ රහිත වූ පහ වූ කෙලෙස් ඇති මොළොක් වූ කර්මයට යෝග්‍ය වූ ස්ථිතිප්‍රාප්ත වූ නොසැලෙනබවට පත්වූ සමාහිත සිත ඇති කල්හි පෙර වුසූ කඳපිළිවෙළ දන්නා නුවණ පිණිස සිත නැඹුරු කෙරෙයි. හෙතෙම නන් වැදෑරුම් පෙර විසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි. එනම්: එක් ජාතියක් ද, ජාති දෙකක් ද, ජාති තුනක් ද, ජාති සතරක් ද, ජාති පසක් ද, ජාති දසයක් ද, ජාති විස්සක් ද, ජාති තිසක් ද, ජාති සතළිසක් ද, ජාති පනසක් ද, ජාති සියයක් ද, ජාති දහසක් ද, ජාති ලක්ෂයක් ද, නොයෙක් නස්නා කල්පයන් ද, නොයෙක් හටගන්නා කල්පයන් ද, නොයෙක් නස්නා හටගන්නා කල්පයන් ද සිහි කරයි: ‘අසුවල් තැන මෙ නම් ඇත්තෙම් වීමි. මෙ නම් ගෝත්‍ර ඇත්තෙම් වීමි. මෙවැනි පැහැ ඇත්තෙම් වීමි. මෙවැනි ආහාර ඇත්තෙම් වීමි. මෙබඳු සුවදුක් විඳිනසුලු වූයෙම් වීමි. මෙබඳු සුවදුක් විඳිනසුලු වූයෙම් වීමි. මෙබඳු ආයු කෙළවර කොට ඇත්තෙම් වීමි,
සො තතො චුතො අමුත්ර උපපාදිං, තත්රාපාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො ඉධූපපන්නො’ති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති; ඉදම්පි වුච්චති බ්‍රාහ්මණ, තථාගතපදං ඉතිපි, තථාගතනිසෙවිතං ඉතිපි, තථාගතාරඤ්ජිතං ඉතිපි. න ත්වෙව තාව අරියසාවකො නිට්ඨං ගච්ඡති: ‘සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො’ති.
ඒ මම ඉන් චුත ව අසුවල් තැන උපන්නෙමි, එහිදී ද, මෙනම් ඇත්තෙම් වීමි, මෙ නම් ගෝත්‍ර ඇත්තෙම් වීමි, මෙවැනි පැහැ ඇත්තෙම් වීමි, මෙවැනි ආහාර ඇත්තෙම් වීමි, මෙබඳු සුවදුක් විඳිනසුලු වූයෙම් වීමි, මෙපමණ ආයු කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම ඉන් චුත ව අසුවල් තැන උපන්නෙමි.” යි මෙසේ ආකාර සහිත වූ උදෙසීම් සහිත වූ නන් වැදෑරුම් පෙර විසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි. බ්‍රාහ්මණ ය, මෙ ද තථාගතපද යයි ද, තථාගතනිසේවිත යයි ද, තථාගතාරඤ්ජිත ය යි කියනු ලැබේ. ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ එ පමණෙකින් ‘භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධයහ, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය ස්වක්ඛාත ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය’යි නිශ්චයට නො පැමිණේ ම ය.
30. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ, හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති: ‘ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකං මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා; ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා’ති. ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති. ඉදම්පි වුච්චති බ්‍රාහ්මණ, තථාගතපදං ඉතිපි, තථාගතනිසෙවිතං ඉතිපි, තථාගතාරඤ්ජිතං ඉතිපි. න ත්වෙව තාව අරියසාවකො නිට්ඨං ගච්ඡති: ‘සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො’ති.
30. හෙ තෙම මෙසේ පිරිසිදු වූ ප්‍රභාස්වර වූ අඞ්ගණ රහිත වූ පහ වූ කෙලෙස් ඇති මොළොක් වූ කර්මයට යෝග්‍ය වූ ස්ථිතිප්‍රාප්ත වූ සමාහිත සිත ඇති කල්හි සත්වයන්ගේ චුති උත්පත්ති දන්නා නුවණ පිණිස සිත නැඹුරු කෙරෙ යි. හෙතෙම පිරිසුදු වූ මිනිස් ඇස ඉක්ම සිටියා වූ දිවැසින් චුත වන්නා වු උපදින්නා වූ හීන ප්‍රණීත සුවර්ණ දුර්වර්ණ වූ සුගතිගත වූ දුර්ගතිගත වූ සත්ත්වයන් දකියි. කම් වූ පරිදි මිය පරලොව යන සත්ත්වයන් බලයි. ‘මේ භවත් සත්වයෝ ඒකාන්තයෙන් කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ය. වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු ය. මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ය. ආර්‍ය්‍යයන්ට උපවාද කළාහුය මිසදුටුවෝ ය. මිසදිටුකම් ගැනුම් ඇත්තෝ ය. ඔහු කාබුන් මරණින් මතු අපාය නම් වූ දුගති නම් වූ විනිපාත නම් වූ නරකයට උත්පත්ති වශයෙන් පැමිණියාහු ය. මේ භවත් සත්වයෝ වනාහි කායසුචරිතයෙන් යුක්ත වූවාහු. වාක්සුචරිතයෙන් යුක්ත වූවාහු ය. මනඃසුචරිතයෙන් යුක්ත වූවාහු ය. ආර්‍ය්‍යෝපවාද නො කළාහු සම්දිටු වූ වාහු සම්දිටුකම් ගැනුම් ඇත්තාහු ය. ඔහු කාබුන් මරණින් මතු මනා ගති ඇති ස්වර්ග ලෝකයට උත්පත්ති වශයෙන් පැමිණියාහු’ යයි කම් වූ පරිදි මිය පරලොව ගිය සත්වයන් දනියි. මෙසේ පිරිසිදු වූ මිනිස් ඇස ඉක්මවා පැවැති දිවැසින් චුත වන උපදින හීන ප්‍රණීත සුවර්ණ දුර්වර්ණ සුගතිගත දුර්ගතිගත සත්වයන් දකියි. කම් වූ පරිදි මිය පරලොව යන සත්වයන් දැනගනියි. බමුණ, මෙ ද තථාගතපද යයි ද, තථාගතනිසේවිත යයි ද, තථාගතාරඤ්ජිත ය යි කියනු ලැබේ. ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ එ පමණෙකින් ‘භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධයහ, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය ස්වක්ඛාත ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය’යි නිශ්චයට නො පැමිණේ ම ය.
31. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙති.
31. හෙ තෙම මෙසේ පිරිසිදු වූ ප්‍රභාස්වර වූ අඞ්ගණ රහිත වූ පහ වූ කෙලෙස් ඇති මොළොක් වූ භාවනාකර්මයට යෝග්‍ය වූ ස්ථිතිප්‍රාප්ත වූ නොසැලෙන බවට පත්වූ සමාහිත සිත ඇති කල්හි ආශ්රවක්ෂයකර ඥානය පිණිස සිත නැඹුරු කෙරෙ යි.
සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති, අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති; ඉමෙ ආසවාති යථාභූතං පජානාති, අයං ආසවසමුදයොති යථාභූතං පජානාති, අයං ආසවනිරොධොති යථාභූතං පජානාති, අයං ආසවනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. ඉදම්පි වුච්චති බ්‍රාහ්මණ, තථාගතපදං ඉතිපි, තථාගතනිසෙවිතං ඉතිපි, තථාගතාරඤ්ජිතං ඉතිපි. න ත්වෙව තාව අරියසාවකො නිට්ඨං ගතො හොති. අපි ච ඛො නිට්ඨං ගච්ඡති: සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝොති.
හෙ තෙම මෙය දුකය යි තත් වූ පරිදි දැනගනියි. මේ දුක්ඛසමුදය යයි තත් වූ පරිදි දැනගනියි. මේ දුඃඛනිරෝධය යි තත් වූ පරිදි දැනගනියි. මේ දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාව යයි තත් වූ පරිදි දැනගනියි. මේ ආශ්‍රව යයි තත් වූ පරිදි දැනගනියි. මේ ආශ්‍රවසමුදය යයි තත් වූ පරිදි දැනගනියි. මේ ආශ්රවනිරෝධය යි තත් වූ පරිදි දැනගනියි. මේ ආශ්රවනිරොධගාමිනී ප්‍රතිපදාව යයි තත් වූ පරිදි දැනගනියි. බ්‍රාහ්මණ ය, මෙ ද තථාගතපද යයි ද, තථාගතනිසේවිත යයි ද, තථාගතාරඤ්ජිත ය යි කියනු ලැබේ. ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙපමණෙකින් ‘භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධයහ, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය ස්වක්ඛාත ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය’යි නිශ්චයට නො පැමිණෙයි.
32. තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති, භවාසවාපි චිත්තං විමුච්චති, අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාති. ඉදම්පි වුච්චති බ්‍රාහ්මණ, තථාගතපදං ඉතිපි, තථාගතනිසෙවිතං ඉතිපි, තථාගතාරඤ්ජිතං ඉතිපි. එත්තාවතා ඛො බ්‍රාහ්මණ, අරියසාවකො නිට්ඨං ගතො හොති: ‘සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො’ති. එත්තාවතා බ්‍රාහ්මණ, හත්ථිපදොපමො විත්ථාරෙන පරිපූරො හොතීති.
32. මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ ඔහුගේ සිත කාමාශ්‍රවයෙන් ද මිදෙයි. භවාශ්‍රවයෙන් ද සිත මිදෙයි. අවිද්‍යාස්‍රවයෙන් ද සිත මිදෙයි. මිදුණු කල්හි මිදිණැයි ඥානය වෙයි. ජාතිය ගෙවී ගියා ය. බඹසර වැස නිමවන ලද කළ යුතු දේ කරන ලද මින්පසු මේ අර්හත්වය පිණිස කටයුතු අනිකක් නැතැයි දැන ගනියි. බ්‍රාහ්මණ ය, මෙ ද තථාගතපද යයි ද, තථාගතනිසේවිත යයි ද, තථාගතාරඤ්ජිත ය යි කියනු ලැබේ. ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙපමණෙකින් ‘භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධයහ, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය ස්වක්ඛාත ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය’යි නිශ්චයට පැමිණියේ වෙයි. බ්‍රාහ්මණ ය, මෙපමණෙකින් වනාහි ඇත්පිය උපමාව පරිපූර්ණ වූයේ වේ.
33. එවං වුත්තෙ ජාණුස්සොණි බ්රාහ්මණො භගවන්තං එතදවොච: ‘අභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම, සෙය්යථාපි භො ගොතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය: ‘චක්ඛුමන්තො රූපානි දක්ඛන්තී’ති. එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි, ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
33. මෙසේ වදාළ කල්හි ජාණුස්සෝණි බ්‍රාහ්මණ තෙම් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටි කුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වේ ද, පිළිසන් වූවක් විවෘත කරන්නේ හෝ වේද, මං මුළා වූවහුට මග කියන්නේ හෝ වේ ද, ඇස් ඇත්තා හු රූප දක්නාහු ය යි අන්ධකාරයෙහි තෙල් පහනක් දරන්නේ හෝ වේද, එ පරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්මය දේශනා කරන ලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ ද ධර්මය ද සඞ්ඝයා ද සරණ යෙමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවි හිම් කොට සරණ ගිය උපාසකයෙකු කොට දරණ සේක්වායි.
චූළහත්ථිපදොපමසුත්තං සත්තමං.
චූළහත්ථිපදෝපම සූත්‍රය සත්වැනි යි.