මහාහත්ථිපදොපමසුත්තං
1. 3. 8.
1. 3. 8.
මහාහත්ථිපදොපමසුත්තං
මහාහත්ථිපදෝපම සූත්‍රය
1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛූ ආමන්තෙසි: ‘ආවුසො භික්ඛවො’ති. ආවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො එතදවොච:
1. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ‘ඇවැත්නි, මහණෙනි’ යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු ‘ඇවැත්නි’ යි ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ. ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළ සේක.
2. සෙය්යථාපි ආවුසො යානි කානිචි ජඞ්ගලානං පාණානං පදජාතානි සබ්බානි තානි හත්ථිපදෙ සමොධානං ගච්ඡන්ති, හත්ථිපදං තෙසං අග්ගමක්ඛායති යදිදං මහන්තත්තෙන; එවමෙව ඛො ආවුසො යෙ කෙචි කුසලා ධම්මා සබ්බෙ තෙ චතූසු අරියසච්චෙසු සඞ්ගහං ගච්ඡන්ති. කතමෙසු චතූසු: දුක්ඛෙ අරියසච්චෙ, දුක්ඛසමුදයෙ අරියසච්චෙ, දුක්ඛනිරොධෙ අරියසච්චෙ, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අරියසච්චෙ.
2. ඇවැත්නි, යම්සේ පොළොව මතුපිට හැසිරෙන්නා වූ පා සහිත වූ සතුන්ගේ යම්කිසි පාදයෝ වෙත් ද, ඒ සියලු පාදයෝ ඇත්පියෙහි ඇතුළත් වීමට පැමිණෙත්. ඇත්පිය මහත් බැවින් ඒ සියලු පාදයන් අතුරෙහි අග්‍රය යි කියනු ලැබේ. ඇවැත්නි, එපරිද්දෙන් ම යම් මේ කුශලධර්ම කෙනෙක් වෙත් ද ඒ සියල්ල චතුරාර්ය්යසත්යධර්මයෙහි සංග්‍රහයට යෙත්. කවර සතරෙක්හි ද යත්: දුඃඛාර්‍ය්‍යසත්‍යයෙහි, දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යයෙහි, දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යයෙහි, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යයෙහි ය.
3. කතමඤ්චාවුසො දුක්ඛං අරියසච්චං: ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාපි දුක්ඛා, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, සඞ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා.
3. ඇවැත්නි, දුඃඛාර්‍ය්‍යසත්‍ය කවරේ ද? ජාතිය ද දුක ය, ජරාව ද දුක ය. මරණය ද දුක ය. ශෝකය වැලපීම කායිකදුක මානසික දොම්නස දැඩි ආයාස යන මොහු ද දුක්ය. කැමති වූ යමක් නොලබා නම්, එ ද දුක ය. සංක්ෂේපයෙන් උපාදානස්කන්ධ පස ම දුක ය.
4. කතමෙ චාවුසො, පඤ්චුපාදානක්ඛන්ධා: සෙය්යථිදං රූපූපාදානක්ඛන්ධො වෙදනූපාදානක්ඛන්ධො සඤ්ඤූපාදානක්ඛන්ධො සඞ්ඛාරූපාදානක්ඛන්ධො, විඤ්ඤාණූපාදානක්ඛන්ධො.
4. ඇවැත්නි, උපාදානස්කන්ධ පස කවරේ ද? එනම්: රූපූපාදානක්ඛන්ධ ය, වේදනානුපාදානක්ඛන්ධය, සඤ්ඤූපාදානක්ඛන්ධ ය, සඞ්ඛාරුපාදානක්ඛන්ධ ය, විඤ්ඤාණුපාදානක්ඛන්ධ ය යන මොහු ය.
5. කතමො චාවුසො, රූපූපාදානක්ඛන්ධො: චත්තාරි ච මහාභූතානි චතුන්නඤ්ච මහාභූතානං උපාදාය රූපං. කතමෙ චාවුසො චත්තාරො මහාභූතා: පඨවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතු.
5. ඇවැත්නි, රූපූපදානක්ඛන්ධ ය කවරේ ද? සතර මහාභූතයෝ ද සතර මහාභූතයන්ගේ උපාදායරූප ද යන මේ යි. ඇවැත්නි, සතර මහාභූතයෝ කවරහු ද? පඨවිධාතුව, ආපෝධාතුව, තේජෝධාතුව, වායෝධාතුව යන මොහු ය.
6. කතමා චාවුසො පඨවීධාතු: පඨවීධාතු සියා අජ්ඣත්තිකා සියා බාහිරා. කතමා චාවුසො අජ්ඣත්තිකා පඨවීධාතු: යං අජ්ඣත්තං පච්චත්තං කක්ඛළං ඛරිගතං උපාදින්නං, සෙය්යථිදං: කෙසා ලොමා නඛා දන්තා තචො මංසං නහාරු අට්ඨි අට්ඨිමිඤ්ජං වක්කං හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං, යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං කක්ඛළං ඛරිගතං උපාදින්නං, අයං වුච්චතාවුසො, අජ්ඣත්තිකා පඨවීධාතු.
6. ඇවැත්නි, පෘථිවිධාතුව කවරේ ද? පෘථිවිධාතුව ආධ්‍යාත්මික ද වන්නේ ය. බාහිර ද වන්නේ ය. ඇවැත්නි, ආධ්‍යාත්මික පෘථිවිධාතුව කවරේ ද? තමා පිළිබඳ තමා නිසා පවත්නා තද වූ පරුෂ වූ සතර මහාභූතයන්ගෙන් හටගත් යම් ද්‍රව්‍යයක් වේද, එනම් - කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇටමිදුලු, වකුගඩුව, හදවත්, අක්මාව, දලබුව, බඩදිව, පපුමස, අතුනු, අතුනුබහන්, නො පැසුණු අහර, මල යන මේ ද, තමා තුළ වූ කර්කශ වූ තද වූ මහාභූතයන් නිසා හටගත් අන්‍ය වූ යම් කිසිවකුත් වේ ද, ඇවැත්නි, මේ ආධ්‍යාත්මික පෘථිවිධාතුව යයි කියනු ලැබේ.
යා චෙව ඛො පන අජ්ඣත්තිකා පඨවීධාතු, යා ච බාහිරා පඨවීධාතු, පඨවීධාතුරෙවෙසා. ‘තං නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා පඨවීධාතුයා නිබ්බින්දති. පඨවීධාතුයා චිත්තං විරාජෙති.
යම් මේ ආධ්‍යාත්මික පෘථිවිධාතුවකුත් වේ ද, යම් බාහිර පෘථිවිධාතුවක් වේ ද, ඒ සියල්ල පෘථිවිධාතු ම ය. ‘මේ පෘථිවිධාතුව මගේ නොවෙයි. මම තෙල පෘථිවිධාතුයෙම් නො වෙමි. පෘථිවි ධාතුව මගේ ආත්මය නො වේ’යි මෙසේ මෙය සම්‍යක්ප්‍රඥාවෙන් තත් වූ පරිදි දැක්ක යුතු ය. මෙසේ මෙය තත් වූ පරිදි සම්‍යක්ප්‍රඥාවෙන් දැක පෘථිවිධාතුවෙහි උකැටි වෙයි. පෘථිවිධාතුවෙන් සිත බැහැර කෙරෙයි.
7. හොති ඛො සො ආවුසො සමයො යං බාහිරා ආපොධාතු පකුප්පති. අන්තරහිතා තස්මිං සමයෙ බාහිරා පඨවීධාතු හොති. තස්සා හි නාම ආවුසො බාහිරාය පඨවීධාතුයා තාව මහල්ලිකාය අනිච්චතා පඤ්ඤායිස්සති, ඛයධම්මතා පඤ්ඤායිස්සති, වයධම්මතා පඤ්ඤායිස්සති, විපරිණාමධම්මතා පඤ්ඤායිස්සති. කිම්පනිමස්ස මත්තට්ඨකස්ස කායස්ස තණ්හූපාදින්නස්ස ‘අහන්ති වා, මමන්ති වා, අස්මීතිවා’. අථ ඛ්වස්ස නො චෙවෙත්ථ හොති.
7. යම් හෙයකින් බාහිර ආපෝධාතුව කිපේ ද, එබඳු කාලයෙක් වේ ම ය. එකල්හි බාහිර පඨවිධාතුව අතුරු දහන් වූයේ වෙයි. ඇවැත්නි, බහලත්වයෙන් ඒ නිසා (කෙළ සියදහසක් පමණ) මහත් වූ ඒ බාහිර පඨවිධාතුවේ ද අනිත්‍යභාවය පෙනෙයි. ක්ෂයස්වභාවය පෙනෙයි. ව්‍යයස්වභාවය පෙනෙයි. වෙන්සවන ස්වභාවය ඇති බව පෙනෙයි. කිම, ඔහුට මේ මඳ කලක් පවත්නා වූ තෘෂ්ණාවෙන් දැඩි ව ගන්නා ලද්දා වූ ආධ්‍යාත්මික ශරීරය පිළිබඳ ව ‘මම ය’ කියා හෝ ‘මාගේ ය’ කියා හෝ ‘මම වෙමි’යි කියා හෝ ගැනීමෙක් වේ ද? තිලකුණු නගා බලන ඒ මහණ හට මෙහි තෘෂ්ණා, දෘෂ්ටි, මාන වශයෙන් ගැනීමෙක් නො වේ ම ය.
8. තඤ්චෙ ආවුසො භික්ඛුං පරෙ අක්කොසන්ති පරිභාසන්ති රොසෙන්ති විහෙසෙන්ති, සො එවං පජානාති: උප්පන්නා ඛො මෙ අයං සොතසම්ඵස්සජා දුක්ඛා වෙදනා. සා ච ඛො පටිච්ච නො අප්පටිච්ච. කිං පටිච්ච? ඵස්සං පටිච්ච. සො ඵස්සො අනිච්චොති පස්සති. වෙදනා අනිච්චාති පස්සති. සඤ්ඤා අනිච්චාති පස්සති. සඞ්ඛාරා අනිච්චාති පස්සති. විඤ්ඤාණං අනිච්චන්ති පස්සති. තස්ස ධාතාරම්මණමෙව චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති අධිමුච්චති.
8. ඇවැත්නි, ඒ මහණහට අන්‍යයෝ ආක්‍රෝශ කෙරෙත් ද, පරිභව කෙරෙත් ද, ගටත් ද, වෙහෙසත් ද, හෙතෙම මෙසේ දනියි: ‘මට මේ ශ්‍රෝත්‍රසංස්පර්‍ශයෙන් හටගත් දුඃඛවේදනාව උපන්නී ය. ඕ වනාහි හේතුවක් නිසා උපන්නී ය. හේතු රහිත ව නො උපන්නී ය. කුමක් හේතුකොට ද යත්: ස්පර්ශය හේතු කොට ය. හෙතෙමේ ස්පර්ශය අනිත්‍ය යයි දකියි. වේදනාව අනිත්‍ය යයි දකියි. සංඥාව අනිත්‍ය යයි දකියි. සංස්කාරයෝ අනිත්‍යහ යි දකියි. විඤ්ඤාණය අනිත්‍ය යයි දකියි. ඔහුගේ සිත ධාතුසංඛ්යාත ආලම්බනයට ම බසී. ඒ අරමුණෙහි ම පහදියි. ඒ අරමුණෙහි ම සිටියි. ඒ අරමුණෙහි ම ධාතුවශයෙන් ම නිශ්චයට පැමිණෙයි.
9. තඤ්චෙ ආවුසො භික්ඛුං පරෙ අනිට්ඨෙහි අකන්තෙහි අමනාපෙහි සමුදාචරන්ති: පාණිසම්ඵස්සෙනපි, ලෙඩ්ඩුසම්ඵස්සෙනපි, දණ්ඩසම්ඵස්සෙනපි, සත්ථසම්ඵස්සෙනපි, සො එවං පජානාති: “තථාභූතො ඛො අයං කායො යථාභූතස්මිං කායෙ පාණිසම්ඵස්සාපි කමන්ති, ලෙඩ්ඩුසම්ඵස්සාපි කමන්ති, දණ්ඩසම්ඵස්සාපි කමන්ති, සත්ථසම්ඵස්සාපි කමන්ති. වුත්තං ඛො පනෙතං භගවතා කකචූපමොවාදෙ: ‘උභතො දණ්ඩකෙන චෙපි භික්ඛවෙ කකචෙන චොරා ඔචරකා අඞ්ගමඞ්ගානි ඔකන්තෙය්‍යුං, තත්රාපි යො මනො පදොසෙය්ය න මෙ සො තෙන සාසනකරො’ති. ආරද්ධං ඛො පන මෙ විරියං භවිස්සති අසල්ලීනං. උපට්ඨිතා සති අපම්මුට්ඨා. පස්සද්ධො කායො අසාරද්ධො. සමාහිතං චිත්තං එකග්ගං. කාමංදානි ඉමස්මිං කායෙ පාණිසම්ඵස්සාපි කමන්තු, ලෙඩ්ඩුසම්ඵස්සාපි කමන්තු, දණ්ඩසම්ඵස්සාපි කමන්තු, සත්ථසම්ඵස්සාපි කමන්තු, කරීයති හිදං බුද්ධානං සාසන”න්ති.
9. ඇවැත්නි, ඉදින් ඒ මහණහට අන්‍යයෝ අනිටු වූ නොකැමති වූ මන නොවඩන්නා වූ අතුල්පහරින් ද, කැටකැබැලිතිපහරින් ද, දඬුපහරින් ද, සැත්පහරින් ද ගසත් නම් හෙතෙමේ මෙසේ දනියි: “යම්බඳු කයක අත් පහර වදී ද, කැට පහර වදී ද, දඬු පහර වදී ද, සැත් පහර වදී ද, මේ කය එසේ වූයේ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් කකචූපම ඕවාදයෙහි දී මෙය වදාරන ලදි: ‘මහණෙනි, ලමුකම් ඇති හොරු දෙපස මිටි ඇති කියතකින් අඟ පසඟ කපත් ද, ඒ සොරුන් කෙරෙහි ද යමෙක් සිත ප්‍රදූෂ්‍ය කරන්නේ නම් හෙතෙම එයින් මාගේ අනුශාසනය කරන්නෙක් නො වේ ය’ කියා යි. මා විසින් වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේ නො හැකුළුණේ වන්නේ ය. සිහිය එළඹ සිටියේ නො මුළා ය. කය සන්හිඳුණේ පහ වූ දරථ ඇත්තේ ය. සිත සමාහිත වූයේ එකඟ ය. දැන් කැමැති සේ මේ ශරීරයෙහි අතුල්පහස්හු ද වදිත්වා. කැට පහස්හු ද වදිත්වා. ඳඬුපහස්හු ද වදිත්වා. සැත්පහස්හු ද වදිත්වා. එහෙත් බුදුන්ගේ මේ ශාසනාය කරනු ලැබේම ය.
10. තස්ස චෙ ආවුසො භික්ඛුනො එවං බුද්ධං අනුස්සරතො එවං ධම්මං අනුස්සරතො එවං සඞ්ඝං අනුස්සරතො උපෙක්ඛා කුසලනිස්සිතා න සණ්ඨාති. සො තෙන සංවිජ්ජති, සංවෙගං ආපජ්ජති: ‘අලාභා වත මෙ, න වත මෙ ලාභා, දුල්ලද්ධං වත මෙ, න වත මෙ සුලද්ධං, යස්ස මෙ එවං බුද්ධං අනුස්සරතො එවං ධම්මං අනුස්සරතො එවං සඞ්ඝං අනුස්සරතො උපෙක්ඛා කුසලනිස්සිතා න සණ්ඨාතී’ති.
10. ඇවැත්නි, ඉදින් මෙසේ බුදුන් සිහි කරන මෙසේ ධර්මය සිහි කරන මෙසේ සඞ්ඝයා සිහි කරන මහණහට කුශලනිඃශ්‍රිත වූ විදර්ශනෝපේක්ෂාව නො පිහිටා ද, හෙතෙම එයින් සංවිග්න (කම්පිත) වෙයි. සංවේගයට පැමිණෙයි: ‘මෙසේ බුදුන් සිහි කරන මෙසේ ධර්මය සිහි කරන මෙසේ සඞ්ඝයා සිහි කරන යම් බඳු වූ මට කුශලනිඃශ්‍රිත වූ උපේක්ෂාව නො පිහිටා ද, එය ඒකාන්තයෙන් මට අලාභ ය, ඒකාන්තයෙන් මට ලාභ නො වෙයි. මාගේ ලැබීම නොමනා ය. මාගේ ලැබීම යහපත් නො වේ’යි කියායි.
11. සෙය්යථාපි ආවුසො සුණිසා සසුරං දිස්වා සංවිජ්ජති සංවෙගං ආපජ්ජති. එවමෙව ඛො ආවුසො තස්ස චෙ භික්ඛුනො එවං බුද්ධං අනුස්සරතො එවං ධම්මං අනුස්සරතො එවං සඞ්ඝං අනුස්සරතො උපෙක්ඛා කුසලනිස්සිතා න සණ්ඨාති, සො තෙන සංවිජ්ජති, සංවෙගං ආපජ්ජති: ‘අලාභා වත මෙ, න වත මෙ ලාභා, දුල්ලද්ධං වත මෙ, න වත මෙ සුලද්ධං, යස්ස මෙ එවං බුද්ධං අනුස්සරතො එවං ධම්මං අනුස්සරතො එවං සඞ්ඝං අනුස්සරතො උපෙක්ඛා කුසලනිස්සිතා න සණ්ඨාතී’ති.
11. ඇවැත්නි, යම් සේ ලේළිය මයිලණුවන් දැක සංවිග්න වෙයි ද, සංවේගයට පැමිණෙයි ද, ඇවැත්නි, මෙසේ බුදුන් සිහි කරන මෙසේ ධර්මය සිහි කරන මෙසේ සඞ්ඝයා සිහි කරන ඒ මහණහට කුශලනිඃශ්‍රිත උපේක්ෂාව නො පිහිටා ද, හෙතෙම එයින් සංවිග්න වෙයි. සංවේගයට පැමිණෙ යි: මෙසේ බුදුන් සිහි කරන මෙසේ ධර්මය සිහි කරන මෙසේ සඞ්ඝයා සිහි කරන යම් බඳු වූ මට කුශලනිඃශ්‍රිත වූ උපේක්ෂාව නො පිහිටා ද, ඒ මට ඒකාන්තයෙන් අලාභ ය. මට ඒකාන්තයෙන් ලාභ නො වෙයි. මාගේ ලැබීම නොමනා ය. මාගේ ලැබීම යහපත් නො වේ.
12. තස්ස චෙ ආවුසො භික්ඛුනො එවං බුද්ධං අනුස්සරතො එවං ධම්මං අනුස්සරතො එවං සඞ්ඝං අනුස්සරතො උපෙක්ඛා කුසලනිස්සිතා සණ්ඨාති, සො තෙන අත්තමනො හොති. එත්තාවතාපි ඛො ආවුසො භික්ඛුනො බහුකතං හොති.
12. ඇවැත්නි, ඉදින් මෙසේ බුදුන් සිහි කරන මෙසේ ධර්මය සිහි කරන මෙසේ සඞ්ඝයා සිහි කරන ඒ මහණහට ඉදින් කුශලනිඃශ්‍රිත උපේක්ෂාව පිහිටා නම්, හෙතෙම එයින් සතුටු වෙයි. ඇවැත්නි, මෙපමණකින් ඒ මහණහු විසින් බුද්ධශාසනය බොහෝ කොට කරන ලද වෙයි.
13. කතමා චාවුසො ආපොධාතු? ආපොධාතු සියා අජ්ඣත්තිකා සියා බාහිරා. කතමා චාවුසො අජ්ඣත්තිකා ආපොධාතු? යං අජ්ඣත්තං පච්චත්තං ආපො ආපොගතං උපාදින්නං: සෙය්යථිදං – පිත්තං සෙම්හං පුබ්බො ලොහිතං සෙදො මෙදො අස්සු වසා ඛෙළො සිඞ්ඝාණිකා ලසිකා මුත්තං, යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං ආපො ආපොගතං උපාදින්නං – අයං වුච්චතාවුසො අජ්ඣත්තිකා ආපොධාතු. යා චෙව ඛො පන අජ්ඣත්තිකා ආපොධාතු යා ච බාහිරා ආපොධාතු ආපොධාතුරෙවෙසා. තං ‘නෙතං මම, නෙසොහමස්මි න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා ආපොධාතුයා නිබ්බින්දති, ආපොධාතුයා චිත්තං විරාජෙති.
13. ඇවැත්නි, ආපෝධාතුව කවර? ආපෝධාතුව ආධ්‍යාත්මික ද වන්නේ ය. බාහිර ද වන්නේ ය. ඇවැත්නි, ආධ්‍යාත්මික ආපෝධාතුව කවර යත්: අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ භූතයන් නිසා හටගත් යම් (ආබන්ධන ලක්ෂණ) ආපයෙක් ආපොගතයෙක්වේ ද - ඒ මෙසේ ය: පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, මේදතෙල්, කඳුළු, වුරුණුතෙල්, කෙළ, සොටු, සඳමිඳුල, මුත්‍ර, යන මොහු ය. තමා තුළ පිහිටි ආබන්ධන ලක්ෂණ වූ ආපෝ බවට ගිය මහාභූතයන් නිසා හටගත් යම් අන්කිසිවකුත් වේ ද, ඇවැත්නි, මෙය අජ්ඣත්තික ආපෝධාතුවය යි කියනු ලැබේ. ඇවැත්නි, යම් මේ අජ්ඣත්තික ආපොධාතුවක් වේ ද, යම් මේ බාහිර ආපෝධාතුවකුත් වේ ද, මේ සියල්ල ආපෝධාතු ම ය. ‘මේ මාගේ නොවේ. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වේය’යි මෙය මෙසේ තත් වූ පරිදි සම්‍යක්ප්‍රඥාවෙන් දැක්ක යුතුය. මෙසේ එය තත් වූ පරිදි සම්‍යක්ප්‍රඥාවෙන් දැක ආපෝධාතුවෙහි කලකිරෙයි. ආපෝධාතුවෙහි සිත නො රඳවයි.
14. හොති ඛො සො ආවුසො සමයො යං බාහිරා ආපොධාතු පකුප්පති. සා ගාමම්පි වහති, නිගමම්පි වහති, නගරම්පි වහති, ජනපදම්පි වහති, ජනපදපදෙසම්පි වහති. හොති ඛො සො ආවුසො සමයො යං මහාසමුද්දෙ යොජනසතිකානිපි උදකානි ඔගච්ඡන්ති, ද්වියොජනසතිකානිපි උදකානි ඔගච්ඡන්ති, තියොජනසතිකානිපි උදකානි ඔගච්ඡන්ති, චතුයොජනසතිකානිපි උදකානි ඔගච්ඡන්ති, පඤ්චයොජනසතිකානිපි උදකානි ඔගච්ඡන්ති, ඡයොජනසතිකානිපි උදකානි ඔගච්ඡන්ති, සත්තයොජනසතිකානිපි උදකානි ඔගච්ඡන්ති. –
14. ඇවැත්නි, යම් හෙයකින් බාහිර ආපෝධාතුව කිපේ ද, එබඳු වූ කාලයෙක් වේ ම ය. එය ගම් ද ගලා යයි. නියම්ගම් ද ගලා යයි. නගර ද ගලා යයි. දනවු ද ගලා යයි. දනවු පෙදෙස් ද ගලා යයි. ඇවැත්නි, මහමුහුද යොදුන් සියක් පමණ තැන් ජලය සිඳී යේ ද, යොදුන් දෙසියකුත් ජලය සිඳී යේ ද, යොදුන් තුන්සියකුත් ජලය සිඳී යේ ද, යොදුන් හාරසියකුත් ජලය සිඳී යේ ද, යොදුන් පන්සියකුත් ජලය සිඳී යේ ද, යොදුන් හයසියකුත් ජලය සිඳී යේ ද, යොදුන් සත්සියකුත් ජලය සිඳී යේ ද, එබඳු කාලයෙක් වෙයි.
හොති ඛො සො, ආවුසො, සමයො යං මහාසමුද්දෙ සත්තතාලම්පි උදකං සණ්ඨාති, ඡතාලම්පි උදකං සණ්ඨාති, පඤ්චතාලම්පි උදකං සණ්ඨාති, චතුතාලම්පි උදකං සණ්ඨාති, තිතාලම්පි උදකං සණ්ඨාති, ද්විතාලම්පි උදකං සණ්ඨාති, තාලම්පි උදකං සණ්ඨාති. හොති ඛො සො ආවුසො සමයො යං මහාසමුද්දෙ සත්තපොරිසම්පි උදකං සණ්ඨාති, ඡපොරිසම්පි උදකං සණ්ඨාති, පඤ්චපොරිසම්පි උදකං සණ්ඨාති, චතුපොරිසම්පි උදකං සණ්ඨාති, තිපොරිසම්පි උදකං සණ්ඨාති, ද්විපොරිසම්පි උදකං සණ්ඨාති, පොරිසම්පි උදකං සණ්ඨාති. හොති ඛො සො ආවුසො සමයො යං මහාසමුද්දෙ අද්ධපොරිසම්පි උදකං සණ්ඨාති, කටිමත්තම්පි උදකං සණ්ඨාති, ජණ්ණුමත්තම්පි උදකං සණ්ඨාති, ගොප්ඵකමත්තම්පි උදකං සණ්ඨාති. හොති ඛො සො ආවුසො සමයො යං මහාසමුද්දෙ අඞ්ගුලිපබ්බතෙමනමත්තම්පි උදකං න හොති. තස්සා හි නාම ආවුසො බාහිරාය ආපොධාතුයා තාව මහල්ලිකාය අනිච්චතා පඤ්ඤායිස්සති -පෙ-
ඇවැත්නි, යම් කලෙක මහ මුහුදෙහි ජලය සත්තලක් පමණ සිටී ද, සතලක් පමණ සිටී ද, පස්තලක් පමණ සිටී ද සිවුතලක් පමණ සිටී ද, තුන්තලක් පමණ සිටී ද, දෙතලක් පමණ සිටී ද, එක්තලක් පමණ සිටී ද, එවැනි කාලයෙක් වෙයි. ඇවැත්නි, යම් කලෙක මහ මුහුදෙහි පුරුෂ ප්‍රමාණ සතක් ජලය සිටී ද, පුරුෂ ප්‍රමාණ සයක්...... පුරුෂ ප්‍රමාණ පසක් ජලය සිටී ද, පුරුෂ ප්‍රමාණ සතරක් ජලය සිටී ද, පුරුෂ ප්‍රමාණ තුනක් ජලය සිටී ද, පුරුෂ ප්‍රමාණ දෙකක් ජලය සිටී ද, පුරුෂ ප්‍රමාණයක් ජලය සිටී ද, එබඳු කාලයෙක් වේ ම ය. ඇවැත්නි, යම් කලෙක මහ මුහුදෙහි අර්ධපුරුෂ ප්‍රමාණයක් ජලය සිටී ද, කටිය පමණ ජලය සිටී ද, දණ පමණ ජලය සිටී ද, ගොප් ඇටය පමණ ජලය සිටී ද, එබඳු කාලයෙක් වේ ම ය. ඇවැත්නි, යම් කලෙක මහ මුහුදෙහි ඇඟිලි පුරුක තෙමෙන පමණ ජලය නො වේ ද, එබඳු කාලයෙක් වේ ම ය. ඇවැත්නි, එපමණ මහත් වූ බාහිර ආපෝධාතුවගේ අනිත්‍යතා පෙනෙන්නේ ය...
15. තස්ස චෙ ආවුසො භික්ඛුනො [එවං බුද්ධං අනුස්සරතො, එවං ධම්මං අනුස්සරතො] එවං සඞ්ඝං අනුස්සරතො උපෙක්ඛා කුසලනිස්සිතා සණ්ඨාති, සො තෙන අත්තමනො හොති. එත්තාවතාපි ඛො ආවුසො භික්ඛුනො බහුකතං හොති.
15. ඇවැත්නි, මෙසේ බුදුන් සිහි කරන, මෙසේ ධර්මය සිහි කරන, මෙසේ සඞ්ඝයා සිහි කරන ඒ මහණහට ඉදින් කුශල නිඃශ්‍රිත වූ උපේක්ෂාව පිහිටා ද, හෙතෙම එයින් සතුටු වෙයි. ඇවැත්නි, මෙපමණකිනුත් මහණහු විසින් බුද්ධශාසනය බොහෝ කොට කරණ ලද්දේ වෙයි.
16. කතමා චාවුසො, තෙජොධාතු? තෙජොධාතු සියා අජ්ඣත්තිකා සියා බාහිරා. කතමා චාවුසො අජ්ඣත්තිකා තෙජොධාතු? යං අජ්ඣත්තං පච්චත්තං තෙජො තෙජොගතං උපාදින්නං - සෙය්යථිදං: යෙන ච සන්තප්පති, යෙන ච ජරීයති, යෙන ච පරිඩය්හති, යෙන ච අසිතපීතඛායිතසායිතං සම්මා පරිණාමං ගච්ඡති, යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං තෙජො තෙජොගතං උපාදින්නං – අයං වුච්චතාවුසො අජ්ඣත්තිකා තෙජොධාතු. යා චෙව ඛො පන අජ්ඣත්තිකා තෙජොධාතු යා ච බාහිරා තෙජොධාතු තෙජොධාතුරෙවෙසා. තං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා තෙජොධාතුයා නිබ්බින්දති. තෙජොධාතුයා චිත්තං විරාජෙති.
16. ඇවැත්නි, තේජෝධාතුව කවර? තේජෝධාතුව අජ්ඣත්තික ද වන්නේ ය. බාහිර ද වන්නේ ය. ඇවැත්නි, අජ්ඣත්තික තේජෝධාතුව කවර? තමා පිළිබඳ තේජස වූ තේජස් බවට ගියා වූ (මම ය මාගේ යයි) තරව ගන්නා ලද යමක් වේ ද - එනම්: යමෙකින් තැවේ ද, යමෙකින් දිරා ද, යමෙකින් දැවේ ද, අනුභව කරන ලද පානය කරන ලද කඩා කන ලද රස විඳින ලද දේ යමෙකින් මැනවින් පැසීවීමට යේ ද, එයින් අන්‍ය වූ ද තමා නිසා පවත්නා වූ තේජස වූ තේජස බවට ගියා වූ තරව ගන්නා ලද්දා වූ යම් කිසිවකුත් වේ ද - ඇවැත්නි, මෙය ආධ්‍යාත්මික තෙජොධාතු යයි කියනු ලැබේ. ඇවැත්නි, යම් මේ ආධ්‍යාත්මික තේජෝධාතුව ක් වේ ද, යම් බාහිර තේජෝධාතුවක් වේ ද, එය තේජෝධාතු ම ය. ‘එය මාගේ නො වෙයි. මම තෙල නො වෙමි. එය මාගේ ආත්මය නො වේ’යි - මේ මෙය මෙසේ තත් වූ පරිදි සම්‍යක්ප්‍රඥාවෙන් දැක්ක යුතුය. මෙසේ මෙය තත් වූ පරිදි සම්‍යක්ප්‍රඥාවෙන් දැක තේජෝධාතුවෙහි කලකිරෙයි. තේජෝධාතුවෙහි සිත නො අලවයි.
17. හොති ඛො සො ආවුසො සමයො යං බාහිරා තෙජොධාතු පකුප්පති. සා ගාමම්පි ඩහති, නිගමම්පි ඩහති, නගරම්පි ඩහති, ජනපදම්පි ඩහති, ජනපදපදෙසම්පි ඩහති. සා හරිතන්තං වා පන්ථන්තං වා සෙලන්තං වා උදකන්තං වා රමණීයං වා භූමිභාගං ආගම්ම අනාහාරා නිබ්බායති. හොති ඛො සො ආවුසො සමයො යං කුක්කුටපත්තෙනපි නහාරුදද්දුලෙනපි අග්ගිං ගවෙසන්ති. තස්සා හි නාම ආවුසො බාහිරාය තෙජොධාතුයා තාව මහල්ලිකාය අනිච්චතා පඤ්ඤායිස්සති -පෙ-
17. ඇවැත්නි, යම් කලෙක බාහිර තේජෝධාතුව කිපේ ද, එබඳු කාලයෙක් වේ ම ය. එය ගම් ද දවයි. නියම්ගම් ද දවයි. නගර ද දවයි. ජනපද ද දවයි. දනවුපෙදෙස් ද දවයි. ඒ තේජෝධාතුව නිල් තෙත් තණ වෙතට හෝ මහමගට හෝ පව්වකට හෝ දියකට හෝ එළිමහන් බිම්පෙදෙසකට හෝ පැමිණ ආහාර රහිත වූයේ නිවෙයි. ඇවැත්නි, යම් කලෙක කුකුළු පියාපතෙකින් ද සම්වැරලියෙන් ද ගිනි සොයත් නම් එබඳු කාලයක් වේ ම ය. ඇවැත්නි, එපමණ මහත් වූ බාහිර තේජෝධාතුවෙහි අනිත්‍ය භාවයක් පෙනෙන්නේ ය ...
18. තස්ස චෙ ආවුසො භික්ඛුනො එවං බුද්ධං අනුස්සරතො එවං ධම්මං අනුස්සරතො එවං සඞ්ඝං අනුස්සරතො උපෙක්ඛා කුසලනිස්සිතා සණ්ඨාති, සො තෙන අත්තමනො හොති. එත්තාවතාපි ඛො ආවුසො භික්ඛුනො බහුකතං හොති.
18. ඇවැත්නි, මෙසේ බුදුන් සිහි කරන, මෙසේ ධර්මය සිහි කරන, මෙසේ සඞ්ඝයා සිහි කරන ඒ මහණහට ඉදින් කුශල නිඃශ්‍රිත වූ උපේක්ෂාව පිහිටා ද, හෙතෙම එයින් සතුටු වෙයි. ඇවැත්නි, මෙපමණකිනුත් භික්ෂූහු විසින් බුද්ධශාසනය බොහෝ කොට කරන ලද්දේ වෙයි.
19. කතමා චාවුසො වායොධාතු? වායොධාතු සියා අජ්ඣත්තිකා සියා බාහිරා. කතමා චාවුසො අජ්ඣත්තිකා වායොධාතු? යං අජ්ඣත්තං, පච්චත්තං වායො වායොගතං උපාදින්නං - සෙය්යථිදං: උද්ධඞ්ගමා වාතා, අධොගමා වාතා, කුච්ඡිසයා වාතා, කොට්ඨසයා වාතා, අඞ්ගමඞ්ගානුසාරිනො වාතා, අස්සාසො පස්සාසො ඉති වා, යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං වායො වායොගතං උපාදින්නං – අයං වුච්චතාවුසො අජ්ඣත්තිකා වායොධාතු. යා චෙව ඛො පන අජ්ඣත්තිකා වායොධාතු යා ච බාහිරා වායොධාතු වායොධාතුරෙවෙසා. තං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා වායොධාතුයා නිබ්බින්දති, වායොධාතුයා චිත්තං විරාජෙති.
19. ඇවැත්නි, වායෝධාතු කවර? ආධ්‍යාත්මික වායෝ ධාතුවත් බාහිර ද වායෝ ධාතුවත් ඇත. ඇවැත්නි, අජ්ඣත්තික වායෝධාතුව කවර? තමා තුළ පවත්නා වූ වාතය වූ වාත ස්වභායට ගියා වූ මහා භූතයන් නිසා හටගත්තා වූ යමක් වේ ද - එනම්: තැලිනැගීම් හික්කා ආදිය පවත්වන, උඩට නගින වාතයෝ ද, මල මූ ආදිය පවත්වන යට බස්නා වාතයෝ ද, අතුනු පිටත පවත්නා වාතයෝ ද, අතුනු තුළ පවත්නා වාතයෝ ද, අඟ පසඟ හැසිරෙන වාතයෝ ද ආශ්වාසය, ප්‍රශ්වාසය යන වාතයෝ ද මෙයින් අන්‍ය වූ තමා තුළ පවත්නා වූ වාතය වූ වාත ස්වභාවයට ගියා වූ භූතයන් නිසා හටගත්තා වූ යම්කිසිවකුත් වේ ද - ඇවැත්නි, මෙය අජ්ඣත්තික වායෝධාතු ය යි කියනු ලැබේ. යම් ආධ්‍යාත්මික වායෝධාතුවක් වේ ද, යම් බාහිර වායෝ ධාතුවක් වේ ද, මේ වායෝධාතු ම ය. ‘මේ මාගේ නො වෙයි. මම තෙල නො වෙමි. මේ මාගේ ආත්මය නො වෙ’යි - මෙය මෙසේ තත් වූ පරිදි සම්‍යක්ප්‍රඥාවෙන් දැක්ක යුතු වෙයි. මෙය මෙසේ තත් වූ පරිදි සම්‍යක්ප්‍රඥාවෙන් දැක වායෝ ධාතුවෙහි කලකිරෙයි. වායෝ ධාතුවෙහි සිත නො අලවයි.
20. හොති ඛො සො ආවුසො සමයො යං බාහිරා වායොධාතු පකුප්පති, සා ගාමම්පි වහති, නිගමම්පි වහති, නගරම්පි වහති, ජනපදම්පි වහති, ජනපදපදෙසම්පි වහති. හොති ඛො සො ආවුසො සමයො යං ගිම්හානං පච්ඡිමෙ මාසෙ තාලවණ්ටෙනපි විධූපනෙනපි වාතං පරියෙසන්ති, ඔස්සාවනෙපි තිණානි න ඉඤ්ජන්ති. තස්සා හි නාම ආවුසො බාහිරාය වායොධාතුයා තාව මහල්ලිකාය අනිච්චතා පඤ්ඤායිස්සති, ඛයධම්මතා පඤ්ඤායිස්සති, වයධම්මතා පඤ්ඤායිස්සති, විපරිණාමධම්මතා පඤ්ඤායිස්සති. කිම්පනිමස්ස මත්තට්ඨකස්ස කායස්ස තණ්හුපාදින්නස්ස ‘අහන්ති වා මමන්ති වා අස්මීති වා,’ අථ ඛ්වස්ස නො චෙවෙත්ථ හොති.
20. ඇවැත්නි, යම් කලෙක බාහිර වායෝ ධාතුව කිපේ ද, එබඳු කාලයෙක් වේ ම ය. එය ගම් ද නඟාලයි. නියම්ගම් ද නඟාලයි. නගර ද නඟාලයි. ජනපද ද නඟාලයි. ජනපද ප්‍රදේශයන් ද නඟාලයි. ඇවැත්නි, යම් කලෙක ගිම්හානයේ අන්තිම මැසයේ දී තල්වැටිනුත් විජිනිපතිනුත් වාතය සොයත් ද, සෙවෙනිඅගත් තණ නො සැලේ ද, එබඳු වූ කාලයක් වේ ම ය. ඇවැත්නි, එපමණ මහත් වූ වායෝධාතුවෙහි අනිත්‍යභාවය ප්‍රකට වන්නේ ය. ක්ෂය ස්වභාවය ප්‍රකට වන්නේ ය. විනාශස්වභාවය ප්‍රකට වන්නේ ය. විපරිණාම ස්වභාවය ප්‍රකට වන්නේ ය. ස්වල්පකාලයක් පවත්නා වූ තණ්හාවෙන් අල්ලා ගන්නා ලද්දා වූ මේ ශරීරය පිළිබඳව ‘මේ මම ය කියා හෝ, මාගේ ය කියා හෝ මම වෙමි’යි කියා හෝ ගැනීමෙක් කිම, ඕහට වන්නේද? ඒ මහණහට මෙහි තණ්හා මාන දිට්ඨි වසයෙන් ගැනීමෙක් නො වේ ම ය.
21. තඤ්චෙ ආවුසො භික්ඛුං පරෙ අක්කොසන්ති පරිභාසන්ති රොසෙන්ති විහෙසෙන්ති, සො එවං පජානාති: උප්පන්නා ඛො මෙ අයං සොතසම්ඵස්සජා දුක්ඛා වෙදනා, සා ච ඛො පටිච්ච, නො අප්පටිච්ච. කිං පටිච්ච? ඵස්සං පටිච්ච. සො ඵස්සො අනිච්චොති පස්සති, වෙදනා අනිච්චාති පස්සති, සඤ්ඤා අනිච්චාති පස්සති, සඞ්ඛාරා අනිච්චාති පස්සති, විඤ්ඤාණං අනිච්චන්ති පස්සති. තස්ස ධාතාරම්මණමෙව චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති අධිමුච්චති.
21. ඇවැත්නි, ඉදින් අන්‍යයෝ ඒ මහණහට ආක්‍රෝශ කෙරෙත් ද, පරිභව කෙරෙත් ද, ගටත් ද, වෙහෙසත් ද, හෙතෙම මෙසේ දනියි: “මට මේ ශ්‍රෝත්‍රසංස්පර්‍ශයෙන් හටගත් දුක් වේදනාවක් උපන්නීය ය. මේ වනාහි හේතුවක් නිසා උපන්නී ය. හේතු රහිතව නො උපන්නී ය. කුමක් හේතු කොට ගෙන ද යත්: ස්පර්ශය හේතු කොට ගෙන ය.” හෙතෙමේ ස්පර්ශ ය අනිත්‍ය ය යි දකි යි. වේදනාව අනිත්‍ය ය යි දකි යි. සංඥාව අනිත්‍ය ය යි දකි යි. සංස්කාර අනිත්‍ය ය යි දකි යි. විඤ්ඤාණය අනිත්‍ය ය යි දකි යි. ඔහුගේ සිත ධාතු සඞ්ඛ්‍යාත ඒ අරමුණෙහි ම බසී. ඒ අරමුණෙහි ම පහදි යි. ඒ අරමුණෙහි ම සිටි යි. ඒ අරමුණෙහි ම ‘ධාතු වසයෙන් මෙසේය’ යි නිශ්චයට පැමිණෙයි.
22. තඤ්චෙ ආවුසො භික්ඛුං පරෙ අනිට්ඨෙහි අකන්තෙහි අමනාපෙහි සමුදාචරන්ති: පාණිසම්ඵස්සෙනපි ලෙඩ්ඩුසම්ඵස්සෙනපි දණ්ඩසම්ඵස්සෙනපි සත්ථසම්ඵස්සෙනපි. සො එවං පජානාති: තථාභූතො ඛො අයං කායො යථාභූතස්මිං කායෙ පාණිසම්ඵස්සාපි කමන්ති, ලෙඩ්ඩුසම්ඵස්සාපි කමන්ති, දණ්ඩසම්ඵස්සාපි කමන්ති, සත්ථසම්ඵස්සාපි කමන්ති. වුත්තං ඛො පනෙතං භගවතා කකචූපමොවාදෙ: “උභතොදණ්ඩකෙන චෙපි භික්ඛවෙ කකචෙන චොරා ඔචරකා අඞ්ගමඞ්ගානි ඔකන්තෙය්‍යුං, තත්රාපි යො මනො පදොසෙය්ය න මෙ සො තෙන සාසනකරො”ති. ආරද්ධං ඛො පන මෙ විරියං භවිස්සති අසල්ලීනං, උපට්ඨිතා සති අපම්මුට්ඨා, පස්සද්ධො කායො අසාරද්ධො, සමාහිතං චිත්තං එකග්ගං. කාමං දානි ඉමස්මිං කායෙ පාණිසම්ඵස්සාපි කමන්තු, ලෙඩ්ඩුසම්ඵස්සාපි කමන්තු, දණ්ඩසම්ඵස්සාපි කමන්තු, සත්ථසම්ඵස්සාපි කමන්තු, කරීයති හිදං බුද්ධානං සාසනන්ති.
22. ඇවැත්නි, අන්‍යයෝ ඒ මහණහට අනිටු වූ නොකැමැති වූ මන නොවඩන්නා වූ අත්පහරින් ද කැට කැබිලිතිපහරින් ද දඬුපහරින් ද සැත් පහරින් ද ගසත් නම්, හෙතෙම මෙසේ දනියි: යම්බඳු ශරීරයෙක අත්පහර වදී ද, කැට පහර වදී ද, දඬුපහර වදී ද, සැත් පහර වදී ද, මේ ශරීරය එසේ වූයේ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් කකචූපමොවාදයෙහි දී මෙය වදාරණ ලදී - “මහණෙනි, ලමුකම් ඇති හොරු දෙපස මිටි ඇති කියතකින් අඟ පසඟ කපත් ද, ඒ සොරුන් කෙරෙහි ද යමෙක් සිත ප්‍රදූෂිත කරන්නේ නම්, හෙතෙම එයින් මාගේ අනුශාසනය කරන්නේ නො වේ” යි කියා ය. මාගේ වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේ නො හැකුළුණේ වන්නේ ය. සිහිය එළඹ සිටියේ නො මුළා ය. කය සන්හිඳුණේ පහ වූ දරථ ඇත්තේ ය. සිත සමාහිත වූයේ එකඟ ය. දැන් කැමැති සේ මේ ශරීරයෙහි අත්පහස්හු ද වදිත්වා. කැට පහස්හු ද වදිත්වා. ඳඬුපහස්හු ද වදිත්වා. සැත්පහස්හු ද වදිත්වා. එහෙත් බුදුන්ගේ මේ ශාසනය කරනු ලැබේම ය.
23. තස්ස චෙ ආවුසො භික්ඛුනො එවං බුද්ධං අනුස්සරතො එවං ධම්මං අනුස්සරතො එවං සඞ්ඝං අනුස්සරතො උපෙක්ඛා කුසලනිස්සිතා න සණ්ඨාති, සො තෙන සංවිජ්ජති සංවෙගං ආපජ්ජති: ‘අලාභා වත මෙ න වත මෙ ලාභා, දුල්ලද්ධං වත මෙ න වත මෙ සුලද්ධං, යස්ස මෙ එවං බුද්ධං අනුස්සරතො එවං ධම්මං අනුස්සරතො එවං සඞ්ඝං අනුස්සරතො උපෙක්ඛා කුසලනිස්සිතා න සණ්ඨාතී’ති.
23. ඇවැත්නි, මෙසේ බුදුන් සිහි කරන, මෙසේ දහම් සිහි කරන, මෙසේ සඞ්ඝයා සිහි කරන ඒ මහණහට කුශලනිඃශ්‍රිත වූ විදර්ශනෝපේක්ෂාව නො පිහිටා ද, හෙතෙම එයින් කලකිරෙයි. සංවේගයට පැමිණෙ යි: ‘මෙසේ බුදුන් සිහි කරන දහම් සිහි කරන සඞ්ඝයා සිහි කරන යම් බඳු වූ මට කුශලනිඃශ්‍රිත වූ උපේක්ෂාව නො පිහිටා ද, එය ඒකාන්තයෙන් මට අලාභ ය. මට ඒකාන්තයෙන් ලාභ නො වෙයි. මාගේ ලැබීම නො මැනවි. මාගේ ලැබීම යහපත් නො වෙයි’ කියාය.
24. සෙය්යථාපි ආවුසො සුණිසා සසුරං දිස්වා සංවිජ්ජති සංවෙගං ආපජ්ජති, එවමෙව ඛො ආවුසො තස්ස චෙ භික්ඛුනො එවං බුද්ධං අනුස්සරතො එවං ධම්මං අනුස්සරතො එවං සඞ්ඝං අනුස්සරතො උපෙක්ඛා කුසලනිස්සිතා න සණ්ඨාති, සො තෙන සංවිජ්ජති සංවෙගං ආපජ්ජති: ‘අලාභා වත මෙ න වත මෙ ලාභා, දුල්ලද්ධං වත මෙ න වත මෙ සුලද්ධං, යස්ස මෙ එවං බුද්ධං අනුස්සරතො එවං ධම්මං අනුස්සරතො එවං සඞ්ඝං අනුස්සරතො උපෙක්ඛා කුසලනිස්සිතා න සණ්ඨාතී’ති.
24. ඇවැත්නි, යම් සේ ලේළිය මයිලණුවන් දැක බියපත් වේද, සංවේගයට පැමිණේ ද, ඇවැත්නි, මෙසේ බුදුන් සිහි කරන මෙසේ දහම් සිහි කරන මෙසේ සඞ්ඝයා සිහි කරන ඒ මහණහට කුශලනිඃශ්‍රිත වූ උපේක්ෂාව නො පිහිටා ද, හෙතෙම එයින් කලකිරෙයි. සංවේගයට පැමිණෙ යි: ‘මෙසේ බුදුන් සිහි කරන මෙසේ දහම් සිහි කරන මෙසේ සඞ්ඝයා සිහි කරන යම් බඳු වූ මට කුශලනිඃශ්‍රිත වූ උපේක්ෂාව නො පිහිටා ද, එය ඒකාන්තයෙන් මට අලාභ ය. මට ලාභය නො වෙයි. මාගේ ලැබීම නො මැනවි. මාගේ ලැබීම යහපත් නො වෙ’යි කියායි.
25. තස්ස චෙ ආවුසො භික්ඛුනො එවං බුද්ධං අනුස්සරතො එවං ධම්මං අනුස්සරතො එවං සඞ්ඝං අනුස්සරතො උපෙක්ඛා කුසලනිස්සිතා සණ්ඨාති, සො තෙන අත්තමනො හොති. එත්තාවතාපි ඛො ආවුසො භික්ඛුනො බහුකතං හොති.
25. ඇවැත්නි, ඉදින් මෙසේ බුදුන් සිහි කරන, මෙසේ දහම් සිහි කරන, මෙසේ සඞ්ඝයා සිහි කරන ඔහුට කුශලනිඃශ්‍රිත වීර්‍ය්‍ය බල භාවනා සිද්ධ ෂඩඞ්ග උපේක්ෂාව පිහිටා නම්, හෙතෙම එයින් සතුටු වූයේ වෙයි. ඇවැත්නි, මෙ පමණෙකින් ද ඒ මහණහු විසින් බුද්ධශාසනය බොහෝ කොට කරන ලද්දේ වෙයි.
26. සෙය්යථාපි ආවුසො කට්ඨඤ්ච පටිච්ච වල්ලිඤ්ච පටිච්ච තිණඤ්ච පටිච්ච මත්තිකඤ්ච පටිච්ච ආකාසො පරිවාරිතො අගාරන්තෙව සඞ්ඛං ගච්ඡති, එවමෙව ඛො ආවුසො අට්ඨිඤ්ච පටිච්ච නහාරුඤ්ච පටිච්ච මංසඤ්ච පටිච්ච චම්මඤ්ච පටිච්ච ආකාසො පරිවාරිතො රූපන්තෙව සඞ්ඛං ගච්ඡති. –
26. ඇවැත්නි, යම් සේ දැව නිසා ද වැල් නිසා ද තණ නිසා ද මැටි නිසා ද ඇවරී සිටි අහස ‘ගෙය’යි ව්‍යවහාරයට යේ ද, ඇවැත්නි, මෙ පරිදිදෙන් ම ඇට නිසා නහර නිසා මස් නිසා සම් නිසා ඇවරී සිටි අහස ‘රූපය’යි ව්‍යවහාරයට යේ.
අජ්ඣත්තිකඤ්චෙ ආවුසො චක්ඛුං අපරිභින්නං හොති, බාහිරා ච රූපා න ආපාථං ආගච්ඡන්ති, නො ච තජ්ජො සමන්නාහාරො හොති, නෙව තාව තජ්ජස්ස විඤ්ඤාණභාගස්ස පාතුභාවො හොති. අජ්ඣත්තිකඤ්චෙ ආවුසො චක්ඛුං අපරිභින්නං හොති, බාහිරා ච රූපා ආපාථං ආගච්ඡන්ති, නො ච තජ්ජො සමන්නාහාරො හොති, නෙවතාව තජ්ජස්ස විඤ්ඤාණභාගස්ස පාතුභාවො හොති. යතො ච ඛො ආවුසො අජ්ඣත්තිකඤ්චෙ චක්ඛුං අපරිභින්නං හොති. බාහිරා ච රූපා ආපාථං ආගච්ඡන්ති, තජ්ජො ච සමන්නාහාරො හොති, එවං තජ්ජස්ස විඤ්ඤාණභාගස්ස පාතුභාවො හොති. යං තථාභූතස්ස රූපං, තං රූපූපාදානක්ඛන්ධෙ සඞ්ගහං ගච්ඡති. යා තථාභූතස්ස වෙදනා, සා වෙදනූපාදානක්ඛන්ධෙ සඞ්ගහං ගච්ඡති. යා තථාභූතස්ස සඤ්ඤා, සා සඤ්ඤූපාදානක්ඛන්ධෙ සඞ්ගහං ගච්ඡති. යෙ තථාභූතස්ස සඞ්ඛාරා, තෙ සඞ්ඛාරූපාදානක්ඛන්ධෙ සඞ්ගහං ගච්ඡන්ති. යං තථාභූතස්ස විඤ්ඤාණං, තං විඤ්ඤාණූපාදානක්ඛන්ධෙ සඞ්ගහං ගච්ඡති. සො එවං පජානාති: “එවං කිරමෙසං පඤ්චන්නං උපාදානක්ඛන්ධානං සඞ්ගහො සන්නිපාතො සමවායො හොති. වුත්තං ඛො පනෙතං භගවතා: ‘යො පටිච්චසමුප්පාදං පස්සති. සො ධම්මං පස්සති. යො ධම්මං පස්සති. සො පටිච්චසමුප්පාදං පස්සතී’ති. පටිච්චසමුප්පන්නා ඛො පනිමෙ යදිදං පඤ්චුපාදානක්ඛන්ධා. යො ඉමෙසු පඤ්චසුපාදානක්ඛන්ධෙසු ඡන්දො ආලයො අනුනයො අජ්ඣොසානං, සො දුක්ඛසමුදයො. යො ඉමෙසු පඤ්චසුපාදානක්ඛන්ධෙසු ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං, සො දුක්ඛනිරොධො”ති. එත්තාවතාපි ඛො ආවුසො භික්ඛුනො බහුකතං හොති.
ඇවැත්නි, ඉදින් ආධ්‍යාත්මික වූ ඇස නො බිඳුණේ වේ නම්, බාහිර රූපයෝත් ඇස්හමුවට නො පැමිණෙත් නම්, එයින් උපදනා (ඇසත් රූපයත් නිසා) මනසිකාරය (මෙනෙහි කිරීම) නො වේ නම්, ඒ තාක් ඊට අනුරූප වූ විඥාන භාගයා ගේ පහළවීම නො වෙයි. ඇවැත්නි, ආධ්‍යාත්මිකවූ චක්ෂුඃප්රසාදය නො බිඳුනේ වේ ද, බාහිර රූපයෝත් ඇස්හමුවට පැමිණෙත් ද, (එහෙත්) ඊට අනුරූප වූ මෙනෙහි කිරීම නොවේ නම්, ඒ තාක් තදනුරූප වූ චක්ෂුර්විඥානයාගේ පහළවීම නොවේ ම ය. ඇවැත්නි, යම් හෙයකින් ආධ්‍යාත්මික චක්ෂුඃප්රසාදය නො බිඳුණේ වේ ද, බාහිර රූපයෝත් ඇස්හමුවට පැමිණෙත් ද, ඊට අනුරූප වූ මෙනෙහි කිරීමත් වේ ද, මෙසේ ඊට සුදුසු විඥානභාගයාගේ පහළවීම වෙයි. ඒ චක්ෂුර්විඥානය සමග වූවහුගේ (ඒ විඥානවිෂය වූ) යම් රූපයක් වේ ද, එය රූපෝපාදානස්කන්ධයෙහි ඇතුළත් බවට යෙයි. ඒ විඥාන සමංගි වූවහුගේ (ඒ විඥාන සම්ප්‍රයුක්ත) යම් වේදනාවක් වේ ද, එය වේදනෝපාදානස්කන්ධයෙහි ඇතුළත් බවට යෙයි. එබඳු වූවහුගේ (ඒ විඥාන සම්ප්‍රයුක්ත) යම් සංඥාවක් වේ ද, එය සංඥොපාදානස්කන්ධයෙහි ඇතුළත් බවට යෙයි. එබඳු වූවහුගේ (ඒ විඥාන සම්ප්‍රයුක්ත) යම් චේතනා සංස්කාරයෝ වෙද් ද, එය සංස්කාරොපාදානස්කනධයෙහි ඇතුළත් බවට යෙත්. එබඳු වූවහුගේ යම් විඥානයක් වේ ද, (ඒ චක්ෂුර් විඥානය) විඥානෝපාදානස්කන්ධයෙහි ඇතුළත් බවට යෙයි. හෙතෙම මෙසේ දනියි: “මෙසේ මේ පස් වැදෑරුම් වූ උපාදානස්කන්ධයන්ගේ සංග්‍රහය සන්නිපාතය එක් රැස්වීම වෙයි. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් ද වදාරණ ලදි: ‘යමෙක් පටිච්චසමුප්පාදය දකී ද, හෙතෙම (පටිච්චසමුප්පන්නවූ) ධර්මය දකියි. යමෙක් ධර්මය දකී ද, හෙතෙම පටිච්චසමුප්පාදය දකි’යි කියා ය. මේ උපාදානස්කන්ධයෝ පස්දෙන පටිච්ච සමුප්පන්නයෝ වෙති. මේ උපාදානස්කන්ධ පසෙහි යම් ඡන්දයෙක් ආලයෙක් සෙනෙහයෙක් ගැලීසිටීමෙක් වේ ද, ඒ දුක්ඛසමුදයයි. මේ උපාදානස්කන්ධ පසෙහි යම් ඡන්‍දරාගවිනයෙක් වේ ද, ඡන්දරාගප්රහාණියෙක් වේ ද, එය දුක්ඛනිරෝධය”යි කියායි. ඇවැත්නි, මෙ පමණෙකිනුත් මහණහු විසින් බුද්ධශාසනය බොහෝ කොට කරන ලද්දේ වෙයි.
27. අජ්ඣත්තිකඤ්චෙ ආවුසො සොතං අපරිභින්නං හොති [බාහිරා ච සද්දා න ආපාථං ආගච්ඡන්ති] -පෙ- [අජ්ඣත්තිකඤ්චෙ ආවුසො] ඝානං අපරිභින්නං හොති. [බාහිරා ච ගන්ධා න ආපාථං ආගච්ඡන්ති] -පෙ- [අජ්ඣත්තිකා චෙ ආවුසො] ජිව්හා අපරිභින්නා හොති. [බාහිරා ච රසා න ආපාථං ආගච්ඡන්ති] -පෙ- [අජ්ඣත්තිකො චෙ ආවුසො] කායො අපරිභින්නො හොති. [බාහිරා ච ඵොට්ඨබ්බා න ආපාථං ආගච්ඡන්ති] -පෙ- [අජ්ඣත්තිකො චෙ ආවුසො] මනො අපරිභින්නො හොති. බාහිරා ච ධම්මා න ආපාථං ආගච්ඡන්ති, නො ච තජ්ජො සමන්නාහාරො හොති, නෙව තාව තජ්ජස්ස විඤ්ඤාණභාගස්ස පාතුභාවො හොති. අජ්ඣත්තිකො චෙ ආවුසො මනො අපරිභින්නො හොති, බාහිරා ච ධම්මා ආපාථං ආගච්ඡන්ති, නො ච තජ්ජො සමන්නාහාරො හොති, නෙව තාව තජ්ජස්ස විඤ්ඤාණභාගස්ස පාතුභාවො හොති. –
27. ඇවැත්නි, ආධ්‍යාත්මික වූ ශ්‍රෝත ප්‍රසාදය නො බිඳුණේ වේ නම්, බාහිර ශබ්දයෝත් ආපාථයට පැමිණෙත් නම් … ඇවැත්නි, ආධ්‍යාත්මික ඝ්‍රාණප්‍රසාදය නො බිඳුණේ වේ නම්, බාහිර ගන්ධයෝත් ආපාථයට නොපැමිණෙත් නම් … ඇවැත්නි, ආධ්‍යාත්මික වූ ජිව්හාප්‍රසාදය නො බිඳුණේ වේ නම්, බාහිර රසයෝත් ආපාථයට නො පැමිණෙත් නම් … ඇවැත්නි, ආධ්‍යාත්මික වූ කායප්‍රසාදය නො බිඳුණේ වේ නම්, බාහිර ස්ප්‍රෂටව්‍යයෝත් ආපාථයට නො පැමිණෙත් නම් … ඇවැත්නි, ආධ්‍යාත්මික වූ මනස නො බිඳුණේ වේ නම්, බාහිර ධර්මයෝත් ආපාථයට නො පැමිණෙත් නම්, ඊට අනුරූප වූ මෙනෙහි කිරීමත් නො වේ නම්, ඒ තාක් ඊට අනුරූප වූ විඥානභාගයාගේ පහළ වීම නො වේ. ඇවැත්නි, ඉදින් ආධ්‍යාත්මික වූ සිත නො බිඳුණේ වේ ද, බාහිර ධර්මයෝත් ආපාථයට පැමිණෙත් ද, එහෙත් ඊට අනුරූප වූ මෙනෙහි කිරීම නො වේ නම්, ඒ තාක් ඊට අනුරූප වූ විඥානභාගයාගේ පහළවීම නො වේ.
යතො ච ඛො ආවුසො අජ්ඣත්තිකො චෙ මනො අපරිභින්නො හොති, බාහිරා ච ධම්මා ආපාථං ආගච්ඡන්ති, තජ්ජො ච සමන්නාහාරො හොති, එවං තජ්ජස්ස විඤ්ඤාණභාගස්ස පාතුභාවො හොති. යං තථාභූතස්ස රූපං, තං රූපූපාදානක්ඛන්ධෙ සඞ්ගහං ගච්ඡති. යා තථාභූතස්ස වෙදනා, සා වෙදනූපාදානක්ඛන්ධෙ සඞ්ගහං ගච්ඡති. යා තථාභූතස්ස සඤ්ඤා, සා සඤ්ඤූපාදානක්ඛන්ධෙ සඞ්ගහං ගච්ඡති. යෙ තථාභූතස්ස සඞ්ඛාරා, තෙ සඞ්ඛාරූපාදානක්ඛන්ධෙ සඞ්ගහං ගච්ඡන්ති. යං තථාභූතස්ස විඤ්ඤාණං, තං විඤ්ඤාණූපාදානක්ඛන්ධෙ සඞ්ගහං ගච්ඡති. සො එවං පජානාති: “එවං කිරමෙසං පඤ්චන්නං උපාදානක්ඛන්ධානං සඞ්ගහො සන්නිපාතො සමවායො හොති. වුත්තං ඛො පනෙතං භගවතා: ‘යො පටිච්චසමුප්පාදං පස්සති සො ධම්මං පස්සති. යො ධම්මං පස්සති සො පටිච්චසමුප්පාදං පස්සතී’ති. පටිච්චසමුප්පන්නා ඛො පනිමෙ යදිදං පඤ්චුපාදානක්ඛන්ධා. යො ඉමෙසු පඤ්චසුපාදානක්ඛන්ධෙසු ඡන්දො ආලයො අනුනයො අජ්ඣොසානං සො දුක්ඛසමුදයො, යො ඉමෙසු පඤ්චසුපාදානක්ඛන්ධෙසු ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං සො දුක්ඛනිරොධො”ති. එත්තාවතාපි ඛො ආවුසො භික්ඛුනො බහුකතං හොතීති.
ඇවැත්නි, ඉදින් යම් හෙයකින් ආධ්‍යාත්මික වූ සිත නො බිඳුණේ වේ නම්, බාහිර ධර්මයෝත් අපාථයට එත් නම්, එයින් උපදනා වූ හෝ ඊට අනුරූප වූ මෙනෙහි කිරීමත් වේ නම්, මෙසේ ඊට අනුරූප වූ විඥානභාගයාගේ පහළවීම වේ. එබඳු වූවහුගේ යම් රූපයක් වේ ද, එය රූපෝපාදානස්කන්ධයෙහි සඞ්ග්‍රහයට යේ. එබඳු වූවහුගේ යම් වේදනාවක් වේ ද, එය වේදනෝපාදානස්කන්ධයෙහි සඞ්ග්‍රහයට යේ. එබඳු වූවහුගේ යම් සංඥාවක් වේ ද, එය සංඥොපාදානස්කන්ධයෙහි සඞ්ග්‍රහයට යේ. එබඳු වූවහුගේ යම් සංස්කාරයෝ වෙත් ද, එය සංස්කාරෝපාදානස්කන්ධයෙහි සඞ්ග්‍රහයට යෙත්. එබඳු වූවහුගේ යම් විඥානයෙක් වේ ද, එය විඥානෝපාදානස්කන්ධයෙහි සඞ්ග්‍රහයට යේ. හෙතෙම මෙසේ දනියි “මෙසේ වනාහි මෙ පස් වැදෑරුම් වූ උපාදානස්කන්ධයන්ගේ සංග්‍රහය සන්නිපාතය එක්රැස්වීම වෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලදි: ‘යමෙක් පටිච්චසමුප්පාදය දකියි ද, හෙතෙම ධර්මය දකියි. යමෙක් ධර්මය දකියි ද, හෙතෙම පටිච්චසමුප්පාදය දකි’ යි කියා ය. මේ උපාදානස්කන්ධ පස්දෙන ප්‍රත්‍යයෙන් උපන්නාහු ය. මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්හි යම් කැමැත්තෙක්, ආලයෙක්, ස්නේහයෙක්, ගැලීසිටීමෙක් වේ ද, එය දුක්ඛසමුදය යයි. මේ උපාදානස්කන්ධ පසෙහි යම් ඡන්දරාගය දුරු කිරීමෙක් වේ ද, එය දුක්ඛනිරෝධ ය” යි කියා යි. ඇවැත්නි, මහණහු විසින් මෙ පමණෙකින් ද බුද්ධශාසනය බොහෝ කොට කරන ලද්දේ වේ යයි.
ඉදමවොචායස්මා සාරිපුත්තො. අත්තමනා තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දුන්ති.
ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළහ. සතුටු වූ ඒ භික්ෂූහු ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.
මහාහත්ථිපදොපමසුත්තං අට්ඨමං.
මහාහත්ථිපදෝපම සූත්‍රය අටවැනියි.