මහාහත්ථිපදොපමසුත්තවණ්ණනා අට්ඨකථා
මහාහත්ථිපදොපමසුත්තවණ්ණනා
මහාහත්ථිපදොපම සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති මහාහත්ථිපදොපමසුත්තං. තත්ථ ජඞ්ගලානන්ති පථවීතලචාරීනං. පාණානන්ති සපාදකපාණානං. පදජාතානීති පදානි. සමොධානං ගච්ඡන්තීති ඔධානං පක්ඛෙපං ගච්ඡන්ති. අග්ගමක්ඛායතීති සෙට්ඨං අක්ඛායති. යදිදං මහන්තත්තෙනාති මහන්තභාවෙන අග්ගං අක්ඛායති, න ගුණවසෙනාති අත්ථො. යෙ කෙචි කුසලා ධම්මාති යෙ කෙචි ලොකියා වා ලොකුත්තරා වා කුසලා ධම්මා. සඞ්ගහං ගච්ඡන්තීති එත්ථ චතුබ්බිධො සඞ්ගහො – සජාතිසඞ්ගහො, සඤ්ජාතිසඞ්ගහො, කිරියසඞ්ගහො, ගණනසඞ්ගහොති. තත්ථ “සබ්බෙ ඛත්තියා ආගච්ඡන්තු සබ්බෙ බ්රාහ්මණා”ති එවං සමානජාතිවසෙන සඞ්ගහො සජාතිසඞ්ගහො නාම. “සබ්බෙ කොසලකා සබ්බෙ මාගධකා”ති එවං සඤ්ජාතිදෙසවසෙන සඞ්ගහො සඤ්ජාතිසඞ්ගහො නාම. “සබ්බෙ රථිකා සබ්බෙ ධනුග්ගහා”ති එවං කිරියවසෙන සඞ්ගහො කිරියසඞ්ගහො නාම. “චක්ඛායතනං කතමක්ඛන්ධගණනං ගච්ඡතීති? චක්ඛායතනං රූපක්ඛන්ධගණනං ගච්ඡති. හඤ්චි චක්ඛායතනං රූපක්ඛන්ධගණනං ගච්ඡති, තෙන වත රෙ වත්තබ්බෙ චක්ඛායතනං රූපක්ඛන්ධෙන සඞ්ගහිත”න්ති (කථා· 471), අයං ගණනසඞ්ගහො නාම. ඉමස්මිම්පි ඨානෙ අයමෙව අධිප්පෙතො.
එවම්මෙ සුතං යනු මහා හත්ථිපදොපම සුත්‍රයයි. එහි ජංගලානං යනු මහාපොළොවෙහි හැසිරෙන්නා වූ, පාණිනං පා සහිත ප්‍රාණීන්ගේ, පද ජාතානි පදයෝ, සමොධානං ගචඡන්ති රැස්වීමට සහභාගිවීමට යති. අග්ග මක්ඛායති යනු ශ්‍රේෂ්ඨ යයි කියනු ලැබේ. යදිදං මහන්තන්නෙ යනු මහත් බැවින් අග්‍රයයි කියනු ලැබේ. ගුණ වශයෙන් නොවේ යන අර්ථයි. යෙ කෙචි කුසලා ධම්මා කිසියම් ලෞකික ලෝකෝත්තර කුශල ධර්මයෝ, සංගහං ගචඡන්ති මෙහි සතරාකාරයකින් සංග්‍රහ කෙරේ. සජාති සංග්‍රහ, සඤ්ජාති සංග්‍රහ, කිරිය සංග්‍රහ, ගහණ සංග්‍රහ යන වශයෙනි. ‘සියළු ක්ෂත්රියෝ එත්වා, සියළු බ්‍රාහ්මණයෝ එත්වා යනුවෙන් යොදන්නේ සජාති සංග්‍රහ නම් වේ. ‘සියලු කොසොල් රට වාසීහු සියලු මගධරට වාසීහු’ මෙසේ යොදන්නේ උපන් ප්‍රදේශ, සඤ්ජාති වශයෙනි. සියලු රියැදුරෝ සියලු ධනුර්ධරයෝ මෙසේ ක්‍රියා වශයෙන් යොදන්නේ කිරිය සංගහ නම් වේ. චක්ඛායතනය කවරේද? ස්කන්ධ ග්‍රහණයට යන්නේද, චක්ඛායතනය රූපස්කන්ධ ග්‍රහණයට යන්නේද? මේ ආදී වශයෙන් පවතින්නා වූ, පැවතිය යුතු වූ චක්ඛායතන, රූපස්කන්ධ, ආදී වශයෙන් සංග්‍රහ කරන මෙය ගහණ සංග්‍රහ නම් වේ. මෙතැන්හි දී මෙයම අදහස් කරන ලදී.
නනු ච “චතුන්නං අරියසච්චානං කති කුසලා කති අකුසලා කති අබ්යාකතාති පඤ්හස්ස විස්සජ්ජනෙ සමුදයසච්චං අකුසලං, මග්ගසච්චං කුසලං, නිරොධසච්චං අබ්යාකතං, දුක්ඛසච්චං සියා කුසලං, සියා අකුසලං, සියා අබ්‍යාකත”න්ති (විභ· 216-217) ආගතත්තා චතුභූමකම්පි කුසලං දියඩ්ඪමෙව සච්චං භජති. අථ කස්මා මහාථෙරො චතූසු අරියසච්චෙසු ගණනං ගච්ඡතීති ආහාති? සච්චානං අන්තොගධත්තා.
තව ද චතුන්නං අරිය සච්චානං කති කුසලා කති අකුසලා, කති අඛ්‍යාකතා යන ප්රශ්නය විසඳීමෙහි, සමුදය සච්චං අකුසලං, මග්ග සච්චං කුසලං, නිරොධ සච්චං අඛ්‍යාකතං යනුවෙන් ආ හෙයින් චාතුර්භූමික කුසලයම සත්‍යයන් දෙකක් භජනය කරන්නේ නොවේද? ඉක්බිති කුමක් හෙයින් මහා තෙරුන්වහන්සේ චතුරාර්ය සත්‍යයන්ගේ ග්‍රහණයට යන්නේ යයි වදාළ සේක් ද සත්‍යයන්ම ඇතුළත් බැවිනි.
යථා හි “සාධිකමිදං, භික්ඛවෙ, දියඩ්ඪසික්ඛාපදසතං අන්වද්ධමාසං උද්දෙසං ආගච්ඡති, යත්ථ අත්තකාමා කුලපුත්තා සික්ඛන්ති. තිස්සො ඉමා, භික්ඛවෙ, සික්ඛා අධිසීලසික්ඛා අධිචිත්තසික්ඛා අධිපඤ්ඤාසික්ඛා”ති (අ· නි· 3.88) එත්ථ සාධිකමිදං දියඩ්ඪසික්ඛාපදසතං එකා අධිසීලසික්ඛාව හොති, තං සික්ඛන්තොපි තිස්සො සික්ඛා සික්ඛතීති දස්සිතො, සික්ඛානං අන්තොගධත්තා. යථා ච එකස්ස හත්ථිපදස්ස චතූසු කොට්ඨාසෙසු එකස්මිං කොට්ඨාසෙ ඔතිණ්ණානිපි ද්වීසු තීසු චතූසු කොට්ඨාසෙසු ඔතිණ්ණානිපි සිඞ්ගාලසසමිගාදීනං පාදානි හත්ථිපදෙ සමොධානං ගතානෙව හොන්ති. හත්ථිපදතො අමුච්චිත්වා තස්සෙව අන්තොගධත්තා. එවමෙව එකස්මිම්පි ද්වීසුපි තීසුපි චතූසුපි සච්චෙසු ගණනං ගතා ධම්මා චතූසු සච්චෙසු ගණනං ගතාව හොන්ති; සච්චානං අන්තොගධත්තාති දියඩ්ඪසච්චගණනං ගතෙපි කුසලධම්මෙ “සබ්බෙ තෙ චතූසු අරියසච්චෙසු සඞ්ගහං ගච්ඡන්තී”ති ආහ.
යම්සේ සාධිකමිදං භික්ඛවෙ දියඩ්ඪං සික්ඛාපදසතං අන්වද්ධමාසං උද්දෙසං ආගච්ඡති යත්ථ අත්ථකාමා කුලපුත්තා සික්ඛන්ති තිස්සො ඉමා භික්ඛවෙ සික්ඛා අධිසීල සික්ඛා, අධි චිත්ත සික්ඛා, අධි පඤ්ඤා සික්ඛා’ යන මෙහි සාධක දෙඅඩ ශික්ෂා පද සියය එක් අධිශීල ශික්ෂාවම වෙයි. ඒ මගින් හික්මෙන්නේ ද, ත්‍රිවිධ ශික්ෂාවම හික්මෙන්නේ යයි දක්වයි. ශික්ෂාවන්ට ඇතුළත් බැවිනි. තව ද එක් ඇත් පියවරක සතර කොටසින් එක් කොටසක බැසගත්තා වූ ද, දෙවැනි තුන්වැනි සිවැනි කොටස්වල බැසගත්තා වූ ද, හිවල් - සා - මුව ආදීන්ගේ සෑම පා සටහනක්ම ඇත් පා සටහනෙහි ඇතුළත් කළ හැකිවාක් මෙන්, ඇත් පා සටහනින් නො මිදී එය ඇතුළටම ඇතුළත් වූ හෙයිනි. එපරිද්දෙන් ම, එකක් වූ ද, දෙකක් වූද තුනක් වූද සතරක් වූ සත්‍යයන්හි නැතිනම් චතුරාර්ය සත්‍යයන්හි සියලු කුසල ධර්මයන් චතුරාර්ය සත්‍යයෙහි ඇතුළත් කළ හැකි වන්නේ ය. ඒ සඳහා සබ්බෙ තෙ චතුසු අරිය සච්චෙසු සංගහං ගච්ඡන්ති යන්න වදාළහ.
“දුක්ඛෙ අරියසච්චෙ”තිආදීසු උද්දෙසපදෙසු චෙව ජාතිපි දුක්ඛාතිආදීසු නිද්දෙසපදෙසු ච යං වත්තබ්බං, තං විසුද්ධිමග්ගෙ වුත්තමෙව. කෙවලං පනෙත්ථ දෙසනානුක්කමොව වෙදිතබ්බො.
දුක්ඛ අරිය සච්චෙ ආදී උද්දේස පදයන්හි ද, ජාති පි දුක්ඛා ආදී වූ නිර්දේශ පදයන්හි ද යමක් කිවයුතු ද ඒ සියල්ල විශුද්ධි මාර්ගයෙහි කියන ලද්දේමය. එසේ වුවද මෙහි දේශනානුක්රමය දතයුත්තේය.
යථා හි ඡෙකො විලීවකාරො සුජාතං වෙළුං ලභිත්වා චතුධා ඡෙත්වා තතො තයො කොට්ඨාසෙ ඨපෙත්වා එකං ගණ්හිත්වා පඤ්චධා භින්දෙය්ය, තතොපි චත්තාරො ඨපෙත්වා එකං ගණ්හිත්වා ඵාලෙන්තො පඤ්ච පෙසියො කරෙය්ය, තතො චතස්සො ඨපෙත්වා එකං ගණ්හිත්වා කුච්ඡිභාගං පිට්ඨිභාගන්ති ද්විධා ඵාලෙත්වා පිට්ඨිභාගං ඨපෙත්වා කුච්ඡිභාගං ආදාය තතො සමුග්ගබීජනිතාලවණ්ටාදිනානප්පකාරං වෙළුවිකතිං කරෙය්ය, සො පිට්ඨිභාගඤ්ච ඉතරා ච චතස්සො පෙසියො ඉතරෙ ච චත්තාරො කොට්ඨාසෙ ඉතරෙ ච තයො කොට්ඨාසෙ කම්මාය න උපනෙස්සතීති න වත්තබ්බො. එකප්පහාරෙන පන උපනෙතුං න සක්කා, අනුපුබ්බෙන උපනෙස්සති.
යම්සේ දක්ෂ වූ කුලුපොත්තෙක් හොඳින් වැඩුණු උණගසක් දැක සතරට කපා, එයින් තුන්කොටසක් තබා එක් කොටසක් ගෙන, කොටස් පහකට සිඳින්නේද, එයින් සතරක් තබා එකක් ගෙන පලමින් පතුරු පහක් කරන්නේද, එයින් සතරක් තබා එකක් ගෙන එයද බඩ පැත්ත හා පිටපොත්ත පැත්ත වෙන්වන සේ දෙකට පලයිද, එසේ පිටභාගය තබා බඩපැත්ත ගෙන එයින් සුමුඟු (කුඩා පෙට්ටි) විජිනිපත්, තල්වට, තල්අතු (වටාපත්) ආදී නන් වැදෑරුම් භාණ්ඩ කරන්නේ ද, වෙනස් කරන්නේ ද, හෙතෙම ඉතිරි පිට කොටස ද, ඉතිරි කෑලි සතර ද, ඉතිරි උණ කොට කෑලි හතර ද අනෙක් පතුරු කොටස් තුන ද, කර්මාන්ත සඳහා ප්‍රයෝජනයට නොගන්නේ යයි නො කිව යුතුය. එක්වරම ප්‍රයෝජනයට නොගත හැකිය. ක්‍රමයෙන් ඒවා ද ප්‍රයෝජනයට ගනී.
එවමෙව අයං මහාථෙරොපි විලීවකාරො සුජාතං වෙළුං ලභිත්වා චත්තාරො කොට්ඨාසෙ විය, ඉමං මහන්තං සුත්තන්තං ආරභිත්වා චතුඅරියසච්චවසෙන මාතිකං ඨපෙසි. විලීවකාරස්ස තයො කොට්ඨාසෙ ඨපෙත්වා එකං ගහෙත්වා තස්ස පඤ්චධා කරණං විය ථෙරස්ස තීණි අරියසච්චානි ඨපෙත්වා එකං දුක්ඛසච්චං ගහෙත්වා භාජෙන්තස්ස ඛන්ධවසෙන පඤ්චධා කරණං. තතො යථා සො විලීවකාරො චත්තාරො කොට්ඨාසෙ ඨපෙත්වා එකං භාගං ගහෙත්වා පඤ්චධා ඵාලෙසි, එවං ථෙරො චත්තාරො අරූපක්ඛන්ධෙ ඨපෙත්වා රූපක්ඛන්ධං විභජන්තො චත්තාරි ච මහාභූතානි චතුන්නඤ්ච මහාභූතානං උපාදාය රූපන්ති පඤ්චධා අකාසි. තතො යථා සො විලීවකාරො චතස්සො පෙසියො ඨපෙත්වා එකං ගහෙත්වා කුච්ඡිභාගං පිට්ඨිභාගන්ති ද්විධා ඵාලෙසි, එවං ථෙරො උපාදාය රූපඤ්ච තිස්සො ච ධාතුයො ඨපෙත්වා එකං පථවීධාතුං විභජන්තො අජ්ඣත්තිකබාහිරවසෙන ද්විධා දස්සෙසි.
මෙසේම මේ මහතෙරුන් වහන්සේ ද, කුලුපොත්තෙක් මහත උණ ගහක් ලැබී සතරකට කොටස් කළාක් මෙන්, මේ මහත් වූ සූත්‍රය (මාතෘකා වශයෙන්) ගෙන චතුරාර්ය සත්‍ය වශයෙන් මාතෘකා වශයෙන් තැබීය. කුලුපොත්තා තුන් කොටසක් තබා එකක් ගෙන, කොටස් පහකට වෙන්කලාක් මෙන් තෙරුන්වහන්සේ ආර්ය සත්‍ය තුනක් තබා එක් දුක්ඛ සත්‍යය පමණක් ගෙන ස්කන්ධ වශයෙන් පස් අයුරෙකින් කොටස් කළේය. නැවත ඒ කුලුපොත්තා කොටස් සතරක් තබා එක් කොටසක් ගෙන පහකට පැලුවේද, එපරිද්දෙන් තෙරුන්වහන්සේ සතර අරූප ස්කන්ධයන් තබා රූපස්කන්ධය පමණක් ගෙන විභාග කරන්නේ, සතරමහා භූතයෝ ද, සතරමහා භූතයන්ගේ උපාදාය රූපය යයි ආකාර පසෙකින් විස්තර කළහ. නැවත ඒ කුලුපොතු තෙමේ පතුරු සතර තබා එකක් ගෙන බඩ පැත්ත හා පිට පැත්ත යයි දෙකට පැලීද එපරිද්දෙන් තෙරුන්වහන්සේ උපාදාය රූපයද ධාතු තුන ද තබා එක් පඨවී ධාතුවම විභාග කරන්නාහු, අධ්‍යාත්මික බාහිර වශයෙන් දෙපරිද්දෙකින් දැක්වූහ.
යථා සො විලීවකාරො පිට්ඨිභාගං ඨපෙත්වා කුච්ඡිභාගං ආදාය නානප්පකාරං විලීවවිකතිං අකාසි, එවං ථෙරො බාහිරං පථවීධාතුං ඨපෙත්වා අජ්ඣත්තිකං පථවීධාතුං වීසතියා ආකාරෙහි විභජිත්වා දස්සෙතුං කතමා චාවුසො, අජ්ඣත්තිකා පථවීධාතූතිආදිමාහ.
යම්සේ කුලු පොත්තා පිට භාගය තබා ඇතුළු භාගය ගෙන නන් වැදෑරුම් භාණ්ඩ තැනී ද එපරිද්දෙන් තෙරුන්වහන්සේ බාහිර පඨවි ධාතුව තබා, අධ්‍යාත්මික පෘථිවි ධාතුව (පඨවි) විභාගකොට දැක්වීම සඳහා, කතමාචාවුසො, අජ්ඣන්තිකා පඨවි ධාතු ආදිය වදාළහ.
යථා පන විලීවකාරො පිට්ඨිභාගඤ්ච ඉතරා ච චත්තස්සො පෙසියො ඉතරෙ ච චත්තාරො කොට්ඨාසෙ ඉතරෙ ච තයො කොට්ඨාසෙ අනුපුබ්බෙන කම්මාය උපනෙස්සති, න හි සක්කා එකප්පහාරෙන උපනෙතුං, එවං ථෙරොපි බාහිරඤ්ච පථවීධාතුං ඉතරා ච තිස්සො ධාතුයො උපාදාරූපඤ්ච ඉතරෙ ච චත්තාරො අරූපිනො ඛන්ධෙ ඉතරානි ච තීණි අරියසච්චානි අනුපුබ්බෙන විභජිත්වා දස්සෙස්සති, න හි සක්කා එකප්පහාරෙන දස්සෙතුං.
ඉක්බිති යම්සේ කුලු පොතු තෙමේ පිට කොටසද, ඉතිරි සතර කොටසද, ඉතිරි තුන් කොටසද අනුපිළිවෙළින් කර්මාන්ත සඳහා යොදන්නේ ද, එය එකවරටම නො හැකි වන්නේද, එපරිද්දෙන් ස්ථවිරයෝ බාහිර පඨවි ධාතුව ද ඉතිරි ධාතු තුන ද උපාදාය රූපය ද ඉතිරි අරූපස්කන්ධ සතර ද, ඉතිරි ආර්ය සත්‍ය තුන ද, පිළිවෙළින් විස්තරකොට එක්වරම දක්වන්නට නොහැක්කෝ වෙති.
අපිච රාජපුත්තූපමායපි අයං කමො විභාවෙතබ්බො –
තවදුරටත් රාජපුත්‍ර උපමාවෙන් ද මෙය විස්තර කරන්නට කැමතියහ.
එකො කිර මහාරාජා, තස්ස පරොසහස්සං පුත්තා. සො තෙසං පිළන්ධනපරික්ඛාරං චතූසු පෙළාසු ඨපෙත්වා ජෙට්ඨපුත්තස්ස අප්පෙසි – “ඉදං තෙ, තාත, භාතිකානං පිළන්ධනභණ්ඩං තථාරූපෙ ඡණෙ සම්පත්තෙ පිළන්ධනං නො දෙහීති යාචන්තානං දදෙය්යාසී”ති. සො “සාධු දෙවා”ති සාරගබ්භෙ පටිසාමෙසි, තථාරූපෙ ඡණදිවසෙ රාජපුත්තා රඤ්ඤො සන්තිකං ගන්ත්වා “පිළන්ධනං නො, තාත, දෙථ, නක්ඛත්තං කීළිස්සාමා”ති ආහංසු. තාතා, ජෙට්ඨභාතිකස්ස වො හත්ථෙ මයා පිළන්ධනං ඨපිතං, තං ආහරාපෙත්වා පිළන්ධථාති.
එක් මහරජ කෙනෙකුට අතිරේක පුත්‍රයෝ දහසක් සිටියාහුය. රජු ඔවුන් පළඳින රාජාභරණ ආදිය පෙට්ටි සතරක බහා වැඩිමල් පුතාට භාර දුනි. දරුව, මේ ඔබේ සහෝදරවරුන්ගේ පළඳනා බඩුය. කිසියම් උත්සවවලදී අවශ්‍ය වී ඉල්ලුවහොත් ඔවුන්ට දුන මැනවි. ඔහු ද යහපති පියාණනි යි එසේ කරන්නෙමි යි කියා ගබඩාව විවෘතකොට එහි තැන්පත් කළේය. ඉන්පසුව එළැඹි එක් සැණකෙළි දිනක රජදරුවෝ පියා වෙත ගොස්, නැකැත් ක්‍රීඩාවලට සහභාගි වීම සඳහා අපට ආභරණ දෙන්නැයි ඉල්ලූහ. ‘දරුවනි, තොපගේ සියලු ආභරණ වැඩිමහල් සහෝදරයා භාරයේ තබා ඇත. ඒවා ඔහුගෙන් ඉල්ලා පළඳිව්’ යයි කීය.
තෙ සාධූති පටිස්සුණිත්වා තස්ස සන්තිකං ගන්ත්වා, “තුම්හාකං කිර නො හත්ථෙ පිළන්ධනභණ්ඩං, තං දෙථා”ති ආහංසු. සො එවං කරිස්සාමීති ගබ්භං විවරිත්වා, චතස්සො පෙළායො නීහරිත්වා තිස්සො ඨපෙත්වා එකං විවරිත්වා, තතො පඤ්ච සමුග්ගෙ නීහරිත්වා චත්තාරො ඨපෙත්වා එකං විවරිත්වා, තතො පඤ්චසු කරණ්ඩෙසු නීහරිතෙසු චත්තාරො ඨපෙත්වා එකං විවරිත්වා පිධානං පස්සෙ ඨපෙත්වා තතො හත්ථූපගපාදූපගාදීනි නානප්පකාරානි පිළන්ධනානි නීහරිත්වා අදාසි. සො කිඤ්චාපි ඉතරෙහි චතූහි කරණ්ඩෙහි ඉතරෙහි චතූහි සමුග්ගෙහි ඉතරාහි තීහි පෙළාහි න තාව භාජෙත්වා දෙති, අනුපුබ්බෙන පන දස්සති, න හි සක්කා එකප්පහාරෙන දාතුං.
ඔව්හූ මැනවැයි පිළිවදන් දී ඔහු වෙත ගොස් ‘අපගේ පළඳිනා බඩු ඔබ අතෙහිල. එය දුන මැනව’යි කීවාහුය. ඔහු ද ආභරණ දෙනු සඳහා ගබඩාව විවෘතකොට පෙට්ටි පෙට්ටි සතරින් තුනක් තබා, එකක් විවෘතකොට, එයින් මලු පහක් බැහැරකොට සතරක් තබා, එකක් විවෘතකොට, එයින් කරඬු පහක් බැහැරකොට සතරක් තබා, එකක් විවෘතකොට, පියන පසෙක තබා එයින් නන්වැදෑරුම් ආභරණ ඉවතට ගෙන දුන්නේය. හෙතෙම ඉතිරි කරඬු සතරින් ද, සුමුගු සතරින් ද ඉතිරි පෙට්ටි තුනෙන් ද එකවර බෙදා නොදෙයි. එහෙත් පිළිවෙළින් දේ. එක්වරම දෙන්නට නොහැකි වේ.
තත්ථ මහාරාජා විය භගවා දට්ඨබ්බො. වුත්තම්පි චෙතං – “රාජාහමස්මි සෙලාති භගවා, ධම්මරාජා අනුත්තරො”ති (සු· නි· 559). ජෙට්ඨපුත්තො විය සාරිපුත්තත්ථෙරො, වුත්තම්පි චෙතං – “යං ඛො තං, භික්ඛවෙ, සම්මා වදමානො වදෙය්ය, ‘භගවතො පුත්තො ඔරසො මුඛතො ජාතො ධම්මජො ධම්මනිම්මිතො ධම්මදායාදො, නො ආමිසදායාදො’ති සාරිපුත්තමෙව තං සම්මා වදමානො වදෙය්ය, භගවතො පුත්තො…පෙ… නො ආමිසදායාදො”ති (ම· නි· 3.97). පරොසහස්සරාජපුත්තා විය භික්ඛුසඞ්ඝො දට්ඨබ්බො. වුත්තම්පි චෙතං –
ඒ උපමාවෙහි මහරජු මෙන් භාග්‍යවතුන් වහන්සේ දතයුතුය. රජා හමස්මි සෙලාති භගවා ධම්මරාජා අනුත්තරො ජ්‍යෙෂ්ඨ පුත්‍රයා මෙන් සැරියුත් තෙරණුවන් ද දතයුතුයි. යං ඛො තං භික්ඛවෙ, සම්මා වදමානො වදෙය්ය භගවතො පුත්තො ඔරසො මුඛතො ජාතො ධම්මජො, ධම්ම නිමිත්තො, ධම්ම දායාදො, නො ආමිසදායාදො සාරිපුත්ත මෙව තං සම්මා වදමානො වදෙය්ය, භගවතො පුත්තො නො ආමිස දායාදො යන්න වදාරන ලදී. මෙහි දහසක් රජ පුතුන් මෙන් භික්ෂු සංඝයා ද, වැඩිමල් පුතු මෙන් සැරියුත් තෙරුන් ද දතයුතුය.
“පරොසහස්සං භික්ඛූනං, සුගතං පයිරුපාසති; දෙසෙන්තං විරජං ධම්මං, නිබ්බානං අකුතොභය”න්ති. (සං· නි· 1.216);
පරො සහස්සං භික්ඛූනං - සුගතං පයිරුපාසති දෙසෙන්තං විරජං ධම්මං - නිබ්බාණං අකුතො භයං
‘භික්ෂූන් සම්බන්ධ වූ අතිරේක දහසක්, කෙසේත් බිය නොවූ, නිර්වාණගාමී වූ ධර්මය දේශනා කරන්නා වූ පහ වූ කෙලෙස් ඇති සුගතයන් වහන්සේ ඇසුරු කරති.’
රඤ්ඤො තෙසං පුත්තානං පිළන්ධනං චතූසු පෙළාසු පක්ඛිපිත්වා ජෙට්ඨපුත්තස්ස හත්ථෙ ඨපිතකාලො විය භගවතො ධම්මසෙනාපතිස්ස හත්ථෙ චතුසච්චප්පකාසනාය ඨපිතකාලො, තෙනෙවාහ – “සාරිපුත්තො, භික්ඛවෙ, පහොති චත්තාරි අරියසච්චානි විත්ථාරෙන ආචික්ඛිතුං දෙසෙතුං පඤ්ඤාපෙතුං පට්ඨපෙතුං විවරිතුං විභජිතුං උත්තානීකාතු”න්ති (ම· නි· 3.371).
රජු විසින් ඒ රජදරුවන්ගේ පළඳනා පෙට්ටි හතරක බහා වැඩිමල් පුතු අත තැබුවාක් මෙන්, භාග්‍යවතුන් විසින් සිව්සස් පවසනු පිණිස සැරියුත් තෙරුන් වෙත පැවරූ කාලය දතයුතුය. සාරිපුත්තො භික්ඛවෙ පභොති චත්තාරි අරියසච්චානි විත්ථාරෙන ආචික්ඛිතුං දෙසෙතුං පඤ්ඤාපෙතුං පට්ඨපෙතුං විවරිතුං විභජිතුං උත්තානි කාතුං යන්න එහෙයින් වදාළහ.
තථාරූපෙ ඛණෙ තෙසං රාජපුත්තානං තං රාජානං උපසඞ්කමිත්වා පිළන්ධනං යාචනකාලො විය භික්ඛුසඞ්ඝස්ස වස්සූපනායිකසමයෙ ආගන්ත්වා ධම්මදෙසනාය යාචිතකාලො. උපකට්ඨාය කිර වස්සූපනායිකාය ඉදං සුත්තං දෙසිතං. රඤ්ඤො, “තාතා, ජෙට්ඨභාතිකස්ස වො හත්ථෙ මයා පිළන්ධනං ඨපිතං තං ආහරාපෙත්වා පිළන්ධථා”ති වුත්තකාලො විය සම්බුද්ධෙනාපි, “සෙවෙථ, භික්ඛවෙ, සාරිපුත්තමොග්ගල්ලානෙ, භජථ, භික්ඛවෙ, සාරිපුත්තමොග්ගල්ලානෙ. පණ්ඩිතා භික්ඛූ අනුග්ගාහකා සබ්රහ්මචාරීන”න්ති එවං ධම්මසෙනාපතිනො සන්තිකෙ භික්ඛූනං පෙසිතකාලො.
එබඳු වූ සැණකෙළියෙහි රාජපුත්‍රයන් රජු කරා පැමිණ පළඳනා ආභරණ ඉල්වන කලක් මෙන්, භික්ෂු සංඝයාගේ වස් එළඹෙන සමයෙහි පැමිණ දහම් දෙසනු සඳහා අයැදි කාලය ගතයුතුය. වස් එළඹෙන දවස ළං වූ කල්හි මේ සූත්‍රය දේශනා කරන ලද්දේල. රජු විසින් දරුවනි, ඔබේ වැඩිමහල් සොහොයුරා ළඟ ම විසින් පළඳනා තබන ලදය. එහි ගොස් ඒ පළඳනා ඉල්ලා පැළඳ ගනුවයි. කල මෙන්, සම්මා සම්බුදුන් විසින්, ‘මහණෙනි, සැරියුත්-මුගලන් දෙනම සේවනය කරවු, මහණෙනි, සැරියුත් මුගලන් දෙනම භාජනය කරවු. ඔව්හූ පණ්ඩිත වූ භික්ෂූහුය. සබ්‍රම්සරුන්ට සේවය කරන්නාහුය’ මෙසේ දම්සෙනෙවි වෙත භික්ෂූන් පිටත්කර යැවීම ගතයුතුය.
රාජපුත්තෙහි රඤ්ඤො කථං සුත්වා ජෙට්ඨභාතිකස්ස සන්තිකං ගන්ත්වා පිළන්ධනං යාචිතකාලො විය භික්ඛූහි සත්ථුකථං සුත්වා ධම්මසෙනාපතිං උපසඞ්කම්ම ධම්මදෙසනං ආයාචිතකාලො. ජෙට්ඨභාතිකස්ස ගබ්භං විවරිත්වා චතස්සො පෙළායො නීහරිත්වා ඨපනං විය ධම්මසෙනාපතිස්ස ඉමං සුත්තන්තං ආරභිත්වා චතුන්නං අරියසච්චානං වසෙන මාතිකාය ඨපනං. තිස්සො පෙළායො ඨපෙත්වා එකං විවරිත්වා තතො පඤ්චසමුග්ගනීහරණං විය තීණි අරියසච්චානි ඨපෙත්වා දුක්ඛං අරියසච්චං විභජන්තස්ස පඤ්චක්ඛන්ධදස්සනං. චත්තාරො සමුග්ගෙ ඨපෙත්වා එකං විවරිත්වා තතො පඤ්චකරණ්ඩනීහරණං විය චත්තාරො අරූපක්ඛන්ධෙ ඨපෙත්වා එකං රූපක්ඛන්ධං විභජන්තස්ස චතුමහාභූතඋපාදාරූපවසෙන පඤ්චකොට්ඨාසදස්සනං.
රජදරුවන් රජුගේ කීම අසා වැඩිමලා වෙත ගොස් ආභරණ අයැදි සිද්ධිය මෙන්, භික්ෂූන් බුදු වදන අසා දම්සෙනෙවියන් වෙතැ ගොස් දම් දෙසුම අයැදීම ගතයුතුය. වැඩිමල් සොහොයුරා ගබඩාව ඇර පෙට්ටි සතරින් තුනක් බැහැර කිරීම මෙන් දම්සෙනෙවි මේ සූත්‍රය අරඹා චතුරාර්ය සත්‍යය වශයෙන් මාතෘකා තැබීම ගතයුතුය. පෙට්ටි තුනක් තබා එකක් විවරකොට එයින් සුමුගු පසක් බැහැර කිරීම මෙන්, ආර්ය සත්‍ය තුනක් තබා දුක්ඛ ආර්ය සත්‍යය ගෙන විභාග කරමින් පංචස්කන්ධය දැක්වීම ගතයුතුය. සුමුගු සතරක් තබා එකක් විවරකොට එයින් කරඬු පහක් ගැනීම මෙන්, ස්කන්ධ හතරක් තබා රූපස්කන්ධයම විභාග කරමින් සතරමහාභූත, උපාදා රූප වශයෙන් පස්කොටස දැක්වීම ගතයුතුය.
චත්තාරො කරණ්ඩෙ ඨපෙත්වා එකං විවරිත්වා පිධානං පස්සෙ ඨපෙත්වා හත්ථූපගපාදූපගාදිපිළන්ධනදානං විය තීණි මහාභූතානි උපාදාරූපඤ්ච ඨපෙත්වා එකං පථවීධාතුං විභජන්තස්ස බාහිරං තාව පිධානං විය ඨපෙත්වා අජ්ඣත්තිකාය පථවීධාතුයා නානාසභාවතො වීසතියා ආකාරෙහි දස්සනත්ථං “කතමා චාවුසො අජ්ඣත්තිකා පථවීධාතූ”තිආදිවචනං.
කරඬු සතරක් පසෙක තබා එකක් විවරකොට පියන පසෙක තබා, අත්පළඳනා, පා පළඳනා ආභරණ දීම මෙන්, මහා භූතයන් ද එක් උපාදා රූප ද තබා, එක් පෘථුවි ධාතුව විභාග කරමින් පළමුව බාහිර පියන මෙන් තබා අධ්‍යාත්මික පඨවි ධාතුව ගෙන එහි නානා ස්වභාව විසි ආකාරයකින් දැක්වීම පිණිස, කතමාචාවුසො අජ්ඣත්තිකා පඨවි ධාතු යනාදිය ඉදිරිපත් කිරීම සැළකිය යුතුය.
තස්ස පන රාජපුත්තස්ස තෙහි චතූහි කරණ්ඩෙහි චතූහි සමුග්ගෙහි තීහි ච පෙළාහි පච්ඡා අනුපුබ්බෙන නීහරිත්වා පිළන්ධනදානං විය ථෙරස්සාපි ඉතරෙසඤ්ච තිණ්ණං මහාභූතානං උපාදාරූපානඤ්ච චතුන්නං අරූපක්ඛන්ධානඤ්ච තිණ්ණං අරියසච්චානඤ්ච පච්ඡා අනුපුබ්බෙන භාජෙත්වා දස්සනං වෙදිතබ්බං.
නැවත ඒ රජපුතුගේ ඒ කරඬු සතරින් ද සුමුගු සතරින්ද පෙට්ටි තුනකින් ද පසුව පිළිවෙළින් ආභරණ දීම මෙන් ඉතිරි මහාභූත තුන, උපාදාන රූපය, සතර අරූපස්කන්ධ, තුන් ආර්ය සත්‍ය පිළිවෙළින් විස්තර විභාග කිරීම දතයුතුය.
යං පනෙතං “කතමා චාවුසො, අජ්ඣත්තිකා පථවීධාතූ”තිආදි වුත්තං. තත්ථ අජ්ඣත්තං පච්චත්තන්ති උභයම්පෙතං නියකාධිවචනමෙව. කක්ඛළන්ති ථද්ධං. ඛරිගතන්ති ඵරුසං. උපාදින්නන්ති න කම්මසමුට්ඨානමෙව, අවිසෙසෙන පන සරීරට්ඨකස්සෙතං ගහණං. සරීරට්ඨකඤ්හි උපාදින්නං වා හොතු, අනුපාදින්නං වා, ආදින්නගහිතපරාමට්ඨවසෙන සබ්බං උපාදින්නමෙව නාම. සෙය්යථිදං – කෙසා ලොමා…පෙ… උදරියං කරීසන්ති ඉදං ධාතුකම්මට්ඨානිකස්ස කුලපුත්තස්ස අජ්ඣත්තිකපථවීධාතුවසෙන තාව කම්මට්ඨානං විභත්තං. එත්ථ පන මනසිකාරං ආරභිත්වා විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං ගහෙතුකාමෙන යං කාතබ්බං, තං සබ්බං විසුද්ධිමග්ගෙ විත්ථාරිතමෙව. මත්ථලුඞ්ගං පන න ඉධ පාළිආරුළ්හං. තම්පි ආහරිත්වා, විසුද්ධිමග්ගෙ වුත්තනයෙනෙව වණ්ණසණ්ඨානාදිවසෙන වවත්ථපෙත්වා, “අයම්පි අචෙතනා අබ්යාකතා සුඤ්ඤා ථද්ධා පථවීධාතු එවා”ති මනසි කාතබ්බං. යං වා පනඤ්ඤම්පීති ඉදං ඉතරෙසු තීසු කොට්ඨාසෙසු අනුගතාය පථවීධාතුයා ගහණත්ථං වුත්තං.
නැවත කතමා චාවුසො අජ්ඣත්තිකා පඨවිධාතු. එහි අජ්ඣත්තං පච්චත්තං යන දෙක ස්ව සන්තානයට නමකි. කක්ඛලං තද වූ, ඛරිගතං පරුෂ වූ, උපාදින්නං කර්ම සමුට්ඨාන රූපයම නොවේ. අවිශේෂයෙන් වනාහී ශරීරට්ඨිකයාගේ ගැනීමයි. ශරීරට්ඨිකයාගෙ වනාහි උපාදින්න හෝ අනුපාදින්න හෝ වේවා, ආදින්න, ගහිත, පරාමට්ඨ වශයෙන්, සියල්ල උපදින්න නම් වේ. සෙය්යථිදං කෙසා ලොමා - උදරීයං කරීසං යන මෙය ධාතු කර්මස්ථානික කුලපුත්‍රයාගේ අධ්‍යාත්මික පෘථුවි ධාතුව වශයෙන් පළමුකොට කර්මස්ථානය විභාග කරන ලදී. මෙහි වනාහි (මනසිකාරය මෙනෙහි කිරීම පටන්ගෙන, විදර්ශනාව වඩා රහත්බව ලැබගනු කැමැත්තකු විසින්, යමක් කළයුතු ද, ඒ සියල්ල විශුද්ධි මාර්ගයෙහි විස්තර කරන ලද්දේ ය. ‘මත්ථලුංගය’ වනාහි මෙහි පෙළ නො ආයේය. එය ද ගෙන විශුද්ධිමාර්ගයෙහි කී ආකාරයෙන්ම පැහැසටහන් ආදී වශයෙන් විභාගකොට මෙය ද අචේතන වූ අව්‍යකෘත වූ ශුන්‍ය වූ පෘථිවි ධාතුවම යැයි මෙපරිද්දෙන් සිහිකටයුත්තේ ය. යං වා පනඤ්ඤම්පි මෙය ඉතිරි තුන් කොටසෙහි යෙදුනා වූ පෘථුවි ධාතුව ගැනීම සඳහාම කියන ලදී.
යා චෙව ඛො පන අජ්ඣත්තිකා පථවීධාතූති යා ච අයං වුත්තප්පකාරා අජ්ඣත්තිකා පථවීධාතු. යා ච බාහිරාති යා ච විභඞ්ගෙ, “අයො ලොහං තිපු සීස”න්තිආදිනා (විභ· 173) නයෙන ආගතා බාහිරා පථවීධාතු.
යා චෙව ඛො පන අජ්ඣත්තිකා පඨවි ධාතු යනු කියන ලද පරිද්දෙන් අධ්‍යාත්මික පඨවි ධාතුව හා යාච බාහිරා විභංගයෙහි අයො ලොභං තිපුසීසං යකඩ (ලෝහ) ගුලි, ඊයම්, ඇලුමිනියම් යනාදී වශයෙන් හා බාහිර වූ යම් පෘථුවි ධාතුවකුත්
එත්තාවතා ථෙරෙන අජ්ඣත්තිකා පථවීධාතු නානාසභාවතො වීසතියා ආකාරෙහි විත්ථාරෙන දස්සිතා, බාහිරා සඞ්ඛෙපෙන. කස්මා? යස්මිඤ්හි ඨානෙ සත්තානං ආලයො නිකන්ති පත්ථනා පරියුට්ඨානං ගහණං පරාමාසො බලවා හොති, තත්ථ තෙසං ආලයාදීනං උද්ධරණත්ථං බුද්ධා වා බුද්ධසාවකා වා විත්ථාරකථං කථෙන්ති. යත්ථ පන න බලවා, තත්ථ කත්තබ්බකිච්චාභාවතො සඞ්ඛෙපෙන කථෙන්ති. යථා හි කස්සකො ඛෙත්තං කසමානො යත්ථ මූලසන්තානකානං බලවතාය නඞ්ගලං ලග්ගති, තත්ථ ගොණෙ ඨපෙත්වා පංසුං වියූහිත්වා මූලසන්තානකානි ඡෙත්වා ඡෙත්වා උද්ධරන්තො බහුං වායාමං කරොති. යත්ථ තානි නත්ථි, තත්ථ බලවං පයොගං කත්වා ගොණෙ පිට්ඨියං පහරමානො කසතියෙව, එවංසම්පදමිදං වෙදිතබ්බං.
මෙතෙකින් තෙරුන් විසින් අධ්‍යාත්මික පෘථුවි ධාතුව නොයෙක් ස්වභාවයෙන් විසි ආකාරයකින් විස්තර වශයෙන් දක්වා ඇත. බාහිර පෘථුවි ධාතුව කෙටියෙන් දක්වන ලද්දේ ඇයි? යම් හෙයකින් යම් තැනෙක්හි සත්ත්වයන්ගේ ආලය නිකාන්තිය ප්‍රාර්ථනාව, බැසගැනීම, ග්‍රහණය, පරාමර්ශය, බලවත් වේද, එහි ඒ ආලය ආදීන්ගේ දුරුකිරීම, උදුරා දැමීම පිණිස බුදුවරයෝ හෝ බුද්ධශ්‍රාවකයෝ විස්තර කථාව කියති. සමහරවිටක බලවත් නො වේද එහි කළයුතු දෙයක් නැති හෙයින් කෙටියෙන් කියති. යම්සේ ගොවියෙක් කුඹුරක් සාන්නේ යම් තැනකද එහි මුල්බිස්ස බලවත් වී නගුල නවතීද එහිදී ගොනුන් තබා පස් ඉවත්කොට මුල්බිස්ස සිඳිමින් බොහෝ වෑයම් කෙරේද, යම්තැනෙක එවැනි මුල් නැත්ද, එහි බලවත් උත්සාහ නොකරමින් ගොනුන් පිට පහර දෙමින්, සාන්නේද මේ කරුණුද එපරිද්දෙන් දතයුතුයි.
පථවීධාතුරෙවෙසාති දුවිධාපෙසා ථද්ධට්ඨෙන කක්ඛළට්ඨෙන ඵරුසට්ඨෙන එකලක්ඛණා පථවීධාතුයෙව, ආවුසොති අජ්ඣත්තිකං බාහිරාය සද්ධිං යොජෙත්වා දස්සෙති. යස්මා බාහිරාය පථවීධාතුයා අචෙතනාභාවො පාකටො, න අජ්ඣත්තිකාය, තස්මා සා බාහිරාය සද්ධිං එකසදිසා අචෙතනායෙවාති ගණ්හන්තස්ස සුඛපරිග්ගහො හොති. යථා කිං? යථා දන්තෙන ගොණෙන සද්ධිං යොජිතො අදන්තො කතිපාහමෙව විසූකායති විප්ඵන්දති, අථ න චිරස්සෙව දමථං උපෙති. එවං අජ්ඣත්තිකාපි බාහිරාය සද්ධිං එකසදිසාති ගණ්හන්තස්ස කතිපාහමෙව අචෙතනාභාවො න උපට්ඨාති, අථ න චිරෙනෙවස්සා අචෙතනාභාවො පාකටො හොති. තං නෙතං මමාති තං උභයම්පි න එතං මම, න එසොහමස්මි, න එසො මෙ අත්තාති එවං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. යථාභූතන්ති යථාසභාවං, තඤ්හි අනිච්චාදිසභාවං, තස්මා අනිච්චං දුක්ඛමනත්තාති එවං දට්ඨබ්බන්ති අත්ථො.
පඨවිධාතුරෙවෙසා ඇවැත්නි, මෝ විවිධ වූවාම තද අරුතින් (කර්කෂ) රළු අර්ථයෙන්, පරුෂාර්ථයෙන් සමාන ලක්ෂණ ඇති පෘථිවි ධාතුවම යයි අධ්‍යාත්මික බාහිර වශයෙන් යොදා දක්වති. කවර හෙයින්ද? යම් හෙයකින් බාහිර වූ පෘථුවි ධාතුහුගේ සිත් නැති බව ප්‍රකට ද අධ්‍යාත්මික පෘථුවි ධාතුහුගේ එසේ නොවේද එහෙයින් බටහිර පෘථුවි ධාතුව සමග එක්වැනි වූවා, අචේතන වූවාම යයි ගන්නහු සුවසේ පරිග්‍රහය වේ. කුමක් මෙන්ද, යම්සේ දැමුණු ගොනෙකු සමග යෙදු නො දැමුණ ගවයා කීප දවසකින් විරුද්ධ වේද, කම්පා වේද, අනතුරුව කීප දිනකින් දමනයට පැමිණේද, එපරිද්දෙන් අධ්‍යාත්මික පෘථුවි ධාතුව බාහිර පෘථුවි ධාතුව සමග එක්වැනියයි ගන්නහුට කීප දිනකින්ම අචේතනා බැවින් නොවැටහෙයි. අනතුරුව නොබෝ දිනකින් අධ්‍යාත්මික පෘථුවි ධාතුහුගේ අචේතන භාවය ප්‍රකට වෙයි. තං නෙතං මම ඒ මේ පෘථිවි ධාතු දෙකම මගේ නොවේ. මෙතෙම මම නො වෙමි. මෙතෙම මගේ ආත්මය නොවේ යයි මෙසේ තතු පිදි විදසුන් නුවණින් දතයුතුයි. යථාභූතං යථා ස්වරූපයෙන් එය අනිත්‍යාදී ස්වභාවය වේද, එහෙයින් අනිත්‍යය. දුකය. අනාත්මයයි දතයුතු.
හොති ඛො සො, ආවුසොති කස්මා ආරභි? බාහිරආපොධාතුවසෙන බාහිරාය පථවීධාතුයා විනාසං දස්සෙත්වා තතො විසෙසතරෙන උපාදින්නාය සරීරට්ඨකපථවීධාතුයා විනාසදස්සනත්ථං. පකුප්පතීති ආපොසංවට්ටවසෙන වඩ්ඪමානා කුප්පති. අන්තරහිතා තස්මිං සමයෙ බාහිරා පථවීධාතු හොතීති තස්මිං සමයෙ කොටිසතසහස්සචක්කවාළෙ ඛාරොදකෙන විලීයමානා උදකානුගතා හුත්වා සබ්බා පබ්බතාදිවසෙන සණ්ඨිතා පථවීධාතු අන්තරහිතා හොති. විලීයිත්වා උදකමෙව හොති. තාව මහල්ලිකායාති තාව මහන්තාය.
හොති ඛො සො ආවුසො කුමක් හෙයින් ආරම්භ කළ සේක් ද, බාහිර ආපෝ ධාතු වශයෙන්, බාහිර පඨවි ධාතුවගේ විනාශය දක්වා එයට වඩා ඉතා විශේෂයෙන් උපාදින්න වූ ශරීරස්ථ පෘථුවි ධාතුවගේ විනාශය දැක්වීම පිණිසය. පකුප්පතී යනු ආපෝධාතුව සංවට්ට කාලයේ වැඩෙනුයේ කිපෙයි. අන්තරහිත තස්මිං සමයෙ බාහිරා පඨවි ධාතු හොති යනු එකල්හි කෝටි සියදහසක් සක්වළ කරදියෙන් යටවන්නේ ජලය හා අනුගතව පර්වතාදී වශයෙන් පිහිටි සියලු පෘථුවි ධාතුව අතුරුදහන් වෙයි. දියව ජලය ම වේ. තාවමහල්ලිකාය එපමණ මහත් වූ,
දුවෙ සතසහස්සානි, චත්තාරි නහුතානි ච; එත්තකං බහලත්තෙන, සඞ්ඛාතායං වසුන්ධරාති. –
දුවෙ සත සහස්සානි - චත්තාරි නහුතානිච එත්තකං බහලත්තෙන - සංඛාතායං වසුන්ධරා
දුවෙ සතසහස්සානි යොදුන් දෙසිය දහසක් ද, චත්තාරි නහුතානි නහුත සතරක් ද, බහුලත්තෙන බොල් බැවින්, එත්තකං මෙපමණ අයං වසුන්ධරා පෘථුවී තොමෝ, සංඛාතා ගණන් තබන ලද්දීය.
එවං බහලත්තෙනෙව මහන්තාය, විත්ථාරතො පන කොටිසතසහස්සචක්කවාළප්පමාණාය. අනිච්චතාති හුත්වා අභාවතා. ඛයධම්මතාති ඛයං ගමනසභාවතා. වයධම්මතාති වයං ගමනසභාවතා. විපරිණාමධම්මතාති පකතිවිජහනසභාවතා, ඉති සබ්බෙහිපි ඉමෙහි පදෙහි අනිච්චලක්ඛණමෙව වුත්තං. යං පන අනිච්චං, තං දුක්ඛං. යං දුක්ඛං, තං අනත්තාති තීණිපි ලක්ඛණානි ආගතානෙව හොන්ති.
මෙසේ බොල් බැවින් මහත් වූ, පුළුලින් කෙළසිය දහසක් සක්වළ පමණ වූ අනිච්චතා ඇතිව නැතිවන බව ඛය ධම්මතා ක්ෂයට යන ස්වභාව ඇති බව, විපරිනාම ධම්මතා ප්‍රකෘතිය අත්හරින ස්වභාව ඇති බව, මේ සියලු පදයන්ගෙන් ම අනිත්‍යතා ලක්ෂණයම කියන ලදී. යමක් අනිත්‍යද එය දුකයි. යමක් දුකද එය අනාත්මයි යන ත්රිලක්ෂණයම ආවාහු වෙති.
මත්තට්ඨකස්සාති පරිත්තට්ඨිතිකස්ස, තත්ථ ද්වීහාකාරෙහි ඉමස්ස කායස්ස පරිත්තට්ඨිතිතා වෙදිතබ්බා ඨිතිපරිත්තතාය ච සරසපරිත්තතාය ච. අයඤ්හි අතීතෙ චිත්තක්ඛණෙ ජීවිත්ථ, න ජීවති, න ජීවිස්සති. අනාගතෙ චිත්තක්ඛණෙ ජීවිස්සති, න ජීවති, න ජීවිත්ථ. පච්චුප්පන්නෙ චිත්තක්ඛණෙ ජීවති, න ජීවිත්ථ, න ජීවිස්සතීති වුච්චති.
මත්තට්ඨකස්ස මද කලක් සිටිනා වූ එහි දෙ ආකාරයකින් මේ ශරීරයේ මද කලක් සිටින බව දතයුතුයි. ‘ඨිති පරිත්තතා වශයෙන් ද සරස පරිත්තතා වශයෙන් ද වෙති. මෙහි වනාහි, මේ කය අතීත චිත්ත ක්ෂණයෙහි ජීවත්විය. දැන් ජීවත් නොවෙයි. මතු ජීවත් නො වන්නේ ය. අනාගත චිත්ත ක්ෂණයෙහි ජීවත් වන්නේ ය. දැන් ජීවත් වෙයි. පෙර ජීවත් නොවී, වර්තමාන චිත්ත ක්ෂණයෙහි ජීවත් වේ. පෙර ජීවත් නොවීය. අනාගතයේ ජීවත් නො වන්නේ ය.
“ජීවිතං අත්තභාවො ච, සුඛදුක්ඛා ච කෙවලා; එකචිත්තසමායුත්තා, ලහු සො වත්තතෙ ඛණො”ති. –
ජීවිතං අත්තභාවොච - සුඛ දුක්ඛා ච කෙවලා එකචිත්ත සමායුත්තා - ලහුසො වත්තතෙ ඛණො
ජීවිතේන්ද්රිය ද, ආත්ම භාවය ද, සුඛ දුඃඛ වේදනා යන මොව්හූ අසම්මිශ්‍ර වූවාහු හුදෙකලා වූවාහු එක් එක් චිත්තය හා යෙදුනාහුය. ක්ෂණය ඉතා කෙටි කලක් පවත්නේය.
ඉදං එතස්සෙව පරිත්තට්ඨිතිදස්සනත්ථං වුත්තං. එවං ඨිතිපරිත්තතාය පරිත්තට්ඨිතිතා වෙදිතබ්බා.
මොහුගේ මනකල් පැවැත්ම දක්වනු වස් මේ ගාථාව කීහ. මෙසේ ඨිති පරිත්තතා වශයෙන් මදකල් සිටින බැව් දතයුතු.
අස්සාසපස්සාසූපනිබද්ධාදිභාවෙන පනස්ස සරසපරිත්තතා වෙදිතබ්බා. සත්තානඤ්හි අස්සාසූපනිබද්ධං ජීවිතං, පස්සාසූපනිබද්ධං ජීවිතං, අස්සාසපස්සාසූපනිබද්ධං ජීවිතං, මහාභූතූපනිබද්ධං ජීවිතං, කබළීකාරාහාරූපනිබද්ධං ජීවිතං, විඤ්ඤාණූපනිබද්ධං ජීවිතන්ති විසුද්ධිමග්ගෙ විත්ථාරිතං.
නැවත ආශ්වාස ප්‍රශ්වාස ප්‍රතිබද්ධ භාවයෙන් ඔහුගේ සරස පරිත්තතා දතයුතු. සත්ත්වයන්ගේ ජීවිතය ආශ්වාස සමග බැඳී ඇත. ජීවිතය ප්‍රශ්වාස සමග බැඳී ඇත. ජීවිතය ආශ්වාස ප්‍රශ්වාස සමග බැඳී ඇත. ජීවිතය මහාභූත සමග බැඳී ඇත. ජීවිතය කබලිංකාරාහාර සමග බැඳී ඇත. ජීවිතය විඥානය සමග බැඳී ඇත. මෙය විශුද්ධි මාර්ගයෙහි විස්තර කරන ලදී.
තණ්හුපාදින්නස්සාති තණ්හාය ආදින්නගහිතපරාමට්ඨස්ස අහන්ති වා මමන්ති වා අස්මීති වා. අථ ඛ්වාස්ස නොතෙවෙත්ථ හොතීති අථ ඛො අස්ස භික්ඛුනො එවං තීණි ලක්ඛණානි ආරොපෙත්වා පස්සන්තස්ස එත්ථ අජ්ඣත්තිකාය පථවීධාතුයා අහන්ති වාතිආදි තිවිධො තණ්හාමානදිට්ඨිග්ගාහො නොතෙව හොති, න හොතියෙවාති අත්ථො. යථා ච ආපොධාතුවසෙන, එවං තෙජොධාතුවායොධාතුවසෙනපි බාහිරාය පථවීධාතුයා අන්තරධානං හොති. ඉධ පන එකංයෙව ආගතං. ඉතරානිපි අත්ථතො වෙදිතබ්බානි.
තණ්හූපාදිණ්ණස්ස තෘෂ්ණාවෙන් ආදින්න - ගහිත - පරාමර්ශ කරන ලද අහන්ති වා මමන්ති වා අස්මීති වා අථ ඛවස්ස නො තෙවෙත්ථා හොතී යනු එකල්හි මෙසේ ත්රිලක්ෂණයට නගා බලන්නා වූ ඒ මහණ හට මේ අධ්‍යාත්මික පඨවි ධාතුවෙහි ‘මේ මම වෙමි’ යි හෝ යනාදී ත්‍රිවිධ වූ තෘෂ්ණා මාන දෘෂ්ටි ග්‍රහණය නොවේමැයි යන අර්ථයි. තව ද ආපෝ ධාතු වශයෙන් යම්සේ ද එපරිද්දෙන් තේජෝ ධාතු වායෝ ධාතු වශයෙන් ද බාහිර පඨවි ධාතුහුගේ අතුරුදන් වීම වෙයි. එහෙත් මෙහි ඉතිරි වූවාහු ද අර්ථ වශයෙන් දතයුත්තාහ.
තඤ්චෙ, ආවුසොති ඉධ තස්ස ධාතුකම්මට්ඨානිකස්ස භික්ඛුනො සොතද්වාරෙ පරිග්ගහං පට්ඨපෙන්තො බලං දස්සෙති. අක්කොසන්තීති දසහි අක්කොසවත්ථූහි අක්කොසන්ති. පරිභාසන්තීති තයා ඉදඤ්චිදඤ්ච කතං, එවඤ්ච එවඤ්ච තං කරිස්සාමාති වාචාය පරිභාසන්ති. රොසෙන්තීති ඝට්ටෙන්ති. විහෙසෙන්තීති දුක්ඛාපෙන්ති, සබ්බං වාචාය ඝට්ටනමෙව වුත්තං. සො එවන්ති සො ධාතුකම්මට්ඨානිකො එවං සම්පජානාති. උප්පන්නා ඛො මෙ අයන්ති සම්පතිවත්තමානුප්පන්නභාවෙන ච සමුදාචාරුප්පන්නභාවෙන ච උප්පන්නා. සොතසම්ඵස්සජාති උපනිස්සයවසෙන සොතසම්ඵස්සතො ජාතා සොතද්වාරජවනවෙදනා, ඵස්සො අනිච්චොති සොතසම්ඵස්සො හුත්වා අභාවට්ඨෙන අනිච්චොති පස්සති. වෙදනාදයොපි සොතසම්ඵස්සසම්පයුත්තාව වෙදිතබ්බා.
තං චෙ ආවුසො මෙහි ඒ ධාතු කර්මස්ථානික භික්ෂූහුගේ සෝත ද්වාරයෙහි පරිග්‍රහය පිහිටුවමින්, බලය දක්වන්නේ ය. අක්කොසන්ති දශ ආක්‍රෝශ වස්තුවෙන් ආක්‍රොශ කරති. පරිභාසන්ති ඔබ විසින් මේ මේ දෙය කරන ලදී. තට ද මෙසේ කරන්නෙමු යයි වචනයෙන් පරිභව කෙරෙති. රොසෙන්ති හප්පයි - ගටයි. විහෙසෙන්ති දුක් උපදවති. සියලු ගැටීම් වචනයෙන් ම ඇති කරති. සො එවන්ති හෙතෙම ඒ ධාතු කර්මස්ථානික තෙමේ මෙසේ දැනගනී. උප්පන්නා ඛො මෙ අයං දැන් වර්තමානයෙහි උපන් බැවින් ද, සමුදාචාර වශයෙන් උපන් බැවින් ද, උපන්නීය. සොත සම්පස්සජා උපනිශ්‍රය විසින් ශ්රෝතස්පර්ශයෙන් උපන් ශ්‍රෝත ද්වාරයෙහි ජවන වේදනා, ඵස්සො අනිච්චො ශ්‍රෝත ස්පර්ශය තෙම්ම ඇතිවැ නැතිවන අනිත්‍යය දකී. වේදනාදීහු ශ්‍රෝත ස්පර්ශය හා එක්වම යෙදුන බව දතයුතුය.
ධාතාරම්මණමෙවාති ධාතුසඞ්ඛාතමෙව ආරම්මණං. පක්ඛන්දතීති ඔතරති. පසීදතීති තස්මිං ආරම්මණෙ පසීදති, භුම්මවචනමෙව වා එතං. බ්යඤ්ජනසන්ධිවසෙන “ධාතාරම්මණමෙවා”ති වුත්තං, ධාතාරම්මණෙයෙවාති අයමෙත්ථ අත්ථො. අධිමුච්චතීති ධාතුවසෙන එවන්ති අධිමොක්ඛං ලභති, න රජ්ජති, න දුස්සති. අයඤ්හි සොතද්වාරම්හි ආරම්මණෙ ආපාථගතෙ මූලපරිඤ්ඤාආගන්තුකතාවකාලිකවසෙන පරිග්ගහං කරොති, තස්ස විත්ථාරකථා සතිපට්ඨානෙ සතිසම්පජඤ්ඤපබ්බෙ වුත්තා. සා පන තත්ථ චක්ඛුද්වාරවසෙන වුත්තා, ඉධ සොතද්වාරවසෙන වෙදිතබ්බා.
ධාතාරම්මණමෙව, ධාතු සංඛ්‍යාත වූ අරමුණුම පක්ඛන්දති බසී. පසීදති ඒ අරමුණෙහි පහදී. මෙය බ්‍යඤ්ජන සන්ධි වශයෙන් භුම්ම වචනයි. ‘ධාතාරම්මණ මෙව’ යයි කියන ලදී. ධාතු සංඛ්‍යාත අරමුණෙහිම යන අර්ථයයි. විමුච්චතී යනු ධාතු වශයෙන් මෙසේ අධිමෝක්ෂය ලබයි. නො ඇලෙයි. දූෂ්‍ය නොවෙයි. මෙය වූ කලී සෝතද්වාර අරමුණ අපාථයට පැමිණි කල්හි මූලපරිදො ආගන්තුක, තාවකාලික වශයෙන් පරිග්‍රහ (අල්ලා ගැනීම) කරයි. එහි විස්තර කථාව සතිපට්ඨාන සූත්‍රයේ චතු සම්පජඤ්ඤ කාණ්ඩයෙහි එයි. එහි වනාහි චක්ෂු ද්වාර වශයෙන් කියන ලදැයි දතයුතු.
එවං කතපරිග්ගහස්ස හි ධාතුකම්මට්ඨානිකස්ස බලවවිපස්සකස්ස සචෙපි චක්ඛුද්වාරාදීසු ආරම්මණෙ ආපාථගතෙ අයොනිසො ආවජ්ජනං උප්පජ්ජති, වොට්ඨබ්බනං පත්වා එකං ද්වෙ වාරෙ ආසෙවනං ලභිත්වා චිත්තං භවඞ්ගමෙව ඔතරති, න රාගාදිවසෙන උප්පජ්ජති, අයං කොටිප්පත්තො තික්ඛවිපස්සකො. අපරස්ස රාගාදිවසෙන එකං වාරං ජවනං ජවති, ජවනපරියොසානෙ පන රාගාදිවසෙන එවං මෙ ජවනං ජවිතන්ති ආවජ්ජතො ආරම්මණං පරිග්ගහිතමෙව හොති, පුන වාරං තථා න ජවති. අපරස්ස එකවාරං එවං ආවජ්ජතො පුන දුතියවාරං රාගාදිවසෙන ජවනං ජවතියෙව, දුතියවාරාවසානෙ පන එවං මෙ ජවනං ජවිතන්ති ආවජ්ජතො ආරම්මණං පරිග්ගහිතමෙව හොති, තතියවාරෙ තථා න උප්පජ්ජති. එත්ථ පන පඨමො අතිතික්ඛො, තතියො අතිමන්දො, දුතියස්ස පන වසෙන ඉමස්මිං සුත්තෙ, ලටුකිකොපමෙ, ඉන්ද්රියභාවනෙ ච අයමත්ථො වෙදිතබ්බො.
මෙසේ කරන ලද පරිග්‍රහය (අල්ලා ගැනීම) ඇති ධාතු කර්මස්ථානික ඇති බලවත් විදර්ශකය හට වනාහී ඉදින් චක්ෂුද්වාරයෙහි අරමුණ අපාථයට (ගැටීමට) පැමිණි කල්හි නුනුවණින් ආවර්ජනය උපදී ද, ව්‍යවස්ථාපනයට (වොත්‍ථපනයට) පැමිණ පැමිණ එක්වරක් දෙවරක් ආසේවනය ලැබ සිත භවාංගයට බසීද, රාගාදී වශයෙන් නො උපදීද, මෙතෙම කෙළවරට පැමිණි ශුෂ්ක විදර්ශකය. අනිකකුට රාගාදී වශයෙන් එක්වරක් ජවන් දිවෙයි. යළි ජවන් කෙළවර රාගාදී වශයෙන් මාගේ ජවන් දුවන ලදැයි මෙනෙහි කරන්නහු විසින් අරමුණ නුවණින් වෙන්කොට ගන්නා ලද්දේම වෙයි. නැවත වරක් එසේ නො දිවෙයි. අනිකකුට එක්වරක් මෙනෙහි කරන්නහුට යළි දෙවෙනිවර රාගාදී වශයෙන් දිවේමැයි. එහෙත් දෙවෙනිවර අවසන මෙසේ මාගේ ජවනය මුදන ලදැයි මෙනෙහි කරන්නෙකු විසින් අරමුණ වෙන්කොට ගන්නා ලද්දේම වේ. තුන්වෙනි වර එසේ නූපදී. මෙහි පළමුවැන්නා ඉතා තියුණු වූයේ වෙයි. තුන්වැන්නා ඉතා මදවූයේ වෙයි. දෙවැන්නාගේ වශයෙන් මේ සූත්‍රයේ ද ලටුකිකොපමානයෙහි ද, ඉන්ද්රිය භාවනායෙහි ද අථය දතයුතුය.
එවං සොතද්වාරෙ පරිග්ගහිතවසෙන ධාතුකම්මට්ඨානිකස්ස බලං දස්සෙත්වා ඉදානි කායද්වාරෙ දීපෙන්තො තඤ්චෙ, ආවුසොතිආදිමාහ. අනිට්ඨාරම්මණඤ්හි පත්වා ද්වීසු වාරෙසු කිලමති සොතද්වාරෙ ච කායද්වාරෙ ච. තස්මා යථා නාම ඛෙත්තස්සාමී පුරිසො කුදාලං ගහෙත්වා ඛෙත්තං අනුසඤ්චරන්තො යත්ථ වා තත්ථ වා මත්තිකපිණ්ඩං අදත්වා දුබ්බලට්ඨානෙසුයෙව කුදාලෙන භූමිං භින්දිත්වා සතිණමත්තිකපිණ්ඩං දෙති. එවමෙව මහාථෙරො අනාගතෙ සික්ඛාකාමා පධානකම්මිකා කුලපුත්තා ඉමෙසු ද්වාරෙසු සංවරං පට්ඨපෙත්වා ඛිප්පමෙව ජාතිජරාමරණස්ස අන්තං කරිස්සන්තීති ඉමෙසුයෙව ද්වීසු ද්වාරෙසු ගාළ්හං කත්වා සංවරං දෙසෙන්තො ඉමං දෙසනං ආරභි.
මෙසේ සෝතද්වාරයෙහි පරිග්‍රහ (අල්ලා ගැනීම්) වශයෙන් ධාතු කර්මස්ථානිකයාගේ බලය පවසන්නාහු තං වෙ ආවුසො යනාදිය කීහ. යම් හෙයකින් අනිටු අරමුණට පැමිණ, සෝත ද්වාරයෙහි ද කාය ද්වාරයෙහිද යන දෙ දොරෙහිම වෙහෙසේ ද, එහෙයින් යම්සේ කුඹුරු හිමියෙක් උදැල්ලක් ගෙන කුඹුරෙහි හැසිරෙන්නේ යම් යම් තැන්වල මැටිපිඩක් නොදී දුබල තැනම උදැල්ලෙන් බිම කොටා තණ සහිත මැටිපිඩක් දෙන්නේ ද? එපරිද්දෙන් මහතෙරුන් වහන්සේ අනාගතයෙහි ශික්ෂාකාමී වූ ප්රධන්වීර්යය කරන්නා වූ කුලපුත්‍රයෝ මේ දෙදොර සංසිඳුවා සංවරයෙහි පිහිටුවා වහාම ජාති ජරා මරණ කෙළවර කරන්නෝ ය. මේ දේශනාව මේ දෙදොරම දැඩිකොට සංවරය සඳහා දෙසූ සේක.
තත්ථ සමුදාචරන්තීති උපක්කමන්ති. පාණිසම්ඵස්සෙනාති පාණිප්පහාරෙන, ඉතරෙසුපි එසෙව නයො. තථාභූතොති තථාසභාවො. යථාභූතස්මින්ති යථාසභාවෙ. කමන්තීති පවත්තන්ති. එවං බුද්ධං අනුස්සරතොතිආදීසු ඉතිපි සො භගවාතිආදිනා නයෙන අනුස්සරන්තොපි බුද්ධං අනුස්සරති, වුත්තං ඛො පනෙතං භගවතාති අනුස්සරන්තොපි අනුස්සරතියෙව. ස්වාක්ඛාතො භගවතා ධම්මොතිආදිනා නයෙන අනුස්සරන්තොපි ධම්මං අනුස්සරති, කකචූපමොවාදං අනුස්සරන්තොපි අනුස්සරතියෙව. සුප්පටිපන්නොතිආදිනා නයෙන අනුස්සරන්තොපි සඞ්ඝං අනුස්සරති, කකචොකන්තනං අධිවාසයමානස්ස භික්ඛුනො ගුණං අනුස්සරමානොපි අනුස්සරතියෙව.
එහි සමුදාචරන්ති උපක්‍රම කෙරෙති. පාණි සම්ඵස්සෙන අතුල් පහරින්, සෙස්සෙහි ද මේ ක්‍රමයමැයි. තථාභූතො එබඳු ස්වභාව ඇති, යථාභූතස්මිං යම් ස්වභාවයක් ඇති, කමන්ති පවතිත්. එවං බුද්ධං අනුස්සරතො යනාදියෙහි ‘ඉතිපිසො භගවා’ යනාදී ක්‍රමයෙන් සිහි කරන්නේ බුදුන් ම සිහිකරති. ‘මුත්තං ඛො පනෙතං භගවතා’ යනුවෙන් සිහි කරන්නේ ද බුදුන් සිහි කෙරේමැයි. ‘සවාක්ඛාතා භගවතා ධම්මො’ ආදී වශයෙන් සිහි කරන්නේ ධර්මය සිහිකරයි. කකචූපමොවාදය සිහි කරන්නේ ධර්මය ම සිහිකෙරෙයි. ‘සුපටිපන්නො’ යනාදී වශයෙන් සිහිකරන්නේ සංඝයා සිහි කරයි. කියතින් කැපීම් ඉවසන භික්ෂුව සිහිකරන්නේ සංඝයාගේ ගුණයම සිහිකරයි.
උපෙක්ඛා කුසලනිස්සිතා න සණ්ඨාතීති ඉධ විපස්සනුපෙක්ඛා අධිප්පෙතා. උපෙක්ඛා කුසලනිස්සිතා සණ්ඨාතීති ඉධ ඡළඞ්ගුපෙක්ඛා, සා පනෙසා කිඤ්චාපි ඛීණාසවස්ස ඉට්ඨානිට්ඨෙසු ආරම්මණෙසු අරජ්ජනාදිවසෙන පවත්තති, අයං පන භික්ඛු වීරියබලෙන භාවනාසිද්ධියා අත්තනො විපස්සනං ඛීණාසවස්ස ඡළඞ්ගුපෙක්ඛාඨානෙ ඨපෙතීති විපස්සනාව ඡළඞ්ගුපෙක්ඛා නාම ජාතා.
උපෙක්ඛා කුසල නිස්සිතා න සණ්ඨා යනු මෙහි විදර්ශනා අපේක්ෂාව අදහස් කර ඇත. උපෙක්ඛා කුසල නිස්සිතා සණ්ඨා යන මෙහි ෂඩංග උපේක්ෂාව අදහස් කරයි. ඒ මේ ඡළංගුපේක්ෂාව ක්ෂීණාශ්රවයන්ට ඉටු අනිටු අරමුණුවල නො ඇලීම් සඳහා පවතී. එහෙත් මේ භික්ෂුව වීර්ය බලයෙන් භාවනා සිද්ධිය පිණිස තමාගේ විදර්ශනාව ක්ෂිණාශ්රවයාගේ ෂඩංග උපේක්ෂා ස්ථානයෙහි තබන්නේනුයි ‘ඡළංගුපෙක්ඛා’ නම් වේ.
ආපොධාතුනිද්දෙසෙ ආපොගතන්ති සබ්බආපෙසු ගතං අල්ලයූසභාවලක්ඛණං. පිත්තං සෙම්හන්තිආදීසු පන යං වත්තබ්බං, තං සබ්බං සද්ධිං භාවනානයෙන විසුද්ධිමග්ගෙ වුත්තං. පකුප්පතීති ඔඝවසෙන වඩ්ඪති, සමුද්දතො වා උදකං උත්තරති, අයමස්ස පාකතිකො පකොපො, ආපොසංවට්ටකාලෙ පන කොටිසතසහස්සචක්කවාළං උදකපූරමෙව හොති. ඔගච්ඡන්තීති හෙට්ඨා ගච්ඡන්ති, උද්ධනෙ ආරොපිතඋදකං විය ඛයං විනාසං පාපුණන්ති. සෙසං පුරිමනයෙනෙව වෙදිතබ්බං.
ආපෝ ධාතු නිදර්ශනයෙහි ආපොගතං යන සියලු ආපයෙහි ඇතුළත් තෙත් ගතිය ඇති ස්වභාව ලක්ෂණයයි. පිත්තංසෙම්හං යනු යමක් කිය යුතුද ඒ සියල්ල විශුද්ධි මාර්ගයෙහි කියන ලදී. පකුබ්බතී ඕඝ වශයෙන් වැඩෙයි. සමුද්‍රයෙන් හෝ ජලය උතුරයි. මේ ආපෝ ධාතුවගේ ප්‍රකෘති කිපීමයි. ආපය වැඩෙන කාලයෙහි කෙළ සියදහසක් සක්වළ ජලයෙන් පිරුණේ වේ. මගච්ඡන්ති යටට බසී. උදුනෙහි නැගූ ජලය මෙන් විනාශයට පැමිණේ. මෙහි ඉතිරිය පළමු කී නයින්ම අවබෝධ කළ යුතුය.
තෙජොධාතුනිද්දෙසෙ තෙජොගතන්ති සබ්බතෙජෙසු ගතං උණ්හත්තලක්ඛණං. තෙජො එව වා තෙජොභාවං ගතන්ති තෙජොගතං. පුරිමෙ ආපොගතෙපි පච්ඡිමෙ වායොගතෙපි එසෙව නයො. යෙන චාති යෙන තෙජොගතෙන. තස්මිං කුප්පිතෙ අයං කායො සන්තප්පති, එකාහිකජරාදිභාවෙන උසුමජාතො හොති. යෙන ච ජීරීයතීති යෙන අයං කායො ජීරති, ඉන්ද්රියවෙකල්ලත්තං බලපරික්ඛයං වලිපලිතාදිභාවඤ්ච පාපුණාති. යෙන ච පරිඩය්හතීති යෙන කුප්පිතෙන අයං කායො දය්හති, සො ච පුග්ගලො දය්හාමි දය්හාමීති කන්දන්තො සතධොතසප්පිගොසීතචන්දනාදිලෙපඤ්ච තාලවණ්ටවාතඤ්ච පච්චාසීසති. යෙන ච අසිතපීතඛායිතසායිතං සම්මා පරිණාමං ගච්ඡතීති යෙන තං අසිතං වා ඔදනාදි, පීතං වා පානකාදි, ඛායිතං වා පිට්ඨඛජ්ජකාදි, සායිතං වා අම්බපක්කමධුඵාණිතාදි සම්මා පරිපාකං ගච්ඡති, රසාදිභාවෙන විවෙකං ගච්ඡතීති අත්ථො. අයමෙත්ථ සඞ්ඛෙපො. විත්ථාරතො පන යං වත්තබ්බං සියා, තං සබ්බං සද්ධිං භාවනානයෙන විසුද්ධිමග්ගෙ වුත්තං.
තේජෝ ධාතුව දැක්වීමෙහි තෙජොගතං යනු සියලු තේජසයන්හි ඇති උණුසුම් ලක්ෂණයයි. ‘තේජස්ම’ තේජස් බවට ගියේනුයි ‘තෙජොගත’ නම් වේ. පළමු ආපොගතයෙහි ද (දෙවැනි) පසු වායොගතයෙහි ද මෙම ක්‍රමයමැයි. යෙනච කිපියා වූ යම් උෂ්ණ ගතියකින් මේ ශරීරය අතිශයින් තැවේ ද ඒකාතික ‘උන’ ආදී වශයෙන් උණුසුම් වූයේ වේද, යෙන ච ජීරියති යමකින් මේ කය දිරා ද, ඉඳුරන්ගේ විකල බවට පිරිහීමට, බලය පිරිහීමට, සෙලවෙන සැලෙන බවට පැමිණේ ද, යෙනච පරිඩය්හතී කිපුණු උෂ්ණයකින් මේ සිරුර දැවේ ද, පුද්ගලයා ද දැවෙමැයි හඬමින් ගිතෙල් රත්සඳුන් ආදිය ගල්වන්නේ ද, තල්වැට පවනින් පවන් සැලුම කැමති වේද, යෙනච අසිත පීත ඛායිත සායිතං සම්මා පරිණාමං ගචඡති යමකින් ගන්නා ලද ආහාර, බොන ලද පැන්, පිරිකැවුම් ආදිය කන ලද දේද, නො පෑහූ මීපැණි ආදී රස විඳින ලද දේද, මනාකොට මේරීම් බවට ගියේද, රසාදී භාවයෙන් විභාගයට යන්නේ ය යන අර්ථයි. මේ මෙහි කෙටි අදහසයි. විචිතර වශයෙන් යමක් කිවයුතුද ඒ සියල්ල විශුද්ධි මාර්ගයේ භාවනානය කොටසේ කියන ලදී.
හරිතන්තන්ති හරිතමෙව. අල්ලතිණාදිං ආගම්ම නිබ්බායතීති අත්ථො. පන්ථන්තන්ති මහාමග්ගමෙව. සෙලන්තන්ති පබ්බතං. උදකන්තන්ති උදකං. රමණීයං වා භූමිභාගන්ති තිණගුම්බාදිරහිතං, විවිත්තං අබ්භොකාසං භූමිභාගං. අනාහාරාති නිරාහාරා නිරුපාදානා, අයම්පි පකතියාව තෙජොවිකාරො වුත්තො, තෙජොසංවට්ටකාලෙ පන කොටිසතසහස්සචක්කවාළං ඣාපෙත්වා ඡාරිකාමත්තම්පි න තිට්ඨති. න්හාරුදද්දුලෙනාති චම්මනිල්ලෙඛනෙන. අග්ගිං ගවෙසන්තීති එවරූපං සුඛුමං උපාදානං ගහෙත්වා අග්ගිං පරියෙසන්ති, යං අප්පමත්තකම්පි උසුමං ලභිත්වා පජ්ජලති, සෙසමිධාපි පුරිමනයෙනෙව වෙදිතබ්බං.
හරිතං යනු නිල් තණ ය. තෙත් වූ තණ වෙත පැමිණ නිවෙයි යන අර්ථයි. පන්ථත්තං මහා මාර්ගය. සෙලන්තං පර්වතය. උදකන්තං ජලය. රමණීයංවා භූමිභාගං තණලැහැබ් ආදිය නැති, විවෘත වූ ජනශූන්‍ය වූ බිම් පෙදෙස. අනාහාරා ප්‍රත්‍ය රහිත වූ, දර රහිත වූ, ස්වභාවයෙන් ම තේජස්විකාරය කියන ලදී. තේජස් සංවෘත කාලයෙහි වනාහි කෝටි සියදහස් සක්වළ දවා අළු පමණද නො සිටි, නහාරු දද්දුලෙන සම් වැරදියෙන් අග්ගි ගවෙසන්ති මෙබඳු සුවපහසු සියුම් දැඩිව අල්වාගැනීමෙන් ගෙන යම් මද පමණ වූ උණුසුමක් ලැබ දැල්වේද මෙහි සෙස්ස පෙර කී නයින්ම දතයුතුයි.
වායොධාතුනිද්දෙසෙ උද්ධඞ්ගමා වාතාති උග්ගාරහික්කාරාදිපවත්තකා උද්ධං ආරොහනවාතා. අධොගමා වාතාති උච්චාරපස්සාවාදිනීහරණකා අධො ඔරොහනවාතා. කුච්ඡිසයා වාතාති අන්තානං බහිවාතා. කොට්ඨාසයා වාතාති අන්තානං අන්තොවාතා. අඞ්ගමඞ්ගානුසාරිනොති ධමනීජාලානුසාරෙන සකලසරීරෙ අඞ්ගමඞ්ගානි අනුසටා සමිඤ්ජනපසාරණාදිනිබ්බත්තකවාතා. අස්සාසොති අන්තොපවිසනනාසිකවාතො. පස්සාසොති බහිනික්ඛමනනාසිකවාතො. අයමෙත්ථ සඞ්ඛෙපො. විත්ථාරතො පන යං වත්තබ්බං සියා, තං සබ්බං සද්ධිං භාවනානයෙන විසුද්ධිමග්ගෙ වුත්තං.
වායොධාතු නිද්දෙස වායෝ ධාතු නිදේශයෙහි උද්ධංගමා වාතා යනු ඔක්කාර ඉක්කා ගැසීම වැනි උඩට අදින වාතය, අධොගමා වාතා මල මුත්‍ර බැහැර කරන යටට අදින වාතය, කුච්ඡිසයා වාතා අතුනු පිටත වාතය, කොට්ඨාසයා වාතා අතුනු ඇතුළත වාතයෝ අංගමංගානු සාරීතො නහරවැල් අනුසාරයෙන් සියළු සිරුර අවයවයක් පාසා පතළා වූ හැකිලීම් දිගු කිරීම් ආදිය උපයන වාත, අස්සාසො ඇතුළතට පිවිසෙන වාතය, පස්සාසො පිටතට නික්මෙන වාතය. මේ ඉතා කෙටියෙනි. වැඩි විස්තර විශුද්ධි මාර්ගයේ භාවනා නය කොටසේ කියන ලදී.
ගාමම්පි වහතීති සකලගාමම්පි චුණ්ණවිචුණ්ණං කුරුමානා ආදාය ගච්ඡති, නිගමාදීසුපි එසෙව නයො. ඉධ වායොසංවට්ටකාලෙ කොටිසතසහස්සචක්කවාළවිද්ධංසනවසෙන වායොධාතුවිකාරො දස්සිතො. විධූපනෙනාති අග්ගිබීජනකෙන. ඔස්සවනෙති ඡදනග්ගෙ, තෙන හි උදකං සවති, තස්මා තං “ඔස්සවන”න්ති වුච්චති. සෙසමිධාපි පුරිමනයෙනෙව යොජෙතබ්බං.
ගාම වහති සියලු ගමම සුණු විසුණු කරමින් ගෙන යයි. මෙහි වායු සංවර්ත කාලයෙහි කෙළ සිය දහසක් සක්වල වැනසීමෙන් වායෝ ධාතුව විනාශය දක්වයි. විධූපනෙන අග්නි විජයෙන්, ඔස්සාවනෙ ඡදනාග්රයෙහි වතුර වැක්කෙරේද, එහෙයින් කියන ලදී. මෙහිද ශේෂය පළමු සේමැයි.
සෙය්යථාපි, ආවුසොති ඉධ කිං දස්සෙති? හෙට්ඨා කථිතානං මහාභූතානං නිස්සත්තභාවං. කට්ඨන්ති දබ්බසම්භාරං. වල්ලින්ති ආබන්ධනවල්ලිං. තිණන්ති ඡදනතිණං. මත්තිකන්ති අනුලෙපමත්තිකං. ආකාසො පරිවාරිතොති එතානි කට්ඨාදීනි අන්තො ච බහි ච පරිවාරෙත්වා ආකාසො ඨිතොති අත්ථො. අගාරංත්වෙව සඞ්ඛං ගච්ඡතීති අගාරන්ති පණ්ණත්තිමත්තං හොති. කට්ඨාදීසු පන විසුං විසුං රාසිකතෙසු කට්ඨරාසිවල්ලිරාසීත්වෙව වුච්චති. එවමෙව ඛොති එවමෙව අට්ඨිආදීනි අන්තො ච බහි ච පරිවාරෙත්වා ඨිතො ආකාසො, තානෙව අට්ඨිආදීනි පටිච්ච රූපංත්වෙව සඞ්ඛං ගච්ඡති, සරීරන්ති වොහාරං ගච්ඡති. යථා කට්ඨාදීනි පටිච්ච ගෙහන්ති සඞ්ඛං ගතං අගාරං ඛත්තියගෙහං බ්රාහ්මණගෙහන්ති වුච්චති, එවමිදම්පි ඛත්තියසරීරං බ්රාහ්මණසරීරන්ති වුච්චති, න හෙත්ථ කොචි සත්තො වා ජීවො වා විජ්ජති.
සෙය්යථාපි ආවුසො යන මෙහි කුමක් දක්වන්ද, යට කියන ලද මහා භූතයන්ගේ නිස්සත්ව භාවයයි. කට්ඨං ද්‍රව්‍ය සම්භාරය, වලලිං හාත්පසින් බඳින වැල්, තිණං සෙවෙණි තණ, මත්තිකං මතුයෙහි ආලේප කරන මැටි, ආකාසො පරිවාරිතො මේ ද්‍රව්‍ය ඇතුළත ද පිටත ද පිරිවරා අහස සිටියේය යන අර්ථයි. අගාරනෙත්ථව සංඛං ගච්ඡති ගේ යයි පැනවීම් මතු වේ. යළි ද්‍රව්‍යාදිය වෙන වෙනම රැකළ කල්හී දැව රැස, වැල් රැස ම යයි කියයි. එවමෙව ඛො එපරිද්දෙන් ඇට ආදිය ඇතුළත ද පිටත ද වටකොට සිටි අහස ඒ ඇට ආදියම නිසා ‘රූප’ ගණයට වැටේ. ශරීරය යයි ව්‍යවහාරයට ඒ. යම් සේ දැවදඬු ආදිය නිසා ‘ගෙය’ යයි හඳුන්වන ලද ගෙය රජුගේ ගෙය බමුණු ගේ ගෙය යයි කියනු ලැබේ. එසේම රජ සිරුර බමුණු සිරුර යයි කියනු ලැබේ. මෙහි කිසි සත්ත්වයෙක් හෝ ජීවියෙක් නැත.
අජ්ඣත්තිකඤ්චෙව, ආවුසො, චක්ඛූති ඉදං කස්මා ආරද්ධං? හෙට්ඨා උපාදාරූපං චත්තාරො ච අරූපිනො ඛන්ධා තීණි ච අරියසච්චානි න කථිතානි, ඉදානි තානි කථෙතුං අයං දෙසනා ආරද්ධාති. තත්ථ චක්ඛුං අපරිභින්නන්ති චක්ඛුපසාදෙ නිරුද්ධෙපි උපහතෙපි පිත්තසෙම්හලොහිතෙහි පලිබුද්ධෙපි චක්ඛු චක්ඛුවිඤ්ඤාණස්ස පච්චයො භවිතුං න සක්කොති, පරිභින්නමෙව හොති, චක්ඛුවිඤ්ඤාණස්ස පන පච්චයො භවිතුං සමත්ථං අපරිභින්නං නාම. බාහිරා ච රූපාති බාහිරා චතුසමුට්ඨානිකරූපා. තජ්ජො සමන්නාහාරොති තං චක්ඛුඤ්ච රූපෙ ච පටිච්ච භවඞ්ගං ආවට්ටෙත්වා උප්පජ්ජනමනසිකාරො, භවඞ්ගාවට්ටනසමත්ථං චක්ඛුද්වාරෙ කිරියමනොධාතුචිත්තන්ති අත්ථො. තං රූපානං අනාපාථගතත්තාපි අඤ්ඤාවිහිතස්සපි න හොති, තජ්ජස්සාති තදනුරූපස්ස. විඤ්ඤාණභාගස්සාති විඤ්ඤාණකොට්ඨාසස්ස.
අජ්ඣත්තිකඤ්චෙ ආවුසො චක්ඛුං මේ කුමක් සඳහා කියන ලදද යට උපාදාය රූපය ද, සතර අරූපස්කන්ධයෝ ද, ආර්ය සත්‍ය තුන ද නොකියන ලදී. දැන් ඒවා කියනු සඳහා මේ දේශනාව ආරබ්ධයහ. එහි චක්ඛුං අපරීහීන්නං යනු චක්ෂු ප්‍රසාදය නිරුද්ධ කල්හිද නට කල්හිද සෙම් පිත් ලෙයින් පිරුණු කල්හි ද, ඇස චක්ෂුර් විඥානයට ප්‍රත්‍යය වන්නට සමත් වූයේ අපරිහින්න නම් වේ. බාහිරච රූපා බාහිර වූ චතු සමුට්ඨානික රූපයෝ තජ්ජො සමන්නා හාරො ඇස ද රූපයන් ද නිසා භවාංගය පෙරළා උපන් මෙනෙහි කිරීම, භවංගාවර්තනයට සමර්ථ වූ චක්ෂුද්වාරයෙහි ක්‍රියා මනෝධාතු චිත්තය යන අර්ථයි. එය රූපයන් ආපාථයට (ගැටීමට) නො පැමිණි හෙයින් ද, අන්‍යවිහිත නොවූවහුට නොවේ. තජ්ජස්ස එයට සුදුසු වූ විඤ්ඤාණ භාගස්ස විඤ්ඤාණ කොටසට
යං තථාභූතස්සාතිආදීසු ද්වාරවසෙන චත්තාරි සච්චානි දස්සෙති. තත්ථ තථාභූතස්සාති චක්ඛුවිඤ්ඤාණෙන සහභූතස්ස, චක්ඛුවිඤ්ඤාණසමඞ්ගිනොති අත්ථො. රූපන්ති චක්ඛුවිඤ්ඤාණස්ස න රූපජනකත්තා චක්ඛුවිඤ්ඤාණක්ඛණෙ තිසමුට්ඨානරූපං, තදනන්තරචිත්තක්ඛණෙ චතුසමුට්ඨානම්පි ලබ්භති. සඞ්ගහං ගච්ඡතීති ගණනං ගච්ඡති. වෙදනාදයො චක්ඛුවිඤ්ඤාණසම්පයුත්තාව. විඤ්ඤාණම්පි චක්ඛුවිඤ්ඤාණමෙව. එත්ථ ච සඞ්ඛාරාති චෙතනාව වුත්තා.
තථාභූතස්ස යනාදියෙහි වාර විසින් සිව්සස් දක්වයි. එහි තථා භූතස්ස යනු චක්ෂු විඤ්ඤාණය සමග වූවහුගේ, චක්ෂුර් විඥානයෙන් යුක්ත වූවහුගේ රූපං චක්ඛු විඥානය රූපජනක නොවන බැවින් චක්ෂුර් විඥාන ක්ෂණයෙහි තිසමුට්ඨාන රූපය ද, ලැබේ. සංගහං ගච්ඡති ගණනට යයි. වේදනාදීහුද චක්ෂුර් විඥානය හා යෙදුනේමය. විඤ්ඤාණය චක්ඛු විඤ්ඤාණයමය. සංඛාරා චේතනාවම කියයි.
සඞ්ගහොති එකතො සඞ්ගහො. සන්නිපාතොති සමාගමො. සමවායොති රාසි. යො පටිච්චසමුප්පාදං පස්සතීති යො පච්චයෙ පස්සති. සො ධම්මං පස්සතීති සො පටිච්චසමුප්පන්නධම්මෙ පස්සති, ඡන්දොතිආදි සබ්බං තණ්හාවෙවචනමෙව, තණ්හා හි ඡන්දකරණවසෙන ඡන්දො. ආලයකරණවසෙන ආලයො. අනුනයකරණවසෙන අනුනයො. අජ්ඣොගාහිත්වා ගිලිත්වා ගහනවසෙන අජ්ඣොසානන්ති වුච්චති. ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානන්ති නිබ්බානස්සෙව වෙවචනං, ඉති තීණි සච්චානි පාළියං ආගතානෙව මග්ගසච්චං ආහරිත්වා ගහෙතබ්බං, යා ඉමෙසු තීසු ඨානෙසු දිට්ඨි සඞ්කප්පො වාචා කම්මන්තො ආජීවො වායාමො සති සමාධි භාවනාපටිවෙධො, අයං මග්ගොති. බහුකතං හොතීති එත්තාවතාපි බහුං භගවතො සාසනං කතං හොති, අජ්ඣත්තිකඤ්චෙව, ආවුසො, සොතන්තිආදිවාරෙසුපි එසෙව නයො.
සංගහො එක්තැන සංග්‍රහය, සන්නිපාතො සමාගම සමවායො රාසිය යො පටිච්ච සමුප්පාදං පස්සතී යමෙක් ප්‍රත්‍යයන් දකීද, සො ධම්මං පස්සති හෙතෙම ප්‍රතීත්‍ය සමුත්පාදයන් දකී. ඡන්දො යනාදී සියල්ල තෘෂ්ණාවට පර්යාය වචනයි. තෘෂ්ණා තොමෝ ඡන්දය කිරීම් වශයෙන්, ඡන්ද යනු ඇලීමයි. ඇලීම් වශයෙන් ආලය කිරීමයි. ආලය නම් ස්නේහ කිරීම් වශයෙන් අනුනය නමි. බැසගෙන ගිලගැනීම් වශයෙන් අජ්ඣොසාන නමැයි කියනු ලැබේ. ඡන්දරාග විනයො ජන්දරාගප්පහානං යනු නිවනට නමකි. මෙසේ තුන් සත්‍යයන් පෙළෙහි ආවේමය. මාර්ග සත්‍යය එළවාගත යුතුයි. මේ තුන් තැන්හී යම් දෘෂ්ටියක්, සංකල්පයක්, වචනයක්, කර්මාන්තයක්, ආජීවයක්, වෑයමක්, සිහියක්, සමාධියක්, භාවනාවක්, ප්රතිවේධයක් වේද වේ ම මාර්ගයයි. බහුකතං හොතී යනු මෙතෙකිනිදු භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය බොහෝකොට කරන ලද වෙයි. අජ්ඣත්තිකඤ්චෙ ආවුසො සොතං යනු අනෙක් වාරයන්හිද මෙම න්යායමැයි.
මනොද්වාරෙ පන අජ්ඣත්තිකො මනො නාම භවඞ්ගචිත්තං. තං නිරුද්ධම්පි ආවජ්ජනචිත්තස්ස පච්චයො භවිතුං අසමත්ථං මන්දථාමගතමෙව පවත්තමානම්පි පරිභින්නං නාම හොති. ආවජ්ජනස්ස පන පච්චයො භවිතුං සමත්ථං අපරිභින්නං නාම. බාහිරා ච ධම්මාති ධම්මාරම්මණං. නෙව තාව තජ්ජස්සාති ඉදං භවඞ්ගසමයෙනෙව කථිතං. දුතියවාරො පගුණජ්ඣානපච්චවෙක්ඛණෙන වා, පගුණකම්මට්ඨානමනසිකාරෙන වා, පගුණබුද්ධවචනසජ්ඣායකරණාදිනා වා, අඤ්ඤවිහිතකං සන්ධාය වුත්තො. ඉමස්මිං වාරෙ රූපන්ති චතුසමුට්ඨානම්පි ලබ්භති. මනොවිඤ්ඤාණඤ්හි රූපං සමුට්ඨාපෙති, වෙදනාදයො මනොවිඤ්ඤාණසම්පයුත්තා, විඤ්ඤාණං මනොවිඤ්ඤාණමෙව. සඞ්ඛාරා පනෙත්ථ ඵස්සචෙතනාවසෙනෙව ගහිතා. සෙසං වුත්තනයෙනෙව වෙදිතබ්බං.
යළි මනෝද්වාරයෙහි අජ්ඣත්තිකො මනො අධ්‍යාත්මික මනස නම් භවංග සිතයි. එය නිරුද්ධ වූයේ ද ආවර්ජන චිත්තයට ප්‍රත්‍යය වන්නට අසමර්ථව මන්දව තංගතවද පවත්නේ ද, පරිභින්න නම් වෙයි. ආවර්ජනයට ප්‍රත්‍ය වන්නට සමර්ථ වූයේ අපරිහින්න නම් වේ. බාහිරාච ධම්මා ධර්මාරම්මණය, නෙව තාව තජ්ජස්සා මෙය භවාංග කාලයෙන් ම කියන ලද ද්විතීය වාරය ප්‍රගුණ වූ ධ්‍යානය ප්රත්යවේක්ෂා කිරීමෙන් හෝ, ප්‍රගුණ කර්මස්ථාන සිහිකිරීමෙන් හෝ ප්‍රගුණ වූ බුදුවදන් හැදෑරීම් ආදියෙන් හෝ, අන්‍යවිහිත වූවන් සඳහා කියන ලදී. මේ වාරයෙහි. රූපං චතුසමුට්ඨාන රූපය ලැබේ. මනෝවිඤ්ඤාණ රූපය උපදවයි. වේදනාදිය මනෝ විඤ්ඤාණයෙහිම ඇතුළත් වූවාහුය. ‘විඤ්ඤාණය’ මනෝ විඤ්ඤාණය මැයි. සංස්කාරයෝ වනාහි ඵස්ස චේතනා වශයෙන් ගතයුතුය. ඉතිරියක් වේ නම් එය කී ආකාරයෙන්ම දතයුතුය.
ඉති මහාථෙරො හෙට්ඨා එකදෙසමෙව සම්මසන්තො ආගන්ත්වා ඉමස්මිං ඨානෙ ඨත්වා හෙට්ඨා පරිහීනදෙසනං සබ්බං තංතංද්වාරවසෙන භාජෙත්වා දස්සෙන්තො යථානුසන්ධිනාව සුත්තන්තං නිට්ඨපෙසීති.
මෙසේ මහතෙරුන් වහන්සේ යට එක භේදයක්ම සම්මර්ශනය කරමින් අවුත් මෙතැන සිට පිරිහුණු දේශන සියල්ල ඒ ඒ ද්වාර වශයෙන් බෙදා දක්වන සේක් එකටෙක ගැළපෙන අයුරින්ම සූත්‍රාන්තය අවසන් වූයේය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය මහාහත්ථිපදොපමසුත්තවණ්ණනා නිට්ඨිතා.
මහා හත්ථිපදොපම සූත්‍ර වර්ණනාව නිමියේය.