යෙදුමෙන් කියවන්න

මහාසාරොපමසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

මහාසාරොපමසුත‍්තවණ‍්ණනා

මහාසාරොපම සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති මහාසාරොපමසුත‍්තං. තත්‍ථ අචිරපක‍්කන‍්තෙති සඞ‍්ඝං භින්‍දිත්‍වා රුහිරුප‍්පාදකම‍්මං කත්‍වා නචිරපක‍්කන‍්තෙ සලිඞ‍්ගෙනෙව පාටියෙක‍්කෙ ජාතෙ.

එවම්මෙ සුතං යනු මහා සාරෝපම සූත්‍රයයි. එහි අචිරපක්කන්තෙ සංඝ භේදය කොට, ලේ සෙලවීමේ කර්මය කොට නික්ම ගිය කෙටි කලකින් ස්ව ලිංගයෙන්ම වෙන් වූ කල්හි

ඉධ, භික‍්ඛවෙ, එකච‍්චො කුලපුත‍්තොති කිඤ‍්චාපි අසුකකුලපුත‍්තොති න නියාමිතො, දෙවදත‍්තංයෙව පන සන්‍ධාය ඉදං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. සො හි අසම‍්භින‍්නාය මහාසම‍්මතපවෙණියා ඔක‍්කාකවංසෙ ජාතත‍්තා ජාතිකුලපුත‍්තො. ඔතිණ‍්ණොති යස‍්ස ජාති අන‍්තො අනුපවිට‍්ඨා, සො ජාතියා ඔතිණ‍්ණො නාම. ජරාදීසුපි එසෙව නයො.

ඉධ භික්ඛවෙ එකච්චො කුලපුත්තො අසවල් කුලපුත්‍රයා යයි නියම නො කරන ලද, එහෙත් දේවදත්ත සඳහාම කියන ලද බව දතයුතුයි. හෙතෙමේ අසම්භින්න වූ මහා සම්මත පරපුරේ ඔක්කාක වංසයේ උපන් ජාතිකයෙකි. ඔකිණ්ණෙ යමෙකුගේ ජාතිය ඇතුළත පිවිසියේද, සේ ජාතියෙන් අවතීර්ණ නමි. ජරාදියෙහි ද මේ ක්‍රමයමැයි.

ලාභසක‍්කාරාදීසුපි ලාභොති චත‍්තාරො පච‍්චයා. සක‍්කාරොති තෙසංයෙව සුකතභාවො. සිලොකොති වණ‍්ණභණනං. අභිනිබ‍්බත‍්තෙතීති උප‍්පාදෙති. අපඤ‍්ඤාතාති ද‍්වින‍්නං ජනානං ඨිතට‍්ඨානෙ න පඤ‍්ඤායන‍්ති, ඝාසච‍්ඡාදනමත‍්තම‍්පි න ලභන‍්ති. අප‍්පෙසක‍්ඛාති අප‍්පපරිවාරා, පුරතො වා පච‍්ඡතො වා ගච‍්ඡන‍්තං න ලභන‍්ති.

ලාභ සත්කාර ආදියෙහි ලාභො සිව්පසය සක්කාරො ඔවුන්ගේම මනාකොට ඇලීම, සිංලොකො ගුණ කීම අභිනිබ්බත්තෙති උපදවයි. අප්පඤ්ඤතානි දෙදෙනෙකු සිටින තැන නො පැනේ. බත් ආහාර පමණකුදු නො ලබති. අප්පෙ සක්ඛා මද පිරිවර ඇත්තාහු, ඉදිරියෙන් පසුපසින් යන්නකු නො ලැබ,

සාරෙන සාරකරණීයන‍්ති රුක‍්ඛසාරෙන කත‍්තබ‍්බං අක‍්ඛචක‍්කයුගනඞ‍්ගලාදිකං යංකිඤ‍්චි. සාඛාපලාසං අග‍්ගහෙසි බ්‍රහ‍්මචරියස‍්සාති මග‍්ගඵලසාරස‍්ස සාසනබ්‍රහ‍්මචරියස‍්ස චත‍්තාරො පච‍්චයා සාඛාපලාසං නාම, තං අග‍්ගහෙසි. තෙන ච වොසානං ආපාදීති තෙනෙව ච අලමෙත‍්තාවතා සාරො මෙ පත‍්තොති වොසානං ආපන‍්නො.

සාරෙන කර කරණීයං ගස් අරටුවෙන් කළයුතු බොස්ගෙඩි, රෝද, නගුල් ආදී යම්කිසිවක් සාඛා පලාසං අග්ගහෙසි බ්‍රහ්මචරියස්ස මාර්ගඵල අරටුව කොට ඇති ශාසන බ්‍රහ්ම චරියාවගේ සිව්පසය අතු කොළ, නම් එය ගත්තේ ය. තෙනච වොසානං ආපාදී එයින් මෙතෙක්ම ප්‍රමාණවත්ය. මා විසින් සාරය ලබන ලදැයි කෙළවරට පැමිණියේ වෙයි.

ඤාණදස‍්සනං ආරාධෙතීති දෙවදත‍්තො පඤ‍්චාභිඤ‍්ඤො, දිබ‍්බචක‍්ඛු ච පඤ‍්චන‍්නං අභිඤ‍්ඤානං මත්‍ථකෙ ඨිතං, තං ඉමස‍්මිං සුත‍්තෙ “ඤාණදස‍්සන”න‍්ති වුත‍්තං. අජානං අපස‍්සං විහරන‍්තීති කිඤ‍්චි සුඛුමං රූපං අජානන‍්තා අන‍්තමසො පංසුපිසාචකම‍්පි අපස‍්සන‍්තා විහරන‍්ති.

ඤාණදස්සනං ආරාධෙති දෙව්දත් පංච අභිඥා ලද්දේය. දිවැසද පංචාභිඥාවන්ගේ මතුයෙහි සිටියේය. එය මේ සූත්‍රයේ ඤාණදස්සන යයි කියන ලදී. අජානං අපස්සං විහරන්ති කිසි සියුම් රූපයක් නොදන්නාහු යටත් පිරිසෙයින් පාංශු පිසාචාදියෙකු ද නො දකිමින්ම වෙසෙති.

අසමයවිමොක‍්ඛං ආරාධෙතීති, “කතමො අසමයවිමොක‍්ඛො? චත‍්තාරො ච අරියමග‍්ගා චත‍්තාරි ච සාමඤ‍්ඤඵලානි, නිබ‍්බානඤ‍්ච, අයං අසමයවිමොක‍්ඛො”ති (පටි· ම· 1.213) එවං වුත‍්තෙ නවලොකුත‍්තරධම‍්මෙ ආරාධෙති සම‍්පාදෙති පටිලභති. ලොකියසමාපත‍්තියො හි අප‍්පිතප‍්පිතක‍්ඛණෙයෙව පච‍්චනීකධම‍්මෙහි විමුච‍්චන‍්ති, තස‍්මා, “කතමො සමයවිමොක‍්ඛො? චත‍්තාරි ච ඣානානි චතස‍්සො ච අරූපාවචරසමාපත‍්තියො, අයං සමයවිමොක‍්ඛො”ති එවං සමයවිමොක‍්ඛොති වුත‍්තා. ලොකුත‍්තරධම‍්මා පන කාලෙන කාලං විමුච‍්චන‍්ති, සකිං විමුත‍්තානි හි මග‍්ගඵලානි විමුත‍්තානෙව හොන‍්ති. නිබ‍්බානං සබ‍්බකිලෙසෙහි අච‍්චන‍්තං විමුත‍්තමෙවාති ඉමෙ නව ධම‍්මා අසමයවිමොක‍්ඛොති වුත‍්තා.

අසමය විමොක්ඛං ආරාධෙතී මේ ‘සමය විමොක්ඛය කවරේද, සිව් අරී මගයි. සතරවිධ ශ්‍රමණ ඵලයයි. නිවනයි. මේ අසමය විමොක්ඛ නම් වේ’ මෙසේ කී කල්හි නව ලොව්තුරු දහම ආරාධනය කෙරෙයි. සම්පාදනය කෙරෙයි. ලබයි. ලෞකික සමාපත්තීන්හි සමවන් සමවන් අවස්ථාවන්හි දී ම, විරුද්ධ ධර්මයන්ගෙන් මිදෙත් ද, එහෙයින් ‘සමය විමොක්ඛය’ නම් කවරේ ද, සතර ධ්‍යාන, අරූප සමාපත්ති සතර, මේ සමය විමොක්ඛ’ නම් වේ. මෙසේ සමය විමොක්ඛය කියන ලදී. ලෝකෝත්තර ධර්ම වනාහි කලින් කල නො මිදෙති. වරක් විමුක්ත වූ මාර්ග ඵලයෝ විමුක්ත වූවාහුම වෙති. නිර්වාණය අත්‍යන්තයෙන් සියලු කෙලෙසුන්ගෙන් මිදුනේ වෙයි. මේ නව ධර්මයෝ අසමය විමොක්ඛ යයි කියන ලදී.

අකුප‍්පා චෙතොවිමුත‍්තීති අරහත‍්තඵලවිමුත‍්ති. අයමත්‍ථො එතස‍්සාති එතදත්‍ථං, අරහත‍්තඵලත්‍ථමිදං බ්‍රහ‍්මචරියං. අයං එතස‍්ස අත්‍ථොති වුත‍්තං හොති. එතං සාරන‍්ති එතං අරහත‍්තඵලං බ්‍රහ‍්මචරියස‍්ස සාරං. එතං පරියොසානන‍්ති එතං අරහත‍්තඵලං බ්‍රහ‍්මචරියස‍්ස පරියොසානං, එසා කොටි, න ඉතො පරං පත‍්තබ‍්බං අත්‍ථීති යථානුසන්‍ධිනාව දෙසනං නිට‍්ඨපෙසීති.

අකුප්පා චෙතො විමුත්ති අර්හත්ඵල විමුක්තියයි. මේ සඳහා රහත්ඵලය සඳහා මේ බඹසර වෙයි. එතදත්‍ථං මෙය වනාහි බ්‍රහ්මචරියාවගේ ප්‍රයෝජනයයි කියන ලදී. එතං සාරං මේ අර්හත්ඵලය බ්‍රහ්මචරියාවගේ සාරයයි. එතං පරියොසානං මේ අර්හත්ඵලය බ්‍රහ්ම චරියාවගේ අවසානයයි. මේ කෙළවරයි. මෙයින් මත්තෙහි පැමිණිය යුත්තක් නැත. යථානුසන්ධි වශයෙන් දේශනාව නිමවිය.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය මහාසාරොපමසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

මහා සාරෝපම සුත්‍ර වර්ණනාව නිමියේය.