චූළසාරොපමසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා
චූළසාරොපමසුත‍්තවණ‍්ණනා
චූළසාරොපම සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන‍්ති චූළසාරොපමසුත‍්තං. තත්‍ථ පිඞ‍්ගලකොච‍්ඡොති සො බ්‍රාහ‍්මණො පිඞ‍්ගලධාතුකො. කොච‍්ඡොති පනස‍්ස නාමං, තස‍්මා “පිඞ‍්ගලකොච‍්ඡො”ති වුච‍්චති. සඞ‍්ඝිනොතිආදීසු පබ‍්බජිතසමූහසඞ‍්ඛාතො සඞ‍්ඝො එතෙසං අත්‍ථීති සඞ‍්ඝිනො. ස‍්වෙව ගණො එතෙසං අත්‍ථීති ගණිනො. ආචාරසික‍්ඛාපනවසෙන තස‍්ස ගණස‍්ස ආචරියාති ගණාචරියා. ඤාතාති පඤ‍්ඤාතා පාකටා. “අප‍්පිච‍්ඡා සන‍්තුට‍්ඨා, අප‍්පිච‍්ඡතාය වත්‍ථම‍්පි න නිවාසෙන‍්තී”තිආදිනා නයෙන සමුග‍්ගතො යසො එතෙසං අත්‍ථීති යසස‍්සිනො. තිත්‍ථකරාති ලද‍්ධිකරා. සාධුසම‍්මතාති ඉමෙ සාධු සුන්‍දරා සප‍්පුරිසාති එවං සම‍්මතා. බහුජනස‍්සාති අස‍්සුතවතො අන්‍ධබාලපුථුජ‍්ජනස‍්ස.
එවම්මෙසුතං චූළ සාරොපම සූත්‍රයයි. එහි පිංගලකොච්ඡො ඒ බ්‍රාහ්මණ තෙමේ පිඟුවන් ශරීර වර්ණ ඇත්තේය. කොච්ඡො කොච්ඡ යනු ඔහුගේ නමයි. ඒ නිසා පිංගල කොච්ඡ නම් වූයේය. සංඝිනො ප්‍රව්‍රජිත සංඝ සමුහයක් මොහුට ඇත්තේනුයි සංඝිනො නම් වේ. ස්වකීයමය වූ එම ගණය මොහුට ඇති නිසා ගණිනො නම් වේ. ආචාර - ශික්‍ෂා ආදී වශයෙන් ඒ සමූහයාගේ ආචාර්යවරයා වශයෙන් ගණාචරිය නම් වේ. ඤාතා යනු ප්‍රසිද්ධ වූවාහු ප්‍රකට වූවාහු යන අර්ථයි. අල්පේච්ඡ බව, සතුටෙන් සිටීම, අපිස් වූ බැවින් වස්ත්‍රයකුදු නොහඳියි. ආදී වශයෙන් උස්ව නැගෙන කීර්තිය මොහුට ඇතිනුයි යසස්සිනො නම් වේ. තිත්‍ථකරා ලබ්ධි ඇතිකරන්නාහු සාධු සම්මතා මේ අය සාධුවරුය, සුන්දරය, සත්පුරුෂයෝය. මෙසේ සම්මත බැවින් බහුජනස්ස ඇසූ පිරූ තැන් නැති. අන්ධබාල පෘථග්ජනයා විසින්,
ඉදානි තෙ දස‍්සෙන‍්තො සෙය්‍යථිදං පූරණොතිආදිමාහ. තත්‍ථ පූරණොති තස‍්ස සත්‍ථුපටිඤ‍්ඤස‍්ස නාමං. කස‍්සපොති ගොත‍්තං. සො කිර අඤ‍්ඤතරස‍්ස කුලස‍්ස එකූනදාසසතං පූරයමානො ජාතො, තෙනස‍්ස “පූරණො”ති නාමං අකංසු. මඞ‍්ගලදාසත‍්තා චස‍්ස “දුක‍්කට”න‍්ති වත‍්තා නත්‍ථි, අකතං වා න කතන‍්ති. “සො කිමහමෙත්‍ථ වසාමී”ති පලායි. අථස‍්ස චොරා වත්‍ථානි අච‍්ඡින්‍දිංසු. සො පණ‍්ණෙන වා තිණෙන වා පටිච‍්ඡාදෙතුම‍්පි අජානන‍්තො ජාතරූපෙනෙව එකං ගාමං පාවිසි. මනුස‍්සා තං දිස‍්වා, “අයං සමණො අරහා අප‍්පිච‍්ඡො, නත්‍ථි ඉමිනා සදිසො”ති පූවභත‍්තාදීනි ගහෙත්‍වා උපසඞ‍්කමන‍්ති. සො “මය‍්හං සාටකං අනිවත්‍ථභාවෙන ඉදං උප‍්පන‍්න”න‍්ති තතො පට‍්ඨාය සාටකං ලභිත්‍වාපි න නිවාසෙසි, තදෙව පබ‍්බජ‍්ජං අග‍්ගහෙසි. තස‍්ස සන‍්තිකෙ අඤ‍්ඤෙපි පඤ‍්චසතා මනුස‍්සා පබ‍්බජිංසු, තං සන්‍ධායාහ “පූරණො කස‍්සපො”ති.
දැන් ඔවුන් දක්වමින් සෙය්‍යථිදං, පූරණො ආදිය කීහ. එහි පූරණො ශාස්තෲයයි හඳුන්වන ඔහුගේ නමයි. කස්සපො යනු ගෝතයයි. හේ එක්තරා කුලයක දාසයන් එකුන්සියය පුරවමින් උපන්නේල. එයින් ඔහුට පූරණ යන නම ලැබිණ. තව ද මංගලදාස වූ බැවින් ඔහු විසින් කරන ලද නොකටයුතු දේ හෝ නොකරන ලද්ද නොකරන ලදැයි කියන්නේ හෝ නැත. හේ කුමට මම මෙහි වෙසෙන්නෙම්දැයි පලා ගියේය. ඉක්බිති එකල්හි සොරු ඔහුගේ වස්ත්‍රය පැහැර ගත්තාහුය. හේ පාත්‍රයෙන් හෝ තෘණවලින් විලි වසන්ටද නො දන්නේ උපන් අයුරින්ම එක් ගමකට පිවිසියේය. මිනිස්සු ඔහු දැක ‘මේ මහණ රහත්ය, අල්පේච්ඡය. මොහු හා සමානයෙක් නැතැයි’ ආහාර කැවුම් බත් ආදිය රැගෙන ඔහු වෙත එළඹියාහුය. ඔහු ද මා විසින් සළුවක් නොහැඳි බැවින් මේ සත්කාර උපනැයි, එයින් පසු සළුපිළි ලැබුනද නොහඟියි. එයම පැවිද්ද කොට ගත්තේය. ඔහු සමීපයේ වෙනත් පන්සියයක් මිනිස්සු පැවිදි වූහ. පූරණ කස්සපො යන්න ඔහු සඳහා කීහ.
මක‍්ඛලීති තස‍්ස නාමං. ගොසාලාය ජාතත‍්තා ගොසාලොති දුතියං නාමං. තං කිර සකද‍්දමාය භූමියා තෙලඝටං ගහෙත්‍වා ගච‍්ඡන‍්තං, “තාත, මා ඛලී”ති සාමිකො ආහ. සො පමාදෙන ඛලිත්‍වා පතිත්‍වා සාමිකස‍්ස භයෙන පලායිතුං ආරද‍්ධො. සාමිකො උපධාවිත්‍වා සාටකකණ‍්ණෙ අග‍්ගහෙසි. සොපි සාටකං ඡඩ‍්ඩෙත්‍වා අචෙලකො හුත්‍වා පලායි, සෙසං පූරණසදිසමෙව.
මක්ඛලී යනු ඔහුගේ නමයි. ගවහලක උපන් බැවින් ගොසාලක යනු ඔහුගේ දෙවෙනි නමයි. මඩ සහිත බිම තෙල් කළයක් ගෙන යන ඔහුට ස්වාමියා ‘දරුව, නො පැකිල’ කීයේල. හේ පැකිල වැටී ස්වාමියාට බියෙන් පලාගියහ. ස්වාමියා එළවාගෙන ගොස් රෙදි කොනින් ඇල්ලුවේය. හේ සළුව දමා ‘හෙළුවෙන්ම’ පලා ගියේය. ඉතිරිය පූරණ හා සමානය.
අජිතොති තස‍්ස නාමං. කෙසකම‍්බලං ධාරෙතීති කෙසකම‍්බලො. ඉති නාමද‍්වයං සංසන්‍දිත්‍වා “අජිතො කෙසකම‍්බලො”ති වුච‍්චති. තත්‍ථ කෙසකම‍්බලො නාම මනුස‍්සකෙසෙහි කතකම‍්බලො, තතො පටිකිට‍්ඨතරං වත්‍ථං නාම නත්‍ථි. යථාහ – “සෙය්‍යථාපි, භික්ඛවෙ, යානි කානිචි තන‍්තාවුතානං වත්‍ථානං, කෙසකම‍්බලො තෙසං පටිකිට‍්ඨො අක‍්ඛායති, කෙසකම‍්බලො, භික්ඛවෙ, සීතෙ සීතො උණ‍්හෙ උණ‍්හො දුබ්බණ්ණො දුග්ගන්ධො දුක‍්ඛසම‍්ඵස‍්සො”ති (අ· නි· 3.138).
අජිත යනු ඔහුගේ නමයි. කෙස්වලින් තැනූ කම්බිලියක් දරානුයි අජිත කෙසකම්බලී යන නම ආයේය. එහි කෙසම්බල නම් මිනිස් කෙස්වලින් තැනූ කම්බිලියයි. එයට වඩා අතිශයින් ලාමක වූ වෙනත් වස්ත්‍රයක් නැත. සෙය්‍යථාපි භික්ඛවෙ යානි කානිච තන්තා වුතානං වත්‍ථානං කෙසකම්බලො භික්ඛවෙ සීතෙ සීතො, උණෙ උණ්හො, දුබ්බණ්ණො දුග්ගන්ධො දුක්ඛසම්ඵස්සො’ යනු එහෙයින් වදාළහ.
පකුධොති තස‍්ස නාමං. කච‍්චායනොති ගොත‍්තං. ඉති නාමගොත‍්තං සංසන්‍දිත්‍වා, “පකුධො කච‍්චායනො”ති වුච‍්චති. සීතුදකපටික‍්ඛිත‍්තකො එස, වච‍්චං කත්‍වාපි උදකකිච‍්චං න කරොති, උණ‍්හොදකං වා කඤ‍්ජියං වා ලභිත්‍වා කරොති, නදිං වා මග‍්ගොදකං වා අතික‍්කම‍්ම, “සීලං මෙ භින‍්න”න‍්ති වාලිකථූපං කත්‍වා සීලං අධිට‍්ඨාය ගච‍්ඡති, එවරූපො නිස‍්සිරිකලද‍්ධිකො එස.
පකුධො යනු ඔහුගේ නමය. කච්චායනො යනු ගෝත්‍රයයි. මෙසේ නම් ගොත් සසඳා පකුධ කච්චායන යයි කියයි. සිහිල් දිය ප්‍රතික්‍ෂේප කළ කෙනෙකි. වසරකට ද දියකිය නොකරයි. උණුදිය හෝ කැඳ හෝ ලැබ දිය කිස කරයි. නදියෙහි හෝ මාර්ගයෙහි ජලය ඉක්මවා මගේ සිල් බිඳිනේ යයි වැලි සෑයක් කොට සිල් අදිටන් කොට යයි. මෙසේ වැඩකට නැති ලබ්ධි ඇත්තෙකි.
සඤ‍්ජයොති තස‍්ස නාමං. බෙලට‍්ඨස‍්ස පුත‍්තොති බෙලට‍්ඨපුත‍්තො.
සඤ්ජයො සඤ්ජය යනු ඔහුගේ නමයි. බෙල්ලට්ඨගේ පුතා නිසා බෙල්ලට්ඨි පුත්ත නම් වේ. ඒ නිසා සඤ්ජය බෙල්ලට්ඨි පුත්ත නම් වෙයි.
අම‍්හාකං ගණ‍්ඨනකිලෙසො පලිබුජ‍්ඣනකිලෙසො නත්‍ථි, කිලෙසගණ‍්ඨරහිතා මයන‍්ති එවං වාදිතාය ලද‍්ධනාමවසෙන නිගණ‍්ඨො. නාටස‍්ස පුත‍්තොති නාටපුත‍්තො. අබ‍්භඤ‍්ඤංසූති යථා තෙසං පටිඤ‍්ඤා, තථෙව ජානිංසු. ඉදං වුත‍්තං හොති – සචෙ නෙසං සා පටිඤ‍්ඤා නිය්‍යානිකා සබ‍්බෙ අබ‍්භඤ‍්ඤංසු. නො චෙ, න අබ‍්භඤ‍්ඤංසු. තස‍්මා කිං තෙසං පටිඤ‍්ඤා නිය්‍යානිකා න නිය්‍යානිකාති, අයමෙතස‍්ස පඤ‍්හස‍්ස අත්‍ථො.
අප තුළ ගැටගසන කෙලෙස්, වෙහෙසන කෙලෙස් නැත. අප කෙලෙස් ගැට රහිතම්හයයි ප්‍රකාශ කරන නිසා නිඝණ්ඨ නම් වෙයි. නාථයාන්ගේ පුතා වූ නිසා නාථ පුත්ත නම් වේ. අබ්භඤ්ඤංසු ඔවුන්ගේ ප්‍රතිඥාව යම්සේද, එසේ දැනගත්තහු ද, නො දැනගත්තහු ද, මේ කියන ලද වෙයි. ‘ඉදින් ඔවුන්ගේ ඒ ප්‍රතිඥාව නෛර්යාණික වූවානම් සියල්ලෝ දැනගත්තාහු ද, ඉදින් නෛර්යාණික නොවූවා නම් නොදැන ගත්තාහු ද, එහෙයින් ඔවුන්ගේ ප්‍රඥාව කිම, නෛර්යාණික වූවා ද නෛර්යාණික නොවූවාද, මේ එම ප්‍රශ්නයේ අර්ථයයි.
අථ භගවා නෙසං අනිය්‍යානිකභාවකථනෙන අත්‍ථාභාවතො අලන‍්ති පටික‍්ඛිපිත්‍වා උපමාය අත්‍ථං පවෙදෙන‍්තො ධම‍්මමෙව දෙසෙතුං, ධම‍්මං, තෙ බ්‍රාහ‍්මණ, දෙසෙස‍්සාමීති ආහ.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ අනෛර්යාණික බව කීමෙන් අර්ථයක් නැති හෙයින් අලං යි ප්‍රතික්‍ෂේප කොට උපමාවෙන් අර්ථය පිරිවරමින් ධර්මයම දෙසනු පිණිස ධම්මං තෙ බ්‍රාහ්මණ දෙස්සොමි යනාදිය වදාළහ.
තත්‍ථ සච‍්ඡිකිරියායාති සච‍්ඡිකරණත්‍ථං. න ඡන්‍දං ජනෙතීති කත‍්තුකම්‍යතාඡන්‍දං න ජනයති. න වායමතීති වායාමං පරක‍්කමං න කරොති. ඔලීනවුත‍්තිකො ච හොතීති ලීනජ‍්ඣාසයො හොති. සාථලිකොති සිථිලග‍්ගාහී, සාසනං සිථිලං කත්‍වා ගණ‍්හාති, දළ‍්හං න ගණ‍්හාති.
එහි සච්ඡි කිරියාය ප්‍රත්‍යක්‍ෂ කරනු පිණිස, න ඡන්‍දං ජනෙති කත්තුකම්‍යතා ඡන්‍දය නො උපදවයි. න වායමති වෑයම පරාක්‍රමය නො කරයි. ඛලීන වුත්තිකො ච හොති හීන වූ අදහස් ඇත්තේ වෙයි. සාථලිකො ශිථිල කොට ගත්තේ, ලිහිල් කොට ගනී.
ඉධ, බ්රාහ්මණ භික්ඛු, විවිච‍්චෙව කාමෙහීති කථං ඉමෙ පඨමජ‍්ඣානාදිධම‍්මා ඤාණදස‍්සනෙන උත‍්තරිතරා ජාතාති? නිරොධපාදකත‍්තා. හෙට‍්ඨා පඨමජ‍්ඣානාදිධම‍්මා හි විපස‍්සනාපාදකා, ඉධ නිරොධපාදකා, තස‍්මා උත‍්තරිතරා ජාතාති වෙදිතබ‍්බා. ඉති භගවා ඉදම‍්පි සුත‍්තං යථානුසන්‍ධිනාව නිට‍්ඨපෙසි. දෙසනාවසානෙ බ්‍රාහ‍්මණො සරණෙසු පතිට‍්ඨිතොති.
ඉධ බ්රාහ්මණ භික්ඛු විවිච්චෙව කාමෙහි කෙසේ මේ ප්‍රථමධ්‍යානාදී ධර්මයෝ ඥාන දර්ශනයෙන් උත්තරීතර වූවාහුද නිරෝධපාදක බැවිනි. යම් හෙයකින් ඉහත කී ප්‍රථමධ්‍යානාදී ධර්ම විදර්ශනාපාදක වූවාහුද, මොව්හූ නිරෝධපාදක වූවාහුද, එහෙයින් උත්තරීතර වූවාහයයි දතයුතු. මෙසේ භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය ද අනුසන්ධි වූ පරිද්දෙන්ම නිම වූ සේක. දේශනා කෙළවර බමුණා සරණ ශීලයෙහි පිහිටියේ ය.
පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය චූළසාරොපමසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.
චූල සාරෝපම සූත්‍ර වර්ණනාව නිමියේය.
තතියවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.
තුන්වැනි ඔපම්ම වර්ග වර්ණනාව සමාප්තයි.