යෙදුමෙන් කියවන්න

චූළගොසිඞ‍්ගසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

චූළගොසිඞ‍්ගසුත‍්තවණ‍්ණනා

චූළගොසිඞ්ග සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති චූළගොසිඞ‍්ගසුත‍්තං. තත්‍ථ නාතිකෙ විහරතීති නාතිකා නාම එකං තළාකං නිස‍්සාය ද‍්වින‍්නං චූළපිතිමහාපිතිපුත‍්තානං ද‍්වෙ ගාමා, තෙසු එකස‍්මිං ගාමෙ. ගිඤ‍්ජකාවසථෙති ඉට‍්ඨකාමයෙ ආවසථෙ. එකස‍්මිං කිර සමයෙ භගවා මහාජනසඞ‍්ගහං කරොන‍්තො වජ‍්ජිරට‍්ඨෙ චාරිකං චරමානො නාතිකං අනුප‍්පත‍්තො. නාතිකවාසිනො මනුස‍්සා භගවතො මහාදානං දත්‍වා ධම‍්මකථං සුත්‍වා පසන‍්නහදයා, “සත්‍ථු වසනට‍්ඨානං කරිස‍්සාමා”ති මන‍්තෙත්‍වා ඉට‍්ඨකාහෙව භිත‍්තිසොපානත්‍ථම‍්භෙ වාළරූපාදීනි දස‍්සෙන‍්තො පාසාදං කත්‍වා සුධාය ලිම‍්පිත්‍වා මාලාකම‍්මලතාකම‍්මාදීනි නිට‍්ඨාපෙත්‍වා භුම‍්මත්‍ථරණමඤ‍්චපීඨාදීනි පඤ‍්ඤපෙත්‍වා සත්‍ථු නිය්‍යාතෙසුං. අපරාපරං පනෙත්‍ථ මනුස‍්සා භික‍්ඛුසඞ‍්ඝස‍්ස රත‍්තිට‍්ඨානදිවාට‍්ඨානමණ‍්ඩපචඞ‍්කමාදීනි කාරයිංසු. ඉති සො විහාරො මහා අහොසි. තං සන්‍ධාය වුත‍්තං “ගිඤ‍්ජකාවසථෙ”ති.

එවම්මෙසුතං චූළ ගෝසිංග සූත්‍රයයි. එහි නාදිකෙ විහරතී නාදිකං නම් එක් විළක් ඇසුරු කරගෙන සුළු පිය, මහ පිය පුතුන් දෙදෙනකුගේ ගම් දෙකක් වූහ. එයින් එක් ගමක ගිජ්ඣකා වසථෙ උළු සෙවිලි කරන ලද ගෙයි, මේ අසනු ලැබේ. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මහජනයාට සංග්‍රහ කරමින් වැදැරට චාරිකාවේ හැසිරෙමින්, ‘නාදික’ නම් ගමට පැමිණි සේක. නාදික ගමේ වැසි මිනිසුන් භාග්‍යවතුන් වහන්සේට මහ දන් දෙමින් දහම් අසා පහන් සිත් ඇත්තාහු, ශාස්තෲන් වහන්සේට ලැගුම්ගෙයක් කරමුයි සාකච්ඡා කර ගඩොල්වලින් ම බිත්ති, කණු, හිණි, වළ රූ ආදිය දක්වමින් ප්‍රාසාදයක් කරවා සුණු පිරියම්කොට මල්කම් ලියකම් ආදිය නිමවා, බුමුතුරුණු, ඇඳ, පුටු ආදිය පනවා ශාස්තෲන් වහන්සේට පූජා කළේය. යළි පසු පසුව එහි මිනිස්සු භික්‍ෂු සංඝයාට රාත්‍රී ස්ථාන, දිවාස්ථාන, මණ්ඩප, සක්මන්මළු කරවූහ. මෙසේ මහත් විහාරයක් කරවීය. ඒ සඳහා ගිජ්ඣකාවසථෙ යන්න කියන ලදී.

ගොසිඞ‍්ගසාලවනදායෙති තත්‍ථ එකස‍්ස ජෙට‍්ඨකරුක‍්ඛස‍්ස ඛන්‍ධතො ගොසිඞ‍්ගසණ‍්ඨානං හුත්‍වා විටපං උට‍්ඨහි, තං රුක‍්ඛං උපාදාය සබ‍්බම‍්පි තං වනං ගොසිඞ‍්ගසාලවනන‍්ති සඞ‍්ඛං ගතං. දායොති අවිසෙසෙන අරඤ‍්ඤස‍්සෙතං නාමං. තස‍්මා ගොසිඞ‍්ගසාලවනදායෙති ගොසිඞ‍්ගසාලවනඅරඤ‍්ඤෙති අත්‍ථො. විහරන‍්තීති සාමග‍්ගිරසං අනුභවමානා විහරන‍්ති. ඉමෙසඤ‍්හි කුලපුත‍්තානං උපරිපණ‍්ණාසකෙ පුථුජ‍්ජනකාලො කථිතො, ඉධ ඛීණාසවකාලො. තදා හි තෙ ලද‍්ධස‍්සාදා ලද‍්ධපතිට‍්ඨා අධිගතපටිසම‍්භිදා ඛීණාසවා හුත්‍වා සාමග‍්ගිරසං අනුභවමානා තත්‍ථ විහරිංසු. තං සන්‍ධායෙතං වුත‍්තං.

ගොසිංගසාල වනදායෙ එහි එක් මහරුකක කඳින් හරක් අඟක් සමාන වූ විටපයක් නැංගේය. ඒ රුක නිසා මුළු වනයම ‘ගො සිංගාල වන’ නමින් ප්‍රසිද්ධ විය. දාය යනු අවිශේෂයෙන් ම මේ වනයට නමකි. එහෙයින් ගොසිංගාල වනදායෙ යනු ගෝ සිංග ශාල වනයට නම් වීය. විහරන්ති යනු සමගි රසද විඳිමින් එහි වෙසෙති. උපරිපණ්ණාසකයෙහි මේ කුලපුත්‍රයන්ගේ පෘථග්ජන කාලය කියන ලදී. මෙහි ක්‍ෂීණාශ්‍රව කාලය කියන ලදී. එකල ඔහු ලබන ලද ආශ්වාද ඇති ලද ප්‍රතිෂ්ඨා ඇති, අධිගමය කළ පිළිසිඹියා ඇති රහතන් වහන්සේලාම සමගි රස විඳිමින් පාසය කළහ. ඒ සඳහා කියන ලදී.

යෙන ගොසිඞ‍්ගසාලවනදායො තෙනුපසඞ‍්කමීති ධම‍්මසෙනාපතිමහාමොග‍්ගල‍්ලානත්‍ථෙරෙසු වා අසීතිමහාසාවකෙසු වා, අන‍්තමසො ධම‍්මභණ‍්ඩාගාරිකආනන්‍දත්‍ථෙරම‍්පි කඤ‍්චි අනාමන‍්තෙත්‍වා සයමෙව පත‍්තචීවරං ආදාය අනීකා නිස‍්සටො හත්‍ථී විය, යූථා නිස‍්සටො කාළසීහො විය, වාතච‍්ඡින‍්නො වලාහකො විය එකකොව උපසඞ‍්කමි.

යෙන ගො සිඞ්ගසාල වනදායො තෙනුපසංකමි දම්සෙනෙවි මහමුගලන් තෙරුන් අතුරෙන් හෝ අසූමහ සව්වන් අතුරෙන් හෝ යටත් පිරිසෙයින් ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්ථවිරයන් ද පවා කිසිවකු නො අමතා තමන් වහන්සේ ම පාසිවුරු ගෙන බල සෙනඟින් වෙන්වුණු හුදෙකලා ඇතෙකු මෙන් ද, වාතයෙන් සිඳුණු වළාකුළක් මෙන් ද හුදෙකලාවම එළඹියේය.

කස‍්මා පනෙත්‍ථ භගවා සයං අගමාසීති? තයො කුලපුත‍්තා සාමග‍්ගිරසං අනුභවන‍්තා විහරන‍්ති, තෙසං පග‍්ගණ‍්හනතො, පච‍්ඡිමජනතං අනුකම‍්පනතො ධම‍්මගරුභාවතො ච. එවං කිරස‍්ස අහොසි – “අහං ඉමෙ කුලපුත‍්තෙ පග‍්ගණ‍්හිත්‍වා උක‍්කංසිත්‍වා පටිසන්‍ථාරං කත්‍වා ධම‍්මං නෙසං දෙසෙස‍්සාමී”ති. එවං තාව පග‍්ගණ‍්හනතො අගමාසි. අපරම‍්පිස‍්ස අහොසි – “අනාගතෙ කුලපුත‍්තා සම‍්මාසම‍්බුද‍්ධො සමග‍්ගවාසං වසන‍්තානං සන‍්තිකං සයං ගන‍්ත්‍වා පටිසන්‍ථාරං කත්‍වා ධම‍්මං කථෙත්‍වා තයො කුලපුත‍්තෙ පග‍්ගණ‍්හි, කො නාම සමග‍්ගවාසං න වසෙය්‍යාති සමග‍්ගවාසං වසිතබ‍්බං මඤ‍්ඤමානා ඛිප‍්පමෙව දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සන‍්තී”ති. එවං පච‍්ඡිමජනතං අනුකම‍්පනතොපි අගමාසි. බුද‍්ධා ච නාම ධම‍්මගරුනො හොන‍්ති, සො ච නෙසං ධම‍්මගරුභාවො රථවිනීතෙ ආවිකතොව. ඉති ඉමස‍්මා ධම‍්මගරුභාවතොපි ධම‍්මං පග‍්ගණ‍්හිස‍්සාමීති අගමාසි.

කවර කරුණක් නිසා භාග්‍යවතුන් වහන්සේ එසේ තනිව ගිය සේක්ද, කුලපුත්‍රයෝ තිදෙන ඉතා සමගියෙන් වාසය කරති. ඔවුන්ගේ උත්සාහය වඩන පිණිසත් පශ්චිම ජනතාවට අනුකම්පා කිරීම පිණිසත්, ධර්මය ගරුකොට ඇති බැවින්ද වේ. උන්වහන්සේට මේ සීත වීල ‘මම මේ කුලපුත්‍රයන් උත්සාහවත් කොට උසස් කොට පිළිසඳර කොට දහම් දෙසන්නෙමි’ මෙසේ උත්සාහය වඩන හෙයින් වැඩි සේක. උන්වහන්සේට මෙසේ ද සිතෙන්නට විය. ‘අනාගතයෙහි කුලපුත්‍රයෝ සම්මා සම්බුද්ධයන් වහන්සේ සමග වාසයෙන් වසන්නවුන් සමීපයට තුමූ ගොස් පිළිසඳර කොට දහම් දෙසා තුන් කුලපුතුන්ගේ උත්සාහය දැනවූහ. කවරෙක් නම් සමඟ වාසයෙන් නො වසන්නෝද, සමග වාසයෙන් විසිය යුතුයයි සිතමින් වහාම දුක් කෙළවර කරන්නාහුය.’ මෙසේ පශ්චිම ජනතාවට අනුකම්පා කරන හෙයින් ද වැඩි සේක. තව ද බුදුවරයෝ නම් ධර්මගරුක වූවාහුම වෙති. ඔවුන්ගේ ඒ ධර්මගරුකභාවය රථවිනීත සූත්‍රයේ කියන ලද්දේමය. මෙසේ මේ ධර්මගරුක භාවය නිසා ධර්මය නගන්නෙමි’යි වැඩි සේක.

දායපාලොති අරඤ‍්ඤපාලො. සො තං අරඤ‍්ඤං යථා ඉච‍්ඡිතිච‍්ඡිතප‍්පදෙසෙන මනුස‍්සා පවිසිත්‍වා තත්‍ථ පුප‍්ඵං වා ඵලං වා නිය්‍යාසං වා දබ‍්බසම‍්භාරං වා න හරන‍්ති, එවං වතියා පරික‍්ඛිත‍්තස‍්ස තස‍්ස අරඤ‍්ඤස‍්ස යොජිතෙ ද‍්වාරෙ නිසීදිත්‍වා තං අරඤ‍්ඤං රක‍්ඛති, පාලෙති. තස‍්මා “දායපාලො”ති වුත‍්තො.

දායාපාලො වනය පාලනය කරන්නා, වනයට කැමති පරිද්දෙන් විවිධ මනුෂ්‍යයන් පැමිණ වනයේ මල්, ගෙඩි, ලාටු, අතු ආදිය යම්සේ ගෙන නො යන්නේ ද, එපරිද්දෙන් වැටකොටු බැඳ, අවුරා වනයට ඇතුල්වීම සඳහා යෙදූ දොරටුවේ හිඳ ඒ වනය රකින්නේ ද හෙතෙම ‘දාය පාල’ නම් වේ.

අත‍්තකාමරූපාති අත‍්තනො හිතං කාමයමානසභාවා හුත්‍වා විහරන‍්ති. යො හි ඉමස‍්මිං සාසනෙ පබ‍්බජිත්‍වාපි වෙජ‍්ජකම‍්මදූතකම‍්මපහිණගමනාදීනං වසෙන එකවීසතිඅනෙසනාහි ජීවිකං කප‍්පෙති, අයං න අත‍්තකාමරූපො නාම. යො පන ඉමස‍්මිං සාසනෙ පබ‍්බජිත්‍වා එකවීසතිඅනෙසනං පහාය චතුපාරිසුද‍්ධිසීලෙ පතිට‍්ඨාය බුද‍්ධවචනං උග‍්ගණ‍්හිත්‍වා සප‍්පායධුතඞ‍්ගං අධිට‍්ඨාය අට‍්ඨතිංසාය ආරම‍්මණෙසු චිත‍්තරුචියං කම‍්මට‍්ඨානං ගහෙත්‍වා ගාමන‍්තං පහාය අරඤ‍්ඤං පවිසිත්‍වා සමාපත‍්තියො නිබ‍්බත‍්තෙත්‍වා විපස‍්සනාය කම‍්මං කුරුමානො විහරති, අයං අත‍්තකාමො නාම. තෙපි තයො කුලපුත‍්තා එවරූපා අහෙසුං. තෙන වුත‍්තං – “අත‍්තකාමරූපා විහරන‍්තී”ති.

අත්තකාම රූපා තමන්ට හිත කැමතිවන ස්වභාව ඇතිවැ වාසය කෙරෙති. යමෙක් මේ ශාසනයෙහි පැවිදිව වෙදකම් දූතකම් ගෙන් ගෙට යාම් ආදීන්ගේ වශයෙන් එක්විසි අනේසයන්ගෙන් ජීවත් වේද, මෙතෙම ‘ආත්ම කාමරූප’ නො වේ. යළි යමෙක් මේ ශාසනයෙහි පැවිදිව එක්විසි අනේසනයන්ගෙන් තොරව සිව් පිරිසිදු සිල්හි පිහිටා බුදුවදන් ඉගෙන සුදුසු වූ ධුතාංගයක් සමාදන්ව සිතට රුචිකර වූ කමටහනක් ගෙන, ග්‍රාමාන්තරය අත්හැර වනයට පිවිස සමාපත්ති නිපදවා, විදර්ශනා භාවනා වඩමින් සිටී ද, මෙතෙම ‘ආත්ම කාමරූපා’ නම් වේ. ඒ තුන් කුලපුත්‍රයෝ මෙබඳු වූවාහුය. එහෙයින් අත්ත කාමරූපා විහරන්ති යන්න කියන ලදී.

මා තෙසං අඵාසුමකාසීති තෙසං මා අඵාසුකං අකාසීති භගවන‍්තං වාරෙසි. එවං කිරස‍්ස අහොසි – “ඉමෙ කුලපුත‍්තා සමග‍්ගා විහරන‍්ති, එකච‍්චස‍්ස ච ගතට‍්ඨානෙ භණ‍්ඩනකලහවිවාදා වත‍්තන‍්ති, තිඛිණසිඞ‍්ගො චණ‍්ඩගොණො විය ඔවිජ‍්ඣන‍්තො විචරති, අථෙකමග‍්ගෙන ද‍්වින‍්නං ගමනං න හොති, කදාචි අයම‍්පි එවං කරොන‍්තො ඉමෙසං කුලපුත‍්තානං සමග‍්ගවාසං භින්‍දෙය්‍ය. පාසාදිකො ච පනෙස සුවණ‍්ණවණ‍්ණො සුරසගිද‍්ධො මඤ‍්ඤෙ, ගතකාලතො පට‍්ඨාය පණීතදායකානං අත‍්තනො උපට‍්ඨාකානඤ‍්ච වණ‍්ණකථනාදීහි ඉමෙසං කුලපුත‍්තානං අප‍්පමාදවිහාරං භින්‍දෙය්‍ය. වසනට‍්ඨානානි චාපි එතෙසං කුලපුත‍්තානං නිබද‍්ධානි පරිච‍්ඡින‍්නානි තිස‍්සො ච පණ‍්ණසාලා තයො චඞ‍්කමා තීණි දිවාට‍්ඨානානි තීණි මඤ‍්චපීඨානි. අයං පන සමණො මහාකායො වුඩ‍්ඪතරො මඤ‍්ඤෙ භවිස‍්සති. සො අකාලෙ ඉමෙ කුලපුත‍්තෙ සෙනාසනා වුට‍්ඨාපෙස‍්සති. එවං සබ‍්බථාපි එතෙසං අඵාසු භවිස‍්සතී”ති. තං අනිච‍්ඡන‍්තො, “මා තෙසං අඵාසුකමකාසී”ති භගවන‍්තං වාරෙසි.

මා තෙසං අඵාසුමකාසී යනු ඔවුන්ට අපහසුතා ඇති නො කරන්නැයි භාග්‍යවතුන් වැළකීය. මෙසේ සිතෙන්නට ඇත. මේ කුලපුත්‍රයෝ සමග වූවාහු වෙසෙති. යළි ඇතැම් කෙනෙක් ගිය තැන භණ්ඩන - කලහ විවාදයෝ පවතිත්. තියුණු අං ඇති සැඩපරුෂ ගොනෙකු මෙන් ඒ ඒ තැන පහරමින් හැසිරේ. එකල එක් මගීන් දෙදෙනෙකුගේ ගමනක් නොවෙයි. කිසිවිටෙක මේ තෙමේත් එසේ කරමින් මේ කුලපුත්‍රයන් සමග වාසය බිඳින්නේ ය. තවෙකක් ද ඇත. මෙතෙම ප්‍රසාද උපදවන්නෙක. රන්වන් වෙයි. රසයෙහි ගිජුකමක් ඇත්තේ වේ. ගිය කල පටන් දායකයින්ගේ ද තම උපස්ථායකයන්ගේ ද ගුණ කීම් ආදියෙන් මේ කුලපුත්‍රයන්ගේ අප්‍රමාද විහරණය බිඳින්නේ ය. නැවත මේ කුලපුත්‍රයන් වසන තැන් ද නිබඳ වූවාහු පිරිසිඳින ලද්දාහුය. පන්සල් තුනක් ද සක්මන්මළු තුනක් ද දිවා ස්ථාන තුනක් ද ඇඳ පුටු ආදිය තුන බැගින් ද වෙති. මේ මහණ මහත් ශරීරයක් ඇත්තෙක. ඉතා වෘද්ධයෙක් වන්නේ යයි හඟිමි. හෙතෙම නො කල්හි මේ කුල පුත්‍රයන් සෙනස්නෙන් නැගිටුවන්නේ ය. මෙසේ හැම අයුරකින්ම මොවුන්ට නො සුව වන්නේය. අපහසුවක්ම වන්නේ ය’ යි නො කැමති වන්නේ ය. ඒ නිසා භාග්‍යවතුන් වැළකීය.

කිං පනෙස ජානන‍්තො වාරෙසි, අජානන‍්තොති? අජානන‍්තො. කිඤ‍්චාපි හි තථාගතස‍්ස පටිසන්‍ධිග‍්ගහණතො පට‍්ඨාය දසසහස‍්සචක‍්කවාළකම‍්පනාදීනි පාටිහාරියානි පවත‍්තිංසු, අරඤ‍්ඤවාසිනො පන දුබ‍්බලමනුස‍්සා සකම‍්මප‍්පසුතා තානි සල‍්ලක‍්ඛෙතුං න සක‍්කොන‍්ති. සම‍්මාසම‍්බුද‍්ධො ච නාම යදා අනෙකභික‍්ඛුසහස‍්සපරිවාරො බ්‍යාමප‍්පභාය අසීතිඅනුබ්‍යඤ‍්ජනෙහි ද‍්වත‍්තිංසමහාපුරිසලක‍්ඛණසිරියා ච බුද‍්ධානුභාවං දස‍්සෙන‍්තො විචරති, තදා කො එසොති අපුච‍්ඡිත්‍වාව ජානිතබ‍්බො හොති. තදා පන භගවා සබ‍්බම‍්පි තං බුද‍්ධානුභාවං චීවරගබ‍්භෙන පටිච‍්ඡාදෙත්‍වා වලාහකගබ‍්භෙන පටිච‍්ඡන‍්නො පුණ‍්ණචන්‍දො විය සයමෙව පත‍්තචීවරමාදාය අඤ‍්ඤාතකවෙසෙන අගමාසි. ඉති නං අජානන‍්තොව දායපාලො නිවාරෙසි.

යළි කිමෙක් ද, මෙතෙම දැන ඇඳුනුම්කමින් වැළකියේද, නොහඳුනමින් වැළකීද, නො දන්නේ ය. තව ද තථාගතයන්ගේ පිළිසිඳ ගැනීමේ පටන් දස දහසක් සක්වළ කම්පාවීම් වශයෙන් පෙළහර පැවැත්තුවාහුය. එහෙත් වනවාසී දුර්වල මිනිස්සු කර්මයන්හි යෙදුනාහු ඒ පෙළහර සලකන්නට නො හැකි වෙති. තව ද සම්මා සම්බුදුන් නම් යම්කලෙක නොයෙක් දහස් ගණන් භික්‍ෂු පිරිස් ඇත්තාහු, ව්‍යාම ප්‍රභාවයෙන්ද අසීති අනුව්‍යඤ්ජනයන් ගෙන් ද, දෙතිස්මහ පුරිස් ලකුණුවලින්ද, බුද්ධානුභාවය දක්වමින් හැසිරෙත් ද, එකල්හි මේ කවරෙක්දැයි නො පිළිවිසම දතයුත්තාහු වෙති. එකල භාග්‍යවතුන් වහන්සේ ඒ බුද්ධානුභාවය සිවුරුගබින් වසා මහා වළාවකින් වැසුණු සඳ සේ තුමූ මැ පාසිවුරු ගෙන අප්‍රසිද්ධ වේශයෙන් වැඩිය සේක. එහෙයින් උන්වහන්සේ නොහඳුනා ගනිමින්ම දායපාල, වනාරක්‍ෂකයා උන්වහන්සේ වැළකීය.

එතදවොචාති ථෙරො කිර මා සමණාති දායපාලස‍්ස කථං සුත්‍වාව චින‍්තෙසි – “මයං තයො ජනා ඉධ විහරාම, අඤ‍්ඤෙ පබ‍්බජිතා නාම නත්‍ථි, අයඤ‍්ච දායපාලො පබ‍්බජිතෙන විය සද‍්ධිං කථෙති, කො නු ඛො භවිස‍්සතී”ති දිවාට‍්ඨානතො වුට‍්ඨාය ද‍්වාරෙ ඨත්‍වා මග‍්ගං ඔලොකෙන‍්තො භගවන‍්තං අද‍්දස. භගවාපි ථෙරස‍්ස සහ දස‍්සනෙනෙව සරීරොභාසං මුඤ‍්චි, අසීතිඅනුබ්‍යඤ‍්ජනවිරාජිතා බ්‍යාමප‍්පභා පසාරිතසුවණ‍්ණපටො විය විරොචිත්‍ථ. ථෙරො, “අයං දායපාලො ඵණකතං ආසිවිසං ගීවාය ගහෙතුං හත්‍ථං පසාරෙන‍්තො විය ලොකෙ අග‍්ගපුග‍්ගලෙන සද‍්ධිං කථෙන‍්තොව න ජානාති, අඤ‍්ඤතරභික‍්ඛුනා විය සද‍්ධිං කථෙතී”ති නිවාරෙන‍්තො එතං, “මා, ආවුසො දායපාලා”තිආදිවචනං අවොච.

එතදවොච තෙරුන්වහන්සේ වනාහි ‘මා සමණා’යි වනය පාලකයාගේ කථාව අසාම සිතූහ. ‘අපි තිදෙනෙක් මෙහි වසමු. අන් පැවිද්දෙක් නැත. මෙම වන පාලකයා පැවිද්දකු සමග මෙන් කථා කරයි. කවරෙක් වන්නේදැයි, දිවාස්ථානයෙන් නැගිට දොරටුව දෙස බලද්දී භාග්‍යවතුන් දුටහ. භාග්‍යවතුන් වහන්සේ ද තෙරුන් දුටු විගස ශරීරාලෝකය විහිදවූහ. අසීති අනු ව්‍යඤ්ජනයන්ගෙන් විභූෂිත ව්‍යාමප්‍රභාව විදහළ බුදුහු රන්පටක් මෙන් බැබළුණහ. තෙරුන්වහන්සේ මේ වනපාලකයා විෂඝෝර සර්පයෙකු අතින් ගන්නට අත දික්කරන්නෙකු මෙන් ලෝකයෙහි අග්‍ර පුද්ගලයන් සමග කථා කළත් නො හඳුනන්නේ ය. අප්‍රසිද්ධ මහණක්හු මෙන් කථා කරයි. එය වළකමින් මා ආවුසො දායපාලා යන වචන කීය.

තෙනුපසඞ‍්කමීති කස‍්මා භගවතො පච‍්චුග‍්ගමනං අකත්‍වා උපසඞ‍්කමි? එවං කිරස‍්ස අහොසි – “මයං තයො ජනා සමග‍්ගවාසං වසාම, සචාහං එකකොව පච‍්චුග‍්ගමනං කරිස‍්සාමි, සමග‍්ගවාසො නාම න භවිස‍්සතී”ති පියමිත‍්තෙ ගහෙත්‍වාව පච‍්චුග‍්ගමනං කරිස‍්සාමි. යථා ච භගවා මය‍්හං පියො, එවං සහායානම‍්පි මෙ පියොති, තෙහි සද‍්ධිං පච‍්චුග‍්ගමනං කාතුකාමො සයං අකත්‍වාව උපසඞ‍්කමි. කෙචි පන තෙසං ථෙරානං පණ‍්ණසාලද‍්වාරෙ චඞ‍්කමනකොටියා භගවතො ආගමනමග‍්ගො හොති, තස‍්මා ථෙරො තෙසං සඤ‍්ඤං දදමානොව ගතොති.

තෙනු පසඞ්කමි කුමක් හෙයින් භාග්‍යවතුන්ට පෙරගමන් නොකොට එළඹියේ ද, හේ මෙසේ සිතීය. අපි තුන් දෙනෙකු මෙහි එකට සමගිව වාසය කරමු. මම තනිවම පෙරගමන් කරන්නේ නම් එය සමගි වාසයට බාධාවකි. ප්‍රිය මිත්‍රයන් ගෙනම පෙරගමන් කරන්නෙමි. තව ද යම්සේ ‘භාග්‍යවත්හු මට ප්‍රියසේක් ද, එසේ මගේ ප්‍රිය සහායකයන්ට ද ප්‍රිය සේක’ යයි ඔවුන් සමග පෙරගමන් කරනු කැමැතිව තෙමේ තනිව පෙරගමන් නොකොට එළඹියේය. යලි කිසිවෙක් ‘ඒ තෙරුන්ගේ පන්සල් දොර සක්මන් කෙළවර භාග්‍යවතුන් වහන්සේ පැමිණෙන මග වෙයි. එහෙයින් තෙරුන් වහන්සේ ඔවුන්ට සවන් දෙමින් ම ගියහ.

අභික‍්කමථාති ඉතො ආගච‍්ඡථ. පාදෙ පක‍්ඛාලෙසීති විකසිතපදුමසන‍්නිභෙහි ජාලහත්‍ථෙහි මණිවණ‍්ණං උදකං ගහෙත්‍වා සුවණ‍්ණවණ‍්ණෙසු පිට‍්ඨිපාදෙසු උදකමභිසිඤ‍්චිත්‍වා පාදෙන පාදං ඝංසන‍්තො පක‍්ඛාලෙසි. බුද‍්ධානං කායෙ රජොජල‍්ලං නාම න උපලිම‍්පති, කස‍්මා පක‍්ඛාලෙසීති? සරීරස‍්ස උතුග‍්ගහණත්‍ථං, තෙසඤ‍්ච චිත‍්තසම‍්පහංසනත්‍ථං. අම‍්හෙහි අභිහටෙන උදකෙන භගවා පාදෙ පක‍්ඛාලෙසි, පරිභොගං අකාසීති තෙසං භික‍්ඛූනං බලවසොමනස‍්සවසෙන චිත‍්තං පීණිතං හොති, තස‍්මා පක‍්ඛාලෙසි.

අභික්කමථ මෙහි එවු. පාදෙ පක්ඛාලෙසි සුපිපි පියුම් වැනි ජාල හස්තයන්ගෙන් මැණික් මෙන් වූ දිය ගෙන රන්වන් වූ පිටිපතුල්හි දිය වත්කොට පාදයෙන් පාදය අතුල්ලමින් සේදුවේය. බුදුවරුන්ගේ ශරීරයේ රජස් දැලි (දූවිලි) නො තැවරෙයි. කුමක් හෙයින් සේදුවේද, ශරිරයට සිසිල දැනවීමට හා භික්‍ෂුන්ගේ සිත් පිනවනු පිණිස ද වේ. යම්හෙයකින් අප විසින් එළවූ ජලයෙන් බුදුරජාණන් වහන්සේ පා සේදූහ. පරිභෝග කළහයි ඒ භික්‍ෂූන් තුළ බලවත් සොම්නසින් සිත ප්‍රීතිවේද, එහෙයින් සේදූහ.

ආයස‍්මන‍්තං අනුරුද‍්ධං භගවා එතදවොචාති සො කිර තෙසං වුඩ‍්ඪතරො. තස‍්ස සඞ‍්ගහෙ කතෙ සෙසානං කතොව හොතීති ථෙරඤ‍්ඤෙව එතං කච‍්චි වො අනුරුද‍්ධාතිආදිවචනං අවොච. තත්‍ථ කච‍්චීති පුච‍්ඡනත්‍ථෙ නිපාතො. වොති සාමිවචනං. ඉදං වුත‍්තං හොති – කච‍්චි අනුරුද‍්ධා තුම‍්හාකං ඛමනීයං, ඉරියාපථො වො ඛමති? කච‍්චි යාපනීයං, කච‍්චි වො ජීවිතං යාපෙති ඝටියති? කච‍්චි පිණ‍්ඩකෙන න කිලමථ, කච‍්චි තුම‍්හාකං සුලභපිණ‍්ඩං, සම‍්පත‍්තෙ වො දිස‍්වා මනුස‍්සා උළුඞ‍්කයාගුං වා කටච‍්ඡුභික‍්ඛං වා දාතබ‍්බං මඤ‍්ඤන‍්තීති භික‍්ඛාචාරවත‍්තං පුච‍්ඡති. කස‍්මා? පච‍්චයෙන අකිලමන‍්තෙන හි සක‍්කා සමණධම‍්මො කාතුං, වත‍්තමෙව වා එතං පබ‍්බජිතානං.

ආයස්මන්තං අනුරුද්ධං භගවා එතදවොච හෙතෙම වනාහි ඔවුන් අතුරෙන් වැඩිමහල්ය. ඔහුට සංග්‍රහ කරනකල්හි සෙස්සන්ට ද කරන ලද්දේ වෙනුයි තෙරුන්ටම කච්චි වො අනුරුද්ධා යන වචන වදාළහ. එහි කච්චි යනු ප්‍රශ්නාර්ථයෙහි නිපාතය. වො යනු සාමි වචනය. අනුරුද්ධයෙනි, කිමද තොපට ඛමනීයං ඉවසිය හැකිද, තොපගේ ඉරියව් ඉවසාද, කච්චියාපනීයං කිම තොපගේ ජීවිතය යැපේද, ගැළපේද, කච්චි පිණ්ඩකෙන න කිලමථ ඔබට පිණ්ඩපාතය සුලභද, පිඬුසිඟා වැඩි තොප දැක හුළුකැන් හා කටච්ඡ, භික්‍ෂාව දීමට ජනයා සිතත්ද පෙළඹේද, යයි පිඬු සිඟීම් පිළිබඳ විස්තර විමසීය. කුමක් හෙයින්ද, යම්හෙයකින් ප්‍රත්‍යයෙන් වෙහෙසෙන්නෙකු විසින් මහණදම් කරන්නට හැකිවේද, මේ පැවිදි වත වේද, එහෙයින්.

අථ තෙන පටිවචනෙ දින‍්නෙ, “අනුරුද‍්ධා, තුම‍්හෙ රාජපබ‍්බජිතා මහාපුඤ‍්ඤා, මනුස‍්සා තුම‍්හාකං අරඤ‍්ඤෙ වසන‍්තානං අදත්‍වා කස‍්ස අඤ‍්ඤස‍්ස දාතබ‍්බං මඤ‍්ඤිස‍්සන‍්ති, තුම‍්හෙ පන එතං භුඤ‍්ජිත්‍වා කිං නු ඛො මිගපොතකා විය අඤ‍්ඤමඤ‍්ඤං සඞ‍්ඝට‍්ටෙන‍්තා විහරථ, උදාහු සාමග‍්ගිභාවො වො අත්‍ථී”ති සාමග‍්ගිරසං පුච‍්ඡන‍්තො, කච‍්චි පන වො, අනුරුද‍්ධා, සමග‍්ගාතිආදිමාහ.

ඉක්බිති ඔහු විසින් පිළිවදන් දුන් කල්හි අනුරුද්ධයෙනි, තෙපි රජ පැවිද්දෝය. මහා පිනැතියෝය. මිනිස්සු වනවාසී තොපට නොදී අන් කවරෙකුට දිය යුතුයයි සිතන්නහුද, යළි තෙපි එම පිණ්ඩපාතය වළඳා මුව පැටවුන් මෙන් ඔවුනොවුන් ගැටෙමින් වසවුද, නැතිනම් තොපගේ සමගිය ඇත්ද, සමගි රසය විචාරමින් කච්චි වො පන අනුරුද්ධා සමග්ගා යනාදිය වදාළහ.

තත්‍ථ ඛීරොදකීභූතාති යථා ඛීරඤ‍්ච උදකඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤං සංසන්‍දති, විසුං න හොති, එකත‍්තං විය උපෙති, කච‍්චි එවං සාමග‍්ගිවසෙන එකත‍්තූපගතචිත‍්තුප‍්පාදා විහරථාති පුච‍්ඡති. පියචක‍්ඛූහීති මෙත‍්තචිත‍්තං පච‍්චුපට‍්ඨපෙත්‍වා ඔලොකනචක‍්ඛූනි පියචක‍්ඛූනි නාම. කච‍්චි තථාරූපෙහි චක‍්ඛූහි අඤ‍්ඤමඤ‍්ඤං සම‍්පස‍්සන‍්තා විහරථාති පුච‍්ඡති. තග‍්ඝාති එකංසත්‍ථෙ නිපාතො. එකංසෙන මයං, භන‍්තෙති වුත‍්තං හොති.

එහි ඛීරොදකී භූතා යම්සේ කිරිත් දියත් එකිනෙකට සැසඳේද, වෙන් නොවේද, ඒකත්වයට පැමිණේද, කිම එපරිද්දෙන් ඒකත්වයට පැමිණ එකම සිත් ඇත්තන් මෙන් වසන්නෝ ද යනුවෙන් විචාරමි. පිය චක්ඛූහි. මෙත් සිත් පිහිටුවා බලන ඇස් ‘පියචක්ඛු’ නම් වේ. කිම එවැනි ඇස්වලින් ඔවුනොවුන් බලමින් වසවුද, යනුවෙන් විචාරති. තග්ඝාති තග්ඝ යනු ඒකාන්ත අර්ථයෙහි නිපාතය වහන්ස, අපි ඒකාන්තයෙන් කියන ලද්දේ වෙමු.

යථා කථං පනාති එත්‍ථ යථාති නිපාතමත‍්තං. කථන‍්ති කාරණපුච‍්ඡා. කථං පන තුම‍්හෙ එවං විහරථ, කෙන කාරණෙන විහරථ, තං මෙ කාරණං බ්‍රූථාති වුත‍්තං හොති. මෙත‍්තං කායකම‍්මන‍්ති මෙත‍්තචිත‍්තවසෙන පවත‍්තං කායකම‍්මං. ආවි චෙව රහො චාති සම‍්මුඛා චෙව පරම‍්මුඛා ච. ඉතරෙසුපි එසෙව නයො.

යථා කථං පනාති මෙහි යථා යන්න නිපාත මාත්‍රයෙකි. කථං යනු කරුණු විමසීමයි. කෙසේ තෙපි මෙපරිද්දෙන් වසවුද? කවර කරුණකින් වසවුද, ඒ කාරණය මට කියන්න. මෙත්තං කායකම්මං මෛත්‍රී වශයෙන් පැවැති ක්‍රියාවන්, ආවිචෙවරහො ඇති තැන ද නැති තැන ද සෙස්සෙහිද මේ ක්‍රමයමැයි.

තත්‍ථ සම‍්මුඛා කායවචීකම‍්මානි සහවාසෙ ලබ‍්භන‍්ති, ඉතරානි විප‍්පවාසෙ. මනොකම‍්මං සබ‍්බත්‍ථ ලබ‍්භති. යඤ‍්හි සහවසන‍්තෙසු එකෙන මඤ‍්චපීඨං වා දාරුභණ‍්ඩං වා මත‍්තිකාභණ‍්ඩං වා බහි දුන‍්නික‍්ඛිත‍්තං හොති, තං දිස‍්වා කෙනිදං වළඤ‍්ජිතන‍්ති අවඤ‍්ඤං අකත්‍වා අත‍්තනා දුන‍්නික‍්ඛිත‍්තං විය ගහෙත්‍වා පටිසාමෙන‍්තස‍්ස පටිජග‍්ගිතබ‍්බයුත‍්තං වා පන ඨානං පටිජග‍්ගන‍්තස‍්ස සම‍්මුඛා මෙත‍්තං කායකම‍්මං නාම හොති. එකස‍්මිං පක‍්කන‍්තෙ තෙන දුන‍්නික‍්ඛිත‍්තං සෙනාසනපරික‍්ඛාරං තථෙව නික‍්ඛිපන‍්තස‍්ස පටිජග‍්ගිතබ‍්බයුත‍්තට‍්ඨානං වා පන පටිජග‍්ගන‍්තස‍්ස පරම‍්මුඛා මෙත‍්තං කායකම‍්මං නාම හොති.

එහි සම්මුඛයෙහි කාය වාක් කර්ම එක්ව විසීමෙහි ලබති. අන්‍යයෝ වෙන්ව විසීමෙහිය. මනඃ කර්මය සියලු තන්හි ලැබේ. සමගිව වසන්නවුන් අතුරෙන් එක් අයෙකු විසින් ඇඳ පුටු හෝ දැව භාණ්ඩ හෝ මැටි භාණ්ඩ හෝ පිටත නො මනාකොට තබන ලද්දේ වේද, එය දැක කවරෙකු විසින් මෙය පරිභෝග කරන ලදදැයි අවඥා නොකොට, තමන් විසින් මනාව තබන ලද්දක් මෙන් සිතා එය නිසිතැන තබන්නහුගේ යළි පිළිපැගිය යුතු තැන හෝ, පිළිදගින්නහුගේ හෝ සම්මුඛයෙහි මෙත් සිතම පහකළ යුතු වෙයි. එය මෛත්‍රී කාය කර්මයයි. එකකු නික්ම ගිය කල්හී ඔහු විසින් නොමනාකොට තබන ලද්ද, සෙනසුන් පිරිකර ආදිය එසේම අරන් තබන්නහුගේ පිළි පිළිදැගිය යුතු හෝ පිළි දගින්නකු හෝ, නැති තැන කරන මෛත්‍රී කාය කර්මය වෙයි.

සහවසන‍්තස‍්ස පන තෙහි සද‍්ධිං මධුරං සම‍්මොදනීයං කථං පටිසන්‍ථාරකථං සාරණීයකථං ධම‍්මීකථං සරභඤ‍්ඤං සාකච‍්ඡං පඤ‍්හපුච‍්ඡනං පඤ‍්හවිස‍්සජ‍්ජනන‍්ති එවමාදිකරණෙ සම‍්මුඛා මෙත‍්තං වචීකම‍්මං නාම හොති. ථෙරෙසු පන පක‍්කන‍්තෙසු මය‍්හං පියසහායො නන්‍දියත්‍ථෙරො කිමිලත්‍ථෙරො එවං සීලසම‍්පන‍්නො, එවං ආචාරසම‍්පන‍්නොතිආදිගුණකථනං පරම‍්මුඛා මෙත‍්තං වචීකම‍්මං නාම හොති. මය‍්හං පියමිත‍්තො නන්‍දියත්‍ථෙරො කිමිලත්‍ථෙරො අවෙරො හොතු, අබ්‍යාපජ‍්ජො සුඛී හොතූති එවං සමන‍්නාහරතො පන සම‍්මුඛාපි පරම‍්මුඛාපි මෙත‍්තං මනොකම‍්මං හොතියෙව.

සමග වසන්නහුගේ තෙරුන් සමග මිහිරි වූ සතුටු විය යුතු කථාව පිළිසඳර කථාව සිහි කළ යුතු කථාව දැහැමි කථාව සරභඤ්ඤං, මිහිරි ගායන (ස්වර බිඳුම්), පැන විමසීම, පැන විසඳීම යන මේ ආදිය කිරීමෙහි (සම්මුඛයෙහි) ඇති තැන මෛත්‍රී වාක් කර්මය නම් වේ. යළි තෙරවරුන් නික්ම ගිය කල්හි මාගේ ප්‍රිය සහාය වූ නන්දිය ස්ථවිර කිම්බිල ස්ථවිර මෙසේ සීල සම්පන්න ය. ආචාර සම්පන්නය යන ගුණකථනය කිරීම නැති තැන කරන මෛත්‍රී වාක් කර්මය වේ. මාගේ මිත්‍ර වූ නන්දිය ස්ථවිර කිම්බිල ස්ථවිර වෛර නැත්තෙක් වේවා. නිදුක් වේවා. නිරෝගි වේවායි සිතීම නැති තැන මෛත්‍රී මනඃකර්මය වේ. මෙසේ සිතීම ප්‍රාර්ථනය සම්මුඛ පරාම්මුඛ මෛත්‍රී මනඃකර්මය වේ.

නානා හි ඛො නො, භන‍්තෙ, කායාති කායඤ‍්හි පිට‍්ඨං විය මත‍්තිකා විය ච ඔමද‍්දිත්‍වා එකතො කාතුං න සක‍්කා. එකඤ‍්ච පන මඤ‍්ඤෙ චිත‍්තන‍්ති චිත‍්තං පන නො හිතට‍්ඨෙන නිරන‍්තරට‍්ඨෙන අවිග‍්ගහට‍්ඨෙන සමග‍්ගට‍්ඨෙන එකමෙවාති දස‍්සෙති. කථං පනෙතං සකං චිත‍්තං නික‍්ඛිපිත්‍වා ඉතරෙසං චිත‍්තවසෙන වත‍්තිංසූති? එකස‍්ස පත‍්තෙ මලං උට‍්ඨහති, එකස‍්ස චීවරං කිලිට‍්ඨං හොති, එකස‍්ස පරිභණ‍්ඩකම‍්මං හොති. තත්‍ථ යස‍්ස පත‍්තෙ මලං උට‍්ඨිතං, තෙන මමාවුසො, පත‍්තෙ මලං උට‍්ඨිතං පචිතුං වට‍්ටතීති වුත‍්තෙ ඉතරෙ මය‍්හං චීවරං කිලිට‍්ඨං ධොවිතබ‍්බං, මය‍්හං පරිභණ‍්ඩං කාතබ‍්බන‍්ති අවත්‍වා අරඤ‍්ඤං පවිසිත්‍වා දාරූනි ආහරිත්‍වා ඡින්‍දිත්‍වා පත‍්තකටාහෙ පරිභණ‍්ඩං කත්‍වා තතො පරං චීවරං වා ධොවන‍්ති, පරිභණ‍්ඩං වා කරොන‍්ති. මමාවුසො, චීවරං කිලිට‍්ඨං ධොවිතුං වට‍්ටති, මම පණ‍්ණසාලා උක‍්ලාපා පරිභණ‍්ඩං කාතුං වට‍්ටතීති පඨමතරං ආරොචිතෙපි එසෙව නයො.

නානාහි ඛො භන්තෙ කායා කය වනාහි පිටි මෙන් ද මැටි මෙන් ද එකට ගුලි කළ නො හැක්කේය. එකංව පන මඤ්ඤෙ චිත්තං එහෙත් අපගේ සිත සහිතාර්ථයෙන් නිරන්තරයෙන් විග්‍රහ රහිතාර්ථයෙන් සමග්‍රාර්ථයෙන් එකක්මයයි දක්වයි. නැවත ස්වකීය සිත බහා තබා අන්‍යයන්ගේ සිත් වශයෙන් පැවැත්තාහුද, එක් අයකුගේ පාත්‍රයෙහි මල නැගේ. තව අයකුගේ සිවුර කිලිටි වෙයි. තව අයකුගේ පිරිබඩකම් වෙයි. මේ අය අතුරෙන් යමකුගේ පාත්‍රයෙහි මල නැගුනේද, ඔහු විසින් ඇවැත්නි, මගේ පාත්‍රයෙහි මල නැගුනි. එය පිරිසිදු කිරීම වටී යයි කී කල්හි, අනික් කෙනා මගේ සිවුර කිලිටි විය. එය සේදිය යුතු කී කල්හි, අනෙක් තැනැත්තා මගේ ආරාම පිරිබඩ කළයුතු යයි නො කියා වනයට පිවිස දර ගෙනවුත් කපා පාත්‍ර කටාහය පිරිබඩකොට, පාත්‍රය පිස, එයින් පසුව සිවුර සෝදති. පිරිබඩ හෝ කෙරෙත්. ඇවැත්නි, මගේ සිවුර කිළිටිය. එය සේදිය යුතුය. මගේ පන්සල කසල සහිතය. එය පිරිසිදු කළ යුතුය. පළමුව දැක්වූ තන්හි ද මෙම ක්‍රමයමැයි.

සාධු සාධු, අනුරුද‍්ධාති භගවා හෙට‍්ඨා න ච මයං, භන‍්තෙ, පිණ‍්ඩකෙන කිලමිම‍්හාති වුත‍්තෙ න සාධුකාරමදාසි. කස‍්මා? අයඤ‍්හි කබළීකාරො ආහාරො නාම ඉමෙසං සත‍්තානං අපායලොකෙපි දෙවමනුස‍්සලොකෙපි ආචිණ‍්ණසමාචිණ‍්ණොව. අයං පන ලොකසන‍්නිවාසො යෙභුය්‍යෙන විවාදපක‍්ඛන්‍දො, අපායලොකෙ දෙවමනුස‍්සලොකෙපි ඉමෙ සත‍්තා පටිවිරුද‍්ධා එව, එතෙසං සාමග‍්ගිකාලො දුල‍්ලභො, කදාචිදෙව හොතීති සමග‍්ගවාසස‍්ස දුල‍්ලභත‍්තා ඉධ භගවා සාධුකාරමදාසි.

සාධු සාධු අනුරුද්ධා භාග්‍යවතුන් වහන්සේ පළමුව ‘නච මයං භන්තෙ පිණ්ඩකෙන කිලමිම්හ’ යයි කී කල්හි සාධුකාර නොදුන්හ. ඒ මන්ද මේ කබලිංකාරාහාරය මේ සත්ත්වයන්ට අපායෙහි ද, දෙව් මිනිස් ලෝකවලද පළපුරුද්දෙන් ස්වාභාවිකම වූයේය. මේ ලෝක සන්නිවාසීහු වනාහි බොහෝසෙයින් විවාදයට පාත්‍ර වූහ. අපායෙහි ද දේව මනුස්ස ලෝකවල ද මේ සත්ත්වයෝ ප්‍රතිවිරුද්ධයහ. මොවුන්ගේ සමහි කාලය සමග වාසය දුර්ලභය. එබැවින් භාග්‍යවතුන් වහන්සේ සාධුකාර දුන් සේක.

ඉදානි තෙසං අප‍්පමාදලක‍්ඛණං පුච‍්ඡන‍්තො කච‍්චි පන වො, අනුරුද‍්ධාතිආදිමාහ. තත්‍ථ වොති නිපාතමත‍්තං පච‍්චත‍්තවචනං වා, කච‍්චි තුම‍්හෙති අත්‍ථො. අම‍්හාකන‍්ති අම‍්හෙසු තීසු ජනෙසු. පිණ‍්ඩාය පටික‍්කමතීති ගාමෙ පිණ‍්ඩාය චරිත්‍වා පච‍්චාගච‍්ඡති. අවක‍්කාරපාතින‍්ති අතිරෙකපිණ‍්ඩපාතං අපනෙත්‍වා ඨපනත්‍ථාය එකං සමුග‍්ගපාතිං ධොවිත්‍වා ඨපෙති.

දැන් ඔවුන්ගේ අප්‍රමාදී ලක්‍ෂණ විචාරන්නේ කච්චිපන වා අනුරුද්ධො ආදිය කීහ. එහි වො යනු නිපාතයෙකි. ප්‍රථමා විභක්ති හෝ වෙයි. කිම තෙපි යන අර්ථයි. අම්හාකං යනු අප තුන්දෙන අතුරෙන් පිණ්ඩාය පටික්කමති ගමේ පිඬු පිණිස හැසිර ආපසු පැමිණේ ද අවක්කාර පාතිං අතිරේක පිණ්ඩපාතය බැහැරකොට තැබීම පිණිස එක් භාජනයක් සෝදා තබයි.

යො පච‍්ඡාති තෙ කිර ථෙරා න එකතොව භික‍්ඛාචාරං පවිසන‍්ති, ඵලසමාපත‍්තිරතා හෙතෙ. පාතොව සරීරප‍්පටිජග‍්ගනං කත්‍වා වත‍්තප‍්පටිපත‍්තිං පූරෙත්‍වා සෙනාසනං පවිසිත්‍වා කාලපරිච‍්ඡෙදං කත්‍වා ඵලසමාපත‍්තිං අප‍්පෙත්‍වා නිසීදන‍්ති. තෙසු යො පඨමතරං නිසින‍්නො අත‍්තනො කාලපරිච‍්ඡෙදවසෙන පඨමතරං උට‍්ඨාති; සො පිණ‍්ඩාය චරිත්‍වා පටිනිවත‍්තො භත‍්තකිච‍්චට‍්ඨානං ආගන‍්ත්‍වා ජානාති – “ද‍්වෙ භික‍්ඛූ පච‍්ඡා, අහං පඨමතරං ආගතො”ති. අථ පත‍්තං පිදහිත්‍වා ආසනපඤ‍්ඤාපනාදීනි කත්‍වා යදි පත‍්තෙ පටිවිසමත‍්තමෙව හොති, නිසීදිත්‍වා භුඤ‍්ජති. යදි අතිරෙකං හොති, අවක‍්කාරපාතියං පක‍්ඛිපිත්‍වා පාතිං පිධාය භුඤ‍්ජති. කතභත‍්තකිච‍්චො පත‍්තං ධොවිත්‍වා වොදකං කත්‍වා ථවිකාය ඔසාපෙත්‍වා පත‍්තචීවරං ගහෙත්‍වා අත‍්තනො වසනට‍්ඨානං පවිසති. දුතියොපි ආගන‍්ත්‍වාව ජානාති – “එකො පඨමං ආගතො, එකො පච‍්ඡතො”ති. සො සචෙ පත‍්තෙ භත‍්තං පමාණමෙව හොති, භුඤ‍්ජති. සචෙ මන්‍දං, අවක‍්කාරපාතිතො ගහෙත්‍වා භුඤ‍්ජති. සචෙ අතිරෙකං හොති, අවක‍්කාරපාතියං පක‍්ඛිපිත්‍වා පමාණමෙව භුඤ‍්ජිත්‍වා පුරිමත්‍ථෙරො විය වසනට‍්ඨානං පවිසති. තතියොපි ආගන‍්ත්‍වාව ජානාති – “ද‍්වෙ පඨමං ආගතා, අහං පච‍්ඡතො”ති. සොපි දුතියත්‍ථෙරො විය භුඤ‍්ජිත්‍වා කතභත‍්තකිච‍්චො පත‍්තං ධොවිත්‍වා වොදකං කත්‍වා ථවිකාය ඔසාපෙත්‍වා ආසනානි උක‍්ඛිපිත්‍වා පටිසාමෙති; පානීයඝටෙ වා පරිභොජනීයඝටෙ වා අවසෙසං උදකං ඡඩ‍්ඩෙත්‍වා ඝටෙ නිකුජ‍්ජිත්‍වා අවක‍්කාරපාතියං සචෙ අවසෙසභත‍්තං හොති, තං වුත‍්තනයෙන ජහිත්‍වා පාතිං ධොවිත්‍වා පටිසාමෙති; භත‍්තග‍්ගං සම‍්මජ‍්ජති. තතො කචවරං ඡඩ‍්ඩෙත්‍වා සම‍්මජ‍්ජනිං උක‍්ඛිපිත්‍වා උපචිකාහි මුත‍්තට‍්ඨානෙ ඨපෙත්‍වා පත‍්තචීවරමාදාය වසනට‍්ඨානං පවිසති. ඉදං ථෙරානං බහිවිහාරෙ අරඤ‍්ඤෙ භත‍්තකිච‍්චකරණට‍්ඨානෙ භොජනසාලායං වත‍්තං. ඉදං සන්‍ධාය, “යො පච‍්ඡා”තිආදි වුත‍්තං.

යො පච්ඡා ඒ භික්‍ෂූන් වහන්සේලා එක්වරම පිඬු පිණිස නො පිවිසෙත්. මොව්හූ ඵල සමවත්හි ඇලුනාහු වෙති. උදෑසනම සිරුර පිළිදැගුම් කොට වත්පිළිවෙත් පුරා සෙනසුනට පිවිස කාලය බෙදා ඵල සමාපත්තියට සමවැද සිටිති. ඔවුන් අතුරෙන් යම් කෙනෙක් පළමුව හිඳ ගත්තේ ද තමන්ගේ කාලය අවසන් වූ විට නැගිට සිටියි. හෙතෙම පිඬු සිඟා ගොස් පෙරළා පැමිණියේ බත්කිස කරන තැනට අවුත්, ‘භික්‍ෂූහු දෙදෙනෙක් පසු වූහ. මම ඉතා පළමුව ආමියි දැන ගනී. ඉක්බිතිවැ පාතය වසා අසුන් පැනවීම ආදිය කොට පාත්‍රයෙහි බත් කොටසක් පමණක් ගෙන වළඳයි. වැඩි ආහාර දමන භාජනයෙහි ආහාර තබා පාත්‍රය වසා කළ බත්කිස ඇතිව පාත්‍රය සෝදා ජලය රහිත කොට පිසදමා, පාත්‍රාථවිකයෙහි දමා අසුන් ඔසවා පා සිවුරු ගෙන තමන් වසන තැනට පිවිසෙයි. දෙවැනි තැනැත්තා අවුත් එක් අයෙක් පළමු ආ බවත් එක් අයෙක් පසුවන බවත් දැන, පාත්‍රයෙහි ඇති ආහාර ආදිය ගෙන වළඳයි. එය මදි වූයේ නම් අතිරේක ආහාර තබන භාජනයෙන් ගෙන වළඳයි. වළඳා පළමු තෙරුන් මෙන් තමන් වසන තැනට පිවිසෙයි. තෙවැන්නා අවුත් දෙදෙනෙක් පළමු ආවාහුය. මා පමා වූයේ යයි දැනගනියි. හෙතෙමේ ද දෙවෙනි තෙරුන් මෙන් වළඳා කළ බත්කිස ඇත්තේ පාත්‍රය සෝදා ජලය රහිත කොට එවිකාවෙහි තබා, අසුන් ඔසවා තැන්පත් කොට තමා, පැන් කළයෙහි හෝ පරිභෝග කරන දිය කළයෙහි ඉතිරි ජලය ඉවත්කර, කළ යටිකුරු කොට, ඉතිරි බත් දමන භාජනයෙහි බත් තිබේ නම් ඒවා බැහැරකොට එම භාජනය සෝදා පිරිසිදු කොට, බත් ගේ අමදියි. කසළ ඉවත දමා, මුස්න වේයන් නොකන තැනකින් තබා, පාසිවුරු ගෙන වසන තැනට පිවිසෙයි. මේ තෙරවරුන්ගේ වෙහෙරෙහි ද වනයෙහි ද, බත්කිස කරන තැන ද බොජුන්හල ද යන මේ තන්හි වත් පිළිවෙත් සඳහා යො පච්ඡා යනාදිය කියන ලදී.

යො පස‍්සතීතිආදි පන නෙසං අන‍්තොවිහාරෙ වත‍්තන‍්ති වෙදිතබ‍්බං. තත්‍ථ වච‍්චඝටන‍්ති ආචමනකුම‍්භිං. රිත‍්තන‍්ති රිත‍්තකං. තුච‍්ඡන‍්ති තස‍්සෙව වෙවචනං. අවිසය‍්හන‍්ති උක‍්ඛිපිතුං අසක‍්කුණෙය්‍යං, අතිභාරියං. හත්‍ථවිකාරෙනාති හත්‍ථසඤ‍්ඤාය. තෙ කිර පානීයඝටාදීසු යංකිඤ‍්චි තුච‍්ඡකං ගහෙත්‍වා පොක‍්ඛරණිං ගන‍්ත්‍වා අන‍්තො ච බහි ච ධොවිත්‍වා උදකං පරිස‍්සාවෙත්‍වා තීරෙ ඨපෙත්‍වා අඤ‍්ඤං භික‍්ඛුං හත්‍ථවිකාරෙන ආමන‍්තෙන‍්ති, ඔදිස‍්ස වා අනොදිස‍්ස වා සද‍්දං න කරොන‍්ති. කස‍්මා ඔදිස‍්ස සද‍්දං න කරොන‍්ති? තං භික‍්ඛුං සද‍්දො බාධෙය්‍යාති. කස‍්මා අනොදිස‍්ස සද‍්දං න කරොන‍්ති? අනොදිස‍්ස සද‍්දෙ දින‍්නෙ, “අහං පුරෙ, අහං පුරෙ”ති ද‍්වෙපි නික‍්ඛමෙය්‍යුං, තතො ද‍්වීහි කත‍්තබ‍්බකම‍්මෙ තතියස‍්ස කම‍්මච‍්ඡෙදො භවෙය්‍ය. සංයතපදසද‍්දො පන හුත්‍වා අපරස‍්ස භික‍්ඛුනො දිවාට‍්ඨානසන‍්තිකං ගන‍්ත්‍වා තෙන දිට‍්ඨභාවං ඤත්‍වා හත්‍ථසඤ‍්ඤං කරොති, තාය සඤ‍්ඤාය ඉතරො ආගච‍්ඡති, තතො ද‍්වෙ ජනා හත්‍ථෙන හත්‍ථං සංසිබ‍්බන‍්තා ද‍්වීසු හත්‍ථෙසු ඨපෙත්‍වා උපට‍්ඨපෙන‍්ති. තං සන්‍ධායාහ – “හත්‍ථවිකාරෙන දුතියං ආමන‍්තෙත්‍වා හත්‍ථවිලඞ‍්ඝකෙන උපට‍්ඨපෙමා”ති.

යො පස්සතී යනු ඔවුන්ගේ ඇතුළු වෙහෙර වත යයි දතයුතු. එහි වච්චඝටං වැසිකිළියෙහි පරිභෝගය සඳහා දිය තබන භාජනය රිත්තං හිස් වූයේ තුච්ඡං එම අරුත්මැයි. අවිසය්හං ඔසවන්නට නොහැකි වන්නේ ඉතා බරය. හත්‍ථ විකාරෙන හස්ත සංඥාවෙන් පැන් කළ ආදී යමක් හිස් වූයේ නම් එය ගෙන පොකුණට ගොස් ඇතුළත හා පිටත සෝදා දිය පෙරා ඉවුරෙහි තබා අන් භික්‍ෂුවක් අතින් සංඥාකොට කැඳවති. එක් අයකු නියමකොට හෝ නියම නොකොට ශබ්ද නොකරති. කුමක් හෙයින්, නියම නොකරත්ද ඒ භික්‍ෂුවගේ ශබ්දය බාධාවක් වන බැවිනි. කවර හෙයින්ද නියම නො කෙරෙත්ද, අනියමින් ශබ්ද කළ කල්හි මම පෙරටු වෙමි. මම පෙරටු වෙමි යි දෙතුන් දෙනෙක් එන්නේය. දෙදෙනකු විසින් කළයුතු කාර්යය තුන්වැන්නෙක් පැමිණීම නිසා ඉතිරි අයගේ කර්මච්ඡේදය වන්නේ ය. වැඩ පාළු වන්නේ ය. යළි සංවර වූ පිය හඬ ඇතිව අන්‍ය භික්‍ෂූහුගේ දිවාස්ථාන කරා ගොස් ඔහු විසින් දුටු බැව් අත්සන් කරයි. ඒ ලකුණින් අනෙක් මහණ පැමිණේ. ඉක්බිති දෙදෙන අතින් අත බඳිමින් දෙ අත්හි තබා එලවා තබත්. ඒ සඳහා හත්‍ථවිකාරෙන දුතියං ආමන්තෙත්‍වා හත්‍ථවිලංගෙන උපට්ඨපෙම යන්න කියන ලදී.

පඤ‍්චාහිකං ඛො පනාති චාතුද‍්දසෙ පන‍්නරසෙ අට‍්ඨමියන‍්ති ඉදං තාව පකතිධම‍්මස‍්සවනමෙව, තං අඛණ‍්ඩං කත්‍වා පඤ‍්චමෙ පඤ‍්චමෙ දිවසෙ ද‍්වෙ ථෙරා නාතිවිකාලෙ න‍්හායිත්‍වා අනුරුද‍්ධත්‍ථෙරස‍්ස වසනට‍්ඨානං ගච‍්ඡන‍්ති. තත්‍ථ තයොපි නිසීදිත්‍වා තිණ‍්ණං පිටකානං අඤ‍්ඤතරස‍්මිං අඤ‍්ඤමඤ‍්ඤං පඤ‍්හං පුච‍්ඡන‍්ති, අඤ‍්ඤමඤ‍්ඤං විස‍්සජ‍්ජෙන‍්ති, තෙසං එවං කරොන‍්තානංයෙව අරුණං උග‍්ගච‍්ඡති. තං සන්‍ධායෙතං වුත‍්තං.

පඤ්චාහිකං ඛො පනාති තුදුස්වක් පොහොය, පසළොස්වක පොහොය, අටවක යන මේ වූ කලී ප්‍රකෘති ධර්ම ශ්‍රවණයම වේ. එය නොකඩකොට පස්වන පස්වන දිනයෙහි තෙරවරු දෙදෙන ඉතා උදෙන් නා අනුරුද්ධ තෙරුන් වසන තැනට යෙති. එහි තිදෙනම හිඳ තුන් පිටකයෙන් එක්තරා පිටකයෙක්හි ඔවුනොවුන් ප්‍රශ්න විචාරති. විසඳති. ඔවුන් මෙසේ කරද්දිම අරුණ නගී. ඒ සඳහා කියන ලදී.

එත‍්තාවතා ථෙරෙන භගවතා අප‍්පමාදලක‍්ඛණං පුච‍්ඡිතෙන පමාදට‍්ඨානෙසුයෙව අප‍්පමාදලක‍්ඛණං විස‍්සජ‍්ජිතං හොති. අඤ‍්ඤෙසඤ‍්හි භික‍්ඛූනං භික‍්ඛාචාරං පවිසනකාලො, නික‍්ඛමනකාලො, නිවාසනපරිවත‍්තනං, චීවරපාරුපනං, අන‍්තොගාමෙ පිණ‍්ඩාය චරණං ධම‍්මකථනං, අනුමොදනං, ගාමතො නික‍්ඛමිත්‍වා භත‍්තකිච‍්චකරණං, පත‍්තධොවනං, පත‍්තඔසාපනං, පත‍්තචීවරපටිසාමනන‍්ති පපඤ‍්චකරණට‍්ඨානානි එතානි. තස‍්මා ථෙරො අම‍්හාකං එත‍්තකං ඨානං මුඤ‍්චිත්‍වා පමාදකාලො නාම නත්‍ථීති දස‍්සෙන‍්තො පමාදට‍්ඨානෙසුයෙව අප‍්පමාදලක‍්ඛණං විස‍්සජ‍්ජෙසි.

මෙතෙකින් භාග්‍යවතුන් වහන්සේ විසින් අප්‍රමාද ලක්‍ෂණ විචාළාහු තෙරුන් විසින් ප්‍රමාදස්ථානයන්හිම අප්‍රමාද ලක්‍ෂණ විසඳන ලදී. යම්හෙයකින් අනෙක් භික්‍ෂූන්ට පිඬු පිණිස නික්මෙන කාලය, අඳන හැඳ සිවුර පොරවන කාලය; ඇතුලුගම පිඬු පිණිස හැසිරීමය. දහම් දෙසීමය. අනුමෝදනය, ඇතුලු ගමින් නික්මී වැළඳීමය. මුහුණ කට සේදීමය. පාත්‍රය වියලීමය. පා සිවුරු තැන්පත් කිරීමය යන මේවා මොව්හු ප්‍රමාදකර ස්ථානයෝ වේද, එහෙයින් තෙරුන් වහන්සේ අපට මෙතෙක් තැන් හැර වෙනත් ප්‍රමාද කාලයක් නැතැයි දක්වමින් ප්‍රමාදස්ථානයන්හිම අප්‍රමාද ලක්‍ෂණය විසඳූහ.

අථස‍්ස භගවා සාධුකාරං දත්‍වා පඨමජ‍්ඣානං පුච‍්ඡන‍්තො පුන අත්‍ථි පන වොතිආදිමාහ. තත්‍ථ උත‍්තරි මනුස‍්සධම‍්මාති මනුස‍්සධම‍්මතො උත‍්තරි. අලමරියඤාණදස‍්සනවිසෙසොති අරියභාවකරණසමත්‍ථො ඤාණවිසෙසො. කිඤ‍්හි නො සියා, භන‍්තෙති කස‍්මා, භන‍්තෙ, නාධිගතො භවිස‍්සති, අධිගතොයෙවාති. යාව දෙවාති යාව එව.

ඉක්බිති ඔහුට භාග්‍යවතුන් වහන්සේ සාධුකාර දී, ප්‍රථම ධ්‍යානය විමසන්නාහු යළි, අත්‍ථිපන වො ආදිය වදාළහ. එහි උත්තරි මනුස්ස ධම්මාති මිනිස් දහමින් උපරිමයෙහි අලමරිය විසෙසො ආය භාවය කිරීමෙහි සමත් වූ, විශේෂයෙක් කිං හි නො සියා භන්තෙ ස්වාමීනි, කුමක් හෙයින් නො ලද්දේ වන්නේ ද, යාවදෙව යම්තාක්

එවං පඨමජ‍්ඣානාධිගමෙ බ්‍යාකතෙ දුතියජ‍්ඣානාදීනි පුච‍්ඡන‍්තො එතස‍්ස පන වොතිආදිමාහ. තත්‍ථ සමතික‍්කමායාති සමතික‍්කමත්‍ථාය. පටිප‍්පස‍්සද‍්ධියාති පටිප‍්පස‍්සද‍්ධත්‍ථාය. සෙසං සබ‍්බත්‍ථ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. පච‍්ඡිමපඤ‍්හෙ පන ලොකුත‍්තරඤාණදස‍්සනවසෙන අධිගතං නිරොධසමාපත‍්තිං පුච‍්ඡන‍්තො අලමරියඤාණදස‍්සනවිසෙසොති ආහ. ථෙරොපි පුච‍්ඡානුරූපෙනෙව බ්‍යාකාසි. තත්‍ථ යස‍්මා වෙදයිතසුඛතො අවෙදයිතසුඛං සන‍්තතරං පණීතතරං හොති, තස‍්මා අඤ‍්ඤං ඵාසුවිහාරං උත‍්තරිතරං වා පණීතතරං වා න සමනුපස‍්සාමාති ආහ.

මා මෙසේ ප්‍රථමධ්‍යාන ලාභය ප්‍රකාශ කළ කල්හි ද්විතීයධ්‍යානය විමසන්නාහු එතස්ස පන වො යනාදිය වදාළහ. එහි සමතික්කමාය ඉක්මවීම පිණිස, පටිප්පස්සද්ධියා මැඩලීම පිණිස, ඉතිරි විස්තර පෙර කී ආකාරයෙන් දතයුතු. නැවත පශ්චිම ප්‍රශ්නයෙහි ලෝකෝත්තර ඥාන දර්ශනයාගේ වශයෙන් ලබන්නා වූ නිරෝධ සමාපත්තිය විමසන්නාහු, අලමරිය ඤාණ දස්සන විසෙසො ආදිය වදාළහ. තෙරුන් වහන්සේ විමසන ලද ආකාරයෙන්ම ප්‍රකාශ කළහ. එහි යම්හෙයකින් විඳින්නා වූ සුවයට වඩා නො විඳින්නා වූ සුවය ශාන්ත වේද සුවපත් වේද, එහෙයින් අඤ්ඤං ඵාසු විහාරං උත්තරිතරංවා පණිත්තං වා, න සමනුපස්සාමි ආදිය කීහ.

ධම‍්මියා කථායාති සාමග‍්ගිරසානිසංසප‍්පටිසංයුත‍්තාය ධම‍්මියා කථාය. සබ‍්බෙපි තෙ චතූසු සච‍්චෙසු පරිනිට‍්ඨිතකිච‍්චා, තෙන තෙසං පටිවෙධත්‍ථාය කිඤ‍්චි කථෙතබ‍්බං නත්‍ථි. සාමග‍්ගිරසෙන පන අයඤ‍්ච අයඤ‍්ච ආනිසංසොති සාමග‍්ගිරසානිසංසමෙව නෙසං භගවා කථෙසි.

ධම්මික කථා සමගි රසයෙහි අනුසස් ප්‍රතිසංයුක්ත වූ දැහැමි කථාවෙන්, ඔව්හූ සියල්ලෝම සිව්සස්හි නිම වූ කිස ඇත්තාහු ය. එහෙයින් ඔවුන්ගේ ප්‍රතිවේධය පිණිස වෙනත් කිය යුත්තක් නැත. සමගිව විසීමෙන් මේ මේ අනුසස් යයි සමගියෙහි ආනිශංසම භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූන්ට වදාළහ.

භගවන‍්තං අනුසංයායිත්‍වාති අනුගන‍්ත්‍වා. තෙ කිර භගවතො පත‍්තචීවරං ගහෙත්‍වා ථොකං අගමංසු, අථ භගවා විහාරස‍්ස පරිවෙණපරියන‍්තං ගතකාලෙ, “ආහරථ මෙ පත‍්තචීවරං, තුම‍්හෙ ඉධෙව තිට‍්ඨථා”ති පක‍්කාමි. තතො පටිනිවත‍්තිත්‍වාති තතො ඨිතට‍්ඨානතො නිවත‍්තිත්‍වා. කිං නු ඛො මයං ආයස‍්මතොති භගවන‍්තං නිස‍්සාය පබ‍්බජ‍්ජාදීනි අධිගන‍්ත්‍වාපි අත‍්තනො ගුණකථාය අට‍්ටියමානා අධිගමප‍්පිච‍්ඡතාය ආහංසු. ඉමාසඤ‍්ච ඉමාසඤ‍්චාති පඨමජ‍්ඣානාදීනං ලොකියලොකුත‍්තරානං. චෙතසා චෙතො පරිච‍්ච විදිතොති අජ‍්ජ මෙ ආයස‍්මන‍්තො ලොකියසමාපත‍්තියා වීතිනාමෙසුං, අජ‍්ජ ලොකුත‍්තරායාති එවං චිත‍්තෙන චිත‍්තං පරිච‍්ඡින්‍දිත්‍වා විදිතං. දෙවතාපි මෙති, භන‍්තෙ අනුරුද‍්ධ, අජ‍්ජ අය්‍යො නන්‍දියත්‍ථෙරො, අජ‍්ජ අය්‍යො කිමිලත්‍ථෙරො ඉමාය ච ඉමාය ච සමාපත‍්තියා වීතිනාමෙසීති එවමාරොචෙසුන‍්ති අත්‍ථො. පඤ‍්හාභිපුට‍්ඨෙනාති තම‍්පි මයා සයං විදිතන‍්ති වා දෙවතාහි ආරොචිතන‍්ති වා එත‍්තකෙනෙව මුඛං මෙ සජ‍්ජන‍්ති කථං සමුට‍්ඨාපෙත්‍වා අපුට‍්ඨෙනෙව මෙ න කථිතං. භගවතා පන පඤ‍්හාභිපුට‍්ඨෙන පඤ‍්හං අභිපුච‍්ඡිතෙන සතා බ්‍යාකතං, තත්‍ර මෙ කිං න රොචථාති ආහ.

භගවන්තං අනුසංසාවෙත්‍වා ඔව්හූ භාග්‍යවතුන් වහන්සේගේ පා සිවුරු ගෙන මදක් දුර පසුගමන් ගියාහුය. භාග්‍යවතුන් වහන්සේ විභාරෝපනයේ කෙළවරට ගිය කල්හි, මගේ පාසිවුරු මට දෙව්, තෙපි මෙහිම නවතිවු යයි කියා උන්වහන්සේ වැඩියේය. තතො පටිනිවත්තිත්‍වා ඒ සිටි තැනින් නැවතී, කින්නුමයං ආයස්මතො භාග්‍යවතුන් නිසා පැවිදි ආදියට පැමිණ ද, තමගේ ගුණ කථාවෙන් ලජ්ජා වන්නාහු අධිගමය නිසා උපන් අපිස් බවින් කීවාහුය. ඉමාසංඛ ඉමාසංඛ ප්‍රථමධ්‍යානාදී ලෞකික ලෝකෝත්තර වූ, චෙතසා චෙතො පරිච්ච විදිතො අද මේ ආයුෂ්මත්හු ලෞකික සමාපත්තියෙන් යුක්තව කල් ගෙවූහ. අද ලෝකෝත්තර සමාපත්තියෙකැයි මෙසේ සිතින් සිත පිරිසිඳ ගන්නා ලද, දෙවතාපි මෙ ස්වාමීනි අනුරුද්ධයන් වහන්ස, අද ආර්ය වූ නන්‍දිය ස්ථවිර ආර්ය වූ කිම්බිල ස්ථවිර මේ මේ සමාපත්තීන් ඉක්මවූහයි මෙසේ දැන්වූවාහය යන අර්ථයි. පඤ්හාභිපුට්ඨෙන එය ද මා විසින් තමන් දන්නා ලදැයි හෝ දෙවියන් විසින් දන්වන ලද්දේ යයි හෝ මෙතෙකින්ම මගේ මුඛය සැරසිනැයි කථාව උපදවා මගෙන් නො අසනු ලද්දහු විසින්ම නො කියන ලද, යළි භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්න කොට විචාරණ ලද්දාහු විසින් ප්‍රශ්න අසන ලදුවම ප්‍රකාශ කරන ලදී. එහි මාගේ වචනය නො රුස්නහුදැයි කීය.

දීඝොති “මණි මාණිවරො දීඝො, අථො සෙරීසකො සහා”ති (දී· නි· 3.293) එවං ආගතො අට‍්ඨවීසතියා යක‍්ඛසෙනාපතීනං අබ‍්භන‍්තරො එකො දෙවරාජා. පරජනොති තස‍්සෙව යක‍්ඛස‍්ස නාමං. යෙන භගවා තෙනුපසඞ‍්කමීති සො කිර වෙස‍්සවණෙන පෙසිතො එතං ඨානං ගච‍්ඡන‍්තො භගවන‍්තං සයං පත‍්තචීවරං ගහෙත්‍වා ගිඤ‍්ජකාවසථතො ගොසිඞ‍්ගසාලවනස‍්ස අන‍්තරෙ දිස‍්වා භගවා අත‍්තනා පත‍්තචීවරං ගහෙත්‍වා ගොසිඞ‍්ගසාලවනෙ තිණ‍්ණං කුලපුත‍්තානං සන‍්තිකං ගච‍්ඡති. අජ‍්ජ මහතී ධම‍්මදෙසනා භවිස‍්සති. මයාපි තස‍්සා දෙසනාය භාගිනා භවිතබ‍්බන‍්ති අදිස‍්සමානෙන කායෙන සත්‍ථු පදානුපදිකො ගන‍්ත්‍වා අවිදූරෙ ඨත්‍වා ධම‍්මං සුත්‍වා සත්‍ථරි ගච‍්ඡන‍්තෙපි න ගතො, – “ඉමෙ ථෙරා කිං කරිස‍්සන‍්තී”ති දස‍්සනත්‍ථං පන තත්‍ථෙව ඨිතො. අථ තෙ ද‍්වෙ ථෙරෙ අනුරුද‍්ධත්‍ථෙරං පලිවෙඨෙන‍්තෙ දිස‍්වා, – “ඉමෙ ථෙරා භගවන‍්තං නිස‍්සාය පබ‍්බජ‍්ජාදයො සබ‍්බගුණෙ අධිගන‍්ත්‍වාපි භගවතොව මච‍්ඡරායන‍්ති, න සහන‍්ති, අතිවිය නිලීයන‍්ති පටිච‍්ඡාදෙන‍්ති, න දානි තෙසං පටිච‍්ඡාදෙතුං දස‍්සාමි, පථවිතො යාව බ්‍රහ‍්මලොකා එතෙසං ගුණෙ පකාසෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමි.

දීඝො ‘මණිමාණී චරො දීඝො - අථො සෙරිස්සකො සභා’ යනුවෙන් ආ හෙයින් අට විසි යක් සෙනවියන් ඇතුළත වූ එක් දිව්‍ය රාජයෙක. පරජනො ඒ යක්‍ෂයාගේ නමයි. යෙන භගවා තෙනුපසංකමි හේ වනාහි වෛශ්‍රවණ විසින් මෙහෙයවන ලදුව එක් තැනකට යන්නේ භාග්‍යවතුන් වහන්සේ තම පා සිවුරු ගෙන ගිජ්ඣකාවසථයෙන් නික්ම ගෝසිංගසාල වනයට යන අතරමගදී දැක භාග්‍යවතුන් වහන්සේ තම පාසිවුරු ගෙන ගෝසිංගාල වනයේ තුන් කුලපුතුන් වෙත යති. අද මහත් දම් දෙසුම වන්නේය. මා ද ඒ දේශනාවට කොටස්කාරයකු විය යුතුයයි පෙනෙන ශරීරයෙන් යුතුව, ශාස්තෲන් වහන්සේ ගේ පියවර අනුව පසුපසින් ගොස් නො දුර සිට දහම් අසා ශාස්තෲන් වඩින කල්හිදු නො ගියේය. යළි මේ තෙරහු කුමක් කරන්නේදැයි දක්නා පිණිස එහිම නැවතිණ. එකල්හි ඒ දෙතෙරුන් අනුරුද්ධ ස්ථවිරයන් වෙහෙසන්නවුන් දැක, මේ ස්ථවිරවරු දෙදෙන භාග්‍යවතුන් නිසා ප්‍රව්‍රජ්‍යා ආදී සියල්ල ලැබ ද, භාග්‍යවතුන් වහන්සේටම මසුරු කෙරෙති. නො ඉවසති. සඟවති. වසති. මෙවිට මොවුන්ට වසන්ට නො දෙමි. පොළව පටන් බඹලොව තෙක් මොවුන්ගේ ගුණ ප්‍රකාශ කරන්නෙමි යි සිතා, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි එළඹියේ ය.

ලාභා වත, භන‍්තෙති යෙ, භන‍්තෙ, වජ‍්ජිරට‍්ඨවාසිනො භගවන‍්තඤ‍්ච ඉමෙ ච තයො කුලපුත‍්තෙ පස‍්සිතුං ලභන‍්ති, වන්‍දිතුං ලභන‍්ති, දෙය්‍යධම‍්මං දාතුං ලභන‍්ති, ධම‍්මං සොතුං ලභන‍්ති, තෙසං ලාභා, භන‍්තෙ, වජ‍්ජීනන‍්ති අත්‍ථො. සද‍්දං සුත්‍වාති සො කිර අත‍්තනො යක‍්ඛානුභාවෙන මහන‍්තං සද‍්දං කත්‍වා සකලං වජ‍්ජිරට‍්ඨං අජ‍්ඣොත්‍ථරන‍්තො තං වාචං නිච‍්ඡාරෙසි. තෙන චස‍්ස තෙසු රුක‍්ඛපබ‍්බතාදීසු අධිවත්‍ථා භුම‍්මා දෙවතා සද‍්දං අස‍්සොසුං. තං සන්‍ධාය වුත‍්තං – “සද‍්දං සුත්‍වා”ති. අනුස‍්සාවෙසුන‍්ති මහන‍්තං සද‍්දං සුත්‍වා සාවෙසුං. එස නයො සබ‍්බත්‍ථ. යාව බ්‍රහ‍්මලොකාති යාව අකනිට‍්ඨබ්‍රහ‍්මලොකා.

ලාභා භන්තෙ වහන්ස, යම් වැදෑරට වාසීහූ භාග්‍යවතුන් ද මේ තුන් කුලපුත්‍රයන් ද, දක්නට ලබත් ද, වඳින්නට ලබත් ද, දන් දෙන්නට ලබත් ද, බණ අසන්නට ලබත් ද, ස්වාමීනි, ඒ වජ්ජීන්ට ලාභයකි. සද්දං සුත්‍වා හේ වනාහි තමා ගේ යක්‍ෂානුභාවයෙන් මහත් ශබ්දකොට මුළු වජ්ජි රට වතුරුවමින් ඒ වචන කීය. එහෙයින් ඒ ඒ වෘක්‍ෂ පර්වත ආදීන්හි වෙසෙන බූමාටු දෙවියෝ ඔහුගේ ශබ්දය ඇසූහ. ඒ සඳහා සද්දං සුත්‍වා යන කියන ලදී. අනුස්සාවෙති මහත් වූ ශබ්ද නගා කියන ලදී. සියලු තන්හි මේ ක්‍රමයයි. යාව බ්‍රහ්මලොක බඹලොව දක්වා.

තඤ‍්චෙපි කුලන‍්ති, “අම‍්හාකං කුලතො නික‍්ඛමිත්‍වා ඉමෙ කුලපුත‍්තා පබ‍්බජිතා එවං සීලවන‍්තො ගුණවන‍්තො ආචාරසම‍්පන‍්නා කල්‍යාණධම‍්මා”ති එවං තඤ‍්චෙපි කුලං එතෙ තයො කුලපුත‍්තෙ පසන‍්නචිත‍්තං අනුස‍්සරෙය්‍යාති එවං සබ‍්බත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො. ඉති භගවා යථානුසන්‍ධිනාව දෙසනං නිට‍්ඨපෙසීති.

තඤ්චෙපි කුලං අපගේ කුලයෙන් නික්ම මේ කුලවක්හු පැවිදි වූහ. මෙසේ සීලවන්තයහ. ගුණවන්තයහ. ආචාර සම්පන්නයහ. මනාසේ කල්‍යාණ ධර්ම ඇත්තාහුය. මෙසේ ඒ තුන් කුල පුත්‍රයන් පහන් සිත් ඇතිව සිහි කරන්නේයැ. මෙසේ සියලු තැන්හි අර්ථ දතයුතු. මෙසේ භාග්‍යවතුන් වහන්සේ අනුසන්ධි වූ පරිද්දෙන් දේශනාව නිමවා වදාළ සේක.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය චූළගොසිඞ‍්ගසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

පළමුවන චූළ ගෝසිංග සූත්‍ර වර්ණනාව නිමියේය.