යෙදුමෙන් කියවන්න

චූළගොසිඞ‍්ගසුත‍්තං

1. 4. 1.

1. 4. 1.

චූළගොසිඞ‍්ගසුත‍්තං

චූළගෝසිඞ්ග සූත්‍රය

1. එවං මෙ සුතං: එකං සමයං භගවා නාදිකෙ විහරති ගිඤ‍්ජකාවසථෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මා ච අනුරුද‍්ධො ආයස‍්මා ච නන්‍දියො ආයස‍්මා ච කිම‍්බිලො ගොසිඞ‍්ගසාලවනදායෙ විහරන‍්ති. අථ ඛො භගවා සායන‍්හසමයං පතිසල‍්ලානා වුට‍්ඨිතො යෙන ගොසිඞ‍්ගසාලවනදායො තෙනුපසඞ‍්කමි.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහසන්සේ නාදික ගම්හි ගෙඩිගෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ද ආයුෂ්මත් නන්‍දිය තෙරණුවෝ ද ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ ද ගෝසිඞ්ගසාලවනළැහැබෙහි වාස කරත්. එකල භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි පලසමවතහින් නැගී ගෝසිඞ්ගසාලවනළැහැබ කරා වැඩිසේක.

2. අද‍්දසා ඛො දායපාලො භගවන‍්තං දූරතොව ආගච‍්ඡන‍්තං දිස‍්වාන භගවන‍්තං එතදවොච: “මා සමණ, එතං දායං පාවිසි. සන‍්තෙත්‍ථ තයො කුලපුත‍්තා අත‍්තකාමරූපා විහරන‍්ති. මා තෙසං අඵාසුමකාසී”ති.

2. අරණ්‍ය පාලකයා භාග්‍යවතුන් වහන්සේ වඩනවුන් දුර දී ම දිට. දැක භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය: “මහණ තෙල වනයට නො පිවිසෙනු මැනව. මෙහි කුලපුත්‍රයෝ තිදෙනෙක් ඇත. තමන්ට හිත කැමැති සැහැවි ඇතිව වසත්. ඔවුන්ට නො පහසු නො කරන්නේ මැනව” කියායි.

3. අස‍්සොසි ඛො ආයස‍්මා අනුරුද‍්ධො දායපාලස‍්ස භගවතා සද‍්ධිං මන‍්තයමානස‍්ස. සුත්‍වාන දායපාලං එතදවොච: ‘මා ආවුසො දායපාල, භගවන‍්තං වාරෙසි. සත්‍ථා නො භගවා අනුප‍්පත‍්තො’ති.

3. ආයුෂ්මත් අනුරුද්ධ තෙරුණුවෝ භාග්‍යවතුන් වහන්සේ හා මන්ත්‍රණ කරන අරණ්‍යපාලකයාගේ කථාව ඇසූහ.. අසා අරණ්‍යපාලකයාට තෙල කී හ: “කියග වනපාලය, භාග්‍යවතුන් වහන්සේ නො වළහව. අප ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ පැමිණි සේකැ” යි.

4. අථ ඛො ආයස‍්මා අනුරුද‍්ධො යෙනායස‍්මා ච නන්‍දියො ආයස‍්මා ච කිම‍්බිලො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තඤ‍්ච නන්‍දියං ආයස‍්මන‍්තඤ‍්ච කිම‍්බිලං එතදවොච: ‘අභික‍්කමථායස‍්මන‍්තො, අභික‍්කමථායස‍්මන‍්තො, සත්‍ථා නො භගවා අනුප‍්පත‍්තො’ති.

4. එක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරුණුවෝ ආයුෂ්මත් නන්‍දිය තෙරුන් හා ආයුෂ්මත් කිම්බිල තෙරුන් වෙත ගියහ. ගොස් ආයුෂ්මත් නන්‍දිය තෙරුන්ට හා ආයුෂ්මත් කිම්බිල තෙරුන්ට ද තෙල කී ය: “ආයුෂ්මත්නි, වරෙව. ආයුෂ්මත්නි, වරෙව. අප ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ වැඩි සේක” කියා යි.

5. අථ ඛො ආයස‍්මා ච අනුරුද‍්ධො ආයස‍්මා ච නන්‍දියො ආයස‍්මා ච කිම‍්බිලො භගවන‍්තං පච‍්චුග‍්ගන‍්ත්‍වා, එකො භගවතො පත‍්තචීවරං පටිග‍්ගහෙසි. එකො ආසනං පඤ‍්ඤාපෙසි. එකො පාදොදකං උපට‍්ඨපෙසි. නිසීදි භගවා පඤ‍්ඤත‍්තෙ ආසනෙ. නිසජ‍්ජ ඛො භගවා පාදෙ පක‍්ඛාලෙසි. තෙපි ඛො ආයස‍්මන‍්තො භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු.

5. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරුණුවෝ ද ආයුෂ්මත් නන්‍දිය තෙරණුවෝද ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේ පෙරමගට ගියහ. පෙරගමන් කොට එක් නමෙක් භාග්‍යවතුන් වහන්සේගේ පා සිවුරු ගත්තේ ය. එක් නමෙක් අසුනක් පැණවී ය. එක් නමෙක් පා දෝනා දිය එළවී ය. භාග්‍යවතුන් වහන්සේ පැන වූ අස්නෙහි වැඩ හුන් සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ පා දෙවූහ. ඒ ආයුෂ්මත්හු භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ.

6. එකමන‍්තං නිසින‍්නං ඛො ආයස‍්මන‍්තං අනුරුද‍්ධං භගවා එතදවොච: කච‍්චි වො අනුරුද‍්ධා ඛමනීයං? කච‍්චි යාපනීයං? කච‍්චි පිණ‍්ඩකෙන න කිලමථාති?

6. එකත්පසෙක හුන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: “අනුරුද්ධයෙනි, කිම්, සිහිය හැකි ද? යැපිය හැකි ද? කිම, පිණ්ඩපාතයෙන් ක්ලාන්ත නො වවු ද?

7. “ඛමනීයං භගවා, යාපනීයං භගවා. න ච මයං භන‍්තෙ පිණ‍්ඩකෙ න කිලමාමා”ති.

7. “භාග්‍යවතුන් වහන්ස, සිහිය හැකි ය. භාග්‍යවතුන් වහන්ස, යැපිය හැකි ය. නො කලකුළු වම්හ.”

8. කච‍්චි පන වො අනුරුද‍්ධා සමග‍්ගා සම‍්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ‍්ඤමඤ‍්ඤං පියචක‍්ඛූහි සම‍්පස‍්සන‍්තා විහරථාති?

8. අනුරුද්ධයෙනි, කිම තෙපි සමග ව සතුටු ව විවාද නොකරමින් කිරි හා දිය වැනි ව ඔවුනොවුන් පියඇසින් බලමින් වාස කරවු ද?

9. “තග‍්ඝ මයං භන‍්තෙ සමග‍්ගා සම‍්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ‍්ඤමඤ‍්ඤං පියචක‍්ඛූහි සම‍්පස‍්සන‍්තා විහරාමා”ති.

9. “වහන්ස අපි ඒකාන්තයෙන් සමගිව සතුටුව විවාද නො කරමින් කිරි හා දිය මෙන් එක්ව ඔවුනොවුන් පියඇසින් බලමින් වාස කරම්හ.”

10. යථාකථං පන තුම‍්හෙ අනුරුද‍්ධා සමග‍්ගා සම‍්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ‍්ඤමඤ‍්ඤං පියචක‍්ඛූහි සම‍්පස‍්සන‍්තා විහරථා”ති?

10. අනුරුද්ධයෙනි, තෙපි, කෙසේ නම්, සමගිව සතුටු වෙමින් විවාද නොකරමින් කිරි හා දිය වැනිව ඔවුනොවුන් පියඇසින් බලමින් වාස කරන්නහුද?

11. “ඉධ මය‍්හං භන‍්තෙ එවං හොති: ‘ලාභා වත මෙ සුලද‍්ධං වත මෙ, යොහං එවරූපෙහි සබ්‍රහ‍්මචාරීහි සද‍්ධිං විහරාමී’ති. තස‍්ස මය‍්හං භන‍්තෙ ඉමෙසු ආයස‍්මන‍්තෙසු මෙත‍්තං කායකම‍්මං පච‍්චුපට‍්ඨිතං ආවි චෙව රහො ච. මෙත‍්තං වචීකම‍්මං පච‍්චුපට‍්ඨිතං ආවි චෙව රහො ච. මෙත‍්තං මනොකම‍්මං පච‍්චුපට‍්ඨිතං ආවි චෙව රහො ච. තස‍්ස මය‍්හං භන‍්තෙ එවං හොති: ‘යන‍්නූනාහං සකං චිත‍්තං නික‍්ඛිපිත්‍වා ඉමෙසංයෙව ආයස‍්මන‍්තානං චිත‍්තස‍්ස වසෙන වත‍්තෙය්‍ය’න‍්ති. සො ඛො අහං භන‍්තෙ සකං චිත‍්තං නික‍්ඛිපිත්‍වා ඉමෙසංයෙව ආයස‍්මන‍්තානං චිත‍්තස‍්ස වසෙන වත‍්තාමි. නානා හි ඛො නො භන‍්තෙ කායා. එකඤ‍්ච පන මඤ‍්ඤෙ චිත‍්ත”න‍්ති.

11. “වහන්ස, මෙහි දී මට මෙ වැනි අදහසෙක් වෙයි: යම් බඳු මම මෙ වැනි සබ්‍රම්සරුන් සමඟ වාස කරම් ද, ඒ මට ඒකාන්තයෙන් ලාභ ය. ඒකාන්තයෙන් මට යහපත් ලැබීමෙකි. වහන්ස, ඒ මට මේ ආයුෂ්මතුන් කෙරෙහි හමුවෙහිත් නොහමුවෙහිත් මෛත්‍රී සහගත කායකර්‍මය එළඹ සිටියේය. හමුවෙහිත් නොහමුවෙහිත් මෛත්‍රී සහගත වාක්කර්‍මය එළඹ සිටියේය. හමුවෙහිත් නොහමුවෙහිත් මෛත්‍රී සහගත මනඃකර්‍මය එළඹ සිටියේය. වහන්ස, ඒ මට ‘මම මාගේ සිත තබා මේ ආයුෂ්මතුන්ගේ සිත්විසින් වාස කරන්නෙම් නම් මැනව’යි සිත් ඇති වෙයි. වහන්ස, මම මාගේ සිත තබා මේ ආයුෂ්මතුන්ගේ ම සිත්විසින් වැටෙමි. වහන්ස, අප සිරුර වෙන් වෙයි. සිත එකතු වනැ”යි.

12. ආයස‍්මාපි ඛො නන්‍දියො -පෙ- ආයස‍්මාපි ඛො කිම‍්බිලො භගවන‍්තං එතදවොච: මය‍්හපි ඛො භන‍්තෙ එවං හොති: ‘ලාභා වත මෙ, සුලද‍්ධං වත මෙ, යොහං එවරූපෙහි සබ්‍රහ‍්මචාරීහි සද‍්ධිං විහරාමී’ති. තස‍්ස මය‍්හං භන‍්තෙ ඉමෙසු ආයස‍්මන‍්තෙසු මෙත‍්තං කායකම‍්මං පච‍්චුපට‍්ඨිතං ආවි චෙව රහො ච. මෙත‍්තං වචීකම‍්මං පච‍්චුපට‍්ඨිතං ආවි චෙව රහො ච. මෙත‍්තං මනොකම‍්මං පච‍්චුපට‍්ඨිතං ආවි චෙව රහො ච. තස‍්ස මය‍්හං භන‍්තෙ එවං හොති: ‘යන‍්නූනාහං සකං චිත‍්තං නික‍්ඛිපිත්‍වා ඉමෙසංයෙව ආයස‍්මන‍්තානං චිත‍්තස‍්ස වසෙන වත‍්තෙය්‍යන‍්ති. සො ඛො අහං භන‍්තෙ සකං චිත‍්තං නික‍්ඛිපිත්‍වා ඉමෙසංයෙව ආයස‍්මන‍්තානං චිත‍්තස‍්ස වසෙන වත‍්තාමි. නානා හි ඛො නො භන‍්තෙ කායා. එකඤ‍්ච පන මඤ‍්ඤෙ චිත‍්ත’න‍්ති. එවං ඛො මයං භන‍්තෙ සමග‍්ගා සම‍්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ‍්ඤමඤ‍්ඤං පියචක‍්ඛූහි සම‍්පස‍්සන‍්තා විහරාමා”ති.

12. ආයුෂ්මත් නන්‍දිය තෙරණුවෝ ද … ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ:- “වහන්ස, මට ද මෙ වැනි අදහසෙක් වෙයි: යම් බඳු මම මෙවැනි සබ්‍රම්සරුන් සමග වෙසෙම් ද, ඒ මට ඒකාන්තයෙන් ලාභය. මට යහපත් ලැබුමෙකි. වහන්ස, ඒ මට මේ ආයුෂ්මතුන් විෂයෙහි හමුවෙහිත් නොහමුවෙහිත් මෛත්‍රීසහගත කායකර්‍මය එළඹ සිටියේ ය. හමුවෙහිත් නොහමුවෙහිත් මෛත්‍රීසහගත වාක්කර්‍මය එළඹ සිටියේ ය. හමුවෙහිත් නොහමුවෙහිත් මෛත්‍රීසහගත මනඃකර්‍මය එළඹ සිටියේ ය. වහන්ස මට ‘මම මාගේ සිත තබා මේ ආයුෂ්මතුන්ගේ සිත්විසින් වාස කරන්නෙම් නම් මැනැවැ’ යි මෙසේ අදහස ඇති වේ. වහන්ස, මම මාගේ සිත බහා මේ ආයුෂ්මතුන්ගේ සිත්විසින් වැටෙමි. ශරීර වෙන් වෙයි. සිත එකකුම වනැ’යි. මෙසේ අපි සමග ව සතුටු වෙමින් විවාද නො කරමින් කිරි හා දිය වැනියමෝ ඔවුනොවුන් පිය ඇසින් බලමින් වාස කරම්හ.

13. සාධු, සාධු, අනුරුද‍්ධා. කච‍්චි පන වො අනුරුද‍්ධා, අප‍්පමත‍්තා ආතාපිනො පහිතත‍්තා විහරථාති?

13. අනුරුද්ධයෙනි, සාධු සාධු, අනුරුද්ධයෙනි, කිම් තෙපි අප්‍රමත්තව කෙලෙස් තවන වැර ඇතිව නිවන් පිණිස මෙහෙයු සිත් ඇතිව වාස කරන්නහු ද?

14. “තග‍්ඝ මයං භන‍්තෙ අප‍්පමත‍්තා ආතාපිනො පහිතත‍්තා විහරාමා”ති.

14. “වහන්ස, අපි ඒකාන්තයෙන් අප්‍රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව නිවන් පිණිස මෙහෙයු සිත් ඇති ව වාස කරම්හ.”

15. යථාකථම‍්පන තුම‍්හෙ අනුරුද‍්ධා අප‍්පමත‍්තා ආතාපිනො පහිතත‍්තා විහරථාති?

15. අනුරුද්ධයෙනි, තෙපි කෙසේ වනාහි අප්‍රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව නිවන් පිණිස මෙහෙයු සිත් ඇති ව වසන්නහුද?

16. “ඉධ පන භන‍්තෙ අම‍්හාකං යො පඨමං ගාමතො පිණ‍්ඩාය පටික‍්කමති, සො ආසනානි පඤ‍්ඤාපෙති. පානීයං පරිභොජනීයං උපට‍්ඨපෙති. අවක‍්කාරපාතිං උපට‍්ඨපෙති. යො පච‍්ඡා ගාමතො පිණ‍්ඩාය පටික‍්කමති, සචෙ හොති භුත‍්තාවසෙසො, සචෙ ආකඞ‍්ඛති භුඤ‍්ජති. නො චෙ ආකඞ‍්ඛති අප‍්පහරිතෙ වා ඡඩ‍්ඩෙති. අප‍්පාණකෙ වා උදකෙ ඔපිලාපෙති. සො ආසනානි පටිසාමෙති. පානීයං පරිභොජනීයං පටිසාමෙති. අවක‍්කාරපාතිං පටිසාමෙති. භත‍්තග‍්ගං සම‍්මජ‍්ජති. යො පස‍්සති පානීයඝටං වා පරිභොජනීයඝටං වා වච‍්චඝටං වා රිත‍්තං තුච‍්ඡං, සො උපට‍්ඨපෙති. සචස‍්ස හොති අවිසය‍්හං, හත්‍ථවිකාරෙන දුතියං ආමන‍්තෙත්‍වා හත්‍ථවිලඞ‍්ඝකෙන උපට‍්ඨපෙම. නත්‍වෙව මයං භන‍්තෙ තප‍්පච‍්චයා වාචං භින්‍දාම. පඤ‍්චාහිකං ඛො පන මයං භන‍්තෙ සබ‍්බරත‍්තිකං ධම‍්මියා කථාය සන‍්නිසීදාම. එවං ඛො මයං භන‍්තෙ අප‍්පමත‍්තා ආතාපිනො පහිතත‍්තා විහරාමා”ති.

16. වහන්ස, මෙහි අප අතුරෙන් යමෙක් පළමු කොට ගමෙන් පිණ්ඩපාතයෙන් පෙරළා ඒ ද, හේ අසුන් පණවයි. පිය යුතු පැන් හා පරිභෝග කට යුතු දිය ද එළවා තබයි. ඉතිරි පිඬු බහන සුමුගු එළවා තබයි. යමෙක් පසු ව ගමෙහි පිඬු පිණිස සැරැ වටාලා ඒ ද. ඉදින් කෑ ඉතිරි වූවක් ඇත් නම්, ඉදින් කැමැති වේ නම්, වළඳයි. නො කැමැති වේ නම්, නොනිලන තැනෙක හෝ දමයි. (එයින් මියන) සතුන් නැති දියෙහි හෝ උල්පවා හරියි. හෙ අසුන් සඟවා තබයි. පැන් හා පිරිබෝදිය සඟවා තබයි. අවකරබඳුන සඟවා තබයි. භක්තග්‍රය හමදියි. යමෙක් සිස් වූ දිය රහිත වු පැන් කළය හෝ, පරිභෝග දියකළය හෝ, වැසිකිළිකළය හෝ දකී ද හෙ එළවා තබයි. ඉදින් ඔහුට නො එසැවිය හැකි නම් හස්තසංඥායෙන් දෙවැන්නකු කැඳවා හිවු (බැඳි) අතින් එළවම්හ. වහන්ස, අපි ඒ හේතු කොට වාග්භේද නො කරම්හ. වහන්ස. අපි පස්දිනකට වරක් මුළුරැය දැහැමිකථායෙන් එක්ව හිඳුම්හ. වහන්ස, මෙසේ වනාහි අපි අප්‍රමාද ව කෙලෙස් තවන වැර ඇතිව නිවන් පිණිස මෙහෙයු ඇති ව වාස කරම්හ”

17. සාධු, සාධු, අනුරුද‍්ධා. අත්‍ථි පන වො අනුරුද‍්ධා, එවං අප‍්පමත‍්තානං ආතාපීනං පහිතත‍්තානං විහරතං උත‍්තරිමනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරොති?

17. අනුරුද්ධයෙනි, මැනව, මැනව. අනුරුද්ධයෙනි, මෙසේ අප්‍රමාද ව කෙලෙස් තවන වැර ඇති ව නිවන් පිණිස මෙහෙයු සිත් ඇති ව වාස කරණ තොප විසින් මිනිස්දහමින් ඉතිරි ආර්‍ය්‍යභාවය සිදු කිරීමට සමර්‍ත්‍ථ ආර්‍ය්‍යඥාන විශේෂයක් වන ඵාසුවිහරණයෙන් අධිගත (ලබනලද) වේ ද?

18. “කිං හි නො සියා භන‍්තෙ. ඉධ මයං භන‍්තෙ යාවදෙව ආකඞ‍්ඛාම, විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරාම. අයං ඛො නො භන‍්තෙ අම‍්හාකං අප‍්පමත‍්තානං ආතාපීනං පහිතත‍්තානං විහරතං උත‍්තරිමනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරො”ති.

18. “වහන්ස, කිම අධිගත නොවන්නේ ද? (අධිගත වන්නේම ය.) වහන්ස, අපි යම් තාක් ම කැමැති වමෝ නම් ඒ තාක් කාමයන්ගෙන් වෙන් ව අකුශලයන්ගෙන් වෙන් ව විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ද ඇති ප්‍රථමධ්‍යානය උපදවා වාසය කරම්හ. වහන්ස, අප්‍රමාද ව කෙලෙස් තවන වැර අති ව නිවන් පිණිස මෙහෙයු සිත් ඇතිව වසන අප විසින් මිනිස්දහමින් වැඩි ආර්‍ය්‍යභාවය සිදු කිරීමට සමර්‍ත්‍ථ විශිෂ්ටඥානදර්‍ශනයක් වූ මේ ඵාසුවිහරණය ලබන ලද්දේ ය.”

19. සාධු, සාධු, අනුරුද‍්ධා. එතස‍්ස පන වො අනුරුද‍්ධා විහාරස‍්ස සමතික‍්කමාය එතස‍්ස විහාරස‍්ස පටිප‍්පස‍්සද‍්ධියා අත්‍ථඤ‍්ඤො උත‍්තරිමනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරොති?

19. අනුරුද්ධයෙනි, මැනව මැනව. අනුරුද්ධයෙනි, මේ විහරණය ඉක්ම යාම පිණිස, මේ විහරණය සන්හිඳීම පිණිස, මනුෂ්‍යධර්‍මයෙන් වැඩි ආර්‍ය්‍යභාවය සිදු කිරීමට සමර්‍ත්‍ථ විශිෂ්ටඥානදර්‍ශනයක් වූ අන්‍ය ඵාසුවිහරණයෙක් තොප විසින් ලබන ලද්දේ ඇත් ද?

20. “කිං හි නො සියා භන‍්තෙ, ඉධ මයං භන‍්තෙ යාවදෙව ආකඞ‍්ඛාම, විතක‍්කවිචාරානං වූපසමා අජ‍්ඣත‍්තං සම‍්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක‍්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරාම. එතස‍්ස භන‍්තෙ විහාරස‍්ස සමතික‍්කමාය එතස‍්ස විහාරස‍්ස පටිප‍්පස‍්සද‍්ධියා අයමඤ‍්ඤො උත‍්තරිමනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරො”ති.

20. “වහන්ස, කිම නොවන්නේ ද? වහන්ස, අපි යම් තාක් කැමැති වමෝ ද, ඒ තාක් විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් සිය සතන්හි පැහැදීම ඇති සිතේ එකඟබව වඩන විතර්‍කරහිත විචාරරහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීයධ්‍යානය උපදවා වාස කරම්හ. වහන්ස, මේ විහරණය ඉක්මයාම පිණිස මේ විහරණය සන්හිඳීම පිණිස මිනිස්දහමින් වැඩි වූ ආර්‍ය්‍යභාවය සිදුකිරීමට සමර්‍ත්‍ථ විශිෂ්ටඥානයක් වූ මේ අන්‍ය වූ ඵාසුවිහරණය ලබන ලද්දේ ය.”

21. සාධු, සාධු, අනුරුද‍්ධා. එතස‍්ස පන වො අනුරුද‍්ධා විහාරස‍්ස සමතික‍්කමාය එතස‍්ස විහාරස‍්ස පටිප‍්පස‍්සද‍්ධියා අත්‍ථඤ‍්ඤො උත‍්තරිමනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරොති?

21. අනුරුද්ධයෙනි, මැනැව, මැනැව. අනුරුද්ධයෙනි, තෙල විහරණය ඉක්ම යාම පිණිස තෙල විහරණය සන්සිඳීම පිණිස මනුෂ්‍ය ධර්‍මයෙන් වැඩි ආර්‍ය්‍යභාවය සිදු කිරීමට සමර්‍ත්‍ථ විශිෂ්ටඥානදර්‍ශනයක් වූ සැපවිහරණයෙක් තොප විසින් ලබන ලද්දේ ඇත් ද?

22. “කිං හි නො සියා භන‍්තෙ, ඉධ මයං භන‍්තෙ යාවදෙව ආකඞ‍්ඛාම පීතියා ච විරාගා උපෙක‍්ඛකා ච විහරාම සතා ච සම‍්පජානා. සුඛඤ‍්ච කායෙන පටිසංවෙදෙම. යං තං අරියා ආචික‍්ඛන‍්ති: ‘උපෙක‍්ඛකො සතිමා සුඛවිහාරී’ති තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරාම. එතස‍්ස භන‍්තෙ විහාරස‍්ස සමතික‍්කමාය එතස‍්ස විහාරස‍්ස පටිප‍්පස‍්සද‍්ධියා අයමඤ‍්ඤො උත‍්තරිමනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරො”ති.

22. “කිම වහන්ස, නො වන්නේ ද? වහන්ස, අපි යම් තාක් ම කැමැත්තමෝ ද ඒ තාක් ප්‍රීතිය නැති වීමෙන් උපේක්‍ෂා ඇති ව සිහි ඇතිව සම්‍යක්ප්‍රඥා ඇති ව වාස කරම්හ. කයින් සැප ද විඳුම්හ යම් ධ්‍යානයක් උදෙසා ඒ ධ්‍යානලාභී පුද්ගලයා ‘උපේක්‍ෂා ඇත්තේ සිහි ඇත්තේ සැප විහරණ ඇත්තේ ය’යි ආර්‍ය්‍යයෝ කියද් ද, ඒ තෘතීයධ්‍යානය උපදවා වාස කරම්හ. වහන්ස. මේ විහරණය ඉක්මයාම පිණිස මේ විහරණය සන්හිඳීම පිණිස මනුෂ්‍යධර්‍මයෙන් වැඩි ආර්‍ය්‍යභාවය සිදු කිරීමට සමර්‍ත්‍ථ විශිෂ්ටඥානදර්‍ශනයක් වූ මේ අන්‍යඵාසුවිහරණය ලබන ලද්දේ ය.”

23. සාධු, සාධු, අනුරුද‍්ධා. එතස‍්ස පන වො අනුරුද‍්ධා විහාරස‍්ස සමතික‍්කමාය එතස‍්ස විහාරස‍්ස පටිප‍්පස‍්සද‍්ධියා අත්‍ථඤ‍්ඤො උත‍්තරිමනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරොති?

23. අනුරුද්ධයෙනි, මැනව, මැනව. අනුරුද්ධයෙනි, තෙල විහරණය ඉක්ම යාම පිණිස, තෙල විහරණය සන්හිඳීම පිණිස මනුෂ්‍යධර්‍මයෙන් වැඩි ආර්‍ය්‍යභාවය සිදු කිරීමට සමර්‍ත්‍ථ විශිෂ්ටඥානදර්‍ශනයක් වූ අන්‍යඵාසුවිහරණයෙක් තොප විසින් ලබන ලද්දේ ඇත් ද?

24. “කිං හි නො සියා භන‍්තෙ, ඉධ මයං භන‍්තෙ යාවදෙව ආකඞ‍්ඛාම සුඛස‍්ස ච පහානා දුක‍්ඛස‍්ස ච පහානා පුබ‍්බෙව සොමනස‍්සදොමනස‍්සානං අත්‍ථගමා, අදුක‍්ඛං අසුඛං උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධිං චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරාම. එතස‍්ස භන‍්තෙ විහාරස‍්ස සමතික‍්කමාය එතස‍්ස විහාරස‍්ස පටිප‍්පස‍්සද‍්ධියා අයමඤ‍්ඤො උත‍්තරි මනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරො”ති.

24 “වහන්ස, කිම නො වන්නේ ද? වහන්ස, අපි යම් තාක් ම කැමැත්තමෝ ද ඒ තාක් සුඛප්‍රහාණයෙන් ද, දුඃඛප්‍රහාණයෙන් ද පළමු ව සොම්නස්දොම්නස් නැසීමෙන් නිදුක් වූ නොසැප වූ උපේක්‍ෂා විසින් ජනිත ස්මෘතිපාරිශුද්ධිය ඇති චතුර්‍ත්‍ථධ්‍යානය උපදවා වාසය කරම්හ. වහන්ස, මේ විහරණය ඉක්ම යාම පිණිස මේ විහරණය සන්හිඳීම පිණිස මිනිස්දහමින් වැඩි ආර්‍ය්‍යභාවය සිදු කිරීමට සමර්‍ත්‍ථ විශිෂ්ටඥානදර්‍ශනයක් වූ මේ අන්‍යඵාසුවිහරණය ලබන ලද්දේ ය.”

25. සාධු, සාධු, අනුරුද‍්ධා. එතස‍්ස පන වො අනුරුද‍්ධා විහාරස‍්ස සමතික‍්කමාය එතස‍්ස විහාරස‍්ස පටිප‍්පස‍්සද‍්ධියා අත්‍ථඤ‍්ඤො උත‍්තරිමනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරොති?

25. අනුරුද්ධයෙනි, මැනව, මැනව. අනුරුද්ධයෙනි, තෙල විහරණය ඉක්මයාම පිණිස තෙල විහරණය සන්හිඳී ම පිණිස මනුෂ්‍ය ධර්‍මයෙන් වැඩි ආර්‍ය්‍යභාවය සිදු කිරීමට සමර්‍ත්‍ථ විශිෂ්ටඥාන දර්‍ශනයක් වූ අන්‍යඵාසුවිහරණයෙක් තොප විසින් ලබන ලද්දේ ඇත් ද?

26. “කිං හි නො සියා භන‍්තෙ. ඉධ මයං භන‍්තෙ යාවදෙව ආකඞ‍්ඛාම සබ‍්බසො රූපසඤ‍්ඤානං සමතික‍්කමා පටිඝසඤ‍්ඤානං අත්‍ථගමා නානත‍්තසඤ‍්ඤානං අමනසිකාරා අනන‍්තො ආකාසොති ආකාසානඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරාම. එතස‍්ස භන‍්තෙ විහාරස‍්ස සමතික‍්කමාය එතස‍්ස විහාරස‍්ස පටිප‍්පස‍්සද‍්ධියා අයමඤ‍්ඤො උත‍්තරිමනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරො”ති.

26. “වහන්ස, කිම නො වන්නේ ද? වහන්ස, අපි යම් තාක් ම කැමැති වමෝ ද, ඒ තාක් සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් ඉක්මීමෙන් ප්‍රතිඝසංඥාවන් පහවීමෙන් නානාත්‍වසංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ආකාශය අනන්ත යයි ආකාසානඤ්චායතනයට පැමිණ වාස කරම්හ. වහන්ස, තෙල විහරණය ඉක්මීම පිණිස තෙල විහරණය සන්හිඳීම පිණිස මනුෂ්‍යධර්‍මයෙන් වැඩි ආර්‍ය්‍යභාවය සිදු කිරීමට සමර්‍ත්‍ථ විශිෂ්ටඥානදර්‍ශනයක් වූ මේ අන්‍යඵාසුවිහරණය ලබන ලද්දේ ය.”

27. සාධු, සාධු, අනුරුද‍්ධා. එතස‍්ස පන වො අනුරුද‍්ධා විහාරස‍්ස සමතික‍්කමාය එතස‍්ස විහාරස‍්ස පටිප‍්පස‍්සද‍්ධියා අත්‍ථඤ‍්ඤො උත‍්තරිමනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරොති?

27. අනුරුද්ධයෙනි, මැනව, මැනව. අනුරුද්ධයෙනි, තෙල විහරණය ඉක්මීම පිණිස තෙල විහරණය සන්හිඳීම පිණිස මනුෂ්‍යධර්‍මයෙන් වැඩි ආර්‍ය්‍යභාවය සිදු කිරීමට සමර්‍ත්‍ථ විශිෂ්ටඥානදර්‍ශනයක් වූ අන්‍යඵාසුවිහරණයෙක් තොප විසින් ලබන ලද්දේ ඇත් ද?

28. “කිං හි නො සියා භන‍්තෙ, ඉධ මයං භන‍්තෙ යාවදෙව ආකඞ‍්ඛාම, සබ‍්බසො ආකාසානඤ‍්චායතනං සමතික‍්කම‍්ම අනන‍්තං විඤ‍්ඤාණන‍්ති විඤ‍්ඤාණඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරාම -පෙ- සබ‍්බසො විඤ‍්ඤාණඤ‍්චායතනං සමතික‍්කම‍්ම නත්‍ථි කිඤ‍්චීති ආකිඤ‍්චඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරාම -පෙ- සබ‍්බසො ආකිඤ‍්චඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරාම. එතස‍්ස භන‍්තෙ විහාරස‍්ස සමතික‍්කමාය එතස‍්ස විහාරස‍්ස පටිප‍්පස‍්සද‍්ධියා අයමඤ‍්ඤො උත‍්තරිමනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරො”ති.

28. “වහන්ස, කිම නො වන්නේ ද? වහන්ස, අපි මෙහි යම් තාක් ම කැමැත්තමෝ ද, ඒ තාක් සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඤ්ඤාණය අනන්ත ය’යි විඤ්ඤාණඤ්චායතනය උපදවා වාස කරම්හ … සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ‘කිසිවක් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනය උපදවා වාස කරම්හ. …සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනය උපදවා වාස කරම්හ. වහන්ස, තෙල විහරණය ඉක්මීම පිණිස තෙල විහරණය සන්හිඳීම පිණිස මනුෂ්‍යධර්‍මයෙන් වැඩි ආර්‍ය්‍යභාවය සිදු කිරීමට සමර්‍ත්‍ථ විශිෂ්ටඥානදර්‍ශනයක් වූ මේ අන්‍යඵාසුවිහරණය ලබන ලද්දේ ය.”

29. සාධු, සාධු, අනුරුද‍්ධා. එතස‍්ස පන වො අනුරුද‍්ධා විහාරස‍්ස සමතික‍්කමාය එතස‍්ස විහාරස‍්ස පටිප‍්පස‍්සද‍්ධියා අත්‍ථඤ‍්ඤො උත‍්තරිමනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරොති?

29. අනුරුද්ධයෙනි, මැනව, මැනව. අනුරුද්ධයෙනි, තෙල විහරණය ඉක්මවීම පිණිස තෙලවිහරණය සන්හිඳුවීම පිණිස මනුෂ්‍යධර්‍මයෙන් වැඩි ආර්‍ය්‍යභාවය සිදු කිරීමට සමර්‍ත්‍ථ විශිෂ්ටඥානදර්‍ශනයක් වූ අන්‍ය ඵාසුවිහරණයෙක් තොප විසින් ලබන ලද්දේ ඇත් ද?

30. “කිං හි නො සියා භන‍්තෙ, ඉධ මයං භන‍්තෙ යාවදෙව ආකඞ‍්ඛාම, සබ‍්බසො නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම සඤ‍්ඤාවෙදයිතනිරොධං උපසම‍්පජ‍්ජ විහරාම. පඤ‍්ඤාය ච නො දිස‍්වා ආසවා පරික‍්ඛීණා. එතස‍්ස භන‍්තෙ විහාරස‍්ස සමතික‍්කමාය එතස‍්ස විහාරස‍්ස පටිප‍්පස‍්සද‍්ධියා අයමඤ‍්ඤො උත‍්තරිමනුස‍්සධම‍්මා අලමරියඤාණදස‍්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරො. ඉමස‍්මා ච මයං භන‍්තෙ ඵාසුවිහාරා අඤ‍්ඤං ඵාසුවිහාරං උත‍්තරිතරං වා පණීතතරං වා න සමනුපස‍්සාමා”ති.

30. “වහන්ස, කිම නො වන්නේ ද? වහන්ස, යම් තාක් ම අපි, කැමැත්තමෝ ද, ඒ තාක් සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වාසය කරම්හ. අප විසින් ප්‍රඥායෙන් දැක ආස්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. වහන්ස, තෙල විහරණය ඉක්මීම පිණිස තෙල විහරණය සන්හිඳීම පිණිස මනුෂ්‍යධර්‍මයෙන් වැඩි ආර්‍ය්‍යභාවය සිදු කිරීමට සමර්‍ත්‍ථ විශිෂ්ටඥානදර්‍ශනයක් වූ මේ අන්‍ය ඵාසුවිහරණය ලබන ලද්දේ ය. වහන්ස, අපි මේ සැපවිහරණයෙන් වඩා සිටි උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අන්‍ය සැපවිහරණයක් නො දකුම්හ.”

31. සාධු, සාධු, අනුරුද‍්ධා, එතස‍්මා අනුරුද‍්ධා ඵාසුවිහාරා අඤ‍්ඤො ඵාසුවිහාරා උත‍්තරිතරො වා පණීතතරො වා ඵාසුවිහාරො නත්‍ථීති.

31. අනුරුද්ධයෙනි, මැනව, මැනව. අනුරුද්ධයෙනි, මේ සැප විහරණයෙන් වඩා සිටි උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අන්‍ය සැප විහරණයෙක් නැත.

32. අථ ඛො භගවා ආයස‍්මන‍්තඤ‍්ච අනුරුද‍්ධං ආයස‍්මන‍්තඤ‍්ච නන්‍දියං ආයස‍්මන‍්තඤ‍්ච කිම‍්බිලං ධම‍්මියා කථාය සන්‍දස‍්සෙත්‍වා සමාදපෙත්‍වා සමුත‍්තෙජෙත්‍වා සම‍්පහංසෙත්‍වා උට‍්ඨායාසනා පක‍්කාමි.

32. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් හා ආයුෂ්මත් නන්‍දිය තෙරුන් හා ආයුෂ්මත් කිම්බිල තෙරුන් දැහැමි කථායෙන් කරුණු දක්වා සමාදන් කරවා තියුණු කරවා පහදවා හුනස්නෙන් නැගී වැඩි සේක.

33. අථ ඛො ආයස‍්මා ච අනුරුද‍්ධො ආයස‍්මා ච නන්‍දියො ආයස‍්මා ච කිම‍්බිලො භගවන‍්තං අනුසංසාවෙත්‍වා තතො පටිනිවත‍්තිත්‍වා ආයස‍්මා ච නන්‍දියො ආයස‍්මා ච කිම‍්බිලො ආයස‍්මන‍්තං අනුරුද‍්ධං එතදවොචුං:

33. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ද හා ආයුෂ්මත් නන්‍දිය තෙරණුවෝ ද ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේට පසු ගමන් කොට එයින් වටාලා අවුත් ආයුෂ්මත් නන්‍දිය තෙරණුවෝ ද ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ ද ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ට තෙල කීහ:

“කින‍්නු මයං ආයස‍්මතො අනුරුද‍්ධස‍්ස එවමාරොචිම‍්හ: ‘ඉමාසඤ‍්ච ඉමාසඤ‍්ච විහාරසමාපත‍්තීනං මයං ලාභිනො’ති යං නො ආයස‍්මා අනුරුද‍්ධො භගවතො සම‍්මුඛා යාව ආසවානං ඛයා පකාසෙසී”ති?

“යම් හෙයකින් ආයුෂ්මත් අනුරුද්ධ තෙමේ භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි අපගේ ආස්‍රවක්‍ෂය කිරීම තෙක් ගුණ පැවසී ද, (එසේ පැවසීමට) කිම, ‘අපි මේ මේ (ලෞකික ලෝකෝත්තර) විහාරසමාපත්ති ලැබුවමෝ වෙමු’යි අපි අනුරුද්ධ ආයුෂ්මතුන්ට මෙසේ සැළ කළමෝ දැයි?” [අධිගම අප්පිච්ඡතායෙන් මෙසේ කීහු.]

34. න ඛො මෙ ආයස‍්මන‍්තො එවමාරොචෙසුං: ඉමාසඤ‍්ච ඉමාසඤ‍්ච විහාරසමාපත‍්තීනං මයං ලාභිනොති; අපි ච මෙ ආයස‍්මන‍්තානං චෙතසා චෙතො පරිච‍්ච විදිතො: ඉමාසඤ‍්ච ඉමාසඤ‍්ච විහාරසමාපත‍්තීනං ඉමෙ ආයස‍්මන‍්තො ලාභිනොති. දෙවතාපි මෙ එතමත්‍ථං ආරොචෙසුං: ඉමාසඤ‍්ච ඉමාසඤ‍්ච විහාරසමාපත‍්තීනං ආයස‍්මන‍්තො ලාභිනොති. තං මෙ භගවතා පඤ‍්හාභි පුට‍්ඨෙන බ්‍යාකතන‍්ති.

34. ආයුෂ්මත්හු ‘අපි මේ මේ විහාරසමාපත්තීන් ලැබුවෙමු’යි මට මෙසේ නො කීහ. එහෙත් මේ ආයුෂ්මත්හු ‘මේ මේ විහාරසමාපත්තීන් ලැබුවාහු ය’යි මාගේ සිතින් ආයුෂ්මතුන්ගේ සිත් පිරිසිඳ දක්නා ලදී. ආයුෂ්මත්හු ‘මේ මේ විහාරසමාපත්තීන් ලැබුවාහු ය’යි දෙවියෝ ද මට මේ කරුණ සැළ කළහ. භාග්‍යවතුන් වහන්සේ විසින් විචාරණ ලද මා විසින් මේ කාරණය ප්‍රකාශ කරණ ලදී.

35. අථ ඛො දීඝො පරජනො යක‍්ඛො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතො ඛො දීඝො පරජනො යක‍්ඛො භගවන‍්තං එතදවොච: “ලාභා භන‍්තෙ වජ‍්ජීනං, සුලද‍්ධලාභා වජ‍්ජිපජාය, යත්‍ථ තථාගතො විහරති අරහං සම‍්මාසම‍්බුද‍්ධො, ඉමෙ ච තයො කුලපුත‍්තා, ආයස‍්මා ච අනුරුද‍්ධො ආයස‍්මා ච නන්‍දියො ආයස‍්මා ච කිම‍්බිලො”ති.

35. ඉක්බිති දීඝ පරජන නම් (යක් සෙනෙවි) දෙව් රජ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි දීඝ පරජන දෙව්රජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කලේ ය: වහන්ස, යම් වජ්ජිජනපදයක තථාගත අර්‍හත් සම්මාසම්බුදුරජානන් වහන්සේ වැඩ වසනසේක් ද, ආයුෂ්මත් අනුරුද්ධ ආයුෂ්මත් නන්‍දිය ආයුෂ්මත් කිම්බිල යන මේ කුලපුත්‍රයෝ තිදෙනෙක් වෙසෙත් ද, එය ඒ වජ්ජින්ට ලාභ ය. වජ්ජිප්‍රජාව විසින් යහපත් සේ ලද ලාභ ය.

36. දීඝස‍්ස පරජනස‍්ස යක‍්ඛස‍්ස සද‍්දං සුත්‍වා භුම‍්මා දෙවා සද‍්දමනුස‍්සාවෙසුං: “ලාභා වත භො වජ‍්ජීනං, සුලද‍්ධලාභා වජ‍්ජිපජාය, යත්‍ථ තථාගතො විහරති අරහං සම‍්මාසම‍්බුද‍්ධො, ඉමෙ ච තයො කුලපුත‍්තා ආයස‍්මා ච අනුරුද‍්ධො ආයස‍්මා ච නන්‍දියො ආයස‍්මා ච කිම‍්බිලො”ති. භුම‍්මානං දෙවානං සද‍්දං සුත්‍වා චාතුමහාරාජිකා දෙවා -පෙ- තාවතිංසා දෙවා -පෙ- යාමා දෙවා -පෙ- තුසිතා දෙවා -පෙ- නිම‍්මානරතී දෙවා -පෙ- පරනිම‍්මිතවසවත‍්තිනො දෙවා -පෙ- බ්‍රහ‍්මකායිකා දෙවා සද‍්දමනුස‍්සාවෙසුං: ලාභා වත භො වජ‍්ජීනං, සුලද‍්ධලාභා වජ‍්ජිපජාය, යත්‍ථ තථාගතො විහරති අරහං සම‍්මාසම‍්බුද‍්ධො, ඉමෙ ච තයො කුලපුත‍්තා, ආයස‍්මා ච අනුරුද‍්ධො ආයස‍්මා ච නන්‍දියො ආයස‍්මා ච කිම‍්බිලොති. ඉතිහ තෙ ආයස‍්මන‍්තො තෙන ඛණෙන තෙන මුහුත‍්තෙන යාවබ්‍රහ‍්මලොකා විදිතා අහෙසුං.

36. දීඝ පරජන දෙව්රජුගේ ශබ්දය අසා බූමාටු දෙවියෝ “පින්වත්නි, යම් වජ්ජිජනපදයෙක තථාගත අර්‍හත් සම්මාසම්බුදු රජානන් වහන්සේ වැඩ වසන සේක් ද, ආයුෂ්මත් අනුරුද්ධ ආයුෂ්මත් නන්‍දිය ආයුෂ්මත් කිම්බිල යන කුලපුත්‍රයෝ තිදෙනත් වෙසෙද් ද, පින්වත්නි, ඒකාන්තයෙන් ඒ වජ්ජින්ට ලාභ ය. වජ්ජිප්‍රජාව විසින් යහපත් සේ ලද ලාභ ය” යි ශබ්ද ඇස්වූහ. බූමාටු දෙවියන්ගේ ශබ්දය අසා චාතුර්මහාරාජික දෙවියෝ … තව්තිසා දෙවියෝ … යාම දෙවියෝ … තුසිත දෙවියෝ … නිර්‍මාණරති දෙවියෝ … පරනිර්මිත-වශවර්ති දෙවියෝ … බ්‍රහ්මකායික දෙවියෝ “පින්වත්නි, යම් වැදැරටෙක තථාගත අර්‍හත් සම්මාසම්බුදුරජානන් වහන්සේ වැඩ වසන සේක් ද, ආයුෂ්මත් අනුරුද්ධ ආයුෂ්මත් නන්‍දිය ආයුෂ්මත් කිම්බිල, යන මේ කුලපුත්‍රයෝ තිදෙනෙක් වෙසෙත් ද, එය ඒකාන්තයෙන් වජ්ජින්ට ලාභ ය. වජ්ජිප්‍රජාව විසින් යහපත් සේ ලද ලාභ ය” යි ශබ්ද ඇස්වූහ. මෙසේ ඒ ආයුෂ්මත්හු එකෙණෙහි ඒ මොහොතෙහි බඹලොව තෙක් ප්‍රසිද්ධ වූහ.

37. එවමෙතං දීඝ, එවමෙතං දීඝ යස‍්මාපි දීඝ, කුලා එතෙ තයො කුලපුත‍්තා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතා, තඤ‍්චෙපි කුලං එතෙ තයො කුලපුත‍්තෙ පසන‍්නචිත‍්තං අනුස‍්සරෙය්‍ය, තස‍්සපස‍්ස කුලස‍්ස දීඝරත‍්තං හිතාය සුඛාය.

37. දීඝය, ඒ එසේ ය. දීඝය, ඒ එසේ ය. දීඝය, යම් කුලයෙකින් මේ කුලපුත්‍රයෝ තිදෙන ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියාහු ද, ඉදින් ඒ කුලයත් මේ කුලපුතුන් පහන්සිතැති ව සිහි කරන්නේ නම්, ඒ කුලයට ද දීඝකාලයෙහි හිතසැප පිණිස වන්නේ ය.

38. දීඝ, යස‍්මාපි කුලපරිවට‍්ටා එතෙ තයො කුලපුත‍්තා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතා, සො චෙපි කුලපරිවට‍්ටො එතෙ තයො කුලපුත‍්තෙ පසන‍්නචිත‍්තො අනුස‍්සරෙය්‍ය, තස‍්සපස‍්ස කුලපරිවට‍්ටස‍්ස දීඝරත‍්තං හිතාය සුඛාය.

38. දීඝය, යම් කුලපරපුරෙකින් මේ කුලපුත්‍රයෝ තිදෙන ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියාහු ද, ඒ කුලපරපුරත් මේ කුලපුත්‍රයන් තිදෙන පහන් සිතැති ව සිහි කරන්නේ නම් ඒ කුලපරපුරට ද බොහෝ කලක් හිත සැප පිණිස වන්නේ ය.

39. යස‍්මාපි දීඝ, ගාමා එතෙ තයො කුලපුත‍්තා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතා, සො චෙපි ගාමො එතෙ තයො කුලපුත‍්තෙ පසන‍්නචිත‍්තො අනුස‍්සරෙය්‍ය, තස‍්සපස‍්ස ගාමස‍්ස දීඝරත‍්තං හිතාය සුඛාය.

39. දීඝය, යම් ගමෙකින් මේ කුලපුත්‍රයෝ තිදෙන ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියාහු ද, ඒ ගමත් මේ කුලපුත්‍රයන් තිදෙන පහන් සිතැති ව සිහි කරන්නේ නම් ඒ ගමට ද බොහෝ කලක් හිතසැප පිණිස වන්නේ ය.

40. යස‍්මාපි දීඝ, නිගමා එතෙ තයො කුලපුත‍්තා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතා, සො චෙපි නිගමො එතෙ තයො කුලපුත‍්තෙ පසන‍්නචිත‍්තො අනුස‍්සරෙය්‍ය, තස‍්සපස‍්ස නිගමස‍්ස දීඝරත‍්තං හිතාය සුඛාය.

40. දීඝය, යම් නියම්ගමෙකින් මේ කුලපුත්‍රයෝ තිදෙන ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියාහු ද, ඉදින් ඒ නියම්ගමත් මේ කුලපුත්‍රයන් තිදෙන පහන් සිතැති ව සිහි කරන්නේ නම් ඒ නියම් ගමට ද බොහෝ කලක් හිත සැප පිණිස වන්නේ ය.

41. යස‍්මාපි දීඝ, නගරා එතෙ තයො කුලපුත‍්තා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතා, තඤ‍්චෙපි නගරං එතෙ තයො කුලපුත‍්තෙ පසන‍්නචිත‍්තං අනුස‍්සරෙය්‍ය, තස‍්සපස‍්ස නගරස‍්ස දීඝරත‍්තං හිතාය සුඛාය.

41. දීඝය, යම් නගරයෙකින් මේ කුලපුත්‍රයෝ තිදෙන ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියාහු ද, ඉදින් ඒ නගරයත් මේ කුලපුත්‍රයන් තිදෙන පහන් සිතැති ව සිහි කරන්නේ නම් ඒ නගරයට ද බොහෝ කලක් හිත සැප පිණිස වන්නේ ය.

42. යස‍්මාපි දීඝ, ජනපදා එතෙ තයො කුලපුත‍්තා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතා, සො චෙපි ජනපදො එතෙ තයො කුලපුත‍්තෙ පසන‍්නචිත‍්තො අනුස‍්සරෙය්‍ය, තස‍්සපස‍්ස ජනපදස‍්ස දීඝරත‍්තං හිතාය සුඛාය.

42. දීඝය, යම් ජනපදයෙකින් මේ කුලපුත්‍රයෝ තිදෙන ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියාහු ද, ඉදින් ඒ ජනපදයත් මේ කුලපුත්‍රයන් තිදෙන පහන් සිතැති ව සිහි කරන්නේ නම් ඒ ජනපදයට ද බොහෝ කලක් හිත සැප පිණිස වන්නේ ය.

43. සබ‍්බෙ චෙපි දීඝ, ඛත‍්තියා එතෙ තයො කුලපුත‍්තෙ පසන‍්නචිත‍්තා අනුස‍්සරෙය්‍යුං, සබ‍්බෙසානම‍්පස‍්ස ඛත‍්තියානං දීඝරත‍්තං හිතාය සුඛාය.

43. දීඝය, ඉදින් සියලු ක්‍ෂත්‍රියයෝ ද මේ කුලපුත්‍රයන් තිදෙන පහන් සිතැති ව සිහි කරන්නාහු නම් සියලු ක්‍ෂත්‍රියයන්ට ද දිගුකලක් හිත සැප පිණිස වන්නේ ය.

44. සබ‍්බෙ චෙපි දීඝ, බ්‍රාහ‍්මණා එතෙ තයො කුලපුත‍්තෙ පසන‍්නචිත‍්තා අනුස‍්සරෙය්‍යුං, සබ‍්බෙසානම‍්පස‍්ස බ්‍රාහ‍්මණානං දීඝරත‍්තං හිතාය සුඛාය.

44. දීඝය, ඉදින් සියලු බ්‍රාහ්මණයෝ ද මේ කුලපුත්‍රයන් තිදෙන පහන් සිතැත්තාහු සිහි කරන්නාහු නම් සියලු බ්‍රාහ්මණයන්ට ද දිගු කලක් හිත සැප පිණිස වන්නේ ය.

45. සබ‍්බෙ චෙපි දීඝ, වෙස‍්සා එතෙ තයො කුලපුත‍්තෙ පසන‍්නචිත‍්තා අනුස‍්සරෙය්‍යුං, සබ‍්බෙසානම‍්පස‍්ස වෙස‍්සානං දීඝරත‍්තං හිතාය සුඛාය.

45. දීඝය, ඉදින් සියලු වෛශ්‍යයෝ ද මේ කුලපුත්‍රයන් තිදෙන පහන් සිතැත්තාහු සිහි කරන්නාහු නම් සියලු වෛශ්‍යයන්ට ද දිගු කලක් හිත සැප පිණිස වන්නේ ය.

46. සබ‍්බෙ චෙපි දීඝ, සුද‍්දා එතෙ තයො කුලපුත‍්තෙ පසන‍්නචිත‍්තා අනුස‍්සරෙය්‍යුං, සබ‍්බෙසානම‍්පස‍්ස සුද‍්දානං දීඝරත‍්තං හිතාය සුඛාය.

46. දීඝය, ඉදින් සියලු ශුද්‍රයෝ ද මේ කුලපුත්‍රයන් තිදෙන පහන් සිතැත්තාහු සිහි කරන්නාහු නම් සියලු ශුද්‍රයන්ට ද දිගුකලක් හිත සැප පිණිස වන්නේ ය.

47. සදෙවකො චෙපි දීඝ, ලොකො සමාරකො සබ්‍රහ‍්මකො, සස‍්සමණබ්‍රාහ‍්මණී පජා සදෙවමනුස‍්සා එතෙ තයො කුලපුත‍්තෙ පසන‍්නචිත‍්තා අනුස‍්සරෙය්‍ය, සදෙවකස‍්ස පස‍්ස ලොකස‍්ස සමාරකස‍්ස සබ්‍රහ‍්මකස‍්ස, සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය දීඝරත‍්තං හිතාය සුඛාය.

47. දීඝය, ඉදින් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකය ද, දෙවි මිනිසුන් සහිත මහණ බමුණන් සහිත ප්‍රජාව ද මේ කුලපුත්‍රයන් තිදෙන පහන් සිතැත්තාහු සිහිකරන්නාහු ද … බොහෝ කලක් හිත සැප පිණිස වන්නේ ය.

48. පස‍්ස දීඝ, යාවඤ‍්චෙතෙ තයො කුලපුත‍්තා බහුජනහිතාය පටිපන‍්නා බහුජනසුඛාය ලොකානුකම‍්පකාය අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස‍්සානන‍්ති.

48. දීඝය, මේ කුලපුත්‍රයෝ තිදෙන යම් තාක් බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස පිළිපන්නාහු යයි දකුව.

ඉදමවොච භගවා. අත‍්තමනො දීඝො පරජනො යක‍්ඛො භගවතො භාසිතං අභිනන්‍දීති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති දීඝ පරජන දෙව්රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළි ගත්තේ ය.

චූළගොසිඞ‍්ගසුත‍්තං පඨමං.

චූළගෝසිඞ්ග සූත්‍රය පළමුවැනි යි.