මහාගොසිඞ්ගසුත්තං
1. 4. 2.
1. 4. 2.
මහාගොසිඞ්ගසුත්තං
මහාගෝසිඞ්ග සූත්‍රය
1. එවං මෙ සුතං: එකං සමයං භගවා ගොසිඞ්ගසාලවනදායෙ විහරති සම්බහුලෙහි අභිඤ්ඤාතෙහි අභිඤ්ඤාතෙහි ථෙරෙහි සාවකෙහි සද්ධිං: ආයස්මතා ච සාරිපුත්තෙන ආයස්මතා ච මහාමොග්ගල්ලානෙන ආයස්මතා ච මහාකස්සපෙන ආයස්මතා ච අනුරුද්ධෙන ආයස්මතා ච රෙවතෙන ආයස්මතා ච ආනන්දෙන – අඤ්ඤෙහි ච අභිඤ්ඤාතෙහි අභිඤ්ඤාතෙහි ථෙරෙහි සාවකෙහි සද්ධිං.
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ගොසිඞ්ගසාලවන ළැව්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර, ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන, ආයුෂ්මත් මහාකාශ්‍යප, ආයුෂ්මත් අනුරුද්ධ, ආයුෂ්මත් රේවත, ආයුෂ්මත් ආන්න්ද යන ඉපහළ ස්ථවිර ශ්‍රාවකයන් හා අන්‍ය වූ ඉපහළ ස්ථවිර ශ්‍රාවකයන් හා ද සමඟ වැඩ වසන සේක.
2. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා මහාකස්සපො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකස්සපං එතදවොච: ආයාමාවුසො කස්සප යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමිස්සාම ධම්මසවණායාති. එවමාවුසොති ඛො ආයස්මා මහාකස්සපො ආයස්මතො මහාමොග්ගල්ලානස්ස පච්චස්සොසි.
2. ඉක්බිති ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන තෙරණුවෝ සවස්වරුයෙහි ඵලසමවතින් නැගී සිටියාහු ආයුෂ්මත් මහාකාශ්‍යප තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් මහාකාශ්‍යප තෙරණුවන්ට තෙල සැළ කලහ. “ආයුෂ්මත් කාශ්‍යපයෙනි, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත ධර්මශ්රවණය සඳහා යම්හ” කියා යි. “ඇවැත්නි, එසේ යැ”යි මහා කාශ්‍යප තෙරණුවෝ මහමුගලන් තෙරණුවන්ට පිළිවදන් දුන්හ.
3. අථ ඛො ආයස්මා ච මහාමොග්ගල්ලානො ආයස්මා ච මහාකස්සපො ආයස්මා ච අනුරුද්ධො යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමිංසු ධම්මසවණාය. අද්දසා ඛො ආයස්මා ආනන්දො ආයස්මන්තඤ්ච මහාමොග්ගල්ලානං ආයස්මන්තඤ්ච මහාකස්සපං ආයස්මන්තඤ්ච අනුරුද්ධං යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමන්තෙ ධම්මසවණාය. දිස්වාන යෙනායස්මා රෙවතො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං රෙවතං එතදවොච: උපසඞ්කමන්තා ඛො අමූ ආවුසො රෙවත සප්පුරිසා යෙනායස්මා සාරිපුත්තො තෙන ධම්මසවණාය. ආයාමාවුසො රෙවත යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමිස්සාම ධම්මසවණායාති. එවමාවුසොති ඛො ආයස්මා රෙවතො ආයස්මතො ආනන්දස්ස පච්චස්සොසි. අථ ඛො ආයස්මා ච රෙවතො ආයස්මා ච ආනන්දො යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමිංසු ධම්මසවණාය.
3. ඉක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ද, ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ ද, ආයුෂ්මත් අනුරුත් තෙරණුවෝ ද ධර්මශ්රවණය පිණිස සැරියුත් තෙරණුවන් වෙත එළඹියාහු ය. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත ධර්මශ්රවණය පිණිස එළඹෙන ආයුෂ්මත් මහමුගලන් තෙරුන් ද, ආයුෂ්මත් මහසුප් තෙරුන් ද, ආයුෂ්මත් අනුරුත් තෙරුන් ද දුටහ. දැක ආයුෂ්මත් රේවත තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් රේවත තෙරණුවන්ට තෙල සැළ කෙළේ ය: “ආයුෂ්මත් රේවතයෙනි, මේ සත්පුරුෂයෝ ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවන් කරා ධර්මශ්රවණය කරණු පිණිස එළඹෙත්. ඇවැත් රේවතයෙනි, ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේ කරා ධර්මශ්රවණය පිණිස යම්හ”යි කියා යි. ‘එසේ ය’යි ආයුෂ්මත් රේවත තෙරණුවෝ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ට පිළිවදන් දුන්හ. ඉක්බිති ආයුෂ්මත් රේවත තෙරණුවෝ ද, ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ද ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවන් වෙත ධර්මශ්රවණය පිණිස එළඹියාහු ය.
4. අද්දසා ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මන්තඤ්ච රෙවතං ආයස්මන්තඤ්ච ආනන්දං දූරතොව ආගච්ඡන්තෙ. දිස්වාන ආයස්මන්තං ආනන්දං එතදවොච: “එතු ඛො ආයස්මා ආනන්දො, සාගතං ආයස්මතො ආනන්දස්ස භගවතො උපට්ඨාකස්ස භගවතො සන්තිකාවචරස්ස. රමණීයං ආවුසො ආනන්ද ගොසිඞ්ගසාලවනං, දොසිනා රත්ති, සබ්බපාලිඵුල්ලා සාලා, දිබ්බා මඤ්ඤෙ ගන්ධා සම්පවන්ති. කථංරූපෙන ආවුසො ආනන්ද භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා”ති?
4. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් ද, ආයුෂ්මත් රේවත තෙරණුවන් ද එනුවන් දුරැ ම දුටහ. දැක ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ට තෙල කීහ: “ආයුෂ්මත් ආනන්දතෙමේ ඒවා. භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායක වූ ඔබගේ සන්තිකාවචර වු ආනන්දහට ස්වාගත වේවා. ඇවැත් ආනන්දයෙනි, ගෝසිඞ්ගසාලවනය සිත්කලු ය. රාත්‍රිය (අභ්රමහිකාදි) දොස්රහිත ය. (පහන් ය). වෘක්ෂයෝ සවාරෙන් (මුලපටන් අග තෙක්) පිපී ගියහ. දිවසුවඳ වැනි සුවඳ හමයි. ඇවැත් ආනන්දයෙනි, කෙබඳු භික්ෂුනමකගෙන් ගෝසිඞ්ගසාලවනය හොබනේ වේ ද?
[ආයස්මා ආනන්දො:]
[ආයුෂ්මත් ආනන්ද:]
5. “ඉධාවුසො සාරිපුත්ත, භික්ඛු බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො. යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථා සබ්යඤ්ජනා කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති, ධතා, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා. සො චතස්සන්නං පරිසානං ධම්මං දෙසෙති පරිමණ්ඩලෙහි පදබ්යඤ්ජනෙහි අප්පබද්ධෙහි අනුසයසමුග්ඝාතාය. එවරූපෙන ඛො ආවුසො සාරිපුත්ත භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා”ති.
5. “ශාරිපුත්‍රයන් වහන්ස, මෙහි (යම්) මහණෙක් බහුශ්‍රුත වේ ද, ඇසූ දැය දරන්නේ වේ ද, ඇසූ දැය රැස්වූ තැනෙක් වේ ද, යම් ඒ ධර්මයෝ ආදිකල්‍යාණ වෙත් ද, මධ්‍යකල්‍යාණ වෙත් ද, පරියොසාන කල්‍යාණ වෙත් ද, සාර්ත්ථ වෙත් ද, සව්‍යඤ්ජන වෙත් ද, කේවල පරිපූර්ණ කොට පිරිසිදු කොට බඹසර පවසත් ද, ඔහු විසින් එබඳු ධර්මයෝ බොහෝ කොට අසන ලද්දාහු වචනයෙන් පුරුදු කරන ලද්දාහු. සිතින් නැවත නැවත පරීක්ෂා කරන ලද්දාහු, ප්‍රඥාවෙන් මනා ව අවබෝධ කරන ලද්දාහු වෙද් ද, හේ සප්ත අනුශයයන් නැසීම පිණිස සිවුපිරිසට පිරිමඩුලු වූ ප්රබද්ධ නො වූ (අතර නැති ව පවත්නා) පද ව්‍යඤ්ජනයෙන් යුක්ත ව දහම් දෙසා ද, ඇවැත් ශාරිපුත්‍රයන් වහන්ස, මෙවැනි මහණහුගෙන් ගෝසිඞ්ගසාලවනය හොබනේ ය.”
6. එවං වුත්තෙ ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං රෙවතං එතදවොච: බ්යාකතං ඛො ආවුසො රෙවත ආයස්මතා ආනන්දෙන යථා සකං පටිභානං. තත්ථදානි මයං ආයස්මන්තං රෙවතං පුච්ඡාම. රමණීයං ආවුසො රෙවත ගොසිඞ්ගසාලවනං, දොසිනා රත්ති, සබ්බපාලිඵුල්ලා සාලා, දිබ්බා මඤ්ඤෙ ගන්ධා සම්පවන්ති. කථංරූපෙන ආවුසො රෙවත භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යාති?
6. මෙසේ කී කල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් රේවත තෙරණුවන්ට මෙය කීහ: ඇවැත් රේවතයෙනි, ආයුෂ්මත් ආනන්ද තෙරුන් විසින් සිය වටහනු පරිදි ප්‍රකාශ කරන ලදී. එහි දැන් අපි ආයුෂ්මත් රේවත තෙරණුවන් විචාරම්හ: ඇවැත් රේවතයෙනි, ගෝසිඞ්ගසාලවනය සිත්කලු ය. රාත්‍රිය පහන් ය. වෘක්ෂයෝ හැමතැන මලින් සැදියහ. දිවසුවඳ වැනි සුවඳ හමයි. ඇවැත් රේවතයෙනි, කෙබඳු ස්වභාව ඇති භික්ෂුනමක් නිසා ගෝසිඞ්ගසාලවනය හොබනේ වේ ද?
[ආයස්මා රෙවතො:]
[ආයුෂ්මත් රේවත:]
7. “ඉධාවුසො සාරිපුත්ත, භික්ඛු පටිසල්ලාණාරාමො හොති පටිසල්ලාණරතො, අජ්ඣත්තං චෙතොසමථමනුයුත්තො, අනිරාකතජ්ඣානො, විපස්සනාය සමන්නාගතො, බ්රූහෙතා සුඤ්ඤාගාරානං. එවරූපෙන ඛො ආවුසො සාරිපුත්ත භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා”ති.
7. “ඇවැත් ශාරිපුත්‍රයන් වහන්ස, මෙහි යම් මහණෙක් පල සමවත් අරම් කොට ඇත්තේ පලසමවතෙහි ඇලුණේ වේ ද, තමා තුල චිත්තසමාධියෙන් යුක්ත වූයේ ද, බැහැර නො කළ ධ්‍යාන ඇත්තේ වේ ද, විදර්ශනාවෙන් යුක්ත වූයේ වේ ද, ශුන්‍යාගාර (විදර්ශනා) වඩන්නේ වේ ද, ඇවැත් ශාරිපුත්‍රයෙනි, මෙබඳු භික්ෂු විසින් ගෝසිඞ්ගසාලවනය හොබනේ වෙයි”.
8. එවං වුත්තෙ ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං අනුරුද්ධං එතදවොච: බ්යාකතං ඛො ආවුසො අනුරුද්ධ ආයස්මතා රෙවතෙන යථා සකං පටිභානං. තත්ථදානි මයං ආයස්මන්තං අනුරුද්ධං පුච්ඡාම: රමණීයං ආවුසො අනුරුද්ධ ගොසිඞ්ගසාලවනං, දොසිනා රත්ති, සබ්බපාලිඵුල්ලා සාලා, දිබ්බා මඤ්ඤෙ ගන්ධා සම්පවන්ති. කථං රූපෙන ආවුසො අනුරුද්ධ භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යාති?
8. මෙසේ කී කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් අනුරුත් තෙරණුවන්ට තෙල කීහ: “ඇවැත් අනුරුද්ධයෙනි, ආයුෂ්මත් රේවත තෙරණුවන් විසින් සිය වටහනු පරිදි ප්‍රකාශ කරන ලදී. එහි දැන් අපි ආයුෂ්මත් අනුරුද්ධයන් විචාරම්හ: ඇවැත් අනුරුද්ධයෙනි, ගෝසිඞ්ගසාලවනය සිත්කලු ය. රාත්‍රිය පහන් ය. වෘක්ෂයෝ සර්වාකාරයෙන් පිපී ගියහ. දිවසුවඳ වැනි සුවඳ හමයි. ඇවැත් අනුරුද්ධයෙනි, කෙබඳු ස්වරූප ඇති භික්ෂූ විසින් ගෝසිඞ්ගසාලවනය හොබනේ වේ ද?”
[ආයස්මා අනුරුද්ධො:]
[ආයුෂ්මත් අනුරුද්ධ:]
9. “ඉධාවුසො සාරිපුත්ත, භික්ඛු දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සහස්සං ලොකානං ඔලොකෙති. සෙය්යථාපි ආවුසො සාරිපුත්ත චක්ඛුමා පුරිසො උපරිපාසාදවරගතො සහස්සං නෙමිමණ්ඩලානං ඔලොකෙය්ය, එවමෙව ඛො ආවුසො සාරිපුත්ත භික්ඛු දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සහස්සං ලොකානං ඔලොකෙති. එවරූපෙන ඛො ආවුසො සාරිපුත්ත භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා”ති.
9. “ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මේ ශාසනයෙහි යම් මහණෙක් ඉතා පිරිසිදු (කෙලෙස්මල සුන්) මිනිසැස ඉක්ම සිටි දිවඇසින් සහස්රලෝකධාතුව බලා ද, ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්ස, යම් සේ ඇස් ඇති පුරුෂයෙක් වරපහාතලමතට ගියේ (පහාපිරිවෙන්හි නැබ පිහිටි) නිම්මඩුලු දහස් යම් සේ බලන්නේ වේ ද, ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්ස, ඒ මහණ එපරිද්දෙන් ම මිනිසැස ඉක්ම සිටි පිරිසිදු දිවඇසින් සහස්රලෝකධාතුව බලයි. ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මෙබඳු ස්වරූප ඇති භික්ෂු විසින් ගෝසිඞ්ගසාලවනය හොබනේ ය.”
10. එවං වුත්තෙ ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං මහාකස්සපං එතදවොච: බ්යාකතං ඛො ආවුසො කස්සප ආයස්මතා අනුරුද්ධෙන යථා සකං පටිභානං. තත්ථදානි මයං ආයස්මන්තං මහාකස්සපං පුච්ඡාම: රමණීයං ආවුසො කස්සප ගොසිඞ්ගසාලවනං, දොසිනා රත්ති, සබ්බපාලිඵුල්ලා සාලා, දිබ්බා මඤ්ඤෙ ගන්ධා සම්පවන්ති. කථංරූපෙන ආවුසො කස්සප භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යාති?
10. මෙසේ කී කල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්විරයන් වහන්සේ ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේට තෙල සැළ කළහ: ඇවැත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්ස, ආයුෂ්මත් අනුරුද්ධයන් විසින් තමාගේ වැටහීම පරිදි ප්‍රකාශ කරණ ලදී. එහි ලා අපි දැන් ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ විචාරම්හ: ඇවැත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්ස, ගෝසිඞ්ගසාලවනය සිත්කලු ය. රාත්‍රිය පහන් ය. වෘක්ෂයෝ හැමලෙසින් පිපී ගියහ. දිවසුවඳ වැනි සුවඳ හමයි. ඇවැත් කාශ්‍යප ස්ථවිරයන් වහන්ස, කෙබඳු ස්වරූප ඇති භික්ෂූ විසින් ගෝසිඞ්ගසාලවනය හොබනේ වේ ද?
[ආයස්මා මහාකස්සපො:]
[ආයුෂ්මත් මහාකාශ්‍යප:]
11. “ඉධාවුසො සාරිපුත්ත භික්ඛු අත්තනා ච ආරඤ්ඤකො හොති ආරඤ්ඤකත්තස්ස ච වණ්ණවාදී. අත්තනා ච පිණ්ඩපාතිකො හොති පිණ්ඩපාතිකත්තස්ස ච වණ්ණවාදී. අත්තනා ච පංසුකූලිකො හොති පංසුකූලිකත්තස්ස ච වණ්ණවාදී. අත්තනා ච තෙචීවරිකො හොති තෙචීවරිකත්තස්ස ච වණ්ණවාදී. අත්තනා ච අප්පිච්ඡො හොති අප්පිච්ඡතාය ච වණ්ණවාදී. අත්තනා ච සන්තුට්ඨො හොති සන්තුට්ඨියා ච වණ්ණවාදී. අත්තනා ච පවිවිත්තො හොති පවිවෙකස්ස ච වණ්ණවාදී. අත්තනා ච අසංසට්ඨො හොති අසංසග්ගස්ස ච වණ්ණවාදී. අත්තනා ච ආරද්ධවිරියො හොති විරියාරම්භස්ස ච වණ්ණවාදී. අත්තනා ච සීලසම්පන්නො හොති සීලසම්පදාය ච වණ්ණවාදී. අත්තනා ච සමාධිසම්පන්නො හොති සමාධිසම්පදාය ච වණ්ණවාදී. අත්තනා ච පඤ්ඤාසම්පන්නො හොති පඤ්ඤාසම්පදාය ච වණ්ණවාදී. අත්තනා ච විමුත්තිසම්පන්නො හොති විමුත්තිසම්පදාය ච වණ්ණවාදී. අත්තනා ච විමුත්තිඤාණදස්සනසම්පන්නො හොති විමුත්තිඤාණදස්සනසම්පදාය ච වණ්ණවාදී. එවරූපෙන ඛො ආවුසො සාරිපුත්ත භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා”ති.
11. “ඇවැත් ශාරිපුත්‍රයෙනි, මේ ශාසනයෙහි යම් මහණෙක් තෙමේත් ආරණ්‍යක වූයේ ආරණ්යකධුතාඞ්ගධාරීභාවයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් පිණ්ඩපාතික වූයේ පිණ්ඩපාතිකධුතාඞ්ගධාරීභාවයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් පාංශුකූලික වූයේ පාංශුකූලිකධුතාඞ්ගධාරීභාවයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් තෙචීවරික වූයේ තෙචීවරිකධුතාඞ්ගධාරීභාවයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් අල්පේච්ඡ වූයේ අල්පේච්ඡභාවයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් සන්තුෂ්ට වූයේ දශවිධසන්තෝෂයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් ප්‍රකර්‍ෂවිවේක ඇත්තේ ප්‍රකර්‍ෂවිවේකයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් කුලය කෙරෙහි ගණයා කෙරෙහි නො ඇලුනේ අසංසර්ගයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් රැකුළුවැර ඇත්තේ වැර ඇරඹුමෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් ශීලසම්පන්න වූයේ ශීලසම්පන්නයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් සමාධිසම්පන්න වූයේ සමාධිසම්පත්තියෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් ප්‍රඥාසම්පන්න වූයේ ප්‍රඥාසම්පත්තියෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් විමුක්තිසම්පන්න වූයේ විමුක්තිසම්පත්තියෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් විමුක්තිඥානදර්‍ශනසම්පන්න වූයේ විමුක්තිඥානදර්‍ශනසම්පත්තියෙහි ගුණ කියනසුලු වේ ද, ඇවැත් ශාරිපුත්‍රයෙනි මෙ වැනි භික්ෂූ විසින් ගෝසිඞ්ගසාලවනය හොබනේ ය.”
12. එවං වුත්තෙ ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං මහාමොග්ගල්ලානං එතදවොච: බ්යාකතං ඛො ආවුසො මොග්ගල්ලාන ආයස්මතා මහාකස්සපෙන යථා සකං පටිභානං. තත්ථදානි මයං ආයස්මන්තං මහාමොග්ගල්ලානං පුච්ඡාම: රමණීයං ආවුසො මොග්ගල්ලාන ගොසිඞ්ගසාලවනං, දොසිනා රත්ති, සබ්බපාලිඵුල්ලා සාලා, දිබ්බා මඤ්ඤෙ ගන්ධා සම්පවන්ති. කථංරූපෙන ආවුසො මොග්ගල්ලාන භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යාති?
12. මෙසේ ප්‍රකාශ කළ කල්හි ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් මහාමෙෳද්ගල්යාන ස්ථවිරයන් වහන්සේට තෙල සැල කළහ: ඇවැත් මෙෳද්ගල්‍යානයෙනි, ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ විසින් ස්වකීය වැටහීම පරිදි ප්‍රකාශ කරණ ලදී. දැන් අපි මහාමොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ විචාරම්හ. “ඇවැත් මොග්ගල්ලානයෙනි, ගෝසිඞ්ගසාලවනය සිත්කලු ය. රාත්‍රිය දෝෂාපගත ය. ශාලවෘක්ෂයෝ හැමලෙසින් පිපී ගියහ. දිව සුවඳ වැනි සුවඳ හමයි. ඇවැත් මොග්ගල්ලානයෙනි, කෙබඳු ස්වරූප ඇති භික්ෂු විසින් ගෝසිඞ්ගසාලවනය හොබනේ වේ ද?
[ආයස්මා මහාමොග්ගල්ලානො:]
[ආයුෂ්මත් මහමුගලන්:]
13. “ඉධාවුසො සාරිපුත්ත ද්වෙ භික්ඛූ අභිධම්මකථං කථෙන්ති. තෙ අඤ්ඤමඤ්ඤං පඤ්හං පුච්ඡන්ති. අඤ්ඤමඤ්ඤස්ස පඤ්හං පුට්ඨා විස්සජ්ජෙන්ති නො ච සංසාදෙන්ති. ධම්මී ච නෙසං කථා පවත්තිනී හොති. එවරූපෙන ඛො ආවුසො සාරිපුත්ත භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා”ති.
13. “ඇවැත් ශාරිපුත්‍රයෙනි, මේ ශාසනයෙහි භික්ෂූහු දෙදෙනෙක් අභිධර්මකථා කෙරෙද් ද, ඔහු ඔවුනොවුන් ප්‍රශ්න අසත් ද, ඔවුනොවුන් ඇසූ ප්‍රශ්න විසඳත් ද, කරුණු යටපත් නො කරත් ද, ඔවුන්ගේ ධර්මකථා නො කඩවා පවත්නාසුලු වේ ද, ඇවැත්නි, මෙබඳු ස්වරූප ඇති භික්ෂුනමගෙන් ගෝසිඞ්ගසාලවනය හොබනේ වෙයි.”
14. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: “බ්යාකතං ඛො ආවුසො සාරිපුත්ත අම්හෙහි සබ්බෙහෙව යථා සකං පටිභානං. තත්ථදානි මයං ආයස්මන්තං සාරිපුත්තං පුච්ඡාම: රමණීයං ආවුසො සාරිපුත්ත ගොසිඞ්ගසාලවනං. දොසිනා රත්ති. සබ්බපාලිඵුල්ලා සාලා. දිබ්බා මඤ්ඤෙ ගන්ධා සම්පවන්ති. කථංරූපෙන ආවුසො සාරිපුත්ත භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා”ති?
14. ඉක්බිතහි ආයුෂ්මත් මහාමෙෳද්ගල්යාන ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේට තෙල සැළ කළහ: “ඇවැත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්ස, අප සියල්ලන් විසින් ම සිය වැටහීම පරිදි ප්‍රකාශ කරණ ලදී. එහි දැන් අපි ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ විචාරම්හ. ඇවැත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්ස, ගෝසිඞ්ගසාලවනය සිත්කලු ය. රාත්‍රිය දෝෂරහිත වෙයි. වෘක්ෂයෝ හැමලෙසින් පිපී ගියහ. දිව සුවඳ වැනි සුවඳ හමයි. ඇවැත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්ස, කෙබඳු ස්වරූප ඇති භික්ෂු විසින් ගෝසිඞ්ගසාලවනය හොබනේ වේ ද?”
[ආයස්මා සාරිපුත්තො:]
[ආයුෂ්මත් සැරියුත්:]
15. “ඉධාවුසො මොග්ගල්ලාන භික්ඛු චිත්තං වසං වත්තෙති, නො ච භික්ඛු චිත්තස්ස වසෙන වත්තති. සො යාය විහාරසමාපත්තියා ආකඞ්ඛති පුබ්බන්හසමයං විහරිතුං තාය විහාරසමාපත්තියා පුබ්බන්හසමයං විහරති. යාය විහාරසමාපත්තියා ආකඞ්ඛති මජ්ඣන්තිකං සමයං විහරිතුං තාය විහාරසමාපත්තියා මජ්ඣන්තිකං සමයං විහරති. යාය විහාරසමාපත්තියා ආකඞ්ඛති සායන්හසමයං විහරිතුං තාය විහාරසමාපත්තියා සායන්හසමයං විහරති. සෙය්යථාපි ආවුසො මොග්ගල්ලාන රඤ්ඤො වා රාජමහාමත්තස්ස වා නානාරත්තානං දුස්සානං දුස්සකරණ්ඩකො පූරො අස්ස. සො යඤ්ඤදෙව දුස්සයුගං ආකඞ්ඛෙය්ය පුබ්බන්හසමයං පාරුපිතුං තං තදෙව දුස්සයුගං පුබ්බන්හසමයං පාරුපෙය්ය, යඤ්ඤදෙව දුස්සයුගං ආකඞ්ඛෙය්ය මජ්ඣන්තිකං සමයං පාරුපිතුං තං තදෙව දුස්සයුගං මජ්ඣන්තිකං සමයං පාරුපෙය්ය, යඤ්ඤදෙව දුස්සයුගං ආකඞ්ඛෙය්ය සායන්හසමයං පාරුපිතුං තං තදෙව දුස්සයුගං සායන්හසමයං පාරුපෙය්ය. එවමෙව ඛො ආවුසො මොග්ගල්ලාන භික්ඛු චිත්තං වසං වත්තෙති, නො ච භික්ඛු චිත්තස්ස වසෙන වත්තති. සො යාය විහාරසමාපත්තියා ආකඞ්ඛති පුබ්බන්හසමයං විහරිතුං තාය විහාරසමාපත්තියා පුබ්බන්හසමයං විහරති. යාය විහාරසමාපත්තියා ආකඞ්ඛති මජ්ඣන්තිකං සමයං විහරිතුං තාය විහාරසමාපත්තියා මජ්ඣන්තිකං සමයං විහරති. යාය විහාරසමාපත්තියා ආකඞ්ඛති සායන්හසමයං විහරිතුං තාය විහාරසමාපත්තියා සායන්හසමයං විහරති. එවරූපෙන ඛො ආවුසො මොග්ගල්ලාන භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා”ති.
15. “ඇවැත් මෙෳද්ගල්යායනයෙනි, මේ ශාසනයෙහි යම් මහණෙක් සියසිත තමා වසයෙහි පවත්වා ද, යම් මහණෙක් චිත්තයාගේ වශයෙන් නො පවත්නේ වේ ද, හෙතෙම යම් විහාරසමාපත්තියෙකින් පෙරවරුකාලයෙහි වසන්නට කැමැති වේ නම්, ඒ විහාරසමාපත්තියෙන් පෙරවරුකාලයෙහි වසයි, යම් විහාරසමාපත්තියෙකින් මධ්‍යාහ්නකාලයෙහි වාස කරන්ට කැමැති වේ නම්, ඒ විහාරසමාපත්තියෙන් මධ්‍යාහනකාලයෙහි වසයි. යම් විහාරසමාපත්තියෙකින් සවස් කාලය ගත කරන්ට කැමැති නම්, ඒ විහාරසමාපත්තියෙන් සවස් කාලය ගත කරයි. ඇවැත් මෙෳද්ගල්‍යානයෙනි, යම් සේ රජකුගේ හෝ රාජමහාමාත්රයකුගේ හෝ සලුපෙට්ටිය නොයෙක් පැහැයෙන් රඳනා ලද වස්ත්රයන්ගෙන් පිරුණේ වේ ද, හේ යම් යම් සළුසඟළක් පෙරවරුයෙහි පෙරවීමට සතුටු වේ නම්, පෙරවරුයෙහි ඒ සළුසඟළම පොරවන්නේ වෙයි. යම් යම් සළුසඟළක් මධ්‍යාහ්නවේලාවෙහි පෙරවීමට සතුටු වේ නම්, ඒ සළුසඟළම මධ්‍යාහ්නවේලාවෙහි පොරවන්නේ වෙයි. යම් යම් සළුසඟළක් සවස්කාලයෙහි පෙරවීමට සතුටු වේ නම්, ඒ සළුසඟළම සවස්කාලයෙහි පොරොවයි. ඇවැත් මොග්ගල්ලානයෙනි, එපරිද්දෙන් ම යම් මහණෙක් සිත සියවසයෙහි පවත්වා ද, යම් මහණෙක් චිත්තයාගේ වශයෙන් නො වෙසෙයි ද, හෙ යම් විහාරසමාපත්තියෙන් පෙරවරුකාලයෙහි වසන්නට කැමැති වේ නම්, ඒ විහාරසමාපත්තියෙන් පෙරවරුකාලයෙහි වස යි. යම් විහාරසමාපත්තියෙකින් මධ්‍යාහ්නකාලයෙහි වසන්නට කැමැති වේ නම්, ඒ විහාරසමාපත්තියෙන් මධ්‍යාහ්නකාලයෙහි වසයි. යම් විහාරසමාපත්තියෙකින් සවස් කාලය වාස කරන්ට කැමැති නම්, ඒ විහාරසමාපත්තියෙන් සවස් කාලය වසයි. ඇවැත් මෙෳද්ගල්‍යානයෙනි, මෙබඳු ස්වරූප ඇති භික්ෂූ විසින් ගෝසිඞ්ගසාලවනය ශෝභන වන්නේ ය.”
16. අථ ඛො ආයස්මා සාරිපුත්තො තෙ ආයස්මන්තෙ එතදවොච: බ්යාකතං ඛො ආවුසො අම්හෙහි සබ්බෙහෙව යථා සකං පටිභානං. ආයාමාවුසො යෙන භගවා තෙනුපසඞ්කමිත්වා එතමත්ථං භගවතො ආරොචෙස්සාම, යථා නො භගවා බ්යාකරිස්සති තථා නං ධාරෙස්සාමා’ති. එවමාවුසොති ඛො තෙ ආයස්මන්තො ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං.
16. ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ ඒ ආයුෂ්මත්නට තෙල කීහ: “ඇවැත්නි, අප හැම විසින් ම තමාගේ වැටහීම පරිදි ප්‍රකාශ කරණ ලදී. ඇවැත්නි, යම්හ, භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වෙසෙත් නම් එතැනට පැමිණ තෙල කරුණ භාග්‍යවතුන් වහන්සේට සැළ කරම්හ. භාග්‍යවතුන් වහන්සේ අපට යම් ලෙසකින් වදාරණ සේක් නම් එසේ එය දරම්හ යි. ඒ ආයුෂ්මත්හු ‘එසේ ය, ඇවැත්නි යි’ ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේට පිළිවදන් දුන්හ.
17. අථ ඛො තෙ ආයස්මන්තො යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච: “ඉධ භන්තෙ ආයස්මාච රෙවතො ආයස්මාච ආනන්දො යෙනාහං තෙනුපසඞ්කමිංසු ධම්මසවණාය. අද්දසං ඛො අහං භන්තෙ ආයස්මන්තඤ්ච රෙවතං ආයස්මන්තඤ්ච ආනන්දං දූරතොව ආගච්ඡන්තෙ. දිස්වාන ආයස්මන්තං ආනන්දං එතදවොචං: එතු ඛො ආයස්මා ආනන්දො. සාගතං ආයස්මතො ආනන්දස්ස භගවතො උපට්ඨාකස්ස භගවතො සන්තිකාවචරස්ස. රමණීයං ආවුසො ආනන්ද ගොසිඞ්ගසාලවනං. දොසිනා රත්ති. සබ්බපාලිඵුල්ලා සාලා. දිබ්බා මඤ්ඤෙ ගන්ධා සම්පවන්ති. කථංරූපෙන ආවුසො ආනන්ද භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා”ති.
17. ඉක්බිති ඒ ආයුෂ්මත්හු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාහු ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හු. එකත්පසෙක හුන් ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කලහ: “වහන්ස, මෙහි ආයුෂ්මත් රේවත තෙරණුවෝ ද ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ද මා කරා බණ අසනු සඳහා පැමිණියාහු ය. වහන්ස, මම ආයුෂ්මත් රේවතතෙරුන් හා ආයුෂ්මත් ආනන්ද තෙරුන් ද දුර ම එන්නවුන් දැක ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ට තෙල කීමි: ‘ආයුෂ්මත් ආනන්දයෝ එත්වා. භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායක වූ භාග්‍යවතුන් වහන්සේගේ සන්තිකාචර වූ ආයුෂ්මත් ආනන්දයන්ගේ යහපත් පැමිණීමෙකි. ආයුෂ්මත් ආනන්දයෙනි, ගෝසිඞ්ගසාලවනය සිත්කලු ය. රාත්‍රිය පහන් වෙයි. වෘක්ෂයෝ හැමලෙසින් පිපී ගියහ. දිව සුවඳ වැනි සුවඳ හමයි. ඇවැත් ආනන්දයෙනි, කෙබඳු ස්වරූප ඇති මහණකු විසින් ගෝසිඞ්ගසාලවනය හොබනේ වේ ද?”
18. එවං වුත්තෙ භන්තෙ ආයස්මා ආනන්දො මං එතදවොච: “ඉධාවුසො සාරිපුත්ත භික්ඛු බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො. යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථා සබ්යඤ්ජනා කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා. සො චතස්සන්නං පරිසානං ධම්මං දෙසෙති පරිමණ්ඩලෙහි පදබ්යඤ්ජනෙහි අප්පබද්ධෙහි අනුසයසමුග්ඝාතාය. එවරූපෙන ඛො ආවුසො සාරිපුත්ත භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා”ති.
18. වහන්ස, මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්දතෙරණුවෝ මට මෙසේ කීහ: ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මේ ශාසනයෙහි මහණෙක් බහුශ්‍රුත වූයේ ඇසූ දැය දරන්නේ ඇසූ දෙය රැස් කළ තැනෙක් වේද, යම් ඒ ධර්ම කෙනෙක් ආදිකල්‍යාණ වෙද් ද, මද්ධ්‍යකල්‍යාණ වෙද් ද, පර්‍ය්‍යවසාන කල්‍යාණ වෙද් ද, අර්ත්ථ සහිත වෙත් ද, ව්‍යඤ්ජනසහිත වෙද් ද, කේවල පරිපූර්ණ කොට පිරිසිදු කොට බඹසර ප්‍රකාශ කෙරෙත් ද, එ ධර්මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු, දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් නැවැත නැවැත පරීක්ෂා කරණ ලද්දාහු, නුවණින් මනා කොට අවබෝධ කරණ ලද්දාහු වෙත් ද, හෙතෙමේ පිරිමඬුලු වූ අප්‍රබද්ධ වූ (මනාසේ ගැළපීම් ඇති) පදව්‍යඤ්ජනයෙන් අනුසය නස්නා පිණිස සිවුපිරිසට දහම් දෙසා ද, ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මෙබඳු ස්වරූප ඇති මහණහු විසින් ගෝසිඞ්ගසාලවනය හොබනේ” යි.
19. “සාධු සාධු සාරිපුත්ත, යථා තං ආනන්දොව සම්මා බ්යාකරමානො බ්යාකරෙය්ය. ආනන්දො හි සාරිපුත්ත බහුස්සුතො සුතධරො සුතසන්නිචයො. යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථා සබ්යඤ්ජනා කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති, ධතා, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා. සො චතස්සන්නං පරිසානං ධම්මං දෙසෙති පරිමණ්ඩලෙහි පදබ්යඤ්ජනෙහි අප්පබද්ධෙහි අනුසයසමුග්ඝාතායා”ති.
19. “ශාරිපුත්‍රය, මැනැව, මැනැව. ආනන්ද තෙමේ ම තම අදහස මැනැවින් පවසනුයේ යම් සේ පවසන්නේ ද, ආනන්ද විසින් එය එසේ ම පවසන ලදී (බහුශ්‍රැතභාවය වූ තම අදහස පරිදි ම කියන ලදී.) ආනන්ද තෙමේ බහුශ්‍රුත ය. ශ්‍රැතධර ය. ඇසූ දෙය රැස් වූ තැනෙකි. යම් ඒ ධර්මයෝ ආදිකල්‍යාණ මද්ධ්‍යකල්‍යාණ පර්‍ය්‍යවසානකල්‍යාණ වෙද්ද, සාර්ත්ථ වෙද්ද, සබ්‍යඤ්ජන වෙද්ද, කේවලපරිපූර්‍ණ කොට පිරිසිදු කොට බඹසර ප්‍රකාශ කෙරෙත් ද, එවැනි ධර්මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු ය. දරණ ලද්දාහු ය. වචනයෙන් පුරුදු කරණ ලද්දාහු ය. සිතින් නැවත නැවත පරීක්ෂා කරණ ලද්දාහු ය. ප්‍රඥායෙන් අවබෝධ කරණ ලද්දාහු ය. හෙ අප්‍රබද්ධ (විශද) වූ පිරිමඬුලු වූ පදව්‍යඤ්ජනයෙන් අනුසය (කෙලෙස්) නැති කිරීම පිණිස සිවුපිරිසට ධර්මදේශනා කෙරේ.”
20. එවං වුත්තෙ අහං භන්තෙ ආයස්මන්තං රෙවතං එතදවොචං: “බ්යාකතං ඛො ආවුසො රෙවත ආයස්මතා ආනන්දෙන යථා සකං පටිභානං. තත්ථදානි මයං ආයස්මන්තං රෙවතං පුච්ඡාම: රමණීයං ආවුසො රෙවත ගොසිඞ්ගසාලවනං. දොසිනා රත්ති. සබ්බපාලිඵුල්ලා සාලා. දිබ්බා මඤ්ඤෙ ගන්ධා සම්පවන්ති. කථංරූපෙන ආවුසො රෙවත භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා”ති.
20. වහන්ස, (ආයුෂ්මත් ආනන්ද) මෙසේ කී කල්හි මම ආයුෂ්මත් රේවත තෙරණුවන්ට තෙල කීමි: “ඇවැත් රේවතයෙනි, ආනන්ද තෙරුන් විසින් තම වැටහීම අනුව ප්‍රකාශ කරණ ලදී. එහි දැන් අපි ආයුෂ්මත් රේවත තෙරුන් විචාරම්හ: ඇවැත් රේවතයෙනි, ගෝසිඞ්ගසාලවනය සිත්කලු ය. රාත්‍රිය දෝෂවිරහිත ය. වෘක්ෂයෝ සර්වප්රකාරයෙන් පිපී ගියහ. දිව සුවඳ වැනි සුවඳ හමයි. ඇවැත් රේවතයෙනි, කෙබඳු ස්වරූප ඇති භික්ෂු විසින් ගෝසිඞ්ගසාලවනය හොබනේ වේ ද?”
21. එවං වුත්තෙ භන්තෙ ආයස්මා රෙවතො මං එතදවොච: “ඉධාවුසො සාරිපුත්ත භික්ඛු පටිසල්ලාණාරාමො හොති, පටිසල්ලාණරතො, අජ්ඣත්තං චෙතොසමථමනුයුත්තො අනිරාකතජ්ඣානො, විපස්සනාය සමන්නාගතො බ්රූහෙතා සුඤ්ඤාගාරානං. එවරූපෙන ඛො ආවුසො සාරිපුත්ත භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා”ති.
21. වහන්ස, මෙසේ කී කල්හි ආයුෂ්මත් රේවත තෙරණුවෝ මට තෙල කීහ: “ඇවැත් ශාරිපුත්‍රයෙනි, මේ ශාසනයෙහි යම් මහණෙක් පලසමවත් අරම් කොට ඇත්තේ පලසමවත්හි ඇලුණේ වේ ද, තමන් තුල චිත්තසමාධියෙන් යුක්ත වූයේ බැහැර නො කළ ධ්‍යාන ඇත්තේ වේ ද, විදර්ශනාවෙන් යුක්ත වූයේ ශුන්‍යාගාර වඩන්නේ වේ ද, ඇවැත් ශාරිපුත්‍රයෙනි, මෙබඳු භික්ෂු විසින් ගෝසිඞ්ගසාලවනය ශෝභන වන්නේ ය”යි.
22. “සාධු සාධු සාරිපුත්ත, යථා තං රෙවතොව සම්මා බ්යාකරමානො බ්යාකරෙය්ය. රෙවතො හි සාරිපුත්ත පටිසල්ලාණාරාමො පටිසල්ලාණරතො, අජ්ඣත්තං චෙතොසමථමනුයුත්තො අනිරාකතජ්ඣානො, විපස්සනාය සමන්නාගතො බ්රූහෙතා සුඤ්ඤාගාරාන”න්ති.
22. “ශාරිපුත්‍රය, මැනැව මැනැව. රේවත තෙමේ ම තම අදහස මනාකොට පවසනුයේ යම් සේ පවසන්නේ ද, එහෙයින් රේවත විසින් එය (ධ්යානාභිරතිය) පවසන ලදී. ශාරිපුත්‍රය, රේවත තෙමේ පලසමවත අරම් කොට ඇත්තේ ය. පලසමවත්හි ඇලුණේ ය. තමා තුළ සිත සමාධිගත කිරීමෙහි යෙදුණේ තොර නො කළ ධ්‍යාන ඇත්තේ ය. විදර්ශනායෙහි යෙදුණේ ශුන්‍යාගාර වඩන්නේ ය.”
23. එවං වුත්තෙ අහං භන්තෙ ආයස්මන්තං අනුරුද්ධං එතදවොචං: “බ්යාකතං ඛො ආවුසො අනුරුද්ධ ආයස්මතා රෙවතෙන යථා සකං පටිභානං. තත්ථදානි මයං ආයස්මන්තං අනුරුද්ධං පුච්ඡාම: රමණීයං ආවුසො අනුරුද්ධ ගොසිඞ්ගසාලවනං. දොසිනා රත්ති. සබ්බපාලිඵුල්ලා සාලා. දිබ්බා මඤ්ඤෙ ගන්ධා සම්පවන්ති. කථංරූපෙන ආවුසො අනුරුද්ධ, භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා”ති.
23. වහන්ස, (ආයුෂ්මත් රේවත) මෙසේ කී කල්හි මම ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ට මට තෙල කීමි: “ඇවැත් අනුරුද්ධයෙනි, ආයුෂ්මත් රේවත තෙරුන් විසින් තමාගේ වැටහීම අනුව ප්‍රකාශ කරණ ලදී. එහි දැන් අපි ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් විචාරම්හ: ඇවැත් අනුරුද්ධයෙනි, ගෝසිඞ්ගසාලවනය සිත්කලු ය. රාත්‍රිය දෝෂවිරහිත වෙයි. වෘක්ෂයෝ හැම අතින් පිපී ගියහ. දිවසුවඳ වැනි සුවඳ හමයි. ඇවැත් අනුරුද්ධයෙනි, කෙබඳු භික්ෂු කෙනෙකු විසින් ගෝසිඞ්ගසාලවනය හොබනේ වේ ද?”
24. එවං වුත්තෙ භන්තෙ ආයස්මා අනුරුද්ධො මං එතදවොච: “ඉධාවුසො සාරිපුත්ත භික්ඛු දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සහස්සං ලොකානං ඔලොකෙති. සෙය්යථාපි ආවුසො සාරිපුත්ත චක්ඛුමා පුරිසො උපරිපාසාදවරගතො සහස්සං නෙමිමණ්ඩලානං ඔලොකෙය්ය, එවමෙව ඛො ආවුසො සාරිපුත්ත භික්ඛු විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සහස්සං ලොකානං ඔලොකෙති. එවරූපෙන ඛො ආවුසො සාරිපුත්ත භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා”ති.
24. වහන්ස, මෙසේ කී කල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ මට තෙල කීහ: “ඇවැත් ශාරිපුත්‍රයෙනි, මේ ශාසනයෙහි මහණෙක් පිරිසිදු, මිනිසැස ඉක්ම සිටි දිවඇසින් සහස්රීලෝකධාතුව බලයි. ඇවැත් ශාරිපුත්‍රයන් වහන්ස, ඇස් ඇති පුරුෂයෙක් ප්‍රාසාදයෙක්හි මතුතලයට ගියේ (පහ පිරිවෙත්හි) දහසක් නිම්මඬුලු යම් සේ බලන්නේ ද, ඇවැත් ශාරිපුත්‍රයන් වහන්ස, එපරිද්දෙන් ම මහණ තෙමේ මිනිසැස ඉක්ම සිටි පිරිසිදු දිවැසින් සහස්රීලෝකධාතුව බලයි. ඇවැත් ශාරිපුත්‍රයන් වහන්ස, මෙ වැනි භික්ෂු විසින් ගෝසිඞ්ගසාලවනය හොබනේ ය යි.”
25. “සාධු සාධු සාරිපුත්ත, යථා තං අනුරුද්ධොව සම්මා බ්යාකරමානො බ්යාකරෙය්ය. අනුරුද්ධො හි සාරිපුත්ත දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සහස්සං ලොකානං ඔලොකෙතී”ති.
25. “ශාරිපුත්‍රය, මැනැව මැනැව. අනුරුද්ධ තෙමේ ම තම අදහස පවසනුයේ යම් සේ පවසන්නේ ද, අනුරුද්ධ විසින් එය (දිඛ්ඛචක්ඛුඥාණය) එසේ ම පවසන ලදී. ශාරිපුත්‍රය, අනුරුද්ධ තෙමේ පිරිසිදු, මිනිසැස ඉක්ම සිටි දිවැසින් සහස්රීලෝකධාතුව බලන්නේ ය.”
26. එවං වුත්තෙ අහං භන්තෙ ආයස්මන්තං මහාකස්සපං එතදවොචං: “බ්යාකතං ඛො ආවුසො කස්සප ආයස්මතා අනුරුද්ධෙන යථා සකං පටිභානං. තත්ථදානි මයං ආයස්මන්තං මහාකස්සපං පුච්ඡාම: රමණීයං ආවුසො කස්සප ගොසිඞ්ගසාලවනං. දොසිනා රත්ති. සබ්බපාලිඵුල්ලා සාලා. දිබ්බා මඤ්ඤෙ ගන්ධා සම්පවන්ති. කථංරූපෙන ආවුසො කස්සප භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා”ති?
26. වහන්ස, (ආයුෂ්මත් අනුරුද්ධ) මෙසේ කී කල්හි මම ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේට තෙල කීමි: “ඇවැත් කාශ්‍යප ස්ථවිරයන් වහන්ස, ආයුෂ්මත් අනුරුද්ධයන් විසින් ස්වකීය වැටහීම පරිදි ප්‍රකාශ කරණ ලදී. එහි දැන් අපි ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ විචාරම්හ: ඇවැත් කාශ්‍යප ස්ථවිරයන් වහන්ස ගෝසිඞ්ගසාලවනය සිත්කලු ය. රාත්‍රිය දෝෂාපගත ය. වෘක්ෂයෝ සර්වප්රකාරයෙන් පිපී ගියහ. දිවසුවඳ වැනි සුවඳ හමයි. ඇවැත් කාශ්‍යප ස්ථවිරයන් වහන්ස, කෙබඳු ස්වරූප ඇති භික්ෂු කෙනෙකු විසින් ගෝසිඞ්ගසාලවනය හොබනේ වේ ද?”.
එවං වුත්තෙ භන්තෙ ආයස්මා මහාකස්සපො මං එතදවොච: “ඉධාවුසො සාරිපුත්ත භික්ඛු අත්තනා ච ආරඤ්ඤකො හොති ආරඤ්ඤකත්තස්ස ච වණ්ණවාදී. අත්තනා ච පිණ්ඩපාතිකො හොති පිණ්ඩපාතිකත්තස්ස ච වණ්ණවාදී. අත්තනා ච පංසුකූලිකො හොති පංසුකූලිකත්තස්ස ච වණ්ණවාදී. අත්තනා ච තෙචීවරිකො හොති තෙචීවරිකත්තස්ස ච වණ්ණවාදී. අත්තනා ච අප්පිච්ඡො හොති අප්පිච්ඡතාය ච වණ්ණවාදී. අත්තනා ච සන්තුට්ඨො හොති සන්තුට්ඨියා ච වණ්ණවාදී. අත්තනා ච පවිවිත්තො හොති පවිවෙකස්ස ච වණ්ණවාදී. අත්තනා ච අසංසට්ඨො හොති අසංසග්ගස්ස ච වණ්ණවාදී. අත්තනා ච ආරද්ධවිරියො හොති විරියාරම්භස්ස ච වණ්ණවාදී. අත්තනා ච සීලසම්පන්නො හොති සීලසම්පදාය ච වණ්ණවාදී. අත්තනා ච සමාධිසම්පන්නො හොති සමාධිසම්පදාය ච වණ්ණවාදී. අත්තනා ච පඤ්ඤාසම්පන්නො හොති පඤ්ඤාසම්පදාය ච වණ්ණවාදී. අත්තනා ච විමුත්තිසම්පන්නො හොති විමුත්තිසම්පදාය ච වණ්ණවාදී. අත්තනා ච විමුත්තිඤාණදස්සනසම්පන්නො හොති විමුත්තිඤාණදස්සනසම්පදාය ච වණ්ණවාදී. එවරූපෙන ඛො ආවුසො සාරිපුත්ත භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා”ති.
“වහන්ස, මෙසේ කී කල්හි ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ මට තෙල කීහ: “ඇවැත් ශාරිපුත්‍රයෙනි, මේ ශාසනයෙහි මහණෙක් තෙමේත් ආරණ්‍යක වූයේ ආරණ්යකධූතාඞ්ගධාරී භාවයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් පිණ්ඩපාතික වූයේ පිණ්ඩපාතිකධූතාඞ්ගධාරී භාවයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් පාංශුකූලික වූයේ පාංශුකූලිකධූතාඞ්ගධාරී භාවයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් තෙචීවරික වූයේ තෙචීවරිකධූතාඞ්ගධාරී භාවයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් අල්පෙච්ඡ වූයේ අල්පේච්ඡභාවයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් සන්තුෂ්ට වූයේ සන්තෝෂයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් ප්‍රකර්‍ෂවිවේක ඇත්තේ ප්‍රකර්‍ෂවිවේකයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් සංසෘෂ්ට නො වූයේ (කුලයෙහි දු ගෙණෙහිදු නො හැනුණේ) අසංසෘෂ්ට භාවයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් පටන්ගත් වීර්ය ඇත්තේ වැර ඇරඹුමෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් ශීලසම්පන්න වූයේ ශීලසම්පත්තියෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් සමාධිසම්පන්න වූයේ සමාධිසම්පදාවෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් ප්‍රඥාසම්පන්න වූයේ ප්‍රඥාසම්පත්තියෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් විමුක්තිසම්පන්න වූයේ විමුක්තිසම්පත්තියෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් විමුක්තිඥානදර්‍ශනසම්පන්න වූයේ විමුක්තිඥානදර්‍ශනසම්පත්තියෙහි ගුණ කියනසුලු වේ ද, ඇවැත් ශාරිපුත්‍රයෙනි, මෙබඳු මහණකු විසින් ගෝසිඞ්ගසාලවනය හොබනේ ය.”
27. “සාධු සාධු සාරිපුත්ත, යථා තං කස්සපොව සම්මා බ්යාකරමානො බ්යාකරෙය්ය. කස්සපො හි සාරිපුත්ත අත්තනා ච ආරඤ්ඤකො ආරඤ්ඤකත්තස්ස ච වණ්ණවාදී, අත්තනා ච පිණ්ඩපාතිකො පිණ්ඩපාතිකත්තස්ස ච වණ්ණවාදී, අත්තනා ච පංසුකූලිකො පංසුකූලිකත්තස්ස ච වණ්ණවාදී, අත්තනා ච තෙචීවරිකො තෙචීවරිකත්තස්ස ච වණ්ණවාදී, අත්තනා ච අප්පිච්ඡො අප්පිච්ඡතාය ච වණ්ණවාදී, අත්තනා ච සන්තුට්ඨො සන්තුට්ඨියා ච වණ්ණවාදී, අත්තනා ච පවිවිත්තො පවිවෙකස්ස ච වණ්ණවාදී, අත්තනා ච අසංසට්ඨො අසංසග්ගස්ස ච වණ්ණවාදී, අත්තනා ච ආරද්ධවිරියො වීරියාරම්භස්ස ච වණ්ණවාදී, අත්තනා ච සීලසම්පන්නො සීලසම්පදාය ච වණ්ණවාදී, අත්තනා ච සමාධිසම්පන්නො සමාධිසම්පදාය ච වණ්ණවාදී, අත්තනා ච පඤ්ඤාසම්පන්නො පඤ්ඤාසම්පදාය ච වණ්ණවාදී, අත්තනා ච විමුත්තිසම්පන්නො විමුත්තිසම්පදාය ච වණ්ණවාදී, අත්තනා ච විමුත්තිඤාණදස්සනසම්පන්නො විමුත්තිඤාණදස්සනසම්පදාය ච වණ්ණවාදී”ති.
27. “ශාරිපුත්‍රයෙනි, මැනැව මැනැව. කාශ්‍යප තෙමේ ම මොනවට තම අදහස පවසනුයේ යම් සේ පවසන්නේ ද, එසෙයින් ම කාශ්‍යපයන් විසින් එය (ධූතවාදය) පවසන ලදී. ශාරිපුත්‍රය, කාශ්‍යප තෙමේ තෙමේත් ආරණ්‍යක වූයේ ආරණ්යකධූතාඞ්ගධාරී භාවයෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේත් පිණ්ඩපාතික වූයේ පිණ්ඩපාතිකධූතාඞ්ගධාරී භාවයෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේත් පාංශුකූලික වූයේ පාංශුකූලිකධූතාඞ්ගධාරී භාවයෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේත් තෙචීවරික වූයේ තෙචීවරිකධූතාඞ්ගධාරී භාවයෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේත් අල්පෙච්ඡ වූයේ අල්පේච්ඡභාවයෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේත් සන්තුෂ්ට වූයේ සන්තුෂ්ටභාවයෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේත් ප්‍රකර්‍ෂවිවේක ඇත්තේ ප්‍රකර්‍ෂවිවේකයෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේත් අසංසට්ඨ වූයේ අසංසට්ඨතාවෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේත් ඇරඹූ වැර ඇත්තේ වැර ඇරඹුමෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේත් ශීලසම්පන්න වූයේ ශීලසම්පත්තියෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේත් සමාධිසම්පන්න වූයේ සමාධිසම්පත්තියෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේත් ප්‍රඥාවෙන් යුක්ත වූයේ ප්‍රඥාසම්පත්තියෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේත් විමුක්තිසම්පන්න වූයේ විමුක්තිසම්පත්තියෙහිගුණ කියනසුලු ද වෙයි. තෙමේත් විමුක්තිඥානදර්‍ශනසම්පන්න වූයේ විමුක්තිඥානදර්‍ශනසම්පත්තියෙහි ගුණ කියනසුලු ද වෙයි.”
28. එවං වුත්තෙ අහං භන්තෙ ආයස්මන්තං මහාමොග්ගල්ලානං එතදවොචං: “බ්යාකතං ඛො ආවුසො මොග්ගල්ලාන ආයස්මතා මහාකස්සපෙන යථා සකං පටිභානං. තත්ථදානි මයං ආයස්මන්තං මහාමොග්ගල්ලානං පුච්ඡාම: රමණීයං ආවුසො මොග්ගල්ලාන ගොසිඞ්ගසාලවනං. දොසිනා රත්ති. සබ්බපාලිඵුල්ලා සාලා. දිබ්බා මඤ්ඤෙ ගන්ධා සම්පවන්ති. කථංරූපෙන ආවුසො මොග්ගල්ලාන භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා”ති?
28. වහන්ස, (ආයුෂ්මත් මහාකාශ්‍යප) මෙසේ කී කල්හි මම ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් හට තෙල කීමි: ඇවැත් මොග්ගල්ලානයෙනි, ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් විසින් සිය වැටහීම පරිදි ප්‍රකාශ කරණ ලදී. එහි දැන් අපි ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් විචාරම්හ: ඇවැත් මොග්ගල්ලානයෙනි, ගෝසිඞ්ගසාලවනය සිත්කලු ය. රාත්‍රිය පහන් ය. වෘක්ෂයෝ හැමලෙසින් පිපී ගියහ. දිවසුවඳ වැනි සුවඳ හමයි. ඇවැත් මොග්ගල්ලානයෙනි කෙබඳු ස්වරූප ඇති භික්ෂු කෙනෙකු විසින් ගෝසිඞ්ගසාලවනය හොබනේ වේ ද?”.
29. එවං වුත්තෙ භන්තෙ ආයස්මා මහාමොග්ගල්ලානො මං එතදවොච: “ඉධාවුසො සාරිපුත්ත ද්වෙ භික්ඛූ අභිධම්මකථං කථෙන්ති, තෙ අඤ්ඤමඤ්ඤං පඤ්හං පුච්ඡන්ති, අඤ්ඤමඤ්ඤස්ස පඤ්හං පුට්ඨා විස්සජ්ජෙන්ති නො ච සංසාදෙන්ති, ධම්මී ච නෙසං කථා පවත්තනී හොති. එවරූපෙන ඛො ආවුසො සාරිපුත්ත භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා”ති.
29. වහන්ස, මෙසේ කී කල්හි ආයුෂ්මත් මහාමොග්ගල්ලායන තෙරණුවෝ මට තෙල කීහ. “ඇවැත් ශාරිපුත්‍රයෙනි, මේ ශාසනයෙහි භික්ෂුහු දෙදෙනෙක් අභිධර්ම කථා කෙරෙත්. ඔහු ඔවුනොවුන් ප්‍රශ්න අසත්. ඔවුනොවුන් විසින් ප්‍රශ්න අසන ලද්දාහු විසඳත්. කරුණු යටපත් නො කරත්. ඔවුන්ගේ දැහැමි කථාව ද පවත්නාසුලු වේ. ඇවැත් ශාරිපුත්‍රයෙනි, මෙබඳු ස්වරූප ඇති භික්ෂු විසින් ගෝසිඞ්ගසාලවනය හොබනේ ය”යි.
30. “සාධු සාධු සාරිපුත්ත, යථා තං මොග්ගල්ලානොව සම්මා බ්යාකරමානො බ්යාකරෙය්ය. මොග්ගල්ලානො හි සාරිපුත්ත ධම්මකථිකො”ති.
30. “ශාරිපුත්‍රයෙනි, මැනැව මැනැව මොග්ගල්ලාන තෙමේ ම තම අදහස (අභිධර්මකථිකත්වය) මොනොවට පවසනුයේ යම් සේ පවසන්නේ ද, එසෙයින් ම මොග්ගල්ලාන විසින් එය පවසන ලදී. ශාරිපුත්‍රය, මොග්ගල්ලාන තෙමේ ධර්මකථිකයෙකි.”
31. එවං වුත්තෙ ආයස්මා මහාමොග්ගල්ලානො භගවන්තං එතදවොච: අථ ඛ්වාහං භන්තෙ ආයස්මන්තං සාරිපුත්තං එතදවොචං: “බ්යාකතං ඛො ආවුසො සාරිපුත්ත අම්හෙහි සබ්බෙහෙව යථා සකං පටිභානං. තත්ථදානි මයං ආයස්මන්තං සාරිපුත්තං පුච්ඡාම: රමණීයං ආවුසො සාරිපුත්ත ගොසිඞ්ගසාලවනං. දොසිනා රත්ති. සබ්බපාලිඵුල්ලා සාලා. දිබ්බා මඤ්ඤෙ ගන්ධා සම්පවන්ති. කථංරූපෙන ආවුසො සාරිපුත්ත භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා”ති?
31. මෙසේ කී කල්හි ආයුෂ්මත් මොග්ගල්ලාන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ: වහන්ස, මම ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් තෙල කීමි: ඇවැත් ශාරිපුත්‍රයෙනි, අප සියලු දෙනාම විසින් ම සිය වැටහීම පරිදි ප්‍රකාශ කරණ ලදී. එහි දැන් අපි ආයුෂ්මත් ශාරිපුත්‍රයන් විචාරම්හ. “ඇවැත් ශාරිපුත්‍රයෙනි, ගෝසිඞ්ගසාලවනය සිත්කලු ය. රාත්‍රිය දෝෂාපගත ය. වෘක්ෂයෝ සර්වාකාරයෙන් පිපී ගියහ. දිවසුවඳ වැනි සුවඳ හමයි. ඇවැත් ශාරිපුත්‍රයෙනි, කෙබඳු ස්වරූප ඇති භික්ෂු කෙනෙකු විසින් ගෝසිඞ්ගසාලවනය හොබනේ වේ ද?”.
32. එවං වුත්තෙ භන්තෙ ආයස්මා සාරිපුත්තො මං එතදවොච: “ඉධාවුසො මොග්ගල්ලාන භික්ඛු චිත්තං වසං වත්තෙති, නො ච භික්ඛු චිත්තස්ස වසෙන වත්තති. සො යාය විහාරසමාපත්තියා ආකඞ්ඛති පුබ්බන්හසමයං විහරිතුං තාය විහාරසමාපත්තියා පුබ්බන්හසමයං විහරති. යාය විහාරසමාපත්තියා ආකඞ්ඛති මජ්ඣන්තිකං සමයං විහරිතුං තාය විහාරසමාපත්තියා මජ්ඣන්තිකං සමයං විහරති. යාය විහාරසමාපත්තියා ආකඞ්ඛති සායන්හසමයං විහරිතුං තාය විහාරසමාපත්තියා සායන්හසමයං විහරති. –
32. වහන්ස, මෙසේ කී කල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝ මට තෙල කීහ: “ඇවැත් මොග්ගල්ලානයෙනි, මේ ශාසනයෙහි මහණෙක් සිත තමා වශයෙහි පවත්වයි. මහණ තෙමේ චිත්තවශයෙහි නො පවත්නේ වෙයි. හෙ යම් විහාරසමාපත්තියෙකින් පෙරවරුකාලය වාස කරන්නට කැමැති වේ නම්, ඒ විහාරසමාපත්තියෙන් පෙරවරුකාලයෙහි වාස කරයි. යම් විහාරසමාපත්තියෙකින් මධ්‍යාහනකාලයෙහි වාස කරන්නට කැමැති වේ නම්, ඒ විහාරසමාපත්තියෙන් මධ්‍යාහනකාලයෙහි වාස කරයි. යම් විහාරසමාපත්තියෙකින් සවස්කාලයෙහි වාස කරන්නට කැමැති වේ නම්, ඒ විහාරසමාපත්තියෙන් සවස්කාලයෙහි වාස කරයි. -
සෙය්යථාපි ආවුසො මොග්ගල්ලාන, රඤ්ඤො වා රාජමහාමත්තස්ස වා නානාරත්තානං දුස්සානං දුස්සකරණ්ඩකො පූරො අස්ස. සො යඤ්ඤදෙව දුස්සයුගං ආකඞ්ඛෙය්ය පුබ්බන්හසමයං පාරුපිතුං තං තදෙව දුස්සයුගං පුබ්බන්හසමයං පාරුපෙය්ය, යඤ්ඤදෙව දුස්සයුගං ආකඞ්ඛෙය්ය මජ්ඣන්තිකං සමයං පාරුපිතුං තං තදෙව දුස්සයුගං මජ්ඣන්තිකං සමයං පාරුපෙය්ය, යඤ්ඤදෙව දුස්සයුගං ආකඞ්ඛෙය්ය සායන්හසමයං පාරුපිතුං තං තදෙව දුස්සයුගං සායන්හසමයං පාරුපෙය්ය; එවමෙව ඛො ආවුසො මොග්ගල්ලාන භික්ඛු චිත්තං වසං වත්තෙති, නො ච භික්ඛු චිත්තස්ස වසෙන වත්තති. සො යාය විහාරසමාපත්තියා ආකඞ්ඛති පුබ්බන්හසමයං විහරිතුං තාය විහාරසමාපත්තියා පුබ්බන්හසමයං විහරති. යාය විහාරසමාපත්තියා ආකඞ්ඛති මජ්ඣන්තිකං සමයං විහරිතුං තාය විහාරසමාපත්තියා මජ්ඣන්තිකං සමයං විහරති. යාය විහාරසමාපත්තියා ආකඞ්ඛති සායන්හසමයං විහරිතුං, තාය විහාරසමාපත්තියා සායන්හසමයං විහරති. එවරූපෙන ඛො ආවුසො මොග්ගල්ලාන භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යා”ති.
ඇවැත් මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්ස, යම් සේ රජකුගේ හෝ රාජමහාමාත්රයකුගේ හෝ සලුපෙට්ටිය නොයෙක් පැහැයෙන් රඳනා ලද වස්ත්‍රයෙන් පිරුණේ ද, හෙ යම් යම් සළුසඟළක් පෙරවරුවේ පෙරවීමට සතුටු වේ නම්, පෙරවරුවේ ඒ සළුසඟළ ම පොරවන්නේ ද, යම් යම් සළුසඟළක් මධ්‍යාහ්න වේලාවේ පෙරවීමට සතුටු වේ නම්, ඒ සළුසඟළ ම මධ්‍යාහ්න වේලාවේ පොරවන්නේ ද, යම් යම් සළුසඟළක් සවස්කාලයෙහි පෙරවීමට සතුටු වේ නම්, ඒ සළුසඟළ ම සවස්කාලයෙහි පොරවන්නේ ද, ඇවැත් මොග්ගල්ලානයෙනි, මෙපරිද්දෙන් ම මහණෙක් සිත සියවසයෙහි පවත්වයි. මහණෙක් චිත්තයාගේ වශයෙන් නො පවතියි. හෙ යම් විහාරසමාපත්තියෙකින් පෙරවරුකාලය වාස කරන්නට කැමැති වේ නම්, ඒ විහාරසමාපත්තියෙන් පෙරවරුකාලයෙහි වාස කරයි. යම් විහාරසමාපත්තියෙකින් මධ්යකාලයෙහි වාස කරන්නට කැමැති වේ නම්, ඒ විහාරසමාපත්තියෙන් මධ්‍යාහනකාලයෙහි වාස කරයි. යම් විහාරසමාපත්තියෙකින් සවස්කාලයෙහි වාස කරන්නට කැමැති වේ නම්, ඒ විහාරසමවතින් සවස්කාලයෙහි වාස කරයි. ඇවැත් මොග්ගල්ලානයෙනි, මෙබඳු ස්වරූප ඇති භික්ෂු විසින් ගෝසිඞ්ගසාලවනය ශෝභන වන්නේය.”
32. “සාධු සාධු මොග්ගල්ලාන, යථා තං සාරිපුත්තොව සම්මා බ්යාකරමානො බ්යාකරෙය්ය. සාරිපුත්තො හි මොග්ගල්ලාන චිත්තං වසං වත්තෙති. නො ච සාරිපුත්තො චිත්තස්ස වසෙන වත්තති. සො යාය විහාරසමාපත්තියා ආකඞ්ඛති පුබ්බන්හසමයං විහරිතුං තාය විහාරසමාපත්තියා පුබ්බන්හසමයං විහරති. යාය විහාරසමාපත්තියා ආකඞ්ඛති මජ්ඣන්තිකං සමයං විහරිතුං තාය විහාරසමාපත්තියා මජ්ඣන්තිකං සමයං විහරති යාය විහාරසමාපත්තියා ආකඞ්ඛති සායන්හසමයං විහරිතුං තාය විහාරසමාපත්තියා සායන්හසමයං විහරතී”ති.
32. “මොග්ගල්ලානය, මැනැව මැනැව. ශාරිපුත්‍ර තෙමේ ම තම අදහස මොනොවට පවසනුයේ යම් සේ පවසන්නේ ද, එසෙයින් ම ශාරිපුත්‍ර විසින් එය (අචිත්තවසිකභාවය) පවසන ලදී. මොග්ගල්ලානය, ශාරිපුත්‍ර තෙමේ සිත වසඟ කොට වසයි. ශාරිපුත්‍ර තෙමේ ඒකාන්තයෙන් චිත්තයාගේ වශයෙන් නොපවතියි. හෙතෙම යම් විහාරසමාපත්තියෙකින් පෙරවරුකාලය වාස කරන්නට කැමැති වේ නම්, ඒ විහාරසමාපත්තියෙන් පෙරවරුකාලයෙහි වාස කරයි. යම් විහාරසමාපත්තියෙකින් මැදිකාලයෙහි වාස කරන්නට කැමැති වේ නම්, ඒ විහාරසමාපත්තියෙන් මැදිකාලයෙහි වාස කරයි. යම් විහාරසමාපත්තියෙකින් සවස්කාලයෙහි වාස කරන්නට කැමැති වේ නම්, ඒ විහාරසමවතින් සවස්කාලයෙහි වාස කරයි.”
33. එවං වුත්තෙ ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච: කස්ස නු ඛො භන්තෙ සුභාසිතන්ති?
33. මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: භාග්‍යවතුන් වහන්ස, සුභාසිතය කවරකුගේ වේ ද?
34. සබ්බෙසං වො සාරිපුත්ත සුභාසිතං පරියායෙන. අපි ච මමපි සුණාථ යථාරූපෙන භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්‍ය. ඉධ සාරිපුත්ත භික්ඛු පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා ‘න තාවාහං ඉමං පල්ලඞ්කං භින්දිස්සාමි යාව මෙ නානුපාදාය ආසවෙහි චිත්තං විමුච්චිස්සතී’ති. එවරූපෙන ඛො සාරිපුත්ත භික්ඛුනා ගොසිඞ්ගසාලවනං සොභෙය්යාති.
34. ශාරිපුත්‍රය, තොප හැමගේ භාසිතයෝ ඒ ඒ ක්‍රමයෙන් සුභාසිත වෙති. එසේ ද වුවත් යම්බඳු භික්ෂු කෙනෙකු විසින් ගෝසිඞ්ගසාලවනය හොබනේ වේ නම්, එ පිළිබැඳි මබස ද අසව. ශාරිපුත්‍රය, මේ ශාසනයෙහි යම් මහණෙක් බතින් පසු පිණ්ඩපාතයෙන් වැළැක්කේ පලක් බැඳ කය ඍජු කොට තබා සිහිය කර්මස්ථානයට අභිමුඛ කොට ‘යම් තාක් මගේ සිත උපාදාන විසින් නො ගෙණ ආස්‍රවයන් කෙරෙන් මිදේ ද, ඒ තාක් මේ පලඟ නො බිඳින්නෙමි’යි සිතා හිඳගණී ද, ශාරිපුත්‍රය, මෙ වැනි භික්ෂු කෙනෙකු විසින් ගෝසිඞ්ගසාලවනය හොබනේ ය යි. (මෙයින් බුදුහු ජනතානුකම්පාවෙන් පිළිවෙත්සරු කලණ පුහුදුන්ට රහත්බැව් පිණිස තමන් වහන්සේ බෝමැඩදී ඉටු පරිදි චතුරඞ්ගවිරියාධිට්ඨානය දැක්වූ සේ යි.)
ඉදමවොච භගවා. අත්තමනා තෙ ආයස්මන්තො භගවතො භාසිතං අභිනන්දුන්ති.
භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක. සතුටු වූ ඒ ආයුෂ්මත්හු භාග්‍යවතුන් වහන්සේ භාෂිතය අභිනන්දන කළහ.
මහාගොසිඞ්ගසුත්තං දුතියං.
මහාගෝසිඞ්ග සූත්‍රය දෙවැනි යි.