මහාගොපාලකසුත්තං
1. 4. 3.
1. 4. 3.
මහාගොපාලකසුත්තං
මහාගෝපාලක සූත්‍රය
1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: භික්ඛවොති. භදන්තෙ’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එ කල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්ෂූන් ආමන්ත්‍රණය කළ සේක. ඒ භික්ෂූහු ‘වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.
2. එකාදසහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො ගොපාලකො අභබ්බො ගොගණං පරිහරිතුං ඵාතිකත්තුං. කතමෙහි එකාදසහි?
2. මහණෙනි, අඞ්ග (අයුණු කොටස්) එකොළොසෙකින් සමන්වාගත ගොපලු ගෙරිමුළ රක්නට වෘද්ධි කරන්නට අභව්‍ය වෙයි. කවර එකොළොසෙකින යත්:
ඉධ භික්ඛවෙ ගොපාලකො න රූපඤ්ඤූ හොති. න ලක්ඛණකුසලො හොති. න ආසාටිකං සාටෙතා හොති. න වණං පටිච්ඡාදෙතා හොති. න ධූමං කත්තා හොති. න තිත්ථං ජානාති. න පීතං ජානාති. න වීථිං ජානාති. න ගොචරකුසලො හොති. අනවසෙසදොහී ච හොති. යෙ තෙ උසභා ගොපිතරො ගොපරිණායකා තෙ න අතිරෙක පූජාය පූජෙතා හොති. ඉමෙහි ඛො භික්ඛවෙ එකාදසහි අඞ්ගෙහි සමන්නාගතො ගොපාලකො අභබ්බො ගොගණං පරිහරිතුං ඵාතිකත්තුං.
මහණෙනි, මේ ලෝකයෙහි ගොපලු (ගෙරිරැළ ගණනින් හෝ සුදු රතු පැහැයෙන්) ගෝරූප නො දන්නේ වේ ද, (ගෙරි සිරුරෙහි දුනු-සිරි-තිසුල් ආදි) ලකුණෙහි දක්ෂ නො වේ ද, (වෙනෙහි කණුකටුයෙන් සමබුන් තැන නිලමැස්සන් ලූ) මැසිබිජු නො හරනේ වේ ද, (ගෙරි ඇඟ හටගත්) වණ (බෙහෙත් ලා) නො වසන්නේ වේ ද, (මැසිමදුරු වළහනු සඳහා ගොවදෙහි) දුම් නො කරන්නේ වේ ද, (ගෙරින් බැසිය යුතු) තොටුපළ නො දනී ද, (ගෙරින්) පානය කළ නො කළ බව නො දනී ද, ගමන්මග නො දනී ද, ගෙරින් හැසිරවිය යුතු තැන්හි (තණබිම්හි) අදක්ෂ වේ ද, (වසු පිණිස) ඉතිරි නො කොට කිරි දොවනසුලු වේ ද, ගෝපිතෘ වූ ගොපරිණායක වූ යම් වැහැප්හු ඇද්ද, උනට විශේෂ සැලකිලි නො දක්වන්නේ වේ ද, මහණෙනි, මේ එකොළොස් අඞ්ගයෙන් යුක්ත ගොපලු ගෙරිමුළ පාලනය කරන්නට වැඩි කරන්නට නොනිසි වෙයි.
3. එවමෙව ඛො භික්ඛවෙ එකාදසහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අභබ්බො ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිතුං. කතමෙහි එකාදසහි?
3. මහණෙනි, මෙ පරිද්දෙන් ම එකොළොස් අඞ්ගයෙකින් යුක්ත මහණ මේ ශාසනයෙහි වෘද්ධියට විරූඪියට විපුලත්වයට පැමිණීමට අභව්‍ය වෙයි. කවර එකොළොසෙකින යත්:
ඉධ භික්ඛවෙ භික්ඛු න රූපඤ්ඤූ හොති. න ලක්ඛණකුසලො හොති. න ආසාටිකං සාටෙතා හොති. න වණං පටිච්ඡාදෙතා හොති. න ධූමං කත්තා හොති. න තිත්ථං ජානාති. න පීතං ජානාති. න වීථිං ජානාති. න ගොචරකුසලො හොති. අනවසෙසදොහී ච හොති. යෙ තෙ භික්ඛූ ථෙරා රත්තඤ්ඤූ චිරපබ්බජිතා සඞ්ඝපිතරො සඞ්ඝපරිණායකා තෙ න අතිරෙකපූජාය පූජෙතා හොති.
මහණෙනි, මේ ශාසනයෙහි මහණ රූපඥ නො වේ ද, ලක්‍ෂණකුශල නො වේ ද, ආසාටිකාපහරණ නො කරන්නේ වේ ද, වණ නො වසන්නේ වේ ද, දුම් නො කරන්නේ වේ ද, තොටුපළ නො දනී ද, පීතය නො දනී ද, වීථිය නො දනී ද, ගෝචරයෙහි අදක්ෂ වේ ද, අනවශේෂදෝහන කරන්නේ වේ ද, රාත්‍රඥ වූ බොහෝ කල් ඉක්මවූ සඞ්ඝපිතෘ වූ සඞ‍්ඝපරිණායක වූ යම් ස්ථවිරභික්ෂූහු වෙත් නම්, ඔවුන් අතිරේකපූජාවෙන් නො පුදන්නේ වේ ද යන කරුණු එකොළොසිනි.
(1.) කථඤ්ච භික්ඛවෙ භික්ඛු න රූපඤ්ඤූ හොති? ඉධ භික්ඛවෙ භික්ඛු “යං කිඤ්චි රූපං සබ්බං රූපං චත්තාරි මහාභූතානි චතුන්නඤ්ච මහාභූතානං උපාදාය රූපන්ති” යථාභූතං නප්පජානාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු න රූපඤ්ඤූ හොති.
(1) මහණෙනි, මහණ කෙසේ නම් රූපඥ නො වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් “යම් කිසි රූපයෙක් වේ නම්, එ හැම රූප (මෙතෙක්) සතරමහාභූතයෝ ය. (මෙතෙක්) සතරමහාභූතයන්ගේ උපාදාය රූපය”යි තත් වූ පරිදි නො දනී ද, මහණෙනි, මෙසේ මහණ රැපඥ නොවේ.
(2.) කථඤ්ච භික්ඛවෙ භික්ඛු න ලක්ඛණකුසලො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු “කම්මලක්ඛණො බාලො, කම්මලක්ඛණො පණ්ඩිතො”ති යථාභූතං නප්පජානාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු න ලක්ඛණකුසලො හොති.
(2) මහණෙනි, මහණ කෙසේ නම් ලක්‍ෂණකුශල නො වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් “අඥානයා ක්‍රියාව ලක්ෂණ කොට ඇත, පණ්ඩිතයා ක්‍රියාව ලක්ෂණ කොට ඇතැ” යි තත් වූ පරිදි නො දනී ද, මහණෙනි, මෙසේ මහණ ලක්ෂණයෙහි අදක්ෂ වෙයි.
(3.) කථඤ්ච භික්ඛවෙ භික්ඛු න ආසාටිකං සාටෙතා හොති? ඉධ භික්ඛවෙ භික්ඛු උප්පන්නං කාමවිතක්කං අධිවාසෙති, නප්පජහති න විනොදෙති න බ්යන්තීකරොති න අනභාවං ගමෙති. උප්පන්නං බ්යාපාදවිතක්කං -පෙ- උප්පන්නං විහිංසාවිතක්කං -පෙ- උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ අධිවාසෙති, නප්පජහති න විනොදෙති න බ්යන්තීකරොති න අනභාවං ගමෙති. එවං ඛො භික්ඛවෙ භික්ඛු න ආසාටිකං සාටෙතා හොති.
(3) මහණෙනි, මහණ කෙසේ නම් ආසාටිකාපහරණ නො කරන්නේ (විතර්ක නමැති ඉහඬ නොහරණෙ) වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ උපන් කාමවිතර්ක සිත්හි වාස කරවයි. දුරු නො කෙරේ. කෙළවර නො කරයි. අභාවයට (විනාශයට) නො පමුණුවයි. උපන් ව්යාපාදවිතර්ක ... උපන් විහිංසාවිතර්ක ... උපනුපන් ලාමක වූ අකුශලධර්ම සිත්හි වාස කරවයි. දුරු නො කෙරේ. කෙළවර නො කෙරේ. අභාවයට නො පමුණුවයි. මහණෙනි, මෙසේ මහණ ආසාටිකාපහරණ (මැසිබිජු බඳු කාමාදි විතර්ක නෙරීම) නො කරන්නේ වේ.
(4.) කථඤ්ච භික්ඛවෙ භික්ඛු න වණං පටිච්ඡාදෙතා හොති? ඉධ භික්ඛවෙ භික්ඛු චක්ඛුනා රූපං දිස්වා නිමිත්තග්ගාහී හොති අනුබ්යඤ්ජනග්ගාහී, යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං තස්ස සංවරාය න පටිපජ්ජති, න රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ න සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය නිමිත්තග්ගාහී හොති අනුබ්යඤ්ජනග්ගාහී, යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය න පටිපජ්ජති, න රක්ඛති මනින්ද්රියං, මනින්ද්රියෙ න සංවරං ආපජ්ජති. එවං ඛො භික්ඛවෙ භික්ඛු න වණං පටිච්ඡාදෙතා හොති.
(4) මහණෙනි, කෙසේ නම් මහණ වණ නො වසන්නේ (ඉන්ද්රිය සංවර නො කරන්නේ) වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ ඇසින් රූපයක් දැක නිමිති (ස්ත්රීපුරුෂආකාරාදිය) සිතට ගන්නේ වේ. (හස්තපාදාදි) අනුව්‍යඤ්ජනයන් සිතට ගන්නේ වේ. යම් කාරණයෙකින් චක්ෂුරින්ද්රියය සංවර නො කොට වාස කරන්නා වූ මේ පුඟුලා අභිධ්යාදෞර්මනස්ය වූ පාපඅකුශලධර්මයෝ අනුබඳනාහු ද, ඒ චක්‍ෂුරින්‍ද්‍රිය පිළිබඳ සංවරය පිණිස නො පිළිපදියි. චක්‍ෂුරින්‍ද්‍රිය නො රකියි. චක්ෂුරින්ද්රියයෙහි සංවරයට නො පැමිණෙයි. කණින් ශබ්දයක් අසා ... නාසායෙන් ගඳක් ආඝ්‍රාණය කොට ... දිවෙන් රසයක් විඳ ... කයින් පැහැසිය යුත්තක් පහසා ... සිතින් ධර්මයක් දැන නිමිති ගන්නේ වේ. අනුව්‍යඤ්ජන ගන්නේ වේ. යම් කාරණයෙකින් මනින්‍ද්‍රිය සංවරය නො කොට වාස කරන්නා වූ ඒ පුඟුලා අභිධ්යාදෞර්මනස්ය වූ පාපකඅකුශලධර්‍මයෝ ලුහු බඳනාහු ද, ඒ මනින්ද්රියයාගේ සංවරය පිණිස නො පිළිපදියි. මනින්‍ද්‍රිය නො රකියි. මනින්ද්රියයෙහි සංවරයට නො පැමිණෙ යි. මහණෙනි, මහණ මෙසේ වණ නො වසන්නේ වෙයි.
(5.) කථඤ්ච භික්ඛවෙ භික්ඛු න ධූමං කත්තා හොති? ඉධ භික්ඛවෙ භික්ඛු යථාසුතං යථාපරියත්තං ධම්මං න විත්ථාරෙන පරෙසං දෙසෙතා හොති. එවං ඛො භික්ඛවෙ භික්ඛු න ධූමං කත්තා හොති.
(5) මහණෙනි, කෙසේ නම් මහණ දම් නො කරන්නේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ ඇසු පරිදි පුහුණු කළ පරිදි ධර්මය විස්තරවශයෙන් අනුන්ට නො දෙසන්නේ වේ. මහණෙනි, මෙසේ මහණ දුම් නො කරන්නේ වෙයි.
(6.) කථඤ්ච භික්ඛවෙ භික්ඛු න තිත්ථං ජානාති? ඉධ භික්ඛවෙ භික්ඛු යෙ තෙ භික්ඛූ බහුස්සුතා ආගතාගමා ධම්මධරා විනයධරා මාතිකාධරා, තෙ කාලෙන කාලං උපසඞ්කමිත්වා න පරිපුච්ඡති න පරිපඤ්හති: ඉදං භන්තෙ කථං, ඉමස්ස කො අත්ථොති? තස්ස තෙ ආයස්මන්තො අවිවටඤ්චෙව න විවරන්ති, අනුත්තානීකතඤ්ච න උත්තානීකරොන්ති, අනෙකවිහිතෙසු ච කඞ්ඛාඨානීයෙසු ධම්මෙසු කඞ්ඛං න පටිවිනොදෙන්ති. එවං ඛො භික්ඛවෙ භික්ඛු න තිත්ථං ජානාති.
(6) මහණෙනි, කෙසේ නම් මහණ තොටුපළ (ගුරූපාසනය) නො දනී ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ බහුශ්‍රුත වූ දත් ආගම ඇති ධර්මධර වූ විනයධර වූ මාතෘකාධර වූ යම් ඒ භික්ෂූහු වෙත් ද, ඒ භික්ෂූන් වෙත කලින් කල එළඹ ‘වහන්ස, මෙය කෙසේ ද, මේ භාෂිතයාගේ අර්ත්ථය කවරේ දැ’යි නො අසයි. ප්‍රශ්න නො කෙරේ ඔහුට ඒ ආයුෂ්මත්හු විවෘත නො වූවක් විවෘත නො කෙරෙත්. පැහැදිලි නො වූවක් පැහැදිලි නො කෙරෙත්. ප්‍රකට නො වූවක් ප්‍රකට නො කෙරෙත්. නන්වැදෑරුම් නොයෙක් සැක සහිත ධර්මයන්හි සැක දුරු නො කෙරෙත්. මහණෙනි, මෙසේ මහණ තොටුපළ නො දන්නේ වේ.
(7.) කථඤ්ච භික්ඛවෙ භික්ඛු න පීතං ජානාති? ඉධ භික්ඛවෙ භික්ඛු තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ දෙසියමානෙ න ලභති අත්ථවෙදං, න ලභති ධම්මවෙදං, න ලභති ධම්මූපසංහිතං පාමොජ්ජං. එවං ඛො භික්ඛවෙ භික්ඛු න පීතං ජානාති.
(7) මහණෙනි, කෙසේ නම් මහණ පානය (ධර්මප්‍රීතිය) නො දන්නේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ බුදුන් වදාළ ධර්මය දෙසනු ලබන කල්හි අර්ත්ථය දැන ප්‍රීතිය නො ලබයි. ධර්මය දැන ප්‍රීතිය නො ලබයි. ධර්මය ඇසුරු කළ ප්‍රමෝදය නො ලබයි. මහණෙනි, මෙසේ මහණ පානය නො දන්නේ වේ.
(8.) කථඤ්ච භික්ඛවෙ භික්ඛු න වීථිං ජානාති? ඉධ භික්ඛවෙ භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං යථාභූතං නප්පජානාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු න වීථිං ජානාති.
(8) මහණෙනි, මහණ කෙසේ නම් වීථිය - මාර්ගය නො දන්නේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ මහණ වීථිය නො දන්නේ වෙයි.
(9.) කථඤ්ච භික්ඛවෙ භික්ඛු න ගොචරකුසලො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු චත්තාරො සතිපට්ඨානෙ යථාභූතං නප්පජානාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු න ගොචරකුසලො හොති.
(9) මහණෙනි, මහණ කෙසේ නම් ගෝචරයෙහි අදක්ෂ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ සතර සීවටන් තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ මහණ ගෝචරයෙහි අදක්ෂ වෙයි.
(10.) කථඤ්ච භික්ඛවෙ භික්ඛු අනවසෙසදොහී හොති? ඉධ භික්ඛවෙ භික්ඛුං සද්ධා ගහපතිකා අභිහට්ඨුං පවාරෙන්ති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙහි. තත්ර භික්ඛු මත්තං න ජානාති පටිග්ගහණාය. එවං ඛො භික්ඛවෙ භික්ඛු අනවසෙසදොහී හොති.
(10) මහණෙනි, මහණ කෙසේ නම් ඉතිරි නො කොට දොවන්නේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණකු ශ්රද්ධාවත් ගැහැවියෝ චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්යයපරිෂ්කාර යන මෙයින් ලඟට ගෙන ගොස් පවරත්. මහණ තෙමේ එහිදී පිළිගැණීමේ ප්‍රමාණය නො දනී (සියල්ලම ගණී). මහණෙනි, මෙසේ මහණ ඉතිරි නො කොට දොවන්නේ වේ.
(11.) කථඤ්ච භික්ඛවෙ භික්ඛු යෙ තෙ භික්ඛූ ථෙරා රත්තඤ්ඤූ චිරපබ්බජිතා සඞ්ඝපිතරො සඞ්ඝපරිණායකා, තෙ න අතිරෙකපූජාය පූජෙතා හොති? ඉධ භික්ඛවෙ භික්ඛු යෙ තෙ භික්ඛූ ථෙරා රත්තඤ්ඤූ චිරපබ්බජිතා සඞ්ඝපිතරො සඞ්ඝපරිණායකා, තෙසු න මෙත්තං කායකම්මං පච්චුපට්ඨාපෙති ආවී චෙව රහො ච, න මෙත්තං වචීකම්මං පච්චුපට්ඨාපෙති ආවී චෙව රහො ච, න මෙත්තං මනොකම්මං පච්චුපට්ඨාපෙති ආවී චෙව රහො ච. එවං ඛො භික්ඛවෙ භික්ඛු යෙ තෙ භික්ඛූ ථෙරා රත්තඤ්ඤූ චිරපබ්බජිතා සඞ්ඝපිතරො සඞ්ඝපරිණායකා, තෙ න අතිරෙකපූජාය පූජෙතා හොති.
(11) මහණෙනි, මහණ කෙසේ නම් රාත්‍රඥ වූ පැවිදි ව බොහෝ කල් ඇති සඞ්ඝපිතෘ වූ සඞ‍්ඝපරිණායක වූ යම් ස්ථවිර භික්ෂූහු වෙත් නම්, ඔවුන් අතිරේකපූජාවෙන් නො පුදන්නේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ චිරරාත්‍රඥ වූ පැවිදි ව බොහෝ කල් ඇති සඞ්ඝපිතෘ වූ සඞ‍්ඝපරිණායක වූ යම් ස්ථවිර භික්ෂු කෙනෙක් වෙත් නම්, ඔවුන් කෙරෙහි හමුවෙහි ද නො හමුවෙහි ද මෛත්‍රීසහගත කායකර්ම ය නො එළවයි. මෛත්‍රී වාක්කර්‍මය හමුවෙහි ද නො හමුවෙහි ද නො එළවයි. මෛත්‍රීමනඃකර්‍මය හමුවෙහි ද නො හමුවෙහි ද නො එළවයි. මහණෙනි, මෙසේ මහණ චිරරාත්‍රඥ වූ පැවිදි ව බොහෝ කල් ඇති සඞ්ඝපිතෘ වූ සඞ‍්ඝපරිණායක වූ යම් ඒ ස්ථවිරභික්ෂුහුකෙනෙක් වෙත් නම්, ඔවුන් අතිරේකපූජාවෙන් නො පුදන්නේ වේ.
ඉමෙහි ඛො භික්ඛවෙ එකාදසහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අභබ්බො ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිතුං.
මහණෙනි, මේ එකොළොස් අඞ්ගයෙන් යුක්ත මහණ මේ ශාසනයෙහි දියුණුවට වැඩීමට විපුලත්වයට පැමිණීමට සුදුස්සෙක් නො වේ.
4. එකාදසහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො ගොපාලකො භබ්බො ගොගණං පරිහරිතුං ඵාතිකත්තුං. කතමෙහි එකාදසහි?
4. මහණෙනි, එකොළොස් කරුණෙකින් යුක්ත ගොපලු තෙමේ ගෝසමූහය පරිහරණය කරන්නට දියුණු කරන්නට සුදුස්සෙක් වෙයි. කවර එකොළොසෙකින් ද?
ඉධ භික්ඛවෙ ගොපාලකො රූපඤ්ඤූ හොති, ලක්ඛණකුසලො හොති, ආසාටිකං සාටෙතා හොති, වණං පටිච්ඡාදෙතා හොති, ධූමං කත්තා හොති, තිත්ථං ජානාති, පීතං ජානාති, වීථිං ජානාති, ගොචරකුසලො හොති, සාවසෙසදොහී ච හොති, යෙ තෙ උසභා ගොපිතරො ගොපරිණායකා, තෙ අතිරෙකපූජාය පූජෙතා හොති. ඉමෙහි ඛො භික්ඛවෙ එකාදසහි අඞ්ගෙහි සමන්නාගතො ගොපාලකො භබ්බො ගොගණං පරිහරිතුං ඵාතිකත්තුං.
මහණෙනි, මේ ලෝකයෙහි ගොපලු තෙමේ රූපඥ වේ. ලක්ෂණයෙහි දක්ෂ වේ. මැසිබිජු ඉවත ලන්නේ වේ. වණ වසන්නේ වේ. දුම් කරන්නේ වේ. තොටුපළ දනී. පීතය දනී. මාර්ගය දනී. තණබිම්හි දක්ෂ වේ. ඉතිරි කොට දොවන්නේ වේ. ගෝපිතෘ වූ ගොපරිණායක වූ යම් ඒ වෘෂභයෝ වෙත් නම්, ඔවුන් අතිරේකපූජාවෙන් පුදන්නේ වේ. මහණෙනි, මේ එකොළොස් අඞ්ගයෙන් යුක්ත ගොපලු තෙමේ ගොසමූහය පරිහරණය කරන්නට දියුණු කරන්නට සුදුස්සෙක් වෙයි.
5. එවමෙව ඛො භික්ඛවෙ එකාදසහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු භබ්බො ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිතුං. කතමෙහි එකාදසහි?
5. මහණෙනි, එපරිද්දෙන් ම එකොළොස් අඞ්ගයෙකින් යුක්ත මහණ මේ ශාසනයෙහි දියුණුවට වැඩීමට විපුලත්වයට සුදුස්සෙක් වෙයි. කවර එකොළොසෙකින් ද?
ඉධ භික්ඛවෙ භික්ඛු රූපඤ්ඤූ හොති, ලක්ඛණකුසලො හොති, ආසාටිකං සාටෙතා හොති, වණං පටිච්ඡාදෙතා හොති, ධූමං කත්තා හොති, තිත්ථං ජානාති, පීතං ජානාති, වීථිං ජානාති, ගොචරකුසලො හොති, සාවසෙසදොහී ච හොති, යෙ තෙ භික්ඛූ ථෙරා රත්තඤ්ඤූ චිරපබ්බජිතා සඞ්ඝපිතරො සඞ්ඝපරිණායකා තෙ අතිරෙකපූජාය පූජෙතා හොති.
මහණෙනි, මේ ශාසනයෙහි මහණ රූපඥ වේ. ලක්ෂණයෙහි දක්ෂ වේ. මැසිබිජු ඉවත් කරන්නේ වේ. වණ වසන්නේ වේ. දුම් කරන්නේ වේ. තොටුපළ දනී. පීතය දනී. ගමන් මග දනී. ගෝචරයෙහි දක්ෂ වේ. ඉතිරි කොට දොවන්නේ වේ. රාත්‍රඥ වූ පැවිදිව බොහෝ කල් ඇති සඞ්ඝපිතෘ වූ සඞ‍්ඝපරිණායක වූ යම් ස්ථවිර භික්ෂු කෙනෙක් වෙත් නම්, ඔවුන් අතිරේකපූජාවෙන් පුදන්නේ වේ. (මේ අඞ්ග එකොළොසිනි.)
(1.) කථඤ්ච භික්ඛවෙ භික්ඛු රූපඤ්ඤූ හොති? ඉධ භික්ඛවෙ භික්ඛු යං කිඤ්චි රූපං, සබ්බං රූපං චත්තාරි මහාභූතානි චතුන්නඤ්ච මහාභූතානං උපාදායරූපන්ති යථාභූතං පජානාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු රූපඤ්ඤූ හොති.
(1) මහණෙනි, මහණ කෙසේ නම් රූපඥ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ යම් කිසි රූපයෙක් වේ නම්, ‘ඒ සියලු රූපය සතර මහා භූතයෝ ය. සතර මහා භූතයන්ගේ උපාදාය රූප ය’යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ මහණ රූපඥ වේ.
(2.) කථඤ්ච භික්ඛවෙ භික්ඛු ලක්ඛණකුසලො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු ‘කම්මලක්ඛණො බාලො, කම්මලක්ඛණො පණ්ඩිතො’ති යථාභූතං පජානාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු ලක්ඛණකුසලො හොති.
(2) මහණෙනි, මහණ කෙසේ නම් ලක්ෂණයෙහි දක්ෂ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ ‘බාලයා ක්‍රියාව ලක්ෂණ කොට ඇත්තේ ය. පණ්ඩිතයා ක්‍රියාව ලක්ෂණ කොට ඇත්තේ ය’යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ මහණ ලක්ෂණයෙහි දක්ෂ වේ.
(3.) කථඤ්ච භික්ඛවෙ භික්ඛු ආසාටිකං සාටෙතා හොති? ඉධ භික්ඛවෙ භික්ඛු උප්පන්නං කාමවිතක්කං නාධිවාසෙති, පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති. උප්පන්නං බ්යාපාදවිතක්කං -පෙ- උප්පන්නං විහිංසාවිතක්කං -පෙ- උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ නාධිවාසෙති, පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති. එවං ඛො භික්ඛවෙ භික්ඛු ආසාටිකං සාටෙතා හොති.
(3) මහණෙනි, මහණ කෙසේ නම් මැසිබිජු ඉවත් කරන්නේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ උපන් කාමවිතර්ක සිත්හි නො වස්වයි. දුරු කෙරේ, පෙළයි, කෙළවර කෙරේ, පිළිවෙළින් අභාවයට පමුණුවයි. උපන් ව්‍යාපාදවිතර්‍කය ... උපන් විහිංසා විතර්කය ... උපනුපන් ලාමක අකුශලධර්මයන් සිත්හි නො වස්වයි. දුරු කෙරේ, පෙළයි, කෙළවර කෙරේ. පිළිවෙළින් අභාවයට පමුණුවයි. මහණෙනි, මෙසේ මහණ ඉහඬ ඉවත් කරන්නේ වේ.
(4.) කථඤ්ච භික්ඛවෙ භික්ඛු වණං පටිච්ඡාදෙතා හොති? ඉධ භික්ඛවෙ භික්ඛු චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති. රක්ඛති මනින්ද්රියං, මනින්ද්රියෙ සංවරං ආපජ්ජති. එවං ඛො භික්ඛවෙ භික්ඛු වණං පටිච්ඡාදෙතා හොති.
(4) මහණෙනි, මහණ කෙසේ නම් වණ වසන්නේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ ඇසින් රූප දැක නිමිති නො ගන්නේ වේ. අනුව්‍යඤ්ජන නො ගන්නේ වේ. යම් කාරණයෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය සංවර නො කොට වසන්නා වූ මේ පුඟුලා අභිධ්යාදෞර්මනස්ය වූ පවිටු අකුශලධර්‍මයෝ ලුහුබඳනාහු නම්, ඒ චක්ෂුරින්ද්රියයාගේ සංවරය පිණිස පිළිපදියි. චක්ෂුරින්ද්රියය රකියි. චක්ෂුරින්ද්රියයෙහි සංවරයට පැමිණෙයි. කණින් ශබ්දයක් අසා ... නාසයෙන් ගඳ ආඝ්‍රාණය කොට ... දිවෙන් රස විඳ ... කයින් පැහැසිය යුක්ත පහසා ... සිතින් ධර්මය දැන නිමිති නො ගන්නේ වෙයි. අනුවියඳුන් නො ගන්නේ වෙයි. යම් කාරණයෙකින් මනින්‍ද්‍රිය සංවරය නො කොට වාසන්නා වූ ඒ පුඟුලා අභිධ්යාදෞර්මනස්ය වූ ලාමක වූ අකුශල ධර්මයෝ ලුහුබඳනාහු ද, ඒ මනින්ද්රියයාගේ සංවරය පිණිස පිළිපදියි. මනින්‍ද්‍රිය රකියි. මනින්ද්රියයෙහි සංවරයට පැමිණෙයි. මහණෙනි, මහණ මෙසේ වණය වසන්නේ වේ.
(5.) කථඤ්ච භික්ඛවෙ භික්ඛු ධූමං කත්තා හොති? ඉධ භික්ඛවෙ භික්ඛු යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙතා හොති. එවං ඛො භික්ඛවෙ භික්ඛු ධූමං කත්තා හොති.
(5) මහණෙනි, මහණ කෙසේ නම් දුම් කරන්නේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ ඇසූ පරිදි ප්‍රගුණ කළ පරිදි ධර්මය විස්තර වශයෙන් අනුන්ට දේශනා කරන්නේ වේ. මහණෙනි, මෙසේ මහණ දුම් කරන්නේ වෙයි.
(6.) කථඤ්ච භික්ඛවෙ භික්ඛු තිත්ථං ජානාති? ඉධ භික්ඛවෙ භික්ඛු යෙ තෙ භික්ඛූ බහුස්සුතා ආගතාගමා ධම්මධරා විනයධරා මාතිකාධරා, තෙ කාලෙන කාලං උපසඞ්කමිත්වා පරිපුච්ඡති පරිපඤ්හති: ඉදං භන්තෙ කථං, ඉමස්ස කො අත්ථො?ති. තස්ස තෙ ආයස්මන්තො අවිවටඤ්චෙව විවරන්ති, අනුත්තානීකතඤ්ච උත්තානීකරොන්ති, අනෙකවිහිතෙසු ච කඞ්ඛාට්ඨානියෙසු ධම්මෙසු කඞ්ඛං පටිවිනොදෙන්ති. එවං ඛො භික්ඛවෙ භික්ඛු තිත්ථං ජානාති.
(6) මහණෙනි, මහණ කෙසේ නම් තොටුපළ දන්නේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ බහුශ්‍රුත වූ දත් ආගම ඇති ධර්මධර වූ විනයධර වූ මාතෘකාධර වූ යම් ඒ ස්ථවිර භික්ෂූහු වෙත් ද, කලින් කල ඔවුන් වෙත එළඹ ‘වහන්ස, මෙය කෙසේ ද, මෙහි අර්ත්ථය කවරේ දැ’යි විචාරයි. ප්‍රශ්න කරයි. ඒ ආයුෂ්මත්හු ඔහුට විවෘත නොවූවක් විවෘත කෙරෙත්. ප්‍රකට නො වූවක් ප්‍රකට කෙරෙත්. නොයෙක් සැක සහිත වූ ධර්මයන්හි සැකය දුරු කෙරෙත්. මහණෙනි, මෙසේ මහණ තොටුපළ දනියි.
(7.) කථඤ්ච භික්ඛවෙ භික්ඛු පීතං ජානාති? ඉධ භික්ඛවෙ භික්ඛු තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ දෙසීයමානෙ ලභති අත්ථවෙදං, ලභති ධම්මවෙදං, ලභති ධම්මූපසංහිතං පාමොජ්ජං. එවං ඛො භික්ඛවෙ භික්ඛු පීතං ජානාති.
(7) මහණෙනි, මහණ කෙසේ නම් පානය කිරීම දනී ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ බුදුන් වදාළ ධර්මවිනය දෙසනු ලබන කල්හි අර්ත්ථය දැන සතුට ලබයි. ධර්මය දැන සතුට ලබයි. ධර්මාශ්රිතප්රමෝදය ලබයි. මහණෙනි, මෙසේ මහණ පානය කිරීම දන්නේ වේ.
(8.) කථඤ්ච භික්ඛවෙ භික්ඛු වීථිං ජානාති? ඉධ භික්ඛවෙ භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං යථාභූතං පජානාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු වීථිං ජානාති.
(8) මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ මාර්ගය දන්නේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ මහණ මාර්ගය දන්නේ වෙයි.
(9.) කථඤ්ච භික්ඛවෙ භික්ඛු ගොචරකුසලො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු චත්තාරො සතිපට්ඨානෙ යථාභූතං පජානාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු ගොචරකුසලො හොති.
(9) මහණෙනි, කෙසේ නම් මහණ ගෝචරයෙහි දක්ෂ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ සිවුසීවටන් තතු සේ දන්නේ වේ. මහණෙනි, මහණ මෙසේ ගෝචරයෙහි දක්ෂ වෙයි.
(10.) කථඤ්ච භික්ඛවෙ භික්ඛු සාවසෙසදොහී හොති? ඉධ භික්ඛවෙ භික්ඛුං සද්ධා ගහපතිකා අභිහට්ඨුං පවාරෙන්ති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙහි. තත්ර භික්ඛු මත්තං ජානාති පටිග්ගහණාය. එවං ඛො භික්ඛවෙ භික්ඛු සාවසෙසදොහී හොති.
(10) මහණෙනි, මහණ කෙසේ නම් ඉතිරි කොට දොවන්නේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණකු සැදැහැවත් ගැහැවියෝ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරින් එය එළවා පවරත්. එහිදී මහණ පිළිගැණීමේ ප්‍රමාණය දන්නේ වේ. මහණෙනි, මහණ මෙසේ ඉතිරි කොට දොවන්නේ වේ.
(11.) කථඤ්ච භික්ඛවෙ භික්ඛු යෙ තෙ භික්ඛූ ථෙරා රත්තඤ්ඤූ චිරපබ්බජිතා සඞ්ඝපිතරො සඞ්ඝපරිණායකා, තෙ අතිරෙකපූජාය පූජෙතා හොති? ඉධ භික්ඛවෙ භික්ඛු යෙ තෙ භික්ඛූ ථෙරා රත්තඤ්ඤූ චිරපබ්බජිතා සඞ්ඝපිතරො සඞ්ඝපරිණායකා තෙසු මෙත්තං කායකම්මං පච්චුපට්ඨාපෙති ආවී චෙව රහො ච, මෙත්තං වචීකම්මං පච්චුපට්ඨාපෙති ආවී චෙව රහො ච, මෙත්තං මනොකම්මං පච්චුපට්ඨාපෙති ආවී චෙව රහො ච. එවං ඛො භික්ඛවෙ භික්ඛු යෙ තෙ භික්ඛූ ථෙරා රත්තඤ්ඤූ චිරපබ්බජිතා සඞ්ඝපිතරො සඞ්ඝපරිණායකා තෙ අතිරෙකපූජාය පූජෙතා හොති.
(11) මහණෙනි, මහණ කෙසේ නම් චිරරාත්‍රඥ වූ පැවිදි වී බොහෝ කල් ඇති සඞ්ඝපිතෘ වූ සඞ‍්ඝපරිණායක වූ යම් ඒ ස්ථවිරභික්ෂූහු වෙත් නම්, ඔවුන් අතිරේකපූජාවෙන් පුදන්නේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ චිරරාත්‍රඥ වූ පැවිදි වී බොහෝ කල් ඇති සඞ්ඝපිතෘ වූ සඞ‍්ඝපරිණායක වූ යම් ඒ ස්ථවිරභික්ෂූහු වෙත් නම්, ඒ භික්ෂූන් කෙරෙහි මෛත්‍රීකායකර්‍මය හමුවෙහිත් නො හමුවෙහිත් එළවයි. මෛත්රීවාක්කර්මය හමුවෙහිත් නො හමුවෙහිත් එළවයි. මෛත්‍රී මනඃකර්‍මය හමුවෙහිත් නො හමුවෙහිත් එළවයි. මහණෙනි, මෙසේ මහණ චිරරාත්‍රඥ වූ පැවිදි වී බොහෝ කල් ඇති සඞ්ඝපිතෘ වූ සඞ‍්ඝපරිණායක වූ යම් ඒ ස්ථවිරභික්ෂූහු වෙත් නම්, ඔවුන් අතිරේක පූජාවෙන් පුදන්නේ වේ.
ඉමෙහි ඛො භික්ඛවෙ එකාදසහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු භබ්බො ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිතුන්ති.
මහණෙනි, මේ එකොළොස් අඞ්ගයෙන් යුක්ත මහණ මේ ශාසනයෙහි දියුණුවට වැඩීමට විපුලත්වයට පැමිණීමට සුදුසු වෙයි.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු වූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය මැනැවැ යි පිළිගත්හ.
මහාගොපාලකසුත්තං තතියං.
මහාගෝපාලකසූත්රය තුන්වැනි යි.