චූළගොපාලකසුත්තං
1. 4. 4.
1. 4. 4.
චූළගොපාලකසුත්තං
චූළගෝපාලක සූත්‍රය
1. එවං මෙ සුතං: එකං සමයං භගවා වජ්ජීසු විහරති උක්කචෙලායං ගඞ්ගාය නදියා තීරෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවො’ති. ‘භදන්තෙ’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
1. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ වැදෑරට ගඞ්ගා හෝතෙර උක්කවෙලා නම් නුවර වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු පින්වතුන් වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
2. භූතපුබ්බං භික්ඛවෙ මාගධකො ගොපාලකො දුප්පඤ්ඤජාතිකො වස්සානං පච්ඡිමෙ මාසෙ සරදසමයෙ අසමවෙක්ඛිත්වා ගඞ්ගාය නදියා ඔරිමං තීරං අසමවෙක්ඛිත්වා පාරිමං තීරං අතිත්ථෙනෙව ගාවො පතාරෙසි උත්තරං තීරං සුවිදෙහානං. අථ ඛො භික්ඛවෙ ගාවො මජ්ඣෙ ගඞ්ගාය නදියා සොතෙ ආමණ්ඩලියං කරිත්වා තත්ථෙව අනයබ්යසනං ආපජ්ජිංසු. තං කිස්ස හෙතු? තථා හි සො භික්ඛවෙ මාගධකො ගොපාලකො දුප්පඤ්ඤජාතිකො වස්සානං පච්ඡිමෙ මාසෙ සරදසමයෙ අසමවෙක්ඛිත්වා ගඞ්ගාය නදියා ඔරිමං තීරං අසමවෙක්ඛිත්වා පාරිමං තීරං අතිත්ථෙනෙව ගාවො පතාරෙසි උත්තරං තීරං සුවිදෙහානං.
2. මහණෙනි, පෙර වූවෙකි: මගධරට වැසි දුෂ්ප්‍රාඥ ස්වභාව ඇති ගොපල්ලෙක් වර්ෂා ඍතුවෙහි පැසුළුමස ශරත්කාලයෙහි ගඞ්ගානදියෙහි මෙතෙර නො සලකා එ තෙර නො සලකා නුසුදුසු තොටින් විදෙහයන් සතු උතුරු තෙරට ගවයන් තැරැවී. මහණෙනි, එකල්හි ගවයෝ ගඞ්ගානදිය මැද සළාවැටුමෙක මැඬිලි කොට එහි ම අවැඩවනසට පත්වූහ. (මුහුදට වන්හ.) ඒ කවර හෙයින යත්: මහණෙනි, නුනුවණ පියවි ඇති ගොපල්ලා වසන් පැසුළුමස ශරත්කාලයෙහි ගඞ්ගානදියෙහි මෙ තෙර නො සලකා එ තෙර නො සලකා විදේහයන් සතු උතුරුඉවුරට නුසුදුසු තොටින් ගවයන් තැරැවී. (එහෙයිනි.)
3. එවමෙව ඛො භික්ඛවෙ යෙ කෙචි සමණා වා බ්රාහ්මණා වා අකුසලා ඉමස්ස ලොකස්ස, අකුසලා පරස්ස ලොකස්ස, අකුසලා මාරධෙය්යස්ස, අකුසලා අමාරධෙය්යස්ස, අකුසලා මච්චුධෙය්යස්ස, අකුසලා අමච්චුධෙය්යස්ස, තෙසං යෙ සොතබ්බං සද්දහාතබ්බං මඤ්ඤිස්සන්ති, තෙසං තං භවිස්සති දීඝරත්තං අහිතාය දුක්ඛාය.
3. මහණෙනි, එ පරිදි ම යම් ම ශ්‍රමණයෝ වෙත් වයි බ්‍රාහ්මණයෝ වෙත් වයි මේ ලෝකයෙහි (ස්කන්ධ - ධාතු - ආයතනයන්හි) අදක්ෂ වෙද්ද, පරලෝකයෙහි (ස්කන්ධ - ධාතු - ආයතනයන්හි) අදක්ෂ වෙද්ද, මාරධෙය්‍යසඞ්ඛ්‍යාත (මරුනිවස වූ) ත්‍රෛභූමික ධර්මයෙහි අදක්ෂ වෙද්ද, අමාරධෙය්‍යසඞ්ඛ්‍යාත නවලෝකොත්තරධර්මයෙහි අදක්ෂ වෙද්ද, මච්චුධෙය්ය සඞ්ඛ්‍යාත ත්‍රෛභූමික ධර්මයෙහි අදක්ෂ වෙද්ද, අමච්චුධෙය්‍ය සඞ්ඛ්‍යාත නවලෝකොත්තර ධර්මයෙහි අදක්ෂ වෙද්ද, යම් කෙනෙක් ඔවුන්ගේ වචනය ඇසිය යුතු කොට හැදැහිය යුතු කොට හඟින්නාහු ද එය ඔවුන්ට අහෝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වන්නේය.
4. භූතපුබ්බං භික්ඛවෙ මාගධකො ගොපාලකො සප්පඤ්ඤජාතිකො වස්සානං පච්ඡිමෙ මාසෙ සරදසමයෙ සමවෙක්ඛිත්වා ගඞ්ගාය නදියා ඔරිමං තීරං සමවෙක්ඛිත්වා පාරිමං තීරං තිත්ථෙනෙව ගාවො පතාරෙසි උත්තරං තීරං සුවිදෙහානං. සො පඨමං පතාරෙසි යෙ තෙ උසභා ගොපිතරො ගොපරිණායකා. තෙ තිරියං ගඞ්ගාය සොතං ඡෙත්වා සොත්ථිනා පාරං අගමංසු. අථාපරෙ පතාරෙසි බලවගාවො, දම්මගාවො. තෙපි තිරියං ගඞ්ගාය සොතං ඡෙත්වා සොත්ථිනා පාරං අගමංසු. අථාපරෙ පතාරෙසි වච්ඡතරෙ වච්ඡතරියො. තෙපි තිරියං ගඞ්ගාය සොතං ඡෙත්වා සොත්ථිනා පාරං අගමංසු. අථාපරෙ පතාරෙසි වච්ඡකෙ කිසබලකෙ. තෙපි තිරියං ගඞ්ගාය සොතං ඡෙත්වා සොත්ථිනා පාරං අගමංසු.
4. මහණෙනි, වූවිරූ දැයෙකි: මගධරටවැසි සප්‍රාඥ ස්වභාව ඇති ගොපල්ලෙක් වර්ෂාඍතුයෙහි පැසුළු මස ශරත්කාලයෙහි ගඞ්ගානදියෙහි මෙ තෙර සලකා එ තෙර සලකා විදෙහයන් සතු උතුරුඉවුරට සුදුසු තොටින් ම ගවයන් තරණය කරවීය. හේ ගෝපිතෘ ගෝපරිනායක යම් වෘෂභ කෙනෙක් වූහු නම්, පළමු උන් එතෙර කරවී. ඔහු ගඟ සරස ස්‍රෝතස් සිඳ ගෙණ සුවසේ පර තෙරට ගියාහු ය. ඉක්බිති අදාන්ත ගවයනුදු දම්ය ගවයනුදු එතෙර කරවීය. ඔහු ද ගඟ සරස සැඬ සළා සිඳ ගෙණ සුවසේ පරතෙරට ගියාහු ය. ඉක්බිති නහඹු වස්සන් හා වැස්සන් එතෙර කරවීය. ඔවුහු ද ගඟ සරස සැඬසළා සිඳ ගෙණ සුවසේ පරතෙරට ගියාහු ය. ඉක්බිති කෘශබල ඇති සෙසු (දුබල) වස්සන් එතෙර කරවීය. ඔහුදු ගඟ සරස ස්‍රෝතස් බිඳ සුවසේ පරතෙර වන්හ.–
භූතපුබ්බං භික්ඛවෙ වච්ඡකො තරුණකො තාවදෙව ජාතකො මාතුගොරවකෙන වුය්හමානො, සොපි තිරියං ගඞ්ගාය සොතං ඡෙත්වා සොත්ථිනා පාරං අගමාසි. තං කිස්ස හෙතු? තථා හි සො භික්ඛවෙ මාගධකො ගොපාලකො සප්පඤ්ඤජාතිකො වස්සානං පච්ඡිමෙ මාසෙ සරදසමයෙ සමවෙක්ඛිත්වා ගඞ්ගාය නදියා ඔරිමං තීරං සමවෙක්ඛිත්වා පාරිමං තීරං තිත්ථෙනෙව ගාවො පතාරෙසි උත්තරං තීරං සුවිදෙහානං.
මහණෙනි, පෙර වූවෙකි: එ දවස උපන් මවගේ ‘හුං හුං’ ගොරැවින් ගෙණයනු ලබන ළදරුවස්සෙක් වී ද, ඒ වසු ද ගඟ සරස සැඬ වතුරු සිඳ ගෙණ සුවසේ පරතෙරට ගියේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, එපරිද්දෙන් මගධරටවැසි සප්‍රාඥ ස්වභාව ඇති ඒ ගොපලු වර්ෂාමාසය පිළිබඳ පැසුළුමස්හි ශරත්කාලයෙහි ගඞ්ගා නදියෙහි මෙ තෙර සලකා එ තෙර සලකා විදේහ රට සතු උතුරුඉවුරට සුදුසු තොටින් ම ගවයන් තැරැවීය.
5. එවමෙව ඛො භික්ඛවෙ යෙ හි කෙචි සමණා වා බ්රාහ්මණා වා කුසලා ඉමස්ස ලොකස්ස, කුසලා පරස්ස ලොකස්ස, කුසලා මාරධෙය්යස්ස, කුසලා අමාරධෙය්යස්ස, කුසලා මච්චුධෙය්යස්ස, කුසලා අමච්චුධෙය්යස්ස, තෙසං යෙ සොතබ්බං සද්දහාතබ්බං මඤ්ඤිස්සන්ති, තෙසං තං භවිස්සති දීඝරත්තං හිතාය සුඛාය.
5. මහණෙනි, එ පරිද්දෙන් ම යම් ම ශ්‍රමණයෝ වෙත් වයි බ්‍රාහ්මණයෝ වෙත් වයි මේ ලෝකය පිළිබඳ දක්ෂ වෙත් ද, පරලොව පිළිබඳ දක්ෂ වෙත් ද, මාරධෙය්‍යය පිළිබඳ දක්ෂ වෙත් ද, අමාරධෙය්‍යය පිළිබඳ දක්ෂ වෙත් ද, මච්චුධෙය්‍යය පිළිබඳ දක්ෂ වෙත් ද, අමච්චුධෙය්‍යය පිළිබඳ දක්ෂ වෙත් ද, යමෙක් ඔවුන්ගේ වචනය ඇසිය යුතු කොට ඇදහිය යුතු කොට හඟිද්ද, එය ඔවුනට බොහෝකල් හිත පිණිස සුව පිණිස වන්නේ ය.
6. සෙය්යථාපි භික්ඛවෙ යෙ තෙ උසභා ගොපිතරො ගොපරිණායකා තෙ තිරියං ගඞ්ගාය සොතං ඡෙත්වා සොත්ථිනා පාරං අගමංසු, එවමෙව ඛො භික්ඛවෙ යෙ තෙ භික්ඛූ අරහන්තො ඛීණාසවා වුසිතවන්තො කතකරණීයා ඔහිතභාරා අනුප්පත්තසදත්ථා පරික්ඛීණභවසඤ්ඤොජනා සම්මදඤ්ඤාවිමුත්තා, තෙ තිරියං මාරස්ස සොතං ඡෙත්වා සොත්ථිනා පාරං ගතා.
6. මහණෙනි, යම් සේ යම් ඒ ගෝපිතෘ වූ ගොපරිණායක වූ වෘෂභයෝ ගඞ්ගානදිය සරස සැඬ වතුරු සිඳ ගෙණ සුවසේ පරතෙරට ගියාහු ද, මහණෙනි, එ පරිද්දෙන් ම ක්ෂීණාස්රව වූ වැස නිම වූ බඹසරවස් ඇති, සතර මඟින් කළ (සිවුසස් පිළිබඳ) සොළොස් කරණී ඇති, බහා තැබූ කෙලෙස් බර ඇති, පැමිණි රහත් ඵල ඇති, ගුණු භවසංයෝජන ඇති, ඥානයෙන් මැනැවින් දැන පඤ්චවිමුක්තීන් මතු යම් ඒ රහත් භික්ෂූහු වෙත් ද, ඔහු මාරයාගේ තණ්හා නැමැති සැඬවතුරු සරස සිඳ සුවසේ සංසාරපාරයට (නිවනට) ගියාහුය.
7. සෙය්යථාපි තෙ භික්ඛවෙ බලවගාවො දම්මගාවො තිරියං ගඞ්ගාය සොතං ඡෙත්වා සොත්ථිනා පාරං අගමංසු, එවමෙව ඛො භික්ඛවෙ යෙ තෙ භික්ඛූ පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකා තත්ථ පරිනිබ්බායිනො අනාවත්තිධම්මා තස්මා ලොකා, තෙපි තිරියං මාරස්ස සොතං ඡෙත්වා සොත්ථිනා පාරං ගමිස්සන්ති.
7. මහණෙනි, යම් සේ ඒ බලවත් දාන්තගවයෝ දැමියයුතු ගවයෝ ගඞ්ගානදිය සරස සැඬවතුරු සිඳ ගෙණ සුවසේ පරතෙර ගියාහු ද, මහණෙනි, එ පරිද්දෙන් ම යම් ඒ භික්ෂු කෙනෙක් ඕරම්භාගිය සඤ්ඤෝජන පස නැති කිරීමෙන් බඹලොව උපපාදක වශයෙන් උපන්නාහු එහි පිරිනිවන්නාහු ඒ බ්‍රහ්මලෝකයෙන් පෙරළා නො එන ස්වභාව ඇත්තාහු වෙත් ද, ඔහු ද මාරයාගේ සැඬවතුරු සරස සිඳ සුවසේ සසර පරතෙරට හෙවත් නිවනට යන්නාහුය.
8. සෙය්යථාපි තෙ භික්ඛවෙ වච්ඡතරා වච්ඡතරියො තිරියං ගඞ්ගාය සොතං ඡෙත්වා සොත්ථිනා පාරං අගමංසු, එවමෙව ඛො භික්ඛවෙ යෙ තෙ භික්ඛූ තිණ්ණං සඤ්ඤොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමිනො සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරිස්සන්ති, තෙපි තිරියං මාරස්ස සොතං ඡෙත්වා සොත්ථිනා පාරං ගමිස්සන්ති.
8. මහණෙනි, යම් සේ ඒ නහඹු වස්සෝ ද වැස්සෝ ද ගඞ්ගා නදියෙහි සරස සැඬවතුරු සිඳ ගෙන සුවසේ පරතෙරට ගියාහු ද, මහණෙනි, එ පරිද්දෙන් ම යම් ඒ භික්ෂු කෙනෙක් ත්‍රිවිධ සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් රාගද්වේෂමෝහයන් තුනු බැවින් සකෘදාගාමි වූවාහු වරක් ම මේ ලෝකයට අවුත් දුක් කෙළවර කරන්නාහු ද, ඔහු ද මාරයාගේ ස්‍රෝතස් සරස සිඳ සුවසේ සසරපරතෙරට යන්නාහ.
9. සෙය්යථාපි තෙ භික්ඛවෙ වච්ඡකා කිසබලකා තිරියං ගඞ්ගාය සොතං ඡෙත්වා සොත්ථිනා පාරං අගමංසු, එවමෙව ඛො භික්ඛවෙ යෙ තෙ භික්ඛූ තිණ්ණං සඤ්ඤොජනානං පරික්ඛයා සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායනා, තෙපි තිරියං මාරස්ස සොතං ඡෙත්වා සොත්ථිනා පාරං ගමිස්සන්ති.
9. මහණෙනි, යම් සේ දුබල වස්සෝ ගඞ්ගානදියෙහි සැඩවතුර සරස සිඳ ගෙණ සුවසේ පරතෙර ගියාහු ද, මහණෙනි, එපරිද්දෙන් ම යම් ඒ භික්ෂු කෙනෙක් තුන් සංයෝජන ක්ෂය කිරීමෙන් සෝවාන් වූවාහු අවිනිපාතස්වභාව ඇත්තාහු, ගතිනියත වූවාහ, සම්බෝධිපරායණ වූවාහු වෙත් ද, ඔහු ද මාරයාගේ ස්‍රෝතස් සරස සිඳ සුවසේ සසරපරතෙරට යන්නාහ.
10. සෙය්යථාපි සො භික්ඛවෙ වච්ඡකො තරුණකො තාවදෙව ජාතකො මාතුගොරවකෙන වුය්හමානො තිරියං ගඞ්ගාය සොතං ඡෙත්වා සොත්ථිනා පාරං අගමාසි, එවමෙව ඛො භික්ඛවෙ යෙ තෙ භික්ඛූ ධම්මානුසාරිනො සද්ධානුසාරිනො, තෙපි තිරියං මාරස්ස සොතං ඡෙත්වා සොත්ථිනා පාරං ගමිස්සන්ති.
10. මහණෙනි, යම් සේ එ දවස උපන් මවගේ ගොරැවින් ගෙණයනු ලබන ළදරු වසුපැටියෙක් ගඞ්ගානදියෙහි සැඬවතුරු සරස සිඳ ගෙණ සුවසේ පරතෙර ගියේ ද, මහණෙනි, එ පරිද්දෙන් ම ධම්මානුසාරී (ප්‍රඥාධික) වූ ද සද්ධානුසාරී (ශ්‍රද්ධාධික) වූ ද යම් ඒ (ප්‍රථම මාර්ග සමඞ්ගී) භික්ෂු කෙනෙක් වෙත් ද, ඔහු ද මාරයාගේ ස්‍රෝතස් සරස සිඳ ගෙණ සුවසේ පරතෙර යන්නාහ.
11. අහං ඛො පන භික්ඛවෙ කුසලො ඉමස්ස ලොකස්ස, කුසලො පරස්ස ලොකස්ස, කුසලො මාරධෙය්යස්ස, කුසලො අමාරධෙය්යස්ස, කුසලො මච්චුධෙය්යස්ස, කුසලො අමච්චුධෙය්යස්ස. තස්ස මය්හං භික්ඛවෙ යෙ සොතබ්බං සද්දහාතබ්බං මඤ්ඤිස්සන්ති, තෙසං තං භවිස්සති දීඝරත්තං හිතාය සුඛායාති.
11. මහණෙනි, මම වනාහි මේ ලෝකය පිළිබඳව දක්ෂ වෙමි. පරලොව පිළිබඳව දක්ෂ වෙමි. මාරධෙය්‍යය පිළිබඳව දක්ෂ වෙමි. අමාරධෙය්‍යය පිළිබඳව දක්ෂ වෙමි. මච්චුධෙය්‍යය පිළිබඳව දක්ෂ වෙමි. අමච්චුධෙය්‍යය පිළිබඳව දක්ෂ වෙමි. මහණෙනි, ඒ මාගේ වචනය යම් කෙනෙක් ඇසිය යුතු කොට ඇදහිය යුතු කොට හඟිත් ද, ඔවුනට එය බොහෝ කල් හිත පිණිස සුව පිණිස පවත්නේ ය.
12. ඉදමවොච භගවා. ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
12. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක. තෙල වදාරා සුගත වූ ශාස්තෲන් වහන්සේ ඉක්බිතිව අන්‍ය වූ මේ ගාථා වදාළ සේක:
“අයං ලොකො පරො ලොකො ජානතා සුප්පකාසිතො, යඤ්ච මාරෙන සම්පත්තං අප්පත්තං යඤ්ච මච්චුනා, සබ්බං ලොකං අභිඤ්ඤාය සම්බුද්ධෙන පජානතා, විවටං අමතද්වාරං ඛෙමං නිබ්බානපත්තියා. ඡින්නං පාපිමතො සොතං විද්ධස්තං විනළීකතං, පාමොජ්ජබහුලා හොථ ඛෙමං පත්ථෙථ භික්ඛවො”ති.
“හැම දහම් දන්නා බුදුරජුන් විසින් මෙලොව හා පරලොව මනාව වදාරණ ලදි. මාරයා විසින් යමෙක් පැමිණෙන ලද ද, මාරයා විසින් යමෙක් නො පැමිණෙන ලද ද, සියල්ල දන්නා බුදුරජුන් විසින් ඒ සියලු ලෝකය විශිෂ්ටඥානයෙන් දැන නිවනට පැමිණීම පිණිස නිර්භය වූ ආර්ය්යමාර්ගය විවෘත කරණ ලදී. පාපී මාරයාගේ තෘෂ්ණා නැමැති සැඬ වතුරු සිඳින ලදි. විනාශ කරණ ලදි. මාන නළ දුරු කරණ ලදි. මහණෙනි, ප්‍රමෝද බහුල කොට ඇත්තෝ වවු. නිවන පතවු.”
චූළගොපාලකසුත්තං චතුත්ථං.
සිවුවන චූළගෝපාලක සූත්‍රය යි.