යෙදුමෙන් කියවන්න

මහාගොපාලකසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

මහාගොපාලකසුත‍්තවණ‍්ණනා

මහාගොපාලක සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති මහාගොපාලකසුත‍්තං. තත්‍ථ තිස‍්සො කථා එකනාළිකා, චතුරස‍්සා, නිසින‍්නවත‍්තිකාති. තත්‍ථ පාළිං වත්‍වා එකෙකපදස‍්ස අත්‍ථකථනං එකනාළිකා නාම. අපණ‍්ඩිතං ගොපාලකං දස‍්සෙත්‍වා, අපණ‍්ඩිතං භික‍්ඛුං දස‍්සෙත්‍වා, පණ‍්ඩිතං ගොපාලකං දස‍්සෙත්‍වා, පණ‍්ඩිතං භික‍්ඛුං දස‍්සෙත්‍වාති චතුක‍්කං බන්‍ධිත්‍වා කථනං චතුරස‍්සා නාම. අපණ‍්ඩිතං ගොපාලකං දස‍්සෙත්‍වා පරියොසානගමනං, අපණ‍්ඩිතං භික‍්ඛුං දස‍්සෙත්‍වා පරියොසානගමනං, පණ‍්ඩිතං ගොපාලකං දස‍්සෙත්‍වා පරියොසානගමනං, පණ‍්ඩිතං භික‍්ඛුං දස‍්සෙත්‍වා පරියොසානගමනන‍්ති අයං නිසින‍්නවත‍්තිකා නාම. අයං ඉධ සබ‍්බාචරියානං ආචිණ‍්ණා.

එවම්මෙසුතං යනු මහා ගෝපාලක සූත්‍රයයි. එහි කථා තුනක් වෙයි. ඒකනාළිකාය, චතුරස්සාය, නිසින්නවත්තිකා යනුවෙනි. එහි පෙළ කියා එකකි. පදවල අරුත් කීම ඒකනාළිකා නමි. අපණ්ඩිත ගොපල්ලා දක්වා අපණ්ඩිත මහණ දක්වා, පණ්ඩිත ගොපල්ලා දක්වා, පණ්ඩිත මහණ දක්වා යන සතර ගැන කීම චතුරස්සා නමි. අපණ්ඩිත ගොපල්ලා දක්වා කෙළවරට යාමය. අපණ්ඩිත මහණ දක්වා කෙළවරට යාම, පණ්ඩිත ගොපල්ලා දක්වා කෙළවරට යාම, පණ්ඩිත මහණ දක්වා කෙළවරට යාම නිසින්නවත්තිකා නම් වේ. මෙය සියළු ආචාර්යවරයන් විසින් පවත්වාගෙන එන ලද්දේය.

එකාදසහි, භික‍්ඛවෙ, අඞ‍්ගෙහීති එකාදසහි අගුණකොට‍්ඨාසෙහි. ගොගණන‍්ති ගොමණ‍්ඩලං. පරිහරිතුන‍්ති පරිග‍්ගහෙත්‍වා විචරිතුං. ඵාතිං කාතුන‍්ති වඩ‍්ඪිං ආපාදෙතුං. ඉධාති ඉමස‍්මිං ලොකෙ. න රූපඤ‍්ඤූ හොතීති ගණනතො වා වණ‍්ණතො වා රූපං න ජානාති. ගණනතො න ජානාති නාම අත‍්තනො ගුන‍්නං සතං වා සහස‍්සං වාති සඞ‍්ඛ්‍යං න ජානාති. සො ගාවීසු හටාසු වා පලාතාසු වා ගොගණං ගණෙත්‍වා, අජ‍්ජ එත‍්තිකා න දිස‍්සන‍්තීති ද‍්වෙ තීණි ගාමන‍්තරානි වා අටවිං වා විචරන‍්තො න පරියෙසති, අඤ‍්ඤෙසං ගාවීසු අත‍්තනො ගොගණං පවිට‍්ඨාසුපි ගොගණං ගණෙත්‍වා, “ඉමා එත‍්තිකා ගාවො න අම‍්හාක”න‍්ති යට‍්ඨියා පොථෙත්‍වා න නීහරති, තස‍්ස නට‍්ඨා ගාවියො නට‍්ඨාව හොන‍්ති. පරගාවියො ගහෙත්‍වා විචරන‍්තං ගොසාමිකා දිස‍්වා, “අයං එත‍්තකං කාලං අම‍්හාකං ධෙනුං ගණ‍්හාතී”ති තජ‍්ජෙත්‍වා අත‍්තනො ගාවියො ගහෙත්‍වා ගච‍්ඡන‍්ති. තස‍්ස ගොගණොපි පරිහායති, පඤ‍්චගොරසපරිභොගතොපි පරිබාහිරො හොති. වණ‍්ණතො න ජානාති නාම – “එත‍්තිකා ගාවො සෙතා, එත‍්තිකා රත‍්තා, එත‍්තිකා කාළා, එත‍්තිකා කබරා එත‍්තිකා නීලා”ති න ජානාති, සො ගාවීසු හටාසු වා…පෙ… පඤ‍්චගොරසපරිභොගතොපි පරිබාහිරො හොති.

එකාදසහි භික්ඛවෙ අංගෙහි එකොළොස් අගුණ කොටසින් ගො ගණං ගව පට්ටිය පරිභරිතුං පරිහරණය කරන්නට, පවත්වාගෙන එන්නට, ඵාති කාතුං වැඩීමට පමුණුවන්නට ඉධ මේ ලෝකයෙහි, න රූපඤ්ඤූ හොති සංඛ්‍යා වශයෙන් හෝ වර්ණ වශයෙන් හෝ ස්වරූපය නො දනී නම්, තම ගවයන්ගේ සියයෙක හෝ දහසෙක වශයෙන් ගණන නො දනී. හෙතෙම දෙනුන් පැහැරගත් කල්හි හෝ පලාගිය කල්හි හෝ ගවපට්ටිය ගැන අද මෙතෙක් ගවයන් දක්නට නැතැයි ගම් දෙක අතර හෝ කැලයෙහි හෝ නො සොයයි. අනුන්ගේ දෙනුන් තමන්ගේ ගව සමූහයට පිවිසි කල ද, ගව පට්ටිය ගැන මෙතෙක් දෙනුන් අපගේ නොවෙතෙයි කෝටුවෙන් තලා බැහැර නො කරයි. ඔහුගේ නැති වූ ගොනුන් නැති වූවාමය. අනුන්ගේ දෙනුන් ගෙන හැසිරෙයි. ගව හිමියන් මෙය දැක මෙතෙක් කල් අපේ දෙනුන්ගෙන් කිරි ගත්තේ යයි තර්ජනය කොට තම දෙනුන් ගෙන යති. ඔහුගේ ගව පට්ටිය පිරිහෙයි. පස්ගෝරස පරිභෝගය නවතියි. වර්ණ හෙයින් නොදනී නම්, මෙතෙක් දෙන්නු සුදුය. මෙතෙක් දෙන්නු රතුය. මෙතෙක් දෙන්නු කළුය. මෙතෙක් දෙන්නු පළොල් පාටය. නොදනී. හෙතෙම දෙනුන් පැහැර ගත් කල හෝ පැන ගිය කල හෝ නොදනී. -පෙ- පස්ගෝරස පරිභෝගයෙන් ද ඉවත් වෙයි.

න ලක‍්ඛණකුසලො හොතීති ගාවීනං සරීරෙ කතං ධනුසත‍්තිසූලාදිභෙදං ලක‍්ඛණං න ජානාති, සො ගාවීසු හටාසු වා පලාතාසු වා අජ‍්ජ අසුකලක‍්ඛණා ච අසුකලක‍්ඛණා ච ගාවො න දිස‍්සන‍්ති…පෙ… පඤ‍්චගොරසපරිභොගතොපි පරිබාහිරො හොති.

න ලක්ඛණ කුසලො ගවයන්ගේ ශරීරයෙහි දුනු - අඩයටි ත්‍රිශුලාදී හංවඩු ගැසූ ලක්‍ෂණ නො දනී. හෙතෙම දෙනුන් පැහැර ගත් කල්හි හෝ පලාගිය කල්හි අසවල් අසවල් ලකුණු ඇති දෙනුන් නො දක්නා ලැබෙතියි -පෙ- පස්ගෝරස පරිභෝගයෙන් ද වළකියි.

න ආසාටිකං හාරෙතාති ගුන‍්නං ඛාණුකණ‍්ටකාදීහි පහටට‍්ඨානෙසු වණො හොති. තත්‍ථ නීලමක‍්ඛිකා අණ‍්ඩකානි පාතෙන‍්ති, තෙසං ආසාටිකාති නාම. තානි දණ‍්ඩෙන අපනෙත්‍වා භෙසජ‍්ජං දාතබ‍්බං හොති. බාලො ගොපාලකො තථා න කරොති, තෙන වුත‍්තං – “න ආසාටිකං හාරෙතා හොතී”ති. තස‍්ස ගුන‍්නං වණා වඩ‍්ඪන‍්ති, ගම‍්භීරා හොන‍්ති, පාණකා කුච‍්ඡිං පවිසන‍්ති, ගාවො ගෙලඤ‍්ඤාභිභූතා නෙව යාවදත්‍ථං තිණානි ඛාදිතුං, න පානීයං පාතුං සක‍්කොන‍්ති. තත්‍ථ ගුන‍්නං ඛීරං ඡිජ‍්ජති, ගොණානං ජවො හායති, උභයෙසං ජීවිතන‍්තරායො හොති. එවමස‍්ස ගොගණොපි පරිහායති, පඤ‍්චගොරසතොපි පරිබාහිරො හොති.

න ආසාටිකං සාටෙතාති ගවයන්ගේ කුර දණිස් ආදිය වණ වෙයි. එහි නිලමැස්සෝ ඉහඳ තබති. ඔවුන්ට ‘ආසාටිකා’ නම්ය. ඒවා දණ්ඩකින් ඉවත්කොට බෙහෙත් දැමිය යුතු වෙයි. බාල ගොපල්ලෝ එසේ නොකරති. ‘ආඝාටිකං සාටෙතා’ යන්න එහෙයින් කියන ලදී. ඔහුගේ ගවයන්ගේ වණ දියුණුවෙත්. ගැඹුරු වෙත්. පණුවෝ කුසට පිවිසෙති. දෙන්නු ගිලන් බවින් මඩනා ලද්දාහු යැපෙන පමණ තණ කන්නට හෝ, දිය බොන්නට හෝ නොහැකි වෙයි. එවිට දෙනුන්ගේ කිරි සිඳෙයි. ගොනුන්ගේ ශක්තිය පිරිහෙයි. දෙනුන් හා ගොනුන් මරණයට පත්වෙති. මේ ආකාරයෙන් ගවපට්ටිය පිරිහේ. පස්ගෝරස ද නැති වේ.

න වණං පටිච‍්ඡාදෙතා හොතීති ගුන‍්නං වුත‍්තනයෙනෙව සඤ‍්ජාතො වණො භෙසජ‍්ජං දත්‍වා වාකෙන වා චීරකෙන වා බන්‍ධිත්‍වා පටිච‍්ඡාදෙතබ‍්බො හොති. බාලො ගොපාලකො තථා න කරොති, අථස‍්ස ගුන‍්නං වණෙහි යූසා පග‍්ඝරන‍්ති, තා අඤ‍්ඤමඤ‍්ඤං නිඝංසෙන‍්ති, තෙන අඤ‍්ඤෙසම‍්පි වණා ජායන‍්ති. එවං ගාවො ගෙලඤ‍්ඤාභිභූතා නෙව යාවදත්‍ථං තිණානි ඛාදිතුං…පෙ… පරිබාහිරො හොති.

න වණං පටිච්ඡාදෙතා හොති යටකී පරිදි ගවයන්ගේ හටගත් වණය බෙහෙත් යොදා රෙදිපටිවලින් හෝ ගස් පට්ටාවලින් හෝ බැඳිය යුතුය. බාල ගොපල්ලෝ එසේ නො කරති. ගවයන්ගේ වණවලින් ඕජාව වැගිරෙති. ගවයෝ ඔවුනොවුන් ගැටෙති. එයින් අනෙක් ගවයන්ගේ ද වණ හටගනිත්. මෙසේ ගවයෝ ගිලන් බවින් මඩනා ලද්දාහු අවශ්‍ය තරම් තණ නො කති. දිය නො බොති. -පෙ- පස්ගෝරසද නැති වේ.

න ධූමං කත‍්තා හොතීති අන‍්තොවස‍්සෙ ඩංසමකසාදීනං උස‍්සන‍්නකාලෙ ගොගණෙ වජං පවිට‍්ඨෙ තත්‍ථ තත්‍ථ ධූමො කාතබ‍්බො හොති, අපණ‍්ඩිතො ගොපාලකො තං න කරොති. ගොගණො සබ‍්බරත‍්තිං ඩංසාදීහි උපද‍්දුතො නිද‍්දං අලභිත්‍වා පුනදිවසෙ අරඤ‍්ඤෙ තත්‍ථ තත්‍ථ රුක‍්ඛමූලාදීසු නිපජ‍්ජිත්‍වා නිද‍්දායති, නෙව යාවදත්‍ථං තිණානි ඛාදිතුං…පෙ… පඤ‍්චගොරසපරිභොගතොපි පරිබාහිරො හොති.

න ධූමං කත්තා හොතී ගවගාලෙහි මැසි මදුරු කෘමි ආදීන් උපන් කල ගව සමූහයා ගොවුද පිවිසි කල්හි ඒ ඒ තැන දුම් ඇල්ලිය යුතු වෙයි. අපණ්ඩිත ගොපල්ලෝ එසේ නො කරති. ගව සමූහයා මුළු රෑ මැසි මදුරුවන් විසින් විඳිනා ලදුව නිදි නො ලැබ දෙවන දවස්හී රුක් මුල් ආදී තැන් තැන්වල නිදයි. යැපෙන තරම් තණ කන්නට හෝ -පෙ- පස්ගෝරසද නො ලබයි.

න තිත්‍ථං ජානාතීති තිත්‍ථං සමන‍්ති වා විසමන‍්ති වා සගාහන‍්ති වා නිග‍්ගාහන‍්ති වා න ජානාති, සො අතිත්‍ථෙන ගාවියො ඔතාරෙති. තාසං විසමතිත්‍ථෙ පාසාණාදීනි අක‍්කමන‍්තීනං පාදා භිජ‍්ජන‍්ති, සගාහං ගම‍්භීරං තිත්‍ථං ඔතිණ‍්ණා කුම‍්භීලාදයො ගාහා ගණ‍්හන‍්ති. අජ‍්ජ එත‍්තිකා ගාවො නට‍්ඨා, අජ‍්ජ එත‍්තිකාති වත‍්තබ‍්බතං ආපජ‍්ජති. එවමස‍්ස ගොගණොපි පරිහායති, පඤ‍්චගොරසතොපි පරිබාහිරො හොති.

න තිත්‍ථං ජානාති තොටුපල සමයයි හෝ විෂම යයි හෝ ගැඹුරුද නොගැඹුරුදැයි නො දන්නේ නොතොටින් ගවයන් දියට බස්වයි. නො තොටෙහි ගල් ආදියේ හැපීමෙන් ගවයන්ගේ කකුල් තුවාල වෙති. ගැඹුරු තොටින් බැස්සවූ විට කිඹුලන් ආදීන්ගේ ග්‍රහණයට යටත් වේ. අද මෙතෙක් දෙනුන් නටුවාහ. අද මෙතෙක් යයි කියයුතු බවට පැමිණේ. මෙසේ ඔහුගේ ගව සම්පත පිරිහෙයි. පස්ගෝරස නොලැබී යයි.

න පීතං ජානාතීති පීතම‍්පි අපීතම‍්පි න ජානාති. ගොපාලකෙන හි “ඉමාය ගාවියා පීතං, ඉමාය න පීතං, ඉමාය පානීයතිත්‍ථෙ ඔකාසො ලද‍්ධො, ඉමාය න ලද‍්ධො”ති එවං පීතාපීතං ජානිතබ‍්බං හොති. අයං පන දිවසභාගං අරඤ‍්ඤෙ ගොගණං රක‍්ඛිත්‍වා පානීයං පායෙස‍්සාමීති නදිං වා තළාකං වා ගහෙත්‍වා ගච‍්ඡති. තත්‍ථ මහාඋසභා ච අනුඋසභා ච බලවගාවියො ච දුබ‍්බලානි චෙව මහල‍්ලකානි ච ගොරූපානි සිඞ‍්ගෙහි වා ඵාසුකාහි වා පහරිත්‍වා අත‍්තනො ඔකාසං කත්‍වා ඌරුප‍්පමාණං උදකං පවිසිත්‍වා යථාකාමං පිවන‍්ති. අවසෙසා ඔකාසං අලභමානා තීරෙ ඨත්‍වා කලලමිස‍්සකං උදකං පිවන‍්ති, අපීතා එව වා හොන‍්ති. අථ නෙ ගොපාලකො පිට‍්ඨියං පහරිත්‍වා පුන අරඤ‍්ඤං පවෙසෙති, තත්‍ථ අපීතගාවියො පිපාසාය සුක‍්ඛමානා යාවදත්‍ථං තිණානි ඛාදිතුං න සක‍්කොන‍්ති, තත්‍ථ ගුන‍්නං ඛීරං ඡිජ‍්ජති, ගොණානං ජවො හායති…පෙ… පරිබාහිරො හොති.

න පීතං ජානාති යම්සේ ගොපල්ලා විසින් මේ දෙන දිය බොන ලදී. මේ දෙන නො බොන ලදී. මේ දෙන පැන් තොටේ ඉඩ පහසුකම් ලද්දීය. මේ දෙන නො ලද්දීය, ආදී වශයෙන් පානය කළ බැව් දතයුතු වේද, එහෙත් මෙතෙම දවල් කාලයේ වනයෙහි ගව සමූහයා රැක දිය පොවන්නට ගඟකට හෝ විලකට ගෙන යයි. එහි දී ශක්ති සම්පන්න ගොන්නු, බලවත් දෙන්නු, දුර්වල වූ ද, මහළු වූ ද ගොනුන්ට අංවලින් හෝ ඉලවලින් හෝ පැහැර, තමන්ට ඉඩකඩ සලසාගෙන දියේ ගැඹුරට පිවිස දිය බොති. අනෙක් දුබලයෝ අවකාශ නොලැබ ඉවුරෙහිම සිට මඩ සහිත දිය බොති. සමහරු නොබීවාහුම වෙති. එකල ඒ අපණ්ඩිත ගොපල්ලා පහර දෙමින් නැවත වනලැහැබට දක්කාගෙන යයි. ඔවුන් අතරෙහි දිය නොබී සිටින්නෝ පිපාසයෙන් වියලෙන නිසා ඇති පමණ තණ නො කති. මේ නිසා දෙනුන්ගේ කිරි සිඳෙයි. ගොනුන්ගේ ශක්තිය පිරිහෙයි.

න වීථිං ජානාතීති “අයං මග‍්ගො සමො ඛෙමො, අයං විසමො සාසඞ‍්කො සප‍්පටිභයො”ති න ජානාති. සො සමං ඛෙමං මග‍්ගං වජ‍්ජෙත්‍වා ගොගණං ඉතරං මග‍්ගං පටිපාදෙති, තත්‍ථ ගාවො සීහබ්‍යග‍්ඝාදීනං ගන්‍ධෙන චොරපරිස‍්සයෙන වා අභිභූතා භන‍්තමිගසප‍්පටිභාගා ගීවං උක‍්ඛිපිත්‍වා තිට‍්ඨන‍්ති, නෙව යාවදත්‍ථං තිණානි ඛාදන‍්ති, න පානීයං පිවන‍්ති, තත්‍ථ ගුන‍්නං ඛීරං ඡිජ‍්ජති…පෙ… පරිබාහිරො හොති.

නවීථිං ජානාති මේ මග සමය මේ මග විෂමය. සැක සහිතය. බිය සහිතය යයි නො දනී. හේ සම වූ බිය රහිත වූ මග අත්හැර විෂම මගට පිවිසෙයි. එහිදී ගවයෝ සිංහ ව්‍යාඝ්‍රාදීන්ගේ ගඳින් හෝ සොර උවදුරුවලින් හෝ මඩනා ලද්දාහු තැති ගත් මුවන් සේ ගෙල ඔසවා නගා සිටිති. යැපෙන පමණ තණ නො කති. දිය නො බොති. දෙනුන්ගේ කිරි සිඳෙති. පස්ගෝරස නොලැබී යයි.

න ගොචරකුසලො හොතීති ගොපාලකෙන හි ගොචරකුසලෙන භවිතබ‍්බං, පඤ‍්චාහිකවාරො වා සත‍්තාහිකවාරො වා ජානිතබ‍්බො, එකදිසාය ගොගණං චාරෙත්‍වා පුනදිවසෙ තත්‍ථ න චාරෙතබ‍්බො. මහතා හි ගොගණෙන චිණ‍්ණට‍්ඨානං භෙරිතලං විය සුද‍්ධං හොති නිත‍්තිණං, උදකම‍්පි ආලුළීයති. තස‍්මා පඤ‍්චමෙ වා සත‍්තමෙ වා දිවසෙ පුන තත්‍ථ චාරෙතුං වට‍්ටති, එත‍්තකෙන හි තිණම‍්පි පටිවිරුහති, උදකම‍්පි පසීදති. අයං පන ඉමං පඤ‍්චාහිකවාරං වා සත‍්තාහිකවාරං වා න ජානාති, දිවසෙ දිවසෙ රක‍්ඛිතට‍්ඨානෙයෙව රක‍්ඛති. අථස‍්ස ගොගණො හරිතතිණං න ලභති, සුක‍්ඛතිණං ඛාදන‍්තො කලලමිස‍්සකං උදකං පිවති, තත්‍ථ ගුන‍්නං ඛීරං ඡිජ‍්ජති…පෙ… පරිබාහිරො හොති.

න ගොචර කුසලො හොති ගොපල්ලා ගෝචරයෙහි දක්‍ෂයකු විය යුතුය. පස්දිනක් අතර වූ වාරය හෝ හය දිනක් අතර වූ වාරය හෝ දතයුතුය. එක් ප්‍රදේශයක ගව සමූහයා හසුරුවා දෙවන දවස්හි එහි හැසිරවිය යුතු නොවේ. මහත් ගව සමූහයක් දිනක් හැසිරුණු ප්‍රදේශයේ තණ ඉතිරි නොවේ. බෙර ඇසක් මෙන් ශුද්ධ වේ. ජලය කැළඹේ. එහෙයින් පස්වෙනි දින හෝ සත්වෙනි දින නැවත එහි හසුරුවන්නට සුදුසුය. මෙතෙක් දින තණ නැවත වැඩෙයි. ජලය පෑදෙයි. එහෙත් ගොපල්ලා මේ පස්දින-සත්දින වාර නො දන්නේ නම් දිනපතා එහිම රැඳේ. එහිදී ඔහුගේ ගව සමූහයට නිල් තණ නො ලැබේ. පිරිසිදු දිය බොන්නට නො ලැබේ. තනවල කිරි සිඳෙයි. ගව සමූහය පිරිහෙයි. පස්ගෝරස නො ලැබෙයි.

අනවසෙසදොහී ච හොතීති පණ‍්ඩිතගොපාලකෙන යාව වච‍්ඡකස‍්ස මංසලොහිතං සණ‍්ඨාති, තාව එකං ද‍්වෙ ථනෙ ඨපෙත්‍වා සාවසෙසදොහිනා භවිතබ‍්බං. අයං වච‍්ඡකස‍්ස කිඤ‍්චි අනවසෙසෙත්‍වා දුහති, ඛීරපකො වච‍්ඡො ඛීරපිපාසාය සුක‍්ඛති, සණ‍්ඨාතුං අසක‍්කොන‍්තො කම‍්පමානො මාතු පුරතො පතිත්‍වා කාලඞ‍්කරොති. මාතා පුත‍්තකං දිස‍්වා, “මය‍්හං පුත‍්තකො අත‍්තනො මාතුඛීරං පාතුම‍්පි න ලභතී”ති පුත‍්තසොකෙන න යාවදත්‍ථං තිණානි ඛාදිතුං, න පානීයං පාතුං සක‍්කොති, ථනෙසු ඛීරං ඡිජ‍්ජති. එවමස‍්ස ගොගණොපි පරිහායති, පඤ‍්චගොරසතොපි පරිබාහිරො හොති.

අනවස්සෙදො හි ච හොතී නුවණැති ගොපල්ලා විසින් යම් පමණකින් වසුපැටියාගේ ලේ මස් පිහිටාද, ඒ සඳහා තන එකක් දෙකක් තබා ඉතිරි ඒවායින් දොවන්නෙක් විය යුතුය. අනුවණ ගොපල්ලා වසු පැටියාට කිරි ඉතිරි නො කොටම දොවයි. කිරි බොන වස්සා කිරි පිපාසෙන් පෙළෙයි. සිටින්නට නො හැකි වූයේ කම්පා වෙමින් මවු හමුවෙහි වැටී කළුරිය කරයි. මව්තොමෝ පැටවා දැක මගේ පුතා තම මවගේ පවා කිරි බොන්නට නො ලැබ ගියා යයි පුත්‍ර ශෝකයෙන් යැපෙන පමණ තණ කන්නට නො ලබයි. දිය නො බොයි. තණවල කිරි සිඳෙයි. මෙසේ ගව සමූහයා පිරිහෙයි. පස්ගෝරස ලැබීමෙන් වැළකෙයි.

ගුන‍්නං පිතුට‍්ඨානං කරොන‍්තීති ගොපිතරො. ගාවො පරිණයන‍්ති යථාරුචිං ගහෙත්‍වා ගච‍්ඡන‍්තීති ගොපරිණායකා. න අතිරෙකපූජායාති පණ‍්ඩිතො හි ගොපාලකො එවරූපෙ උසභෙ අතිරෙකපූජාය පූජෙති, පණීතං ගොභත‍්තං දෙති, ගන්‍ධපඤ‍්චඞ‍්ගුලිකෙහි මණ‍්ඩෙති, මාලං පිලන්‍ධෙති, සිඞ‍්ගෙ සුවණ‍්ණරජතකොසකෙ ච ධාරෙති, රත‍්තිං දීපං ජාලෙත්‍වා චෙලවිතානස‍්ස හෙට‍්ඨා සයාපෙති. අයං පන තතො එකසක‍්කාරම‍්පි න කරොති, උසභා අතිරෙකපූජං අලභමානා ගොගණං න රක‍්ඛන‍්ති, පරිස‍්සයං න වාරෙන‍්ති. එවමස‍්ස ගොගණො පරිහායති, පඤ‍්චගොරසතො පරිබාහිරො හොති.

ගවයන්ගේ පීතෘස්ථානය කෙරෙත්නුයි ගො පිතරො නම් වේ. (ගව පියා) ගවයන් පමුණුවති. කැමති සේ ගෙනයත්නුයි ගොපරිණායකා ගව පරිණායක වෙයි. න අතිරෙක පූජාය ඒ එසේමැයි. නුවණැති ගොපල්ලා මෙබඳු ගවයන් අතිරේක පූජාවෙන් පුදයි. ප්‍රණිත වූ ආහාර දෙයි. ගඳ පසඟුලින් සරසයි. මාලා පළඳවයි. අංවල රන් රිදී කොපු දමයි. රෑ පහන් දල්වා සෙල් වියන් යට හොවයි. එහෙත් අපණ්ඩිත ගොපල්ලා මේ එක සත්කාරයකුත් නො කරයි. වෘෂභයෝ (නායක ගොන්නු) අතිරේක සත්කාර නො ලබන්නාහු ගව සමූහය නො රකියි. උවදුරු නො වලකත්. මෙසේ ඔහුගේ ගව සමූහය පිරිහෙයි. පස්ගෝරස ලැබීමෙන් වළකියි.

ඉධාති ඉමස‍්මිං සාසනෙ. න රූපඤ‍්ඤූ හොතීති, “චත‍්තාරි මහාභූතානි චතුන‍්නඤ‍්ච මහාභූතානං උපාදායරූප”න‍්ති එවං වුත‍්තරූපං ද‍්වීහාකාරෙහි න ජානාති ගණනතො වා සමුට‍්ඨානතො වා. ගණනතො න ජානාති නාම, “චක‍්ඛායතනං, සොත-ඝාන-ජිව‍්හා-කායායතනං, රූප-සද‍්ද-ගන්‍ධ-රස-ඵොට‍්ඨබ‍්බායතනං, ඉත්‍ථින්‍ද්‍රියං, පුරිසින්‍ද්‍රියං, ජීවිතින්‍ද්‍රියං, කායවිඤ‍්ඤත‍්ති, වචීවිඤ‍්ඤත‍්ති, ආකාසධාතු, ආපොධාතු, රූපස‍්ස ලහුතා, මුදුතා, කම‍්මඤ‍්ඤතා, උපචයො, සන‍්තති, ජරතා, රූපස‍්ස අනිච‍්චතා, කබළීකාරො ආහාරො”ති එවං පාළියං ආගතා පඤ‍්චවීසති රූපකොට‍්ඨාසාති න ජානාති. සෙය්‍යථාපි සො ගොපාලකො ගණනතො ගුන‍්නං රූපං න ජානාති, තථූපමො අයං භික‍්ඛු. සො ගණනතො රූපං අජානන‍්තො රූපං පරිග‍්ගහෙත්‍වා අරූපං වවත්‍ථපෙත්‍වා රූපාරූපං පරිග‍්ගහෙත්‍වා පච‍්චයං සල‍්ලක‍්ඛෙත්‍වා ලක‍්ඛණං ආරොපෙත්‍වා කම‍්මට‍්ඨානං මත්‍ථකං පාපෙතුං න සක‍්කොති. සො යථා තස‍්ස ගොපාලකස‍්ස ගොගණො න වඩ‍්ඪති, එවං ඉමස‍්මිං සාසනෙ සීලසමාධිවිපස‍්සනාමග‍්ගඵලනිබ‍්බානෙහි න වඩ‍්ඪති, යථා ච සො ගොපාලකො පඤ‍්චහි ගොරසෙහි පරිබාහිරො හොති, එවං අසෙක‍්ඛෙන සීලක‍්ඛන්‍ධෙන, අසෙක‍්ඛෙන සමාධි, පඤ‍්ඤා, විමුත‍්ති, විමුත‍්තිඤාණදස‍්සනක‍්ඛන්‍ධෙනාති පඤ‍්චහි ධම‍්මක‍්ඛන්‍ධෙහි පරිබාහිරො හොති.

ඉධ යනු මේ ශාසනයෙහි න රූපඤ්ඤූ හොතී යනු චත්තාරි මහාභූතානි චතුන්නංච මහා භූතානං උපාදාය රූපං යනුවෙන් වදාළ රූපය ගණන වශයෙන් හෝ සමුත්‍ථාන වශයෙන් හෝ දෙ ආකාරයෙන්ම නො දනී. ගණන වශයෙන් නො දනී නම්, ‘චක්ඛායතනං, සොත-ඝාන-ජීව්හා-කාය-රූප, සද්ද, ගන්‍ධ, රස, ඵොට්ඨබ්බායතනං, ඉත්‍ථීන්‍ද්‍රියං පුරිසින්‍ද්‍රියං, ජීවිතින්‍ද්‍රියං, කාය විඤ්ඤත්ති, වචී විඤ්ඤත්ති, ආකාසධාතු ආපෝ ධාතු රූපස්ස ලහුතා මුදිතා කම්මඤ්ඤතා, උපචයො සත්තති, ජරතා රූපස්ස අනිච්චතා කබලිංකාරො ආහාරො’ මෙසේ පෙළෙහි ආවේ වී නමුත් පස්විසි රූප කොට්ඨාශයෝ යයි නො දනිති. යම්සේ අපණ්ඩිත ගොපල්ලා ගණන් වශයෙන් ගවයන්ගේ ස්වරූපය නො දනීද, එසේම මේ භික්‍ෂුව ගණන් වශයෙන් රූපය නො දන්නේ, රූපය පරිග්‍රහණය (දැඩිව ගෙන) කොට අරූපය වවත්‍ථාපනය (ව්‍යවස්ථාපනය) කොට, රූපාරූප පරිග්‍රහණය කොට, ප්‍රත්‍යය සලකා ලක්‍ෂණයට නගා කමටහන් මුදුන් පමුණුවන්ට නොහැකි වෙයි. හෙතෙම යම් පරිද්දෙකින් ඒ ගොපල්ලාගේ ගව සමූහය නො වැඩේද, එපරිද්දෙන් මේ ශාසනයෙහි සීල, සමාධි, විපස්සනා, මාර්ගඵල, නිර්වාණයයන් නො වැඩේ. යළි යම් සේ ඒ ගොපල්ලා පස්ගෝරසයට අහිමි වේද, එපරිද්දෙන් අශෛක්‍ෂ වූ සීලස්කන්ධයෙන් අශෛක්‍ෂ වූ සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුත්ති ඤාණ දර්ශන ස්කන්ධ යන පංච ධර්මස්කන්ධයන්ගෙන් අහිමි වේ.

සමුට‍්ඨානතො න ජානාති නාම, “එත‍්තකං රූපං එකසමුට‍්ඨානං, එත‍්තකං ද‍්විසමුට‍්ඨානං, එත‍්තකං තිසමුට‍්ඨානං, එත‍්තකං චතුසමුට‍්ඨානං, එත‍්තකං න කුතොචිසමුට‍්ඨාතී”ති න ජානාති. සෙය්‍යථාපි සො ගොපාලකො වණ‍්ණතො ගුන‍්නං රූපං න ජානාති, තථූපමො අයං භික‍්ඛු. සො සමුට‍්ඨානතො රූපං අජානන‍්තො රූපං පරිග‍්ගහෙත්‍වා අරූපං වවත්‍ථපෙත්‍වා…පෙ… පරිබාහිරො හොති.

සමුත්‍ථාන වශයෙන් නො දනී නම් මෙතෙක් රූපය ඒකසමුට්ඨානය, මෙතෙක් ද්විසමුට්ඨානය මෙතෙක් තිසමුට්ඨානය, මෙතෙක් චතුසමුට්ඨානය මෙතෙක් කොයිනුත් නූපදී යයි නොදනී. යම්සේ ඒ අපණ්ඩිත ගොපල්ලා වර්ණ වශයෙන් ගවයින්ගේ ස්වරූපය නො දනී ද, එබඳු උපමා ඇති මේ ශ්‍රමණයා සමුත්‍ථාන හෙයින් රූපය නො දන්නේ රූපය පරිග්‍රහණය කොට අරූපය වවස්ථාන කොට -පෙ- කමටහන් මුදුන් පැමිණීමට නො හැකි වෙයි.

න ලක‍්ඛණකුසලො හොතීති කම‍්මලක‍්ඛණො බාලො, කම‍්මලක‍්ඛණො පණ‍්ඩිතොති එවං වුත‍්තං කුසලාකුසලං කම‍්මං පණ‍්ඩිතබාලලක‍්ඛණන‍්ති න ජානාති. සො එවං අජානන‍්තො බාලෙ වජ‍්ජෙත්‍වා පණ‍්ඩිතෙ න සෙවති, බාලෙ වජ‍්ජෙත්‍වා පණ‍්ඩිතෙ අසෙවන‍්තො කප‍්පියාකප‍්පියං කුසලාකුසලං සාවජ‍්ජානවජ‍්ජං ගරුකලහුකං සතෙකිච‍්ඡඅතෙකිච‍්ඡං කාරණාකාරණං න ජානාති; තං අජානන‍්තො කම‍්මට‍්ඨානං ගහෙත්‍වා වඩ‍්ඪෙතුං න සක‍්කොති. සො යථා තස‍්ස ගොපාලකස‍්ස ගොගණො න වඩ‍්ඪති, එවං ඉමස‍්මිං සාසනෙ යථාවුත‍්තෙහි සීලාදීහි න වඩ‍්ඪති, ගොපාලකො විය ච පඤ‍්චහි ගොරසෙහි පඤ‍්චහි ධම‍්මක‍්ඛන්‍ධෙහි පරිබාහිරො හොති.

න ලක්ඛණ කුසලො හොති යනු කම්ම ලක්ඛණො බාලො කම්ම ලක්ඛණො පණ්ඩිතො මෙසේ වදාළ හෙයින් කුසලා කුසල කර්මය පණ්ඩිත බාල ලක්‍ෂණයයි නො දනී. හේ එසේ නො දන්නේ බාලයන් හැර පණ්ඩිතයන් සේවනය නො කරයි. එසේම කැප නො කැප කුශලා කුශලය වැරදි සහිතද, නිවැරදි ද, ගරුක ලහුකය. සතේකිච්ඡ, අතේකිච්ඡ භාවය යන කාරණා කාරණ නො දනී. එය නොදන්නා නිසා කමටහන් ගෙන වඩන්නට නොහැකි වෙයි. ඔහු යම් සේ ගොපල්ලාගේ ගව සමූහය නො වැඩේ ද, එපරිද්දෙන් මේ සසුන්හි ඉහත සඳහන් ශීලාදීන්ගෙන් නො වැඩේ. පස්ගෝරසයෙන් ගොපල්ලා පිරිහෙන්නාක් මෙන්, ශ්‍රමණයා පංච ධර්මස්කන්ධයන්ගෙන් පිරිහෙයි.

න ආසාටිකං හාරෙතා හොතීති උප‍්පන‍්නං කාමවිතක‍්කන‍්ති එවං වුත‍්තෙ කාමවිතක‍්කාදිකෙ න විනොදෙති, සො ඉමං අකුසලවිතක‍්කං ආසාටිකං අහාරෙත්‍වා විතක‍්කවසිකො හුත්‍වා විචරන‍්තො කම‍්මට‍්ඨානං ගහෙත්‍වා වඩ‍්ඪෙතුං න සක‍්කොති, සො යථා තස‍්ස ගොපාලකස‍්ස…පෙ… පරිබාහිරො හොති.

න ආසාටිකං සාටෙකා හොති යනු උප්පන්නං කාම විතක්කං යනුවෙන් වදාළ කාම විතර්කයෝ දුරු නො කෙරෙයි. හේ මේ අකුශල විතර්ක සංඛ්‍යාත ඉහඳය බැහැර නොකොට විතර්කයන්ට වසඟව හැසිරෙන්නේ කමටහන් ගෙන වඩන්න නොහැකි වෙයි. හේ යම්සේ ගොපල්ලාගේ -පෙ- පරිබාහිර වූයේ වෙයි.

න වණං පටිච‍්ඡාදෙතා හොතීති චක‍්ඛුනා රූපං දිස‍්වා නිමිත‍්තග‍්ගාහී හොතීතිආදිනා නයෙන සබ‍්බාරම‍්මණෙසු නිමිත‍්තං ගණ‍්හන‍්තො යථා සො ගොපාලකො වණං න පටිච‍්ඡාදෙති, එවං සංවරං න සම‍්පාදෙති. සො විවටද‍්වාරො විචරන‍්තො කම‍්මට‍්ඨානං ගහෙත්‍වා වඩ‍්ඪෙතුං න සක‍්කොති…පෙ… පරිබාහිරො හොති.

නවණං පටිච්ඡාදෙතා හොති යනු චක්ඛුනා රූපං දිස්වා නිමිත්තග්ගාහී හොති ආදී වශයෙන් සියලු අරමුණුවල නිමිත්ත ගන්නේ, යම්සේ ගොපල්ලා වණය නො වසාද, එලෙසින්ම සංවරය සම්පාදනය නො කරයි. හෙතෙම අසංවර වූ විවෘත වූ චක්‍ෂුරාදී දොරටු ඇතිව හැසිරෙන්නේ කමටහන් ගෙන වඩන්නට නොහැකි වෙයි. -පෙ- පරිබාහිර වූයේ වේ.

න ධූමං කත‍්තා හොතීති සො ගොපාලකො ධූමං විය ධම‍්මදෙසනාධූමං න කරොති, ධම‍්මකථං වා සරභඤ‍්ඤං වා උපනිසින‍්නකථං වා අනුමොදනං වා න කරොති. තතො නං මනුස‍්සා බහුස‍්සුතො ගුණවාති න ජානන‍්ති, තෙ ගුණාගුණං අජානන‍්තා චතූහි පච‍්චයෙහි සඞ‍්ගහං න කරොන‍්ති. සො පච‍්චයෙහි කිලමමානො බුද‍්ධවචනං සජ‍්ඣායං කාතුං වත‍්තපටිපත‍්තිං පූරෙතුං කම‍්මට‍්ඨානං ගහෙත්‍වා වඩ‍්ඪෙතුං න සක‍්කොති…පෙ… පරිබාහිරො හොති.

න ධූමං කත්තා හොති ඒ ගොපලු දුම මෙන් ධර්මදේශනා නමැති දුම නො කෙරෙයි. ධර්මකථාව හෝ (ස්වර බිඳීම) සරභණ්‍යය හෝ සමීපයේ සිට කරන (උපනිසින්තක) කථාව හෝ අනුමෝදනාව හෝ නො කරයි. එහෙයින් මිනිස්සු ඔහු බහුශ්‍රැතයෙක් යයි නො දනී. ඔව්හූ ගුණා ගුණ නො දන්නේ සිව්පසයෙන් උපස්ථාන නො කරයි. හෙතෙම ප්‍රත්‍යයෙන් ක්ලාන්ත වන්නේ බුද්ධ වචනය සජ්ඣායනා කරන්නට, වත් පිළිවෙත් පුරන්නට, කමටහන් ගෙන වඩන්නට අපොහොසත් වෙයි. -පෙ- ශ්‍රමණ ධර්මයෙන් පිරිහෙයි.

න තිත්‍ථං ජානාතීති තිත්‍ථභූතෙ බහුස‍්සුතභික‍්ඛූ න උපසඞ‍්කමති, උපසඞ‍්කමන‍්තො, “ඉදං, භන‍්තෙ, බ්‍යඤ‍්ජනං කථං රොපෙතබ‍්බං, ඉමස‍්ස භාසිතස‍්ස කො අත්‍ථො, ඉමස‍්මිං ඨානෙ පාළි කිං වදෙති, ඉමස‍්මිං ඨානෙ අත්‍ථො කිං දීපෙතී”ති එවං න පරිපුච‍්ඡති න පරිපඤ‍්හති, න ජානාපෙතීති අත්‍ථො. තස‍්ස තෙ එවං අපරිපුච‍්ඡතො අවිවටඤ‍්චෙව න විවරන‍්ති, භාජෙත්‍වා න දස‍්සෙන‍්ති, අනුත‍්තානීකතඤ‍්ච න උත‍්තානීකරොන‍්ති, අපාකටං න පාකටං කරොන‍්ති. අනෙකවිහිතෙසු ච කඞ‍්ඛාඨානියෙසු ධම‍්මෙසූති අනෙකවිධාසු කඞ‍්ඛාසු එකං කඞ‍්ඛම‍්පි න පටිවිනොදෙන‍්ති. කඞ‍්ඛා එව හි කඞ‍්ඛාඨානියා ධම‍්මා නාම. තත්‍ථ එකං කඞ‍්ඛම‍්පි න නීහරන‍්තීති අත්‍ථො. සො එවං බහුස‍්සුතතිත්‍ථං අනුපසඞ‍්කමිත්‍වා සකඞ‍්ඛො කම‍්මට‍්ඨානං ගහෙත්‍වා වඩ‍්ඪෙතුං න සක‍්කොති. යථා ච සො ගොපාලකො තිත්‍ථං න ජානාති, එවං අයම‍්පි භික‍්ඛු ධම‍්මතිත්‍ථං න ජානාති, අජානන‍්තො අවිසයෙ පඤ‍්හං පුච‍්ඡති, අභිධම‍්මිකං උපසඞ‍්කමිත්‍වා කප‍්පියාකප‍්පියං පුච‍්ඡති, විනයධරං උපසඞ‍්කමිත්‍වා රූපාරූපපරිච‍්ඡෙදං පුච‍්ඡති. තෙ අවිසයෙ පුට‍්ඨා කථෙතුං න සක‍්කොන‍්ති, සො අත‍්තනා සකඞ‍්ඛො කම‍්මට‍්ඨානං ගහෙත්‍වා වඩ‍්ඪෙතුං න සක‍්කොති…පෙ… පරිබාහිරො හොති.

න තිත්‍ථං ජානාති තීර්ථ වූ බහුශ්‍රැත භික්‍ෂූන් කරා නො එළඹෙයි. එසේ නො එළඹෙන්නේ ස්වාමීනි, මේ බ්‍යඤ්ජනය කෙසේ නැගිය යුතුද, මේ භාෂිතයේ අර්ථ කවරේද? මෙතැන පෙළෙහි කුමක් කියන්නේද, මෙතැන්හි අර්ථයෙන් කුමක් පැහැදිලි කරයිද, මේ අන්දමින් නො විමසන්නේ ය. ප්‍රශ්න නො කෙරෙයි. නො දන්වයි යන අර්ථයි. මෙසේ නො විචාරන්නා වූ ඔහුට සැඟවුණා වූ අර්ථ කියා නො දෙයි. බෙදා නො දක්වති. ගැඹුරු අර්ථ ලිහිල් පහසු නො කරති. අප්‍රකට වූ අර්ථය ප්‍රකට නො කරති. අනෙක විහිතෙසුච කංඛාඨානියෙසු ධම්මෙසු යනු නන් වැදෑරුම් සැක තැන් අතුරෙන් එක සැකයක්වත් දුරු නො කරයි. සැක සහිත කරුණුම ‘කංඛාඨානීය ධර්ම’ නම් වේ. ඒවා අතුරෙන් එක සැකයකුත් බැහැර නො කරති. හෙතෙම එසේ බහුශ්‍රැත සංඛ්‍යාත තොටුපල කරා නො එළඹ සැක සහිත වූයේ කමටහන් වඩන්නට නො හැකි වෙයි. තව ද යම් සේ ඒ ගොපල්ලා සුදුසු කොට නො දන්නේද එපරිද්දෙන් ම මේ ශ්‍රමණයා ද දහම් කොට නො දනී. නො දන්නා හෙයින් අකාරණයෙහි ප්‍රශ්න විචාරයි. ආභිධර්මිකයකු කරා එළඹ කැප අකැප දේ විමසයි. විනයධරයකු කරා පැමිණ රූපාරූප පරිච්ඡේද විස්තර විමසයි. අකාරණයෙහි විමසන නිසා පිළිතුරු කියන්නට නොහැකි වෙයි. හේ තමන් සැක සහිත වූයේ කමටහන් වඩන්නට නො හැකි වෙයි.

න පීතං ජානාතීති යථා සො ගොපාලකො පීතාපීතං න ජානාති, එවං ධම‍්මූපසඤ‍්හිතං පාමොජ‍්ජං න ජානාති න ලභති, සවනමයං පුඤ‍්ඤකිරියවත්‍ථුං නිස‍්සාය ආනිසංසං න වින්‍දති, ධම‍්මස‍්සවනග‍්ගං ගන‍්ත්‍වා සක‍්කච‍්චං න සුණාති, නිසින‍්නො නිද‍්දායති, කථං කථෙති, අඤ‍්ඤවිහිතකො හොති, සො සක‍්කච‍්චං ධම‍්මං අසුණන‍්තො කම‍්මට‍්ඨානං ගහෙත්‍වා වඩ‍්ඪෙතුං න සක‍්කොති…පෙ… පරිබාහිරො හොති.

න පීතං ජානාති ඒ අනුවණ ගොපල්ලා දිය බිව් නොබිව් ගවයන් නො දක්නාක් මෙන්, ශ්‍රමණයා දහම් නිසා උපන් සතුට නො ලබයි. ඇසීමේ පුණ්‍යක්‍රියා වස්තුව නිසා ආනිශංස නො ලබයි. බණ අසන තැනට ගොස් මනාකොට සකස්ව නො අසයි. බණ අසද්දීම නිදයි. කථා කරයි. අන්‍ය විහිතක වෙයි. වෙනත් කල්පනාවකින් යුතු වෙයි. ඔහු සකස්කොට මනාවැ දහම් නො අසන නිසා කමටහන් වඩන්නට නො හැකි වෙයි. භික්‍ෂු ධර්මයෙන් පිරිහෙයි.

න වීථිං ජානාතීති සො ගොපාලකො මග‍්ගාමග‍්ගං විය, – “අයං ලොකියො අයං ලොකුත‍්තරො”ති අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං යථාභූතං න පජානාති. අජානන‍්තො ලොකියමග‍්ගෙ අභිනිවිසිත්‍වා ලොකුත‍්තරං නිබ‍්බත‍්තෙතුං න සක‍්කොති…පෙ… පරිබාහිරො හොති.

න වීථි ජානාති ඒ අනුවණ ගොපල්ලා මග නොමග නොදන්නාක් මෙන් මේ ශ්‍රමණ ද මේ ලෞකික ලෝකෝත්තර, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නියම ලෙස නො දනී. නො දන්නා නිසාම ලෞකික මාර්ගයෙන් පිවිස ලෝකෝත්තර මාර්ගය උපදවන්නට නො හැකි වෙයි. ලෞකික මාර්ගඵල හෝ ලෝකෝත්තර මාර්ගඵල නො ලබයි.

න ගොචරකුසලො හොතීති සො ගොපාලකො පඤ‍්චාහිකවාරෙ සත‍්තාහිකවාරෙ විය චත‍්තාරො සතිපට‍්ඨානෙ, “ඉමෙ ලොකියා ඉමෙ ලොකුත‍්තරා”ති යථාභූතං න පජානාති. අජානන‍්තො සුඛුමට‍්ඨානෙසු අත‍්තනො ඤාණං චරාපෙත්‍වා ලොකියසතිපට‍්ඨානෙ අභිනිවිසිත්‍වා ලොකුත‍්තරං නිබ‍්බත‍්තෙතුං න සක‍්කොති…පෙ… පරිබාහිරො හොති.

න ගොචර කුසලො ඒ අනුවණ ගොපල්ලා පඤ්චාහ වාර සත්තාහ වාර, නො දන්නාක් මෙන්, ශ්‍රමණයා ද, සතර සතිපට්ඨානයන් ලෞකිකද, ලෝකෝත්තරදැයි තතු සේ නොදනී. නොදන්නා බැවින් සියුම් තන්හි තමන්ගේ නුවණ හසුරුවා ලෞකික සතිපට්ඨානයට පිවිස ලෝකෝත්තර සතිපට්ඨානය උපදවන්නට නොහැකි වේ. (ශ්‍රමණ ධර්මය පිරිහේ.)

අනවසෙසදොහී ච හොතීති පටිග‍්ගහණෙ මත‍්තං අජානන‍්තො අනවසෙසං දුහති. නිද‍්දෙසවාරෙ පනස‍්ස අභිහට‍්ඨුං පවාරෙන‍්තීති අභිහරිත්‍වා පවාරෙන‍්ති. එත්‍ථ ද‍්වෙ අභිහාරා වාචාභිහාරො ච පච‍්චයාභිහාරො ච. වාචාභිහාරො නාම මනුස‍්සා භික‍්ඛුස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා, “වදෙය්‍යාථ, භන‍්තෙ, යෙනත්‍ථො”ති පවාරෙන‍්ති. පච‍්චයාභිහාරො නාම වත්‍ථාදීනි වා තෙලඵාණිතාදීනි වා ගහෙත්‍වා භික‍්ඛුස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා, “ගණ‍්හථ, භන‍්තෙ, යාවතකෙන අත්‍ථො”ති වදන‍්ති. තත්‍ර භික‍්ඛු මත‍්තං න ජානාතීති භික‍්ඛු තෙසු පච‍්චයෙසු පමාණං න ජානාති, – “දායකස‍්ස වසො වෙදිතබ‍්බො, දෙය්‍යධම‍්මස‍්ස වසො වෙදිතබ‍්බො, අත‍්තනො ථාමො වෙදිතබ‍්බො”ති රථවිනීතෙ වුත‍්තනයෙන පමාණයුත‍්තං අග‍්ගහෙත්‍වා යං ආහරන‍්ති, තං සබ‍්බං ගණ‍්හාතීති අත්‍ථො. මනුස‍්සා විප‍්පටිසාරිනො න පුන අභිහරිත්‍වා පවාරෙන‍්ති. සො පච‍්චයෙහි කිලමන‍්තො කම‍්මට‍්ඨානං ගහෙත්‍වා වඩ‍්ඪෙතුං න සක‍්කොති…පෙ… පරිබාහිරො හොති.

අනවසෙස දොහීච හොති යනු පිළිගැනීමෙහි පමණ නො දන්නේ, අනවශේෂ කොට නිර්දේශ වාරයෙහි අභිහට්ඨුං පවාරෙන්ති සමීපයට එළවා පවරත්. මෙහි පැවරීම් දෙදෙනෙක් වෙති. වාචාභිහාරය පච්චාභිහාරය යනුවෙනි. ‘වාචාභිහාර’ නම් මිනිස්සු භික්‍ෂුව හමුවට ගොස් වහන්ස, යමකින් ප්‍රයෝජනයක් වේද, එය කියනු මැනවි, කියති. ‘පච්චයාභිහාර’ නම් පිරිකර ආදිය හෝ ගිතෙල් පැනි ආදිය හෝ ගෙන භික්‍ෂුව වෙත පැමිණ, ස්වාමීනි, යම් පමණකින් ප්‍රයෝජන ඇත්ද, ඒ ප්‍රමාණය ගත මැනවැයි කියත්. තත්‍ර භික්ඛු මත්තං නජානාති ඒ භික්‍ෂුව ප්‍රමාණය නො දනී. දායකස්ස ච වසො වෙදිතබ්බො දෙය්‍ය ධම්මස්ස වසො වෙදිතබෙබා අත්තනොථාමො වෙදිතබ්බො රථවිනීත සූත්‍රයෙහි කියන ලද පරිද්දෙන් ප්‍රමාණයෙන් යුක්තව නොගෙන යමක් ගෙන එත්ද, ඒ සියල්ල ගනී යන අර්ථයි. මිනිස්සු විපිළිසර වූවෝ නැවත ගෙනැවිත් නො පවරත්. හේ ප්‍රත්‍යයෙන් ක්ලාන්ත වන්නේ කමටහන් ගෙන වඩන්නට නොහැකි වෙත්. (ශ්‍රමණ ධර්මයෙන් පිරිහේ)

තෙ න අතිරෙකපූජාය පූජෙතා හොතීති සො ගොපාලකො මහාඋසභෙ විය තෙ ථෙරෙ භික‍්ඛූ ඉමාය ආවි චෙව රහො ච මෙත‍්තාය කායකම‍්මාදිකාය අතිරෙකපූජාය න පූජෙති. තතො ථෙරා, – “ඉමෙ අම‍්හෙසු ගරුචිත‍්තීකාරං න කරොන‍්තී”ති නවකෙ භික‍්ඛූ ද‍්වීහි සඞ‍්ගහෙහි න සඞ‍්ගණ‍්හන‍්ති, න ආමිසසඞ‍්ගහෙන චීවරෙන වා පත‍්තෙන වා පත‍්තපරියාපන‍්නෙන වා වසනට‍්ඨානෙන වා. කිලමන‍්තෙ මිලායන‍්තෙපි නප‍්පටිජග‍්ගන‍්ති. පාළිං වා අට‍්ඨකථං වා ධම‍්මකථාබන්‍ධං වා ගුය‍්හගන්‍ථං වා න සික‍්ඛාපෙන‍්ති. නවකා ථෙරානං සන‍්තිකා සබ‍්බසො ඉමෙ ද‍්වෙ සඞ‍්ගහෙ අලභමානා ඉමස‍්මිං සාසනෙ පතිට‍්ඨාතුං න සක‍්කොන‍්ති. යථා තස‍්ස ගොපාලකස‍්ස ගොගණො න වඩ‍්ඪති, එවං සීලාදීනි න වඩ‍්ඪන‍්ති. යථා ච සො ගොපාලකො පඤ‍්චහි ගොරසෙහි පරිබාහිරො හොති, එවං පඤ‍්චහි ධම‍්මක‍්ඛන්‍ධෙහි පරිබාහිරා හොන‍්ති. සුක‍්කපක‍්ඛො කණ‍්හපක‍්ඛෙ වුත‍්තවිපල‍්ලාසවසෙන යොජෙත්‍වා වෙදිතබ‍්බොති.

තෙන අතිරෙක පූජාය පූජෙතා හොති ඒ ගොපල්ලා මහා වෘෂභයන් (හඳුනා නොගන්නාක් මෙන්) (ශ්‍රමණයා) ස්ථවිර භික්‍ෂූන් හමුවෙහි හා නො හමුවෙහි මෛත්‍රී කාය කර්මාදිය ආදී වූ අතිරේක පූජාවෙන් පූජා නො කරත්. එහෙයින් ස්ථවිර භික්‍ෂූහු මොව්හු අප කෙරෙහි ගෞරව කිරීමක් සැළකීමක් නො කරති යි නවක භික්‍ෂූන්ට විවිධ අන්දමින් උපකාර නො කරති. බණ දහම් කියාදීමෙන් සංග්‍රහ නො කරති. සිවුරු පාත්‍රා ආදියෙන් හෝ, පාත්‍රයට ලද දෙයකින් හෝ, පන්සල් ආරාම ආදියෙන් හෝ ආමිෂ සංග්‍රහ ආදියෙන් ද සංග්‍රහ නො කරති. විඩා වෙන කල්හි ද මැලවෙන කල්හි ද. (ලෙඩ දුක් ඇති වූ කල්හි ද) ඇප උපකාර පිළිදැගුම් නො කරති. පෙළ හෝ අටුවාවන් හෝ ධර්මකථා හෝ බණදහම් හෝ වෙනත් ගූඪ ශාස්ත්‍රයන්හි හෝ නො පිහිටුවති කියා නො දෙති. නො හික්මවති. නවකයෝ තෙරවරුන් සමීපයෙන් මුළුමනින්ම මේ සංග්‍රහ දෙකම නො ලබන්නාහු මේ ශාසනයේ පිහිටා සිටින්නට නො හැකි වෙති. යම්සේ අනුවණ ගොපල්ලාගේ ගව සම්පත නො වැඩේ, පිරිහේද එපරිද්දෙන් ශීලාදියෙන් නො වැඩෙති. ගොපල්ලා පස්ගෝරසයට හිමිකාරයෙක් නො වන්නේද, එපරිද්දෙන් නවක භික්‍ෂුව පංච ධර්මස්කන්ධයන්ගෙන් පරිබාහිර වූවාහු වෙති. ශුක්ල පක්‍ෂය, අකුසල පක්‍ෂයෙහි කියන ලද්දට විපර්යාස වශයෙන් යොදා ගත යුතුය.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය මහාගොපාලකසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

මහා ගෝපාලක සූත්‍ර වර්ණනාව නිමියේය.