යෙදුමෙන් කියවන්න

මහාගොසිඞ‍්ගසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

මහාගොසිඞ‍්ගසුත‍්තවණ‍්ණනා

මහාගොසිඞ්ග සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති මහාගොසිඞ‍්ගසුත‍්තං. තත්‍ථ ගොසිඞ‍්ගසාලවනදායෙති ඉදං වසනට‍්ඨානදස‍්සනත්‍ථං වුත‍්තං. අඤ‍්ඤෙසු හි සුත‍්තෙසු, “සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ”ති එවං පඨමං ගොචරගාමං දස‍්සෙත්‍වා පච‍්ඡා වසනට‍්ඨානං දස‍්සෙති. ඉමස‍්මිං පන මහාගොසිඞ‍්ගසුත‍්තෙ භගවතො ගොචරගාමො අනිබන්‍ධො, කොචිදෙව ගොචරගාමො භවිස‍්සති. තස‍්මා වසනට‍්ඨානමෙව පරිදීපිතං. අරඤ‍්ඤනිදානකං නාමෙතං සුත‍්තන‍්ති.

එවම්මෙසුතං යනු මහා ගෝසිංග සුත්‍රයයි. එහි ගොසිංග සාලවනදායෙ මෙය වසන තැන දැක්වීම පිණිස කියන ලදී. යම්හෙයකින් වෙනත් සූත්‍රයන්හි සාවත්‍ථිය විහරති ජෙතවනෙ - අනාථ පිණ්ඩිකස්ස ආරාමෙ ආදී වශයෙන් පළමුව ගොදුරුගම දක්වා පසුව වසන තැන දැක්වීද, මෙම සූත්‍රයෙහි භාග්‍යවතුන් වහන්ගේ ගොදුරුගම අනිබද්ධ වේද, කිසිවක්ම ගොදුරුගම වන්නේද එහෙයින් වසන තැනම දක්වන ලදී. මේ සූත්‍රය ආරණ්‍ය නිදාන නම් ඇත්තේ වෙයි.

සම‍්බහුලෙහීති බහුකෙහි. අභිඤ‍්ඤාතෙහි අභිඤ‍්ඤාතෙහීති සබ‍්බත්‍ථ විස‍්සුතෙහි පාකටෙහි. ථෙරෙහි සාවකෙහි සද‍්ධින‍්ති පාතිමොක‍්ඛසංවරාදීහි ථිරකාරකෙහෙව ධම‍්මෙහි සමන‍්නාගතත‍්තා ථෙරෙහි, සවනන‍්තෙ ජාතත‍්තා සාවකෙහි සද‍්ධිං එකතො. ඉදානි තෙ ථෙරෙ සරූපතො දස‍්සෙන‍්තො, ආයස‍්මතා ච සාරිපුත‍්තෙනාතිආදිමාහ. තත්‍ථායස‍්මා සාරිපුත‍්තො අත‍්තනො සීලාදීහි ගුණෙහි බුද‍්ධසාසනෙ අභිඤ‍්ඤාතො. චක‍්ඛුමන‍්තානං ගගනමජ‍්ඣෙ ඨිතො සූරියො විය චන්‍දො විය, සමුද‍්දතීරෙ ඨිතානං සාගරො විය ච පාකටො පඤ‍්ඤාතො. න කෙවලඤ‍්චස‍්ස ඉමස‍්මිං සුත‍්තෙ ආගතගුණවසෙනෙව මහන‍්තතා වෙදිතබ‍්බා, ඉතො අඤ‍්ඤෙසං ධම‍්මදායාදසුත‍්තං අනඞ‍්ගණසුත‍්තං සම‍්මාදිට‍්ඨිසුත‍්තං සීහනාදසුත‍්තං රථවිනීතං මහාහත්‍ථිපදොපමං මහාවෙදල‍්ලං චාතුමසුත‍්තං දීඝනඛං අනුපදසුත‍්තං සෙවිතබ‍්බාසෙවිතබ‍්බසුත‍්තං සච‍්චවිභඞ‍්ගසුත‍්තං පිණ‍්ඩපාතපාරිසුද‍්ධි සම‍්පසාදනීයං සඞ‍්ගීතිසුත‍්තං දසුත‍්තරසුත‍්තං පවාරණාසුත‍්තං (සං· නි· 1.215 ආදයො) සුසිමසුත‍්තං ථෙරපඤ‍්හසුත‍්තං මහානිද‍්දෙසො පටිසම‍්භිදාමග‍්ගො ථෙරසීහනාදසුත‍්තං අභිනික‍්ඛමනං එතදග‍්ගන‍්ති ඉමෙසම‍්පි සුත‍්තානං වසෙන ථෙරස‍්ස මහන‍්තතා වෙදිතබ‍්බා. එතදග‍්ගස‍්මිඤ‍්හි, “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං මහාපඤ‍්ඤානං යදිදං සාරිපුත‍්තො”ති (අ· නි· 1.188-189) වුත‍්තං.

සම්බහුලෙහි බොහෝ වූ, අභිඤ්ඤා තෙහි අභිඤ්ඤාතෙසී සියලු තැන්හි ප්‍රසිද්ධ වූ ප්‍රකට වූ, ථෙරෙහි සාවකෙහි සද්ධිං ප්‍රාතිමෝක්‍ෂ සංවරාදී සථිරකාරක ධර්මයන්ගෙන් සමන්විත බැවින් ස්ථවිර වූ, ශ්‍රවණානීතයෙන් ජාත වූ බැවින් ශ්‍රාවක වූ භික්‍ෂූන් හා එක්වැ මෙවිට ඒ ස්ථවිරයන් ස්වරූපයෙන් දක්වමින් ආයස්මතාච සාරිපුත්තෙන ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේ තමන්ගේ ශීලාදී ගුණයන්ගෙන් බුදුසසුන්හි ප්‍රසිද්ධය. ඇස් ඇතියනට අහස් මැද සිටි හිරු මෙන් ද, සඳු මෙන් ද, මුහුදු තෙර සිටියවුන්ට සයුර මෙන් ද, ප්‍රකට වූහ. ප්‍රසිද්ධ වූහ. තව ද මේ සූත්‍රයෙහි ආ ගුණයන්ගේ වශයෙන්ම මහත් බැව් නො දත යුතුය. මෙයින් වෙනස් වූ අනංගණ, ධම්මදායාද, සම්මාදිට්ඨි, සීහනාද, රථ විනීත, මහා හත්‍ථිපදොපමය, මහා වෙදල්ල, චාතුම දීඝනඛ, අනුපද, සෙවිතබ්බා සෙවිතබ්බ, සච්ච විභංග, සම්පසාදනීය, සංගීති, දසුත්තර, පවාරණ, සුසීම, ථෙරපඤ්හ, මහා නිද්දෙස, පටිසම්භිදා මග්ගය, ථෙර සීහනාද, අභිනිෂ්ක්‍රමණ, එතදග්ග ආදී මේ සූත්‍රයන්ගේ වශයෙන් ද, තෙරුන්ගේ මහත් බැව් දතයුතුය. ඒතදග්ග පාලියෙහි එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං මහා පඤ්ඤානං යදිදං සාරිපුත්තො යනුවෙන් වදාරන ලදහ.

මහාමොග‍්ගල‍්ලානොපි සීලාදිගුණෙහි චෙව ඉමස‍්මිං සුත‍්තෙ ආගතගුණෙහි ච ථෙරො විය අභිඤ‍්ඤාතො පාකටො මහා. අපිචස‍්ස අනුමානසුත‍්තං, චූළතණ‍්හාසඞ‍්ඛයසුත‍්තං මාරතජ‍්ජනියසුත‍්තං පාසාදකම‍්පනං සකලං ඉද‍්ධිපාදසංයුත‍්තං නන්‍දොපනන්‍දදමනං යමකපාටිහාරියකාලෙ දෙවලොකගමනං විමානවත්‍ථු පෙතවත්‍ථු ථෙරස‍්ස අභිනික‍්ඛමනං එතදග‍්ගන‍්ති ඉමෙසම‍්පි වසෙන මහන‍්තභාවො වෙදිතබ‍්බො. එතදග‍්ගස‍්මිඤ‍්හි, “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං ඉද‍්ධිමන‍්තානං යදිදං මහාමොග‍්ගල‍්ලානො”ති (අ· නි· 1.190) වුත‍්තං.

මහ මුගලන් තෙරුන් ද සීලාදී ගුණයන්ගෙන් ද, මේ සූත්‍රයෙහි ආ ගුණයන්ගෙන් ද, සැරියුත් තෙරුන් මෙන්ම ප්‍රසිද්ධ වූහ. ප්‍රකට වූහ. මහත් වූහ. වැලිදු අනුමාණ සූත්‍රය, චුල්ලතණ්හා සංඛය සූත්‍රය, මාර තජ්ජනීය, පාසාදකම්පන, ඉද්ධිප්පාද සූත්‍රාන්තය, නන්‍දොපනන්‍ද දමනය, යමාමහ පෙළහරින් පසු දෙව්ලෝයාම, විමාන වත්‍ථු, පේතවත්‍ථු, තෙරුන්ගේ අභිනිෂ්ක්‍රමණය, ඒතදග්‍රය යන මොවුන්ගේ වශයෙන් ද, උන්වහන්සේගේ මහත් බැව් දතයුතු. ඒ එසේමැයි. ඒතදග්‍රයෙහි, එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛුනං ඉද්ධිමන්තානං යදිදං මහා මොග්ගල්ලානො යයි වදාරණ ලදී.

මහාකස‍්සපොපි සීලාදිගුණෙහි චෙව ඉමස‍්මිං සුත‍්තෙ ආගතගුණෙහි ච ථෙරො විය අභිඤ‍්ඤාතො පාකටො මහා. අපිචස‍්ස චීවරපරිවත‍්තනසුත‍්තං ජිණ‍්ණචීවරසුත‍්තං (සං· නි· 2.154 ආදයො) චන්‍දොපමං සකලං කස‍්සපසංයුත‍්තං මහාඅරියවංසසුත‍්තං ථෙරස‍්ස අභිනික‍්ඛමනං එතදග‍්ගන‍්ති ඉමෙසම‍්පි වසෙන මහන‍්තභාවො වෙදිතබ‍්බො. එතදග‍්ගස‍්මිඤ‍්හි, “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං ධුතවාදානං යදිදං මහාකස‍්සපො”ති (අ· නි· 1.191) වුත‍්තං.

මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ද ශීලා දී ගුණයන්ගෙන් ද, මේ සූත්‍රයෙහි ගුණයන්ගෙන් ද, (සැරියුත් තෙරුන් මෙන්) ප්‍රසිද්ධ වූහ. ප්‍රකට වූහ. මහත් වූහ. තව ද චීවර පරිවත්තන සූත්‍රය ජිණ්ණචීවර සුත්‍රය, චන්‍දොපමය, සමස්ත කස්ස සංයුත්තය, මහා අරියවංස සූත්‍රය තෙරුන්ගේ අභිනිෂ්ක්‍රමණය, ඒතදග්‍රය යන මොවුන්ගේ වශයෙන් ද, උන්වහන්සේගේ මහත් බව දතයුතු. ඒතදග්‍ර පාළියේ ‘එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං ධූතවාදානං යදිදං මහාකස්සපො’යි වදාරණ ලදී.

අනුරුද‍්ධත්‍ථෙරොපි සීලාදිගුණෙහි චෙව ඉමස‍්මිං සුත‍්තෙ ආගතගුණෙහි ච ථෙරො විය අභිඤ‍්ඤාතො පාකටො මහා. අපිචස‍්ස චූළගොසිඞ‍්ගසුත‍්තං නළකපානසුත‍්තං අනුත‍්තරියසුත‍්තං උපක‍්කිලෙසසුත‍්තං අනුරුද‍්ධසංයුත‍්තං මහාපුරිසවිතක‍්කසුත‍්තං ථෙරස‍්ස අභිනික‍්ඛමනං එතදග‍්ගන‍්ති ඉමෙසම‍්පි වසෙන මහන‍්තභාවො වෙදිතබ‍්බො. එතදග‍්ගස‍්මිඤ‍්හි, “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං දිබ‍්බචක‍්ඛුකානං යදිදං අනුරුද‍්ධො”ති (අ· නි· 1.192) වුත‍්තං.

අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ ද ශීලාදී ගුණයන්ගෙන් හා මේ සූත්‍රයෙහි ආ ගුණයන්ගෙන් ද (සැරියුත් තෙරුන් මෙන්) ප්‍රසිද්ධයහ. ප්‍රකටයහ. මහත්ය. තව ද චූළ ගෝසිංග සූත්‍රය, නළකපාන සූත්‍රය, අනුත්තරිය සූත්‍රය, උපක්කිලෙස සූත්‍රය, අනුරුද්ධ සංයුත්තය, මහා පුරිස විතක්ක සූත්‍රය, තෙරුන් ගේ අභිනිෂ්ක්‍රමණය ඒතදග්‍රය යන මොවුන්ගේ වශයෙන්ද, උන්වහන්සේ මහත් බව දතයුතුය. ඒ එසේමයි. ඒතදග්‍රයෙහි ‘එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං දිබ්බ චක්ඛුකානං යදිදං අනුරුදෙධා’යි වදාරණ ලදී.

ආයස‍්මතා ච රෙවතෙනාති එත්‍ථ පන ද‍්වෙ රෙවතා ඛදිරවනියරෙවතො ච කඞ‍්ඛාරෙවතො ච. තත්‍ථ ඛදිරවනියරෙවතො ධම‍්මසෙනාපතිත්‍ථෙරස‍්ස කනිට‍්ඨභාතිකො, න සො ඉධ අධිප‍්පෙතො. “අකප‍්පියො ගුළො, අකප‍්පියා මුග‍්ගා”ති (මහාව· 272) එවං කඞ‍්ඛාබහුලො පන ථෙරො ඉධ රෙවතොති අධිප‍්පෙතො. සොපි සීලාදිගුණෙහි චෙව ඉමස‍්මිං සුත‍්තෙ ආගතගුණෙහි ච ථෙරො විය අභිඤ‍්ඤාතො පාකටො මහා. අපිචස‍්ස අභිනික‍්ඛමනෙනපි එතදග‍්ගෙනපි මහන‍්තභාවො වෙදිතබ‍්බො. එතදග‍්ගස‍්මිඤ‍්හි, “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං ඣායීනං යදිදං කඞ‍්ඛාරෙවතො”ති (අ· නි· 1.204) වුත‍්තං.

ආයස්මතා රෙවතෙන යන මෙහි ඛදිරවනිය රේවතද කංඛා රේවතද යයි රේවත තෙරහු දෙනමක් වූහ. ඔවුනතුරෙහි ‘ඛදිරවනිය රේවත’ තෙරුන් වහන්සේ ද දම්සෙනෙවි තෙරුන්ගේ කණිටු බෑයා විය. එය මෙහි අදහස් නො කරන ලදී. යළි ගුළ අකැපය. මුං අකැපය යයි සැක පහළ කළ තෙරුන් වහන්සේ මෙහි ‘රේවත’ යන්නෙන් අදහස් කළේය. උන්වහන්සේ ද ශීලාදී ගුණයන්ගෙන් හා මේ සූත්‍රයෙහි ආ ගුණයන්ගෙන් ද, සැරියුත් තෙරුන් මෙන් ප්‍රසිද්ධයහ. ප්‍රකටය. මහත් වූහ. තව ද උන්වහන්සේගේ අභිනිෂ්ක්‍රමණයෙන් ද, ඒතදග්‍රයෙන් ද, මහත් බැව් දතයුතු. ඒතදග්‍ර පාලියෙහි ‘එතදග්ගං භික්ඛවෙ මෙ සාවකානං භික්ඛුනං ඣායිනං යදිදං කඞ්ඛාරවතො’ යි වදාරන ලදී.

ආනන්‍දත්‍ථෙරොපි සීලාදිගුණෙහි චෙව ඉමස‍්මිං සුත‍්තෙ ආගතගුණෙහි ච ථෙරො විය අභිඤ‍්ඤාතො පාකටො මහා. අපිචස‍්ස සෙක‍්ඛසුත‍්තං බාහිතිකසුත‍්තං ආනෙඤ‍්ජසප‍්පායං ගොපකමොග‍්ගල‍්ලානං බහුධාතුකං චූළසුඤ‍්ඤතං මහාසුඤ‍්ඤතං අච‍්ඡරියබ‍්භුතසුත‍්තං භද‍්දෙකරත‍්තං මහානිදානං මහාපරිනිබ‍්බානං සුභසුත‍්තං චූළනියලොකධාතුසුත‍්තං අභිනික‍්ඛමනං එතදග‍්ගන‍්ති ඉමෙසම‍්පි වසෙන මහන‍්තභාවො වෙදිතබ‍්බො. එතදග‍්ගස‍්මිඤ‍්හි, “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං බහුස‍්සුතානං යදිදං ආනන්‍දො”ති (අ· නි· 1.219-223) වුත‍්තං.

ආනන්ද ස්ථවිරයන් වහන්සේ ද ශීලාදී ගුණයන්ගෙන් හා මෙම සූත්‍රයෙහි ආ ගුණයන්ගෙන් ද, සැරියුත් තෙරුන් මෙන් ප්‍රසිද්ධයහ. ප්‍රකටයහ. මහත්වූහ. තව ද සේඛ සූත්‍රය, බාහිතිය සූත්‍රය, ආනඤ්ජ සප්පාය ය, ගෝපක මොග්ගල්ලානය, බහුධාතුකය, චූල සුඤ්ඤතය, මහා සුඤ්ඤතය, අච්ඡෙර අබ්භූත සුත්‍රය, භද්දෙක රත්තය, මහා නිදානය, මහා පරිනිබ්බානය, සුභ සූත්‍රය, චූළනීය ලෝකධාතු සූත්‍රය, අභිනිෂ්ක්‍රමණය, ඒතදග්‍රය යන මොවුන්ගේ වශයෙන් උන්වහන්සේගේ මහත්බැව් දතයුතු. ඒතදග්‍ර පාලියෙහි එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං බහුස්සුතානං යදිදං ආනන්‍දො’ යනුවෙන් වදාරන ලදී.

අඤ‍්ඤෙහි ච අභිඤ‍්ඤාතෙහි අභිඤ‍්ඤාතෙහීති න කෙවලඤ‍්ච එතෙහෙව, අඤ‍්ඤෙහි ච මහාගුණතාය පාකටෙහි අභිඤ‍්ඤාතෙහි බහූහි ථෙරෙහි සාවකෙහි සද‍්ධිං භගවා ගොසිඞ‍්ගසාලවනදායෙ විහරතීති අත්‍ථො. ආයස‍්මා හි සාරිපුත‍්තො සයං මහාපඤ‍්ඤො අඤ‍්ඤෙපි බහූ මහාපඤ‍්ඤෙ භික‍්ඛූ ගහෙත්‍වා තදා දසබලං පරිවාරෙත්‍වා විහාසි. ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො සයං ඉද‍්ධිමා, ආයස‍්මා මහාකස‍්සපො සයං ධුතවාදො, ආයස‍්මා අනුරුද‍්ධො සයං දිබ‍්බචක‍්ඛුකො, ආයස‍්මා රෙවතො සයං ඣානාභිරතො, ආයස‍්මා ආනන්‍දො සයං බහුස‍්සුතො අඤ‍්ඤෙපි බහූ බහුස‍්සුතෙ භික‍්ඛූ ගහෙත්‍වා තදා දසබලං පරිවාරෙත්‍වා විහාසි, එවං තදා එතෙ ච අඤ‍්ඤෙ ච අභිඤ‍්ඤාතා මහාථෙරා තිංසසහස‍්සමත‍්තා භික‍්ඛූ දසබලං පරිවාරෙත්‍වා විහරිංසූති වෙදිතබ‍්බා.

අඤ්ඤෙහි ච අභිඤ්ඤාතෙහි අභිඤ්ඤාතෙහි, හුදෙක් මේ තෙරවරුන් සමග පමණක් නොව, අන්‍ය වූ ද මහා ප්‍රකට වූ ද මහත් ගුණවත් බැවින් ප්‍රසිද්ධ වූ ද, බොහෝ ස්ථවිර වූ ශ්‍රාවක භික්‍ෂූන් සමග භාග්‍යවතුන් වහන්සේ ගෝසිංග සාල වනයෙහි වාසය කරති යන අර්ථයි. මහා ප්‍රඥාවන්ත සැරියුත් හාමුදුරුවෝ එවැනිම තවත් ප්‍රඥාවන්ත හාමුදුරුවරුන් සමග දශබලධාරීන් වහන්සේ සමග පිරිවරා වාසය කළහ. මහා ඍද්ධිමත් වූ මහ මුගලන් ස්ථවිරයන් මහා ධුතංගධාරී කාශ්‍යප ස්ථවිරයන්, දිවැස් ඇත්තා වූ අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ, ධ්‍යානයේ ඇලුම් ඇති කංඛාරේවත ස්ථවිරයන් මනා සේ බහුශ්‍රැත වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේ, තවත් නොඑක් බහුශ්‍රැත භික්‍ෂූන් වහන්සේලා පිරිවරා දශබලයන් වහන්සේ සමග වාසය කරන්නාහුය. මෙසේ දක්වන ලද්දා වූත්, නො දක්වන ලද්දා වූත් ප්‍රසිද්ධ වූ මහා ස්ථවිරවරුන් තිස්දහසක් පමණ භික්‍ෂූහු දශබලධාරින් පිරිවරා වැඩහුන්හයි දතයුතු.

පටිසල‍්ලානා වුට‍්ඨිතොති ඵලසමාපත‍්තිවිවෙකතො වුට‍්ඨිතො. යෙනායස‍්මා මහාකස‍්සපො තෙනුපසඞ‍්කමීති ථෙරො කිර පටිසල‍්ලානා වුට‍්ඨිතො පච‍්ඡිමලොකධාතුං ඔලොකෙන‍්තො වනන‍්තෙ කීළන‍්තස‍්ස මත‍්තඛත‍්තියස‍්ස කණ‍්ණතො පතමානං කුණ‍්ඩලං විය, සංහරිත්‍වා සමුග‍්ගෙ පක‍්ඛිපමානං රත‍්තකම‍්බලං විය, මණිනාගදන‍්තතො පතමානං සතසහස‍්සග‍්ඝනිකං සුවණ‍්ණපාතිං විය ච අත්‍ථං ගච‍්ඡමානං පරිපුණ‍්ණපණ‍්ණාසයොජනං සූරියමණ‍්ඩලං අද‍්දස. තදනන‍්තරං පාචීනලොකධාතුං ඔලොකෙන‍්තො නෙමියං ගහෙත්‍වා පරිවත‍්තයමානං රජතචක‍්කං විය, රජතකූටතො නික‍්ඛමන‍්තං ඛීරධාරාමණ‍්ඩං විය, සපක‍්ඛෙ පප‍්ඵොටෙත්‍වා ගගනතලෙ පක‍්ඛන්‍දමානං සෙතහංසං විය ච මෙඝවණ‍්ණාය සමුද‍්දකුච‍්ඡිතො උග‍්ගන‍්ත්‍වා පාචීනචක‍්කවාළපබ‍්බතමත්‍ථකෙ සසලක‍්ඛණප‍්පටිමණ‍්ඩිතං එකූනපණ‍්ණාසයොජනං චන්‍දමණ‍්ඩලං අද‍්දස. තතො සාලවනං ඔලොකෙසි. තස‍්මිඤ‍්හි සමයෙ සාලරුක‍්ඛා මූලතො පට‍්ඨාය යාව අග‍්ගා සබ‍්බපාලිඵුල‍්ලා දුකූලපාරුතා විය, මුත‍්තාකලාපවිනද‍්ධා විය ච විරොචිංසු. භූමිතලං පුප‍්ඵසන්‍ථරපූජාය පටිමණ‍්ඩිතං විය, තත්‍ථ තත්‍ථ නිපතන‍්තෙන පුප‍්ඵරෙණුනා ලාඛාරසෙන සිඤ‍්චමානං විය ච අහොසි. භමරමධුකරගණා කුසුමරෙණුමදමත‍්තා උපගායමානා විය වනන‍්තරෙසු විචරන‍්ති. තදා ච උපොසථදිවසොව හොති. අථ ථෙරො, “කාය නු ඛො අජ‍්ජ රතියා වීතිනාමෙස‍්සාමී”ති චින‍්තෙසි, අරියසාවකා ච නාම පියධම‍්මස‍්සවනා හොන‍්ති. අථස‍්ස එතදහොසි – “අජ‍්ජ මය‍්හං ජෙට‍්ඨභාතිකස‍්ස ධම‍්මසෙනාපතිත්‍ථෙරස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා ධම‍්මරතියා වීතිනාමෙස‍්සාමී”ති. ගච‍්ඡන‍්තො පන එකකොව අගන‍්ත්‍වා “මය‍්හං පියසහායං මහාකස‍්සපත්‍ථෙරං ගහෙත්‍වා ගමිස‍්සාමී”ති නිසින‍්නට‍්ඨානතො වුට‍්ඨාය චම‍්මඛණ‍්ඩං පප‍්ඵොටෙත්‍වා යෙනායස‍්මා මහාකස‍්සපො තෙනුපසඞ‍්කමි.

පටිසල්ලාණා වුට්ඨිතො ඵල සමාපත්ති විවේකයෙන් නැගී සිටියේ යෙනායස්මා මහා කස්සපො තෙනුපසඞ්කමි තෙරුන් වහන්සේ ඵල සමාපත්ති සුවයෙන් නැගී සිටියේ, පසු ලෝකධාතුව බලන්නේ, උද්‍යාන ක්‍රීඩා කරන මත් වූ ක්‍ෂත්‍රියයක්හු ගේ කණින් ගිලිහෙන මිණි කොඬලක් සෙයින් ද, හකුලා කවරයක දැමූ රත්පැහැ කම්බිලියක් සෙයින් ද, මිණිමුවා නාග දන්තයකින් වැටෙන දහස් ගණන් අගනා රන්තැටියක් සෙයින්ද, බැසගෙන යන පූරණ රිවිමඬල දුටහ. එයට අනතුරුව, නැගෙනහිර දෙස අහස බලන්නේ නිම්වළල්ල ගෙන පරිවර්තනය කරන රිදී රෝදයක් මෙන් ද, රිදී පව්වකින් නිමෙන කිරිදගර මඬලක් සෙයින් ද, පියාපත් සළා ගුවන්තලෙහි පැනනගින සුදු හංසයකු සේ ද, කළු මුහුදු අහස් කුසින් උඩට නැගි නැගෙනහිර දිග සක්වළගල මතුයෙහි සාවාගේ ලකුණ සහිතව පායන පනස් යොදුන් සඳමඬල දුටහ. ඉක්බිතිව සල්වනය බැලූහ. එකල්හි සල්ගස් මුලපටන් අග තෙක් මුළුමනින් ම පිපී පැවතුණු සල්මල් සිනිඳු දුහුල්සළු පොරෝනා ලද්දවුන් මෙන් ද, මුතු කලප්වලින් අමුණන ලද්දවුන් සෙයින් ද, බැබළුණහ. පොළෝතලය මල් ඇතිරි ඇතුරුවක් මෙන් ඒ ඒ තැන වැටෙන මල් රොනින්, ලාක්‍ෂා රසයෙන් තෙමන ලද්දක් මෙන් විය. මීමැසි බඹර සමූහයා මල් රොන් මදයෙන් මත්ව ගීතිකා ගයන්නවුන් මෙන් වනාන්තරයේ හැසිරෙති. තව ද එදින පෙහෙවස් දවසක් විය. ඉක්බිති තෙරුන් වහන්සේ අද මේ ලස්සන රාත්‍රිය කෙසේ ගෙවන්නේ දැයි සිතූහ. ආර්ය ශ්‍රාවකයෝ නම් ධර්මශ්‍රවණයටම ඇළුම් ඇත්තෝ වෙති. මගේ දෙටු සොයුරු දම්සෙනෙවි තෙරුන් වෙත ගොස් ධර්මරතියෙන් කල් ගෙවන්නෙමි. නැවත යන්නේ තනිව නොගොස් මහා කාශ්‍යප තෙරුන් සමග යන්නෙමි යයි හුන් තැනින් නැගිට පත්කඩය ගසා හකුළා ආයුෂ්මත් මහා කාශ්‍යප තෙරුන් වෙත එළඹියේය.

එවමාවුසොති ඛො ආයස‍්මා මහාකස‍්සපොති ථෙරොපි යස‍්මා පියධම‍්මස‍්සවනොව අරියසාවකො, තස‍්මා තස‍්ස වචනං සුත්‍වා ගච‍්ඡාවුසො, ත්‍වං, මය‍්හං සීසං වා රුජ‍්ජති පිට‍්ඨි වාති කිඤ‍්චි ලෙසාපදෙසං අකත්‍වා තුට‍්ඨහදයොව, “එවමාවුසො”තිආදිමාහ. පටිස‍්සුත්‍වා ච නිසින‍්නට‍්ඨානතො වුට‍්ඨාය චම‍්මඛණ‍්ඩං පප‍්ඵොටෙත්‍වා මහාමොග‍්ගල‍්ලානං අනුබන්‍ධි. තස‍්මිං සමයෙ ද‍්වෙ මහාථෙරා පටිපාටියා ඨිතානි ද‍්වෙ චන්‍දමණ‍්ඩලානි විය, ද‍්වෙ සූරියමණ‍්ඩලානි විය, ද‍්වෙ ඡද‍්දන‍්තනාගරාජානො විය, ද‍්වෙ සීහා විය, ද‍්වෙ බ්‍යග‍්ඝා විය ච විරොචිංසු.

එවමාවුසොති ඛො ආයස්මා මහා කස්සපො තෙරුන් වහන්සේ ද ධර්මශ්‍රවණය ප්‍රිය කරන්නා වූ ආර්ය ශ්‍රාවකයෙක් වුව ද, උන්වහන්සේගේ වචනය අසා ‘ඇවැත්නි, තෙපි යවු, අද මගේ හිස හෝ පිට රිදේ’ යයි තුටු සිත් ඇත්තාහුම එවමාවුසො යනාදිය කීහ. එසේ පිළිතුරු දී ද හුන් තැනින් නැගිට පත්කඩය ගසා, මහමුගලන් තෙරුන් අනුව ගියහ. මහතෙරුන් දෙදෙන පිළිවෙළින් සිටි කල්හි සඳමඩල දෙකක් මෙන්, රිවිමඬල දෙකක් මෙන්, සද්දන්ත ඇත් රජුන් දෙදෙනෙකු මෙන්, සිංහයන් දෙදෙනෙකු මෙන්, ව්‍යාඝ්‍රයන් දෙදෙනෙකු මෙන් බැබළුණහ.

අනුරුද‍්ධත්‍ථෙරොපි තස‍්මිං සමයෙ දිවාට‍්ඨානෙ නිසින‍්නො ද‍්වෙ මහාථෙරෙ සාරිපුත‍්තත්‍ථෙරස‍්ස සන‍්තිකං ගච‍්ඡන‍්තෙ දිස‍්වා පච‍්ඡිමලොකධාතුං ඔලොකෙන‍්තො සූරියං වනන‍්තං පවිසන‍්තං විය, පාචීනලොකධාතුං ඔලොකෙන‍්තො චන්‍දං වනන‍්තතො උග‍්ගච‍්ඡන‍්තං විය, සාලවනං ඔලොකෙන‍්තො සබ‍්බපාලිඵුල‍්ලමෙව සාලවනඤ‍්ච දිස‍්වා අජ‍්ජ උපොසථදිවසො, ඉමෙ ච මෙ ජෙට‍්ඨභාතිකා ධම‍්මසෙනාපතිස‍්ස සන‍්තිකං ගච‍්ඡන‍්ති, මහන‍්තෙන ධම‍්මස‍්සවනෙන භවිතබ‍්බං, අහම‍්පි ධම‍්මස‍්සවනස‍්ස භාගී භවිස‍්සාමීති නිසින‍්නට‍්ඨානතො වුට‍්ඨාය චම‍්මඛණ‍්ඩං පප‍්ඵොටෙත්‍වා මහාථෙරානං පදානුපදිකො හුත්‍වා නික‍්ඛමි. තෙන වුත‍්තං – “අථ ඛො ආයස‍්මා ච මහාමොග‍්ගල‍්ලානො ආයස‍්මා ච මහාකස‍්සපො ආයස‍්මා ච අනුරුද‍්ධො යෙනායස‍්මා සාරිපුත‍්තො තෙනුපසඞ‍්කමිංසූ”ති. උපසඞ‍්කමිංසූති. පටිපාටියා ඨිතා තයො චන්‍දා විය, සූරියා විය, සීහා විය ච විරොචමානා උපසඞ‍්කමිංසු.

අනුරුද්ධ ස්ථවිරයන් ද එසමයෙහි මේ මහතෙරුන් දෙදෙන සැරියුත් තෙරුන් වෙත යනු දැක, බටහිර ලෝකය බලනුයේ හිරු වනයෙන් බැස යන්නාක් මෙන් ද, සඳු වනයෙන් උඩ නගින්නාක් ද, සල් වනය දෙස බලමින් සුපිපි සල් වනය දැක, ‘අද පෙහෙවස් දිනය වේ. මාගේ දෙටු සොහොයුරෝ ද දම්සෙනෙවි වෙත යති. මහත් ධර්ම ශ්‍රවණයක් විය යුතුය. ‘මම ද එයට කොටස්කරුවකු වෙමි’යි හුන් තැනින් නැගිට පත්කඩය ගසා මහතෙරවරුන්ගේ පදානුපදිකව නික්මුණහ. එහෙයින් අථචො ආයස්මාච මහා මොග්ගල්ලානො, ආයස්මා ච මහා කස්සපො, ආයස්මාච අනුරුදෙධා යන්න කියන ලදී. යෙනායස්මා සාරිපුත්තො තෙනුපසංකමිංසු පිළිවෙළින් සිටි තුන් සඳක් මෙන් තුන් හිරක් මෙන්, සිංහයන් මෙන්, බබළමින් එළඹියාහුය.

එවං උපසඞ‍්කමන‍්තෙ පන තෙ මහාථෙරෙ ආයස‍්මා ආනන්‍දො අත‍්තනො දිවාට‍්ඨානෙ නිසින‍්නොයෙව දිස‍්වා, “අජ‍්ජ මහන‍්තං ධම‍්මස‍්සවනං භවිස‍්සති, මයාපි තස‍්ස භාගිනා භවිතබ‍්බං, න ඛො පන එකකොව ගමිස‍්සාමි, මය‍්හං පියසහායම‍්පි රෙවතත්‍ථෙරං ගහෙත්‍වා ගමිස‍්සාමී”ති සබ‍්බං මහාමොග‍්ගල‍්ලානස‍්ස මහාකස‍්සපස‍්ස අනුරුද‍්ධස‍්ස උපසඞ‍්කමනෙ වුත‍්තනයෙනෙව විත්‍ථාරතො වෙදිතබ‍්බං. ඉති තෙ ද‍්වෙ ජනා පටිපාටියා ඨිතා ද‍්වෙ චන්‍දා විය, සූරියා විය, සීහා විය ච විරොචමානා උපසඞ‍්කමිංසු. තෙන වුත‍්තං – “අද‍්දසා ඛො ආයස‍්මා සාරිපුත‍්තො”තිආදි.

මෙසේ එළඹෙන්නා වූ මහතෙරවරුන්, ආයුෂ්මත් ආනන්ද තෙරුන් විසින් දක්නා ලදී. ‘අද මහත් ධර්මශ්‍රවණයක් වන්නේ ය. මා ද එයට කොටස්කරුවකු විය යුතුය. එහෙත් තනිව නොයමි. මා ප්‍රිය සහාය වූ රේවත තෙරුන් ද කැටුව යන්නෙමි’ සියල්ල මහ මුගලන් තෙරුන් මහ කසුප් තෙරුන් වෙත එළඹි නියායෙන් ම දතයුතු. මෙසේ ඒ දෙදෙනා වහන්සේ ද සඳ දෙකක් මෙන්, හිරු දෙකක් මෙන්, සිංහයන් මෙන් බබළමින් සැරියුත් තෙරුන් වෙත එළඹියාහුය. ඒ සඳහා අද්දසා ඛො ආයස්මා ආනන්‍දො යන්න කියන ලදී.

දිස‍්වාන ආයස‍්මන‍්තං ආනන්‍දං එතදවොචාති දූරතොව දිස‍්වා අනුක‍්කමෙන කථාඋපචාරං සම‍්පත‍්තමෙතං, “එතු ඛො ආයස‍්මා”තිආදිවචනං අවොච. රමණීයං, ආවුසොති එත්‍ථ දුවිධං රාමණෙය්‍යකං වනරාමණෙය්‍යකං පුග‍්ගලරාමණෙය්‍යකඤ‍්ච. තත්‍ථ වනං නාම නාගසලළසාලචම‍්පකාදීහි සඤ‍්ඡන‍්නං හොති බහලච‍්ඡායං පුප‍්ඵඵලූපගං විවිධරුක‍්ඛං උදකසම‍්පන‍්නං ගාමතො නිස‍්සටං, ඉදං වනරාමණෙය්‍යකං නාම. යං සන්‍ධාය වුත‍්තං –

දිස්වාන ආයස්මන්තං ආනන්‍දං වොච දුරදීම දැක කථාව ඇසෙන දුරට පැමිණියහුට එතු ඛො ආයස්මා යනාදි වචන කීහ. රමණීයං ආවුසො ඇවැත්නි සිත්කළුය යන මෙහි රමණීය බව දෙපරිදිය. වනයෙහි ඇති සිත් ඇදගන්නා සුළු බව, පුද්ගලයන් සතු සිත් ඇදගන්නාසුළු බව, එහි වනය නම් කිම? නා, හොර, සල්, සපු ආදියෙන් ගැවසී ගත් වනයයි. ගණ සෙවණලු ඇති මල්පල හටගන්නා විවිධ වර්ගයේ ගස් ඇති, ජලාශ්‍රිත වූ ගමින් බැහැර වූ පෙදෙස මේ ‘වන රාමණෙය්‍යක’ නමි. රමණීයානි යනාදිය ඒ සඳහා කියන ලදී.

“රමණීයානි අරඤ‍්ඤානි, යත්‍ථ න රමතී ජනො; වීතරාගා රමිස‍්සන‍්ති, න තෙ කාමගවෙසිනො”ති. (ධ· ප· 99);

රමණීයානි අරඤ්ඤානි - යත්‍ථ න රමතී ජනො වීතරාගා රමිස්සන්ති - න තො කාම ගවෙසිනො

‘ආරණ්‍යයෝ සිත් අලවති. යම් ආරණ්‍යයක කාම ගවේසක ජනයා නො ඇලේද වීතරාගී වූ ක්‍ෂීණාශ්‍රවයෝම සිත් අලවා වෙසෙති. ඒ ක්‍ෂීණාශ්‍රවයෝ වස්තුකාම ක්ලේශකාම නො සොයන බැවිනි.

වනං පන සචෙපි උජ‍්ජඞ‍්ගලෙ හොති නිරුදකං විරලච‍්ඡායං කණ‍්ටකසමාකිණ‍්ණං, බුද‍්ධාදයොපෙත්‍ථ අරියා විහරන‍්ති, ඉදං පුග‍්ගලරාමණෙය්‍යකං නාම. යං සන්‍ධාය වුත‍්තං –

විෂම වූ, දිය රහිත වූ තුනී සෙවණලු ඇති කටුවලින් ගැවසී ගත් ප්‍රදේශයක් වේද, එහි බුද්ධාදී ආර්යයෝත් වාසය කරත්ද, මෙය ‘පුග්ගල රාමණෙය්‍යක’ නම් වේ. ඒ සඳහා කියන ලදී -

“ගාමෙ වා යදි වාරඤ‍්ඤෙ, නින‍්නෙ වා යදි වා ථලෙ; යත්‍ථ අරහන‍්තො විහරන‍්ති, තං භූමිරාමණෙය්‍යක”න‍්ති. (ධ· ප· 98);

ගාමෙ වා යදිවා’රඤ්ඤෙ - නින්නෙ වා යදිවා ථලෙ තත්‍ථ අරහන්තො විහරන්ති - තං භූමිං රාමණෙය්‍යකං

ගමක හෝ වනයක හෝ වළ තැනෙක හෝ ගොඩ තැනෙක හෝ ආදී යම් තැනෙක රහතන් වහන්සේලා වාසය කරත් ද, ඒ ප්‍රදේශය සිත් අලවන්නේ ය.

ඉධ පන තං දුවිධම‍්පි ලබ‍්භති. තදා හි ගොසිඞ‍්ගසාලවනං සබ‍්බපාලිඵුල‍්ලං හොති කුසුමගන්‍ධසුගන්‍ධං, සදෙවකෙ චෙත්‍ථ ලොකෙ අග‍්ගපුග‍්ගලො සම‍්මාසම‍්බුද‍්ධො තිංසසහස‍්සමත‍්තෙහි අභිඤ‍්ඤාතභික‍්ඛූහි සද‍්ධිං විහරති. තං සන්‍ධාය වුත‍්තං – “රමණීයං, ආවුසො ආනන්‍ද, ගොසිඞ‍්ගසාලවන”න‍්ති.

මෙහි දෙ ආකාර වූ සිත්කළු බව ලැබෙයි. එකල ගෝසිංග සාල වනය සියලු තැන මනාව සුපිපි මල් සුවඳින් සුවඳවත්ව පවතියි. තව ද මෙහි දෙවියන් සහිත ලෝකයෙහි අග්‍ර පුද්ගල වූ සම්මා සම්බුදුන් වහන්සේ තිස් දහසක් පමණ වූ සුප්‍රසිද්ධ භික්‍ෂූන් සමග වාසය කරති. ඒ නිසාය. රමණීයං ආවුසො ආනන්‍ද ගොසිංගාල වනං යන්න එය අරමුණු කොට කියා ඇත.

දොසිනාති දොසාපගතා, අබ‍්භං මහිකා ධූමො රජො රාහූති ඉමෙහි පඤ‍්චහි උපක‍්කිලෙසෙහි විරහිතාති වුත‍්තං හොති. සබ‍්බපාලිඵුල‍්ලාති සබ‍්බත්‍ථ පාලිඵුල‍්ලා, මූලතො පට‍්ඨාය යාව අග‍්ගා අපුප‍්ඵිතට‍්ඨානං නාම නත්‍ථි. දිබ‍්බා මඤ‍්ඤෙ ගන්‍ධා සම‍්පවන‍්තීති දිබ‍්බා මන්‍දාරපුප‍්ඵකොවිළාරපාරිච‍්ඡත‍්තකචන්‍දනචුණ‍්ණගන්‍ධා විය සමන‍්තා පවායන‍්ති, සක‍්කසුයාසන‍්තුසිතනිම‍්මානරතිපරනිම‍්මිතමහාබ්‍රහ‍්මානං ඔතිණ‍්ණට‍්ඨානං විය වායන‍්තීති වුත‍්තං හොති.

දොසිනා දොසින් පහ වූ, (අභ්‍රය), වළාකුලය, (මරිකා)ය, මීදුමය (ධූමය) දුමය, (රජස්ය) දූවිලි (රාහු) රාහු අසුරේන්‍ද්‍රයාය යන මේ සියලු උපක්ලේශයන්ගෙන් විරහිත වූයේ වෙයි. සබ්බපාලි ඵුල්ලා සියලු තන්හි පාලි ඵුල්ලයෝ (මලින් ගැවසුණු) මුල පටන් අග තෙක් නොපිපි තැනක් නැත. දිබ්බා මඤ්ඤෙ ගන්‍ධා සම්පවන්ති දිව මදාරා මල් කොබෝලීල, පරසතු, සඳුන් සුවඳ, හාත්පස හමයි. ශක්‍ර සුයාම, සන්තුසිත, සුනිම්මිත, පරනිම්මිත, සම්හා බ්‍රහ්මයන් බැසගත්, තැනක් මෙන් සුවඳ හමයි.

කථංරූපෙන, ආවුසො ආනන්‍දාති ආනන්‍දත්‍ථෙරො තෙසං පඤ‍්චන‍්නං ථෙරානං සඞ‍්ඝනවකොව. කස‍්මා ථෙරො තංයෙව පඨමං පුච‍්ඡතීති? මමායිතත‍්තා. තෙ හි ද‍්වෙ ථෙරා අඤ‍්ඤමඤ‍්ඤං මමායිංසු. සාරිපුත‍්තත්‍ථෙරො, “මයා කත‍්තබ‍්බං සත්‍ථු උපට‍්ඨානං කරොතී”ති ආනන්‍දත්‍ථෙරං මමායි. ආනන්‍දත්‍ථෙරො භගවතො සාවකානං අග‍්ගොති සාරිපුත‍්තත්‍ථෙරං මමායි, කුලදාරකෙ පබ‍්බාජෙත්‍වා සාරිපුත‍්තත්‍ථෙරස‍්ස සන‍්තිකෙ උපජ‍්ඣං ගණ‍්හාපෙසි. සාරිපුත‍්තත්‍ථෙරොපි තථෙව අකාසි. එවං එකමෙකෙන අත‍්තනො පත‍්තචීවරං දත්‍වා පබ‍්බාජෙත්‍වා උපජ‍්ඣං ගණ‍්හාපිතානි පඤ‍්ච භික‍්ඛුසතානි අහෙසුං. ආයස‍්මා ආනන්‍දො පණීතානි චීවරාදීනිපි ලභිත්‍වා ථෙරස‍්සෙව දෙති.

කථං රූපෙන ආවුසො ආනන්‍දා ආනන්ද තෙරණුවෝ ඒ තෙරුන් පස්දෙනා අතුරෙන් නවකයෝය. කුමක් හෙයින් සැරියුත් තෙරණුවෝ පළමුව ඔහුගෙන් විචාරත් ද, මමත්වය කළ හෙයිනි. ඒ ඒ ස්ථවිරවරු දෙදෙනා ඔවුනොවුන් අතිශය මිත්‍රයෝ වූහ. අනඳ තෙරුන්, කුල දරුවන් පැවිදි කරවා සැරියුත් තෙරුන් වෙත උපාධ්‍යාය කොට යැවූහ. සැරියුත් තෙරනුත් එසේම කළහ. මෙසේ ඔවුනොවුන් තමන්ගේ පාසිවුරු දී පැවිදි කරවා උපධ්‍යාය කොට ගන්වන ලද භික්‍ෂූහු පන්සියයක් වූහ. ආයුෂ්මත් ආනන්ද තෙරුන් යහපත් වූ සිවුරු ආදිය සැරියුත් හිමියන්ට දුන්හ. සැරියුත් තෙරුන් වහන්සේ මා විසින් කළයුතු වූ බුද්ධ උපස්ථානය ආනන්ද තෙරුන් විසින් කරන්නේ යයි අනඳ තෙරුන් වෙත ප්‍රසාදය ගෞරවය කළහ. ආනන්ද තෙරුන් ද බුද්ධශ්‍රාවකයන් අතුරෙන් අග්‍රයයි, ජ්‍යෙෂ්ඨතමයා යයි සැරියුත් තෙරුන් වෙත ප්‍රසාදය ඉපිදවූහ.

එකො කිර බ්‍රාහ‍්මණො චින‍්තෙසි – “බුද‍්ධරතනස‍්ස ච සඞ‍්ඝරතනස‍්ස ච පූජා පඤ‍්ඤායති, කථං නු ඛො ධම‍්මරතනං පූජිතං නාම හොතී”ති? සො භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා එතමත්‍ථං පුච‍්ඡි. භගවා ආහ – “සචෙසි, බ්‍රාහ‍්මණ, ධම‍්මරතනං පූජිතුකාමො, එකං බහුස‍්සුතං පූජෙහී”ති බහුස‍්සුතං, භන‍්තෙ, ආචික‍්ඛථාති භික‍්ඛුසඞ‍්ඝං පුච‍්ඡති. සො භික‍්ඛුසඞ‍්ඝං උපසඞ‍්කමිත්‍වා බහුස‍්සුතං, භන‍්තෙ, ආචික‍්ඛථාති ආහ. ආනන්‍දත්‍ථෙරො බ්‍රාහ‍්මණාති. බ්‍රාහ‍්මණො ථෙරං සහස‍්සග‍්ඝනිකෙන චීවරෙන පූජෙසි. ථෙරො තං ගහෙත්‍වා භගවතො සන‍්තිකං අගමාසි. භගවා “කුතො, ආනන්‍ද, ලද‍්ධ”න‍්ති ආහ. එකෙන, භන‍්තෙ, බ්‍රාහ‍්මණෙන දින‍්නං, ඉදං පනාහං ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස දාතුකාමොති. දෙහි, ආනන්‍දාති. චාරිකං පක‍්කන‍්තො, භන‍්තෙති. ආගතකාලෙ දෙහීති. සික‍්ඛාපදං, භන‍්තෙ, පඤ‍්ඤත‍්තන‍්ති. කදා පන සාරිපුත‍්තො ආගමිස‍්සතීති? දසාහමත‍්තෙන, භන‍්තෙති. “අනුජානාමි, ආනන්‍ද, දසාහපරමං අතිරෙකචීවරං නික‍්ඛිපිතු”න‍්ති (පාරා· 461; මහාව· 347) සික‍්ඛාපදං පඤ‍්ඤපෙසි. සාරිපුත‍්තත්‍ථෙරොපි තථෙව යංකිඤ‍්චි මනාපං ලභති, තං ආනන්‍දත්‍ථෙරස‍්ස දෙති. එවං තෙ ථෙරා අඤ‍්ඤමඤ‍්ඤං මමායිංසු, ඉති මමායිතත‍්තා පඨමං පුච‍්ඡි.

එක්තරා බමුණෙක් මෙසේ සිතීය. බුද්ධ රත්නයට ද සංඝ රත්නයට ද පූජා පවත්වති. ධර්මරත්නයට පූජා කරන්නේ නම්, කෙපරිද්දෙකින් කෙසේ පූජා කළ යුතු වන්නේද, ඔහු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ මේ කරුණු විමසීය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. ඉදින් බමුණ, ඔබ ධර්මරත්නයට පුදනු කැමැත්තේ නම් එක බහුශ්‍රැතයකු පුදව, වහන්ස, බහුශ්‍රැතයකු වදාළ මැනව. භික්‍ෂු සංඝයාගෙන් එය විමසව. බමුණ භික්‍ෂූන් වෙත එළම බහුශ්‍රැතයකු කිව මැනවැයි යළි ඉල්ලීය. බමුණ, ආනන්ද ස්ථවිරයෝය. ඔහු ආනන්ද ස්ථවිරයන්ට දහසක් අගනා සිවුරක් පූජා කළේය. ආනන්ද තෙරුන් එය භාග්‍යවතුන් වෙත ගියහ. භාග්‍යවතුන් වහන්සේ මේ සිවුර කොහෙන් ලැබුනේදැයි විමසීය. ස්වාමීනි! එක්තරා බමුණෙක් මට පැවරූ පූජා කළ මේ සිවුර සැරියුත් තෙරුන්ට පිරිනැමීමට මම අදහස් කරමි. භාග්‍යවතුන් වහන්සේ එය සුදුසු යයි යහපත් යයි වදාළහ. උන්වහන්සේ චාරිකාවේ නික්මුණාහ. ආපසු ආ දවසක දෙන්න. වහන්ස පැමිණීමට දහ දවසක් ඉක්මෙයි. ආනන්ද ‘දස දිනක් පරමකොට අතිරේක චීවරයක් තබා ගැනීමට අනු දනිමි’ යි ශික්‍ෂාපද පැනවීය. සැරියුත් තෙරුන් ද එවැනි මනවඩන දෙයක් ලබන්නේ ද එය ආනන්ද හිමියන්ට දෙයි. මේ ප්‍රියශීලී බව නිසා අනෙක් අයගෙන් අසන්නට පළමුවම ආනන්ද තෙරුගෙන් විචාළේය.

අපිච අනුමතිපුච‍්ඡා නාමෙසා ඛුද‍්දකතො පට‍්ඨාය පුච‍්ඡිතබ‍්බා හොති. තස‍්මා ථෙරො චින‍්තෙසි – “අහං පඨමං ආනන්‍දං පුච‍්ඡිස‍්සාමි, ආනන්‍දො අත‍්තනො පටිභානං බ්‍යාකරිස‍්සති. තතො රෙවතං, අනුරුද‍්ධං, මහාකස‍්සපං, මහාමොග‍්ගල‍්ලානං පුච‍්ඡිස‍්සාමි. මහාමොග‍්ගල‍්ලානො අත‍්තනො පටිභානං බ්‍යාකරිස‍්සති. තතො පඤ‍්චපි ථෙරා මං පුච‍්ඡිස‍්සන‍්ති, අහම‍්පි අත‍්තනො පටිභානං බ්‍යාකරිස‍්සාමී”ති. එත‍්තාවතාපි අයං ධම‍්මදෙසනා සිඛාප‍්පත‍්තා වෙපුල‍්ලප‍්පත‍්තා න භවිස‍්සති, අථ මයං සබ‍්බෙපි දසබලං උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡිස‍්සාම, සත්‍ථා සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණෙන බ්‍යාකරිස‍්සති. එත‍්තාවතා අයං ධම‍්මදෙසනා සිඛාප‍්පත‍්තා වෙපුල‍්ලප‍්පත‍්තා භවිස‍්සති.

තව ද මෙය අනුමති පුච්ඡාව නමි. කුඩාම කෙනාගෙන් පටන්ගෙන ඉහලට යමින් විචාරීම වේ. එහෙයින් තෙරුන්වහන්සේ මෙසේ සිතා පළමුව ආනන්දගෙන් අසන්නෙමි’යි ඇසීය. ආනන්දයෝ තමන්ගේ අදහස පැවසීමෙන් පසුව රේවත, අනුරුද්ධ, මහාකාශ්‍යප, මහා මුගලන් යන ශ්‍රාවකයන්ගෙන් අසන්නෙමි. මහා මුගලන් තෙරහු අවසනට තමන්ගේ මතය ප්‍රකාශ කරන්නාහුය. මෙසේ පස් තෙරවරුන්ගෙන්ම මම විචාරමි. මම ද මගේ වැටහීම ප්‍රකාශ කරමි. මෙතෙකින් මේ ධර්මදේශනාව මුදුන් පැමිණියා මහත් බවට පැමිණියා නො වන්නේ ය. ඉක්බිතිව අපි සියල්ලෝම දශබලයන් කරා එළඹ උන්වහන්සේ විචාරමි. මෙතෙකින් මේ ධර්මදේශනාව මුදුන් පැමිණියා වන්නේය.

යථා හි ජනපදම‍්හි උප‍්පන‍්නො අට‍්ටො ගාමභොජකං පාපුණාති, තස‍්මිං නිච‍්ඡිතුං අසක‍්කොන‍්තෙ ජනපදභොජකං පාපුණාති, තස‍්මිං අසක‍්කොන‍්තෙ මහාවිනිච‍්ඡයඅමච‍්චං, තස‍්මිං අසක‍්කොන‍්තෙ සෙනාපතිං, තස‍්මිං අසක‍්කොන‍්තෙ උපරාජං, තස‍්මිං විනිච‍්ඡිතුං අසක‍්කොන‍්තෙ රාජානං පාපුණාති, රඤ‍්ඤා විනිච‍්ඡිතකාලතො පට‍්ඨාය අට‍්ටො අපරාපරං න සඤ‍්චරති, රාජවචනෙනෙව ඡිජ‍්ජති. එවමෙවං අහඤ‍්හි පඨමං ආනන්‍දං පුච‍්ඡිස‍්සාමි…පෙ… අථ මයං සබ‍්බෙපි දසබලං උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡිස‍්සාම, සත්‍ථා සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණෙන බ්‍යාකරිස‍්සති. එත‍්තාවතා අයං ධම‍්මදෙසනා සිඛාප‍්පත‍්තා වෙපුල‍්ලප‍්පත‍්තා භවිස‍්සති. එවං අනුමතිපුච‍්ඡං පුච‍්ඡන‍්තො ථෙරො පඨමං ආනන්‍දත්‍ථෙරං පුච‍්ඡි.

යම්සේ ජනපදයෙක උපන් ආරාවුල ගම්ලද්දා (ග්‍රාමසේවක) කෙරේ පැමිණේද, ඔහුට නිශ්චය කරන්නට බැරිකල්හි ජනපද භෝජකයා (ප්‍රාදේශීය ලේකම්) වෙත පැමිණේ ද, ඔහුට නො හැකි කල්හි මහා විනිශ්චයාමාත්‍යයා (දිසාපති) කර පැමිණේද, ඔහුට නො හැකි වූ කල්හි සේනාපතියා (ඇමතියා) කරා පැමිණේද, ඔහුට නො හැකි වූ විට සේනාපති (ජනපති) කරා පැමිණේ ද, ඔහුට නො හැකි වූ කල්හි යුවරජු කරා (ශ්‍රේෂ්ඨාධිකරණය) ඔහුට නොහැකි කල්හි රජු කරා (අභියාචනාධිකරණය) කරා පැමිණේද, ඔහු විසින් විනිශ්චය කළ තැන් පටන් යුක්තිය ඔබ මොබ නො හැසිරේද, රජුගේ වචනයෙන් ම සන්සිඳේ ද, එපරිද්දෙන් මම පළමුව ආනන්දයන්ගෙන් විචාරමි. -පෙ- ඉක්බිති අපි සියල්ලෝ ම දශබලධාරීන් වෙත ගොස් විමසන්නෙමු. සර්වඥයන් වහන්සේ සර්වඥතාඥානයෙන් විමසන්නේ ය. මෙතෙකින් ධර්මදේශනාව මහත් බවට විපුල බවට සාර්ථක බවට පැමිණෙන්නේ ය. මෙසේ අනුමති පෘච්ඡාවෙන් විමසන්නේ පළමුව ආනන්ද තෙරුන්ගෙන් විමසූහ.

බහුස‍්සුතො හොතීති බහු අස‍්ස සුතං හොති, නවඞ‍්ගං සත්‍ථුසාසනං පාළිඅනුසන්‍ධිපුබ‍්බාපරවසෙන උග‍්ගහිතං හොතීති අත්‍ථො. සුතධරොති සුතස‍්ස ආධාරභූතො. යස‍්ස හි ඉතො ගහිතං ඉතො පලායති, ඡිද‍්දඝටෙ උදකං විය න තිට‍්ඨති, පරිසමජ‍්ඣෙ එකං සුත‍්තං වා ජාතකං වා කථෙතුං වා වාචෙතුං වා න සක‍්කොති, අයං න සුතධරො නාම. යස‍්ස පන උග‍්ගහිතං බුද‍්ධවචනං උග‍්ගහිතකාලසදිසමෙව හොති, දසපි වීසතිපි වස‍්සානි සජ‍්ඣායං අකරොන‍්තස‍්ස න නස‍්සති, අයං සුතධරො නාම. සුතසන‍්නිචයොති සුතස‍්ස සන‍්නිචයභූතො. යථා හි සුතං හදයමඤ‍්ජූසාය සන‍්නිචිතං සිලායං ලෙඛා විය, සුවණ‍්ණඝටෙ පක‍්ඛිත‍්තසීහවසා විය ච අජ‍්ඣොසාය තිට‍්ඨති, අයං සුතසන‍්නිචයො නාම.

බහුස්සුතො - හොති මොහු විසින් බොහෝ අසන ලද්දේ වේ. නවංග ශාස්තෲශාසන, පාලි අනුසන්‍ධි, පූර්වාපර ගැළපීම්, වශයෙන් උගන්නා ලද්දේය යන අර්ථයි. සුතධරො ඇසීමට ආධාර වූයේ. යමෙකුගේ, එක් කණකින් ගෙන අනික් කනින් පළා යන්නේ ද, සිදුරු කළයක දිය මෙන් නො රඳන්නේ ද, පිරිස් මැද එක සූත්‍රයක් හෝ ජාතකයක් කියන්නට නුපුළුවන් වේද, මේ තෙමේ සුතධර නො වන්නේ ය. යළි යමකු විසින් උගන්නා ලද බුද්ධ වචනය උගත් කාලය හා සමාන වේද, දස වසක් හෝ විසිවසක් හැදෑරීම නො කරන්නහුගේ මතකය නො නැසේද මෙතෙම සුතධර නම් වේ. සුත සන්නිචයො ඇසීම මතකය සිතෙහි රැස්වූයේ යමෙකුගේ ඇසීම පෙට්ටියක තැන්පත් කළාක් වැනි වේද? කලෙක ගලක් කෙටූ රේඛාවක් මෙන් වූයේ ද, රන්බඳුනක වත්කළ සිංහ තෙල් මෙන් වූයේ ද, මේ සුත සන්නිචය නම් වේ.

ධාතාති ඨිතා පගුණා. එකච‍්චස‍්ස හි උග‍්ගහිතං බුද‍්ධවචනං ධාතං පගුණං නිච‍්චලිතං න හොති, අසුකසුත‍්තං වා ජාතකං වා කථෙහීති වුත‍්තෙ සජ‍්ඣායිත්‍වා සංසන්‍දිත්‍වා සමනුග‍්ගාහිත්‍වා ජානිස‍්සාමීති වදති. එකච‍්චස‍්ස ධාතං පගුණං භවඞ‍්ගසොතසදිසං හොති, අසුකසුත‍්තං වා ජාතකං වා කථෙහීති වුත‍්තෙ උද‍්ධරිත්‍වා තමෙව කථෙති. තං සන්‍ධාය වුත‍්තං “ධාතා”ති.

ධනා යනු දෙරණ ලද, ප්‍රගුණ කරන ලද, යමකු විසින් උගත් බුදු වදන් ධරණ ලද්දේ, ප්‍රගුණ කරන ලද්දේ. නිශ්චල වූයේ නො වේ. අසවල් සූත්‍රය හෝ ජාතකය කියවයි කී කල හදාරා සසඳා කරුණු ඉදිරිපත් කර, දැනගන්නෙමියි කියයි. යමෙකු විසින් දරණ ලද ප්‍රගුණ කරන ලද්ද, භවාග ශ්‍රෝතයක් මෙන් වෙයි. අසවල් සූත්‍රය හෝ ජාතකය කියවයි කී කල නගා එයම කියයි. ධනා යනු ඒ සඳහා කියන ලදී.

වචසා පරිචිතාති සුත‍්තදසක-වග‍්ගදසක-පණ‍්ණාසදසකානං වසෙන වාචාය සජ‍්ඣායිතා. මනසානුපෙක‍්ඛිතාති චිත‍්තෙන අනුපෙක‍්ඛිතා, යස‍්ස වාචාය සජ‍්ඣායිතං බුද‍්ධවචනං මනසා චින‍්තෙන‍්තස‍්ස තත්‍ථ තත්‍ථ පාකටං හොති. මහාදීපං ජාලෙත්‍වා ඨිතස‍්ස රූපගතං විය පඤ‍්ඤායති. තං සන්‍ධාය වුත‍්තං – “වචසා පරිචිතා මනසානුපෙක‍්ඛිතා”ති. දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධාති අත්‍ථතො ච කාරණතො ච පඤ‍්ඤාය සුප‍්පටිවිද‍්ධා.

වචසා පරිචිතා සූත්‍ර දසක, වර්ග දසක, පණ්ණාස දසක යනාදී වශයෙන් වචනයෙන් හදාරණ ලද්දේ ද, මනසානු පෙක්ඛිතා සිතින් විමසන ලද්දාහු යමකුගේ වචනයෙන් හදාළ බුද්ධ වචනය සිතින් සිතන්නහුට ඒ ඒ තන්හි ප්‍රකට වේද, මහත් පහනක් දල්වා සිටිය අයෙකුට රූපයක් මෙන් පෙනේද, ඒ සඳහා මෙය කීය. දිට්ඨියා සුප්පටි විද්ධා අර්ථ වශයෙන් ද කරුණු වශයෙන් ද, මැනැවින් අවබෝධ කරන ලද,

පරිමණ‍්ඩලෙහි පදබ්‍යඤ‍්ජනෙහීති එත්‍ථ පදමෙව අත්‍ථස‍්ස බ්‍යඤ‍්ජනතො පදබ්‍යඤ‍්ජනං, තං අක‍්ඛරපාරිපූරිං කත්‍වා දසවිධබ්‍යඤ‍්ජනබුද‍්ධියො අපරිහාපෙත්‍වා වුත‍්තං පරිමණ‍්ඩලං නාම හොති, එවරූපෙහි පදබ්‍යඤ‍්ජනෙහීති අත්‍ථො. අපිච යො භික‍්ඛු පරිසති ධම‍්මං දෙසෙන‍්තො සුත‍්තං වා ජාතකං වා නික‍්ඛපිත්‍වා අඤ‍්ඤං උපාරම‍්භකරං සුත‍්තං ආහරති, තස‍්ස උපමං කථෙති, තදත්‍ථං ඔහාරෙති, එවමිදං ගහෙත්‍වා එත්‍ථ ඛිපන‍්තො එකපස‍්සෙනෙව පරිහරන‍්තො කාලං ඤත්‍වා වුට‍්ඨහති. නික‍්ඛිත‍්තසුත‍්තං පන නික‍්ඛත‍්තමත‍්තමෙව හොති, තස‍්ස කථා අපරිමණ‍්ඩලා නාම හොති. යො පන සුත‍්තං වා ජාතකං වා නික‍්ඛිපිත්‍වා බහි එකපදම‍්පි අගන‍්ත්‍වා පාළියා අනුසන්‍ධිඤ‍්ච පුබ‍්බාපරඤ‍්ච අමක‍්ඛෙන‍්තො ආචරියෙහි දින‍්නනයෙ ඨත්‍වා තුලිකාය පරිච‍්ඡින්‍දන‍්තො විය, ගම‍්භීරමාතිකාය උදකං පෙසෙන‍්තො විය, පදං කොට‍්ටෙන‍්තො සින්‍ධවාජානීයො විය ගච‍්ඡති, තස‍්ස කථා පරිමණ‍්ඩලා නාම හොති. එවරූපිං කථං සන්‍ධාය – “පරිමණ‍්ඩලෙහි පදබ්‍යඤ‍්ජනෙහී”ති වුත‍්තං.

පරිමණ්ඩලෙහි පදබ්‍යඤ්ජනෙහි මෙහි පදයම අර්ථය ප්‍රකාශ කරන හෙයින් පද බ්‍යඤ්ජන නමි. එය අකුරු සම්පූර්ණ කර දශවිධ ව්‍යඤ්ජන බුද්ධීන් නො පිරිහෙළා කියන ලද්දේ පරිමණ්ඩල නම් වේ. මෙබඳු වූ පද ව්‍යඤ්ජනයන්ගෙන් යන අර්ථයි. තව ද යම් මහණෙක් පිරිස්හි දහම් දෙසන්නේ සූත්‍රයක් හෝ ජාතකයක් හෝ බහා අනෙක් නිග්‍රහ ආරෝහනය කරන සූත්‍රයක් එළවාද, එයට උපමා කියාද, වස්තුවක් හෙළාද, මෙසේ මේ සූත්‍රය ගෙන වෙනත් සූත්‍රයක බහාලමින් එක් පසකින්ම පරිහරණය කරන්නේ, සුදුසු කාලය දැක නැගී සිටින්නේ ද, එහෙත් ගෙනහැර දැක්වූ සූත්‍රය නික්‍ෂිප්ත මාත්‍රයක්ම වේද, ඔහුගේ කථාව සම්පූර්ණයෙන් සාර්ථක වූයේ නොවේ. යම් භික්‍ෂුවක් සූත්‍රයක් හෝ ජාතකයක් හෝ බහා එක් පදයකුත් පිටත නො ගොස් පෙළ සමග, පෙළ පිළිබඳව ද අනුසන්ධිය පූර්වාපර ගැළපීම ද, නො ඉක්මවා ආචාර්යවරුන් දුන් මතවාදයෙහිම සිට, තෙලිතුඩකින් සිතුවම් අඳින්නකු මෙන් ගැඹුරු ඇලකින් ජලය හරින්නකු මෙන්, පිය නොවරද්දන, සෛන්ධව අජානෙය්‍යකු මෙන් යේද, ඔහුගේ දේශනය හාත්පසින් පරිපූර්ණ වූයේ වේ. මෙබඳු කථා සඳහා පරිමණ්ඩලෙහි පදබ්‍යඤ්ජනොහි යනාදිය කියන ලදී.

අනුප‍්පබන්‍ධෙහීති එත්‍ථ යො භික‍්ඛු ධම‍්මං කථෙන‍්තො සුත‍්තං වා ජාතකං වා ආරභිත්‍වා ආරද‍්ධකාලතො පට‍්ඨාය තුරිතතුරිතො අරණිං මන්‍ථෙන‍්තො විය, උණ‍්හඛාදනීයං ඛාදන‍්තො විය, පාළියා අනුසන්‍ධිපුබ‍්බාපරෙසු ගහිතං ගහිතමෙව අග‍්ගහිතං අග‍්ගහිතමෙව ච කත්‍වා පුරාණපණ‍්ණන‍්තරෙසු චරමානං ගොධං උට‍්ඨපෙන‍්තො විය තත්‍ථ තත්‍ථ පහරන‍්තො ඔසාපෙන‍්තො ඔහාය ගච‍්ඡති. යොපි ධම‍්මං කථෙන‍්තො කාලෙන සීඝං කාලෙන දන්‍ධං කාලෙන මහාසද‍්දං කාලෙන ඛුද‍්දකසද‍්දං කරොති. යථා පෙතග‍්ගි කාලෙන ජලති, කාලෙන නිබ‍්බායති, එවමෙව ඉධ පෙතග‍්ගිධම‍්මකථිකො නාම හොති, පරිසාය උට‍්ඨාතුකාමාය පුනප‍්පුනං ආරභති. යොපි කථෙන‍්තො තත්‍ථ තත්‍ථ විත්‍ථායති, නිත්‍ථුනන‍්තො කන්‍දන‍්තො විය කථෙති, ඉමෙසං සබ‍්බෙසම‍්පි කථා අප‍්පබන්‍ධා නාම හොති. යො පන සුත‍්තං ආරභිත්‍වා ආචරියෙහි දින‍්නනයෙ ඨිතො අච‍්ඡින‍්නධාරං කත්‍වා නදීසොතං විය පවත‍්තෙති, ආකාසගඞ‍්ගතො භස‍්සමානං උදකං විය නිරන‍්තරං කථං පවත‍්තෙති, තස‍්ස කථා අනුප‍්පබන්‍ධා හොති. තං සන්‍ධාය වුත‍්තං “අනුප‍්පබන්‍ධෙහී”ති.

අප්ප බද්ධෙහි මෙහි යම් භික්‍ෂුවක් දහම් දෙසන්නේ සූත්‍රයක් හෝ ජාතකයක් හෝ මාතෘකා කොට, ආරම්භ කළ තැන් පටන් ඉතා තුරිතවැ, ගිනිගානා දණ්ඩ ඇළලීම කරන්නෙකු සේ ද, උණු උණුවේ කෑමක් කන්නෙකු මෙන් ද, පෙළ හා අනුසන්ධි පූර්වාපර ගැළපීම් පිළිබඳව ගන්නා ලද ගත්වනම ද, නො ගන්නා ලද නොගත්වනම කොට, පරණලා අතර හැසිරෙන ගොයෙකු නැගිටුවන්නෙකු මෙන් ඒ ඒ තැන ගැටුමින් අවසන්කොට නැගිට යේද, නැවත යමෙක් දහම් දෙසන්නේ වරෙක බොහෝ හඬින් ද, වරෙක වේගයෙන් ද, වරෙක මන්දවද, වරෙක මහා හයියෙන් ද, වරෙක ඉතා හෙමින්ද දහම් දෙසන්නේද, යම්සේ ප්‍රේත ගින්න කලෙක දැල්වේද, කලෙක නිවේද, එසේ ‘ප්‍රේතධර්ම කථික’ නම් වේ. පිරිස නැගී සිටිනු කැමති කල්හි නැවත නැවත ආරම්භ කෙරේද, යමක් කියමින් ඒ ඒ තැන තද බවට යේද, තතනන්නෙකු මෙන්, හඬන්නෙකු මෙන්, දෙසයි ද, මේ සියල්ලන්ගේ කථා ප්‍රබන්‍ධ’ වූයේ නම් වේ. නැවත යමෙක් සූත්‍රයක් මාතෘකා කොට ආචාර්යවරුන් දුන් (නීතියෙහි) සම්ප්‍රදායෙහිම සිට නො කැඩී ගලාබස්නා දිය දහරාවක් සේද, අහස්ගඟින් ගලා බස්නා ජලධාරාව මෙන් ද, නිරන්තරයෙන් නැවතීමක් නැතිව දේශනා කරයිද ඔහුගේ දේශනය ‘අප්‍රබුද්ධා’ වූවා නම් වේ. ඒ සඳහා අප්පබද්ධෙහි යන්න කියන ලදී.

අනුසයසමුග‍්ඝාතායාති සත‍්තන‍්නං අනුසයානං සමුග‍්ඝාතත්‍ථාය. එවරූපෙනාති එවරූපෙන බහුස‍්සුතෙන භික‍්ඛුනා තථාරූපෙනෙව භික‍්ඛුසතෙන භික‍්ඛුසහස‍්සෙන වා සඞ‍්ඝාටිකණ‍්ණෙන වා සඞ‍්ඝාටිකණ‍්ණං, පල‍්ලඞ‍්කෙන වා පල‍්ලඞ‍්කං ආහච‍්ච නිසින‍්නෙන ගොසිඞ‍්ගසාලවනං සොභෙය්‍ය. ඉමිනා නයෙන සබ‍්බවාරෙසු අත්‍ථො වෙදිතබ‍්බො.

අනුසය සමුග්ඝාතායා යනු සප්ත අනුසයන් නැසීම පිණිස එවරූපෙන මෙබඳු වූ බහුශ්‍රැත වූ භික්‍ෂූන් නිසාම, සිවුරෙන් සිවුර හෝ පළඟින් පළඟ හෝ ගැටී හුන් භික්‍ෂූන් සියයකින්, දහසකින්, ගෝසිංග සාලවනය හොබනේය. මේ ක්‍රමය සියලු වාරයන්හි අනුගමනය කළයුතු.

පටිසල‍්ලානං අස‍්ස ආරාමොති පටිසල‍්ලානාරාමො. පටිසල‍්ලානෙ රතොති පටිසල‍්ලානරතො.

පල සමවත ඔහුට ඇලුම් ඇත්තේනුයි පටිසල්ලාණරාම නම් වේ. පල සමවතෙහි රති ඇත්තේනුයි පටිසල්ලාණ රත නම් වේ.

සහස‍්සං ලොකානන‍්ති සහස‍්සං ලොකධාතූනං. එත‍්තකඤ‍්හි ථෙරස‍්ස ධුවසෙවනං ආවජ‍්ජනපටිබද‍්ධං, ආකඞ‍්ඛමානො පන ථෙරො අනෙකානිපි චක‍්කවාළසහස‍්සානි වොලොකෙතියෙව. උපරිපාසාදවරගතොති සත‍්තභූමකස‍්ස වා නවභූමකස‍්ස වා පාසාදවරස‍්ස උපරි ගතො. සහස‍්සං නෙමිමණ‍්ඩලානං වොලොකෙය්‍යාති පාසාදපරිවෙණෙ නාභියා පතිට‍්ඨිතානං නෙමිවට‍්ටියා නෙමිවට‍්ටිං ආහච‍්ච ඨිතානං නෙමිමණ‍්ඩලානං සහස‍්සං වාතපානං විවරිත්‍වා ඔලොකෙය්‍ය, තස‍්ස නාභියොපි පාකටා හොන‍්ති, අරාපි අරන‍්තරානිපි නෙමියොපි. එවමෙව ඛො, ආවුසොති, ආවුසො, එවං අයම‍්පි දිබ‍්බචක‍්ඛුකො භික‍්ඛු දිබ‍්බෙන චක‍්ඛුනා අතික‍්කන‍්තමානුසකෙන සහස‍්සං ලොකානං වොලොකෙති. තස‍්ස පාසාදෙ ඨිතපුරිසස‍්ස චක‍්කනාභියො විය චක‍්කවාළසහස‍්සෙ සිනෙරුසහස‍්සං පාකටං හොති. අරා විය දීපා පාකටා හොන‍්ති. අරන‍්තරානි විය දීපට‍්ඨිතමනුස‍්සා පාකටා හොන‍්ති. නෙමියො විය චක‍්කවාළපබ‍්බතා පාකටා හොන‍්ති.

සහස්සං ලොකානං දහසක් ලෝකධාතූන් ඒ එසේමැයි. මෙපමණක් තෙරුන්ගේ නිත්‍ය ආසේවනය (ස්ථිර පදිංචිය) වෙයි. ආවර්ජන ප්‍රතිබද්ධ වෙයි. එහෙත් තෙරුන්වහන්සේ කැමැත්තෙන්ම නොයෙක් සියදහසක් සක්වළ බලත්මැයි, උපරිමපාසාද වරගතො සත්මහල් හෝ නවමහල් පහයක් මත්තට ගියේ සහස්සං නෙමි මණ්ඩලානං ඔලොකෙය්‍ය සහපිරිවෙන්හි නැබින් පිහිටියා වූ නිම් වළල්ලෙන් නිම් වළල්ල හැපී සිටියා වූ, නෙමි මණ්ඩල දහසක් වාකවුළුව විවරකොට බලන්නේ ද, ඔහුට සක් නැබ ද, ගරාදි ද අතර නිම්වළලු ද ප්‍රකට වූවාහු වෙත්. එවමෙව ඛො ආවුසො එපරිද්දෙන් ම මේ දිවැස් ඇති තෙරුන් ද මිනිස් ඇසින් ඉක්ම සිටි දිවැසින් දහසක් ලෝක ධාතු බලයි. ප්‍රාසාදයේ සිට පුරුෂයාට සක්නැබ මෙන් ඒ තෙරුන්ට සක්වළ දහසෙහි මහමෙර දහසක් ප්‍රකට වෙයි. අරයන් මෙන් දීපයෝ ප්‍රකට වෙත්. අර අතර මෙන් දිවයින්වල සිටි මිනිස්සු ප්‍රකට වෙති. අර අතර මෙන් දිවයින්වල සිටි මිනිස්සු ප්‍රකට වෙති. නිම්වළලු මෙන් සක්වළගල් ප්‍රකට වෙති.

ආරඤ‍්ඤිකොති සමාදිණ‍්ණඅරඤ‍්ඤධුතඞ‍්ගො. සෙසපදෙසුපි එසෙව නයො.

ආරඤ්ඤකො සමාදන් වූ ධුතාංග ඇත්තේද, අනෙක් පදයන්හිද මෙම ක්‍රමයමයි.

නො ච සංසාදෙන‍්තීති න ඔසාදෙන‍්ති. සහෙතුකඤ‍්හි සකාරණං කත්‍වා පඤ‍්හං පුච‍්ඡිතුං විස‍්සජ‍්ජිතුම‍්පි අසක‍්කොන‍්තො සංසාදෙති නාම. එවං න කරොන‍්තීති අත්‍ථො. පවත‍්තිනී හොතීති නදීසොතොදකං විය පවත‍්තති.

නොච සංසාදෙන්ති නො ගිල්වති. ඒ එසේමැයි. හේතු සහිත කොට කරුණු සහිත කොට පැන විචාරීමට ද විසඳීමට ද නො හැකි වන්නේ යටපත් කෙරෙයි නම්, එසේ නො කරති යන අර්ථයි. පවත්තනී හොති ගලන ගංගාවක් මෙන් පවතී.

යාය විහාරසමාපත‍්තියාති යාය ලොකියාය විහාරසමාපත‍්තියා, යාය ලොකුත‍්තරාය විහාරසමාපත‍්තියා.

යාය විහාර සම්පත්තියා යම් ලෞකික වූ හෝ ලෝකෝත්තර වූ හෝ විහාර සම්පත්තියකින්.

සාධු සාධු සාරිපුත‍්තාති අයං සාධුකාරො ආනන්‍දත්‍ථෙරස‍්ස දින‍්නො. සාරිපුත‍්තත්‍ථෙරෙන පන සද‍්ධිං භගවා ආලපති. එස නයො සබ‍්බත්‍ථ. යථා තං ආනන්‍දොවාති යථා ආනන්‍දොව සම‍්මා බ්‍යාකරණමානො බ්‍යාකරෙය්‍ය, එවං බ්‍යාකතං ආනන්‍දෙන අත‍්තනො අනුච‍්ඡවිකමෙව, අජ‍්ඣාසයානුරූපමෙව බ්‍යාකතන‍්ති අත්‍ථො. ආනන්‍දත්‍ථෙරො හි අත‍්තනාපි බහුස‍්සුතො, අජ‍්ඣාසයොපිස‍්ස එවං හොති – “අහො වත සාසනෙ සබ්‍රහ‍්මචාරී බහුස‍්සුතා භවෙය්‍යු”න‍්ති.

සාධු සාධු සාරිපුත්තා මේ සාධුකාරය ආනන්ද හිමියන්ට දෙන ලදී. එහෙත් භාග්‍යවතුන් වහන්සේ සැරියුත් තෙරුන් සමග කථාබහ කරති. සියලු තන්හි මේ ක්‍රමයමයි. යථා තං ආනන්‍දො චාති යළි මනාකොට පවසන්නෙක් යම් සේ පවසන්නේ ද, ආනන්‍දයන් විසින් එසේ ප්‍රකාශ කරන ලදී. තමන්ට තරම් වූවක් ම අදහසට ගැලපෙන්නක්ම පැවසීය යන අර්ථයි. තෙරුන් වහන්සේ ද තමාත් බහුශ්‍රැතයහ. අදහස ද එසේම විය. ශාසනයෙහි සබ්‍රහ්මචාරීහු බහුශ්‍රැතයෝ වන්නාහු නම් ඉතා යෙහෙකැයි කීය.

කස‍්මා? බහුස‍්සුතස‍්ස හි කප‍්පියාකප‍්පියං සාවජ‍්ජානවජ‍්ජං, ගරුකලහුකං සතෙකිච‍්ඡාතෙකිච‍්ඡං පාකටං හොති. බහුස‍්සුතො උග‍්ගහිතබුද‍්ධවචනං ආවජ‍්ජිත්‍වා ඉමස‍්මිං ඨානෙ සීලං කථිතං, ඉමස‍්මිං සමාධි, ඉමස‍්මිං විපස‍්සනා, ඉමස‍්මිං මග‍්ගඵලනිබ‍්බානානීති සීලස‍්ස ආගතට‍්ඨානෙ සීලං පූරෙත්‍වා, සමාධිස‍්ස ආගතට‍්ඨානෙ සමාධිං පූරෙත්‍වා විපස‍්සනාය ආගතට‍්ඨානෙ විපස‍්සනාගබ‍්භං ගණ‍්හාපෙත්‍වා මග‍්ගං භාවෙත්‍වා ඵලං සච‍්ඡිකරොති. තස‍්මා ථෙරස‍්ස එවං අජ‍්ඣාසයො හොති – “අහො වත සබ්‍රහ‍්මචාරී එකං වා ද‍්වෙ වා තයො වා චත‍්තාරො වා පඤ‍්ච වා නිකායෙ උග‍්ගහෙත්‍වා ආවජ‍්ජන‍්තා සීලාදීනං ආගතට‍්ඨානෙසු සීලාදීනි පරිපූරෙත්‍වා අනුක‍්කමෙන මග‍්ගඵලනිබ‍්බානානි සච‍්ඡිකරෙය්‍යු”න‍්ති. සෙසවාරෙසුපි එසෙව නයො.

කුමක් හෙයින්ද, යම් හෙයකින් බහුශ්‍රැතයන්ට කැප අකැප, සාවද්‍ය නිරවද්‍ය, ගරුක ලහුක, සතෙකිච්ඡ අතෙකිච්ඡ ආදිය ප්‍රකට වේද, තව ද බහුශ්‍රැත තෙමේ උගත් බුදුදහම මෙනෙහි කොට මෙතැන ශීලය, මෙතැන සමාධිය, මෙහි විදර්ශනාව, මෙහි මාර්ගඵල නිර්වාණය යයි මෙනෙහිකොට සීලය ආ තැන්හී සිල් පුරා සමාධිය වැඩිය යුතු තැන සමවත් පුරා, විදර්ශනා වැඩිය යුතු විට විදසුන් වඩා, මාර්ගය වඩා ඵලය ප්‍රත්‍යක්‍ෂ කෙරේද, එහෙයින් තෙරුන්ට මෙසේ අදහස් විය. සබ්‍රහ්මචාරීහූ එක් නිකායක් හෝ දෙකක් හෝ තුනක් හෝ හතරක් හෝ නිකාය පහම හෝ උගෙන ආවර්ජනය කරමින් සීලාදිය පිරිය යුතු තන්හි සිල් ආදිය පුරමින් අනුපිළිවෙළින් මාර්ගඵල නිර්වාණය සාක්‍ෂාත් කළ යුත්තේය. අනෙක් තැන්හිද මෙම ක්‍රමයමැයි.

ආයස‍්මා හි රෙවතො ඣානජ‍්ඣාසයො ඣානාභිරතො, තස‍්මාස‍්ස එවං හොති – “අහො වත සබ්‍රහ‍්මචාරී එකිකා නිසීදිත්‍වා කසිණපරිකම‍්මං කත්‍වා අට‍්ඨ සමාපත‍්තියො නිබ‍්බත‍්තෙත්‍වා ඣානපදට‍්ඨානං විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා ලොකුත‍්තරධම‍්මං සච‍්ඡිකරෙය්‍යු”න‍්ති. තස‍්මා එවං බ්‍යාකාසි.

ආයුෂ්මත් රේවතයන් වහන්සේ ධ්‍යානයෙහි අදහස් ඇත්තේ, ධ්‍යානය පිළිබඳව බලවත් කැමැත්ත ඇත්තේ, උන්වහන්සේ මෙසේ සිත් වෙයි. සබ්‍රහ්මචාරීහූ එකලාව හිඳ කිසිණු පිරියම්කොට අටසමවත් නිපදවා ධ්‍යානයන්ට පාදක වූ විදසුන් වඩා ලොව්තුරු දහම් පසක් කරන්නාහු නම් ඉතා යහපත්ය කියායි. එහෙයින් මෙසේ පැවසීය.

ආයස‍්මා අනුරුද‍්ධො දිබ‍්බචක‍්ඛුකො, තස‍්ස එවං හොති – “අහො වත සබ්‍රහ‍්මචාරී ආලොකං වඩ‍්ඪෙත්‍වා දිබ‍්බෙන චක‍්ඛුනා අනෙකෙසු චක‍්කවාළසහස‍්සෙසු චවමානෙ ච උපපජ‍්ජමානෙ ච සත‍්තෙ දිස‍්වා වට‍්ටභයෙන චිත‍්තං සංවෙජෙත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා ලොකුත‍්තරධම‍්මං සච‍්ඡිකරෙය්‍යු”න‍්ති. තස‍්මා එවං බ්‍යාකාසි.

ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ දිවැස් ඇති සේක. උන්වහන්සේ මෙසේ සිත්විය. ‘සබ්‍රහ්මචාරීහූ ආලෝකය වඩා දිවැසින් නොයෙක් සක්වල මිය යන්නා වූද. උපදින්නා වූද සත්ත්වයන් දැක සසර බියෙන් සිත සංවේග උපදවා, විදසුන් වඩා ලොව්තුරු දහම් පසක් කරන්නාහු නම් ඉතා යහපත්ය. එහෙයින් මෙසේ පැවසීය.

ආයස‍්මා මහාකස‍්සපො ධුතවාදො, තස‍්ස එවං හොති – “අහො වත සබ්‍රහ‍්මචාරී ධුතවාදා හුත්‍වා ධුතඞ‍්ගානුභාවෙන පච‍්චයතණ‍්හං මිලාපෙත්‍වා අපරෙපි නානප‍්පකාරෙ කිලෙසෙ ධුනිත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා ලොකුත‍්තරධම‍්මං සච‍්ඡිකරෙය්‍යු”න‍්ති. තස‍්මා එවං බ්‍යාකාසි.

ආයුෂ්මත් මහා කාශ්‍යපයන් වහන්සේ ධූතවාදීයහ. උන්වහන්සේ මෙසේ සිතීය. ‘සබ්‍රහ්මචාරීහූ ධුතවාදීන් වී ධුතංගානුභාවයෙන් ප්‍රත්‍යය තෘෂ්ණාව හකුළුවා අනන්‍ය වූත් නන්වැදෑරුම් වූත් කෙලෙස් ප්‍රහීණ කොට විදසුන් වඩා ලොව්තුරු දහම් පසක් කරන්නාහු නම් එය යහපත් වේ.

ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො සමාධිපාරමියා මත්‍ථකං පත‍්තො, සුඛුමං පන චිත‍්තන‍්තරං ඛන්‍ධන‍්තරං ධාත්‍වන‍්තරං ආයතනන‍්තරං ඣානොක‍්කන‍්තිකං ආරම‍්මණොක‍්කන‍්තිකං අඞ‍්ගවවත්‍ථානං ආරම‍්මණවවත්‍ථානං අඞ‍්ගසඞ‍්කන‍්ති ආරම‍්මණසඞ‍්කන‍්ති එකතොවඩ‍්ඪනං උභතොවඩ‍්ඪනන‍්ති ආභිධම‍්මිකධම‍්මකථිකස‍්සෙව පාකටං. අනාභිධම‍්මිකො හි ධම‍්මං කථෙන‍්තො – “අයං සකවාදො අයං පරවාදො”ති න ජානාති. සකවාදං දීපෙස‍්සාමීති පරවාදං දීපෙති, පරවාදං දීපෙස‍්සාමීති සකවාදං දීපෙති, ධම‍්මන‍්තරං විසංවාදෙති. ආභිධම‍්මිකො සකවාදං සකවාදනියාමෙනෙව, පරවාදං පරවාදනියාමෙනෙව දීපෙති, ධම‍්මන‍්තරං න විසංවාදෙති. තස‍්මා ථෙරස‍්ස එවං හොති – “අහො වත සබ්‍රහ‍්මචාරී ආභිධම‍්මිකා හුත්‍වා සුඛුමෙසු ඨානෙසු ඤාණං ඔතාරෙත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා ලොකුත‍්තරධම‍්මං සච‍්ඡිකරෙය්‍යු”න‍්ති. තස‍්මා එවං බ්‍යාකාසි.

ආයුෂ්මත් මුගලන් මහතෙරුන් වහන්සේ සමාධි පාරමිතාවගේ මුදුනටම පැමිණියහ. සියුම් වූ චිත්තාන්තරය, ස්කන්ධාන්තරය, ධාත්‍වන්තරය, ආයතනාන්තරය, ධ්‍යාන වක්‍රාන්තිය, ආරම්මණ වක්‍රාන්තිය, අංගසකන්තය, ආරම්මණ සංකන්තය, එකතො වඩ්ඪනය, උභතො වර්ධනය, මේ කරුණු අභිධර්මය හදාළ ධර්මකථිකයාටම අවබෝධ වෙයි. යම් හෙයකින් අභිධර්මය නො හදාළ තැනැත්තේ දහම් දෙසන්නේ මේ ස්වවාදය, මේ පරවාදයයි නො දනී ද, ස්ව වාදය දක්වන්නෙමියි පරවාදය දක්වන්නේ ද පරවාදය දක්වන්නේ යයි ස්වවාදය දක්වන්නේ ද, ධර්මාන්තරය විසංවාදනය කෙරේද, ආභිධම්මික තෙම සකවාදය සකවාද නියමයෙන්ම, පරවාදය පරවාද නියමයෙන්ම, ධර්මාන්තරය විසංවාදය නො කෙරේද, එහෙයින්ම තෙරුන්ට මේ සිත විය. සබ්‍රහ්මචාරීහු ආභිධර්මිකයෝ ව සියුම් තැන්හි නුවණ විහිදා විදසුන් වඩා ලොව්තුරු දහම් පසක් කරන්නේ නම් ඉතා යහපත් යයි ප්‍රකාශ කළහ.

ආයස‍්මා සාරිපුත‍්තො පඤ‍්ඤාපාරමියා මත්‍ථකං පත‍්තො, පඤ‍්ඤවායෙව ච චිත‍්තං අත‍්තනො වසෙ වත‍්තෙතුං සක‍්කොති, න දුප‍්පඤ‍්ඤො. දුප‍්පඤ‍්ඤො හි උප‍්පන‍්නස‍්ස චිත‍්තස‍්ස වසෙ වත‍්තෙත්‍වා ඉතො චිතො ච විප‍්ඵන්‍දිත්‍වාපි කතිපාහෙනෙව ගිහිභාවං පත්‍වා අනයබ්‍යසනං පාපුණාති. තස‍්මා ථෙරස‍්ස එවං හොති – “අහො වත සබ්‍රහ‍්මචාරී අචිත‍්තවසිකා හුත්‍වා චිත‍්තං අත‍්තනො වසෙ වත‍්තෙත්‍වා සබ‍්බානස‍්ස විසෙවිතවිප‍්ඵන්‍දිතානි භඤ‍්ජිත්‍වා ඊසකම‍්පි බහි නික‍්ඛමිතුං අදෙන‍්තා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා ලොකුත‍්තරධම‍්මං සච‍්ඡිකරෙය්‍යු”න‍්ති. තස‍්මා එවං බ්‍යාකාසි.

ආයුෂ්මත් සැරියුත් මහතෙරුන් වහන්සේ ප්‍රඥා පාරමිතාවෙහි මුදුනටම පැමිණියහ. තව ද නුවණැත්තේම සිත තමන් වශයෙහි පවත්වන්නට හැකිවෙයි. දුෂ්ප්‍රාඥයාට අපහසු වෙයි. යම්හෙයකින් දුශ්ප්‍රාඥ තෙමේ උපනුපන් සිත් අනුවම කටයුතු කරමින්, යළි ඔබනොබ ඇලී කීප දිනකින්ම ගිහිබවට පැමිණු වැරදි ආකල්පයන්ට පැමිණේද, එහෙයින් තෙරුන් මෙසේ අදහස් කළේය. ‘සබ්‍රහ්මචාරීහූ සිත්වලටම වසඟ නොවී, සිත දමනය කර තමාගේ වශයෙහි පවත්වා ඔහුගේ සියලු විරුද්ධ සේවන, ප්‍රතිපක්‍ෂග්‍රාහ, විෂ්ඵන්දනයන් බිඳ මදකුත් පිටත නික්මෙන්නට නොදෙමින්, විදසුන් වඩා ලොව්තුරු දහම් පසක් කරන්නේ නම් ඉතා යහපත් යයි යන අදහස ප්‍රකාශ කළේය.

සබ‍්බෙසං වො, සාරිපුත‍්ත, සුභාසිතං පරියායෙනාති සාරිපුත‍්ත, යස‍්මා සඞ‍්ඝාරාමස‍්ස නාම බහුස‍්සුතභික‍්ඛූහිපි සොභනකාරණං අත්‍ථි, ඣානාභිරතෙහිපි, දිබ‍්බචක‍්ඛුකෙහිපි, ධුතවාදෙහිපි, ආභිධම‍්මිකෙහිපි, අචිත‍්තවසිකෙහිපි සොභනකාරණං අත්‍ථි. තස‍්මා සබ‍්බෙසං වො සුභාසිතං පරියායෙන, තෙන තෙන කාරණෙන සුභාසිතමෙව, නො දුබ‍්භාසිතං. අපිච මමපි සුණාථාති අපිච මමපි වචනං සුණාථ. න තාවාහං ඉමං පල‍්ලඞ‍්කං භින්‍දිස‍්සාමීති න තාව අහං ඉමං චතුරඞ‍්ගවීරියං අධිට‍්ඨාය ආභුජිතං පල‍්ලඞ‍්කං භින්‍දිස‍්සාමි, න මොචෙස‍්සාමීති අත්‍ථො.

සබ්බෙසං වො සාරිපුත්ත - සුභාසිතං පරියායෙන ශාරිපුත්‍රයෙනි, යම්හෙයකින් සඟමොක් පිළිබඳව නම් බහුශ්‍රැත භික්‍ෂූන් විසින් ද සිදුකළ යුතු කරුණු ඇත්ද, ධ්‍යානයෙහි ඇලුණාහු විසිනුදු, දිවැස් ඇතියන් විසිනුදු, ධූතවාදීන් විසිනුදු, ආභිධම්මිකයන් විසිනුදු, අචිත්තවසිකයන් විසිනුදු, හොබනට කරුණු ඇත්ද, එහෙයින් ඔබලා සියල්ලන්ගේම අදහස් වචන සුභාෂිතයහ. දුර්භාසිත නොවන්නේමය. පරියායෙන් ද ඒ කරුණු සුභාෂිතමැයි. මාගේ වචනය ද අසවු. න තාවාහං ඉමං පල්ලංකං භින්‍දිස්සාමි ඒ තාක් මම මේ සිව්රඟ වීරිය අධිෂ්ඨානයෙන් බැඳි පල්ලංකය නො බිඳින්නෙමි. නො මුදන්නෙමි යන අර්ථයි.

ඉදං කිර භගවා පරිපාකගතෙ ඤාණෙ රජ‍්ජසිරිං පහාය කතාභිනික‍්ඛමනො අනුපුබ‍්බෙන බොධිමණ‍්ඩං ආරුය‍්හ චතුරඞ‍්ගවීරියං අධිට‍්ඨාය අපරාජිතපල‍්ලඞ‍්කං ආභුජිත්‍වා දළ‍්හසමාදානො හුත්‍වා නිසින‍්නො තිණ‍්ණං මාරානං මත්‍ථකං භින්‍දිත්‍වා පච‍්චූසසමයෙ දසසහස‍්සිලොකධාතුං උන‍්නාදෙන‍්තො සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං පටිවිජ‍්ඣි, තං අත‍්තනො මහාබොධිපල‍්ලඞ‍්කං සන්‍ධාය එවමාහ.

මේ වනාහි භාග්‍යවත්හ නුවණ මෝරාගිය කල රජසිරි සැප හැර කරන ලද මහාභිනිෂ්ක්‍රමණයෙන් පසුව පිළිවෙළින් බෝමැඩට නැගී චතුරංග සමන්නාගත වීර්යය ඉටා යම් අපරාජිත බද්ධ පරියංකයක් බැඳ අධිෂ්ඨාන ඇතිව වැඩහුන්නාහු තුන්මරුන්ගේ බල පරාක්‍රමයන් බිඳ අලුයම් කල දසදහසක් ලෝකධාතුව කම්පා කරවමින් සර්වඥතා ඥානය ප්‍රතිවේධ කළ සේක් ද, ඒ තමන් වහන්සේගේ මහ බෝ පලඟ සඳහා මෙසේ වදාළහ.

අපිච පච‍්ඡිමං ජනතං අනුකම‍්පමානොපි පටිපත‍්තිසාරං පුථුජ‍්ජනකල්‍යාණකං දස‍්සෙන‍්තො එවමාහ. පස‍්සති හි භගවා – “අනාගතෙ එවං අජ‍්ඣාසයා කුලපුත‍්තා ඉති පටිසඤ‍්චික‍්ඛිස‍්සන‍්ති, ‘භගවා මහාගොසිඞ‍්ගසුත‍්තං කථෙන‍්තො ඉධ, සාරිපුත‍්ත, භික‍්ඛු පච‍්ඡාභත‍්තං…පෙ… එවරූපෙන ඛො, සාරිපුත‍්ත, භික‍්ඛුනා ගොසිඞ‍්ගසාලවනං සොභෙය්‍යාති ආහ, මයං භගවතො අජ‍්ඣාසයං ගණ‍්හිස‍්සාමා’ති පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තා චතුරඞ‍්ගවීරියං අධිට‍්ඨාය දළ‍්හසමාදානා හුත්‍වා ‘අරහත‍්තං අප‍්පත්‍වා ඉමං පල‍්ලඞ‍්කං න භින්‍දිස‍්සාමා’ති සමණධම‍්මං කාතබ‍්බං මඤ‍්ඤිස‍්සන‍්ති, තෙ එවං පටිපන‍්නා කතිපාහෙනෙව ජාතිජරාමරණස‍්ස අන‍්තං කරිස‍්සන‍්තී”ති, ඉමං පච‍්ඡිමං ජනතං අනුකම‍්පමානො පටිපත‍්තිසාරං පුථුජ‍්ජනකල්‍යාණකං දස‍්සෙන‍්තො එවමාහ.

තව ද පශ්චිම ජනතාවට අනුකම්පා කරමින් ප්‍රතිපත්තිගරුක වූ පෘථග්ජන කල්‍යාණයා දක්වමින් මෙසේ වදාළහ. භාග්‍යවතුන් වහන්සේ අනාගතයෙහි මෙවැනි අදහස් ඇති කුලපුත්‍රයෝ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ යයි දක්නා සේක. භාග්‍යවතුන් වහන්සේ මහා ගෝසිංග සූත්‍රය වදාරණ සේක්, ඉධ සාරිපුත්ත භික්ඛු පච්ඡා භත්තං -පෙ- එවරූපෙන ඛො සාරිපුත්ත භික්ඛුනා ගොසිංගසාල වනං සොභෙය්‍යාති යි වදාළහ. අපි භාග්‍යවතුන් වහන්සේගේ අදහස දැනගන්නෙමුයි, පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණාහු සිව්රඟ වීර්යය ඉටා දෘඪ සමාන ඇතිව රහත් බවට නො පැමිණ මේ පළඟ නො බිඳින්නෙමැයි මහණදම් කළ යුතු යයි සිතන්නාහුය. ඔහු මෙසේ පිළිපන්නාහූ කීප දිනකින්ම ජාති ජරා මරණ කෙළවර කරන්නාහු යයි මේ පශ්චිම ජනතාවට අනුකම්පා කරමින් ප්‍රතිපත්ති ගරුක පෘථග්ජනයා සඳහා මෙසේ වදාළහ.

එවරූපෙන ඛො, සාරිපුත‍්ත, භික‍්ඛුනා ගොසිඞ‍්ගසාලවනං සොභෙය්‍යාති, සාරිපුත‍්ත, එවරූපෙන භික‍්ඛුනා නිප‍්පරියායෙනෙව ගොසිඞ‍්ගසාලවනං සොභෙය්‍යාති යථානුසන්‍ධිනාව දෙසනං නිට‍්ඨපෙසීති.

එවරූපෙන ඛො සාරිපුත්ත, භික්ඛුනා ගොසිංගා සාලවනං සොභෙය්‍යාති ශාරිපුත්‍රය, මෙබඳු වූ භික්‍ෂුන් නිසා වචනයේ මුළුමහත් අරුතින්ම ගෝසිංග සාලවනය හොබනේයයි අනුසන්ධි ලෙසින් දේශනාව නිමවා වදාළ සේක.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය මහාගොසිඞ‍්ගසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

ගෝසිංග සාලවන සූත්‍ර වර්ණනාව නිමියේය.