චූළසාරොපමසුත්තං
1. 3. 10.
1. 3. 10.
චූළසාරොපමසුත්තං
චූළසාරෝපම සූත්‍රය
1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො පිඞ්ගලකොච්ඡො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො පිඞ්ගලකොච්ඡො බ්රාහ්මණො භගවන්තං එතදවොච:
1. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහු ගේ ආරාමයෙහි වැඩ වසන සේක. ඉක්බිති පිඞ්ගලකොච්ඡ නම් බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහිකට යුතු කථා කොට නිමවා එකත් පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන්නා වූ පිඞ්ගලකොච්ඡ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කෙළේ ය:
2. යෙමෙ භො ගොතම සමණබ්රාහ්මණා සඞ්ඝිනො ගණිනො ගණාචරියා ඤාතා යසස්සිනො තිත්ථකරා සාධුසම්මතා බහුජනස්ස, සෙය්යථිදං: පූරණො කස්සපො, මක්ඛලී ගොසාලො, අජිතො කෙසකම්බලො, පකුධො කච්චායනො, සඤ්ජයො බෙලට්ඨිපුත්තො, නිගණ්ඨො නාතපුත්තො, සබ්බෙ තෙ සකාය පටිඤ්ඤාය අබ්භඤ්ඤංසු: සබ්බෙව නාබ්භඤ්ඤංසු, උදාහු එකච්චෙ අබ්භඤ්ඤංසු, එකච්චෙ නාබ්භඤ්ඤංසූති.
2. භවත් ගෞතමයන් වහන්ස, පැවැදිසමූහයා ඇති පැවැදිගණයා ඇති ගණාචාර්ය වූ ප්‍රසිද්ධ යශස් ඇති තීර්ත්ථක වූ (=ලබ්ධි උපදවන්නා වූ) බොහෝ දෙනා විසින් සාධුයයි සම්මත කරණ ලද යම් මේ මහණ බමුණු කෙනෙක් වෙත් ද, එනම්: පූරණකස්සප, මක්ඛලී ගෝසාල, අජිතකේසකම්බල, පකුධකච්චායන, සඤ්ජයබෙල්ට්ඨීපුත්ත, නිගණ්ඨනාථපුත්ත, යන මොහු ය. ඒ සියල්ලෝ ස්වකීය ප්‍රතිඥාව පරිදි (ස්වසමය නෛර්‍ය්‍යාණික යයි) දැන ගත්තාහු ද? සියල්ලෝ ම දැන නො ගත්තාහු ද? නැතහාත් සමහරු දැන ගත්තාහු ද? සමහරු දැන නො ගත්තාහු දැයි (ඇසීය.)
3. අලං බ්‍රාහ්මණ, තිට්ඨතෙතං: සබ්බෙ තෙ සකාය පටිඤ්ඤාය අබ්භඤ්ඤංසු, සබ්බෙව නාබ්භඤ්ඤංසු, උදාහු එකච්චෙ අබ්භඤ්ඤංසු, එකච්චෙ නාබ්භඤ්ඤංසූති. ධම්මං තෙ බ්‍රාහ්මණ දෙසෙස්සාමි, තං සුණාහි, සාධුකං මනසි කරොහි, භාසිස්සාමීති. එවං භොති ඛො පිඞ්ගලකොච්ඡො බ්රාහ්මණො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච:
3. බමුණ, කම් නැත. ‘ඒ සියල්ලෝ ස්වකීය ප්‍රතිඥාව පරිදි දැන ගත්තාහු ද? සියල්ලෝ ම දැන නො ගත්තාහු ද? නැතහොත් සමහරු දැන ගත්තාහු ද? සමහරු දැන නො ගත්තාහු ද? යන මෙය තිබියේවා. බමුණ, මම තට ධර්මය දේශනා කරන්නෙමි. එය අසව. මනා කොට මෙනෙහි කරව. දේශනා කරන්නෙමි. පිඞ්ගලකොච්ඡ බ්‍රාහ්මණ තෙමේ ‘එසේ ය පින්වතුන් වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:
4. සෙය්යථාපි බ්‍රාහ්මණ පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව සාරං අතික්කම්ම ඵෙග්ගුං අතික්කම්ම තචං අතික්කම්ම පපටිකං සාඛාපලාසං ඡෙත්වා ආදාය පක්කමෙය්ය සාරන්ති මඤ්ඤමානො, තමෙනං චක්ඛුමා පුරිසො දිස්වා එවං වදෙය්ය: න වතායං භවං පුරිසො අඤ්ඤාසි සාරං, න අඤ්ඤාසි ඵෙග්ගුං, න අඤ්ඤාසි තචං, න අඤ්ඤාසි පපටිකං, න අඤ්ඤාසි සාඛාපලාසං, තථා හයං භවං පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව සාරං අතික්කම්ම ඵෙග්ගුං අතික්කම්ම තචං අතික්කම්ම පපටිකං සාඛාපලාසං ඡෙත්වා ආදාය පක්කන්තො සාරන්ති මඤ්ඤමානො, යඤ්චස්ස සාරෙන සාරකරණීයං තඤ්චස්ස අත්ථං නානුභවිස්සතීති.
4. බමුණ, යම් සේ හරයෙන් ප්‍රයෝජන ඇත්තා වූ, හර සොයනසුලු වූ, හර සෙවීමෙහි හැසිරෙන්නා වූ, පුරුෂයෙක් පිහිටා පවත්නා, අරටුව ඇති, මහරුකෙක හරය ඉක්මවා එළය ඉක්මවා සිවිය ඉක්මවා පොත්ත ඉක්මවා හරය යි හඟනේ අතු කොළ කපා ගෙන යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් තෙමේ ඒ මොහු දැක “ඒකාන්තයෙන් මේ භවත් පුරුෂ තෙමේ හරය නො දත්තේ ය. එළය නො දත්තේ ය. සිවිය නො දත්තේ ය. පොත්ත නො දත්තේ ය. කොළ අතු නො දත්තේ ය. එහෙයින් ම මේ භවත් පුරුෂ තෙමේ හරය ප්‍රයෝජන කොට ඇත්තේ හරය සොයනසුලු වූයේ හර සෙවීමෙහි හැසිරෙන්නේ නොවැටී පවත්නා වූ, හරය ඇති, මහරුකෙක හරය ඉක්මවා ම එළය ඉක්මවා ම සිවිය ඉක්මවා ම, පොත්ත ඉක්මවා ම හර යයි හඟිමින් අතු කොළ කපා ගෙණ ගියේ ය. මොහු විසින් හරයෙන් කට යුතු යමක් වේ නම්, හරය පිළිබඳ ඒ ප්‍රයෝජනය ද (හෙතෙමේ) නො ලබන්නේය”යි මෙසේ කියන්නේ ය.
5. සෙය්යථාපි වා පන බ්‍රාහ්මණ පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව සාරං අතික්කම්ම ඵෙග්ගුං අතික්කම්ම තචං පපටිකං ඡෙත්වා ආදාය පක්කමෙය්ය සාරන්ති මඤ්ඤමානො, තමෙනං චක්ඛුමා පුරිසො දිස්වා එවං වදෙය්ය: ‘න වතායං භවං පුරිසො අඤ්ඤාසි සාරං, න අඤ්ඤාසි ඵෙග්ගුං, න අඤ්ඤාසි තචං, න අඤ්ඤාසි පපටිකං, න අඤ්ඤාසි සාඛාපලාසං. තථා හයං භවං පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව සාරං අතික්කම්ම ඵෙග්ගුං අතික්කම්ම තචං පපටිකං ඡෙත්වා ආදාය පක්කන්තො සාරන්ති මඤ්ඤමානො, යඤ්චස්ස සාරෙන සාරකරණීයං තඤ්චස්ස අත්ථං නානුභවිස්සතී’ති.
5. බමුණ, යම් සේ හරයෙන් ප්‍රයෝජන ඇත්තා වූ, හර සොයනසුලු වූ, හර සෙවීමෙහි හැසිරෙන්නා වූ, පුරුෂයෙක් පිහිටා පවත්නා, හර ඇති මහරුකෙක හරය ඉක්මවා එළය ඉක්මවා සිවිය ඉක්මවා හරය යි හඟිමින් පොත්ත කපා ගෙන යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් මොහු දැක “මේ භවත් පුරුෂ තෙමේ අරටුව නො දත්තේ ය. එළය නො දත්තේ ය. සිවිය නො දත්තේ ය. පොත්ත නො දත්තේ ය. කොළ අතු නො දත්තේ ය. එහෙයින් ම මේ භවත් පුරුෂ තෙමේ හරය ප්‍රයෝජන කොට ඇත්තේ හරය සොයනසුලු වූයේ, හර සෙවීමෙහි හැසිරෙන්නේ නො වැටී පවත්නා වූ, හර ඇති මහත් රුකෙක හරය ඉක්මවා ම එළය ඉක්මවා සිවිය ඉක්මවා හරය යි හඟිමින් පොතු කපා ගෙන ගෙණ ගිය් ය. ඔහුට හරයෙන් කට යුතු යමක් වී නම්, හරය පිළිබඳ ඒ ප්‍රයෝජනය ද නො ලබන්නේය”යි මෙසේ කියන්නේ ය.
6. සෙය්යථාපි වා පන බ්‍රාහ්මණ පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව සාරං අතික්කම්ම ඵෙග්ගුං තචං ඡෙත්වා ආදාය පක්කමෙය්ය සාරන්ති මඤ්ඤමානො, තමෙනං චක්ඛුමා පුරිසො දිස්වා එවං වදෙය්ය: ‘න වතායං භවං පුරිසො අඤ්ඤාසි සාරං, න අඤ්ඤාසි ඵෙග්ගුං, න අඤ්ඤාසි තචං, න අඤ්ඤාසි පපටිකං, න අඤ්ඤාසි සාඛාපලාසං. තථා හයං භවං පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව සාරං අතික්කම්ම ඵෙග්ගුං, තචං ඡෙත්වා ආදාය පක්කන්තො සාරන්ති මඤ්ඤමානො, යඤ්චස්ස සාරෙන සාරකරණීයං තඤ්චස්ස අත්ථං නානුභවිස්සතී’ති.
6. බමුණ, යම්සේ හරයෙන් ප්‍රයෝජන ඇත්තා වූ, හර සොයනසුලු වූ, හර සෙයනසුලු වූ හර සෙවීමෙහි හැසිරෙන්නා වූ පුරුෂයෙක් නො වැටී පවත්නා, හර ඇති මහරුකෙ අරටුව ඉක්මවා, එළය ඉක්මවා, හරය යි හඟිමින් සිවිය සිඳ ගෙණ යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක “මේ භවත් පුරුෂ තෙමේ අරටුව නො දත්තේ ය. එළය නො දත්තේ ය. සිවිය නො දත්තේ ය. පොත්ත නො දත්තේ ය. කොළ අතු නො දත්තේ ය. එහෙයින් ම මේ භවත් පුරුෂ තෙමේ හරය ප්‍රයෝජන කොට ඇත්තේ හරය සොයනසුලු වූයේ, හරය සෙවීමෙහි හැසිරෙන්නේ පිහිටා පවත්නා වූ, හර ඇති මහත් රුකෙක හරය ඉක්මවා ම එළය ඉක්මවා හරය යි හඟිමින් සිවිය කපා ගෙන ගෙණ ගියේ ය. ඔහුට හරයෙන් කට යුතු යමක් වේ නම්, හරය පිළිබඳ ඒ අර්ත්ථය ද නො ලබන්නේය”යි මෙසේ කියන්නේ ය.
7. සෙය්යථාපි වා පන බ්‍රාහ්මණ පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව සාරං ඵෙග්ගුං ඡෙත්වා ආදාය පක්කමෙය්ය සාරන්ති මඤ්ඤමානො, තමෙනං චක්ඛුමා පුරිසො දිස්වා එවං වදෙය්ය: ‘න වතායං භවං පුරිසො අඤ්ඤාසි සාරං, න අඤ්ඤාසි ඵෙග්ගුං, න අඤ්ඤාසි තචං, න අඤ්ඤාසි පපටිකං, න අඤ්ඤාසි සාඛාපලාසං. තථා හයං භවං පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව සාරං ඵෙග්ගුං ඡෙත්වා ආදාය පක්කන්තො සාරන්ති මඤ්ඤමානො, යඤ්චස්ස සාරෙන සාරකරණීයං තඤ්චස්ස අත්ථං නානුභවිස්සතී’ති.
7. බමුණ, යම් සේ හරයෙන් ප්‍රයෝජන ඇත්තා වූ, හර සොයන හර සෙවීමෙහි හැසිරෙන්නා වූ පුරුෂයෙක් නො වැටී පවත්නා, අරටුව ඇති මහරුකෙක හරය ඉක්මවා ම හරය යි හඟිමින් එළය කපා ගෙණ යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක “මේ භවත් පුරුෂ තෙමේ ඒකාන්තයෙන් අරටුව නො දත්තේ ය. එළය නො දත්තේ ය. සිවිය නො දත්තේ ය. පොත්ත නො දත්තේ ය. කොළ අතු නො දත්තේ ය. එහෙයින් ම මේ භවත් පුරුෂ තෙමේ හරය ප්‍රයෝජන කොට ඇත්තේ හරය සොයනසුලු වූයේ, හරය සෙවීමෙහි හැසිරෙන්නේ නොවැටී පවත්නා වූ, හර ඇති මහත් රුකෙක හරය ඉක්මවා ම හරය යි හඟිමින් එළය කපා ගෙන ගෙණ ගියේ ය. ඔහුට හරයෙන් කට යුතු යමක් වේ නම්, හරය පිළිබඳ ඒ ප්‍රයෝජනය ද නො ලබන්නේය”යි මෙසේ කියන්නේ ය.
8. සෙය්යථාපි වා පන බ්‍රාහ්මණ පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො සාරඤ්ඤෙව ඡෙත්වා ආදාය පක්කමෙය්ය සාරන්ති ජානමානො, තමෙනං චක්ඛුමා පුරිසො දිස්වා එවං වදෙය්ය: ‘අඤ්ඤාසි වතායං භවං පුරිසො සාරං, අඤ්ඤාසි ඵෙග්ගුං, අඤ්ඤාසි තචං, අඤ්ඤාසි පපටිකං, අඤ්ඤාසි සාඛාපලාසං. තථා හයං භවං පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො සාරඤ්ඤෙව ඡෙත්වා ආදාය පක්කන්තො සාරන්ති ජානමානො. යඤ්චස්ස සාරෙන සාරකරණීයං තඤ්චස්ස අත්ථං අනුභවිස්සතී’ති.
8. බමුණ, යම් සේ හර ප්‍රයෝජන කොට ඇත්තා වූ හර සොයනසුලු වූ හර සෙවීමෙහි හැසිරෙන්නා වූ පුරුෂයෙක් නො වැටී පවත්නා, හර ඇති මහරුකෙක හරය යි දනිමින් හරය ම කපා ගෙණ යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් තුලුහු දැක “ඒකාන්තයෙන් මේ භවත් පුරුෂ තෙමේ හරය දත්තේ ය. එළය දත්තේ ය. සිවිය දත්තේ ය. පොත්ත දත්තේ ය. කොළ අතු දත්තේ ය. එහෙයින් ම මේ භවත් පුරුෂ තෙම හරය ප්‍රයෝජන කොට ඇත්තේ හරය සොයනසුලු වූයේ හරය සෙවීමෙහි හැසිරෙන්නේ නො වැටී පවත්නා වූ හරය ඇති මහත් රුකෙක හරය යි දන්නේ හරය ම කපා ගෙන ගෙණ ගියේ ය. ඔහුට හරයෙන් කට යුතු යමක් වේ නම් හරය පිළිබඳ ඒ ප්‍රයෝජනය ද ලබන්නේය”යි මෙසේ කියන්නේ ය.
9. එවමෙව ඛො බ්‍රාහ්මණ ඉධෙකච්චො පුග්ගලො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති: ඔතිණ්ණොම්හි ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො, අප්පෙවනාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථාති. සො එවං පබ්බජිතො සමානො ලාභසක්කාරසිලොකං අභිනිබ්බත්තෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන අත්තමනො හොති පරිපුණ්ණසඞ්කප්පො. සො තෙන ලාභසක්කාරසිලොකෙන අත්තානුක්කංසෙති පරං වම්භෙති: ‘අහමස්මි ලාභී සිලොකවා. ඉමෙ පනඤ්ඤෙ භික්ඛූ අප්පඤ්ඤාතා අප්පෙසක්ඛා’ති. ලාභසක්කාරසිලොකෙන ච යෙ අඤ්ඤෙ ධම්මා උත්තරිතරා ච පණීතතරා ච තෙසං ධම්මානං සච්ඡිකිරියාය න ඡන්දං ජනෙති, න වායමති. ඔලීනවුත්තිකො ච හොති සාථලිකො. සෙය්යථාපි සො බ්‍රාහ්මණ පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව සාරං අතික්කම්ම ඵෙග්ගුං අතික්කම්ම තචං අතික්කම්ම පපටිකං සාඛාපලාසං ඡෙත්වා ආදාය පක්කන්තො සාරන්ති මඤ්ඤමානො, යඤ්චස්ස සාරෙන සාරකරණීයං තඤ්චස්ස අත්ථං නානුභවිස්සති’ තථූපමාහං බ්‍රාහ්මණ ඉමං පුග්ගලං වදාමි.
9. බමුණ, එපරිදිදෙන් ම මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ‘ජාතියෙන් ජරා මරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දොම්නසින් උපායාසයෙන් මැඬුනෙම් වෙමි. දුකෙහි බටුයෙම් වෙමි. දුකින් පෙළුනෙම් වෙමි. මෙ හුදු දුක් රැස කෙළවර කිරීම පෙණේ නම් ඉතා යෙහෙකැ’යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. මෙසේ හෙතෙම පැවිදි වූයේ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවන් උපදවයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් සතුටු වූයේ පරිපූර්ණ සඞ්කල්පනා ඇත්තේ වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් ‘මම ලාභී වෙමි. කීර්ති ඇත්තෙම් වෙමි. මේ අනික් භික්ෂූහු අප්‍රකටයෝ ය. අල්පේශාක්‍යයෝ ය’යි තමන් හුවා දක්වයි. මෙරමා හෙළා දක්වයි. ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් අන්‍ය වූ උත්තරීතර වූ ද ප්‍රණීතතර වූ ද යම් ධර්මයෝ වෙත් නම්, ඒ ධර්මයන් සාක්ෂාත් කිරීම පිණිස කත්තුකම්‍යතා ඡන්දය ඇති නො කරයි. වෑයම් නොකරයි. හීනාධ්‍යාශය ඇත්තේ වෙයි. ශාසනය ලිහිල් කොට ගත්තේ වෙයි. බමුණ යම් සේ හර ප්‍රයෝජන කොට ඇති හර සොයනසුලු වූ හර සෙවීමෙහි හැසිරෙන්නා වූ පුරුෂයෙක් තෙමේ නො වැටී පවත්නා වූ, හර ඇති මහරුකෙක හරය ඉක්මවා ම එළය ඉක්මවා සිවිය ඉක්මවා පොත්ත ඉක්මවා හර යයි හඟනේ කොළ අතු කපා ගෙන ගෙණ ගියේ ද, ඔහුට හරයෙන් කළ යුතු යමක් වේ නම්, හරය පිළිබඳ ඒ අර්ත්ථය ද හේ නො ලබන්නේය ය. බමුණ, මම මේ පුද්ගලයා එවැනි උපමා ඇත්තෙකැ යි කියමි.
10. ඉධ පන බ්‍රාහ්මණ එකච්චො පුග්ගලො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති: ඔතිණ්ණොම්හි ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො, අප්පෙවනාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථාති. සො එවං පබ්බජිතො සමානො ලාභසක්කාරසිලොකං අභිනිබ්බත්තෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තමනො හොති න පරිපුණ්ණසඞ්කප්පො. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තානුක්කංසෙති න පරං වම්භෙති. ලාභසක්කාරසිලොකෙන ච යෙ අඤ්ඤෙ ධම්මා උත්තරිතරා ච පණීතතරා ච තෙසං ධම්මානං සච්ඡිකිරියාය ඡන්දං ජනෙති වායමති –
10. බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ‘ජාතියෙන් ජරා මරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙම් වෙමි. දුකෙහි බැසගත්තෙම් වෙමි. දුකින් පෙළුනෙම් වෙමි. මෙ හුදු දුක් රැස කෙළවර කිරීම පෙණේ නම්, ඉතා යෙහෙකැ’යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවන් උපදවයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් නො සතුටු වූයේ පරිපූර්‍ණසඞ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් තමන් හුවා නො දක්වයි. මෙරමා හෙළා නො දක්වයි. ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද ධර්මයෝ වෙත් නම්, ඒ අන්‍ය ධර්මයන් ප්රත්යක්ෂ කිරීම පිණිස ඡන්දය උපදව යි. වෑයම් කරයි.
අනොලීනවුත්තිකො ච හොති අසාථලිකො. සො සීලසම්පදං ආරාධෙති. සො තාය සීලසම්පදාය අත්තමනො හොති, පරිපුණ්ණසඞ්කප්පො. සො තාය සීලසම්පදාය අත්තානුක්කංසෙති පරං වම්භෙති: ‘අහමස්මි සීලවා කල්යාණධම්මො, ඉමෙ පනඤ්ඤෙ භික්ඛූ දුස්සීලා පාපධම්මාති. සීලසම්පදාය ච යෙ අඤ්ඤෙ ධම්මා උත්තරිතරා ච පණීතතරා ච තෙසං ධම්මානං සච්ඡිකිරියාය න ඡන්දං ජනෙති න වායමති. ඔලීනවුත්තිකො ච හොති සාථලිකො. සෙය්යථාපි සො බ්‍රාහ්මණ පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව සාරං අතික්කම්ම ඵෙග්ගුං අතික්කම්ම තචං පපටිකං ඡෙත්වා ආදාය පක්කන්තො සාරන්ති මඤ්ඤමානො, යඤ්චස්ස සාරෙන සාරකරණීයං තඤ්චස්ස අත්ථං නානුභවිස්සති. තථූපමාහං බ්‍රාහ්මණ ඉමං පුග්ගලං වදාමි.
නො පසුබට පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට නො ගත්තේ වෙයි. හෙතෙම ශීලසම්පත්තිය සම්පූර්ණ කරයි. හෙතෙම ඒ ශීලසම්පත්තියෙන් සතුටු වූයේ පරිපූර්‍ණසඞ්කල්පනා ඇත්තේ වෙයි. හෙතෙමේ ඒ ශීලසම්පත්තියෙන් ‘මම සිල්වත් වෙමි. කළණදහම් ඇත්තෙම් වෙමි. මේ අන්‍ය වූ භික්ෂූහු දුශ්ශීලයෝ ය. පවිටු ස්වභාව ඇත්තෝය’යි තමා හුවා දක්ව යි. මෙරමා හෙළා දක්ව යි. ශීලසම්පත්තියෙන් අන්‍ය වූ උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද යම් ධර්මයෝ වෙත් ද, ඒ අන්යධර්මය ප්රත්යක්ෂ කිරීම පිණිස ඡන්දය නූපදව යි, වෑයම් නො කරයි. පසුබට පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට ගත්තේ වෙයි. බමුණ, යම් සේ හරය ප්‍රයෝජන කොට ඇති හරය සොයනසුලු හර සෙවීමෙහි හැසිරෙන්නා වූ ඒ පුරුෂ තෙමේ නො වැටී සිටින්නා වූ හරය ඇති මහරුකෙක හරය ඉක්මවා එළය ඉක්මවා එළය ඉක්මවා සිවිය ඉක්මවා හර යයි හඟනේ පොත්ත කපා ගෙන ගෙණ ගියේ ද, ඔහුට හරයෙන් කට යුතු යමක් වේ නම්, හරය පිළිබඳ ඒ ප්‍රයෝජනය ද නො ලබන්නේය. බමුණ, මම ඒ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැ යි කියමි.
11. ඉධ පන බ්‍රාහ්මණ එකච්චො පුග්ගලො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති: ඔතිණ්ණොම්හි ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො, අප්පෙවනාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථාති. සො එවං පබ්බජිතො සමානො ලාභසක්කාරසිලොකං අභිනිබ්බත්තෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තමනො හොති, න පරිපුණ්ණසඞ්කප්පො. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තානුක්කංසෙති න පරං වම්භෙති. ලාභසක්කාරසිලොකෙන ච යෙ අඤ්ඤෙ ධම්මා උත්තරිතරා ච පණීතතරා ච තෙසං ධම්මානං සච්ඡිකිරියාය ඡන්දං ජනෙති වායමති. අනොලීනවුත්තිකො ච හොති අසාථලිකො. සො සීලසම්පදං ආරාධෙති, සො තාය සීලසම්පදාය අත්තමනො හොති නො ච ඛො පරිපුණ්ණසඞ්කප්පො. සො තාය සීලසම්පදාය න අත්තානුක්කංසෙති න පරං වම්භෙති. සීලසම්පදාය ච යෙ අඤ්ඤෙ ධම්මා උත්තරිතරා ච පණීතතරා ච තෙසං ධම්මානං සච්ඡිකිරියාය ඡන්දං ජනෙති වායමති. අනොලීනවුත්තිකො ච හොති අසාථලිකො. සො සමාධිසම්පදං ආරාධෙති. සො තාය සමාධිසම්පදාය අත්තමනො හොති පරිපුණ්ණසඞ්කප්පො. සො තාය සමාධිසම්පදාය අත්තානුක්කංසෙති පරං වම්භෙති: අහමස්මි සමාහිතො එකග්ගචිත්තො, ඉමෙ පනඤ්ඤෙ භික්ඛූ අසමාහිතා විබ්භන්තචිත්තාති. සමාධිසම්පදාය ච යෙ අඤ්ඤෙ ධම්මා උත්තරිතරා ච පණීතතරා ච තෙසං ධම්මානං සච්ඡිකිරියාය න ඡන්දං ජනෙති න වායමති. ඔලීනවුත්තිකො ච හොති සාථලිකො. –
11. බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ‘ජාතියෙන් ජරා මරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙම් දුකෙහි බැස ගත්තෙම් දුකින් පෙළුනෙම් වෙමි. මෙ හුදු දුක් රැස කෙළවර, කිරීම පෙණේ නම්, ඉතා යෙහෙකැ’යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවන් උපදවයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් සතුටු නොවෙයි. පරිපූර්ණ සඞ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් තමන් හුවා නො දක්වයි. මෙරමා හෙළා නො දක්වයි. ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් අන්‍ය වූ උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද යම් ධර්මයෝ වෙත් නම්, ඒ ධර්මයන් ප්රත්යක්ෂ කිරීම පිණිස ඡන්දය උපදව යි. වෑයම් කරයි. නො පසුබස්නා පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට නො ගත්තේ වෙයි. හෙතෙම ශීලසම්පත්තිය සම්පූර්ණ කරයි. හෙතෙම ඒ ශීලසම්පත්තියෙන් සතුටු වූයේ ද පරිපූර්ණ සඞ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙමේ ඒ ශීලසම්පත්තියෙන් තමන් හුවා නො දක්ව යි. මෙරමා හෙළා නො දක්ව යි. ශීලසම්පත්තියෙන් ද අන්‍ය වූ උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද යම් ධර්මයෝ වෙත් ද, ඒ ධර්මයන් ප්රත්යක්ෂ කිරීම පිණිස ඡන්දය උපදව යි. වෑයම් කෙරෙයි. නො පසුබස්නා පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට නො ගත්තේ ද වෙයි. හෙතෙම සමාධිසම්පත්තිය සම්පූර්ණ කරයි. හෙතෙමේ ඒ සමාධිසම්පත්තියෙන් සතුටු වූයේ පරිපූර්ණ සඞ්කල්පනා ඇත්තේ වෙයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියයෙන් ‘මම සමාධියෙන් යුක්ත වූයෙම් එකඟ වූ සිත් ඇත්තෙම් වෙමි. මේ අන්‍ය වූ භික්ෂූහු අසමාහිතයෝ ය. විසිරුණු සිත් ඇත්තෝය’යි තමා හුවා දක්ව යි. මෙරමා හෙළා දක්ව යි. සමාධිසම්පත්තියයෙන් ද අන්‍ය වූ උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද යම් ධර්මයෝ වෙත් ද, ඒ ධර්මයන් ප්රත්යක්ෂ කිරීම පිණිස කත්තුකම්‍යතා ඡන්දය නූපදව යි. වෑයම් නො කෙරෙයි. පසුබට පැවතුම් ඇත්තේ ශාසනය ලිහිල් කොට ගත්තේ ද වෙයි.
සෙය්යථාපි සො බ්‍රාහ්මණ පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව සාරං අතික්කම්ම ඵෙග්ගුං තචං ඡෙත්වා ආදාය පක්කන්තො සාරන්ති මඤ්ඤමානො, යඤ්චස්ස සාරෙන සාරකරණීයං තඤ්චස්ස අත්ථං නානුභවිස්සති. තථූපමාහං බ්‍රාහ්මණ ඉමං පුග්ගලං වදාමි.
බමුණ, යම් සේ හරය ප්‍රයෝජන කොට ඇති හරය සොයනසුලු හර සෙවීමෙහි හැසිරෙන්නා වූ ඒ පුරුෂ තෙමේ නො වැටී පවත්නා වූ හර ඇත්තා වූ මහරුකෙක හරය ඉක්මවා එළය ඉක්මවා එළය ඉක්මවා හරය යි හඟනේ සිවිය කපා ගෙන ගෙණ ගියේ ද, ඔහුට හරයෙන් කට යුතු යමක් වේ ද, හරය පිළිබඳ ඒ ප්‍රයෝජනය ද නො ලබයි. බමුණ, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැ යි කියමි.
12. ඉධ පන බ්‍රාහ්මණ එකච්චො පුග්ගලො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති: ඔතිණ්ණොම්හි ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො, අප්පෙවනාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථාති. සො එවං පබ්බජිතො සමානො ලාභසක්කාරසිලොකං අභිනිබ්බත්තෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තමනො හොති න පරිපුණ්ණසඞ්කප්පො. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තානුක්කංසෙති න පරං වම්භෙති. ලාභසක්කාරසිලොකෙන ච යෙ අඤ්ඤෙ ධම්මා උත්තරිතරා ච පණීතතරා ච තෙසං ධම්මානං සච්ඡිකිරියාය ඡන්දං ජනෙති වායමති. අනොලීනවුත්තිකො ච හොති අසාථලිකො. සො සීලසම්පදං ආරාධෙති. සො තාය සීලසම්පදාය අත්තමනො හොති නො ච ඛො පරිපුණ්ණසඞ්කප්පො. සො තාය සීලසම්පදාය න අත්තානුක්කංසෙති න පරං වම්භෙති. සීලසම්පදාය ච යෙ අඤ්ඤෙ ධම්මා උත්තරිතරා ච පණීතතරා ච තෙසං ධම්මානං සච්ඡිකිරියාය ඡන්දං ජනෙති වායමති. අනොලීනවුත්තිකො ච හොති අසාථලිකො. සො සමාධිසම්පදං ආරාධෙති. සො තාය සමාධිසම්පදාය අත්තමනො හොති නො ච ඛො පරිපුණ්ණසඞ්කප්පො. සො තාය සමාධිසම්පදාය න අත්තානුක්කංසෙති න පරං වම්භෙති. සමාධිසම්පදාය ච යෙ අඤ්ඤෙ ධම්මා උත්තරිතරා ච පණීතතරා ච තෙසං ධම්මානං සච්ඡිකිරියාය ඡන්දං ජනෙති වායමති. අනොලීනවුත්තිකො ච හොති අසාථලිකො. සො ඤාණදස්සනං ආරාධෙති. සො තෙන ඤාණදස්සනෙන අත්තමනො හොති පරිපුණ්ණසඞ්කප්පො. සො තෙන ඤාණදස්සනෙන අත්තානුක්කංසෙති පරං වම්භෙති: අහමස්මි ජානං පස්සං විහරාමි. ඉමෙ පනඤ්ඤෙ භික්ඛූ අජානං අපස්සං විහරන්තීති. ඤාණදස්සනෙන ච යෙ අඤ්ඤෙ ධම්මා උත්තරිතරා ච පණීතතරා ච තෙසං ධම්මානං සච්ඡිකිරියාය න ඡන්දං ජනෙති න වායමති. ඔලීනවුත්තිකො ච හොති සාථලිකො. සෙය්යථාපි සො බ්‍රාහ්මණ පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව සාරං ඵෙග්ගුං ඡෙත්වා ආදාය පක්කන්තො සාරන්ති මඤ්ඤමානො, යඤ්චස්ස සාරෙන සාරකරණීයං තඤ්චස්ස අත්ථං නානුභවිස්සති. තථූපමාහං බ්‍රාහ්මණ ඉමං පුග්ගලං වදාමි.
12. බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ‘ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙම්, දුකට බටුයෙම්, දුකින් පෙළුනෙම් වෙමි. මෙ හුදු දුක් රැස කෙළවර කිරීම පෙණේ නම්, ඉතා යෙහෙකැ’යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවන් උපදවයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් සතුටු නො වූයේ පරිපූර්ණ සඞ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් තමන් හුවා නො දක්වයි. මෙරමා හෙළා නො දක්වයි. ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් අන්‍ය වූ ද උත්තරීතර වූ ද ප්‍රණීතතර වූ ද, යම් ධර්මයෝ වෙත් ද, ඒ ධර්මයන් ප්රත්යක්ෂ කිරීම පිණිස ඡන්දය උපදව යි. වෑයම් කරයි. නො පසුබට පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට නො ගත්තේ ද වෙයි. හෙතෙම ශීලසම්පත්තිය සම්පූර්ණ කෙරෙයි. හෙතෙම ඒ ශීලසම්පත්තියෙන් සතුටු වූයේ ද පරිපූර්ණ සඞ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙමේ ඒ ශීලසම්පත්තියෙන් තමන් හුවා නො දක්ව යි. මෙරමා හෙළා නො දක්ව යි. ශීලසම්පත්තියෙන් ද අන්‍ය වූ උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද යම් ධර්මයෝ වෙත් ද, ඒ ධර්මයන් ප්රත්යක්ෂ කිරීම පිණිස ඡන්දය උපදව යි. වෑයම් කරයි. නො පසුබට පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට නො ගත්තේ ද වෙයි. හෙතෙම සමාධිසම්පත්තිය සම්පූර්ණ කරයි. හෙතෙමේ ඒ සමාධිසම්පත්තියෙන් සතුටු වූයේ පරිපූර්ණ සඞ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියයෙන් තමන් හුවා නො දක්ව යි. මෙරමා හෙළා නො දක්ව යි. සමාධිසම්පත්තියයෙන් ද අන්‍ය වූ උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද යම් ධර්මයෝ වෙත් ද, ඒ ධර්මයන් ප්රත්යක්ෂ කිරීම පිණිස ඡන්දය උපදව යි. වෑයම් කරයි. නො පසුබස්නා පැවතුම් ඇත්තේ සස්න ලිහිල් කොට නො ගත්තේ ද වෙයි. හෙතෙම ඥානදර්ශනය (දිව්යචක්ෂුර් ඥානය) ලබයි. හෙතෙම ඥානදර්ශනයෙන් සතුටු වූයේ පරිපූර්ණ සඞ්කල්පනා ඇත්තේ වෙයි. හෙතෙම ඒ ඥානදර්ශනයෙන් ‘මම දත්තෙම් දක්නෙම් වාසය කරමි. මේ අන්‍ය භික්ෂූහු නො දන්නාහු නො දක්නාහු වෙසෙත්’ යි තමන් හුවා දක්ව යි. මෙරමා හෙළා දක්ව යි. ඥානදර්ශනයෙන් ද අන්‍ය වූ උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද යම් ධර්මයෝ වෙත් ද, ඒ ධර්මයන් ප්රත්යක්ෂ කිරීම පිණිස කත්තුකම්‍යතා ඡන්දය නූපදව යි. වෑයම් නො කෙරෙයි. පසු බස්නා පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට ගත්තේ ද වෙයි. බමුණ, හර ප්‍රයෝජන කොට ඇති හර සොයනසුලු හර සෙවීමෙහි හැසිරෙන්නා වූ ඒ පුරුෂ තෙමේ යම් සේ නො වැටී පවත්නා වූ හර ඇත්තා වූ මහ රුකෙක හරය ඉක්මවා ම හරය යි හඟිමින් එළය කපා ගෙන ගෙණ ගියේ ද, ඔහුට හරයෙන් කටයුතු යමක් වී නම් හරය පිළිබඳ ඒ අර්ත්ථය නො ලබන්නේ ය. බමුණ, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැ යි කියමි.
13. ඉධ පන බ්‍රාහ්මණ එකච්චො පුග්ගලො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති: ඔතිණ්ණොම්හි ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, දුක්ඛොතිණ්ණො දුක්ඛපරෙතො. අප්පෙවනාම ඉමස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායෙථාති. සො එවං පබ්බජිතො සමානො ලාභසක්කාරසිලොකං අභිනිබ්බත්තෙති. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තමනො හොති න පරිපුණ්ණසඞ්කප්පො. සො තෙන ලාභසක්කාරසිලොකෙන න අත්තානුක්කංසෙති න පරං වම්භෙති. ලාභසක්කාරසිලොකෙන ච යෙ අඤ්ඤෙ ධම්මා උත්තරිතරා ච පණීතතරා ච තෙසං ධම්මානං සච්ඡිකිරියාය ඡන්දං ජනෙති වායමති. අනොලීනවුත්තිකො ච හොති අසාථලිකො. සො සීලසම්පදං ආරාධෙති. සො තාය සීලසම්පදාය අත්තමනො හොති නො ච ඛො පරිපුණ්ණසඞ්කප්පො. සො තාය සීලසම්පදාය න අත්තානුක්කංසෙති න පරං වම්භෙති. සීලසම්පදාය ච යෙ අඤ්ඤෙ ධම්මා උත්තරිතරා ච පණීතතරා ච තෙසං ධම්මානං සච්ඡිකිරියාය ඡන්දං ජනෙති වායමති. අනොලීනවුත්තිකො ච හොති අසාථලිකො. සො සමාධිසම්පදං ආරාධෙති. සො තාය සමාධිසම්පදාය අත්තමනො හොති නො ච ඛො පරිපුණ්ණසඞ්කප්පො. සො තාය සමාධිසම්පදාය න අත්තානුක්කංසෙති න පරං වම්භෙති. සමාධිසම්පදාය ච යෙ අඤ්ඤෙ ධම්මා උත්තරිතරා ච පණීතතරා ච තෙසං ධම්මානං සච්ඡිකිරියාය ඡන්දං ජනෙති වායමති. අනොලීනවුත්තිකො ච හොති අසාථලිකො. සො ඤාණදස්සනං ආරාධෙති. සො තෙන ඤාණදස්සනෙන අත්තමනො හොති නො ච ඛො පරිපුණ්ණසඞ්කප්පො. සො තෙන ඤාණදස්සනෙන න අත්තානුක්කංසෙති න පරං වම්භෙති. ඤාණදස්සනෙන ච යෙ අඤ්ඤෙ ධම්මා උත්තරිතරා ච පණීතතරා ච තෙසං ධම්මානං සච්ඡිකිරියාය ඡන්දං ජනෙති වායමති. අනොලීනවුත්තිකො ච හොති අසාථලිකො.
13. බමුණ, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ‘ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙම් දුකට බටුයෙම් දුකින් පෙළුනෙම් වෙමි. මෙ හුදු දුක් රැස කෙළවර කිරීම පෙණේ නම්, ඉතා යෙහෙකැ’යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. මෙසේ හෙතෙම පැවිදි වූයේ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවන් උපදවයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් සතුටු නො වූයේ පරිපූර්ණ සඞ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් තමන් හුවා නො දක්වයි. මෙරමා හෙළා නො දක්වයි. ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් ද අන්‍ය වූ උත්තරීතර වූ ද ප්‍රණීතතර වූ ද, යම් ධර්මයෝ වෙත් ද, ඒ ධර්මයන් ප්රත්යක්ෂ කිරීම පිණිස කත්තුකම්‍යතා ඡන්දය උපදව යි. වෑයම් කරයි. නො පසුබස්නා පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට නො ගත්තේ ද වෙයි. හෙතෙම ශීලසම්පත්තිය සම්පූර්ණ කෙරෙයි. හෙතෙම ඒ ශීලසම්පත්තියෙන් සතුටු වූයේ ද පරිපූර්ණ සඞ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙමේ ඒ ශීලසම්පත්තියෙන් තමන් හුවා නො දක්ව යි. පරා හෙළා නො දක්ව යි. ශීලසම්පත්තියෙන් ද අන්‍ය වූ උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද යම් ධර්මයෝ වෙත් නම්, ඒ ධර්මය ප්රත්යක්ෂ කිරීම පිණිස කත්තුකම්‍යතා ඡන්දය උපදව යි. වෑයම් කරයි. නො පසුබට පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට නො ගත්තේ ද වෙයි. හෙතෙම සමාධිසම්පත්තිය සම්පූර්ණ කරයි. හෙතෙමේ ඒ සමාධිසම්පත්තියෙන් සතුටු වූයේ ද පරිපූර්ණ සඞ්කල්පනා ඇත්තේ ද නො වෙයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියයෙන් තමන් හුවා නො දක්ව යි. මෙරමා හෙළා නො දක්ව යි. සමාධිසම්පත්තියයෙන් ද අන්‍ය වූ උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද යම් ධර්මයෝ වෙත් නම්, ඒ ධර්මයන් ප්රත්යක්ෂ කිරීම පිණිස කත්තුකම්‍යතා ඡන්දය උපදව යි. වෑයම් කෙරෙයි. නො පසුබස්නා පැවතුම් ඇත්තේ සස්න ලිහිල් කොට නො ගත්තේ ද වෙයි. හෙතෙම ඥානදර්ශනය ලබයි. හෙතෙම ඒ ඥානදර්ශනයෙන් සතුටු වූයේ පරිපූර්ණ සඞ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ඥානදර්ශනයෙන් තමන් හුවා නො දක්ව යි. මෙරමා හෙළා නො දක්ව යි. ඥානදර්ශනයෙන් ද අන්‍ය වූ උත්තරීතර වූ ද ප්‍රණීතතර වූ ද යම් ධර්මයෝ වෙත් ද, ඒ ධර්මයන් ප්රත්යක්ෂ කිරීම පිණිස කත්තුකම්‍යතා ඡන්දය උපදව යි. වෑයම් කෙරෙයි. නො පසුබස්නා පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට නො ගත්තේ ද වෙයි.
14. කතමෙ ච බ්‍රාහ්මණ ධම්මා ඤාණදස්සනෙන උත්තරිතරා ච පණීතතරා ච?
14. බමුණ, ඥානදර්ශනයට වඩා උත්තරීතර වූ ද ප්‍රණීතතර වූ ද ධර්මයෝ කවරහු ද?
ඉධ බ්‍රාහ්මණ භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. අයම්පි ඛො බ්‍රාහ්මණ ධම්මො ඤාණදස්සනෙන උත්තරිතරො ච පණීතතරො ච.
බමුණ, මේ ශාසනයෙහි මහණ තෙමේ කාමයන්ගෙන් වෙන්ව ම අකුශලයන්ගෙන් වෙන්ව ම විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථමධ්‍යානය උපදවා වාසය කෙරෙ යි. බමුණ, මේ ද ඥානදර්ශනයට වඩා (නිරෝධපාදක බැවින) උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද ධර්මයෙකි.
15. පුන චපරං බ්‍රාහ්මණ භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. අයම්පි ඛො බ්‍රාහ්මණ ධම්මො ඤාණදස්සනෙන උත්තරිතරො ච පණීතතරො ච.
15. බමුණ, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ විතර්ක විචාරයන්ගේ සන්සිඳීමෙන් අධ්‍යාත්මයෙහි උපන් පැහැදීමෙන් යුත් සිතේ ඒකෝදිසඞ්ඛ්යාත සමාධිය වඩන විතක්ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කෙරෙ යි. බමුණ, මේද ඥානදර්ශනයට වඩා උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද ධර්මයෙකි.
16. පුන චපරං බ්‍රාහ්මණ භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො. සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති. යන්තං අරියා ආචික්ඛන්ති: ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති තතියං ඣානං උපසම්පජ්ජ විහරති. අයම්පි ඛො බ්‍රාහ්මණ ධම්මො ඤාණදස්සනෙන උත්තරිතරො ච පණීතතරො ච.
16. බමුණ, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ ප්‍රීතියගේ ද විරාගයෙන් උපේක්ෂකව සිහි ඇත්තේ සම්‍යක් ප්‍රඥා ඇත්තේ වෙසෙයි. සැපය ද කයින් විඳියි. යම් ඒ ධ්‍යානයක් හේතු කොට ගෙන එ පුද්ගලයා ‘උපේක්ෂා ඇත්තේ ය සිහි ඇත්තේ ය. සැපවිහරණ ඇත්තේ’ යයි ආර්‍ය්‍යයෝ කියද්ද, ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාසය කෙරෙ යි. බමුණ, මෙ ද ඥානදර්ශනයට වඩා උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද ධර්මයෙකි.
17. පුන චපරං බ්‍රාහ්මණ භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයම්පි ඛො බ්‍රාහ්මණ ධම්මො ඤාණදස්සනෙන උත්තරිතරො ච පණීතතරො ච.
17. බමුණ, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් පෙරම සොම්නස් දොම්නස්හුගේ නැසීමෙන් නිදුක් වූ නො සැප වූ උපෙක්ෂකවෙන් කළ ස්මෘති පාරිශුද්ධිය ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වාසය කෙරෙ යි. බමුණ, මෙ ද ඥානදර්ශනයට වඩා උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද ධර්මයෙකි.
18. පුන චපරං බ්‍රාහ්මණ භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයම්පි ඛො බ්‍රාහ්මණ ධම්මො ඤාණදස්සනෙන උත්තරිතරො ච පණීතතරො ච.
18. බමුණ, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ සර්වප්රකාරයෙන් රූපසංඥාවන් නැසීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ ප්‍රහාණයෙන් නානාත්වසංඥාවන් මෙනෙහි නො කිරීමෙන් ‘ආකාසය අනන්ත ය’යි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කෙරෙ යි. බමුණ, මෙ ද ඥානදර්ශනයට වඩා උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද ධර්මයෙකි.
19. පුන චපරං බ්‍රාහ්මණ භික්ඛු සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණ’න්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයම්පි ඛො බ්‍රාහ්මණ ධම්මො ඤාණදස්සනෙන උත්තරිතරො ච පණීතතරො ච.
19. බමුණ, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඤ්ඤාණය අනන්තය’යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි. බමුණ, මෙ ද ඥානදර්ශනයට වඩා උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද ධර්මයෙකි.
20. පුන චපරං බ්‍රාහ්මණ භික්ඛු සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයම්පි ඛො බ්‍රාහ්මණ ධම්මො ඤාණදස්සනෙන උත්තරිතරො ච පණීතතරො ච.
20. බමුණ, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ‘කිසිවක් නැතැ’යි ආකිඤ්චඤ්චායතනයට පැමිණ වාසය කරයි. බමුණ, මෙ ද ඥානදර්ශනයට වඩා උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද ධර්මයෙකි.
21. පුන චපරං බ්‍රාහ්මණ භික්ඛු සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයම්පි ඛො බ්‍රාහ්මණ ධම්මො ඤාණදස්සනෙන උත්තරිතරො ච පණීතතරො ච.
21. බමුණ, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්චායතනයඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. බමුණ, මෙ ද ඥානදර්ශනයට වඩා උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද ධර්මයෙකි.
22. පුන චපරං බ්‍රාහ්මණ භික්ඛු සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති. පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. අයම්පි ඛො බ්‍රාහ්මණ ධම්මො ඤාණදස්සනෙන උත්තරිතරො ච පණීතතරො ච.
22. බමුණ, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ සර්වප්රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වාසය කරයි. ප්‍රඥාවෙන් දැකීම් හේතුවෙන් ඔහුගේ ආශ්‍රවයෝ ක්ෂය වූ වාහු වෙත්. බමුණ, මෙ ද ඥානදර්ශනයට වඩා උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද ධර්මයෙකි.
ඉමෙ ඛො බ්‍රාහ්මණ ධම්මා ඤාණදස්සනෙන උත්තරිතරා ච පණීතතරා ච.
බමුණ, මේ ධර්මයෝ ඥානදර්ශනයට වඩා උත්තරීතර වූ ද, ප්‍රණීතතර ද වෙත්.
සෙය්යථාපි සො බ්‍රාහ්මණ පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො සාරඤ්ඤෙව ඡෙත්වා ආදාය පක්කන්තො සාරන්ති ජානමානො, යඤ්චස්ස සාරෙන සාරකරණීයං තඤ්චස්ස අත්ථං අනුභවිස්සති. තථූපමාහං බ්‍රාහ්මණ ඉමං පුග්ගලං වදාමි.
බමුණ, යම් සේ හර ප්‍රයෝජන කොට ඇති හර සෙවීමෙහි හැසිරෙන්නා වූ ඒ පුරුෂ තෙමේ යම් සේ නො වැටී පවත්නා වූ හර ඇති මහරුකෙක හර යයි දනිමින් හරයම කපා ගෙන ගෙණ ගියේ ද, ඔහුට හරයෙන් කට යුතු යමක් වී නම් හරය පිළිබඳ ඒ ප්‍රයෝජනය ද ලබන්නේය. බමුණ, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැ යි කියමි.
23. ඉති ඛො බ්‍රාහ්මණ නයිදං බ්රහ්මචරියං ලාභසක්කාරසිලොකානිසංසං, න සීලසම්පදානිසංසං, න සමාධිසම්පදානිසංසං, න ඤාණදස්සනානිසංසං. යා ච ඛො අයං බ්‍රාහ්මණ අකුප්පා චෙතොවිමුත්ති, එතදත්ථමිදං බ්‍රාහ්මණ බ්රහ්මචරියං, එතං සාරං, එතං පරියොසානන්ති.
23. බමුණ, මෙසේ වනාහි මේ බඹසර ලාභසත්කාර කීර්තිප්‍රශංසා අනුසස් කොට ඇත්තේ නො වේ. ශීලසම්පත්තිය අනුසස් කොට ඇත්තේ නොවේ. සමාධිසම්පත්තිය අනුසස් කොට ඇත්තේ නොවේ. ඥානදර්ශනය අනුසස් කොට ඇත්තේ නොවේ. බමුණ, යම් මේ අකෝප්‍ය වූ චිත්තවිමුක්තියෙක් වේ ද, බමුණ මේ බඹසර එය ප්‍රයෝජනය කොට සිටියේ ය. ඒ සාරයයි. ඒ කෙළවර යි.
24. එවං වුත්තෙ පිඞ්ගලකොච්ඡො බ්රාහ්මණො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම සෙය්යථාපි භො ගොතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය: චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීති. එවමෙවං භොතා ගොතමෙන අනෙක පරියායෙන ධම්මං පකාසිතො. එසාහං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛු සඞ්ඝඤ්ච. උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
24. මෙසේ වදාළ කල්හි පිඞ්ගලකොච්ඡ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනව. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනව. භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේ ද, වැසූ දෙයක් විවෘත කරන්නේ ද, මං මුළා වූවකුට මග කියන්නේ හෝ වේ ද, ඇස් ඇත්තෝ රූප දක්නාහුය යි අන්ධකාරයෙහි තෙල් පහනක් දල්වන්නේ ද, එපරිදිදෙන් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ලෙසින් ධර්මය දේශනා කරන ලද්දේය. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ ද ධර්මය ද භික්ෂූ සංඝයා ද සරණ කොට යෙමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණ ගිය උපාසකයෙකු කොට දරණ සේක් වා.
චූළසාරොපමසුත්තං දසමං.
චූළසාරෝපම සූත්‍රය දසවැනි යි.
ඔපම්මවග්ගො තතියො.
තුන්වැනි ඔපමම වර්ගය යි.
තස්ස වග්ගස්ස උද්දානං:
ඒ වර්ගයාගේ උද්දානය:
මොලියඵග්ගුනරිට්ඨ ච නාමො අන්ධවනෙ කථිපුණ්ණනිවාපා රාසි කණෙරු මහාගජනාමා සාරුපමො පුන පිඞ්ගලකොච්ඡො, එස වරො ඨපිතො අසමොයං චාරුතරො තතියො වරවග්ගොති.
මොලියඵග්ගුණය අරිට්ඨය යි භික්ෂු නාමයෙන් කී කකචූපම - අගලද්දූපම දෙසූත්ර ය, ‘අන්ධවන’යි ස්ථාන නිර්දිෂ්ට වම්මික සූත්‍රය, දසකථා ඇති පුණු සවු නමින් කී රථවිනීථ සුත්‍රය, නිවාප සූත්‍රය, ‘රාසි’ යී නාමෛකදෙශග්රහණයෙන් කී පාසරාසි හෙවත් අරියපරියෙසන සූත්‍රය, කණෙරු - මහාගජ නාමයෙන් කී චූළහත්ථිපදොපම - මහාහත්ථිපදොපම දෙ සූත්‍රය, මහාසාරොපම සූත්‍රය, යලි පිඞ්ගලකොච්ඡ නම් දුන් චූළසාරොපම සූත්‍රය යි - මෙතෙකින් තැබූ මේ උතුම් තෙවන වග අසමය. අතිශයින් මනොඥ ය.