සත්තවිසුද්ධිපඤ්හවණ්ණනා අට්ඨකථා
සත්තවිසුද්ධිපඤ්හවණ්ණනා
සත්තවිසුද්ධිපඤ්හවණ්ණනා
අභිණ්හං කිත්තයමානො අහොසීති පුනප්පුනං වණ්ණං කිත්තයමානො විහාසි. ථෙරො කිර තතො පට්ඨාය දිවසෙ දිවසෙ සඞ්ඝමජ්ඣෙ “පුණ්ණො කිර නාම මන්තාණිපුත්තො චතූහි පරිසාහි සද්ධිං අසංසට්ඨො, සො දසබලස්ස දස්සනත්ථාය ආගමිස්සති; කච්චි නු ඛො මං අදිස්වාව ගමිස්සතී”ති ථෙරනවමජ්ඣිමානං සතිකරණත්ථං ආයස්මතො පුණ්ණස්ස ගුණං භාසති. එවං කිරස්ස අහොසි – “මහල්ලකභික්ඛූ නාම න සබ්බකාලං අන්තොවිහාරෙ හොන්ති; ගුණකථාය පනස්ස කථිතාය යො ච නං භික්ඛුං පස්සිස්සති; සො ආගන්ත්වා ආරොචෙස්සතී”ති. අථායං ථෙරස්සෙව සද්ධිවිහාරිකො තං ආයස්මන්තං මන්තාණිපුත්තං පත්තචීවරමාදාය ගන්ධකුටිං පවිසන්තං අද්දස. කථං පන නං එස අඤ්ඤාසීති? පුණ්ණ, පුණ්ණාති වත්වා කථෙන්තස්ස භගවතො ධම්මකථාය අඤ්ඤාසි – “අයං සො ථෙරො, යස්ස මෙ උපජ්ඣායො අභිණ්හං කිත්තයමානො හොතී”ති. ඉති සො ආගන්ත්වා ථෙරස්ස ආරොචෙසි.
අභිණ්හං කිත්තයමා නො අහොසි යනු නැවත නැවත ගුණ සිහි කරමින් වර්ණනා කරමින් වාසය කළේය. ස්ථවිරයන් වහන්සේ වනාහි එතැන් පටන් දිනපතා සංඝයා මැද මන්තානිපුත්ත නම් වූ පුණ්ණ ස්ථවිරයන් වහන්සේ සිව් පිරිස සමග එකතුවීමක් පයිරුපාසනයක් නැත්තේය. හෙතෙම දශබලධාරීන් වහන්සේ දැකීමට එන්නේය. කෙසේ නමුත් මා නො දැකම යන්නේ යයි, ස්ථවිර, නවක මධ්‍යම භික්ෂූන්ට සිහිකිරීම පිණිස ආයුෂ්මත් පුණ්ණ තෙරුන්ගේ ගුණ වර්ණනා කරයි. මෙසේ සිතුණේල. මහළු භික්ෂූන් නම් හැමකල්හිම ඇතුළු විහාරයේ නො සිටිති. (එහෙත්) ගුණකථාව කරන කල්හී, යම්කිසි කෙනෙක් ඔහු දකීද? හෙතෙම අවුත් මට කියාවා, ඉක්බිති තෙරුන්ගේම සද්ධිවිහාරික තෙම ඒ ආයුෂ්මතුන් පාසිවුරු ගෙන ගඳකිළියට ඇතුල්වෙනු දුටුවේය. කෙසේනම් ඔහු එය දැනගත්තේද? පුණ්ණ පුණ්ණ යයි කියන්නා වූ භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම කථාවෙන් දැනගත්තේ ය. මාගේ උපාධ්‍යායන් වහන්සේ යම් කෙනෙකුගේ ගුණ නිතර නිතර කියන්නේ ද මේ ඒ ස්ථවිරයෝය. මෙසේ ඔහු පැමිණ තෙරුන්ට දැන්වීය.
නිසීදනං ආදායාති නිසීදනං නාම සදසං වුච්චති අවායිමං. ථෙරො පන චම්මඛණ්ඩං ගහෙත්වා අගමාසි. පිට්ඨිතො පිට්ඨිතොති පච්ඡතො පච්ඡතො. සීසානුලොකීති යො උන්නතට්ඨානෙ පිට්ඨිං පස්සන්තො නින්නට්ඨානෙ සීසං පස්සන්තො ගච්ඡති, අයම්පි සීසානුලොකීති වුච්චති. තාදිසො හුත්වා අනුබන්ධි. ථෙරො හි කිඤ්චාපි සංයතපදසද්දතාය අච්චාසන්නො හුත්වා ගච්ඡන්තොපි පදසද්දෙන න බාධති, “නායං සම්මොදනකාලො”ති ඤත්වා පන න අච්චාසන්නො, අන්ධවනං නාම මහන්තං, එකස්මිං ඨානෙ නිලීනං අපස්සන්තෙන, ආවුසො පුණ්ණ, පුණ්ණාති අඵාසුකසද්දො කාතබ්බො හොතීති නිසින්නට්ඨානජානනත්ථං නාතිදූරෙ හුත්වා සීසානුලොකී අගමාසි. දිවාවිහාරං නිසීදීති දිවාවිහාරත්ථාය නිසීදි.
නිසීදනං ආදායා යනු නිසීදනය නම් දාවලු සහිත චීවරයයි. ස්ථවිරයන් වහන්සේ වනාහී සම්කඩ ගෙන ගියේය. පිට්ඨිතො පිට්ඨිතො පිටිපසින් පිටිපසින් සීසානු ලොකීති යමෙක් උස්තැනෙක්හි දී පිට දකින්නේ ද, මිටි තැනකදී හිස දකින්නේ ද එසේ යන්නේ ද එය සීසානුලෝකයයි කියනු ලැබේ. ඒ අනුව ලුහුබැන්දේය. තෙරුන් වහන්සේද සංවර වූ පා ශබ්දය ඇති බැවින් ඉතා ආසන්නවට ගියේ නමුත් පා ශබ්දයෙන් බාධාවක් නො වීය. එහෙත් මේ කථා කිරීමට සුදුසු කාලය නොවේයි දැන ඉතා සමීප නො වූයේය. අන්ධවනය ඉතා විශාලය. එක් තැනක රුක්ගොමු ආදියට වැසී සැඟවී යාමෙන් නො දක්නේ ‘ඇවැත්නි, පුණ්ණ’යයි අපහසු ශබ්දයක් කළයුතු වේයැ’යි හුන් තැන දැනගැනීම සඳහා ඉතා නුදුරු තැනක සිසානුලෝකීව ගියේය. දිවා විහාරං නිසීදති යනු දිවා විහරණය සඳහා හුන්නේය.
තත්ථ ආයස්මාපි පුණ්ණො උදිච්චබ්රාහ්මණජච්චො, සාරිපුත්තත්ථෙරොපි. පුණ්ණත්ථෙරොපි සුවණ්ණවණ්ණො, සාරිපුත්තත්ථෙරොපි. පුණ්ණත්ථෙරොපි අරහත්තඵලසමාපත්තිසමාපන්නො, සාරිපුත්තත්ථෙරොපි. පුණ්ණත්ථෙරොපි කප්පසතසහස්සං අභිනීහාරසම්පන්නො, සාරිපුත්තත්ථෙරොපි කප්පසතසහස්සාධිකං එකමසඞ්ඛ්යෙය්යං. පුණ්ණත්ථෙරොපි පටිසම්භිදාපත්තො මහාඛීණාසවො, සාරිපුත්තත්ථෙරොපි. ඉති එකං කනකගුහං පවිට්ඨා ද්වෙ සීහා විය, එකං විජම්භනභූමිං ඔතිණ්ණා ද්වෙ බ්යග්ඝා විය, එකං සුපුප්ඵිතසාලවනං පවිට්ඨා ද්වෙ ඡද්දන්තනාගරාජානො විය, එකං සිම්බලිවනං පවිට්ඨා ද්වෙ සුපණ්ණරාජානො විය, එකං නරවාහනයානං අභිරුළ්හා ද්වෙ වෙස්සවණා විය, එකං පණ්ඩුකම්බලසිලං අභිනිසින්නා ද්වෙ සක්කා විය, එකවිමානබ්භන්තරගතා ද්වෙ හාරිතමහාබ්රහ්මානො විය ච තෙ ද්වෙපි බ්රාහ්මණජච්චා ද්වෙපි සුවණ්ණවණ්ණා ද්වෙපි සමාපත්තිලාභිනො ද්වෙපි අභිනීහාරසම්පන්නා ද්වෙපි පටිසම්භිදාපත්තා මහාඛීණාසවා එකං වනසණ්ඩං අනුපවිට්ඨා තං වනට්ඨානං සොභයිංසු.
එහි දී ආයුෂ්මත් පුණ්ණ ස්ථවිරයෝ ද සැරියුත් තෙරණුවෝ ද, උසස් වූ බ්‍රාහ්මණ වංශිකයෝ වූහ. පුණ්ණ තෙරුන් ද සැරියුත් තෙරුන් ද, රන්වන් වූහ. පුණ්ණ තෙරුන් ද සැරියුත් තෙරුන් ද අර්හත්ඵල සමාපත්තියට සමවැදුණෝ වූහ. පුණ්ණ තෙරුන් කල්ප ලක්ෂයක් සම්පූර්ණ කරන ලද (අභිනීහාර) පාරමී දහම් ඇත්තේය. සැරියුත් තෙරුන් කල්ප ලක්ෂයක් අධික කොට ඇති ඒකාසංඛ්යයක් පිරූ පාරමීදම් ඇත්තේය. එක රන් ගුහාවකට පැමිණි සිංහයන් දෙදෙනෙකු සේ ද, එක් ඇඟ කිළිපොළන භූමියකට බැසගත් ව්‍යාඝ්‍රයන් දෙදෙනෙකු සේ ද, මල් පිපුණු එක සල් වනයකට පිවිසි ඡද්දන්ත කුලයේ ඇත් රජුන් දෙදෙනෙකු මෙන් ද, එක් සිම්බලී හිඹුල් වනයකට පිවිසි ගුරුළු රජුන් දෙදෙනෙකු මෙන් ද, එකම මිනිස් ස්ථානයකට පැමිණි වෛශ්‍රවණයන් දෙදෙනෙකු මෙන් ද, එකම විමානයකට ඇතුල් වූ භාරිත මහා බ්‍රහ්මයන් දෙදෙනෙකු මෙන් ද, දෙදෙනම බ්‍රාහ්මණ ජාති ඇති, දෙදෙනම රන්වන් වූ දෙදෙනම සමාපත්තිලාභී වූ, දෙදෙන පාරමී පිරුවා වූ දෙදෙනම පටිසම්භිදා පත් වූ, මහා ක්ෂීණාශ්රවයෝ එක වනලැහැබකට පැමිණ ඒ වනලැහැබ ශෝභා සම්පන්න කළාහු වෙති.
භගවති නො, ආවුසො, බ්රහ්මචරියං වුස්සතීති, ආවුසො, කිං අම්හාකං භගවතො සන්තිකෙ ආයස්මතා බ්රහ්මචරියං වුස්සතීති? ඉදං ආයස්මා සාරිපුත්තො තස්ස භගවති බ්රහ්මචරියවාසං ජානන්තොපි කථාසමුට්ඨාපනත්ථං පුච්ඡි. පුරිමකථාය හි අප්පතිට්ඨිතාය පච්ඡිමකථා න ජායති, තස්මා එවං පුච්ඡි. ථෙරො අනුජානන්තො “එවමාවුසො”ති ආහ. අථස්ස පඤ්හවිස්සජ්ජනං සොතුකාමො ආයස්මා සාරිපුත්තො “කිං නු ඛො ආවුසො සීලවිසුද්ධත්ථං භගවති බ්රහ්මචරියං වුස්සතී”ති පටිපාටියා සත්ත විසුද්ධියො පුච්ඡි. තාසං විත්ථාරකථා විසුද්ධිමග්ගෙ වුත්තා. ආයස්මා පන පුණ්ණො යස්මා චතුපාරිසුද්ධිසීලාදීසු ඨිතස්සාපි බ්රහ්මචරියවාසො මත්ථකං න පාපුණාති, තස්මා, “නො හිදං, ආවුසො”ති සබ්බං පටික්ඛිපි.
භගවති නො ආවුසො බ්රහ්මචරියං වුස්සතී යනු ඇවැත්නි, අපගේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි ආයුෂ්මතුන් වහන්සේ බඹසර විසූයේද? මෙය ආයුෂ්මත් සැරියුත් තෙරුන්වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි ඔහුගේ බඹසර විසීම දන්නා නමුත් කථාවක් ආරම්භ කිරීම සඳහා විචාළේය. පළමුව කථා නොකොට පසුව කථාවක් නූපදීද, එහෙයින් මෙසේ විචාළේය. තෙරුන්වහන්සේ පිළිතුරු දෙන්නේ ආයුෂ්මතුනි, එසේයයි කීය. ඉක්බිතිව ප්‍රශ්න විසඳීම් අසනු කැමතිව, ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේ කින්නු ඛො ආවුසො සීල විසුදත්ථං භගවති බ්රහ්මචරියං වුස්සතී පිළිවෙළින් සප්ත විසුද්ධීන් විචාළේය. ඒ පිළිබඳ විසිතුරු කථාව විශුද්ධි මාර්ගයේ කියන ලදී. ආයුෂ්මත් පුණ්ණ ස්ථවිරයෝ, යම්හෙයකින් සිව් පිරිසිදු සිල්හි පිහිටියේ වුවත්, බ්‍රහ්මචරිය වාසය සම්පූර්ණත්වයට නො පැමිණියේය. එහෙයින් නො හිදං ආවුසො යනුවෙන් සියල්ල ප්‍රතික්ෂේප කළේය.
කිමත්ථං චරහාවුසොති යදි සීලවිසුද්ධිආදීනං අත්ථාය බ්රහ්මචරියං න වුස්සති, අථ කිමත්ථං වුස්සතීති පුච්ඡි. අනුපාදාපරිනිබ්බානත්ථං ඛො, ආවුසොති එත්ථ අනුපාදාපරිනිබ්බානං නාම අප්පච්චයපරිනිබ්බානං. ද්වෙධා උපාදානානි ගහණූපාදානඤ්ච පච්චයූපාදානඤ්ච. ගහණූපාදානං නාම කාමුපාදානාදිකං චතුබ්බිධං, පච්චයූපාදානං නාම අවිජ්ජාපච්චයා සඞ්ඛාරාති එවං වුත්තපච්චයා. තත්ථ ගහණූපාදානවාදිනො ආචරියා අනුපාදාපරිනිබ්බානන්ති චතූසු උපාදානෙසු අඤ්ඤතරෙනාපි කඤ්චි ධම්මං අග්ගහෙත්වා පවත්තං අරහත්තඵලං අනුපාදාපරිනිබ්බානන්ති කථෙන්ති. තඤ්හි න ච උපාදානසම්පයුත්තං හුත්වා කඤ්චි ධම්මං උපාදියති, කිලෙසානඤ්ච පරිනිබ්බුතන්තෙ ජාතත්තා පරිනිබ්බානන්ති වුච්චති. පච්චයූපාදානවාදිනො පන අනුපාදාපරිනිබ්බානන්ති අප්පච්චයපරිනිබ්බානං. පච්චයවසෙන අනුප්පන්නං අසඞ්ඛතං අමතධාතුමෙව අනුපාදාපරිනිබ්බානන්ති කථෙන්ති. අයං අන්තො, අයං කොටි, අයං නිට්ඨා. අප්පච්චයපරිනිබ්බානං පත්තස්ස හි බ්රහ්මචරියවාසො මත්ථකං පත්තො නාම හොති, තස්මා ථෙරො “අනුපාදාපරිනිබ්බානත්ථ”න්ති ආහ. අථ නං අනුයුඤ්ජන්තො ආයස්මා සාරිපුත්තො “කිං නු ඛො, ආවුසො, සීලවිසුද්ධි අනුපාදාපරිනිබ්බාන”න්ති පුන පුච්ඡං ආරභි.
කිමත්ථ චර ආවුසො යනු ඉදින් ශීල විශුද්ධි ආදීන් සඳහා බ්‍රහ්ම චරියාවෙහි නො වෙසේද? එසේ නම් කුමක් සඳහා වෙසේදැයි විචාළේය. අනුපාදා පරිනිබ්බාණත්ථං ඛො ආවුසො යනු මෙහි අනුපාදා පරිනිබ්බාණය නම් අප්රත්ය පරිනිබ්බාණයයි. උපාදානයෝ දෙදෙනෙක්ම වෙති. ග්රහණොපාදානය, (දැඩි සේ ගැනීම) හා ප්රත්යයොපාදානය (ප්‍රත්‍ය දැඩිව ගැනීම) යනු එම දෙකයි. ග්රහණොපාදානය - කාම උපාදාන ආදී වශයෙන් සතරවැදෑරුම් වේ. (කාම-දිට්ඨි-සීලබ්බත-අත්තවාද) ප්රත්යයොපාදානය නම් අවිජ්ජා පච්චයා සංඛ්‍යාත (අවිද්‍යාව හේතුවෙන් සංස්කාරයෝ හටගනී) ආදී වශයෙන් දැක්වූ ප්‍රත්‍යයෝයි. එහි ග්රහණොපාදානය කියන ආචාර්යවරයෝ අනුපාදාන පරිනිබ්බානන්ති සතර උපාදානයන්ගෙන් එක්තරා එකකිනුදු කිසි ධර්මයක් නොගෙන පවත්නා වූ අර්හත් ඵලය අනුපාද පරිනිර්වාණයයි කියත්. එය වනාහි උපාදානයන් හා සම්ප්රයුක්තවද කිසි ධර්මයක් දැඩිකොට නො ගනී. ක්ලේශයන්ගේ පිරිනිවීම අවසානයේ උපන් බැවින් පරිනිබ්බාණ යනු වේ. ප්රත්යයොපදානය ප්‍රකාශ කරන් ඇදුරො අනුපාදා පරිනිබ්බාණය යනු ප්‍රත්‍ය රහිත පරිනිර්වාණය වූ ප්‍රත්‍ය වශයෙන් නූපන් අසංඛත වූ අමෘත ධාතුවම ‘අනුපාදා පරිනිබ්බානය’ යයි කියත්. මෙය අන්තයයි. මෙය කෙළවරයි. යම්හෙයකින් අප්රත්ය පරිනිර්වාණයට පැමිණියහුගේ බඹසර විසීම මුදුන් පැමිණියා නම් වේ. එහෙයින් ස්ථවිරයෝ අනුපාදා පරිනිබ්බානත්ථං ආදිය කීයේය. ඉක්බිති ඔහු වෙනත් පැනයකට යොමු කරන්නා වූ ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේ කින්නු ඛො ආවුසො සීල විසුද්ධි අනුපුබ්බානන්ති ආදී වශයෙන් නැවත සාකච්ඡාව ආරම්භ කළහ.
ථෙරොපි සබ්බපරිවත්තෙසු තථෙව පටික්ඛිපිත්වා පරියොසානෙ දොසං දස්සෙන්තො සීලවිසුද්ධිං චෙ, ආවුසොතිආදිමාහ. තත්ථ පඤ්ඤපෙය්යාති යදි පඤ්ඤපෙය්‍ය. සඋපාදානංයෙව සමානං අනුපාදාපරිනිබ්බානං පඤ්ඤපෙය්යාති සඞ්ගහණධම්මමෙව නිග්ගහණධම්මං සප්පච්චයධම්මමෙව අප්පච්චයධම්මං සඞ්ඛතධම්මමෙව අසඞ්ඛතධම්මන්ති පඤ්ඤපෙය්යාති අත්ථො. ඤාණදස්සනවිසුද්ධියං පන සප්පච්චයධම්මමෙව අප්පච්චයධම්මං සඞ්ඛතධම්මමෙව අසඞ්ඛතධම්මන්ති පඤ්ඤපෙය්යාති අයමෙව අත්ථො ගහෙතබ්බො. පුථුජ්ජනො හි, ආවුසොති එත්ථ වට්ටානුගතො ලොකියබාලපුථුජ්ජනො දට්ඨබ්බො. සො හි චතුපාරිසුද්ධිසීලමත්තස්සාපි අභාවතො සබ්බසො අඤ්ඤත්ර ඉමෙහි ධම්මෙහි.
ස්ථවිර තෙමේ ද සියලු පරිවර්තනයන්හි එසේම ප්‍රතික්ෂේප කොට අවසානයෙහි දොස් දක්වන්නාහු, සීල විසුද්ධිඤ්චෙ ආවුසො යනාදිය කීහ. එහි පඤ්ඤා පෙස්ස ඉදින් පනවන්නේ නම්, ස උපාදානං යෙව සමානං අනුපාදා පරිනිබ්බානං, පඤ්ඤාපෙස්ස ග්‍රහණ සහිත වූ ධර්මයෙක් ද, ග්‍රහණ රහිත වූ ධර්මයෙක ද ප්‍රත්‍ය සහිත වූ ධර්මයක් ද අප්රත්ය වූ ධර්මයක් ද, සංඛත ධර්මයක් ද අසංඛත ධර්මයක් ද පනවන්නේ ය යන අර්ථය ගතයුතුයි. පුථුජ්ජනො හාවුසො යනු මෙහි සංසාරගත වූ බාල ලෞකික පෘථග්ජනයෝම දතයුතුයි. හෙතෙමේ සිව්පිරිසිදු සිල් පමණකුදු නැති හෙයින් සියලු අන්දමින්ම මේ ධර්මයන්ගෙන් වෙන්වුයේ වෙයි.
තෙන හීති යෙන කාරණෙන එකච්චෙ පණ්ඩිතා උපමාය අත්ථං ජානන්ති, තෙන කාරණෙන උපමං තෙ කරිස්සාමීති අත්ථො.
තෙන හි යම් කාරණයකින් ඇතැම් පණ්ඩිතයෝ උපමාවෙන් අර්ථය දැන ගනිත් ද, ඒ කාරණයෙන් උපමා තෙ කරිස්සාමි උපමාවක් කියන්නෙම් යන අර්ථයි.
සත්තරථවිනීතවණ්ණනා
සත්තරථවිනීතවණ්ණනා
සත්ත රථවිනීතානීති විනීතඅස්සාජානියයුත්තෙ සත්ත රථෙ. යාවදෙව, චිත්තවිසුද්ධත්ථාති, ආවුසො, අයං සීලවිසුද්ධි නාම, යාවදෙව, චිත්තවිසුද්ධත්ථා. චිත්තවිසුද්ධත්ථාති නිස්සක්කවචනමෙතං. අයං පනෙත්ථ අත්ථො, යාවදෙව, චිත්තවිසුද්ධිසඞ්ඛාතා අත්ථා, තාව අයං සීලවිසුද්ධි නාම ඉච්ඡිතබ්බා. යා පන අයං චිත්තවිසුද්ධි, එසා සීලවිසුද්ධියා අත්ථො, අයං කොටි, ඉදං පරියොසානං, චිත්තවිසුද්ධියං ඨිතස්ස හි සීලවිසුද්ධිකිච්චං කතං නාම හොතීති. එස නයො සබ්බපදෙසු.
සත්ත රථ විනීතානි යනු හික්මුණු අසුන් යෙදූ රථ සතකි. යාවදෙව චිත්ත විසුද්ධත්තා යනු ඇවැත්නි, මේ සීල විශුද්ධිය නම් යම්තාක් චිත්ත විශුද්ධි සංඛ්‍යාත වේ යනු අර්ථයි. චිත්ත විසුද්ධත්ථා යනු අවධි වචනයි. මෙය වනාහි මෙහි අර්ථයයි. යම්තාක් චිත්ත විසුද්ධි සංඛ්‍යාත අර්ථය වේද, ඒ තාක් සීල විශුද්ධිය කැමති විය යුත්තේය. මේ යමක් චිත්ත විශුද්ධිය වේද, එයම සීල විශුද්ධිය වේ යන අර්ථයි. මේ කෙළවරය. මේ අවසානයය. චිත්ත විශුද්ධියෙහි සිටියහුම සීල විසුද්ධි කෘත්‍යය කරන ලද්දේ ද එහෙයිනි. මෙසේ අනෙක් සියළු පදයන්හි ද අර්ථ ගතයුතුයි.
ඉදං පනෙත්ථ ඔපම්මසංසන්දනං – රාජා පසෙනදි කොසලො විය හි ජරාමරණභීරුකො යොගාවචරො දට්ඨබ්බො. සාවත්ථිනගරං විය සක්කායනගරං, සාකෙතනගරං විය නිබ්බානනගරං, රඤ්ඤො සාකෙතෙ වඩ්ඪිආවහස්ස සීඝං ගන්ත්වා පාපුණිතබ්බස්ස අච්චායිකස්ස කිච්චස්ස උප්පාදකාලො විය යොගිනො අනභිසමෙතානං චතුන්නං අරියසච්චානං අභිසමයකිච්චස්ස උප්පාදකාලො. සත්ත රථවිනීතානි විය සත්ත විසුද්ධියො, පඨමං රථවිනීතං ආරුළ්හකාලො විය සීලවිසුද්ධියං ඨිතකාලො, පඨමරථවිනීතාදීහි දුතියාදීනි ආරුළ්හකාලො විය සීලවිසුද්ධිආදීහි චිත්තවිසුද්ධිආදීසු ඨිතකාලො. සත්තමෙන රථවිනීතෙන සාකෙතෙ අන්තෙපුරද්වාරෙ ඔරුය්හ උපරිපාසාදෙ ඤාතිමිත්තගණපරිවුතස්ස සුරසභොජනපරිභොගකාලො විය යොගිනො ඤාණදස්සනවිසුද්ධියා සබ්බකිලෙසෙ ඛෙපෙත්වා ධම්මවරපාසාදං ආරුය්හ පරොපණ්ණාසකුසලධම්මපරිවාරස්ස නිබ්බානාරම්මණං ඵලසමාපත්තිං අප්පෙත්වා නිරොධසයනෙ නිසින්නස්ස ලොකුත්තරසුඛානුභවනකාලො දට්ඨබ්බො.
මේ දක්වනු ලබන්නේ එහි උපමා සන්සන්දනයයි. පසේනදී කෝසල රජු මෙන් ජරා-මරණ දෙකින් බියපත් වූ, යෝගාවචර තෙමේ දතයුතුයි. සැවැත්නුවර මෙත් සත්කාය නමැති නගරය ය. සාකේත නුවර මෙන් නිර්වාණ නගරයය. රජුගේ සාකේත නගරයෙහි වෘද්ධි එළවන්නා වූ, වහා ගොස් පැමිණිය යුතු වූ අත්‍යවශ්‍ය කාර්යයක් උපන් කාලය මෙන්, යෝගියාගේ අභිසමය නො කළා වූ චතුරාර්ය සත්‍යයන්ගේ අභිසමය කිස උපන් කාලයයි. අසුන් යෙදූ රිය සක මෙන් සප්ත විසුද්ධීහුය. පළමුවන රථයට නැගි කල්හි මෙන් සීල විසුද්ධියේ සිටි කාලයයි. පළමුවන රථ විනීතාදියෙන් දෙවෙනි රථවලට නැගි කාලය මෙන් සීල විසුද්ධි චිත්ත විසුද්ධීන්හි සිටි කාලයයි. සත්වැනි රථ විනීතයෙන් සාකේතයේ අන්තඃපුර දොරටුවෙහි බැස ප්‍රාසාද තලයෙහි (මතු මහලෙහි) නෑ මිතුරු සමූහයා පිරිවරාගෙන, මිහිර රස බොජුන් වළඳන කල මෙන්, යෝගීන්ගේ ඤාණ දර්ශන විසුද්ධියෙන් සියලු කෙලෙසුන් නසා, උතුම් ධර්මය නමැති ප්‍රාසාදයට නැගී පණහක් කුසල් දහම් පිරිවරාකොට ඇතිව, නිවන අරමුණු කොට ඵල සමාපත්තියට පැමිණ, නිරෝධ නමැති ශයනයෙහි හුන්නහුගේ ලොව්තුරු සුවය විඳින කාලය දතයුතු.
ඉති ආයස්මන්තං පුණ්ණං දසකථාවත්ථුලාභිං ධම්මසෙනාපතිසාරිපුත්තත්ථෙරො සත්ත විසුද්ධියො පුච්ඡි. ආයස්මා පුණ්ණො දස කථාවත්ථූනි විස්සජ්ජෙසි. එවං පුච්ඡන්තො පන ධම්මසෙනාපති කිං ජානිත්වා පුච්ඡි, උදාහු අජානිත්වා? තිත්ථකුසලො වා පන හුත්වා විසයස්මිං පුච්ඡි, උදාහු අතිත්ථකුසලො හුත්වා අවිසයස්මිං? පුණ්ණත්ථෙරොපි ච කිං ජානිත්වා විස්සජ්ජෙසි, උදාහු අජානිත්වා? තිත්ථකුසලො වා පන හුත්වා විසයස්මිං විස්සජ්ජෙසි, උදාහු අතිත්ථකුසලො හුත්වා අවිසයෙති? ජානිත්වා තිත්ථකුසලො හුත්වා විසයෙ පුච්ඡීති හි වදමානො ධම්මසෙනාපතිංයෙව වදෙය්ය. ජානිත්වා තිත්ථකුසලො හුත්වා විසයෙ විස්සජ්ජෙසීති වදමානො පුණ්ණත්ථෙරංයෙව වදෙය්ය. යඤ්හි විසුද්ධීසු සංඛිත්තං, තං කථාවත්ථූසු විත්ථිණ්ණං. යං කථාවත්ථූසු සංඛිත්තං, තං විසුද්ධීසු විත්ථිණ්ණං. තදමිනා නයෙන වෙදිතබ්බං.
මෙසේ ධර්ම සේනාධිපති වූ සැරියුත් මහ ස්ථවිරයන් වහන්සේ දස කථාවස්තුලාභී වූ පුණ්ණ තෙරුන් ගෙන් සප්ත විසුද්ධීන් විචාළාහ. ආයුෂ්මත් පුණ්ණ තෙරුන් වහන්සේ දසකථා වස්තූන් විසඳුහ. මෙසේ විචාරන්නා වූ ධර්ම සේනාපතීන් වහන්සේ දැනගෙන විමසුවේද? නැතිනම් නොදැන විමසුවේද? නැවත තීර්ථ කුසලවැ හෝ විෂයෙහි විමසුවෝද, නැතිනම් තීර්ථ කුසල නොවී අවිෂයයෙහි විසඳුවෝද, යම්හෙයකින් දැන තීර්ථ කුශලව විෂයෙහි විසඳුවෝද, නැතිනම් තීර්ථ කුශල නොව අවිශයෙහි විසඳුවෝද, යම්හෙයකින් දැන තීර්ථ කුශලව විෂයෙහි විචාරති. දම් සෙනෙවියන්ට කියන්නේද, දැන තීර්ථ කුශලව විෂයෙහි විසඳතියි පුණ්ණ තෙරුන්ට කියන්නේද, යමක් කථා වස්තූන්හි කෙටියෙන් කියා විශුද්ධීන්හි විස්තර දක්වන්නේ ද, යමක් විශුද්ධින්හි දි කෙටියෙන් කියා කථා වස්තූන්හි විස්තර දක්වන්නේ ද, මේ ක්‍රමයෙන් දත යුතුය.
විසුද්ධීසු හි එකා සීලවිසුද්ධි චත්තාරි කථාවත්ථූනි හුත්වා ආගතා අප්පිච්ඡකථා සන්තුට්ඨිකථා අසංසග්ගකථා, සීලකථාති. එකා චිත්තවිසුද්ධි තීණි කථාවත්ථූනි හුත්වා ආගතා – පවිවෙකකථා, වීරියාරම්භකථා, සමාධිකථාති, එවං තාව යං විසුද්ධීසු සංඛිත්තං, තං කථාවත්ථූසු විත්ථිණ්ණං. කථාවත්ථූසු පන එකා පඤ්ඤාකථා පඤ්ච විසුද්ධියො හුත්වා ආගතා – දිට්ඨිවිසුද්ධි, කඞ්ඛාවිතරණවිසුද්ධි, මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධි, පටිපදාඤාණදස්සනවිසුද්ධි, ඤාණදස්සනවිසුද්ධීති, එවං යං කථාවත්ථූසු සංඛිත්තං, තං විසුද්ධීසු විත්ථිණ්ණං. තස්මා සාරිපුත්තත්ථෙරො සත්ත විසුද්ධියො පුච්ඡන්තො න අඤ්ඤං පුච්ඡි, දස කථාවත්ථූනියෙව පුච්ඡි. පුණ්ණත්ථෙරොපි සත්ත විසුද්ධියො විස්සජ්ජෙන්තො න අඤ්ඤං විස්සජ්ජෙසි, දස කථාවත්ථූනියෙව විස්සජ්ජෙසීති. ඉති උභොපෙතෙ ජානිත්වා තිත්ථකුසලා හුත්වා විසයෙව පඤ්හං පුච්ඡිංසු චෙව විස්සජ්ජෙසුං චාති වෙදිතබ්බො.
විශුද්ධීන් අතරෙහි, එක් ශීල විශුද්ධිය කථා වස්තූන්හි සතරක්ව ආයේ ය. අල්පේච්ඡ කථාය, සන්තුට්ඨි කථාය, අසංසග්ග කථාය, සීල කථාය යනුවෙනි. එක් චිත්ත විශුද්ධිය තුන් වස්තුවක්ව ආයේය. පවිවේක කථා, විරියාරම්භ කථා, සමාධි කථා. මෙසේ යමක විශුද්ධීන්හි කෙටියෙන්ද කථා වත්ථූන්හි විස්තර වශයෙන් ද දක්වා ඇත්තේ ය. කථා වස්තුවෙහි එක් ප්‍රඥා කථාව විශුද්ධි පහක් වශයෙන් සවිස්තරව ආයේය. දිට්ඨි විශුද්ධි, කංඛාවිතරණ විසුද්ධි, මග්ගාමග්ග ඤාණදස්සන විසුද්ධි, පටිපදාඤාණ දස්සන විසුද්ධි, ඤාණදස්සන විසුද්ධි වශයෙනි. මෙසේ යමක් කථාවස්තුවෙහි සංක්ෂිප්තද, එය විසුද්ධියේ දී සවිස්තරව දැක්වෙයි. එහෙයින් සැරියුත් තෙරණුවෝ සප්ත විසුද්ධි විචාරන්නේ අනෙකක් නො විචාළාහුය. දශකථා වස්තූන්ම විචාළහ. පුණ්ණ ස්ථවිරයෝ ද සප්ත විසුද්ධීන් විසඳන්නේ අනෙකක් නො විසඳූහ. දශකථා වස්තූන්ම විසඳූහ. මෙසේ උන්වහන්සේලා දෙදෙනම දැන එතෙරවීමෙහි සමත් වූවෝම අදාළ කාරණයම විසඳුහ. විසඳුවාහ’යි දතයුතු.
කො නාමො ආයස්මාති න ථෙරො තස්ස නාමං න ජානාති. ජානන්තොයෙව පන සම්මොදිතුං ලභිස්සාමීති පුච්ඡි. කථඤ්ච පනායස්මන්තන්ති ඉදං පන ථෙරො සම්මොදමානො ආහ. මන්තාණිපුත්තොති මන්තාණියා බ්රාහ්මණියා පුත්තො. යථා තන්ති එත්ථ තන්ති නිපාතමත්තං, යථා සුතවතා සාවකෙන බ්යාකාතබ්බා, එවමෙව බ්යාකතාති අයමෙත්ථ සඞ්ඛෙපත්ථො. අනුමස්ස අනුමස්සාති දස කථාවත්ථූනි ඔගාහෙත්වා අනුපවිසිත්වා. චෙලණ්ඩුපකෙනාති එත්ථ චෙලං වුච්චති වත්ථං, අණ්ඩුපකං චුම්බටකං. වත්ථචුම්බටකං සීසෙ කත්වා ආයස්මන්තං තත්ථ නිසීදාපෙත්වා පරිහරන්තාපි සබ්රහ්මචාරී දස්සනාය ලභෙය්යුං, එවං ලද්ධදස්සනම්පි තෙසං ලාභායෙවාති අට්ඨානපරිකප්පෙන අභිණ්හදස්සනස්ස උපායං දස්සෙසි. එවං අපරිහරන්තෙන හි පඤ්හං වා පුච්ඡිතුකාමෙන ධම්මං වා සොතුකාමෙන “ථෙරො කත්ථ ඨිතො කත්ථ නිසින්නො”ති පරියෙසන්තෙන චරිතබ්බං හොති. එවං පරිහරන්තා පන ඉච්ඡිතිච්ඡිතක්ඛණෙයෙව සීසතො ඔරොපෙත්වා මහාරහෙ ආසනෙ නිසීදාපෙත්වා සක්කා හොන්ති පඤ්හං වා පුච්ඡිතුං ධම්මං වා සොතුං. ඉති අට්ඨානපරිකප්පෙන අභිණ්හදස්සනස්ස උපායං දස්සෙසි.
කො නාමා ආයස්මා යනු තෙරුන් වහන්සේ ඔහුගේ නම නො දන්නේම නොවේ. නැවත දැනගැනීමෙන් සතුටක් විඳින්නෙමි’යි යන අදහසින් විචාළහ. කථඤ්චපන ආයස්මන්තං යනු මෙය ස්ථවිරයන් වහන්සේ සතුටුවෙමින් කීහ. මන්තානි පුත්තො යනු මන්තාණි නම් බැමිණියගේ පුතාය. යථා තං යන මෙහි තං යනු නිපාතයක් පමණි. ඇසූ පිරූ තැන් ඇති ශ්‍රාවකයෙකු විසින් යම්සේ ප්‍රකාශ කළයුතු ද එපරිද්දෙන් ප්‍රකාශ කරන ලදී යනු මෙහි කෙටි අර්ථයයි. අනුමාස්ස අනුමාස්සා යනු දසකථා වස්තූන්ට බැස ඊට පිවිස, වෙලණ්ඩුකෙන යනු මෙහි වෙලං යනු වස්ත්රයයි. අණ්ඩුක නම් සුඹුලය. වත්සුඹුලක් හිසෙහි රඳවා ආයුෂ්මතුන් එහි හිඳුවා පරිහරණය කරන්නා වූ ද, ඉදින් සබ්‍රහ්මචාරීහු මෙය දකින්නට ලබන්නාහු නම්, ඒ දැකීම ඔවුන්ට යහපත පිණිසම වේ යයි අස්ථාන පරිකල්පනයෙන් නිරතුරුවම දැකීමට උපාය යෙදූහ. යම්හෙයකින් මෙසේ පරිහරණය නො කරන්නා වූ, ප්‍රශ්න විචාරනු කැමැත්තහු විසින් හෝ බණ අසනු කැමැත්තහු විසින් හෝ තෙරුන්වහන්සේ කොහේ සිටියේද, කොහේ හෝනේද, විමසමින් හැසිරිය යුතු වේද, ඉක්බිති මෙසේ පරිහරණය කරන්නහු විසින් කැමති කැමති වේලාවක හිසෙන් බස්වා, උතුම් ආසනයක වඩා හිඳුවා, ප්‍රශ්න විමසන්නට හෝ බණ අසන්නට හැකිවේද, එහෙයින් අස්ථාන පරිකල්පනයෙන් තොරතුරු දැකීමට උපාය යෙදූහ.
සාරිපුත්තොති ච පන මන්ති සාරියා බ්රාහ්මණියා පුත්තොති ච පන එවං මං සබ්රහ්මචාරී ජානන්ති. සත්ථුකප්පෙනාති සත්ථුසදිසෙන. ඉති එකපදෙනෙව ආයස්මා පුණ්ණො සාරිපුත්තත්ථෙරං චන්දමණ්ඩලං ආහච්ච ඨපෙන්තො විය උක්ඛිපි. ථෙරස්ස හි ඉමස්මිං ඨානෙ එකන්තධම්මකථිකභාවො පාකටො අහොසි. අමච්චඤ්හි පුරොහිතං මහන්තොති වදමානො රාජසදිසොති වදෙය්ය, ගොණං හත්ථිප්පමාණොති, වාපිං සමුද්දප්පමාණොති, ආලොකං චන්දිමසූරියාලොකප්පමාණොති, ඉතො පරං එතෙසං මහන්තභාවකථා නාම නත්ථි. සාවකම්පි මහාති වදන්තො සත්ථුපටිභාගොති වදෙය්ය, ඉතො පරං තස්ස මහන්තභාවකථා නාම නත්ථි. ඉච්චායස්මා පුණ්ණො එකපදෙනෙව ථෙරං චන්දමණ්ඩලං ආහච්ච ඨපෙන්තො විය උක්ඛිපි.
සාරිපුත්තො ච පන මන්ති යනු සාරීනම් බැමිණියගේ පුත්‍ර තෙමේද මෙසේ ම සබ්රහ්මචාරීහූ දනිති. සත්ථුකප්පෙන යනු ශාස්තෲන් සමානවම මෙසේ තනි පදයකින්ම ආයුෂ්මත් පුණ්ණ තෙර සැරියුත් තෙරුන් සඳමඬලෙහි නගා තබන්නෙකු මෙන් එසවීය. යම්හෙයකින් මෙතැන්හී තෙරුන්ගේ (ඒකාන්ත) අසමසම ධර්මකථික භාවය ප්‍රකට වූයේ ද එහෙයිනි. ඇමතියෙකු ශ්‍රේෂ්ඨයයි කියන්නේ රජු හා සමානයයි කියන්නේ ද? ගොනෙකු ඇතෙකු හා සමාන යයි කියන්නේ ද, වැවක් සමුද්‍රය තරම් යයි කියන්නේ ද, ආලෝකය සඳ හිරු පෑයුවා හා සමානයයි කියන්නේද? මෙයින් මත්තෙහි මුන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ කථාවක් නැත්තේ ම ය. ශ්‍රාවකයකුගේ ශ්‍රේෂ්ඨ බව කියන්නේ ශාස්තෲන් සමානයයි කියන්නේ ය.
එත්තකම්පි නො නප්පටිභාසෙය්යාති පටිසම්භිදාපත්තස්ස අප්පටිභානං නාම නත්ථි. යා පනායං උපමා ආහටා, තං න ආහරෙය්යාම, අත්ථමෙව කථෙය්යාම. උපමා හි අජානන්තානං ආහරීයතීති අයමෙත්ථ අධිප්පායො. අට්ඨකථායං පන ඉදම්පි පටික්ඛිපිත්වා උපමා නාම බුද්ධානම්පි සන්තිකෙ ආහරීයති, ථෙරං පනෙස අපචායමානො එවමාහාති.
එත්තකම්පි නො නප්පටිභාසෙය්ය යනු පටිසම්භිදාලාභියෙකුට නො වැටහීමක් නම් නැත. යම් උපමාවක් ඉදිරිපත් කළේද? එය ගෙනහැර නො දක්වන්නෙමු. අර්ථයම කියන්නෙමු. උපමාව නො දන්නන්ට නො වැටහේද, එහෙයිනි. අටුවාව මෙය ප්‍රතික්ෂේප කොට උපමා නම් බුදුන් සමීපයේදීම ගෙන දැක්විය යුතුයයි, තෙරුන්ට ගරු බුහුමන්, පිදීම් කරන්නේම මෙසේ කීය.
අනුමස්ස අනුමස්ස පුච්ඡිතාති දස කථාවත්ථූනි ඔගාහෙත්වා ඔගාහෙත්වා පුච්ඡිතා. කිං පන පඤ්හස්ස පුච්ඡනං භාරියං, උදාහු විස්සජ්ජනන්ති? උග්ගහෙත්වා පුච්ඡනං නො භාරියං, විස්සජ්ජනං පන භාරියං. සහෙතුකං වා සකාරණං කත්වා පුච්ඡනම්පි විස්සජ්ජනම්පි භාරියමෙව. සමනුමොදිංසූති සමචිත්තා හුත්වා අනුමොදිංසු. ඉති යථානුසන්ධිනාව දෙසනා නිට්ඨිතාති.
අනුමාස්ස අනුමාස්ස පුච්ඡිතානි යනු දස කථාවස්තූන්ට බැස විචාරණ ලද්දාහු, කිමෙක්ද ප්‍රශ්න විචාරීම බරෙක්ද? නැතිනම් විසඳීම අපහසුතාවයක්ද? උගෙන විචාරීමි. නො පුළුවන. එහෙත් විසඳීම් බරක් වේ. හේතු සහිතව කරුණු සහිතව විචාරීම බැරෑරුම් ම ය. සමනුමොදිංසු යනු සමාන සිත් ඇත්තේම අනුමෝදන් වූහ. මෙසේ අනුසන්ධි වූ පරිද්දෙන් දේශනාව නිමවීය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය රථවිනීතසුත්තවණ්ණනා නිට්ඨිතා.
රථවිනීත සූත්‍ර වර්ණනාව නිමියේය.