චාරිකාදිවණ්ණනා අට්ඨකථා
චාරිකාදිවණ්ණනා
චාරිකාදිවණ්ණනා
යථාභිරන්තන්ති යථාඅජ්ඣාසයං විහරිත්වා. බුද්ධානඤ්හි එකස්මිං ඨානෙ වසන්තානං ඡායූදකාදිවිපත්තිං වා අප්ඵාසුකසෙනාසනං වා, මනුස්සානං අස්සද්ධාදිභාවං වා ආගම්ම අනභිරති නාම නත්ථි. තෙසං සම්පත්තියා “ඉධ ඵාසු විහරාමා”ති අභිරමිත්වා චිරවිහාරොපි නත්ථි. යත්ථ පන තථාගතෙ විහරන්තෙ සත්තා සරණෙසු වා පතිට්ඨහන්ති, සීලානි වා සමාදියන්ති, පබ්බජන්ති වා, තතො සොතාපත්තිමග්ගාදීනං වා පන තෙසං උපනිස්සයො හොති. තත්ථ බුද්ධා සත්තෙ තාසු සම්පත්තීසු පතිට්ඨාපනඅජ්ඣාසයෙන වසන්ති; තාසං අභාවෙ පක්කමන්ති. තෙන වුත්තං – “යථාඅජ්ඣාසයං විහරිත්වා”ති.
යථාභිරත්තං යනු කැමති පරිද්දෙන් වැස, එක් තැනක වසන්නා වූ බුදුවරුන්ට සෙවන, දිය ආදී විපතකින් හෝ, අපහසු සෙනසුනකට හෝ මිනිසුන්ගේ සැදැහැ නැතිවීමකට හෝ පැමිණියේ නම් එහි වැඩසිටීමක් නැත. සම්පත්තියෙන් මෙහි සුවසේ වෙසෙමුයි සිත් අලවා කලක් විසීමක්ද නැත. එහෙත් යම්තැනක තථාගතයන් වැඩසිටින කල්හි සත්ත්වයෝ සරණයෙහි හෝ පිහිටත්ද සිල් සමාදන් වෙත්ද, පැවිදි වෙත්ද සෝවාන් මාර්ගාදී ඵලයන්ට උපනිශ්‍රය වෙත් ද, එහි බුදුවරයෝ සත්ත්වයන් ඒ ඒ සම්පත්තීන්හි පිහිටුවන අදහසින් එහි වෙසෙති. ඔවුන් නැතිකල්හි නික්ම යති. ‘අදහස් වූ පරිදි වැස’ යන්න එහෙයින් කියන ලදී.
චාරිකං චරමානොති අද්ධානගමනං ගච්ඡන්තො. චාරිකා ච නාමෙසා භගවතො දුවිධා හොති තුරිතචාරිකා ච, අතුරිතචාරිකා ච.
වාරිකං චරමානො භාග්‍යවතුන් වහන්සේගේ චාරිකා වූ කලී දෙයාකාර වේ. තුරිත චාරිකා අතුරිත චාරිකා යනුවෙනි.
තත්ථ දූරෙපි බොධනෙය්යපුග්ගලං දිස්වා තස්ස බොධනත්ථාය සහසා ගමනං තුරිතචාරිකා නාම. සා මහාකස්සපපච්චුග්ගමනාදීසු දට්ඨබ්බා. භගවා හි මහාකස්සපං පච්චුග්ගච්ඡන්තො මුහුත්තෙන තිගාවුතං මග්ගං අගමාසි, ආළවකස්සත්ථාය තිංසයොජනං, තථා අඞ්ගුලිමාලස්ස. පුක්කුසාතිස්ස පන පඤ්චචත්තාලීසයොජනං, මහාකප්පිනස්ස වීසයොජනසතං, ඛදිරවනියස්සත්ථාය සත්ත යොජනසතානි අගමාසි; ධම්මසෙනාපතිනො සද්ධිවිහාරිකස්ස වනවාසීතිස්සසාමණෙරස්ස තිගාවුතාධිකං වීසයොජනසතං.
(සිව්සස්) අවබෝධ කළ හැකි පුද්ගලයන් දුරක හෝ සිටින්නේ නම් ඔවුන් සොයා වහා යාම තුරිත චාරිකා නම් වේ. මහාකාශ්‍යප තෙරුන් නිසා පෙරගමන් යාම දතයුතුය. භාග්‍යවතුන් වහන්සේ මහකසුප් මහතෙරුන් වහන්සේ සඳහා පෙරගමන් යන්නේ ක්ෂණිකව තුන්ගවුවක් වැඩියේය. ආලවකයන් නිසා තිස්යොදුනක් ද එසේම අංගුලිමාල සඳහා ද එසේය. පුක්කුසාති රජු වෙනුවෙන් යොදුන් පන්සාලිසක් වැඩියහ. මහාකප්පින රජු සඳහා එක්සිය විසි යොදුනකි. ඛදිරිවනිය රේවත තෙරුන් සඳහා සත්සිය යොදුනක් ගියහ. ධර්ම සේනාපතීන්ගේ සද්ධි විහාරිකයකු සඳහා වනවාසී තිස්ස තෙරුන් සඳහා එක්විසි යොදුනක් හා තුන්ගව්වක් වැඩියහ.
එකදිවසං කිර ථෙරො, “තිස්සසාමණෙරස්ස සන්තිකං, භන්තෙ, ගච්ඡාමී”ති ආහ. භගවා, “අහම්පි ගමිස්සාමී”ති වත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි – “ආනන්ද, වීසතිසහස්සානං ඡළභිඤ්ඤානං ආරොචෙහි – ‘භගවා වනවාසීතිස්සසාමණෙරස්ස සන්තිකං ගමිස්සතී’”ති. තතො දුතියදිවසෙ වීසතිසහස්සඛීණාසවපරිවුතො ආකාසෙ උප්පතිත්වා වීසයොජනසතමත්ථකෙ තස්ස ගොචරගාමද්වාරෙ ඔතරිත්වා චීවරං පාරුපි. කම්මන්තං ගච්ඡමානා මනුස්සා දිස්වා, “සත්ථා, භො, ආගතො, මා කම්මන්තං අගමිත්ථා”ති වත්වා ආසනානි පඤ්ඤපෙත්වා යාගුං දත්වා පානවත්තං කරොන්තා, “කුහිං, භන්තෙ, භගවා ගච්ඡතී”ති දහරභික්ඛූ පුච්ඡිංසු. උපාසකා, න භගවා අඤ්ඤත්ථ ගච්ඡති, ඉධෙව තිස්සසාමණෙරස්ස දස්සනත්ථාය ආගතොති. තෙ “අම්හාකං කිර කුලූපකත්ථෙරස්ස දස්සනත්ථාය සත්ථා ආගතො, නො වත නො ථෙරො ඔරමත්තකො”ති සොමනස්සජාතා අහෙසුං.
එක් දවසක් සැරියුත් තෙරුන් වහන්සේ ස්වාමීනි, තිස්ස සාමණේරයන් සමීපයට යන්නෙමැයි කීහ. භාග්‍යවතුන් වහන්සේ ද මම ද යන්නෙමියි කියා ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් ඇමතීය. ආනන්ද වනවාසී තිස්ස සාමණේරයන් සමීපයට යාම සඳහා විසිදහසක් ෂඩ්අභිඥාධාරීන්ට දන්වව යි කීය. ඉක්බිති දෙවන දිනයේ විසිදහසක් ක්ෂීණාශ්රවයන් පිරිවරාගෙන අහසට පැන නැගී එක්සිය විසියොදුනක් පමණ ගොස් ඔහුගේ ගොදුරුගමෙහි බැස සිවුරු පෙරවූහ. රැකීරක්ෂා සඳහා යන මිනිස්සු බුදුහාමුදුරුවන් දැක, පින්වතුනි! භාග්‍යවතුන් වහන්සේ වැඩියහ. ගමන් නවතවු යයි කියා, අසුන් පනවා, කැඳ පිළිගන්වා පා මෙහෙවර කරන්නාහු, භාග්‍යවතුන් වහන්සේ කොහේ වඩින්නේදැයි තරුණ භික්ෂූන් විචාළාහුය. උපාසකයිනි, භාග්‍යවතුන් වහන්සේ අන්තැනක නො වඩිති. මෙහිම මේ තිස්ස සාමණේරෙයන් දැකීම පිණිස වැඩියේමය. ඔව්හූ අපගේ කුලුපග තෙරුන් දැකීම පිණිස ශාස්තෲන් වහන්සේ වැඩමවීලු. අපගේ තෙරුන් වහන්සේ කුඩා කෙනෙක්ම නොවූයේ යයි සතුටට පැමිණියාහු වෙති.
අථ භගවතො භත්තකිච්චපරියොසානෙ සාමණෙරො ගාමං පිණ්ඩාය චරිත්වා “උපාසකා මහා භික්ඛුසඞ්ඝො”ති පුච්ඡි. අථස්ස තෙ, “සත්ථා, භන්තෙ, ආගතො”ති ආරොචෙසුං, සො භගවන්තං උපසඞ්කමිත්වා පිණ්ඩපාතෙන ආපුච්ඡි. සත්ථා තස්ස පත්තං හත්ථෙන ගහෙත්වා, “අලං, තිස්ස, නිට්ඨිතං භත්තකිච්ච”න්ති ආහ. තතො උපජ්ඣායං ආපුච්ඡිත්වා අත්තනො පත්තාසනෙ නිසීදිත්වා භත්තකිච්චමකාසි. අථස්ස භත්තකිච්චපරියොසානෙ සත්ථා මඞ්ගලං වත්වා නික්ඛමිත්වා ගාමද්වාරෙ ඨත්වා, “කතරො තෙ, තිස්ස, වසනට්ඨානං ගමනමග්ගො”ති ආහ. “අයං භගවා”ති. මග්ගං දෙසයමානො පුරතො යාහි තිස්සාති. භගවා කිර සදෙවකස්ස ලොකස්ස මග්ගදෙසකො සමානොපි “සකලතිගාවුතෙ මග්ගෙ සාමණෙරං දට්ඨුං ලච්ඡාමී”ති තං මග්ගදෙසකමකාසි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේගේ බත්කිස අවසානයේ සාමණේර හිමියෝ ගමෙහි පිඬු පිණිස හැසිර උපාසකවරුනි, මහා භික්ෂු සංඝයාදැයි විචාළේය. ඔව්හූ එසේය භාග්‍යවතුන් වහන්සේ වැඩමවූහයි කීවාහුය. හෙතෙම භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ පිණ්ඩපාතයෙන් විචාළේය. ශාස්තෲන් වහන්සේ ඔහුගේ පාත්‍රය අතින් ගෙන තිස්සය, කම් නැත. බක්කිස අවසන්යයි කීය. ඉන්පසුව උපාධ්‍යායන් විචාරා තමන්ට නිසි වූ ආසනයෙහි හිඳ බත්කිස කළේය. ඉක්බිති බත්කිස අවසානයේ ශාස්තෲන් වහන්සේ බණ වදාරා නික්මී, ගම්දොර සිට තිස්සය, තොප වසන තැනට ගමන්මග කෙසේදැයි පිළිවිසීය. භාග්‍යවතුන් වහන්ස මේය, තිසය මග දක්වමින් පෙරටුව යව.
සො අත්තනො වසනට්ඨානං ගන්ත්වා භගවතො වත්තමකාසි. අථ නං භගවා, “කතරො තෙ, තිස්ස, චඞ්කමො”ති පුච්ඡිත්වා තත්ථ ගන්ත්වා සාමණෙරස්ස නිසීදනපාසාණෙ නිසීදිත්වා, “තිස්ස, ඉමස්මිං ඨානෙ සුඛං වසසී”ති පුච්ඡි. සො ආහ – “ආම, භන්තෙ, ඉමස්මිං මෙ ඨානෙ වසන්තස්ස සීහබ්යග්ඝහත්ථිමිගමොරාදීනං සද්දං සුණතො අරඤ්ඤසඤ්ඤා උප්පජ්ජති, තාය සුඛං වසාමී”ති. අථ නං භගවා, “තිස්ස, භික්ඛුසඞ්ඝං සන්නිපාතෙහි, බුද්ධදායජ්ජං තෙ දස්සාමී”ති වත්වා සන්නිපතිතෙ භික්ඛුසඞ්ඝෙ උපසම්පාදෙත්වා අත්තනො වසනට්ඨානමෙව අගමාසීති. අයං තුරිතචාරිකා නාම.
භාග්‍යවතුන් වහන්සේ වනාහි දෙවියන් සහිත ලෝකයාට මාර්ගෝපදේශකයා වුවත්, සියලු තුන්ගවු මග සාමණේරයන් දක්නට ලැබීම සඳහා මාර්ග දේශකයා කළේය. හෙතෙම තමන් වසන තැනට ගොස් භාග්‍යවතුන්ට වත්පිළිවෙත් කළේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තිස්සය, තොපගේ සක්මන කොහේදැයි විචාරා, එහි ගොස් සාමණේරයන්ගේ හිඳින ගල්පොත්ත උඩ වාඩි වී තිස්සය, මෙතැන ඔබ සුවසේ වසන්නේදැයි විචාළේය. එසේය ස්වමීනි, මෙතැන වසන්නහුට සිංහ, ව්යාඝ්ර, ඇත්, මුව, මයුර ආදීන්ගේ ශබ්ද අසන්නා වූ මට අරණ සංඥාව උපදී. ඒ නිසා සුවසේ වසමි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුට භික්ෂු සංඝයා රැස්කරව! තොපට බුද්ධ දායාදය දෙන්නෙමි කියා භික්ෂු සංඝයා රැස් වූ කල උපසම්පදාවෙහි පිහිටුවා තමන් වසන තැනට ගියේය. මේ තුරිත චාරිකා නම් වේ.
යං පන ගාමනිගමපටිපාටියා දෙවසිකං යොජනඩ්ඪයොජනවසෙන පිණ්ඩපාතචරියාදීහි ලොකං අනුග්ගණ්හන්තස්ස ගමනං, අයං අතුරිතචාරිකා නාම. ඉමං පන චාරිකං චරන්තො භගවා මහාමණ්ඩලං මජ්ඣිමමණ්ඩලං අන්තිමමණ්ඩලන්ති ඉමෙසං තිණ්ණං මණ්ඩලානං අඤ්ඤතරස්මිං චරති. තත්ථ මහාමණ්ඩලං නවයොජනසතිකං, මජ්ඣිමමණ්ඩලං ඡයොජනසතිකං, අන්තිමමණ්ඩලං තියොජනසතිකං. යදා මහාමණ්ඩලෙ චාරිකං චරිතුකාමො හොති, මහාපවාරණාය පවාරෙත්වා පාටිපදදිවසෙ මහාභික්ඛුසඞ්ඝපරිවාරො නික්ඛමති. සමන්තා යොජනසතං එකකොලාහලං අහොසි, පුරිමං පුරිමං ආගතා නිමන්තෙතුං ලභන්ති; ඉතරෙසු ද්වීසු මණ්ඩලෙසු සක්කාරො මහාමණ්ඩලෙ ඔසරති. තත්ර භගවා තෙසු තෙසු ගාමනිගමෙසු එකාහං ද්වීහං වසන්තො මහාජනං ආමිසපටිග්ගහෙන අනුග්ගණ්හන්තො ධම්මදානෙන චස්ස විවට්ටූපනිස්සිතං කුසලං වඩ්ඪෙන්තො නවහි මාසෙහි චාරිකං පරියොසාපෙති.
නැවත ගම් නියම්ගම් පිළිවෙළින් දිනපතා යොදුන අඩයොදුන වශයෙන් පිඬුසිඟා වැඩීම ආදී චර්යාවන්හි ලෝක සත්ත්වයාට අනුග්‍රහ පිණිස වඩින්නා වූ ගමන අතුරිත චාරිකා නම් වේ. මේ චාරිකාවෙහි හැසිරෙන භාග්‍යවතුන් වහන්සේ මහා මණ්ඩලය, මධ්‍ය මණ්ඩලය, අන්තර් මණ්ඩලය යන මේ තුන් මණ්ඩලයන් අතුරෙන් එක් මණ්ඩලයකදී හැසිරෙන සේක. එහි මහා මණ්ඩලය යොදුන් නවසීයකි. මධ්‍යම මණ්ඩලය යොදුන් හයසියයකි. අන්තර් මණ්ඩලය යොදුන් තුන්සීයකි. යම් දවසක මහා මණ්ඩලයේ චාරිකාවේ හැසිරීමට කැමති වේද, මහා පවාරණයෙන් පවරා පෑළවිය දිනයෙහි මහ බික්සඟන පිරිවරා නික්මෙයි. හාත්පස යොදුන් සියයක් එකම උත්සවයක් වෙයි. පළමු පළමු පැමිණි අය නිමන්ත්‍රණයට අවස්ථාව ලබයි. අනෙක් මණ්ඩල දෙක්හි සත්කාරය මහා මණ්ඩලයේ බැසගනී. එහි භාග්‍යවතුන් වහන්සේ ගම් නියම්ගම්හි එක් දිනක් දෙදිනක් වසන්නේ දාන මානාදිය පිළිගැනීමෙන් මහා ජනයාට අනුග්‍රහය දක්වමින් ධර්ම දානයෙන් සසරින් එතෙර වීමට කුසල වර්ධනය කරවමින් නව මසක් සැරිසැරීම කරන සේක.
සචෙ පන අන්තොවස්සෙ භික්ඛූනං සමථවිපස්සනා තරුණා හොති, මහාපවාරණාය අපවාරෙත්වා පවාරණාසඞ්ගහං දත්වා කත්තිකපුණ්ණමාය පවාරෙත්වා මිගසිරස්ස පඨමදිවසෙ මහාභික්ඛුසඞ්ඝපරිවාරො නික්ඛමිත්වා මජ්ඣිමමණ්ඩලං ඔසරති. අඤ්ඤෙනපි කාරණෙන මජ්ඣිමමණ්ඩලෙ චාරිකං චරිතුකාමො චතුමාසං වසිත්වාව නික්ඛමති. වුත්තනයෙනෙව ඉතරෙසු ද්වීසු මණ්ඩලෙසු සක්කාරො මජ්ඣිමමණ්ඩලෙ ඔසරති. භගවා පුරිමනයෙනෙව ලොකං අනුග්ගණ්හන්තො අට්ඨහි මාසෙහි චාරිකං පරියොසාපෙති.
ඉදින් ඇතුළු වස භික්ෂූන්ගේ සමථ විදර්ශනා තරුණ වේද, මහා පවාරණයෙන් පවාරණය නොකොට පවාරණ සංග්‍රහය දී, ඉල්මස පුණු පොහෝදා පවරා, උඳුවප් මස පළමු දිනයෙහි මහා බික්සඟන පිරිවරා නික්මී මධ්‍ය මණ්ඩලයේ සැරිසරයි. අනෙක් කාරණයකින් මධ්‍යම මණ්ඩලයෙහි චාරිකාවේ සැරිසරනු කැමැත්තේ සතරමාසයක් වැස නික්මෙයි. පෙර කී ආකාරයෙන්ම ඉතිරි මණ්ඩල දෙක්හි ද සත්කාරය මධ්‍යම මණ්ඩලයේ දී බැස ගනී. භාග්‍යවතුන් වහන්සේ පළමු ආකාරයෙන්ම ලෝකයාට අනුග්‍රහ කරන්නේ මාස අටක් චාරිකාව සම්පූර්ණ කරන සේක.
සචෙ පන චතුමාසං වුට්ඨවස්සස්සාපි භගවතො වෙනෙය්යසත්තා අපරිපක්කින්ද්රියා හොන්ති, තෙසං ඉන්ද්රියපරිපාකං ආගමයමානො අපරම්පි එකං මාසං වා ද්විතිචතුමාසං වා තත්ථෙව වසිත්වා මහාභික්ඛුසඞ්ඝපරිවාරො නික්ඛමති. වුත්තනයෙනෙව ඉතරෙසු ද්වීසු මණ්ඩලෙසු සක්කාරො අන්තොමණ්ඩලෙ ඔසරති. භගවා පුරිමනයෙනෙව ලොකං අනුග්ගණ්හන්තො සත්තහි වා ඡහි වා පඤ්චහි වා චතූහි වා මාසෙහි චාරිකං පරියොසාපෙති.
යළි ඉදින් සිව්මසක් වසන්නා වූ භාග්‍යවතුන් වහන්සේ වෛනෙය ජනයෝ මුහුකුරා නොගිය ඉඳුරන් ඇත්තෝ වේද, ඔවුන්ගේ ඉන්ද්රියයන්ගේ මේරීම් බව බලාපොරොත්තුවෙන් තවත් මාසයක් දෙකක් සිව්මසක් එහිම වැස මහබික් සඟන පිරිවරා නික්මෙති. පෙර කී පරිද්දෙන්ම ඉතිරි මණ්ඩල දෙක්හි සත්කාරය අන්තර් මණ්ඩලයේ දී බැසගනී. භාග්‍යවතුන් වහන්සේ පෙර කී පරිද්දෙන්ම ලෝ වැස්සන්ට අනුග්‍රහය දක්වමින් පස් මසක් හෝ සාර මසක් චාරිකාව සම්පූර්ණ කරන්නේය.
ඉති ඉමෙසු තීසු මණ්ඩලෙසු යත්ථ කත්ථචි චාරිකං චරන්තො න චීවරාදිහෙතු චරති. අථ ඛො යෙ දුග්ගතා බාලා ජිණ්ණා බ්යාධිතා, තෙ කදා තථාගතං ආගන්ත්වා පස්සිස්සන්ති? මයි පන චාරිකං චරන්තෙ මහාජනො තථාගතදස්සනං ලභිස්සති, තත්ථ කෙචි චිත්තානි පසාදෙස්සන්ති, කෙචි මාලාදීහි පූජෙස්සන්ති, කෙචි කටච්ඡුභික්ඛං දස්සන්ති, කෙචි මිච්ඡාදස්සනං පහාය සම්මාදිට්ඨිකා භවිස්සන්ති, තං තෙසං භවිස්සති දීඝරත්තං හිතාය සුඛායාති එවං ලොකානුකම්පාය චාරිකං චරති.
මෙසේ මේ මණ්ඩල තුනෙහි යම්කිසි තැනෙක චාරිකාවෙහි හැසිරෙන සේක් චීවරාදී සිව්පස හේතුවෙන් නො හැසිරෙති. වැළිත් යම් කෙනෙක් දුබල වූයේ ද, බාල වූවෝ ද ජරාවට පත් වූවෝ ද, රෝගී වූවෝද ඔව්හූ කවර කලක අවුත් තථාගතයන් දකින්නෝ ද, එහෙත් මා චාරිකාවෙහි හැසිරෙන කල්හි මහා ජනයා තථාගතයන්ගේ දැක්ම ලබන්නේය. එහිදී ඔව්හූ සිත් පහදවා ගන්නෝය. සමහරු මාලාදියෙන් පූජා කරන්නෝය. සමහරු බත් හැන්දක් පූජා කරන්නෝය. සමහරු මිථ්‍යාදෘෂ්ටිය අත්හැර සම්‍යක් දෘෂ්ටිකයෝ වන්නාහ. මෙසේ ලෝවැස්සන් කෙරෙහි අනුකම්පාවෙන් දීර්ඝ කාලයක් හිතසුව පිණිස චාරිකාවෙහි සැරිසරන්නේය.
අපිච චතූහි කාරණෙහි බුද්ධා භගවන්තො චාරිකං චරන්ති – ජඞ්ඝාවිහාරවසෙන සරීරඵාසුකත්ථාය, අත්ථුප්පත්තිකාලං අභිකඞ්ඛනත්ථාය, භිඛූනං සික්ඛාපදං පඤ්ඤාපනත්ථාය, තත්ථ තත්ථ පරිපාකගතින්ද්රියෙ බොධනෙය්යසත්තෙ බොධනත්ථායාති. අපරෙහිපි චතූහි කාරණෙහි බුද්ධා භගවන්තො චාරිකං චරන්ති – බුද්ධං සරණං ගච්ඡිස්සන්තීති වා, ධම්මං සරණං ගච්ඡිස්සන්තීති වා, සඞ්ඝං සරණං ගච්ඡිස්සන්තීති වා, මහතා ධම්මවස්සෙන චතස්සො පරිසා සන්තප්පෙස්සාමීති වාති. අපරෙහි පඤ්චහි කාරණෙහි බුද්ධා භගවන්තො චාරිකං චරන්ති – පාණාතිපාතා විරමිස්සන්තීති වා, අදින්නාදානා… කාමෙසුමිච්ඡාචාරා… මුසාවාදා… සුරාමෙරයමජ්ජපමාදට්ඨානා විරමිස්සන්තීති වාති. අපරෙහි අට්ඨහි කාරණෙහි බුද්ධා භගවන්තො චාරිකං චරන්ති – පඨමජ්ඣානං පටිලභිස්සන්තීති වා, දුතියං…පෙ… නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිං පටිලභිස්සන්තීති වාති. අපරෙහි අට්ඨහි කාරණෙහි බුද්ධා භගවන්තො චාරිකං චරන්ති – සොතාපත්තිමග්ගං අධිගමිස්සන්තීති වා, සොතාපත්තිඵලං…පෙ… අරහත්තඵලං සච්ඡිකරිස්සන්තීති වාති. අයං අතුරිතචාරිකා, සා ඉධ අධිප්පෙතා. සා පනෙසා දුවිධා හොති නිබද්ධචාරිකා, අනිබද්ධචාරිකා ච. තත්ථ යං එකස්සෙව බොධනෙය්යසත්තස්ස අත්ථාය ගච්ඡති, අයං නිබද්ධචාරිකා නාම. යං පන ගාමනිගමනගරපටිපාටිවසෙන චරති, අයං අනිබද්ධචාරිකා නාම. එසා ඉධ අධිප්පෙතා.
තව ද භාග්‍යවතුන් වහන්සේ කරුණු හතරක් මුල්කරගෙන චාරිකාවේ හැසිරෙත්. ජංඝා විහාර වශයෙන් ශරීරයේ පහසුව සඳහා අර්ථෝත්පත්ති කාලය කැමති වනු පිණිස, භික්ෂූන්ට ශික්ෂාපද පැනවීම පිණිස, ඒ ඒ තැන්හි සිව්සස් අවබෝධ කිරීමට මුහුකුරා ගිය ඉඳුරන් ඇති අය අවබෝධ කරවනු පිණිස ද, වශයෙනි. මත්තෙහි ද අන්‍ය වූ සතරකාර ණයකින් භාග්‍යවතුන් වහන්සේ චාරිකාවෙහි සැරිසරන සේක. බුදුන් සරණ යන්නාහු යයි කියා හෝ දහම් සරණ යන්නාහු යයි කියා හෝ සංඝයා සරණ යන්නාහු යයි කියා හෝ මහත් වූ ධර්ම වර්ෂාවෙන් සිව්වණක් පිරිස සතප්වන්නෙමියි කියා චාරිකාවේ සැරි සරති. අන්‍ය වූ කරුණු පහක් උපයෝගී කරගෙන භාග්‍යවතුන් වහන්සේ චාරිකාවේ සැරි සරති. සතුන් මැරීමෙන්, සොරකම් කිරීමෙන්, පර ස්ත්‍රීන් හා පරපුරුෂ සේවනයෙන් බොරු කීමෙන්, මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමෙන් වෙන් වන්නාහු යයි කියා හෝ තවත් අන්‍ය වූ කරුණු අටක් නිසාද භාග්‍යවතුන් වහන්සේ චාරිකාවෙහි හැසිරෙන්නෝ වෙති. ප්‍රථමධ්‍යාන, ද්වීතිය ධ්‍යාන තෘතිය ධ්‍යාන චතුර්ථ ධ්‍යාන ලබන්නාහු යයි කියා හෝ, ආකාසානඤ්චායතන, විඤ්ඤාණඤ්චායතන, ආකිඤ්චඤ්ඤායතන, නේවසඤ්ඤානාසඤ්ඤායතන ලබන්නාහු යයි කියා හෝ, අනික් වූ තවත් අට කරුණක් නිසා භාග්‍යවතුන් වහන්සේ චාරිකාවෙහි හැසිරෙන්නෝ වෙති. සෝවාන්, සකෘදාගාමී, අනාගාමි, අර්හත් මාර්ගවලට හා ඵලයන්ට පැමිණෙන්නාහු යයි යම්කිසි පිරිස් ඇත්නම් ඔවුන් සඳහාය. මේ අතුරිත චාරිකායයි අදහස් කෙරේ. මේ අතුරිත චාරිකාව නිබද්ධ චාරිකා අනිබද්ධ චාරිකා වශයෙන් දෙපරිදි වේ. සිව්සස් අවබෝධයට උපනිශ්‍ර සම්පත් ඇති එකම පුද්ගලයකු සඳහා යෙත් ද ඒ නිබද්ධ චාරිකාවයි. යම් විධියකින් ගම් නියම්ගම් නුවර පිළිවෙළින් වැඩමවන්නේ අනිබද්ධ චාරිකායි. මේ අනිබද්ධ චාරිකාව මෙහි අදහස් කරන ලද්දේය.
සෙනාසනං සංසාමෙත්වාති සෙනාසනං පටිසාමෙත්වා. තං පන පටිසාමෙන්තො ථෙරො න චූළපත්තමහාපත්ත-චූළථාලකමහාථාලක-පට්ටුණ්ණචීවර-දුකූලචීවරාදීනං භණ්ඩිකං කත්වා සප්පිතෙලාදීනං වා පන ඝටෙ පූරාපෙත්වා ගබ්භෙ නිදහිත්වා ද්වාරං පිධාය කුඤ්චිකමුද්දිකාදීනි යොජාපෙසි. “සචෙ න හොති භික්ඛු වා සාමණෙරො වා ආරාමිකො වා උපාසකො වා, චතූසු පාසාණෙසු මඤ්චෙ මඤ්චං ආරොපෙත්වා පීඨෙ පීඨං ආරොපෙත්වා චීවරවංසෙ වා චීවරරජ්ජුයා වා උපරි පුඤ්ජං කත්වා ද්වාරවාතපානං ථකෙත්වා පක්කමිතබ්බ”න්ති (චූළව· 361) වචනතො පන නෙවාසිකං භික්ඛුං ආපුච්ඡනමත්තකෙනෙව පටිසාමෙසි.
සෙනාසන පටිසාමෙත්වා සෙනස්න සකස්කොට එය වනාහි සකස් කරන්නා වූ තෙරුන් කුඩා පාත්‍ර, විශාල පාත්‍ර, කුඩා තැටි, මහා තැටි, පටසිවුරු, දුහුල් සිවුරු ආදිය පොදියක් කොට ගිතෙල්, තෙල් ආදිය හෝ කළයක පුරවා ගබඩාවක තබා දොර වසා අගුල් යතුරු ආදිය යෙදවීය. ඉදින් භික්ෂුවක් හෝ සාමණේරයෙක් හෝ ආරාමිකයෙක් හෝ විහාරාධිපතිවරයෙක් හෝ නොවේ ද? ගල් සතරක් උඩ ඇඳක් පිට ඇඳක් නංවා පුටුවක් උඩ පුටුවක් නංවා චීවර වංශයෙහි, සිවුරු වනන වැළෙහි හෝ මතුයෙහි ගුලිකොට දොර කවුළු වසා නික්ම යා යුතුයයි කී හෙයින් නේවාසික භික්ෂුවගෙන් ඇසීමෙන් පමණක් සකස් කළහ.
යෙන සාවත්ථි තෙන චාරිකං පක්කාමීති සත්ථු දස්සනකාමො හුත්වා යෙන දිසාභාගෙන සාවත්ථි තෙන පක්කාමි. පක්කමන්තො ච න සුද්ධොදනමහාරාජස්ස ආරොචාපෙත්වා සප්පිතෙලමධුඵාණිතාදීනි ගාහාපෙත්වා පක්කන්තො. යූථං පහාය නික්ඛන්තො පන මත්තහත්ථී විය, අසහායකිච්චො සීහො විය, පත්තචීවරමත්තං ආදාය එකකොව පක්කාමි.
යෙන සාවත්ථි තෙන චාරිකං පක්කාමි යනු ශාස්තෲන් වහන්සේ දකිනු කැමැත්තේ වී, සැවැත්නුවර යම් දිසාවකද, එහි ගියේය. එහි යන්නේද සුද්ධෝදන රජුට කියා ගිතෙල්, තල තෙල්, මීපැණි ආදිය ගෙන්වාගෙන නො ගියේය. සමූහය අත්හර ගියා වූ මතැතෙකු මෙන් ආ විවිධ වැඩකටයුතු ඇති සිංහයෙකු මෙන්, පාසිවුරු ගෙන හුදෙකලාවම ගියේය.
කස්මා පනෙස පඤ්චසතෙහි අත්තනො අන්තෙවාසිකෙහි සද්ධිං රාජගහං අගන්ත්වා ඉදානි නික්ඛන්තොති? රාජගහං කපිලවත්ථුතො දූරං සට්ඨියොජනානි, සාවත්ථි පන පඤ්චදස. සත්ථා රාජගහතො පඤ්චචත්තාලීසයොජනං ආගන්ත්වා සාවත්ථියං විහරති, ඉදානි ආසන්නො ජාතොති සුත්වා නික්ඛමීති අකාරණමෙතං. බුද්ධානං සන්තිකං ගච්ඡන්තො හි එස යොජනසහස්සම්පි ගච්ඡෙය්ය, තදා පන කායවිවෙකො න සක්කා ලද්ධුන්ති. බහූහි සද්ධිං ගමනකාලෙ හි එකස්මිං ගච්ඡාමාති වදන්තෙ එකො ඉධෙව වසාමාති වදති. එකස්මිං වසාමාති වදන්තෙ එකො ගච්ඡාමාති වදති. තස්මා ඉච්ඡිතිච්ඡිතක්ඛණෙ සමාපත්තිං අප්පෙත්වා නිසීදිතුං වා ඵාසුකසෙනාසනෙ කායවිවෙකං ලද්ධුං වා න සක්කා හොති, එකකස්ස පන තං සබ්බං සුලභං හොතීති තදා අගන්ත්වා ඉදානි පක්කාමි.
කුමක් හෙයින් මෙතෙම පන්සියයක් අතවැස්සන් සමග රජගහ නුවරට පැමිණ දැන් නික්මුනේද? රජගහනුවර කිඹුල්වත්පුරයෙන් දුර සැට යොදුනකි. සැවැත්නුවර වනාහී පසළොස් යොදුනකි. ශාස්තෲන් වහන්සේ සතලිස්පස් යොදුනක් අවුත් සැවැත්නුවර වාසය කරයි. දැන් ඉතා සමීපයයි අසා නික්මුනේය. මෙය කරුණු රහිතය. බුදුන් හමුවට යන්නා වූ මෙතෙම යොදුන් දහසක් වුවද යන්නේමය. එකල්හි වනාහි කාය විවේකය ලබන්ට නො හැකි වේද? බොහෝ දෙනා සමග යන කල්ගි කෙනෙක් ‘යමු’ යයි කියත්. කෙනෙක් මෙහි ටිකක් සිටිමු’යි කියති. කෙනෙක් සිටිමු’යි කියනවිට කෙනෙක් යමු’යි කියයි. එහෙයින් කැමති කැමති වෙලාවක, සමවත් සම වදින්නට හෝ පහසු සෙනසුනක කාය විවේකය ලබන්නට හෝ නො හැකි වන්නේ ය. තනිවම යනවිට මේ සියල්ල සුලභ වන නිසා එකල්හි තනිවම නික්ම ගියේ ය.
චාරිකං චරමානොති එත්ථ කිඤ්චාපි අයං චාරිකා නාම මහාජනසඞ්ගහත්ථං බුද්ධානංයෙව ලබ්භති, බුද්ධෙ උපාදාය පන රුළ්හීසද්දෙන සාවකානම්පි වුච්චති කිලඤ්ජාදීහි කතං බීජනම්පි තාලවණ්ටං විය.
චාරිකං චරමානො යනු මේ සෑම චාරිකාවක්ම මහජනයාට සංග්‍රහ පිණිස බුදුවරුන්ගෙන්ම ලැබේද? එහෙත් බුදුන් ගෙන රූඪී ශබ්දයෙන් ශ්‍රාවකයන් ද කියනු ලැබේ. පැදුරු ආදියෙන් කරන ලද විජිනිපත තල්වැට වන්නාක් මෙනි.
යෙන භගවාති සාවත්ථියා අවිදූරෙ එකස්මිං ගාමකෙ පිණ්ඩාය චරිත්වා කතභත්තකිච්චො ජෙතවනං පවිසිත්වා සාරිපුත්තත්ථෙරස්ස වා මහාමොග්ගල්ලානත්ථෙරස්ස වා වසනට්ඨානං ගන්ත්වා පාදෙ ධොවිත්වා මක්ඛෙත්වා පානීයං වා පානකං වා පිවිත්වා ථොකං විස්සමිත්වා සත්ථාරං පස්සිස්සාමීති චිත්තම්පි අනුප්පාදෙත්වා උජුකං ගන්ධකුටිපරිවෙණමෙව අගමාසි. ථෙරස්ස හි සත්ථාරං දට්ඨුකාමස්ස අඤ්ඤෙන භික්ඛුනා කිච්චං නත්ථි. තස්මා රාහුලං වා ආනන්දං වා ගහෙත්වා ඔකාසං කාරෙත්වා සත්ථාරං පස්සිස්සාමීති එවම්පි චිත්තං න උප්පාදෙසි.
යෙන භගවා යනු සැවැත්නුවර සමීපයෙහි එක් ගමක පිඬු පිණිස හැසිර, බත්කිස නිමවා, සැරියුත් ස්ථවිරයන් හෝ මුගලන් ස්ථවිරයන් වසන තැනට ගොස් පා දොවා තෙල් ගල්වා යම්කිසි පානයක් බී මදක් ගිමන් හැර ගාස්තෘන් වහන්සේ දකින්නෙමි’යි සිතක් නූපදවා කෙලින්ම ගඳකිළිය වෙතම ගියේය. යම්හෙයකින් ශාස්තෲන් වහන්සේ දකිනු කැමති වූ තෙරුන්ට අන් කිසිවෙකු විසින් කළයුත්තක් නැත. එහෙයින් රහල් තෙරුන් හෝ ආනන්ද තෙරුන් සමග ගොස් ශාස්තෲන් වහන්සේ දකින්නට අවසර ලබාගත යුතු යයි යන සිතක් නො ඉපදවීය.
ථෙරො හි සයමෙව බුද්ධසාසනෙ වල්ලභො රඤ්ඤො සඞ්ගාමවිජයමහායොධො විය. යථා හි තාදිසස්ස යොධස්ස රාජානං දට්ඨුකාමස්ස අඤ්ඤං සෙවිත්වා දස්සනකම්මං නාම නත්ථි; වල්ලභතාය සයමෙව පස්සති. එවං ථෙරොපි බුද්ධසාසනෙ වල්ලභො, තස්ස අඤ්ඤං සෙවිත්වා සත්ථුදස්සනකිච්චං නත්ථීති පාදෙ ධොවිත්වා පාදපුඤ්ඡනම්හි පුඤ්ඡිත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. භගවාපි “පච්චූසකාලෙයෙව මන්තාණිපුත්තො ආගමිස්සතී”ති අද්දස. තස්මා ගන්ධකුටිං පවිසිත්වා සූචිඝටිකං අදත්වාව දරථං පටිප්පස්සම්භෙත්වා උට්ඨාය නිසීදි. ථෙරො කවාටං පණාමෙත්වා ගන්ධකුටිං පවිසිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි.
ස්ථවිර තෙමේම බුද්ධශාසනය කෙරෙහි වල්ලභ වූයේ, රජුගේ යුද්ධය දිනූ මහා යෝධයකු මෙන් විය. යම්සේ (රජුගෙ යුද්ධය දිනු) එවැනි සෙන්පතියකුට රජුන් දැකීමට අනුන්ගේ සරණ සෙවීමට අවශ්‍ය නැත. වල්ලභ ස්වභාවය නිසා හුදෙකලාවම රජු දකී. මෙසේ තෙරුන් වහන්සේ ද බුදු සසුනෙහි වල්ලභ වූ බැවින්, එවැන්නකුට ශාස්තෲන් වහන්සේ දකින්නට අනෙක් කෙනෙකු සෙවීමේ කෘත්‍යයක් නැතැයි පා සෝදා පාපිස්නෙහි පා පිස, යෙන භගවා තෙනුපසංකමි යනු භාග්‍යවතුන් වහන්සේ ද මන්තානිපුත්ත තිස්ස ස්ථවිරයන් වඩින්නේ යැයි අලුයම් කාලයේ ම දුටු සේක. එහෙයින් ගඳකිළියට පිවිස දොරඅගුලු නොදීම වෙහෙස සන්සිඳුවා ගෙන නැගිට සිටියේය. තෙරුන් වහන්සේ දොර හැර කිළියට පිවිස භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව සිටියේය.
ධම්මියා කථායාති භගවා ධම්මිං කථං කථෙන්තො චූළගොසිඞ්ගසුත්තෙ (ම· නි· 1.325 ආදයො) තිණ්ණං කුලපුත්තානං සාමග්ගිරසානිසංසං කථෙසි; සෙක්ඛසුත්තෙ (ම· නි· 2.22 ආදයො) ආවසථානිසංසං, ඝටිකාරසුත්තෙ (ම· නි· 2.282 ආදයො) සතිපටිලාභිකං පුබ්බෙනිවාසප්පටිසංයුත්තකථං; රට්ඨපාලසුත්තෙ (ම· නි· 2.304) චත්තාරො ධම්මුද්දෙසෙ, සෙලසුත්තෙ (ම· නි· 2.396 ආදයො) පානකානිසංසකථං, උපක්කිලෙසසුත්තෙ (ම· නි· 3.236 ආදයො) භගුත්ථෙරස්ස ධම්මකථං කථෙන්තො එකීභාවෙ ආනිසංසං කථෙසි. ඉමස්මිං පන රථවිනීතෙ ආයස්මතො පුණ්ණස්ස කථෙන්තො දසකථාවත්ථුනිස්සයං අනන්තනයං නාම දස්සෙසි පුණ්ණ, අයම්පි අප්පිච්ඡකථායෙව සන්තොසකථායෙවාති. පටිසම්භිදාපත්තස්ස සාවකස්ස වෙලන්තෙ ඨත්වා මහාසමුද්දෙ හත්ථප්පසාරණං විය අහොසි.
ධම්මියා කථායා යනු භාග්‍යවතුන් වහන්සේ ධාර්මික කථා කථා කරන්නේ චුල්ල ගොසිංග සූත්‍රයෙහි එන කුලපුත්‍රයන් තිදෙනාට සමගිය පිළිබඳ ආනිසංස වදාළහ. සේඛ සූත්‍රයෙහි ආවාස ආනිසංශය ද, ඝටීකාර සූත්‍රයෙහි සිහිය පිහිටුවා ගැනීම පිළිබඳව වූ පූර්වේනිවාසය පිළිබඳ කථාවද, රට්ඨපාල සූත්‍රයෙහි සතරවිධ ධර්මෝපදේසද, සේල සූත්‍රයෙහි පැන් දීමේ අනුසස් ද, කිලේසීය සූත්‍රයෙහි භගු ස්ථවිරයන් දහම්කථා පවත්වන්නේ එකඟ බැව්හී අනුසස් ද කීයේ ය. මේ රථවිනීත සූත්‍රයෙහි වනාහි ආයුෂ්මත් පුණ්ණ තෙරුන්ට වදාරන්නේ දසකථා වස්තු ආශ්‍රයකොට ඇති අනන්ත නය දැක්වීය. පුණ්ණ, මේ ද අල්පේච්ඡ කථාමය. සන්තෝෂ කථාමය. පටිසම්භිදාවන්ට පත් වූ ශ්රාවකයා හට වෙරළෙහි සිට මහා සමුද්‍රය අත දිගුකර පෙන්වන්නාක් මෙන් වූයේය.
යෙන අන්ධවනන්ති තදා කිර පච්ඡාභත්තෙ ජෙතවනං ආකිණ්ණං හොති, බහූ ඛත්තියබ්රාහ්මණාදයො ජෙතවනං ඔසරන්ති; රඤ්ඤො චක්කවත්තිස්ස ඛන්ධාවාරට්ඨානං විය හොති, න සක්කා පවිවෙකං ලභිතුං. අන්ධවනං පන පධානඝරසදිසං පවිවිත්තං, තස්මා යෙනන්ධවනං තෙනුපසඞ්කමි. කස්මා පන මහාථෙරෙ න අද්දස? එවං කිරස්ස අහොසි – “සායන්හසමයෙ ආගන්ත්වා මහාථෙරෙ දිස්වා පුන දසබලං පස්සිස්සාමි, එවං මහාථෙරානං එකං උපට්ඨානං භවිස්සති, සත්ථු ද්වෙ භවිස්සන්ති, තතො සත්ථාරං වන්දිත්වා මම වසනට්ඨානමෙව ගමිස්සාමී”ති.
යෙනන්ධවනං යනු එකල්හි වනාහි බතින් පසුව ජේතවනය ආකීර්ණ වෙයි. බොහෝ ක්ෂත්රිය බ්රාහ්මණාදීහූ ජේතවනයට රැස් වෙති. සක්විති රජකුගේ කඳවුර පිහිටි තැන මෙන් වෙයි. උතුම් වූ විවේකය ලබන්නට නොහැකි වෙයි. අන්ධවනය වනාහි ප්‍රධන් ඝරයක් මෙන් විවේක ඇත්තේය. එහෙයින් අන්ධවනය වෙත එළඹියේය. කවර හෙයකින් මහතෙරවරුන් නො පෙනේද? ඔහුට මෙසේ සිතුණේල. සවස් යාමයෙහි අවුත් මහතෙරුන් දැක නැවත බුදුන් දකින්නෙමි. මෙසේ මහතෙරවරුන්ට එක උපස්ථානයක් වන්නේය. ශාස්තෲන් වහන්සේට උපස්ථාන දෙකක් වන්නේය. ශාස්තෲන් වහන්සේ වැඳ එයින් පසු මගේ වසන තැනට යන්නෙමි.