යෙදුමෙන් කියවන්න

ධම‍්මගරුභාවවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

ධම‍්මගරුභාවවණ‍්ණනා

ධම්මගරුභාවවණ්ණනා

වස‍්සංවුට‍්ඨාති තෙමාසං වස‍්සංවුට‍්ඨා පවාරිතපවාරණා හුත්‍වා. භගවා එතදවොචාති “කච‍්චි, භික‍්ඛවෙ, ඛමනීය”න‍්තිආදීහි වචනෙහි ආගන‍්තුකපටිසන්‍ථාරං කත්‍වා එතං, “කො නු ඛො, භික‍්ඛවෙ”තිආදිවචනමවොච. තෙ කිර භික‍්ඛු, – “කච‍්චි, භික‍්ඛවෙ, ඛමනීයං කච‍්චි යාපනීයං, කච‍්චිත්‍ථ අප‍්පකිලමථෙන අද‍්ධානං ආගතා, න ච පිණ‍්ඩකෙන කිලමිත්‍ථ, කුතො ච තුම‍්හෙ, භික‍්ඛවෙ, ආගච‍්ඡථා”ති පටිසන්‍ථාරවසෙන පුච‍්ඡිතා – “භගවා සාකියජනපදෙ කපිලවත්‍ථාහාරතො ජාතිභූමිතො ආගච‍්ඡාමා”ති ආහංසු. අථ භගවා නෙව සුද‍්ධොදනමහාරාජස‍්ස, න සක‍්කොදනස‍්ස, න සුක‍්කොදනස‍්ස, න ධොතොදනස‍්ස, න අමිතොදනස‍්ස, න අමිත‍්තාය දෙවියා, න මහාපජාපතියා, න සකලස‍්ස සාකියමණ‍්ඩලස‍්ස ආරොග්‍යං පුච‍්ඡි. අථ ඛො අත‍්තනා ච දසකථාවත්‍ථුලාභිං පරඤ‍්ච තත්‍ථ සමාදපෙතාරං පටිපත‍්තිසම‍්පන‍්නං භික‍්ඛුං පුච‍්ඡන‍්තො ඉදං – “කො නු ඛො, භික‍්ඛවෙ”තිආදිවචනං අවොච.

වස්සං වුත්‍ථා තෙමසක් වස් වසන ලද්දාහූ, පවාරණය කළ පැවරුම් ඇති. භගවා එතදවොච මහණෙනි! කිම ඉවසිය හැකිද? ආදී වචනයන්ගෙන් ආගන්තුක පිළිසඳර කොට එතං කොනු ඛො භික්ඛවෙ ආදී වචන කීය. ඒ භික්‍ෂූහු වනාහි මහණෙනි, කිම ඉවසිය හැකිද? කිම යැපිය හැකිද? කිම වෙහෙස නැතිව මග ආවාහුද? පිණ්ඩපාතය නොලැබී ක්ලාන්ත වූයේද යළි මහණෙනි, තෙපි කොහි සිට ආවාහුද? ආදී පිළිසඳර විසින් විචාරන ලද්දාහූ භාග්‍යවතුන් වහන්ස! ශාක්‍ය ජනපදයෙහි කපිලවස්ථාගාරයේ සිට ජාත භූමියෙන් ආම්භයි කීහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සුද්ධෝදන මහරජුගේ, සුක්කොදන රජුගේ, සක්කොදන රජුගේ, ධොතොදන රජුගේ, අමිතොදන රජුගේ, අමිතා දේවියගේ, පමිතා දේවියගේ, මහා ප්‍රජාපතීගේ ආදී සියළු ශාක්‍ය මණ්ඩලයාගේ සුවදුක් නො විචාළේය. අනතුරුව තමාත් දශ කථා වස්තුලාභී වූ අනුනුත් එහි සමාදන් කරවන්නා වූ ප්‍රතිපත්ති සම්පන්න වූ භික්‍ෂුවක් විචාරණ සේක්, කොනු චො භික්ඛවෙ යනාදිය වදාළහ.

කස‍්මා පන භගවා සුද‍්ධොදනාදීනං ආරොග්‍යං අපුච‍්ඡිත්‍වා එවරූපං භික‍්ඛුමෙව පුච‍්ඡති? පියතාය. බුද‍්ධානඤ‍්හි පටිපන‍්නකා භික‍්ඛූ භික‍්ඛුනියො උපාසකා උපාසිකායො ච පියා හොන‍්ති මනාපා. කිං කාරණා? ධම‍්මගරුතාය. ධම‍්මගරුනො හි තථාගතා, සො ච නෙසං ධම‍්මගරුභාවො, “දුක‍්ඛං ඛො අගාරවො විහරති, අප‍්පතිස‍්සො”ති (අ· නි· 4.21) ඉමිනා අජපාලනිග්‍රොධමූලෙ උප‍්පන‍්නජ‍්ඣාසයෙන වෙදිතබ‍්බො.

කුමක් හෙයින් භාග්‍යවතුන් වහන්සේ සුද්ධෝදන ආදීන්ගේ සුවදුක් නො විචාරා මෙබඳු වූ භික්‍ෂුවකගේම විචාරන සේක්, ප්‍රිය බැවිනි. බුදුරදුන්ට ප්‍රතිපන්න භික්‍ෂූහු ද, භික්‍ෂුණීහු ද, උපාසක උපාසිකාවෝ ද, ප්‍රිය වෙත්. මනාප වෙත්. කුමක් හෙයින්ද? ධර්ම ගරුත්වය හෙයින් තථාගතයෝ ධර්මගරුක වූවාහු වෙති. ඔවුන්ගේ ධර්මගරුක භාවය ද ‘දුක්ඛං ඛො අගාරවො විහරති අප්පතිස්සො’ මේ අජපල් නුගරුක උපන් අදහසින් බව දතයුතුය.

ධම‍්මගරුතායෙව හි භගවා මහාකස‍්සපත්‍ථෙරස‍්ස අභිනික‍්ඛමනදිවසෙ පච‍්චුග‍්ගමනං කරොන‍්තො තිගාවුතං මග‍්ගං අගමාසි. අතිරෙකතියොජනසතං මග‍්ගං ගන‍්ත්‍වා ගඞ‍්ගාතීරෙ ධම‍්මං දෙසෙත්‍වා මහාකප‍්පිනං සපරිසං අරහත‍්තෙ පතිට‍්ඨපෙසි. එකස‍්මිං පච‍්ඡාභත‍්තෙ පඤ‍්චචත‍්තාලීසයොජනං මග‍්ගං ගන‍්ත්‍වා කුම‍්භකාරස‍්ස නිවෙසනෙ තියාමරත‍්තිං ධම‍්මකථං කත්‍වා පුක‍්කුසාතිකුලපුත‍්තං අනාගාමිඵලෙ පතිට‍්ඨපෙසි. වීසයොජනසතං ගන‍්ත්‍වා වනවාසිසාමණෙරස‍්ස අනුග‍්ගහං අකාසි. සට‍්ඨියොජනමග‍්ගං ගන‍්ත්‍වා ඛදිරවනියත්‍ථෙරස‍්ස ධම‍්මං දෙසෙසි. අනුරුද‍්ධත්‍ථෙරො පාචීනවංසදායෙ නිසින‍්නො මහාපුරිසවිතක‍්කං විතක‍්කෙතීති ඤත්‍වා තත්‍ථ ආකාසෙන ගන‍්ත්‍වා ථෙරස‍්ස පුරතො ඔරුය‍්හ සාධුකාරමදාසි. කොටිකණ‍්ණසොණත්‍ථෙරස‍්ස එකගන්‍ධකුටියං සෙනාසනං පඤ‍්ඤපාපෙත්‍වා පච‍්චූසකාලෙ ධම‍්මදෙසනං අජ‍්ඣෙසිත්‍වා සරභඤ‍්ඤපරියොසානෙ සාධුකාරමදාසි. තිගාවුතං මග‍්ගං ගන‍්ත්‍වා තිණ‍්ණං කුලපුත‍්තානං වසනට‍්ඨානෙ ගොසිඞ‍්ගසාලවනෙ සාමග‍්ගිරසානිසංසං කථෙසි.

භාග්‍යවතුන් වහන්සේ ධර්ම ගරුත්වය නිසාම මහා කාශ්‍යප තෙරුන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණයේ දී තුන්ගව්වක් පමණ පෙරගමන් වැඩියහ. අතිරේක යොදුන් සියයක් ගොස් ගංගා තීරයේ දී දහම් දෙසා මහාකප්පින ස්ථවිරයන් රහත් බලයෙහි පිහිටවූහ. එක්දිනක් බතින් පසුව පන්සාලිස් යොදුන් මග ගෙවා ගොස් කුඹල් නිවසේ තුන්යම රෑ මුලුල්ලේ දහම් දෙසා පුක්කුසාති කුලපුත්‍රයා අනාගාමි කළ සේක. එක්විස් යොදුන් ගොස් වනවාසී තෙරණුන්දෑට අනුග්‍රහ කළහ. සැටයොදුන් මග ගොස් ඛදිරවනිය රේවත තෙරුන්ට දහම් දෙසූහ. අනුරුද්ධ තෙරුන් පාචීනවංස මිගදායෙහි හුන්නේ මහා පුරුෂ විතර්කය විතර්ක කෙරේයයි දැන අහසින් එහි ගොස් තෙරුන් හමුවෙහි බැස සාධුකාර දුන්හ. කුටිකණ්ණසොණ තෙරුන්ට එක් ගඳකිළියෙහි සෙනසුන් පනවවා අලුයම දම් දෙසුමට ආරාධනා කොට, ස්වර භඤ්ඤය (මිහිරි ගායනය) අවසානයේ සාධුකාර දුන්හ. තුන්ගවු මග ගෙවා ගොස් තුන් කුලපුතුන් වසන තැන, ගොසිංගසාල වනයෙහි සමගි රසයෙහි අනුසස් වදාළහ.

කස‍්සපොපි භගවා – “අනාගාමිඵලෙ පතිට‍්ඨිතො අරියසාවකො අය”න‍්ති විස‍්සාසං උප‍්පාදෙත්‍වා ඝටිකාරස‍්ස කුම‍්භකාරස‍්ස නිවෙසනං ගන‍්ත්‍වා සහත්‍ථා ආමිසං ගහෙත්‍වා පරිභුඤ‍්ජි.

කාශ්‍යප බුදුහාමුදුරුවෝ ද ඝටීකාර කුඹල්කරුගේ නිවෙසට ගොස් මෙතෙම අනාගාමී ඵලයට පැමිණි ආර්යයෙකැයි විශ්වාස උපදවා සියතින් අහර ගෙන වැළඳූහ.

අම‍්හාකංයෙව භගවා උපකට‍්ඨාය වස‍්සූපනායිකාය ජෙතවනතො භික‍්ඛුසඞ‍්ඝපරිවුතො චාරිකං නික‍්ඛමි. කොසලමහාරාජඅනාථපිණ‍්ඩිකාදයො නිවත‍්තෙතුං නාසක‍්ඛිංසු. අනාථපිණ‍්ඩිකො ඝරං ආගන‍්ත්‍වා දොමනස‍්සප‍්පත‍්තො නිසීදි. අථ නං පුණ‍්ණා නාම දාසී දොමනස‍්සප‍්පත‍්තොසි සාමීති ආහ. “ආම ජෙ, සත්‍ථාරං නිවත‍්තෙතුං නාසක‍්ඛිං, අථ මෙ ඉමං තෙමාසං ධම‍්මං වා සොතුං, යථාධිප‍්පායං වා දානං දාතුං න ලභිස‍්සාමී”ති චින‍්තා උප‍්පන‍්නාති. අහම‍්පි සාමි සත්‍ථාරං නිවත‍්තෙස‍්සාමීති. සචෙ නිවත‍්තෙතුං සක‍්කොසි, භුජිස‍්සායෙව ත්‍වන‍්ති. සා ගන‍්ත්‍වා දසබලස‍්ස පාදමූලෙ නිපජ‍්ජිත්‍වා “නිවත‍්තථ භගවා”ති ආහ. පුණ‍්ණෙ ත්‍වං පරපටිබද‍්ධජීවිකා කිං මෙ කරිස‍්සසීති. භගවා මය‍්හං දෙය්‍යධම‍්මො නත්‍ථීති තුම‍්හෙපි ජානාථ, තුම‍්හාකං නිවත‍්තනපච‍්චයා පනාහං තීසු සරණෙසු පඤ‍්චසු සීලෙසු පතිට‍්ඨහිස‍්සාමීති. භගවා සාධු සාධු පුණ‍්ණෙති සාධුකාරං කත්‍වා නිවත‍්තෙත්‍වා ජෙතවනමෙව පවිට‍්ඨො. අයං කථා පාකටා අහොසි. සෙට‍්ඨි සුත්‍වා පුණ‍්ණාය කිර භගවා නිවත‍්තිතොති තං භුජිස‍්සං කත්‍වා ධීතුට‍්ඨානෙ ඨපෙසි. සා පබ‍්බජ‍්ජං යාචිත්‍වා පබ‍්බජි, පබ‍්බජිත්‍වා විපස‍්සනං ආරභි. අථස‍්සා සත්‍ථා ආරද‍්ධවිපස‍්සකභාවං ඤත්‍වා ඉමං ඔභාසගාථං විස‍්සජ‍්ජෙසි –

අපගේ භාග්‍යවතුන් වහන්සේ ද වස් එළඹෙන දිනය පැමිණි කල්හි, භික්‍ෂු සංඝයා විසින් පිරිවරන ලදුව දෙව්රමින් නික්ම චාරිකාවේ යෙදුනහ. කොසොල් මහරජු අනේපිඬු සිටු ආදීන්ට නවත්වනු නොහැකි විය. අනේපිඬු සිටු ගෙට අවුත් දොම්නසට පැමිණ සිටියහ. එකල පුණ්ණ නම් දාසිය පැමිණ ස්වාමීනි දොම්නසට පැමිණියේ ඇයිදැයි ඇසීය. එසේය ශාස්තෲන් වහන්සේ නවතා ගන්නට නො හැකි විය. මම මේ තෙමස තුළ ධර්මය අසන්නට හෝ අදහසේ හැටියට දන් දෙන්නට හෝ නො ලබමි. මම ශාස්තෲන් වහන්සේ නවත්වා ගන්නෙම් ද? ඉදින් හැකිනම් නවත්වා ගනුව, එසේ වුවහොත් තී දාසියක් නො වූවාම වේ. ඕ තොමෝ ගොස් දශබලධාරීන් වහන්සේගේ පාමුල වැටී භාග්‍යවතුන් වහන්ස නවතිනු මැනව කීවාය. පුණ්ණාවෙනි! තී අනුන් නිසා ජීවත් වන්නියකි. තී කුමක් කරන්නද? භාග්‍යවතුන් වහන්සේ මට දීමට සුදුසු වස්තුවක් නම් නැති. ඔබවහන්සේ දනී. එසේ වුවත් භාග්‍යවතුන් වහන්සේ නවතින්නේ නම් මම තිසරණ සරණයෙහි ද පංච ශීලයෙහි ද පිහිටමි. භාග්‍යවතුන් වහන්සේ මැනවි මැනවැ පුණ්ණාවෙනි වදාරා සාධුකාර දී නැවතී ජේතවනාරාමයට වැඩම වූ සේක. මේ කථාව පතළ විය. සිටුතුමා මේ කථාව අසා පුණ්ණා විසින් භාග්‍යවතුන් වහන්සේ නවත්වා ගත්තේ යයි අසා ඇය දාසි බවින් නිදහස් කොට දූ තනතුරෙහි තැබීය. ඕ තොමෝ ප්‍රවජ්‍යාව යැද පැවිදි වූවාය. පැවිදි වී විදර්ශනාව ආරම්භ කළාය. ඇගේ පටන්ගත් විදර්ශනාව දැනගත් ශාස්තෲන් වහන්සේ මේ ඕභාස ගාථාව වදාළ සේක.

“පුණ‍්ණෙ පූරෙසි සද‍්ධම‍්මං, චන්‍දො පන‍්නරසො යථා; පරිපුණ‍්ණාය පඤ‍්ඤාය, දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සසී”ති. (ථෙරීගා· 3);

පුණ්ණො පුරෙසි සද්ධම්මං - චන්‍දො පණ්ණරසො යථා පරිපුණ්ණාය පඤ්ඤාය - දුක්ඛස්සන්තං කරිසසසී

පුණ්ණාවෙනි! පණ්ණරසී චන්ද්‍රයා මෙන් ශාසන ධර්මය පුරව. විදර්ශනා සහිත මාර්ග ප්‍රඥාව සම්පූර්ණ වූ කල්හි සසර කෙළවර කරන්නෙහිය.

ගාථාපරියොසානෙ අරහත‍්තං පත්‍වා අභිඤ‍්ඤාතා සාවිකා අහොසීති. එවං ධම‍්මගරුනො තථාගතා.

මේ ගාථාවගේ කෙළවර ඕ තොමෝ අර්හත් බවට පැමිණ අභිඥා සම්පන්න ශ්‍රාවිකාවක් වූවාය. තථාගතයෝ මෙසේ ධර්මය ගරුකකොට ඇත්තාහ.

නන්‍දකත්‍ථෙරෙ උපට‍්ඨානසාලායං ධම‍්මං දෙසෙන‍්තෙපි භගවා අනහාතොව ගන‍්ත්‍වා තියාමරත‍්තිං ඨිතකොව ධම‍්මකථං සුත්‍වා දෙසනාපරියොසානෙ සාධුකාරමදාසි. ථෙරො ආගන‍්ත්‍වා වන්‍දිත්‍වා, “කාය වෙලාය, භන‍්තෙ, ආගතත්‍ථා”ති පුච‍්ඡි. තයා සුත‍්තන‍්තෙ ආරද‍්ධමත‍්තෙති. දුක‍්කරං කරිත්‍ථ, භන‍්තෙ, බුද‍්ධසුඛුමාලා තුම‍්හෙති. සචෙ ත්‍වං, නන්‍ද, කප‍්පං දෙසෙතුං සක‍්කුණෙය්‍යාසි, කප‍්පමත‍්තම‍්පාහං ඨිතකොව සුණෙය්‍යන‍්ති භගවා අවොච. එවං ධම‍්මගරුනො තථාගතා. තෙසං ධම‍්මගරුතාය පටිපන‍්නකා පියා හොන‍්ති, තස‍්මා පටිපන‍්නකෙ පුච‍්ඡි.

නන්‍දක ස්ථවිරයෝ උපස්ථාන ශාලාවෙහි ධර්මය දේශනා කරන කල්හී භාග්‍යවතුන් වහන්සේ ස්නානය නොකරම ගොස් තුන්යම රාත්‍රී සිටගෙනම බණ අසා දේශනාවසානයේ සාධුකාර දුන්හ. ස්ථවිරයන් පැමිණ වැඳ ස්වාමීනි, කවර වේලාවක වැඩියාහුදැ’යි විචාළේය. ‘ඔබ ධර්මදේශනාව ආරම්භ කළ මොහොතේමය.’ ‘වහන්ස, දුෂ්කර කාර්යයක් කළාහුය. නුඹවහන්සේ බුදු හෙයින් සියුමැළි වූවාහුය. භාග්‍යවතුන් වහන්සේ නන්දකය, ඉදින් ඔබ කල්පයක් බණ කියන්නේද? කල්පයක් පමණම මම සිටියේම අසන්නෙමි යි වදාළහ. මෙසේ තථාගතයෝ ධර්මගරුක වෙත්. ධර්මගරුක බවින් ඔවුන්ට පිළිවෙතට පැමිණියාහු ප්‍රිය වෙති. එහෙයින් ප්‍රතිපන්නකයෝ විචාරත්.

පටිපන‍්නකො ච නාම අත‍්තහිතාය පටිපන‍්නො නො පරහිතාය, පරහිතාය පටිපන‍්නො නො අත‍්තහිතාය, නො අත‍්තහිතාය ච පටිපන‍්නො නො පරහිතාය ච, අත‍්තහිතාය ච පටිපන‍්නො පරහිතාය චාති චතුබ‍්බිධො හොති.

ප්‍රතිපන්නකයෝ නම්, 1. තමන්ට හිත පිළිපන්නේ අනුන්ට හිත බවට නො පිළිපන්නේය. 2. අනුන්ගේ හිත බවට පිළිපන්නේ තමන්ට හිත පිණිස නො පිළිපන්නේය. 3. තමන්ට ද අනුන්ට ද හිත බවට පිළිපන්නේය. 4. තමන්ට ද අනුන්ට ද හිත පිණිස නො පිළිපන්නේය යනුවෙන් හතරවැදෑරුම් වේ.

තත්‍ථ යො සයං දසන‍්නං කථාවත්‍ථූනං ලාභී හොති, පරං තත්‍ථ න ඔවදති න අනුසාසති ආයස‍්මා බාකුලො විය. අයං අත‍්තහිතාය පටිපන‍්නො නාම නො පරහිතාය පටිපන‍්නො, එවරූපං භික‍්ඛුං භගවා න පුච‍්ඡති. කස‍්මා? න මය‍්හං සාසනස‍්ස වඩ‍්ඪිපක‍්ඛෙ ඨිතොති.

එහි යමෙක් තමන් දශකථා වස්තුලාභී වේද, එහි අනුන් අවවාද නො කෙරේද, අනුශාසනා නො කෙරේ ද? ආයුෂ්මත් බක්කුල තෙරුන් මෙනි. මේ තෙමේ තම හිතබවට පිළිපන්නේ පරහිත බවට පිළිපන්නේ නොවේ. මෙබඳු වූ භික්‍ෂූන් භාග්‍යවතුන් වහන්සේ නො විචාරණ සේක. කවර හෙයින්ද මාගේ ශාසනයෙහි වෘද්ධි පක්‍ෂයෙහි නො සිටියේ යයි කියා

යො පන දසන‍්නං කථාවත්‍ථූනං අලාභී, පරං තෙහි ඔවදති තෙන කතවත‍්තසාදියනත්‍ථං උපනන්‍දො සක්‍යපුත‍්තො විය, අයං පරහිතාය පටිපන‍්නො නාම නො අත‍්තහිතාය, එවරූපම‍්පි න පුච‍්ඡති. කස‍්මා? අස‍්ස තණ‍්හා මහාපච‍්ඡි විය අප‍්පහීනාති.

යමෙක් වනාහී දශකථා වස්තූන් නො ලබන සුළු වූයේ ඒ දශකථා වස්තූන්ගෙන් අනුන් අවවාද කෙරේද? ඒ කරන ලද වත් ඉවසනු පිණිසය. උපනන්ද ශාක්‍යපුත්‍රයන් මෙනි. මේ අය පරහිත පිණිස පිළිපන්නේ ස්වහිත පිණිස නො පිළිපන්නේය. මෙබඳු අයගෙන් ද නො විචාරති. කුමක් හෙයින්ද ඔහුගේ තෘෂ්ණාව ප්‍රහීණ නොවූ බැවිනි.

යො අත‍්තනාපි දසන‍්නං කථාවත්‍ථූනං අලාභී, පරම‍්පි තෙහි න ඔවදති, ලාළුදායී විය, අයං නෙව අත‍්තහිතාය පටිපන‍්නො න පරහිතාය, එවරූපම‍්පි න පුච‍්ඡති. කස‍්මා? අස‍්ස අන‍්තො කිලෙසා ඵරසුඡෙජ‍්ජා විය මහන‍්තාති.

යමෙක් තමාත් දශකථාවස්තු නො ලබනසුළු වූයේ මෙරමාත් එයින් අවවාද නො කෙරේද? ලාළුදායි තෙරුන් මෙනි. මේ තෙමේ තමහට වැඩ පිණිස පිළිපන්නේත් නැත. අනුන්ට වැඩ පිණිස පිළිපන්නේ තී නොවේ. මෙබඳු වූවහුද නො විචාරති. කුමක් හෙයින්ද ඔහුගේ ඇතුළත ක්ලේශයන් පොරවකින් කැපිය යුතු තරම් මහත් වූ නිසයි.

යො පන සයං දසන‍්නං කථාවත්‍ථූනං ලාභී, පරම‍්පි තෙහි ඔවදති, අයං අත‍්තහිතාය චෙව පරහිතාය ච පටිපන‍්නො නාම සාරිපුත‍්තමොග‍්ගල‍්ලානමහාකස‍්සපාදයො අසීතිමහාථෙරා විය, එවරූපං භික‍්ඛුං පුච‍්ඡති. කස‍්මා? මය‍්හං සාසනස‍්ස වුඩ‍්ඪිපක‍්ඛෙ ඨිතොති. ඉධාපි එවරූපමෙව පුච‍්ඡන‍්තො – “කො නු ඛො, භික‍්ඛවෙ”තිආදිමාහ.

යමෙක් වනාහි තෙමේ දශකථා වස්තුලාභී වූයේ අනුනුත් එයින් අවවාද කෙරේද? මෙතෙමේ තම හිත බවටද අනුන්ගේ හිත බවට ද පැමිණියේ වෙයි. සැරියුත් මුගලන් කසුප් ආදී අසූමහා සව්වන් මෙනි. මෙබඳු වූ භික්‍ෂුව විචාරණ සේක. කවර හෙයින්ද, මාගේ ශාසනයේ වෘද්ධි පක්‍ෂයේ සිටිය බැවිනි. මෙහිද මෙබඳු වූ මහණක් විචාරණ සේක් කොනු ඛො භිකඛවෙ යනාදිය වදාළහ.

එවං භගවතා පුට‍්ඨානං පන තෙසං භික‍්ඛූනං භගවා අත‍්තනො ජාතිභූමියං උභයහිතාය පටිපන‍්නං දසකථාවත්‍ථුලාභිං භික‍්ඛුං පුච‍්ඡති, කො නු ඛො තත්‍ථ එවරූපොති න අඤ‍්ඤමඤ‍්ඤං චින‍්තනා වා සමන‍්තනා වා අහොසි. කස‍්මා? ආයස‍්මා හි මන‍්තාණිපුත‍්තො තස‍්මිං ජනපදෙ ආකාසමජ‍්ඣෙ ඨිතො චන්‍දො විය සූරියො විය ච පාකටො පඤ‍්ඤාතො. තස‍්මා තෙ භික‍්ඛූ මෙඝසද‍්දං සුත්‍වා එකජ‍්ඣං සන‍්නිපතිතමොරඝටා විය ඝනසජ‍්ඣායං කාතුං, ආරද‍්ධභික‍්ඛූ විය ච අත‍්තනො ආචරියං පුණ‍්ණත්‍ථෙරං භගවතො ආරොචෙන‍්තා ථෙරස‍්ස ච ගුණං භාසිතුං අප‍්පහොන‍්තෙහි මුඛෙහි එකප‍්පහාරෙනෙව පුණ‍්ණො නාම, භන‍්තෙ, ආයස‍්මාතිආදිමාහංසු.

මෙසේ භාග්‍යවතුන් විසින් විචාරණ ලද්දා වූ ඒ භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ ස්වකීය ජාති භූමියෙහි දෙපිරිසටම හිත පිණිස පිළිපන් දශකථා වස්තුලාභී වූ භික්‍ෂුවක් විචාරයි. එහි කවරෙක් මෙබඳු වූයේ ද? ඔවුනොවුන් සිතීමක් හෝ සාකච්ඡාවක් හෝ නො වීය. කුමක් හෙයින්ද යම්හෙයකින් මන්තානිපුත්ත තෙරුන් මෙ ජනපදයෙහි අහස් මැද සිටි චන්ද්‍රයා මෙන්ද හිරු මෙන්ද, ප්‍රකට වූයේ ප්‍රසිද්ධ වූයේ වේද, එහෙයින් ඒ භික්‍ෂූහු මේඝ නාදය අසා එකවිට රැස්වූ මොනර සමූහයා මෙන් ද, ගණ සජ්ඣායනා කරන්නට ආරම්භ කළ භික්‍ෂූන් මෙන් ද, තමන්ගේ ගුරුවරයා වූ පුරාණ තෙරුන් භාග්‍යවතුන් වහන්සේට දන්වන්නාහු තෙරුන්ගේ ගුණ කියන්නට නො පොහෝනා මුවින් එක් පැහැරම පුණ්ණෙ නාම භන්තෙ ආයස්මා ආදිය කීහ.

තත්‍ථ පුණ‍්ණොති තස‍්ස ථෙරස‍්ස නාමං. මන‍්තාණියා පන සො පුත‍්තො, තස‍්මා මන‍්තාණිපුත‍්තොති වුච‍්චති. සම‍්භාවිතොති ගුණසම‍්භාවනාය සම‍්භාවිතො.

එහි පුණ්ණෙ යනු ඒ තෙරුන්ගේ නමයි. හෙතෙම මන්තානියගේ පුත්‍රයාය. එහෙයින් මන්තාණිපුත්ත යයි කියයි. සමභාවිතො ගුණ සම්භාවනාවෙන් සම්භාවිතය.

අප‍්පිච‍්ඡතාදිවණ‍්ණනා

අප්පිච්ඡතාදිවණ්ණනා

අප‍්පිච‍්ඡොති ඉච‍්ඡාවිරහිතො නිඉච‍්ඡො නිත‍්තණ‍්හො. එත්‍ථ හි බ්‍යඤ‍්ජනං සාවසෙසං විය, අත්‍ථො පන නිරවසෙසො. න හි තස‍්ස අන‍්තො අණුමත‍්තාපි පාපිකා ඉච‍්ඡා නාම අත්‍ථි. ඛීණාසවො හෙස සබ‍්බසො පහීනතණ‍්හො. අපිචෙත්‍ථ අත්‍රිච‍්ඡතා පාපිච‍්ඡතා මහිච‍්ඡතා අප‍්පිච‍්ඡතාති අයං භෙදො වෙදිතබ‍්බො.

අප්පිච්ඡො දැඩි කැමැත්තෙන් වෙන්විය. තණ්හාව නැත්තේය. මෙහි වනාහි ව්‍යඤ්ජන සාවසේස මෙන් වේ. එහෙත් අර්ථය නිරවශේෂය. යම්හෙයකින් ඔහුගේ සිත තුළ ක්ලේශ මාත්‍ර වූද කැමැත්තක් නම් නැත්තේද එහෙයිනි. මොහු සියලු ආකාරයෙන් ප්‍රහීණ වූ තෘෂ්ණා ඇති රහතන් වහන්සේ කෙනෙක්මය. තව ද මෙහි අත්‍රිච්ඡතා, පාපිච්ඡතා, මහිච්ඡතා, අප්පිච්ඡතා යන මේවායේ භේදය දතයුතුය.

තත්‍ථ සකලාභෙ අතිත‍්තස‍්ස පරලාභෙ පත්‍ථනා අත්‍රිච‍්ඡතා නාම. තාය සමන‍්නාගතස‍්ස එකභාජෙන පක‍්කපූවොපි අත‍්තනො පත‍්තෙ පතිතො න සුපක‍්කො විය ඛුද‍්දකො විය ච ඛායති. ස‍්වෙව පරස‍්ස පත‍්තෙ පක‍්ඛිත‍්තො සුපක‍්කො විය මහන‍්තො විය ච ඛායති.

එහි ස්වකීය ලාභයෙහි සතුටු නැති වූවහුගේ පරලාභයෙහි ප්‍රාර්ථනාව අත්‍රිච්ඡතා නම් වේ. එයින් යුක්ත වූවහට එකම බඳුනෙහි පිසින ලද ආප්පයක්, කැවුමක්, තමන්ගේ පාත්‍රයට වැටුණු කළ එය නො පිළිස්සුණු, මනාව නො ඉදුණු කුඩා කැවුමක් ආප්පයක් ලෙස හැඟේ. එයම වෙනත් කෙනෙකුගේ පාත්‍රයක වැටුණු කල එය හොඳින් පිළිස්සුණු ලොකු ආප්පයක් කැවුමක් සේ හැඟෙයි.

අසන‍්තගුණසම‍්භාවනතා පන පටිග‍්ගහණෙ ච අමත‍්තඤ‍්ඤුතා පාපිච‍්ඡතා නාම, සා, “ඉධෙකච‍්චො අස‍්සද‍්ධො සමානො සද‍්ධොති මං ජනො ජානාතූ”තිආදිනා නයෙන අභිධම‍්මෙ ආගතායෙව, තාය සමන‍්නාගතො පුග‍්ගලො කොහඤ‍්ඤෙ පතිට‍්ඨාති.

අවිද්‍යමාන ගුණ පහළ කරන බව ද, පිළිගැනීමෙහි පමණ නො දන්නා බව ද පාපිච්ඡතා නමි. ‘ඉධෙකච්චො අස්සද්ධො සමානො සද්ධොති මං ජනො ජනාතු’ ආදී ක්‍රමයෙන් අභිධර්මයේ පෙන්වයි. එයින් සමන්විත වූ පුද්ගලයා කොහොන් බැව්හි පිහිටයි.

සන‍්තගුණසම‍්භාවනා පන පටිග‍්ගහණෙ ච අමත‍්තඤ‍්ඤුතා මහිච‍්ඡතා නාම. සාපි, “ඉධෙකච‍්චො සද‍්ධො සමානො සද‍්ධොති මං ජනො ජානාතූති ඉච‍්ඡති, සීලවා සමානො සීලවාති මං ජනො ජානාතූ”ති (විභ· 851) ඉමිනා නයෙන ආගතායෙව, තාය සමන‍්නාගතො පුග‍්ගලො දුස‍්සන‍්තප‍්පයො හොති, විජාතමාතාපිස‍්ස චිත‍්තං ගහෙතුං න සක‍්කොති. තෙනෙතං වුච‍්චති –

විද්‍යමාන ගුණ පහළ කරන බව ද, පිළිගැනීමෙහි පමණ නො දන්නා බව ද මහිච්ඡතා නම් වේ. ‘ඉධෙකච්චො සද්ධො සමානො සද්ධොති මං ජනො ජානාතුති ඉච්ඡති - සීලවා සමානො සීලවාති මං ජනො ජානාතුති’ ආදී වශයෙන් අභිධර්මයෙහි ආයේය. එයින් සමන්විත වූ පුද්ගලයා සතුටු කිරීමට දුෂ්කර වූයේ වෙයි. වැදූ මවුද ඔහුගේ සිත් ගන්නට නොහැකි වෙයි.

“අග‍්ගික‍්ඛන්‍ධො සමුද‍්දො ච, මහිච‍්ඡො චාපි පුග‍්ගලො; සකටෙන පච‍්චයං දෙතු, තයොපෙතෙ අතප‍්පයා”ති.

අග්ගික්ඛන්‍ධො සමුද්දොච - මහිච්ඡො වාපි පුග්ගලො සකටෙන පච්චයං දෙන්තු - තයො පෙතෙ අතප්පියා

ගිනි කඳ ද, සමුද්‍රය ද, මහේච්ඡ පුද්ගලයා ද යන මොහු තිදෙනම ගැලින් ප්‍රත්‍යය දුන්නත් සතුටු කළ නො හැකිමය.

සන‍්තගුණනිගූහනතා පන පටිග‍්ගහණෙ ච මත‍්තඤ‍්ඤුතා අප‍්පිච‍්ඡතා නාම, තාය සමන‍්නාගතො පුග‍්ගලො අත‍්තනි විජ‍්ජමානම‍්පි ගුණං පටිච‍්ඡාදෙතුකාමතාය, “සද‍්ධො සමානො සද‍්ධොති මං ජනො ජානාතූති න ඉච‍්ඡති. සීලවා, පවිවිත‍්තො, බහුස‍්සුතො, ආරද‍්ධවීරියො, සමාධිසම‍්පන‍්නො, පඤ‍්ඤවා, ඛීණාසවො සමානො ඛීණාසවොති මං ජනො ජානාතූ”ති න ඉච‍්ඡති, සෙය්‍යථාපි මජ‍්ඣන‍්තිකත්‍ථෙරො.

විද්‍යමාන ගුණ සඟවන බව ද, පිළිගැනීමෙහි පමණ දන්නා බවද අප්පිච්ඡතා නම් වේ. එයින් සමන්විත වූ පුද්ගලයා තමන් කෙරෙහි විද්‍යමාන වූ ගුණය සඟවනු කැමති බැවින් සැදැහැ ඇතියේ සැදැහැ ඇතියයි ජනයා දැනගනීවායි නො කැමති වෙයි. සිල් ඇත්තේ, විවේක ඇත්තේ, බහුශ්‍රැත වූයේ, ප්‍රඥාවන්ත වූයේ පටන්ගන්නා ලද වීර්යය ඇත්තේ, සමාධි සම්පන්න වූයේ, ප්‍රඥාවත් වූයේ, ක්‍ෂීණාශ්‍ර වූයේ, මා ක්‍ෂීණාශ්‍රවයෙකැයි ජනයා දැනගනීවායි නො කැමති වේ. මජ්ඣන්තික ස්ථවිරයන් වහන්සේ මෙනි.

ථෙරො කිර මහාඛීණාසවො අහොසි, පත‍්තචීවරං පනස‍්ස පාදමත‍්තමෙව අග‍්ඝති, සො අසොකස‍්ස ධම‍්මරඤ‍්ඤො විහාරමහදිවසෙ සඞ‍්ඝත්‍ථෙරො අහොසි. අථස‍්ස අතිලූඛභාවං දිස‍්වා මනුස‍්සා, “භන‍්තෙ, ථොකං බහි හොථා”ති ආහංසු. ථෙරො, “මාදිසෙ ඛීණාසවෙ රඤ‍්ඤො සඞ‍්ගහං අකරොන‍්තෙ අඤ‍්ඤො කො කරිස‍්සතී”ති පථවියං නිමුජ‍්ජිත්‍වා සඞ‍්ඝත්‍ථෙරස‍්ස උක‍්ඛිත‍්තපිණ‍්ඩං ගණ‍්හන‍්තොයෙව උම‍්මුජ‍්ජි. එවං ඛීණාසවො සමානො, “ඛීණාසවොති මං ජනො ජානාතූ”ති න ඉච‍්ඡති. එවං අප‍්පිච‍්ඡො පන භික‍්ඛු අනුප‍්පන‍්නං ලාභං උප‍්පාදෙති, උප‍්පන‍්නං ලාභං ථාවරං කරොති, දායකානං චිත‍්තං ආරාධෙති, යථා යථා හි සො අත‍්තනො අප‍්පිච‍්ඡතාය අප‍්පං ගණ‍්හාති, තථා තථා තස‍්ස වත‍්තෙ පසන‍්නා මනුස‍්සා බහූ දෙන‍්ති.

මජ්ඣන්තික තෙරුන් වහන්සේ මහා රහතන් වහන්සේ නමකි. එහෙත් උන්වහන්සේගේ පා සිවුරු පාදයක් (කහවනුවෙන් හතරෙන් එකක්) පමණ අගී. උන්වහන්සේ අශෝක රජුගේ විහාර පූජා දිනයෙහි සංඝ ස්ථවිර වූහ. උන්වහන්සේගේ රූක්‍ෂභාවය දැක මිනිස්සු ස්වාමීනි, මදක් බැහැර වුව මැනවැයි කීහ. රහතන් වහන්සේ මා වැනි රහත් කෙනෙකු රජුට සංග්‍රහ නො කරන කල්හි අන් කවරෙක් පිහිට වන්නේදැයි, පොළවෙහි කිමිද සංඝස්ථවිරයන්ට පුදන ලද පිණ්ඩය ගනිමින්ම නැගුනු සේක. මෙසේ මහ රහතන් වහන්සේ නමක් වූයේ ම ‘මේ රහත් කෙනෙකැ’යි මිනිසුන් දැනගන්නවාට නො කැමති විය. මෙසේ අල්පේච්ඡ භික්‍ෂුව නූපන් ලාභය උපදවයි. උපන් ලාභය තහවුරු කරයි. දායකයන්ගේ සිත ආරාධනය කරයි. හෙතෙම යම් විධියකින් තමාගේ අල්පේච්ඡ භාවයෙන් මදක් ගනී ද ඒ ඒ පරිද්දෙන් ඔහුගේ වතෙහි පැහැදුණු මිනිස්සු බොහෝකොට දෙන්නාහුය.

අපරොපි චතුබ‍්බිධො අප‍්පිච‍්ඡො – පච‍්චයඅප‍්පිච‍්ඡො ධුතඞ‍්ගඅප‍්පිච‍්ඡො පරියත‍්තිඅප‍්පිච‍්ඡො අධිගමඅප‍්පිච‍්ඡොති. තත්‍ථ චතූසු පච‍්චයෙසු අප‍්පිච‍්ඡො පච‍්චයඅප‍්පිච‍්ඡො නාම, සො දායකස‍්ස වසං ජානාති, දෙය්‍යධම‍්මස‍්ස වසං ජානාති, අත‍්තනො ථාමං ජානාති. යදි හි දෙය්‍යධම‍්මො බහු හොති, දායකො අප‍්පං දාතුකාමො, දායකස‍්ස වසෙන අප‍්පං ගණ‍්හාති. දෙය්‍යධම‍්මො අප‍්පො, දායකො බහුං දාතුකාමො, දෙය්‍යධම‍්මස‍්ස වසෙන අප‍්පං ගණ‍්හාති. දෙය්‍යධම‍්මොපි බහු, දායකොපි බහුං දාතුකාමො, අත‍්තනො ථාමං ඤත්‍වා පමාණෙනෙව ගණ‍්හාති.

මීට වෙනස් වූ ද සතර වැදෑරුම් අල්පේච්ඡයක් වෙයි. ප්‍රත්‍ය අල්පේච්ඡය, ධුතංග අල්පේච්ඡය, පරියත්ති අල්පේච්ඡය, අධිගම අල්පේච්ඡය යනුවෙනි. ඔවුන් අතරෙන් සිවුපසයෙහි අල්පේච්ඡ වූයේ ප්‍රත්‍ය අල්පේච්ඡයයි. ඔහු දායකයාගේ කැමැත්ත, ශක්තිය දනී. දාන වස්තුවේ ප්‍රමාණය දනී. තමාගේ තරාතිරම ශක්තිය දනී. ඉදින් දාන වස්තුව බොහෝ වේද? දායකයා මදක් දෙනු කැමති වේද, දායකයාගේ වශයෙන් ස්වල්පයක් ගනී. දාන වස්තුව ස්වල්ප වූයේ දායකයා බොහෝ දෙනු කැමති වේද, තමාගේ ශක්තිය දැන ප්‍රමාණයෙන් ගනී. දාන වස්තුවත් බොහෝ වේද, දායකයා බොහෝ දෙනු කැමතිත් වේද, එකල තමාගේ ශක්තිය ගැන ප්‍රමාණයෙන් ගන්නේ ය.

ධුතඞ‍්ගසමාදානස‍්ස අත‍්තනි අත්‍ථිභාවං නජානාපෙතුකාමො ධුතඞ‍්ගඅප‍්පිච‍්ඡො නාම. තස‍්ස විභාවනත්‍ථං ඉමානි වත්‍ථූනි – සොසානිකමහාසුමනත්‍ථෙරො කිර සට‍්ඨි වස‍්සානි සුසානෙ වසි, අඤ‍්ඤො එකභික‍්ඛුපි න අඤ‍්ඤාසි, තෙනෙවාහ –

ද්‍රවඟ පිළිවෙත් තමා සන්තකව ඇති බැව් නො දන්වනු කැමැත්තේ, ප්‍රචාරය නො කරනු කැමැත්තේ ධුතංග අල්පේච්ඡයයි. එය ප්‍රකෘති කිරීම පිණිස මේ වස්තූහු වෙති. සෝසානික මහා කුමාර ස්ථවිරයෝ අවුරුදු හැටක් සුසාන භූමියෙහි විසීය. වෙනත් එකම භික්‍ෂුවක් වත් එය නො දත්තේය.

“සුසානෙ සට‍්ඨි වස‍්සානි, අබ‍්බොකිණ‍්ණං වසාමහං; දුතියො මං න ජානෙය්‍ය, අහො සොසානිකුත‍්තමො”ති.

සුසානෙ සට්ඨි වස්සානි - අබ්බොකිණ්ණං වසාමහං දුතියො මං නජානෙය - අහො සොසානිකුත්තමො

මම හැමවසක් සොහොනෙහි විසුවෙමි. වෙනත් කෙනෙකු හා සම්බන්ධ නොවී විසූවෙමි. දෙවැන්නෙක් මා පිළිබඳව නො දන්නේය. සෝසානික ධුතංගයාගේ උතුම් බව පුදුම සහගතය.

චෙතියපබ‍්බතෙ ද‍්වෙභාතියත්‍ථෙරා වසිංසු. තෙසු කනිට‍්ඨො උපට‍්ඨාකෙන පෙසිතා උච‍්ඡුඛණ‍්ඩිකා ගහෙත්‍වා ජෙට‍්ඨස‍්ස සන‍්තිකං අගමාසි. පරිභොගං, භන‍්තෙ, කරොථාති. ථෙරස‍්ස ච භත‍්තකිච‍්චං කත්‍වා මුඛං වික‍්ඛාලනකාලො අහොසි. සො අලං, ආවුසොති ආහ. කච‍්චි, භන‍්තෙ, එකාසනිකත්‍ථාති. ආහරාවුසො, උච‍්ඡුඛණ‍්ඩිකාති පඤ‍්ඤාස වස‍්සානි එකාසනිකො සමානොපි ධුතඞ‍්ගං නිගූහමානො පරිභොගං කත්‍වා මුඛං වික‍්ඛාලෙත්‍වා පුන ධුතඞ‍්ගං අධිට‍්ඨාය ගතො.

සෑගිරි පර්වතයෙහි සහෝදරවරු දෙනමක් විසූහ. බාල තැනැත්තා උපස්ථායකයා විසින් එවන ලද උක්දඬු කීපයක් ගෙන වැඩිමහල්ලා වෙත ගියේය. ස්වාමීනි, පරිභෝග කළ මැනවැයි ඉල්ලීය. තෙරුන්ගේද දන් වළඳා අවසන මුව සෝදන වෙලාව විය. හෙතෙම කම් නැතැයි කීය. ඇයිද ස්වාමීනි, ඒකසනිකංග වූයේදැයි විමසීය. ඇවැත්නි, උක්දඬු ගෙනෙව කීය. පනස්වසක් ආරක්‍ෂා කළ ඒකාසනිකංගය සඟවා උක්දඬු පරිභෝග කොට මුව සෝදා දමා නැවත ඒකාසනිකංග ධුතංගය අධිෂ්ඨාන කළේය.

යො පන සාකෙතකතිස‍්සත්‍ථෙරො විය බහුස‍්සුතභාවං ජානාපෙතුං න ඉච‍්ඡති, අයං පරියත‍්තිඅප‍්පිච‍්ඡො නාම. ථෙරො කිර ඛණො නත්‍ථීති උද‍්දෙසපරිපුච‍්ඡාසු ඔකාසං අකරොන‍්තො මරණක‍්ඛයං, භන‍්තෙ, ලභිස‍්සථාති චොදිතො ගණං විස‍්සජ‍්ජෙත්‍වා කණිකාරවාලිකසමුද‍්දවිහාරං ගතො. තත්‍ථ අන‍්තොවස‍්සං ථෙරනවමජ‍්ඣිමානං උපකාරො හුත්‍වා මහාපවාරණාය උපොසථදිවසෙ ධම‍්මකථාය ජනතං ඛොභෙත්‍වා ගතො.

යමෙක් වනාහි සාකෙතකතිස්ස තෙරුන් මෙන් බහුශ්‍රැත භාවය දන්වන්නට නො කැමැති වීම මේ පර්යාප්ති අල්පේච්ඡතාවයයි. ස්ථවිරයන් වහන්සේ වනාහි, උදෙසීම් පිළිවිසීම් ආදිය නො කරන්නේ මොහොතක් (වෙලාවක්) නැතැයි කියයි. එහිදී මරණ ඇසිල්ල ලබන්නෙහිදැයි සමහරු චෝදනා කළහ. එසේ චෝදනා කරන ලද සඟ පිරිස අත්හැර කිහිරිවැල මුහුදු විහාරයට වැඩියහ. එහිදී වස් කාලය තුළ ස්ථවිර නවක මජ්ඣිම භික්‍ෂූන්ට උපකාරව සිට මහා පවාරණ පොහෝ දිනයෙහි ධර්ම කථාවෙන් මුළු ජනපදය (තම බහුශ්‍රැත) බවින් එකලු කොට ගියේය.

යො පන සොතාපන‍්නාදීසු අඤ‍්ඤතරො හුත්‍වා සොතාපන‍්නාදිභාවං ජානාපෙතුං න ඉච‍්ඡති, අයං අධිගමඅප‍්පිච‍්ඡො නාම, තයො කුලපුත‍්තා විය ඝටිකාරකුම‍්භකාරො විය ච.

යමෙක් වනාහී සෝවාන් ආදි මාර්ගඵල ලබාත්, නය දන්වන්නට අකැමැති වේද, එය අධිගම අල්පේච්ඡභාවය වේ. කුලපුත්‍රයන් තුන්දෙනා මෙන් ද, ඝටීකාර කුඹල්කරු මෙන් ද වේ.

ආයස‍්මා පන පුණ‍්ණො අත්‍රිච‍්ඡතං පාපිච‍්ඡතං මහිච‍්ඡතඤ‍්ච පහාය සබ‍්බසො ඉච‍්ඡාපටිපක‍්ඛභූතාය අලොභසඞ‍්ඛාතාය පරිසුද‍්ධාය අප‍්පිච‍්ඡතාය සමන‍්නාගතත‍්තා අප‍්පිච‍්ඡො නාම අහොසි. භික‍්ඛූනම‍්පි, “ආවුසො, අත්‍රිච‍්ඡතා පාපිච‍්ඡතා මහිච‍්ඡතාති ඉමෙ ධම‍්මා පහාතබ‍්බා”ති තෙසු ආදීනවං දස‍්සෙත්‍වා එවරූපං අප‍්පිච‍්ඡතං සමාදාය වත‍්තිතබ‍්බන‍්ති අප‍්පිච‍්ඡකථං කථෙසි. තෙන වුත‍්තං “අත‍්තනා ච අප‍්පිච‍්ඡො අප‍්පිච‍්ඡකථඤ‍්ච භික‍්ඛූනං කත‍්තා”ති.

ආයුෂ්මත් පුණ්ණ තෙරුන් වහන්සේ වනාහි අත්‍රිච්ඡතාව (අධික ආශා ඇති බව) පාපිච්ඡතාව (පව් කිරීමට ආශාව) මහිච්ඡතාව (බොහෝ දේ අවශ්‍ය බව) යන සියල්ල හැර හැම අයුරකින්ම ඉච්ඡාවන් දුරුකොට තෘෂ්ණාරහිත වූ පිරිසිදු වූ අපිස් බවින් සමන්විත වූයේ අල්පේච්ඡ නම් වේ. භික්‍ෂූන්ට ද ඇවැත්නි, අත්‍රිච්ඡතා (ආශාධික වූයේ) පාපිච්ඡතා (පාපී බවට යොමුවූයේ) මහිච්ඡතා (බොහෝ දේ අවශ්‍ය වූයේ) යන මේ සියලු ධර්මයන් පහකළ යුතුයයි ඒ ධර්මයන්හි ආදීනව දක්වා මෙබඳු වූ අපිස් බවම සමාදන්ව පැවැතිය යුතුයයි අල්පේච්ඡ කථාව වදාළේය. “අත්තනාව අප්පිච්ඡො අප්පිඤ්ච කථංච භික්ඛුනං කත්‍ථා” යනු එහෙයින් කියන ලදී.

ද‍්වාදසවිධසන‍්තොසවණ‍්ණනා

ද්වාදසවිධසන්තොසවණ්ණනා

ඉදානි අත‍්තනා ච සන‍්තුට‍්ඨොතිආදීසු විසෙසත්‍ථමෙව දීපයිස‍්සාම. යොජනා පන වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බා. සන‍්තුට‍්ඨොති ඉතරීතරපච‍්චයසන‍්තොසෙන සමන‍්නාගතො. සො පනෙස සන‍්තොසො ද‍්වාදසවිධො හොති. සෙය්‍යථිදං, චීවරෙ යථාලාභසන‍්තොසො යථාබලසන‍්තොසො යථසාරුප‍්පසන‍්තොසොති තිවිධො, එවං පිණ‍්ඩපාතාදීසු. තස‍්සායං පභෙදසංවණ‍්ණනා.

දැන් අත්තනාව සන්තුට්ඨො ආදියෙහි විශේෂාර්ථයම දක්වන්නෙමු. අර්ථ යෙදීම කී ආකාරයෙන්ම දතයුතුයි. සන්තුට්ඨො යනු ඉතරෙතර ප්‍රත්‍ය සන්තෝෂයෙන් සමන්විත වූයේ, ඒ සන්තෝෂය වනාහි දොළොස් ආකාර වෙයි. කෙසේද යත්, යථාලාභ සන්තෝෂ යථා බල සන්තෝෂ, යථා සාරුප්ප සන්තෝෂ යනුවෙන් තෙපරිදිය. පිණ්ඩපාතාදියෙහි ද මෙසේය. මේ එහි ප්‍රභේද විස්තරයයි.

ඉධ භික‍්ඛු චීවරං ලභති සුන්‍දරං වා අසුන්‍දරං වා. සො තෙනෙව යාපෙති අඤ‍්ඤං න පත්‍ථෙති, ලභන‍්තොපි න ගණ‍්හාති, අයමස‍්ස චීවරෙ යථාලාභසන‍්තොසො. අථ යො පකතිදුබ‍්බලො වා හොති ආබාධජරාභිභූතො වා, ගරුචීවරං පාරුපන‍්තො කිලමති, සො සභාගෙන භික‍්ඛුනා සද‍්ධිං තං පරිවත‍්තෙත්‍වා ලහුකෙන යාපෙන‍්තොපි සන‍්තුට‍්ඨොව හොති, අයමස‍්ස චීවරෙ යථාබලසන‍්තොසො. අපරො පණීතපච‍්චයලාභී හොති, සො පට‍්ටචීවරාදීනං අඤ‍්ඤතරං මහග‍්ඝචීවරං බහූනි වා පන චීවරානි ලභිත්‍වා ඉදං ථෙරානං චිරපබ‍්බජිතානං ඉදං බහුස‍්සුතානං අනුරූපං, ඉදං ගිලානානං ඉදං අප‍්පලාභානං හොතූති දත්‍වා තෙසං පුරාණචීවරං වා සඞ‍්කාරකූටාදිතො වා නන‍්තකානි උච‍්චිනිත්‍වා තෙහි සඞ‍්ඝාටිං කත්‍වා ධාරෙන‍්තොපි සන‍්තුට‍්ඨොව හොති, අයමස‍්ස චීවරෙ යථාසාරුප‍්පසන‍්තොසො.

මෙහි භික්‍ෂුවක් සිනිඳු හෝ රළු හෝ සිවුරක් ලබයි. හෙතෙම එයින් ම යැපෙයි. වෙන එකක් ප්‍රාර්ථනා නො කරයි. ලැබුනත් නො ගනියි. මෙය ඔහුගේ සිවුරු පිළිබඳ යථාලාභ සන්තෝෂයයි. ඉක්බිති යම් භික්‍ෂුවක් ස්වභාවයෙන් ම දුර්වල වේද, රෝගයකින් හෝ ජරාවෙන් පීඩා විඳින්නේ ද, බර සිවුරක් පොරවන්නේ ක්ලාන්ත වේද, හෙතෙම සභාග භික්‍ෂුවක් සමග එය මාරුකොට සැහැල්ලු සිවුරක් ලබාගෙන සතුටු වන්නේද මේ ඔහුගේ චීවරයෙහි යථාබල සන්තෝෂයයි. වෙනත් කෙනෙක් ප්‍රණීත වූ ප්‍රත්‍යය ලබනසුළු වේද, හෙතෙම පට සිවුරක් හෝ වෙනත් වටිනා සිවුරක් හෝ බොහෝ සිවුරු හෝ ලැබ, මෙය පැවිදිව බොහෝකල් වූ ස්ථවිර නමකට නැතිනම් බහුශ්‍රැතයන්ට සුදුසුය. නැතිනම් මෙය ගිලනුන්ට හෝ අල්පලාභියෙකුට සුදුසුයයි එවැන්නෙකුට දී ඔවුන්ගේ පැරණි සිවුරක් හෝ, කසල ගොඩ ආදියෙන් අවුලා සකස් කරන ලද සඟල සිවුරක් දරන්නේ ද එයින් සතුටු වන්නේ ද චීවරය පිළිබඳ යථා සාරුප්‍ය සන්තෝෂයයි.

ඉධ පන භික‍්ඛු පිණ‍්ඩපාතං ලභති ලූඛං වා පණීතං වා, සො තෙනෙව යාපෙති, අඤ‍්ඤං න පත්‍ථෙති, ලභන‍්තොපි න ගණ‍්හාති, අයමස‍්ස පිණ‍්ඩපාතෙ යථාලාභසන‍්තොසො. යො පන අත‍්තනො පකතිවිරුද‍්ධං වා බ්‍යාධිවිරුද‍්ධං වා පිණ‍්ඩපාතං ලභති, යෙනස‍්ස පරිභුත‍්තෙන අඵාසු හොති, සො සභාගස‍්ස භික‍්ඛුනො තං දත්‍වා තස‍්ස හත්‍ථතො සප‍්පායභොජනං භුඤ‍්ජිත්‍වා සමණධම‍්මං කරොන‍්තොපි සන‍්තුට‍්ඨොව හොති, අයමස‍්ස පිණ‍්ඩපාතෙ යථාබලසන‍්තොසො. අපරො බහුං පණීතං පිණ‍්ඩපාතං ලභති, සො තං චීවරං විය චිරපබ‍්බජිතබහුස‍්සුතඅප‍්පලාභිගිලානානං දත්‍වා තෙසං වා සෙසකං පිණ‍්ඩාය වා චරිත්‍වා මිස‍්සකාහාරං භුඤ‍්ජන‍්තොපි සන‍්තුට‍්ඨොව හොති, අයමස‍්ස පිණ‍්ඩපාතෙ යථාසාරුප‍්පසන‍්තොසො.

නැවත භික්‍ෂුවක් වනාහි නීරස හෝ මිහිරි හෝ පිණ්ඩපාතයක් ලබයි ද හෙතෙම එයින් යැපෙයි ද, වෙනත් දෙයක් නො පතයිද, ලැබුනත් නො ගන්නේ ද මෙය ඔහුගේ පිණ්ඩපාතය පිළිබඳ යථාලාභ සන්තෝෂයයි. යම්කිසි භික්‍ෂුවක් තමාගේ ස්වභාවයට (කැමැත්තට) විරුද්ධ හෝ රෝගයට අපථ්‍ය හෝ පිණ්ඩපාතයක් ලබයි. යම්කිසි විධියකින් පරිභෝග කරන ලද පිණ්ඩපාතයකින් අපහසු තත්ත්වයකට පත්වීද, හෙතෙම එය සභාග මහණක් හට දී ඔහු අතින් වෙනත් යහපත් බොජුන් වළඳා මහණදම් කරන්නේ ද සතුටුවූයේම වේ ද මේ ඔහුගේ පිණ්ඩපාතයෙහි යථාබල සන්තෝෂයයි. වෙනත් භික්‍ෂුවක් බොහෝ ප්‍රණීත පිණ්ඩපාතය ලබයිද, හෙතෙම එය ප්‍රවෘජිත ස්ථවිරවරුන්ට, බහුශ්‍රැතයන්ට අල්පලාභීන්ට දී ඔවුන්ගෙන් ඉතිරිය හෝ පිණ්ඩපාතයේ හැසිර මිශ්‍රක ආහාරයක් ලැබ එය වළඳමින් සතුටු වන්නේද මේ පිණ්ඩපාතයෙහි යථා සාරුප්‍ය සන්තෝෂයයි.

ඉධ පන භික‍්ඛු සෙනාසනං ලභති මනාපං වා අමනාපං වා, සො තෙන නෙව සොමනස‍්සං න පටිඝං උප‍්පාදෙති, අන‍්තමසො තිණසන්‍ථාරකෙනාපි යථාලද‍්ධෙනෙව තුස‍්සති, අයමස‍්ස සෙනාසනෙ යථාලාභසන‍්තොසො. යො පන අත‍්තනො පකතිවිරුද‍්ධං වා බ්‍යාධිවිරුද‍්ධං වා සෙනාසනං ලභති, යත්‍ථස‍්ස වසතො අඵාසු හොති, සො තං සභාගස‍්ස භික‍්ඛුනො දත්‍වා තස‍්ස සන‍්තකෙ සප‍්පායසෙනාසනෙ වසන‍්තොපි සන‍්තුට‍්ඨොව හොති, අයමස‍්ස සෙනාසනෙ යථාබලසන‍්තොසො. අපරො මහාපුඤ‍්ඤො ලෙණමණ‍්ඩපකූටාගාරාදීනි බහූනි පණීතසෙනාසනානි ලභති, සො තානි චීවරාදීනි විය චිරපබ‍්බජිතබහුස‍්සුතඅප‍්පලාභිගිලානානං දත්‍වා යත්‍ථ කත්‍ථචි වසන‍්තොපි සන‍්තුට‍්ඨොව හොති, අයමස‍්ස සෙනාසනෙ යථාසාරුප‍්පසන‍්තොසො. යොපි, “උත‍්තමසෙනාසනං නාම පමාදට‍්ඨානං, තත්‍ථ නිසින‍්නස‍්ස ථිනමිද‍්ධං ඔක‍්කමති, නිද‍්දාභිභූතස‍්ස පුන පටිබුජ‍්ඣතො පාපවිතක‍්කා පාතුභවන‍්තී”ති පටිසඤ‍්චික‍්ඛිත්‍වා තාදිසං සෙනාසනං පත‍්තම‍්පි න සම‍්පටිච‍්ඡති, සො තං පටික‍්ඛිපිත්‍වා අබ‍්භොකාසරුක‍්ඛමූලාදීසු වසන‍්තොපි සන‍්තුට‍්ඨොව හොති, අයම‍්පිස‍්ස සෙනාසනෙ යථාසාරුප‍්පසන‍්තොසො.

මෙහි භික්‍ෂුවක් වනාහි කැමති හෝ අකමැති සෙනසුනක් ලබාද, හෙතෙම එයින් සොම්නසක් හෝ ක්‍රෝධයක් උපදවයි ද, යටත්පිරිසෙයින් තණ ඇතිරියක් ලද පරිද්දෙන් ම සතුටු වේද, මේ ඔහුගේ සෙනසුන් පිළිබඳව ‘යථාලාභ’ සන්තෝෂයයි. යම් භික්‍ෂුවක් වනාහි තමන්ගේ ස්වභාවයට විරුද්ධ හෝ අසනීපයට විරුද්ධ හෝ සෙනසුනක් ලබයි. එහි වැසීම අපහසු වෙයි ද, හෙතෙම එය සභාග භික්‍ෂුවකට දී ඔහු සමීපයෙන් සත්ප්‍රාය වූ ගැලපෙන්නා වූ සෙනසුනක් ලැබ සන්තෝෂ වන්නේ ද, මේ ඔහුගේ සෙනසුන් පිළිබඳව ‘යථාබල සන්තෝෂයයි. වෙනත් භික්‍ෂුවක් ලෙන්, මඩුලු, කුළුගෙවල් ආදියෙන් සමන්විත බොහෝ සැප පහසු ඇති සෙනසුනක් ලබා ද, එය චීවරාදියෙහි මෙන් වැඩි වස් සහිත ස්ථවිර භික්‍ෂුවකට හෝ බහුශ්‍රැත භික්‍ෂුවකට හෝ අල්පලාභි භික්‍ෂුවකට හෝ ගිලන් භික්‍ෂුවකට හෝ දී, යම්කිසි තැනක වෙසෙමින් සතුටු වන්නේ ද මේ සෙනසුන් පිළිබඳව යථා සාරුප්‍ය සන්තෝෂය වන්නේ ය. උතුම් සේනාසන නම් ප්‍රමාදයට කරුණුය. එහි ඉන්නා අයට ථීනමිද්ධය, නිදිමත බව ඇති වේ. නින්දෙන් මඩනා ලදුව නැවත පුබුදින්නන්ට පාප සිතිවිලි පහළ වෙති. ප්‍රත්‍යවේක්‍ෂා කොට එවැනි සෙනසුනකට පැමිණිය ද නො පිළිගනී. හෙතෙම එය ප්‍රතික්ෂේප කොට පාළු හිස් තැනක, ගසක් මුලක වෙසෙමින් ම සතුටු වන්නේ ද එය සේනාසන පිළිබඳව යථා සාරුප්‍ය සන්තෝෂය වේ.

ඉධ පන භික‍්ඛු භෙසජ‍්ජං ලභති ලූඛං වා පණීතං වා, සො යං ලභති, තෙනෙව සන‍්තුස‍්සති, අඤ‍්ඤං න පත්‍ථෙති, ලභන‍්තොපි න ගණ‍්හාති, අයමස‍්ස ගිලානපච‍්චයෙ යථාලාභසන‍්තොසො. යො පන තෙලෙන අත්‍ථිකො ඵාණිතං ලභති, සො තං සභාගස‍්ස භික‍්ඛුනො දත්‍වා තස‍්ස හත්‍ථතො තෙලං ගහෙත්‍වා අඤ‍්ඤදෙව වා පරියෙසිත්‍වා තෙහි භෙසජ‍්ජං කරොන‍්තොපි සන‍්තුට‍්ඨොව හොති, අයමස‍්ස ගිලානපච‍්චයෙ යථාබලසන‍්තොසො. අපරො මහාපුඤ‍්ඤො බහුං තෙලමධුඵාණිතාදිපණීතභෙසජ‍්ජං ලභති, සො තං චීවරං විය චිරපබ‍්බජිතබහුස‍්සුතඅප‍්පලාභිගිලානානං දත්‍වා තෙසං ආභතකෙන යෙන කෙනචි යාපෙන‍්තොපි සන‍්තුට‍්ඨොව හොති. යො පන එකස‍්මිං භාජනෙ මුත‍්තහරීතකං ඨපෙත්‍වා එකස‍්මිං චතුමධුරං, “ගණ‍්හ, භන‍්තෙ, යදිච‍්ඡසී”ති වුච‍්චමානො සචස‍්ස තෙසු අඤ‍්ඤතරෙනපි රොගො වූපසම‍්මති, අථ මුත‍්තහරීතකං නාම බුද‍්ධාදීහි වණ‍්ණිතන‍්ති චතුමධුරං පටික‍්ඛිපිත්‍වා මුත‍්තහරීතකෙනෙව භෙසජ‍්ජං කරොන‍්තො පරමසන‍්තුට‍්ඨොව හොති, අයමස‍්ස ගිලානපච‍්චයෙ යථාසාරුප‍්පසන‍්තොසො.

මෙහි යම්කිසි භික්‍ෂුවක් වනාහි බෙහෙත් ගිලන්පස ලබයි. එය ප්‍රණීත වූයේ හෝ තිත්ත වූයේ හෝ තමන් එයින් සතුටු වන්නේ ද වෙන යමක් නො පතන්නේ ද, ලැබුනත් නො ගන්නේ ද එය ගිලන්පස පිළිබඳව යථාලාභ සතෝෂය වේ. යම්කිසි භික්‍ෂුවකට තෙලින් ප්‍රයෝජන ඇති කල්හි (උක්) පැණි ලබයි ද, හෙතෙම එය සභාග භික්‍ෂුවකට දී ඔහු අතින් තෙල් ගෙන වෙනත් තෙලක්ම සොයා වෙදකම් කරන්නේ ම සතුටට පත් වේද, මේ වූ කලී බෙහෙත් ගිලන්පස පිළිබඳ යථාබල සන්තෝෂය වේ. අනෙක් මහ පිනැති භික්‍ෂුවක් බොහෝ තෙල්, මී, සකුරු, ආදී ප්‍රණීත වූ බෙහෙත් ලබයිද? හෙතෙම එය මහා ස්ථවිර, බහුශ්‍රැත, අල්පලාභී, ගිලන්, භික්‍ෂුවකට දී ඔවුන්ගෙන් ලබන්නා වූ කිසිවකින් යැපෙමින් සතුටු වේද, නැතහොත් එක් භාජනයක මුත්‍ර හරීතකය ද, එකක චතුමධුර ද තබා ස්වාමීනි, කැමති දෙයක් ගන්නැයි කී කල්හී, ඉදින් ඔහුගේ රෝගය ඒ දෙක අතුරෙන් එකකින් වුවත් සන්සිඳෙන්නේ ද, එකල්හි මුත්‍ර හරීටකය බුද්ධාදීන් විසින් වර්ණිත බැවින් චතුමධුර පිළිකෙව් කොට මුදු හරීටකය ගෙන බෙහෙත් කරමින් පරම සතුටට පත් වන්නේද? මේ වූ කලී ගිලන්පස පිළිබඳව යථා සාරුප්‍ය සන්තෝෂය වේ.

ඉමෙසං පන පච‍්චෙකං පච‍්චයෙසු තිණ‍්ණං තිණ‍්ණං සන‍්තොසානං යථාසාරුප‍්පසන‍්තොසොව අග‍්ගො. ආයස‍්මා පුණ‍්ණො එකෙකස‍්මිං පච‍්චයෙ ඉමෙහි තීහි සන‍්තොසෙහි සන‍්තුට‍්ඨො අහොසි. සන‍්තුට‍්ඨිකථඤ‍්චාති භික‍්ඛූනම‍්පි ච ඉමං සන‍්තුට‍්ඨිකථං කත‍්තාව අහොසි.

මොවුන් අතුරෙන් වනාහි වෙන වෙනම ප්‍රත්‍යයන්හි මේ සන්තෝෂ තුන අතුරෙන් යථා සාරුප්‍ය සන්තෝෂයම අග්‍ර වේ. ආයුෂ්මත් පුණ්ණ තෙරුන් වහන්සේ එකි එකී ප්‍රත්‍යයෙහි මේ තුන් සන්තෝෂයන්ගෙන් සන්තෝෂ වූයේය. සන්තුට්ඨි කථඤ්ච යනු භික්‍ෂූන්ට මේ සන්තුට්ඨි කථාව කරන්නේම වේ.

තිවිධපවිවෙකවණ‍්ණනා

තිවිධපවිවෙකවණ්ණනා

පවිවිත‍්තොති කායපවිවෙකො චිත‍්තපවිවෙකො උපධිපවිවෙකොති ඉමෙහි තීහි පවිවෙකෙහි සමන‍්නාගතො. තත්‍ථ එකො ගච‍්ඡති, එකො තිට‍්ඨති, එකො නිසීදති, එකො සෙය්‍යං කප‍්පෙති, එකො ගාමං පිණ‍්ඩාය පවිසති, එකො පටික‍්කමති, එකො චඞ‍්කමමධිට‍්ඨාති, එකො චරති, එකො විහරතීති අයං කායපවිවෙකො නාම. අට‍්ඨ සමාපත‍්තියො පන චිත‍්තපවිවෙකො නාම. නිබ‍්බානං උපධිපවිවෙකො නාම. වුත‍්තම‍්පි හෙතං – “කායපවිවෙකො ච විවෙකට‍්ඨකායානං නෙක‍්ඛම‍්මාභිරතානං. චිත‍්තපවිවෙකො ච පරිසුද‍්ධචිත‍්තානං පරමවොදානප‍්පත‍්තානං. උපධිවිවෙකො ච නිරුපධීනං පුග‍්ගලානං විසඞ‍්ඛාරගතාන”න‍්ති (මහානි· 57). පවිවෙකකථන‍්ති භික‍්ඛූනම‍්පි ච ඉමං පවිවෙකකථං කත‍්තා.

පවිවිත්තො යනු කාය පවිවේකය, චිත්ත පවිවේකය, උපධි පවිවේකය යන මේ තුන් පවිවේකයන්ගෙන් සමන්විත වූයේ යනුයි. එක්වන්ව යයි, හුදෙකලාවම සිටියි. හුදෙකලාවම නිදයි. හුදෙකලාවම පිඬු පිණිස හැසිරෙයි. හුදෙකලාවම පෙරළා එයි. හුදෙකලාවම සක්මන් කරයි. හුදෙකලාවම හැසිරෙයි. හුදෙකලාවම වාසය කරයි. මේ වූ කලී කාය පවිවේකය නම් වෙයි. අෂ්ට සමාපත්තිය චිත්ත පවිවේකය නම් වේ. නිර්වාණය උපධි පවිවේක නම් වේ. ‘කාය පවිවේකොච වවකට්ඨ කායානං, නෙකඛම්මාහිරකානං, චිත්ත පවිවෙකො ච පරිසුද්ධ චිත්තානං, පරම වොදානප්පත්තානං, උපරි පවිවෙකොච නිරූපධීනං පුග්ගලානං විසංඛාර ගතානං’ යනු එහෙයින් කියන ලදී. පවිවෙක කථන්ති යනු භික්‍ෂූන්ට ද යළි මේ පවිවේක කථාව කරන්නේ,

පඤ‍්චවිධසංසග‍්ගවණ‍්ණනා

පඤ්චවිධසංසග්ගවණ්ණනා

අසංසට‍්ඨොති පඤ‍්චවිධෙන සංසග‍්ගෙන විරහිතො. සවනසංසග‍්ගො දස‍්සනසංසග‍්ගො සමුල‍්ලපනසංසග‍්ගො සම‍්භොගසංසග‍්ගො කායසංසග‍්ගොති පඤ‍්චවිධො සංසග‍්ගො. තෙසු ඉධ භික‍්ඛු සුණාති, “අසුකස‍්මිං ගාමෙ වා නිගමෙ වා ඉත්‍ථී වා කුමාරිකා වා අභිරූපා දස‍්සනීයා පාසාදිකා පරමාය වණ‍්ණපොක‍්ඛරතාය සමන‍්නාගතා”ති. සො තං සුත්‍වා සංසීදති විසීදති න සක‍්කොති බ්‍රහ‍්මචරියං සන්‍ධාරෙතුං, සික‍්ඛාදුබ‍්බල්‍යං අනාවිකත්‍වා හීනායාවත‍්තතීති එවං පරෙහි වා කථීයමානං රූපාදිසම‍්පත‍්තිං අත‍්තනා වා හසිතලපිතගීතසද‍්දං සුණන‍්තස‍්ස සොතවිඤ‍්ඤාණවීථිවසෙන උප‍්පන‍්නො රාගො සවනසංසග‍්ගො නාම. සො අනිත්‍ථිගන්‍ධපච‍්චෙකබොධිසත‍්තස‍්ස ච පඤ‍්චග‍්ගළලෙණවාසීතිස‍්සදහරස‍්ස ච වසෙන වෙදිතබ‍්බො –

අසංසට්ඨො යනු පස් වැදෑරුම් සංසර්ගයන්ගෙන් වෙන් වූයේ, සංසර්ගය පස්වැදෑරුම්ය. ශ්‍රවණ සංසර්ගය (ශබ්දයෙහි ඇලීම), දර්ශන සංසර්ගය (දැකීමෙන් ඇලීම), සමුල්ලාප සංසර්ගය, (මිථ්‍යා විතර්කයන්හි ඇලීම) සම්හෝග සංසර්ගය (සම්භෝගයෙහි ඇලීම), කාය සංසර්ගය (ස්පර්ශයෙහි ඇලීම) යනු පස්වැදෑරුම් සංසර්ගයෝය. ඔවුන් අතුරෙහි මෙහි යම් භික්‍ෂුවක් අසවල් ගමේ හෝ නියම්ගමේ හෝ රූපශ්‍රීයෙන් යුත්, දැකුම්කළු, ප්‍රසාදය එළවන, ලස්සන පාටින් යුත් ස්ත්‍රියක් හෝ තරුණියක් ඉන්නේ යයි අසයි. අසා ඒ පිළිබඳ ඇල්මෙහි ගැලෙයි. විශේෂයෙන් ඇලෙයි. බ්‍රහ්මචරියාව ආරක්‍ෂා කරන්නට නො හැකි වෙයි. ශික්‍ෂාවන් දුර්වල වී එය ප්‍රකාශ නො කොට ගිහි බවට පත්වෙයි. මෙසේ අනුන් විසින් කියන ලද රූප සම්පත්තිය අසා හෝ තමන් විසින් සිනහසෙන, කථාකරන, ගී කියන හඬ අසන්නහුගේ ශ්‍රෝත විඤ්ඤාණයෙහි උපන්නා වූ රාග සිතිවිල්ල සවන සංසග්ග නම් වෙයි. මෙය අනිත්‍ථිගන්‍ධ පසේ බෝධි සත්ත්වයන්ගේ ද පංචග්ගල නම් ලෙන්වැසි තිස්ස සාමණේරයන්ගේ වශයෙන් ද දතයුතුයි.

දහරො කිර ආකාසෙන ගච‍්ඡන‍්තො ගිරිගාමවාසිකම‍්මාරධීතාය පඤ‍්චහි කුමාරීහි සද‍්ධිං පදුමසරං ගන‍්ත්‍වා න‍්හත්‍වා පදුමානි ච පිලන්‍ධිත්‍වා මධුරස‍්සරෙන ගායන‍්තියා සද‍්දං සුත්‍වා කාමරාගෙන විද‍්ධො විසෙසා පරිහායිත්‍වා අනයබ්‍යසනං පාපුණි.

සාමණේර තෙම අහසින් යන්නේ, ගිරිගම් වැසි කම්කරු දියණියන් වූ කුමරියන් පස්දෙනා පියුම් විලට ගොස් නා මල් පැළඳ මිහිරි හඬින් ගැයු ගී හඬ අසා කාම රාගයෙන් විඳින ලද්දේ විශේෂයෙන් පිරිහී අනතුරට පත් වූයේය.

ඉධ භික‍්ඛු න හෙව ඛො සුණාති, අපිච ඛො සාමං පස‍්සති ඉත්‍ථිං වා කුමාරිං වා අභිරූපං දස‍්සනීයං පාසාදිකං පරමාය වණ‍්ණපොක‍්ඛරතාය සමන‍්නාගතං. සො තං දිස‍්වා සංසීදති විසීදති න සක‍්කොති බ්‍රහ‍්මචරියං සන්‍ධාරෙතුං, සික‍්ඛාදුබ‍්බල්‍යං අනාවිකත්‍වා හීනායාවත‍්තතීති එවං විසභාගරූපං ඔලොකෙන‍්තස‍්ස පන චක‍්ඛුවිඤ‍්ඤාණවීථිවසෙන උප‍්පන‍්නරාගො දස‍්සනසංසග‍්ගො නාම. සො එවං වෙදිතබ‍්බො –

මේ ශාසනයෙහි කිසියම් භික්‍ෂුවක් තමන්ම නො අසයි. (එහෙත්) ලස්සන රූපයක් ඇති ප්‍රසාදය එළවන, උතුම් වූ ඡවි වර්ණයෙන් පැහැපත් වූ හොඳට වැඩුණු අඟපසඟ ඇති ස්ත්‍රියක් හෝ තරුණියක් තමන්ම දකී. හෙතෙම ඈ දැක ඒ රූපයෙහි ඇලෙයි. වශී වෙයි. බඹසර රකින්නට නො හැකි වෙයි. ශික්‍ෂාවන් දුබල බවට පැමිණෙයි. ශික්‍ෂාවන් දුබල නොකොට ගිහි බවට පැමිණෙයි. මෙසේ විසභාග රූපය බලන්නාට චක්ෂුර් විඥාන වීථි වශයෙන් උපන් රාගය දර්ශන සංසර්ගය නම් වෙයි. එය මෙසේ දතයුතුයි.

එකො කිර දහරො කාලදීඝවාපිද‍්වාරවිහාරං උද‍්දෙසත්‍ථාය ගතො. ආචරියො තස‍්ස අන‍්තරායං දිස‍්වා ඔකාසං න කරොති. සො පුනප‍්පුන‍්නං අනුබන්‍ධති. ආචරියො සචෙ අන‍්තොගාමෙ න චරිස‍්සසි. දස‍්සාමි තෙ උද‍්දෙසන‍්ති ආහ. සො සාධූති සම‍්පටිච‍්ඡිත්‍වා උද‍්දෙසෙ නිට‍්ඨිතෙ ආචරියං වන්‍දිත්‍වා ගච‍්ඡන‍්තො ආචරියො මෙ ඉමස‍්මිං ගාමෙ චරිතුං න දෙති, කිං නු ඛො කාරණන‍්ති චීවරං පාරුපිත්‍වා ගාමං පාවිසි, එකා කුලධීතා පීතකවත්‍ථං නිවාසෙත්‍වා ගෙහෙ ඨිතා දහරං දිස‍්වා සඤ‍්ජාතරාගා උළුඞ‍්කෙන යාගුං ආහරිත්‍වා තස‍්ස පත‍්තෙ පක‍්ඛිපිත්‍වා නිවත‍්තිත්‍වා මඤ‍්චකෙ නිපජ‍්ජි. අථ නං මාතාපිතරො කිං අම‍්මාති පුච‍්ඡිංසු, ද‍්වාරෙන ගතං දහරං ලභමානා ජීවිස‍්සාමි, අලභමානා මරිස‍්සාමීති. මාතාපිතරො වෙගෙන ගන‍්ත්‍වා ගාමද‍්වාරෙ දහරං පත්‍වා වන්‍දිත්‍වා, “නිවත‍්තථ, භන‍්තෙ, භික‍්ඛං ගණ‍්හාහී”ති ආහංසු. දහරො අලං ගච‍්ඡාමීති. තෙ, “ඉදං නාම, භන‍්තෙ, කාරණ”න‍්ති යාචිත්‍වා – “අම‍්හාකං, භන‍්තෙ, ගෙහෙ එත‍්තකං නාම ධනං අත්‍ථි, එකායෙව නො ධීතා, ත්‍වං නො ජෙට‍්ඨපුත‍්තට‍්ඨානෙ ඨස‍්සසි, සුඛෙන සක‍්කා ජීවිතු”න‍්ති ආහංසු. දහරො, “න මය‍්හං ඉමිනා පලිබොධෙන අත්‍ථො”ති අනාදියිත්‍වාව පක‍්කන‍්තො.

එක් තරුණ භික්‍ෂුවක් කාල දීඝවාපී විහාරයට පාමොක් උදෙසීම පිණිස ගියේ ගුරුවරයා ඔහුට වන අන්තරාය දැක අවසර නුදුන්නේ. හෙතෙම නැවත නැවත ඇවිටිලි කරන්නේ, ඉදින් ඔබ ඇතුලුගම නො හැසිරෙන්නෙහි නම් තොපට අවසර දෙන්නෙමි’යි කීය. භික්‍ෂුව එය පිළිගෙන අවසර ලබා, උද්දේසය නිමි කල්හි ආචාර්යයන් වැඳ යන්නේ, ගුරු හාමුදුරුවෝ මේ ගමෙහි හැසිරෙන්නට ඉඩ නො දෙයි. කවර කරුණක් නිසාදැයි සිවුරු පොරවා ගමට පිවිසියේය. එක් කුල දියණියක් කහ වස්ත්‍රයක් පොරවා ගෙදර සිටියේ, තරුණ භික්‍ෂුව දැක හටගත් රාග ඇත්තේ කෙණෙස්සෙන් කැඳ ගෙනැවිත් භික්‍ෂුවගේ පාත්‍රයෙහි බහා නැවතී ඇඳෙහි හොත්තීය. එකල්හි මව්පිය දෙදෙන මේ ඇයිද දරුවයි විචාළහ. (දැන) මෙතනින් ගියා වූ භික්‍ෂුව ලබන්නේ නම් ජීවත් වන්නෙමි. නැතිනම් මිය යන්නෙමියි ඇය කීවාය. මව්පිය දෙදෙන ඉක්මනින් ගොස් ගම්දොරදී තරුණ භික්‍ෂුව නවත්වා වැඳ ස්වාමීනි නවතිනු මැනැවි. දහවල් දානය ගතමැනැවැයි කීහ. භික්‍ෂුව කම් නැත යන්නෙමියි කීය. ඔව්හූ වහන්ස, කීමට කාරණයක් ඇතැයි ඉල්ලා සිටින්නේ, අපේ ගෙදර බොහෝ ධනය ඇත. එකම දියණියක් ද සිටී. ඔබ අපගේ එකම පුතා වනු මැනැවි. සුවසේ ජීවත් වන්නට හැකියයි කීහු. තරුණ භික්‍ෂුව මට මේ පළිබෝධයෙන් ප්‍රයෝජන නැතැයි නික්ම ගියේය.

මාතාපිතරො ගන‍්ත්‍වා, “අම‍්ම, නාසක‍්ඛිම‍්හා දහරං නිවත‍්තෙතුං, යං අඤ‍්ඤං සාමිකං ඉච‍්ඡසි, තං ලභිස‍්සසි, උට‍්ඨෙහි ඛාද ච පිව චා”ති ආහංසු. සා අනිච‍්ඡන‍්තී සත‍්තාහං නිරාහාරා හුත්‍වා කාලමකාසි. මාතාපිතරො තස‍්සා සරීරකිච‍්චං කත්‍වා තං පීතකවත්‍ථං ධුරවිහාරෙ භික‍්ඛුසඞ‍්ඝස‍්ස අදංසු, භික‍්ඛූ වත්‍ථං ඛණ‍්ඩාඛන‍්ඩං කත්‍වා භාජයිංසු. එකො මහල‍්ලකො අත‍්තනො කොට‍්ඨාසං ගහෙත්‍වා කල්‍යාණීවිහාරං ආගතො. සොපි දහරො චෙතියං වන්‍දිස‍්සාමීති තත්‍ථෙව ගන‍්ත්‍වා දිවාට‍්ඨානෙ නිසීදි. මහල‍්ලකො තං වත්‍ථඛණ‍්ඩං ගහෙත්‍වා, “ඉමිනා මෙ පරිස‍්සාවනං විචාරෙථා”ති දහරං අවොච. දහරො මහාථෙර “කුහිං ලද‍්ධ”න‍්ති ආහ. සො සබ‍්බං පවත‍්තිං කථෙසි. සො තං සුත්‍වාව, “එවරූපාය නාම සද‍්ධිං සංවාසං නාලත්‍ථ”න‍්ති රාගග‍්ගිනා දඩ‍්ඪො තත්‍ථෙව කාලමකාසි.

දෙමාපියෝ ආපසු ගොස් දරුව, භික්‍ෂුව නවත්වා ගැනීමට නො හැකි විය. අපි වෙනත් කැමැති කෙනෙකු බලමුයි කීහ. නැගිට කන්න බොන්නැයි කීහ. ඕ නො කැමති වන්නී සතියක් නිරාහාරව සිට කලුරිය කළාය. දෙමාපියෝ, ඇගේ සිරුර පිළිබඳව අවසන් කටයුතු කර ඒ කහ වස්ත්‍රය ළඟ පන්සලේ භික්‍ෂු සංඝයාට පූජා කළහ. භික්‍ෂූහු වස්ත්‍රය කෑලි කෑලි කපා බෙදූහ. එක් මහළු භික්‍ෂුවක් තමන් ලත් කොටස ගෙන, කැළණි විහාරයට පැමිණියේය. (යට කී) තරුණ භික්‍ෂුව ද කැළණි සෑය වැඳීම සඳහා දවල් කාලයෙහි ම එහි ගොස් සිටියේය. මහළු භික්‍ෂුව ඒ රෙදිකඩ ගෙන, මේ රෙද්දෙන් මට පෙරහනක් මසා දෙන්නැයි තරුණ භික්‍ෂුවට කීය. තරුණ භික්‍ෂුව මේ රෙදිකඩ කොහෙන් ලැබුනේදැයි මහළු භික්‍ෂුවගෙන් ඇසීය. මහළු භික්‍ෂුව සියළු ප්‍රවෘත්ති කථාව කීය. හෙතෙමේ එය අසාම මෙබඳු තැනැත්තිය සමග සංවාසය නො ලදිමියි රාග ගින්නෙන් දැවන්නේ එහිම කළුරිය කළේය.

අඤ‍්ඤමඤ‍්ඤං ආලාපසල‍්ලාපවසෙන උප‍්පන‍්නරාගො පන සමුල‍්ලපනසංසග‍්ගො නාම. භික‍්ඛුනො භික‍්ඛුනියා සන‍්තකං, භික‍්ඛුනියා වා භික‍්ඛුස‍්ස සන‍්තකං ගහෙත්‍වා පරිභොගකරණවසෙන උප‍්පන‍්නරාගො සම‍්භොගසංසග‍්ගො නාම.

ඔවුනොවුන් අල්ලාප සල්ලාප වශයෙන් උපන් රාගය වනාහි ‘සමුල්ලාප සංසර්ග’ නමි. භික්‍ෂුවක් භික්‍ෂුණියක සතු හෝ භික්‍ෂුණියක් භික්‍ෂුවක සතු හෝ යම් භාණ්ඩයක් ගෙන පරිභෝග කිරීම, වශයෙන් උපන් රාගය ‘සම්භෝග සංසර්ග’ නම් වෙයි.

සො එවං වෙදිතබ‍්බො – මරිචවට‍්ටිවිහාරමහෙ කිර භික‍්ඛූනං සතසහස‍්සං භික‍්ඛුනීනං නවුතිසහස‍්සානි එව අහෙසුං. එකො සාමණෙරො උණ‍්හයාගුං ගහෙත්‍වා ගච‍්ඡන‍්තො සකිං චීවරකණ‍්ණෙ ඨපෙසි, සකිං භූමියං. එකා සාමණෙරී දිස‍්වා එත්‍ථ පත‍්තං ඨපෙත්‍වා යාහීති ථාලකං අදාසි. තෙ අපරභාගෙ එකස‍්මිං භයෙ උප‍්පන‍්නෙ පරසමුද‍්දං අගමංසු. තෙසු භික‍්ඛුනී පුරෙතරං අගමාසි. සා, “එකො කිර සීහළභික‍්ඛු ආගතො”ති සුත්‍වා ථෙරස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා පටිසන්‍ථාරං කත්‍වා නිසින‍්නා, – “භන‍්තෙ, මරිචවට‍්ටිවිහාරමහකාලෙ තුම‍්හෙ කතිවස‍්සා”ති පුච‍්ඡි. තදාහං සත‍්තවස‍්සිකසාමණෙරො. ත්‍වං පන කතිවස‍්සාති? අහං සත‍්තවස‍්සිකසාමණෙරීයෙව එකස‍්ස සාමණෙරස‍්ස උණ‍්හයාගුං ගහෙත්‍වා ගච‍්ඡන‍්තස‍්ස පත‍්තඨපනත්‍ථං ථාලකමදාසින‍්ති. ථෙරො, “අහං සො”ති වත්‍වා ථාලකං නීහරිත්‍වා දස‍්සෙසි. තෙ එත‍්තකෙනෙව සංසග‍්ගෙන බ්‍රහ‍්මචරියං සන්‍ධාරෙතුං අසක‍්කොන‍්තා ද‍්වෙපි සට‍්ඨිවස‍්සකාලෙ විබ‍්භමිංසු.

එය මෙසේ දතයුතුය. මිරිසවැටි විහාර පූජාවෙහි භික්‍ෂූන් ලක්‍ෂයක්ද භික්‍ෂුණීන් අනූදහසක් ද සහභාගි වූහ. එක් සාමණේර නමක් උණුකැඳ බඳුනක් ගෙන යන්නේ වරක් සිවුරු කොණෙහි ද වරක් බිම ද තැබීය. එක් සාමණේරියක් එය දැක පාත්‍රය මෙහි තබාගෙන යවයි තැටියක් දුන්නීය. ඉන් මෑත කාලයෙහි කිසියම් බියක් උපන් නිසා විදේශගත වූහ. ඔවුන් අතුරෙන් සාමණේරිය පළමුව ගියා ය. පසුව ඕ තොමෝ සිංහල භික්‍ෂුවක් ආයේ යයි අසා තෙරුන් සමීපයට ගොස් පිළිසඳර කතා කරන්නී වහන්ස, මිරිසවැටි විහාර පූජා අවධියේ නුඹවහන්සේ කෙතෙක් වස් ඇත්තේදැයි ඇය විචාළාය. එකල මම අවුරුදු සතක් වයසැති හෙරණක් වීමි. ඔබ වනාහි කෙතෙක් වස් ඇත්තීදැයි හෙරණ විචාළේය. එකල මම ද සත් වයස් ඇති හෙරණියක් වීමි. එහිදී උණුකැඳ ගෙන යන්නා වූ එක් හෙරණකට මම තැටියක් දුනිමි’යි ඇය කීවාය. ස්ථවිර තෙමේ ද ඒ මම යැයි තැටිය ගෙනහැර දැක්වීය. ඔව්හූ මෙපමණ වූ මැ සංසර්ගයෙන් බඹසර රක්නට නො හැකි වූවෝ දෙදෙනම හැටවැනි වියේ දී උපැවිදි වූහ.

හත්‍ථගාහාදිවසෙන පන උප‍්පන‍්නරාගො කායසංසග‍්ගො නාම. තත්‍රිදං වත්‍ථු – මහාචෙතියඞ‍්ගණෙ කිර දහරභික‍්ඛූ සජ‍්ඣායං ගණ‍්හන‍්ති. තෙසං පිට‍්ඨිපස‍්සෙ දහරභික‍්ඛුනියො ධම‍්මං සුණන‍්ති. තත්‍රෙකො දහරො හත්‍ථං පසාරෙන‍්තො එකිස‍්සා දහරභික‍්ඛුනියා කායං ඡුපි. සා තං හත්‍ථං ගහෙත්‍වා අත‍්තනො උරස‍්මිං ඨපෙසි, එත‍්තකෙන සංසග‍්ගෙන ද‍්වෙපි විබ‍්භමිත්‍වා ගිහිභාවං පත‍්තා.

අත් ගැනීම් ආදිය නිසා උපන් රාගය ‘කාය සංසර්ග’ නම් මේ කතාව මෙසේ දැක්වේ. මහසෑ මළුවෙහි තරුණ භික්‍ෂූහු පාඩම් කරති. ඔවුන් පිටුපස තරුණ භික්‍ෂුණීහු බණ අසති. එහි එක් තරුණ භික්‍ෂුවක් අත් දික්කරන විට එක් තරුණ භික්‍ෂුණියකගේ ඇඟෙහි ගැටිණ. ඕ ඒ අත ගෙන තම පපුවෙහි තබා ගත්තාය. මෙම සංසර්ගයෙන් දෙදෙනම ගිහි බවට පැමිණියාහුය.

ගාහගාහකාදිවණ‍්ණනා

ගාහගාහකාදිවණ්ණනා

ඉමෙසු පන පඤ‍්චසු සංසග‍්ගෙසු භික‍්ඛුනො භික‍්ඛූහි සද‍්ධිං සවනදස‍්සනසමුල‍්ලපනසම‍්භොගකායපරාමාසා නිච‍්චම‍්පි හොන‍්තියෙව, භික‍්ඛුනීහි සද‍්ධිං ඨපෙත්‍වා කායසංසග‍්ගං සෙසා කාලෙන කාලං හොන‍්ති; තථා උපාසකඋපාසිකාහි සද‍්ධිං සබ‍්බෙපි කාලෙන කාලං හොන‍්ති. තෙසු හි කිලෙසුප‍්පත‍්තිතො චිත‍්තං රක‍්ඛිතබ‍්බං.

මේ පස්වදෑරුම් සංසර්ගයන් අතුරෙන් භික්‍ෂූන් සමග භික්‍ෂුවගේ ශ්‍රවණ, දර්ශන, සමුල්ලාප සම්භෝග, කාය සංසර්ග නිරතුරුව සිදුවන්නේය. භික්‍ෂුණීන් සමග කාය සංසර්ගය තබා සෙසු සංසර්ගයෝ කලින් කල වෙති. උපාසිකාවන් සමග ද එසේයි. උපාසකයන් සමග සියල්ලෝම කලින් කල වෙති. ඔවුන් ක්ලේශ වසඟ නොවී සිත රැකිය යුතුය.

එකො හි භික‍්ඛු ගාහගාහකො හොති, එකො ගාහමුත‍්තකො, එකො මුත‍්තගාහකො, එකො මුත‍්තමුත‍්තකො.

එක් භික්‍ෂුවක් ග්‍රහ ග්‍රාහක වෙයි. එක් භික්‍ෂුවක් ග්‍රාහ වුත්තක වෙයි. එක් භික්‍ෂුවක් මුක්ත මුක්තක වෙයි.

තත්‍ථ යං භික‍්ඛුං මනුස‍්සාපි ආමිසෙන උපලාපෙත්‍වා ගහණවසෙන උපසඞ‍්කමන‍්ති, භික‍්ඛුපි පුප‍්ඵඵලාදීහි උපලාපෙත්‍වා ගහණවසෙන උපසඞ‍්කමති, අයං ගාහගාහකො නාම. යං පන මනුස‍්සා වුත‍්තනයෙන උපසඞ‍්කමන‍්ති, භික‍්ඛු දක‍්ඛිණෙය්‍යවසෙන උපසඞ‍්කමති, අයං ගාහමුත‍්තකො නාම. යස‍්ස මනුස‍්සා දක‍්ඛිණෙය්‍යවසෙන චත‍්තාරො පච‍්චයෙ දෙන‍්ති, භික‍්ඛු පුප‍්ඵඵලාදීහි උපලාපෙත්‍වා ගහණවසෙන උපසඞ‍්කමති, අයං මුත‍්තගාහකො නාම. යස‍්ස මනුස‍්සාපි දක‍්ඛිණෙය්‍යවසෙන චත‍්තාරො පච‍්චයෙ දෙන‍්ති, භික‍්ඛුපි චූළපිණ‍්ඩපාතියතිස‍්සත්‍ථෙරො විය දක‍්ඛිණෙය්‍යවසෙන පරිභුඤ‍්ජති, අයං මුත‍්තමුත‍්තකො නාම.

ඔවුන් අතරෙහි යම් භික්‍ෂුවක් කරා මිනිස්සු ආමිසයෙන් සංග්‍රහ කිරීම් වශයෙන් පැමිණෙත් ද, භික්‍ෂුවද මල් ගෙඩි ආදියෙන් සංග්‍රහ කෙරේ ද, මේ තෙමේ ගාහ ගාහක නම් වේ. යම්කිසි මිනිසුන් පිරිසක් යම්කිසි භික්‍ෂුවක් කරා කී පරිද්දෙන් පැමිණේද, භික්‍ෂුව ද දක්‍ෂිණෙය්‍ය (දීමට සුදුස්සා වශයෙන්) පැමිණේද, මේ තැනැත්තේ ග්‍රාහ මුත්තක නම් වේ. යම් භික්‍ෂුවකට මිනිස්සු සිව්පසය දෙත්. භික්‍ෂූහු මල් ගෙඩි ආදිය දී සංග්‍රහ කෙරේද, මෙ තෙමේ මුත්තගාහක නම් වේ. යම් භික්‍ෂුවකට මිනිස්සු දීමට සුදුස්සන් වශයෙන් සළකා සිව්පසය දෙත් ද, භික්‍ෂුව ද චුල්ලපිණ්ඩපාතික තිස්ස තෙරුන් මෙන් දක්ඛිණෙය්‍ය වශයෙන් වළඳීද? මේ තෙමේ මුක්ත මුත්තක නම් වේ.

ථෙරං කිර එකා උපාසිකා ද‍්වාදස වස‍්සානි උපට‍්ඨහි. එකදිවසං තස‍්මිං ගාමෙ අග‍්ගි උට‍්ඨහිත්‍වා ගෙහානි ඣාපෙසි. අඤ‍්ඤෙසං කුලූපකභික‍්ඛූ ආගන‍්ත්‍වා – “කිං උපාසිකෙ, අපි කිඤ‍්චි භණ‍්ඩකං අරොගං කාතුං අසක‍්ඛිත්‍ථා”ති පටිසන්‍ථාරං අකංසු. මනුස‍්සා, “අම‍්හාකං මාතු කුලූපකත්‍ථෙරො භුඤ‍්ජනවෙලායමෙව ආගමිස‍්සතී”ති ආහංසු. ථෙරොපි පුනදිවසෙ භික‍්ඛාචාරවෙලං සල‍්ලක‍්ඛෙත්‍වාව ආගතො. උපාසිකා කොට‍්ඨච‍්ඡායාය නිසීදාපෙත්‍වා භික‍්ඛං සම‍්පාදෙත්‍වා අදාසි. ථෙරෙ භත‍්තකිච‍්චං කත්‍වා පක‍්කන‍්තෙ මනුස‍්සා ආහංසු – “අම‍්හාකං මාතු කුලූපකත්‍ථෙරො භුඤ‍්ජනවෙලායමෙව ආගතො”ති. උපාසිකා, “තුම‍්හාකං කුලූපකා තුම‍්හාකංයෙව අනුච‍්ඡවිකා, මය‍්හං ථෙරො මය‍්හෙව අනුච‍්ඡවිකො”ති ආහ.

එක් උපාසිකාවක් චුල්ල පිණ්ඩපාතිකතිස්ස තෙරුන්ට දොළොස් වසරක් පිණ්ඩපාතයෙන් උපස්ථාන කළේය. එක් දවසක් ගමේ ගින්නක් ඇති වී උපාසිකාවගේ ගෙය දැවිණ. අනෙක් කුලුපග භික්‍ෂූන් පැමිණ කිමෙක්ද, උපාසිකාවෙනි, යම්කිසි දෙයක් රැක ගන්නට පුළුවන් වීද යනුවෙන් පිළිසඳර කථා කළහ. මිනිස්සු අපගේ මවගේ කුලුපග තෙරුන් වහන්සේ වළඳන වේලාවටම එන්නේ යයි කීහු. තෙරුන් වහන්සේ ද පිඬු පිණිස හැසිරෙන වේලාවටම වැඩියහ. උපාසිකාවද බිත්ති සෙවනෙහි හිඳුවා භික්‍ෂාව සකස්කොට දුන්නීය. තෙරුන්වහන්සේ බත්කිස නිමවා නික්ම ගිය කල්හි මිනිස්සු අපේ මවගේ කුලුපග භික්‍ෂුව වළඳන වේලෙහිම පැමිණියාහු යයි කීහ. උපාසිකා තොමෝ ඔබලාගේ කුලුපග භික්‍ෂූහු ඔබලාටම සුදුසුය. මගේ කුලුපග භික්‍ෂුව මටම සුදුසුයයි කීවාය.

ආයස‍්මා පන මන‍්තාණිපුත‍්තො ඉමෙහි පඤ‍්චහි සංසග‍්ගෙහි චතූහිපි පරිසාහි සද‍්ධිං අසංසට‍්ඨො ගාහමුත‍්තකො චෙව මුත‍්තමුත‍්තකො ච අහොසි. යථා ච සයං අසංසට‍්ඨො, එවං භික‍්ඛූනම‍්පි තං අසංසග‍්ගකථං කත‍්තා අහොසි.

ආයුෂ්මත් මන්තාණිපුත්‍ර තෙරුන් වනාහි මේ පස්වැදෑරුම් සංසර්ගයන්ගෙන් අසංසර්ග වුයේම ග්‍රාහ මුත්තක ද මුත්තමුත්තක ද වූයේය. උන්වහන්සේ අසංසට්ඨ වූයේ ද, එපරිද්දෙන් අනෙක් භික්‍ෂූන්ට ද අසංසට්ඨ කථාවම කරන්නේ විය.

ආරද‍්ධවීරියොති පග‍්ගහිතවීරියො, පරිපුණ‍්ණකායිකචෙතසිකවීරියොති අත්‍ථො. යො හි භික‍්ඛු ගමනෙ උප‍්පන‍්නකිලෙසං ඨානං පාපුණිතුං න දෙති, ඨානෙ උප‍්පන‍්නකිලෙසං නිසජ‍්ජං, නිසජ‍්ජාය උප‍්පන‍්නකිලෙසං සයනං පාපුණිතුං න දෙති, මන‍්තෙන කණ‍්හසප‍්පං උප‍්පීළෙත්‍වා ගණ‍්හන‍්තො විය, අමිත‍්තං ගීවාය අක‍්කමන‍්තො විය ච විචරති, අයං ආරද‍්ධවීරියො නාම. ථෙරො ච තාදිසො අහොසි. භික‍්ඛූනම‍්පි තථෙව වීරියාරම‍්භකථං කත‍්තා අහොසි.

ආරද්ධවිරියො දැඩිව ගන්නා ලද වීර්යය ඇත්තේ සම්පූර්ණ වූ කායික චෛතසික වීර්යය යන අර්ථයි. යම්කිසි භික්‍ෂුවක් ගමනෙහි දී උපන් ක්ලේශයෝ පැමිණෙන්නට නො දේද? සිටීමෙහි උපන් ක්ලේශය හිඳීමට හෝ හිඳීමෙහි උපන් ක්ලේශ නිදීමට හෝ පැමිණෙන්නට නොදේද, මන්ත්‍රයකින් කළු නයෙකු පෙළාගන්නෙකු මෙන් ද, සතුරෙකු බෙල්ලෙන් අල්ලා ගන්නාක් මෙන් ද හැසිරේද මෙතෙම ආරද්ධවීරිය නම් වේ. මේ ස්ථවිරයෝ ද එබඳු වූහ. භික්‍ෂූන්ට ද එසේම වීර්යාරම්භ කිරීමට අවවාද කරන්නෙක් වූයේය.

සීලසම‍්පන‍්නොතිආදීසු සීලන‍්ති චතුපාරිසුද‍්ධිසීලං. සමාධීති විපස‍්සනාපාදකා අට‍්ඨ සමාපත‍්තියො. පඤ‍්ඤාති ලොකියලොකුත‍්තරඤාණං. විමුත‍්තීති අරියඵලං. විමුත‍්තිඤාණදස‍්සනන‍්ති එකූනවීසතිවිධං පච‍්චවෙක‍්ඛණඤාණං. ථෙරො සයම‍්පි සීලාදීහි සම‍්පන‍්නො අහොසි භික‍්ඛූනම‍්පි සීලාදිකථං කත‍්තා.

සීල සම්පන්නො යනාදියෙහි සීලං යනු සිව්පිරිසිදු ශීලයයි. සමාධි විදර්ශනාව පාදක කොටගත් අෂ්ට සමාපත්තියයි. පඤ්ඤා යනු ලොවී ලොව්තුරා නුවණයි. විමුත්ති යනු ආර්ය ඵලයයි. විමුත්ති ඤාණදස්සනං යනු එකුන්විසි වැදෑරුම් ප්‍රත්‍යවේක්‍ෂා ඤාණයයි. ස්ථවිර තෙමේ තමනුත් ශීලාදියෙන් සම්පූර්ණව, සෙසු භික්‍ෂූන්ට ද ශීල සම්පන්න වන ලෙස සීලාදී කථා වදාරයි.

ස‍්වායං දසහි කථාවත්‍ථූහි ඔවදතීති ඔවාදකො. යථා පන එකො ඔවදතියෙව, සුඛුමං අත්‍ථං පරිවත‍්තෙත්‍වා ජානාපෙතුං න සක‍්කොති. න එවං ථෙරො. ථෙරො පන තානි දස කථාවත්‍ථූනි විඤ‍්ඤාපෙතීති විඤ‍්ඤාපකො. එකො විඤ‍්ඤාපෙතුං සක‍්කොති, කාරණං දස‍්සෙතුං න සක‍්කොති. ථෙරො කාරණම‍්පි සන්‍දස‍්සෙතීති සන්‍දස‍්සකො. එකො විජ‍්ජමානං කාරණං දස‍්සෙති, ගාහෙතුං පන න සක‍්කොති. ථෙරො ගාහෙතුම‍්පි සක‍්කොතීති සමාදපකො. එවං සමාදපෙත්‍වා පන තෙසු කථාවත්‍ථූසු උස‍්සාහජනනවසෙන භික‍්ඛූ සමුත‍්තෙජෙතීති සමුත‍්තෙජකො. උස‍්සාහජාතෙ වණ‍්ණං වත්‍වා සම‍්පහංසෙතීති සම‍්පහංසකො.

ඒ මේ ස්ථවිර තෙම දසකථා වස්තූන්ගෙන් අවවාද දෙයි. ඔවාදකො යමෙක් අවවාද කරන්නේම වේද, සියුම්ව අර්ථය පරිවර්තනය කර දක්වන්නට නොහැකි වේද? මේ ස්ථවිරයෝ එසේ නොවේ. මේ ස්ථවිරයන් වනාහි ඒ දසකථා වස්තූන් විස්තර කරන්නට හැකිවන බැවින් විඤ්ඤාපක නම් වේ. තවත් කෙනෙකුට දක්වන්නට හැකිවෙයි. කරුණු දක්වන්නට නො හැකි වෙයි. මේ ස්ථවිරයෝ කරුණු ද දක්වති. ඒ නිසා සන්‍දස්සක නම් වේ. තවත් කෙනෙක් විද්‍යමාන කරුණ දක්වයි. එහෙත් තේරුම් ගන්වන්නට නො හැකි වෙයි. මේ ස්ථවිරයෝ තේරුම් ගන්වන්නට ද සමත් වේ. ඒ අනුව සමාදපක නම් වේ. නැවත එසේ සමාදන් කරවා ඒ කථා වස්තූන්හි උත්සාහය ඉපදවීම් වශයෙන් භික්‍ෂූන් තෙදගන්වන නිසා සමුත්තෙජක නම් වෙයි. උත්සාහය උපන් කල්හි ගුණ කියා සතුටු කරවත්නුයි සම්පහංසක නම් වෙයි.

පඤ‍්චලාභවණ‍්ණනා

පඤ්චලාභවණ්ණනා

සුලද‍්ධලාභාති අඤ‍්ඤෙසම‍්පි මනුස‍්සත‍්තභාවපබ‍්බජ‍්ජාදිගුණලාභා නාම හොන‍්ති. ආයස‍්මතො පන පුණ‍්ණස‍්ස සුලද‍්ධලාභා එතෙ, යස‍්ස සත්‍ථු සම‍්මුඛා එවං වණ‍්ණො අබ‍්භුග‍්ගතොති අත්‍ථො. අපිච අපණ‍්ඩිතෙහි වණ‍්ණකථනං නාම න තථා ලාභො, පණ‍්ඩිතෙහි වණ‍්ණකථනං පන ලාභො. ගිහී හි වා වණ‍්ණකථනං න තථා ලාභො, ගිහී හි “වණ‍්ණං කථෙස‍්සාමී”ති, “අම‍්හාකං අය්‍යො සණ‍්හො සඛිලො සුඛසම‍්භාසො, විහාරං ආගතානං යාගුභත‍්තඵාණිතාදීහි සඞ‍්ගහං කරොතී”ති කථෙන‍්තො අවණ‍්ණමෙව කථෙති. “අවණ‍්ණං කථෙස‍්සාමී”ති “අයං ථෙරො මන්‍දමන්‍දො විය අබලබලො විය භාකුටිකභාකුටිකො විය නත්‍ථි ඉමිනා සද‍්ධිං විස‍්සාසො”ති කථෙන‍්තො වණ‍්ණමෙව කථෙති. සබ්‍රහ‍්මචාරීහිපි සත්‍ථු පරම‍්මුඛා වණ‍්ණකථනං න තථා ලාභො, සත්‍ථු සම‍්මුඛා පන අතිලාභොති ඉමම‍්පි අත්‍ථවසං පටිච‍්ච “සුලද‍්ධලාභා”ති ආහ.

සුලද්ධ ලාභා අනුන්ගේ මිනිසත් බව, පැවිද්ද, ආදි ගුණයෝ ලාභයෝ නම් වෙති. ආයුෂ්මත් පුණ්ණ ස්ථවිරයන්ට මේ ගුණ මැනැවින් පිහිටා තිබීම මේ ලාභයෝ වෙති. ශාස්තෲන් වහන්සේ සමීපයෙහි මෙසේ යම් කෙනෙකුගේ ගුණය ප්‍රකාශ වූයේ ද, එහෙයින් යන අර්ථයි. තව ද මෝඩයන් විසින් එසේ ගුණ කීම නම් ලාභයක් නොවේ. නුවණැත්තන් විසින් කරන ගුණකථනයම ලාභයක් වේ. ගිහියන් විසින් ගුණ කීම ද එවැනි ලාභයක් නොවේ. ගිහියන් විසින් වනාහි ගුණ කියන්නෙමැයි අපගේ ස්ථවිරයන් වහන්සේ මෘදුමොලොක්, මිත්‍රබව දක්වන, ප්‍රියමනාප කථා ඇත්තහ. විහාරයට එන අයට කැඳබත් ආදී ප්‍රණීත දේ දෙන්නාහ. සංග්‍රහ කරන්නාහ ආදිය කියමින් අගුණම කියයි. මේ ස්ථවිරයෝ අතිශයින් මෝඩයකු මෙන්, දුර්වලයකු මෙන්, ඇහිබැම නගන්නෙකු මෙන් වේ. මොහු සමග විශ්වාසයක් නැතැයි කියන්නේම වර්ණනා කරයි. භික්‍ෂූන් විසින්ද බුදුන්වහන්සේ නැති තැන දී ඒ ගුණ වර්ණනා කරත්. එය ලාභයක් නොවේ. ශාස්තෲන් වහන්සේ සමීපයෙහි ගුණ කීමම ඉතා ලාභයෙකි.

අනුමස‍්ස අනුමස‍්සාති දස කථාවත්‍ථූනි අනුපවිසිත්‍වා අනුපවිසිත්‍වා. තඤ‍්ච සත්‍ථා අබ‍්භනුමොදතීති තඤ‍්චස‍්ස වණ‍්ණං එවමෙතං අප‍්පිච‍්ඡො ච සො භික‍්ඛු සන‍්තුට‍්ඨො ච සො භික‍්ඛූති අනුමොදති. ඉති විඤ‍්ඤූහි වණ‍්ණභාසනං එකො ලාභො, සබ්‍රහ‍්මචාරීහි එකො, සත්‍ථු සම‍්මුඛා එකො, අනුමස‍්ස අනුමස‍්ස එකො, සත්‍ථාරා අබ‍්භනුමොදනං එකොති ඉමෙ පඤ‍්ච ලාභෙ සන්‍ධාය “සුලද‍්ධලාභා”ති ආහ.

මේ කාරණය සඳහා සුලද්ධ ලාභා යන්න කීහ. අනුමාස්ස අනුමාස්සා යනු දසකථා වස්තූන්ට පිවිස පිවිස, තඤ්ච සත්‍ථා අබ්භනුමොදති ශාස්තෲන් වහන්සේ ද ඒ ගුණය දැන, මෙය එසේමය. ඒ භික්‍ෂුව අල්පේච්ඡමය. ඒ භික්‍ෂුව ලද දෙයින් තුටුවේම යැයි අනුමෝදන් වෙති. මෙසේ නුවණැත්තන් විසින් ගුණ කීම එක් ලාභයෙක. මේ භික්‍ෂූන් විසින් ගුණ කීම, ශාස්තෲන් හමුවෙහි ගුණ කීම, දශකථා වස්තූන්ට පිවිසෙමින් ගුණ කීම, ශාස්තෲන් විසින් අනුමෝදන් වීම, මේ ලාභ පස සඳහා සුලද්ධ ලාභො යයි කීහ.

කදාචීති කිස‍්මිඤ‍්චිදෙව කාලෙ. කරහචීති තස‍්සෙව වෙවචනං. අප‍්පෙව නාම සියා කොචිදෙව කථාසල‍්ලාපොති අපි නාම කොචි කථාසමුදාචාරොපි භවෙය්‍ය. ථෙරෙන කිර ආයස‍්මා පුණ‍්ණො නෙව දිට‍්ඨපුබ‍්බො, නස‍්ස ධම‍්මකථා සුතපුබ‍්බා. ඉති සො තස‍්ස දස‍්සනම‍්පි ධම‍්මකථම‍්පි පත්‍ථයමානො එවමාහ.

කදාචි කිසියම් කලෙක, කරහචි යනු ඊටම සමාන අර්ථවත් වදනකි. අප්පෙවනාම සියා කොචි දෙව කථා සල්ලාපො යනු කිසියම් කථා පැවැත්මෙක් වන්නේ නම් ඉතා යෙහෙක. තෙරුන් විසින් ආයුෂ්මත් පුණ්ණ ස්ථවිරයන් නො දක්නා ලද්දේල, ඔහුගේ ධර්ම කථාවක් නො ඇසූ විරූල, මේ නිසා හෙතෙම ඔහුගේ හමුවීම ද බණ ඇසීම ද ප්‍රාර්ථනා කරමින් මෙසේ කීහ.