ඛෙමසුත්තං
2. 3. 2.
2. 3. 2.
ඛෙමසුත්තං.
ඛේම සූත්‍රය
103. සාවත්ථියං–
103. සැවැත්නුවර–
එකමන්තං ඨිතො ඛො ඛෙමො දෙවපුත්තො භගවතො සන්තිකෙ ඉමා ගාථායො අභාසි:
එකත්පසෙක සිටි ඛේම දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාවන් කී ය.
චරන්ති බාලා දුම්මෙධා අමිත්තෙනෙව අත්තනා, කරොන්තා පාපකං කම්මං යං හොති කටුකප්ඵලං.
නුවණ නැති බාලයෝ යම් කර්මයක් නපුරු විපාක ඇත්තේ වේ නම් එබඳු අකුශලකර්ම කෙරෙමින් තමනට සතුරකු වැනි වූ පන්චස්කන්ධයෙන් යුක්ත ව හැසිරෙත්.
න තං කම්මං කතං සාධු යං කත්වා අනුතප්පති, යස්ස අස්සුමුඛො රොදං විපාකං පටිසෙවති.
යම් කර්මයක් කොට තැවේද? යම් කර්මයක්හුගේ විපාකය කඳුළෙන් තෙත් මුහුණු ඇති ව හඬමින් සෙවුනේ ද, එබඳු අකුසලකර්ම කරණ ලද්දේ නො මැනවි.
තඤ්ච කම්මං කතං සාධු යං කත්වා නානුතප්පති, යස්ස පතීතො සුමනො විපාකං පටිසෙවති.
යම් කර්මයක් කොට නො තැවේද? යම් කර්මයක්හුගේ විපාකය පිණා ගියේ මනාසිතැතියේ සෙවුනේ ද, එබඳු කර්මය කරණ ලද්දේ මැනවි.
[භගවා:]
[භගවත්හු:]
පටිකච්චෙව තං කයිරා යං ජඤ්ඤා හිතමත්තනො, න සාකටිකචින්තාය මන්තා ධීරො පරක්කමෙ.
යමක් තමහට හිතයයි දන්නේ නම් එය පළමු කොට ම කරන්නේ ය. නුවණැති ධෘතිසම්පන්න පුද්ගල තෙමේ සාකටිකචේතනායෙන් තැත් නො කරන්නේ ය.
යථා සාකටිකො පන්ථං සමං හිත්වා මහාපථං, විසමං මග්ගමාරුය්හ අක්ඛච්ඡින්නොව ඣායති.
ගැල්කරු තෙමේ යම්සේ සම මග වූ මහමග හැර විෂම මගට නැගී සුන් අකුරු ඇත්තේ බලවත් සිතිවිලි සිතා ද,
එවං ධම්මා අපක්කම්ම අධම්මමනුවත්තිය, මන්දො මච්චුමුඛං පත්තො අක්ඛච්ඡින්නොව ඣායතීති.
මඳ නුවණැති පුද්ගල තෙමේ එපරිද්දෙන් දහමින් ඉවත් ව අධර්මයට බැස ගෙණ මරුමුවට පැමිණියේ සුන් අකුරු ඇත්තකු මෙන් සිතිවිලි සිතයි.