යෙදුමෙන් කියවන්න

1. සිවසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1. සිවසුත‍්තවණ‍්ණනා

1. සිව සූත්‍ර වර්ණනාව

තතියවග‍්ගස‍්ස පඨමං වුත‍්තත්‍ථමෙව.

තෘතීය වර්ගයේ ප්‍රථම සූත්‍රය කියන ලද අර්ථය ම ය.

පඨමං.

ප්‍රථම සූත්‍රය යි

2. ඛෙමසුත‍්තවණ‍්ණනා

2. ඛෙම සූත්‍ර වර්ණනාව

දුතියෙ පටිකච‍්චෙවාති පඨමංයෙව. අක‍්ඛච‍්ඡින‍්නොවඣායතීති අක‍්ඛච‍්ඡින‍්නො අවඣායති, බලවචින‍්තනං චින‍්තෙති. දුතියගාථාය අක‍්ඛච‍්ඡින‍්නොවාති අක‍්ඛච‍්ඡින‍්නො විය.

දෙවැන්නෙහි - පටිගච්චෙ ව ප්‍රථමයෙන් ම, අක්‍ඛච්ඡින්නොව ඣායති අක්‍ඛච්ඡින්නො (අක්ෂය බිඳුනෙක්) අවජ්ඣායති (සිතමින් සිටියි) බලවත් සිතුවිලි සිතයි. දෙවන ගාථාවේ - අක්‍ඛච්ඡින්නොව අක්‍ඛච්ඡින්නො ඉව අක්ෂය බිඳුනකු මෙන්.

දුතියං.

දෙවන සූත්‍රය යි

3. සෙරීසුත‍්තවණ‍්ණනා

3. සෙරී සූත්‍ර වර්ණනාව

තතියෙ දායකොති දානසීලො. දානපතීති යං දානං දෙමි, තස‍්ස පති හුත්‍වා දෙමි, න දාසො න සහායො. යො හි අත‍්තනා මධුරං භුඤ‍්ජති, පරෙසං අමධුරං දෙති, සො දානසඞ‍්ඛාතස‍්ස දෙය්‍යධම‍්මස‍්ස දාසො හුත්‍වා දෙති. යො යං අත‍්තනා භුඤ‍්ජති, තදෙව දෙති, සො සහායො හුත්‍වා දෙති. යො පන අත‍්තනා යෙන තෙන යාපෙති, පරෙසං මධුරං දෙති, සො පති ජෙට‍්ඨකො සාමි හුත්‍වා දෙති. අහං “තාදිසො අහොසි”න‍්ති වදති.

තෙවැන්නේ - දායකො - දෙන සුලු (පරිත්‍යාගශීලි), දානපති නම් දානයක් දෙම් ද එහි නායකයා වී දෙමි, දාසයෙකු නො වී සහායකයෙකු නො වී (දෙමි); යමෙක් තමා මිහිරි වූ දෙයක් බුදියි ද අනුනට අමිහිරි දෙයක් දෙයි ද හේ දාන සංඛ්‍යාත වූ දෙය්‍ය ධර්මයේ දාසයකු වී දෙයි. යමෙක් තමා යමක් බුදියි ද එය ම දෙයි ද හේ සහායක වී දෙයි. යමෙක් තමා විසින් ඒ මේ දෙයින් යැපෙයි ද අනුනට මිහිරි දේ දෙයි ද, හේ ස්වාමියා - ජ්‍යෙෂ්ඨයා - වී දෙයි. මම එවැන්නෙකු වීමි යි පවසයි.

චතූසු ද‍්වාරෙසුති තස‍්ස කිර රඤ‍්ඤො සින්‍ධවරට‍්ඨං සොධිවාකරට‍්ඨන‍්ති ද‍්වෙ රට‍්ඨානි අහෙසුං, නගරං රොරුවං නාම. තස‍්ස එකෙකස‍්මිං ද‍්වාරෙ දෙවසිකං සතසහස‍්සං උප‍්පජ‍්ජති, අන‍්තොනගරෙ විනිච‍්ඡයට‍්ඨානෙ සතසහස‍්සං. සො බහුහිරඤ‍්ඤසුවණ‍්ණං රාසිභූතං දිස‍්වා කම‍්මස‍්සකතඤාණං උප‍්පාදෙත්‍වා චතූසු ද‍්වාරෙසු දානසාලායො කාරෙත්‍වා තස‍්මිං තස‍්මිං ද‍්වාරෙ උට‍්ඨිතආයෙන දානං දෙථාති අමච‍්චෙ ඨපෙසි. තෙනාහ – “චතූසු ද‍්වාරෙසු දානං දීයිත්‍ථා”ති.

චතුසු ද්වාරෙසු ඒ රජුට සින්ධව රට, සෝධික රට යි රටවල් දෙකක් විය. නගරය රෞරව නමි. ඔහුට එක් එක් දොරක දිනපතා දසදහසක් උපදියි. ඇතුළු නුවර විනිශ්චය ස්ථානයෙහි සිය දහසකි (ලක්ෂයකි); හේ රාශීභුත වුණු බොහෝ රන් රුවන් දැක කම්මස්සකතඤාණය උපදවා දොරටු සතරෙහි දාන ශාලා කරවා ඒ ඒ දොරටුවෙහි ලත් ආදායමෙන් දන් දෙවයි ඇමතිවරුන් තැබවී ය. එහෙයින් කී ය: චතුසු ද්වාරෙසු දානං දීයත්‍ථ (සිවු දොරටුවෙහි දානය දෙනු ලැබී ය) යි.

සමණබ්‍රාහ‍්මණකපණද‍්ධිකවනිබ‍්බකයාචකානන‍්ති එත්‍ථ සමණාති පබ‍්බජ‍්ජූපගතා. බ්‍රාහ‍්මණාති භොවාදිනො. සමිතපාපබාහිතපාපෙ පන සමණබ්‍රාහ‍්මණෙ එස නාලත්‍ථ. කපණාති දුග‍්ගතා දලිද‍්දමනුස‍්සා කාණකුණිආදයො. අද‍්ධිකාති පථාවිනො. වනිබ‍්බකාති යෙ “ඉට‍්ඨං, දින‍්නං, කන‍්තං, මනාපං, කාලෙන, අනවජ‍්ජං දින‍්නං, දදං චිත‍්තං පසාදෙය්‍ය, ගච‍්ඡතු භවං බ්‍රහ‍්මලොක”න‍්තිආදිනා නයෙන දානස‍්ස වණ‍්ණං ථොමයමානා විචරන‍්ති. යාචකාති යෙ “පසතමත‍්තං දෙථ, සරාවමත‍්තං දෙථා”තිආදීනි ච වත්‍වා යාචමානා විචරන‍්ති. ඉත්‍ථාගාරස‍්ස දානං දීයිත්‍ථාති පඨමද‍්වාරස‍්ස ලද‍්ධත‍්තා තත්‍ථ උප‍්පජ‍්ජනකසතසහස‍්සෙ අඤ‍්ඤම‍්පි ධනං පක‍්ඛිපිත්‍වා රඤ‍්ඤො අමච‍්චෙ හාරෙත්‍වා අත‍්තනො අමච‍්චෙ ඨපෙත්‍වා රඤ‍්ඤා දින‍්නදානතො රාජිත්‍ථියො මහන‍්තතරං දානං අදංසු. තං සන්‍ධායෙවමාහ. මම දානං පටික‍්කමීති යං මම දානං තත්‍ථ දීයිත්‍ථ, තං පටිනිවත‍්ති. සෙසද‍්වාරෙසුපි එසෙව නයො. කොචීති කත්‍ථචි. දීඝරත‍්තන‍්ති අසීතිවස‍්සසහස‍්සානි. එත‍්තකං කිර කාලං තස‍්ස රඤ‍්ඤො දානං දීයිත්‍ථ.

සමණබ්‍රාහ්මණකපණද්ධික වණිබ්බකයාචකානං එහි සමණා පැවිද්දට පැමිණියාහු, බ්‍රාහ්මණා - භෝවාදීහු, පාප සංසිඳ වූ - පාපය බැහැර කළ - ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඔහු නො ලද්දේ ය. කපණා දුගීහු, දිළිඳු මිනිස්සු, කණ කුදු ආදීහු, අද්ධිකා මගීහු, වණිබ්බකා යම් කෙනෙක් “දුන් දේ ඉෂ්ට ය, කාන්තය, මනාප ය, සුදුසු කල්හි නිවැරදි ලෙස දෙන දේ දෙමින් භවත්නි සිත පහදවා ගනිත්වා බ්‍රහ්ම ලෝකයට යෙත්වා ආදි ලෙස දානයේ උසස් බව ප්‍රශංසා කරමින් ඇවිදිත් ද (ඔවුහු ය.) යාචකා යම් කෙනෙක් “පතක් පමණ වත් දෙන්න,” “සරාවක් (කෝප්පයක්) පමණ වත් දෙන්න” ආදිය කියා යදිමින් හැසිරෙත් ද? (ඔවුහු ය). ඉත්‍ථාගාරස්ස දානං දීයිත්‍ථ පළමු දොරටුවට ලද බැවින් එහි ඉපයූ ලක්ෂයකට අනිකුත් ධනය ද දමා රජුගේ ඇමතිවරුන් ඉවත් කොට රාජ ස්ත්‍රීහු තමන්ගේ ඇමතිවරුන් තබවා රජු විසින් දෙන ලද දානයට වඩා ඉමහත් වූ දන් දුන්හ. ඒ ගැන මෙසේ පැවසී ය. මම දානං පටික්කමි මගේ යම් දානයක් දෙන ලද ද එය නැවැතිණි. අනෙකුත් දොරටු සම්බන්ධයෙන් ද න්‍යාය ම ය. කොචි කිසි තැනෙක, දීඝරත්තං වර්ෂ අසූදහසක්, එපමණ කාලයක් ඒ රජුගේ දානය දෙන ලදි.

තතියං.

තෙවන සූත්‍රය යි.

4. ඝටීකාරසුත‍්තවණ‍්ණනා

4. ඝටීකාර සූත්‍ර වර්ණනාව

චතුත්‍ථං වුත‍්තත්‍ථමෙව.

සිවු වැන්න - කියන ලද අර්ථම ය.

චතුත්‍ථං.

සිවු වැනි සූත්‍රය යි

5. ජන‍්තුසුත‍්තවණ‍්ණනා

5. ජන්තු සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ කොසලෙසු විහරන‍්තීති භගවතො සන‍්තිකෙ කම‍්මට‍්ඨානං ගහෙත්‍වා තත්‍ථ ගන‍්ත්‍වා විහරන‍්ති. උද‍්ධතාති අකප‍්පියෙ කප‍්පියසඤ‍්ඤිතාය ච කප‍්පියෙ අකප‍්පියසඤ‍්ඤිතාය ච අනවජ‍්ජෙ සාවජ‍්ජසඤ‍්ඤිතාය ච සාවජ‍්ජෙ අනවජ‍්ජසඤ‍්ඤිතාය ච උද‍්ධච‍්චපකතිකා හුත්‍වා. උන‍්නළාති උග‍්ගතනළා, උට‍්ඨිතතුච‍්ඡමානාති වුත‍්තං හොති. චපලාති පත‍්තචීවරමණ‍්ඩනාදිනා චාපල‍්ලෙන යුත‍්තා. මුඛරාති මුඛඛරා, ඛරවචනාති වුත‍්තං හොති. විකිණ‍්ණවාචාති අසංයතවචනා, දිවසම‍්පි නිරත්‍ථකවචනපලාපිනො. මුට‍්ඨස‍්සතිනොති නට‍්ඨස‍්සතිනො සතිවිරහිතා, ඉධ කතං එත්‍ථ පමුස‍්සන‍්ති. අසම‍්පජානාති නිප‍්පඤ‍්ඤා. අසමාහිතාති අප‍්පනාඋපචාරසමාධිරහිතා, චණ‍්ඩසොතෙ බද‍්ධනාවාසදිසා. විබ‍්භන‍්තචිත‍්තාති අනවට‍්ඨිතචිත‍්තා, පන්‍ථාරුළ‍්හබාලමිගසදිසා. පාකතින්‍ද්‍රියාති සංවරාභාවෙන ගිහිකාලෙ විය විවටඉන්‍ද්‍රියා.

පස් වැන්නේ - කොසලෙසු විහරන්ති භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ සමීපයෙන් කමටහන් ගෙන එහි ගොස් වෙසෙත්. උද්ධතා කැප නො වූ දේ ගැන කැප ය යන සංඥාවෙනුත්, කැප වූ දේ ගැන අකැපය යන සංඥාවෙනුත්, නිවැරදි දේ ගැන වැරදි ය යන සංඥාවෙනුත්, වැරදි දේ ගැන නිවැරදි ය යන සංඥාවෙනුත් උඩඟු ස්වභාව ඇත්තන් වී, උන්නලා උග්ගතනලා (උද්ගත) උඩට නැගුණු බට ඇත්තාහු; ‘නැගී සිටි හිස් මානය ඇති’ යි කියන ලද්දේ වේ. චපලා පාත්‍ර චීනර සැරසීම ආදියෙන් චපල බවින් යුක්ත වූ, මුඛරා මුඛ ඛරා රළු වචනය ඇත්තේ යි කී සැටි යි. විකිණ්ණවාචා සංයත නො වූ වචන ඇත්තාහු, දවසෙහි ම නිරර්ථක වචන කථා කරන්නාහු, මුට්ඨස්සතිනො නැසුණු සිහිය ඇත්තාහු, සිහිය රහිත වූවාහු, මෙහි කරන ලද්ද එහි අමතක වෙයි. අසම්පජානො නුවණ නැති, අසමාහිතා අර්පණා උපචාර සමාධි රහිත වූවෝ, සැඩ දිය පහරෙහි අසු වුණු නැව් හා සමාන වූ, විබ්භන්තචිත්තා එක් අරමුණක නො පිහිටි සිත් ඇත්තාහු, මඟට වන් ව්‍යාඝ්‍ර ආදී සිවු පාවුන් හා සම වූ, පාකතින්‍ද්‍රියා සංවර නො වූ බැවින් ගිහි කල්හි මෙන් විවෘත වූ ඉන්‍ද්‍රිය ඇත්තාහු,

ජන‍්තූති එවංනාමකො දෙවපුත‍්තො. තදහුපොසථෙති තස‍්මිං අහු උපොසථෙ, උපොසථදිවසෙති අත්‍ථො. පන‍්නරසෙති චාතුද‍්දසිකාදිපටික‍්ඛෙපො. උපසඞ‍්කමීති චොදනත්‍ථාය උපගතො. සො කිර චින‍්තෙසි – “ඉමෙ භික‍්ඛූ සත්‍ථු සන‍්තිකෙ කම‍්මට‍්ඨානං ගහෙත්‍වා නික‍්ඛන‍්තා, ඉදානි පමත‍්තා විහරන‍්ති, න ඛො පනෙතෙ පාටියෙක‍්කං නිසින‍්නට‍්ඨානෙ චොදියමානා කථං ගණ‍්හිස‍්සන‍්ති, සමාගමනකාලෙ චොදිස‍්සාමී”ති උපොසථදිවසෙ තෙසං සන‍්නිපතිතභාවං ඤත්‍වා උපසඞ‍්කමි. ගාථාහි අජ‍්ඣභාසීති සබ‍්බෙසං මජ‍්ඣෙ ඨත්‍වා ගාථා අභාසි.

ජන්තු එනම් ඇති දේව පුත්‍රයා, තදහුපොසථෙ තස්මිං අහු උපොසථෙ - උපෝසථ දිනයෙහි යන අර්ථ යි. පණ්ණරසෙ තුදුස්වකට ප්‍රතිපක්‍ෂ වූ දින; උපසංකමි චෝදනා කිරීම පිණිස පැමිණියේ ය. හේ (මෙසේ) සිතී ය: මේ භික්ෂූහු ශාස්තෲන් සමීපයෙහි කමටහන් ගෙන නික්මුණෝ ය. දැන් ප්‍රමාදී ව වසත්, ඔවුන් වෙන් වෙන් ව (තනි තනි ව) සිටින කල්හි චෝදනා කරනු ලබන්නාහු උපදෙස් නො පිළිගන්නාහු ය. රැස්වන අවස්ථාවේ චෝදනා කරන්නෙමැයි පෙහෙවස් දිනයේ ඔවුන් රැස් වූ බව දැන පැමිණියේ ය. ගාථාහි අජ්ඣභාසි සියලු දෙනා මැද සිට ගාථා පැවසී ය.

තත්‍ථ යස‍්මා ගුණකථාය සද‍්ධිං නිග‍්ගුණස‍්ස අගුණො පාකටො හොති, තස‍්මා ගුණං තාව කථෙන‍්තො සුඛජීවිනො පුරෙ ආසුන‍්තිආදිමාහ. තත්‍ථ සුඛජීවිනො පුරෙ ආසුන‍්ති පුබ‍්බෙ භික‍්ඛූ සුප‍්පොසා සුභරා අහෙසුං, උච‍්චනීචකුලෙසු සපදානං චරිත්‍වා ලද‍්ධෙන මිස‍්සකපිණ‍්ඩෙන යාපෙසුන‍්ති අධිප‍්පායෙන එවමාහ. අනිච‍්ඡාති නිත‍්තණ‍්හා හුත්‍වා.

එහි යම් හෙයකින් ගුණකථාව සමග නිරූපණයාගේ අගුණ ප්‍රකට වේ ද එ ලෙසින් ගුණ පළමුව පවසන්නේ ‘සුඛජීවිනො පුරෙ ආසුං’ ආදිය පැවසී ය. එහි සුඛජීවිනො පුරෙ ආසුං පූර්වයෙහි භික්ෂූහු මැනවින් පෝෂණය කිරීමට, පහසුවෙන් නඩත්තු කිරීමට හැකි වූවෝ ය. උස්පහත් කුලවලට ගෙපිළිවෙලින් පැමිණ ලත් මිශ්‍ර වූ ආහාරයෙන් යැපුනාහ යන අදහසින් මෙසේ කී ය. අනිච්ඡා තෘෂ්ණාවෙන් තොර වී,

එවං පොරාණකභික‍්ඛූනං වණ‍්ණං කථෙත්‍වා ඉදානි තෙසං අවණ‍්ණං කථෙන‍්තො දුප‍්පොසන‍්තිආදිමාහ. තත්‍ථ ගාමෙ ගාමණිකා වියාති යථා ගාමෙ ගාමකුටා නානප‍්පකාරෙන ජනං පීළෙත්‍වා ඛීරදධිතණ‍්ඩුලාදීනි ආහරාපෙත්‍වා භුඤ‍්ජන‍්ති, එවං තුම‍්හෙපි අනෙසනාය ඨිතා තුම‍්හාකං ජීවිකං කප‍්පෙථාති අධිප‍්පායෙන වදති. නිපජ‍්ජන‍්තීති උද‍්දෙසපරිපුච‍්ඡාමනසිකාරෙහි අනත්‍ථිකා හුත්‍වා සයනම‍්හි හත්‍ථපාදෙ විස‍්සජ‍්ජෙත්‍වා නිපජ‍්ජන‍්ති. පරාගාරෙසූති පරගෙහෙසු, කුලසුණ‍්හාදීසූති අත්‍ථො. මුච‍්ඡිතාති කිලෙසමුච‍්ඡාය මුච‍්ඡිතා.

මෙසේ පුරාණ භික්ෂූන්ගේ ගුණ වර්ණනා කර දැන් ඔවුන්ගේ නුගුණ පවසන්නේ, අප්පොසං ආදිය පැවසී ය. එහි ගාමෙ ගාමණිකා විය ගමෙහි (නින්දිත) ගම් දෙටුවෝ නානා ප්‍රකාර ලෙස මහජනයා පීඩාවට පත් කරවමින් කිරි, දී කිරි, සහල් ආදිය ගෙන්වා ගෙන අනුභව කරති. එසේ ඔබලාත් අනේසනයෙහි (භික්ෂූන් හට නොගැලපෙන ප්‍රත්‍ය සෙවීම්හි) යෙදී සිටිමින් ඔබලාගේ ජීවිකාව කරගෙන යන්නාහු ය යන අදහසින් කියයි. නිපජ්ජති උද්දෙස - පරිපුච්ඡා - මනසිකාරවලින් අර්ථයක් නැති අය වී ඇඳෙහි අත් පා විහිදා හොවිති. පරාගාරෙසු - අන් ගෙවල; පවුලේ ලේලි ආදීන් අතර යන අර්ථ යි. මුච්ඡිතා ක්ලේශ මූර්ඡාවෙන් මුසපත් වූවාහු,

එකච‍්චෙති වත‍්තබ‍්බයුත‍්තකෙයෙව. අපවිද‍්ධාති ඡඩ‍්ඩිතකා. අනාථාති අපතිට‍්ඨා. පෙතාති සුසානෙ ඡඩ‍්ඩිතා කාලඞ‍්කතමනුස‍්සා. යථා හි සුසානෙ ඡඩ‍්ඩිතා නානාසකුණාදීහි ඛජ‍්ජන‍්ති, ඤාතකාපි නෙසං නාථකිච‍්චං න කරොන‍්ති, න රක‍්ඛන‍්ති, න ගොපයන‍්ති, එවමෙවං එවරූපාපි ආචරියුපජ‍්ඣායාදීනං සන‍්තිකා ඔවාදානුසාසනිං න ලභන‍්තීති අපවිද‍්ධා අනාථා, යථා පෙතා, තථෙව හොන‍්ති.

එකච්චෙ කිව යුත්ත කීමෙන් ම; අපවිද්ධා (සසුනෙන්) බැහැර කළ, අනාථා පිහිටක් නැති, පෙතා සොහොනෙහි දැමූ; කාලක්‍රියා කළ මනුෂ්‍යයෝ; යම් සේ සොහොනෙහි දමන ලද්දාහු නොයෙක් පක්ෂි ආදීන් විසින් කා දමනු ලබත් ද, නෑයෝත් ඔවුනට පිහිට වීමට කටයුතු නො කරත් ද, නො රකිත් ද, ආරක්‍ෂාව නො සපයත් ද, එසේ ම මේ ආකාර වූවෝ ආචාර්ය උපාධ්‍යාය ආදීන්ගේ සමීපයෙහි අවවාද අනුශාසනා නො ලබති යි හැර දමන ලද්දෝ, අනාථ වූවෝ, මළගියවුන් යම් සේ ද එලෙස ම වෙත්.

පඤ‍්චමං.

පස් වැනි සූත්‍රය යි.

6. රොහිතස‍්සසුත‍්තවණ‍්ණනා

6. රෝහිතස්ස සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ යත්‍ථාති චක‍්කවාළලොකස‍්ස එකොකාසෙ භුම‍්මං. න චවති න උපපජ‍්ජතීති ඉදං අපරාපරං චුතිපටිසන්‍ධිවසෙන ගහිතං. ගමනෙනාති පදගමනෙන. නාහං තං ලොකස‍්ස අන‍්තන‍්ති සත්‍ථා සඞ‍්ඛාරලොකස‍්ස අන‍්තං සන්‍ධාය වදති. ඤාතෙය්‍යන‍්තිආදීසු ඤාතබ‍්බං, දට‍්ඨබ‍්බං, පත‍්තබ‍්බන‍්ති අත්‍ථො.

සය වැන්නෙහි - යත්‍ථ සක්වළ ලොවේ එක් අවකාශයෙක්හි බිම ඇසුරු කළ න චවති න උප්පජ්ජති මෙය යළි යළිත් චුති ප්‍රතිසන්ධි වශයෙන් ගන්නා ලදි. ගමනෙන පා ගමනින් නාහං තං ලොකස්ස අන්තං ශාස්තෲන් වහන්සේ සංස්කාර ලෝකයේ අන්තය පිළිබඳ ව පවසන සේක. ඤාතෙය්‍යං ආදියෙහි දත යුතු, දැකිය යුතු, පැමිණිය යුතු යන අර්ථ යි.

ඉති දෙවපුත‍්තෙන චක‍්කවාළලොකස‍්ස අන‍්තො පුච‍්ඡිතො, සත්‍ථාරා සඞ‍්ඛාරලොකස‍්ස කථිතො. සො පන අත‍්තනො පඤ‍්හෙන සද‍්ධිං සත්‍ථු බ්‍යාකරණං සමෙතීති සඤ‍්ඤාය පසංසන‍්තො අච‍්ඡරියන‍්තිආදිමාහ.

මෙසේ දේවපුත්‍රයා විසින් චක්‍රවාළ ලෝකයෙහි අන්තය විමසන ලද්දේ ය. ශාස්තෲන් වහන්සේ විසින් සංස්කාර ලෝකයෙහි (අන්තය) ප්‍රකාශ කරන ලද්දේ ය. හේ තමාගේ ප්‍රශ්නය සමග ශාස්තෲන් වහන්සේගේ පිළිතුර සම වෙතැයි සිතා ප්‍රශංසා කරන්නේ අච්ඡරියං ආදිය පැවසී ය.

දළ‍්හධම‍්මොති දළ‍්හධනු, උත‍්තමප‍්පමාණෙන ධනුනා සමන‍්නාගතො. ධනුග‍්ගහොති ධනුආචරියො. සුසික‍්ඛිතොති දස ද‍්වාදස වස‍්සානි ධනුසිප‍්පං සික‍්ඛිතො. කතහත්‍ථොති උසභප‍්පමාණෙපි වාලග‍්ගං විජ‍්ඣිතුං සමත්‍ථභාවෙන කතහත්‍ථො. කතූපාසනොති කතසරක‍්ඛෙපො දස‍්සිතසිප‍්පො. අසනෙනාති කණ‍්ඩෙන. අතිපාතෙය්‍යාති අතික‍්කමෙය්‍ය. යාවතා සො තාලච‍්ඡායං අතික‍්කමෙය්‍ය, තාවතා කාලෙන එකචක‍්කවාළං අතික‍්කමාමීති අත‍්තනො ජවසම‍්පත‍්තිං දස‍්සෙති.

දළ්හධම්මො දැඩි වූ දුන්න, උතුම් ප්‍රමාණ වූ දුන්නෙන් සමන්විත වූයේ, ධනුග්ගහො දුණු ආචාර්යවරයෙක්, සික්‍ඛිතො දොළොස් වසරක් ධනු ශිල්පය හදාළ; කතහත්‍ථො වෘෂභප්‍රමාණ වුව ද වල’ග විදීමට සමත් බැවින් කෘතහස්ත වූ; කතූපාසනො ඊ විදීමෙන් දක්වන ලද ශිල්ප ඇත්තේ; අසනෙන ඊයෙන්, අතිපාතෙය්‍ය ඉක්මවා යයි ද, ඔහු යම් සැණෙකින් තල් ඡායාව ඉක්මවා යයි ද එවන් වේලාවකින් එක් සක්වළක් ඉක්මවා යමි යි තමාගේ ජවසම්පත්තිය පෙන්වයි.

පුරත්‍ථිමා සමුද‍්දා පච‍්ඡිමොති යථා පුරත්‍ථිමසමුද‍්දා පච‍්ඡිමසමුද‍්දො දූරෙ, එවං මෙ දූරෙ පදවීතිහාරො අහොසීති වදති. සො කිර පාචීනචක‍්කවාළමුඛවට‍්ටියං ඨිතො පාදං පසාරෙත්‍වා පච‍්ඡිමචක‍්කවාළමුඛවට‍්ටියං අක‍්කමති, පුන දුතියං පාදං පසාරෙත්‍වා පරචක‍්කවාළමුඛවට‍්ටියං අක‍්කමති. ඉච‍්ඡාගතන‍්ති ඉච‍්ඡා එව. අඤ‍්ඤත්‍රෙවාති නිප‍්පපඤ‍්චතං දස‍්සෙති. භික‍්ඛාචාරකාලෙ කිරෙස නාගලතාදන‍්තකට‍්ඨං ඛාදිත්‍වා අනොතත‍්තෙ මුඛං ධොවිත්‍වා කාලෙ සම‍්පත‍්තෙ උත‍්තරකුරුම‍්හි පිණ‍්ඩාය චරිත්‍වා චක‍්කවාළමුඛවට‍්ටියං නිසින‍්නො භත‍්තකිච‍්චං කරොති, තත්‍ථ මුහුත‍්තං විස‍්සමිත්‍වා පුන ජවති. වස‍්සසතායුකොති තදා දීඝායුකකාලො හොති, අයං පන වස‍්සසතාවසිට‍්ඨෙ ආයුම‍්හි ගමනං ආරභි. වස‍්සසතජීවීති තං වස‍්සසතං අනන‍්තරායෙන ජීවන‍්තො. අන‍්තරාව කාලඞ‍්කතොති චක‍්කවාළලොකස‍්ස අන‍්තං අප‍්පත්‍වා අන‍්තරාව මතො. සො පන තත්‍ථ කාලං කත්‍වාපි ආගන‍්ත්‍වා ඉමස‍්මිංයෙව චක‍්කවාළෙ නිබ‍්බත‍්ති. අප‍්පත්‍වාති සඞ‍්ඛාරලොකස‍්ස අන‍්තං අප‍්පත්‍වා. දුක‍්ඛස‍්සාති වට‍්ටදුක‍්ඛස‍්ස. අන‍්තකිරියන‍්ති පරියන‍්තකරණං. කළෙවරෙති අත‍්තභාවෙ. සසඤ‍්ඤිම‍්හි සමනකෙති සසඤ‍්ඤෙ සචිත‍්තෙ. ලොකන‍්ති දුක‍්ඛසච‍්චං. ලොකසමුදයන‍්ති සමුදයසච‍්චං. ලොකනිරොධන‍්ති නිරොධසච‍්චං. පටිපදන‍්ති මග‍්ගසච‍්චං. ඉති – “නාහං, ආවුසො, ඉමානි චත‍්තාරි සච‍්චානි තිණකට‍්ඨාදීසු පඤ‍්ඤපෙමි, ඉමස‍්මිං පන චාතුමහාභූතිකෙ කායස‍්මිං යෙව පඤ‍්ඤපෙමී”ති දස‍්සෙති. සමිතාවීති සමිතපාපො. නාසීසතීති න පත්‍ථෙති.

පුරත්‍ථිමසමුද්දා පච්ඡිමො පෙර දිග මුහුදින් යම් සේ පශ්චිම මුහුද දුර ද මෙසේ දුරෙහි මාගේ පා ගමනක් වී යයි කියයි. හේ පෙර දිග සක් වළ මුව විටියෙහි සිටියේ පා විහිදුවා පෑල දිග සක්වළ මුවවිටිය ඉක්මවයි. යළි දෙවන පාදය විහිදුවා පර සක්වළ මුවවිටිය ඉක්මවයි. ඉච්ඡාගතං ඉච්ඡා එව - ආශාව ම ය. අඤ්ඤත්‍රෙව නිෂ්ප්‍රපඤ්චතාව (ප්‍රමාද රහිත බව) දක්වයි. ආහාර බුදින වේලෙහි බුලත් දැහැටි කා අනෝතත්ත විලෙන් මුව දොවා සුදුසු වේලාව ආ විට උතුරු කුරු දිවයිනෙහි පිඬු පිණිස හැසිර සක්වළ මුව විටියෙහි හිඳ බත්කිස කරයි. එහි මොහොතක් විඩා හැර යළි දුවයි. වස්සසතායුකො - එකල්හි දීර්ඝායුෂ්ක කාලයක් විය. මොහු සිය වසක් ඉතිරි ව තිබියදී ගමන ඇරඹී ය. අන්තරාව කාලංකතො සක්වළ ලෝකයේ කෙළවරට නො පැමිණ ම අතර මඟ දී ම මළේ ය. හේ එහි කාලක්‍රියා කොට ද පැමිණ මේ සක්වළෙහි උපණි. අප්පත්‍වා සංස්කාර ලෝකයේ අන්තයට නො පැමිණ; දුක්‍ඛස්ස සසර දුකෙහි; අන්තකිරියං අවසාන කරන; කලෙබරෙ ශරීරයෙහි, සසඤ්ඤිම්හි සමනකෙ සංඥා සහිත, චිත්ත සහිත, ලොකං දුක්ඛ සත්‍යය, ලොක සමුදයං සමුදය සත්‍යය, ලොකනිරොධං නිරොධ සත්‍යය, පටිපදං මාර්ග සත්‍යය, මෙසේ ආයුෂ්මතුනි, මම මේ සත්‍ය සතර තණකොළ ලී කොට ආදියෙහි නො පණවමි. මේ මහා භූත සතරින් යුතු ශරීරයෙහි ම පෙන්වමි යි දක්වයි. සමතාවී පාපය සමනය කළ; නාසිංසති නො පතයි.

ඡට‍්ඨං.

සය වැනි සූත්‍රය යි.

7-8.නන්‍දසුත‍්තාදිවණ‍්ණනා

7-8.නන්ද ආදි සූත්‍ර වර්ණනා

සත‍්තමට‍්ඨමානි වුත‍්තත්‍ථානෙව. සත‍්තමං, අට‍්ඨමං.

සත් වැනි හා අට වැනි සූත්‍ර කියන ලද අර්ථ පරිදි ම ය.