9. සුසීමසුත්තවණ්ණනා අට්ඨකථා
9. සුසීමසුත්තවණ්ණනා
9. සුසීම සූත්‍ර වර්ණනාව
නවමෙ තුය්හම්පි නො, ආනන්ද, සාරිපුත්තො රුච්චතීති සත්ථා ථෙරස්ස වණ්ණං කථෙතුකාමො, වණ්ණො ච නාමෙස විසභාගපුග්ගලස්ස සන්තිකෙ කථෙතුං න වට්ටති. තස්ස සන්තිකෙ කථිතො හි මත්ථකං න පාපුණාති. සො හි “අසුකො නාම භික්ඛු සීලවා”ති වුත්තෙ. “කිං තස්ස සීලං? ගොරූපසීලො සො. කිං තයා අඤ්ඤො සීලවා න දිට්ඨපුබ්බො”ති වා? “පඤ්ඤවා”ති වුත්තෙ, “කිං පඤ්ඤො සො? කිං තයා අඤ්ඤො පඤ්ඤවා න දිට්ඨපුබ්බො”ති? වා, ආදීනි වත්වා වණ්ණකථාය අන්තරායං කරොති. ආනන්දත්ථෙරො පන සාරිපුත්තත්ථෙරස්ස සභාගො, පණීතානි ලභිත්වා ථෙරස්ස දෙති, අත්තනො උපට්ඨාකදාරකෙ පබ්බාජෙත්වා ථෙරස්ස සන්තිකෙ උපජ්ඣං ගණ්හාපෙති, උපසම්පාදෙති. සාරිපුත්තත්ථෙරොපි ආනන්දත්ථෙරස්ස තථෙව කරොති. කිං කාරණා? අඤ්ඤමඤ්ඤස්ස ගුණෙසු පසීදිත්වා. ආනන්දත්ථෙරො හි – “අම්හාකං ජෙට්ඨභාතිකො එකං අසඞ්ඛ්යෙය්යං සතසහස්සඤ්ච කප්පෙ පාරමියො පූරෙත්වා සොළසවිධං පඤ්ඤං පටිවිජ්ඣිත්වා ධම්මසෙනාපතිට්ඨානෙ ඨිතො”ති ථෙරස්ස ගුණෙසු පසීදිත්වාව ථෙරං මමායති. සාරිපුත්තත්ථෙරොපි – “සම්මාසම්බුද්ධස්ස මයා කත්තබ්බං මුඛොදකදානාදිකිච්චං සබ්බං ආනන්දො කරොති. ආනන්දං නිස්සාය අහං ඉච්ඡිතිච්ඡිතං සමාපත්තිං සමාපජ්ජිතුං ලභාමී”ති ආයස්මතො ආනන්දස්ස ගුණෙසු පසීදිත්වාව තං මමායති. තස්මා භගවා සාරිපුත්තත්ථෙරස්ස වණ්ණං කථෙතුකාමො ආනන්දත්ථෙරස්ස සන්තිකෙ කථෙතුං ආරද්ධො.
නව වැන්නෙහි - තුය්හම්පි නො ආනන්ද සාරිපුත්තො රුච්චති බුදුන් වහන්සේ තෙරුන් ගුණ වර්ණනා කරනු කැමති වන සේක්, මේ ප්‍රශංසාව සම නො වන පුද්ගලයකු සමීපයෙහි පැවසීමට නො වටී. ඔහු සමීපයෙහි පවසන ලද්දේ හිසට නො එයි. ඔහු අසුවල් නම් වූ භික්ෂුව “සිල්වත්” යයි කියන ලද්දේ, “ඔහුගේ ශීලය කිම? ගොනෙකුගේ ස්වභාවය ඇති සිල්වතෙකි. කිම ඔබ විසින් වෙනත් සිල්වතෙක් නො දුටු විරූ ද? නැතහොත් ‘ප්‍රඥාවන්තයෙක්’ යි කියන ලද්දේ ‘ඒ කුමන ප්‍රඥාවක් ද? කිම ප්‍රඥාවන්තයෙක් මීට පෙර නො දුටු විරූ ද?” ආදිය කියා වර්ණකථාවට (ප්‍රශංසාවට) අනතුරක් කරයි. ආනන්ද තෙරුන් වහන්සේ වූ කලී සැරියුත් තෙරණුවන් හා ගැලපේ. ප්‍රණීත දන් ලැබ තෙරුනට දෙයි. තමන්ගේ උපස්ථායක තරුණයන් පැවිදි කරවා තෙරුන් සමීපයෙහි උපාධ්‍යායන් වහන්සේ හැටියට ගන්වයි; උපසපන් කරවයි. සැරියුත් තෙරණුවෝ ද අනඳ තෙරුනට එසේ කරති. කුමක් නිසා ද? අන්‍යෝන්‍යයන්ගේ ගුණ පිළිබඳ ව පැහැදී ම ඇළුම් කරති. අනඳ තෙරණුවෝ ද, අපගේ වැඩිමහල් සහෝදරයා එක් අසංඛෙය්‍ය ලක්ෂයක් කප්හි පාරමී පුරා සොළොස් ආකාර ප්‍රඥාව ප්‍රතිවේධ කොට ධර්ම සේනාපති ස්ථානයෙහි සිටි සේකැයි තෙරුන්ගේ ගුණයෙහි පැහැදී ම තෙරුනට ඇළුම් කරති. සැරියුත් තෙරණුවෝ ද සම්මා සම්බුදුන් වහන්සේට මා විසින් කළ යුතු මුව සේදීම සඳහා දිය සැපයීම ආදී කටයුතු සියල්ල අනඳ හිමි කරයි, ආනන්දයන් නිසා මම කැමති කැමති සමාපත්තියට සම වැදීම ලබා ගනිමි යි ඒ ආයුෂ්මතුන්ගේ ගුණයෙහි පැහැදී ම උන්වහන්සේට ඇළුම් කරති. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ සැරියුත් තෙරුන්ගේ ගුණ වර්ණනා කරනු කැමති වන සේක් අනඳ හිමියන් සමීපයෙහි පැවසීම ඇරඹූහ.
තත්ථ තුය්හම්පීති සම්පිණ්ඩනත්ථො පි-කාරො. ඉදං වුත්තං හොති – “ආනන්ද, සාරිපුත්තස්ස ආචාරො ගොචරො විහාරො අභික්කමො පටික්කමො ආලොකිතවිලොකිතං සමිඤ්ජිතපසාරණං මය්හං රුච්චති, අසීතිමහාථෙරානං රුච්චති, සදෙවකස්ස ලොකස්ස රුච්චති. තුය්හම්පි රුච්චතී”ති?
එහි තුය්හංපි හි ‘පි’ සම්පිණ්ඩන අර්ථයෙහි ය. කියන ලද්දේ මෙය යි: සැරියුත් හිමියන්ගේ ආචාර ගෝචර, විහාර, අභික්කම, පටික්කම ආලෝකිත, විලෝකිත, සම්මිඤ්ජිත, පසාරිත ක්‍රියා සියල්ල මට රුචිකර ය. අසූ මහා තෙරුනට රුචිකර ය. දෙවියන් සහිත ලෝකයාට රුචිකර ය. ඔබටත් රුචිකර ය.
තතො ථෙරො සාටකන්තරෙ ලද්ධොකාසො බලවමල්ලො විය තුට්ඨමානසො හුත්වා – “සත්ථා මය්හං පියසහායස්ස වණ්ණං කථාපෙතුකාමො. ලභිස්සාමි නො අජ්ජ, දීපධජභූතං මහාජම්බුං විධුනන්තො විය වලාහකන්තරතො චන්දං නීහරිත්වා දස්සෙන්තො විය සාරිපුත්තත්ථෙරස්ස වණ්ණං කථෙතු”න්ති චින්තෙත්වා පඨමතරං තාව චතූහි පදෙහි පුග්ගලපලාපෙ හරන්තො කස්ස හි නාම, භන්තෙ, අබාලස්සාතිආදිමාහ. බාලො හි බාලතාය, දුට්ඨො දොසතාය, මූළ්හො මොහෙන, විපල්ලත්ථචිත්තො උම්මත්තකො චිත්තවිපල්ලාසෙන වණ්ණං “වණ්ණො”ති වා අවණ්ණං “අවණ්ණෙ”ති වා, “අයං බුද්ධො, අයං සාවකො”ති වා න ජානාති. අබාලාදයො පන ජානන්ති, තස්මා අබාලස්සාතිආදිමාහ. න රුච්චෙය්යාති බාලාදීනංයෙව හි සො න රුච්චෙය්ය, න අඤ්ඤස්ස කස්සචි න රුච්චෙය්ය.
ඉන් පසු තෙරුන් වහන්සේ, තිරය අතරින් ඉඩ ලද ශක්තිමත් මල්ලවයකු මෙන් සතුටු සිත් ඇත්තාහු බුදුන් වහන්සේ මට ප්රියසහායයාගේ ගුණ වර්ණනාව දක්වනු කැමති වන සේක. වළා අතරින් චන්ද්‍රයා ගෙන පෙන්වන්නාක් මෙන් සැරියුත් තෙරණුවන්ගේ ගුණ කථනය කරවීමට ලැබෙතැයි සිතා පළමු කොට ම සිවු පදයකින් පුද්ගල වරුණ ගෙන හැර පාන්නේ කස්ස හි නාම භන්තෙ අබාලස්ස ආදිය පැවසූ සේක. බාලයෙක් බාල බව නිසා, දුෂ්ට වූවෙක් ද්වේෂය නිසා, මුළා වූවෙක් මෝහය නිසා, විපරියාස වුණු සිතැත්තෙක් - උන්මත්තකයෙක් - චිත්ත විපර්යාසය නිසා වර්ණය (යහපත් ගුණ, ප්‍රශංසාව) වර්ණය යි හෝ අවර්ණය අවර්ණය යි හෝ මේ බුදුන් වහන්සේ ය, මේ ශ්රාවකයා යි හෝ නො දනියි. බාල ආදී වූ නො වූ අය දනිති. එහෙයින් අබාලස්ස ආදිය පැවසූ සේක. න රුච්චෙය්ය බාලයන් ආදීනට ම උන්වහන්සේ නො රුස්නේ ය. අනිකුත් කිසිවෙකුට නො රුස්නේ නො වේ.
එවං පුග්ගලපලාපෙ හරිත්වා ඉදානි සොළසහි පදෙහි යථාභූතං වණ්ණං කථෙන්තො පණ්ඩිතො, භන්තෙතිආදිමාහ. තත්ථ පණ්ඩිතොති පණ්ඩිච්චෙන සමන්නාගතො, චතූසු කොසල්ලෙසු ඨිතස්සෙතං නාමං. වුත්තඤ්හෙතං – “යතො ඛො, ආනන්ද, භික්ඛු ධාතුකුසලො ච හොති ආයතනකුසලො ච පටිච්චසමුප්පාදකුසලො ච ඨානාට්ඨානකුසලො ච, එත්තාවතා ඛො, ආනන්ද, ‘පණ්ඩිතො භික්ඛූ’ති අලං වචනායා”ති (ම· නි· 3.124). මහාපඤ්ඤොතිආදීසු මහාපඤ්ඤාදීහි සමන්නාගතොති අත්ථො. තත්රිදං මහාපඤ්ඤාදීනං නානත්තං (පටි· ම· 3.4) – කතමා මහාපඤ්ඤා? මහන්තෙ සීලක්ඛන්ධෙ පරිග්ගණ්හාතීති මහාපඤ්ඤා, මහන්තෙ සමාධික්ඛන්ධෙ, පඤ්ඤාක්ඛන්ධෙ, විමුත්තික්ඛන්ධෙ, විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙ පරිග්ගණ්හාතීති මහාපඤ්ඤා. මහන්තානි ඨානාට්ඨානානි, මහාවිහාරසමාපත්තියො, මහන්තානි අරියසච්චානි, මහන්තෙ සතිපට්ඨානෙ, සම්මප්පධානෙ, ඉද්ධිපාදෙ, මහන්තානි ඉන්ද්රියානි, බලානි, බොජ්ඣඞ්ගානි, මහන්තෙ අරියමග්ගෙ, මහන්තානි සාමඤ්ඤඵලානි, මහාඅභිඤ්ඤායො, මහන්තං පරමත්ථං නිබ්බානං පරිග්ගණ්හාතීති මහාපඤ්ඤා.
මෙසේ පුද්ගල ප්‍රලාපය ගෙන හැර දක්වා දැන් සොළොස් පදයකින් ඇත්ත ඇති සැටියෙන් ගුණ වර්ණනා කරන සේක්, පණ්ඩිතො භන්තෙ යනාදිය පැවසූහ. එහි පණ්ඩිතො පාණ්ඩිත්‍යයෙන් සමන්නාගත වූ, කුසලතා (දක්ෂතා) සතරෙහි සිටියහුට මේ නමි. (එය) කියන ලදි. “යතො ඛො ආනන්ද භික්ඛු ධාතුකුසලො ච හොති, ආයතනකුසලො ච, පටිච්චසමුප්පාදකුසලො ච ඨානාඨානකුසලො ච එත්තාවතා ඛො ආනන්ද භික්ඛූති අලං වචනායාති” (ආනන්දයෙනි, යම් හෙයකින් භික්ෂුව ධාතු කුශල වෙයි ද, ආයතන කුශල වෙයි ද, පටිච්චසමුප්පාද කුශල වෙයි ද, ඨානාඨාන කුශල වෙයි ද, එපමණෙකින් ආනන්ද, පණ්ඩිතයෙකි යි කීමට සුදුසු වේ.) මහපඤ්ඤො ආදියෙහි, මහාපඤ්ඤ ආදියෙන් සමන්විත වූයේ යන අර්ථ යි. එහි මහාප්‍රඥා ආදීන්ගේ නානාත්වය මෙය යි; “මහාප්‍රාඥ” යනු කුමක් ද? මහත් වූ ශීලස්කන්ධයෙහි බැදෙති යි “මහාප්‍රාඥ” ය. මහත් වූ සමාධිස්කන්ධයෙහි - පඤ්ඤස්කන්ධයෙහි - විමුත්ති ස්කන්ධයෙහි - විමුක්ති ඤාණදස්සනස්කන්ධයෙහි ග්‍රහණය කෙරෙති යි මහාප්‍රාඥ: මහත් වූ ඨානාඨානයෙහි - මහා විහාර සම්පත්තියෙහි - මහා ආර්යසත්යයෙහි - මහා සතිපට්ඨානයෙහි - සම්මප්පධානයෙහි - ඉද්ධිපාදයෙහි - මහා ඉන්ද්රියබලබොජ්ඣංග - මහත් පරමාර්ථය වූ නිර්වාණය ග්‍රහණය කරති යි මහා ප්‍රාඥ;
සා පන ථෙරස්ස දෙවොරොහනං කත්වා සඞ්කස්සනගරද්වාරෙ ඨිතෙන සත්ථාරා පුථුජ්ජනපඤ්චකෙ පඤ්හෙ පුච්ඡිතෙ තං විස්සජ්ජෙන්තස්ස පාකටා ජාතා.
දේවාරෝහණය කොට සංකස්ස නගර දොරටුවෙහි වැඩ සිටි බුදුන් වහන්සේ විසින් පුථුජ්ජනාදී වූ ප්‍රශ්න පහ විමසූ කල්හි එය විසඳන්නා වූ තෙරුන් වහන්සේගේ (ප්‍රඥාව) ප්‍රකට විය.
කතමා පුථුපඤ්ඤා? පුථු නානාඛන්ධෙසු, (ඤාණං පවත්තතීති පුථුපඤ්ඤා.) පුථු නානාධාතූසු, පුථු නානාආයතනෙසු, පුථු නානාපටිච්චසමුප්පාදෙසු, පුථු නානාසුඤ්ඤතමනුපලබ්භෙසු, පුථු නානාඅත්ථෙසු, ධම්මෙසු නිරුත්තීසු පටිභානෙසු, පුථු නානාසීලක්ඛන්ධෙසු, පුථු නානාසමාධි-පඤ්ඤාවිමුත්ති-විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙසු, පුථු නානාඨානාට්ඨානෙසු, පුථු නානාවිහාරසමාපත්තීසු, පුථු නානාඅරියසච්චෙසු, පුථු නානාසතිපට්ඨානෙසු, සම්මප්පධානෙසු, ඉද්ධිපාදෙසු, ඉන්ද්රියෙසු, බලෙසු, බොජ්ඣඞ්ගෙසු, පුථු නානාඅරියමග්ගෙසු, සාමඤ්ඤඵලෙසු, අභිඤ්ඤාසු, පුථු නානාජනසාධාරණෙ ධම්මෙ සමතික්කම්ම පරමත්ථෙ නිබ්බානෙ ඤාණං පවත්තතීති පුථුපඤ්ඤා.
‘පුථුපඤ්ඤා’ යනු කවරක් ද? මහත් වූ නානාස්කන්ධයන් පිළිබඳ ඤාණය පවතිතියි “පුථුපඤ්ඤා,” මහත් වූ නානාධාතු පිළිබඳ - මහත් වූ නානා අර්ථ පිළිබඳ - මහත් වූ නානා පටිච්චසමුප්පාද පිළිබඳ - මහත් වූ නානා ශුන්‍යතා නො ලැබීම් පිළිබඳ - මහත් වූ නානා අර්ථ පිළිබඳ - ධර්ම පිළිබඳ - නිරුත්ති පිළිබඳ - පටිභාණ පිළිබඳ - මහත් වූ නානා ශීලස්කන්ධ පිළිබඳ, මහත් වූ නානා සමාධි - පඤ්ඤා - විමුත්ති ඤාණ දස්සන ස්කන්ධ පිළිබඳ, මහත් වූ ඨානාඨාන පිළිබඳ - මහත් වූ නානා විහාර සමාපත්ති පිළිබඳ - මහත් වූ නානා ආර්ය සත්‍ය පිළිබඳ - මහත් වූ නානා සතිපට්ඨාන පිළිබඳ සම්මප්පධාන පිළිබඳ - ඉද්ධිපාද පිළිබඳ - ඉන්ද්රිය පිළිබඳ - බල පිළිබඳ - බොජ්ඣංග පිළිබඳ - මහත් වූ නානා අරිය මග්ග පිළිබඳ - සාමඤ්ඤ පිළිබඳ - අභිඤ්ඤා පිළිබඳ - මහත් වූ නානා ජනයාට පොදු - ශීල ධර්ම ඉක්මවා යන පරමාර්ථ වූ නිර්වාණය පිළිබඳ ඥානය පවත්වති යි ‘පුථුපඤ්ඤා’ වේ.
කතමා හාසපඤ්ඤා? ඉධෙකච්චො හාසබහුලො වෙදබහුලො තුට්ඨිබහුලො පාමොජ්ජබහුලො සීලං පරිපූරෙති, ඉන්ද්රියසංවරං පරිපූරෙති, භොජනෙ මත්තඤ්ඤුතං, ජාගරියානුයොගං, සීලක්ඛන්ධං, සමාධික්ඛන්ධං, පඤ්ඤාක්ඛන්ධං, විමුත්තික්ඛන්ධං, විමුත්තිඤාණදස්සනක්ඛන්ධං පරිපූරෙතීති, හාසපඤ්ඤා. හාසබහුලො පාමොජ්ජබහුලො ඨානාට්ඨානං පටිවිජ්ඣතීති හාසපඤ්ඤා. හාසබහුලො විහාරසමාපත්තියො පරිපූරෙතීති හාසපඤ්ඤා. හාසබහුලො අරියසච්චානි පටිවිජ්ඣති. සතිපට්ඨානෙ, සම්මප්පධානෙ, ඉද්ධිපාදෙ, ඉන්ද්රියානි, බලානි, බොජ්ඣඞ්ගානි, අරියමග්ගං භාවෙතීති හාසපඤ්ඤා. හාසබහුලො සාමඤ්ඤඵලානි සච්ඡිකරොති, අභිඤ්ඤායො පටිවිජ්ඣතීති හාසපඤ්ඤා, හාසබහුලො වෙදතුට්ඨිපාමොජ්ජබහුලො පරමත්ථං නිබ්බානං සච්ඡිකරොතීති හාසපඤ්ඤා.
‘හාසුපඤ්ඤා’ (සිනා බහුල කොට ඇති ප්‍රඥාව ඇත්තා) කවරේ ද? මෙහි එක් පුද්ගලයෙක් සිනාව බහුල වූයේ, වේද (සොම්නස) බහුල වූයේ, තුෂ්ටිය බහුල වූයේ, ප්‍රමෝදය බහුල වූයේ, ශීලය සම්පූර්ණ කරයි. ඉන්ද්රිය සංවරය සම්පූර්ණ කරයි, භෝජනයෙහි පමණ දැනීම - නිදි වැරීම - ශීලස්කන්ධ -සමාධි ස්කන්ධ - ප්‍රඥාස්කන්‍ධ - විමුක්ති ස්කන්ධ - විමුක්ති ඥාන දර්ශන ස්ක්නධ - සම්පූර්ණ කරතියි ‘හාසුප්‍රඥා’ වේ. ‘හාස බහුල, පාමොජ්ජ බහුල, ඨානාඨාන ප්‍රතිවේධ කිරීම් ඇතැයි ‘හාසු ප්‍රඥා’ නමි. හාස බහුල ව, විහාර සම්පත්ති සම්පූර්ණ කරතියි “හාස බහුල” වේ. ආර්යසත්ය ප්‍රතිවේධ කරතියි, සතිපට්ඨාන - සම්මප්පධාන - ඉද්ධිපාද - ඉන්ද්රිය - බල - බොජ්ඣංග - අරිය මග්ග වඩතියි ‘හාසුප්‍රඥා’ වේ. හාස බහුල ව සාමඤ්ඤඵල සාක්ෂාත් කරති යි, අභිඥා ප්‍රතිවේධ කරති යි ‘හාසුප්‍රඥා’ වේ. හාස බහුල වූයේ, වේද - තුට්ඨි - පාමොජ්ජ බහුල වූයේ පරමාර්ථය වූ නිර්වාණය සාක්ෂාත් කරති යි ‘හාසුප්‍රඥා’ වේ.
ථෙරො ච සරදො නාම තාපසො හුත්වා අනොමදස්සිස්ස භගවතො පාදමූලෙ අග්ගසාවකපත්ථනං පට්ඨපෙසි. තංකාලතො පට්ඨාය හාසබහුලො සීලපරිපූරණාදීනි අකාසීති හාසපඤ්ඤො.
තෙරණුවෝ ද, සරද නම් තවුසකු වී අනෝමදස්සී බුදුන් වහන්සේ පාමුල අග්‍රශ්‍රාවක ප්‍රාර්ථනාව කළ සේක. ඒ කාලයේ පටන් හාස බහුල ව ශීලය සම්පූර්ණ කිරීම් ආදිය කළ සේකැයි ‘හාසුප්‍රඥා’ විය.
කතමා ජවනපඤ්ඤා? යංකිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං…පෙ… යං දූරෙ සන්තිකෙ වා, සබ්බං රූපං අනිච්චතො ඛිප්පං ජවතීති ජවනපඤ්ඤා. දුක්ඛතො ඛිප්පං, අනත්තතො ඛිප්පං ජවතීති ජවනපඤ්ඤා. යා කාචි වෙදනා…පෙ… යා කාචි සඤ්ඤා… යෙ කෙචි සඞ්ඛාරා… යංකිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං…පෙ… සබ්බං විඤ්ඤාණං අනිච්චතො, දුක්ඛතො, අනත්තතො ඛිප්පං ජවතීති ජවනපඤ්ඤා. චක්ඛු…පෙ… ජරාමරණං අතීතානාගතපච්චුප්පන්නං අනිච්චතො, දුක්ඛතො, අනත්තතො ඛිප්පං ජවතීති ජවනපඤ්ඤා. රූපං අතීතානාගතපච්චුප්පන්නං අනිච්චං ඛයට්ඨෙන, දුක්ඛං භයට්ඨෙන, අනත්තා අසාරකට්ඨෙනාති තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා රූපනිරොධෙ නිබ්බානෙ ඛිප්පං ජවතීති ජවනපඤ්ඤා. වෙදනා… සඤ්ඤා… සඞ්ඛාරා… විඤ්ඤාණං… චක්ඛු…පෙ… ජරාමරණං අතීතානාගතපච්චුප්පන්නං අනිච්චං ඛයට්ඨෙන…පෙ… විභූතං කත්වා ජරාමරණනිරොධෙ නිබ්බානෙ ඛිප්පං ජවතීති ජවනපඤ්ඤා. රූපං අතීතානාගතපච්චුප්පන්නං…පෙ… විඤ්ඤාණං. චක්ඛු…පෙ… ජරාමරණං අනිච්චං සඞ්ඛතං පටිච්චසමුප්පන්නං ඛයධම්මං වයධම්මං විරාගධම්මං නිරොධධම්මන්ති තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා ජරාමරණනිරොධෙ නිබ්බානෙ ඛිප්පං ජවතීති ජවනපඤ්ඤා.
‘ජවනප්‍රඥා’ යනු කුමක් ද? අතීත අනාගත වර්තමාන වූ යම්කිසි රූපයක් හෝ ඈත වූ හෝ ළඟ වූ රූපයක් වේ ද ඒ සිායලු රූප අනිත්‍ය හෙයින් ක්ෂණික ව දුවතියි (ජව) ජවන ප්‍රඥා වේ. කිසියම් වේදනාවක්, කිසියම් සංඥාවක්, කිසියම් සංස්කාරයක් අතීත අනාගත වර්තමාන වූ යම් විඤ්ඤාණයක් වේ ද ඒ සියලු විඤ්ඤාණයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන්, අනාත්ම වශයෙන් වහා දුවති යි ‘ජවනප්‍රඥා’ වේ. චක්ඛු -පෙ- අතීත අනාගත වර්තමාන ජරාමරණ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් වහා දුවතියි ‘ජවනප්‍රඥා’ වේ. අතීත අනාගත වර්තමාන රූප අනිත්‍ය ය, ක්ෂය වන අර්ථයෙන් දුක ය, භය අර්ථයෙන් අනාත්මය, අසාර අර්ථයෙන් අනාත්ම යි තුලනය කොට, තීරණය කොට, වඩා වර්ධනය කොට රූප නිරෝධය වූ නිර්වාණයෙහි වහා දුවතියි ‘ජවනප්‍රඥා’ වේ. වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ, චක්ඛු, ජරා මරණ, අතීත - අනාගත - ප්‍රත්‍යුත්පන්න වූ අනිත්‍ය වූ ක්ෂය වීම් අර්ථයෙන් -පෙ- මහත් කොට ජරා මරණ නිරෝධ වූ නිර්වාණයෙහි වහා දුවතියි ‘ජවනප්‍රඥා” වේ. අතීත, අනාගත, වර්තමාන රූපය, විඤ්ඤාණය, චක්ෂුව, -පෙ- ජරා මරණ අනිත්‍ය ය සංඛත ය, පටිච්චසමුප්පන්න ය, වයධම්ම ය, විරාගධම්ම ය, නිරෝධධම්ම යයි කිරා මැණ, තීරණය කොට, වඩා වර්ධනය කොට ජරාමරණ නිරෝධ වූ නිර්වාණයෙහි වහා දුවති යි ‘ජවනප්‍රඥා’ වේ.
කතමා තික්ඛපඤ්ඤා? ඛිප්පං කිලෙසෙ ඡින්දතීති තික්ඛපඤ්ඤා. උප්පන්නං කාමවිතක්කං නාධිවාසෙති, උප්පන්නං බ්යාපාදවිතක්කං… උප්පන්නං විහිංසාවිතක්කං… උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ… උප්පන්නං රාගං… දොසං… මොහං… කොධං… උපනාහං… මක්ඛං… පළාසං… ඉස්සං… මච්ඡරියං… මායං… සාඨෙය්යං… ථම්භං… සාරම්භං… මානං… අතිමානං… මදං… පමාදං… සබ්බෙ කිලෙසෙ… සබ්බෙ දුච්චරිතෙ… සබ්බෙ අභිසඞ්ඛාරෙ… සබ්බෙ භවගාමිකම්මෙ නාධිවාසෙති පජහති විනොදෙති, බ්යන්තීකරොති, අනභාවං ගමෙතීති තික්ඛපඤ්ඤා. එකස්මිං ආසනෙ චත්තාරො ච අරියමග්ගා, චත්තාරි ච සාමඤ්ඤඵලානි, චතස්සො ච පටිසම්භිදායො, ඡ ච අභිඤ්ඤායො අධිගතා හොන්ති සච්ඡිකතා ඵස්සිතා පඤ්ඤායාති තික්ඛපඤ්ඤා.
‘තික්ඛ පඤ්ඤා’ (තීක්ෂණ ප්‍රඥා) කවරේ ද? කෙළෙස් වහා සිඳිති යි ‘තික්ඛ පඤ්ඤා’ වේ. උපන් කාම විතර්කය නො ඉවසයි: උපන් ව්‍යාපාද විතර්කය, උපන් විහිංසා විතර්කය, උපන් උපන් පාපී අකුසල ධර්ම, උපන් රාග, ද්වේෂ, මෝහ, ක්‍රෝධ, උපනාහ (බද්ධ වෛරය) මක්ඛ (ගුණ මැකීම), පලාස (දුෂ්ටභාවය), ඊර්ෂ්‍යාව, මසුරු බව, මායාව, සාඨෙය්‍ය (කපටි බව), ථම්භ (ජඩ බව), සාරම්භ (එකට එක කිරීම), මාන, අතිමාන, මද, ප්‍රමාද, සියලු කෙළෙස්, සියලු දුශ්චරිත, සියලු අභිසංස්කාර, සියලු භවගාමී කර්ම නො ඉවසයි; දුරු කරයි, බැහැර කරයි, කෙළවර කරයි, නැවත සිදු නො වීමට කටයුතු සලසයි යනුවෙන් ‘තික්ඛ පඤ්ඤා’ එක ම අසුනක දී ආර්ය මාර්ග සතර, සාමඤ්ඤඵල සතර, පටිසම්භිදා සතර, අභිඤ්ඤා භය ප්‍රතිවේධ කරන ලද්දේ ය, සාක්ෂාත් කරන ලද්දේ ය, ප්‍රඥාවෙන් ස්පර්ශ කරන ලද්දේ ය යි ‘තික්ඛ පඤ්ඤා’ වේ.
ථෙරො ච භාගිනෙය්යස්ස දීඝනඛපරිබ්බාජකස්ස වෙදනාපරිග්ගහසුත්තෙ දෙසියමානෙ ඨිතකොව සබ්බකිලෙසෙ ඡින්දිත්වා සාවකපාරමිඤාණං පටිවිද්ධකාලතො පට්ඨාය තික්ඛපඤ්ඤො නාම ජාතො. තෙනාහ – “තික්ඛපඤ්ඤො, භන්තෙ, ආයස්මා සාරිපුත්තො”ති.
තෙරුන් වහන්සේ ද නැගණියගේ පුත්‍ර වූ දීඝනඛ පරිව්‍රාජකයාට වේදනාපරිග්ගහ සූත්‍රය දේශනා කරන කල්හි සිටි වන ම සියලු කෙලෙසුන් නසා ශ්‍රාවක පාරමීඥානය ප්‍රතිවේධ කළ කාලයේ පටන් ‘තික්ඛපඤ්ඤා’ යන නම ලැබී ය. එහෙයින් කීහ: තික්ඛපඤ්ඤො භන්තෙ ආයස්මා සාරිපුත්තො යි.
කතමා නිබ්බෙධිකපඤ්ඤා? ඉධෙකච්චො සබ්බසඞ්ඛාරෙසු උබ්බෙගබහුලො හොති උත්තාසබහුලො උක්කණ්ඨනබහුලො අරතිබහුලො අනභිරතිබහුලො බහිමුඛො න රමති සබ්බසඞ්ඛාරෙසු, අනිබ්බිද්ධපුබ්බං අප්පදාලිතපුබ්බං ලොභක්ඛන්ධං නිබ්බිජ්ඣති පදාලෙතීති නිබ්බෙධිකපඤ්ඤා. අනිබ්බිද්ධපුබ්බං අප්පදාලිතපුබ්බං දොසක්ඛන්ධං… මොහක්ඛන්ධං… කොධං… උපනාහං…පෙ… සබ්බෙ භවගාමිකම්මෙ නිබ්බිජ්ඣති පදාලෙතීති නිබ්බෙධිකපඤ්ඤා.
‘නිබ්බේධික පඤ්ඤා’ යනු කවරේ ද? මෙහි එක් පුද්ගලයෙක් සියලු සංස්කාරයන් පිළිබඳ ව උද්වේග බහුල වූයේ වෙයි. උත්තාස (තැති ගැනීම්) බහුල, උත්කණ්ඨන (උකටලී බව - කළ කිරීම) බහුල අරති (නො ඇලීම්) බහුල, අනභිරති බහුල, බැහැරට යොමු වූයේ, සිත සතුටු කරවයි. සියලු සංස්කාරයන්හි මීට පෙර නො බිඳින ලද, මීට පෙර නො පළන ලද ලෝභ ස්කන්ධය බිඳියි, පළයි යනුවෙන් “නිබ්බේධික පඤ්ඤා” වේ. පෙර නො බිඳින ලද, පෙර නො පළන ලද දෝසක්ඛන්ධය, මෝහක්ඛන්ධය ක්‍රෝධය, උපනාහය -පෙ- සියලු භවගාමී කර්ම බිඳ හෙළයි, පළයි යනුවෙන් “නිබ්බේධික පඤ්ඤා” වේ.
අප්පිච්ඡොති සන්තගුණනිගුහනතා, පච්චයපටිග්ගහණෙ ච මත්තඤ්ඤුතා, එතං අප්පිච්ඡලක්ඛණන්ති ඉමිනා ලක්ඛණෙන සමන්නාගතො. සන්තුට්ඨොති චතූසු පච්චයෙසු යථාලාභසන්තොසො යථාබලසන්තොසො යථාසාරුප්පසන්තොසොති, ඉමෙහි තීහි සන්තොසෙහි සමන්නාගතො. පවිවිත්තොති කායවිවෙකො ච විවෙකට්ඨකායානං නෙක්ඛම්මාභිරතානං, චිත්තවිවෙකො ච පරිසුද්ධචිත්තානං පරමවොදානප්පත්තානං, උපධිවිවෙකො ච නිරුපධීනං පුග්ගලානං විසඞ්ඛාරගතානන්ති, ඉමෙසං තිණ්ණං විවෙකානං ලාභී. අසංසට්ඨොති දස්සනසංසග්ගො සවනසංසග්ගො සමුල්ලපනසංසග්ගො පරිභොගසංසග්ගො කායසංසග්ගොති, ඉමෙහි පඤ්චහි සංසග්ගෙහි විරහිතො. අයඤ්ච පඤ්චවිධො සංසග්ගො රාජූහි රාජමහාමත්තෙහි තිත්ථියෙහි තිත්ථියසාවකෙහි උපාසකෙහි උපසිකාහි භික්ඛූහි භික්ඛුනීහීති අට්ඨහි පුග්ගලෙහි සද්ධිං ජායති, සො සබ්බොපි ථෙරස්ස නත්ථීති අසංසට්ඨො.
අප්පිච්ඡො ශාන්ත ගුණ නො සැංගීම ප්‍රත්‍යයන් පිළිගැනීමෙහි දී පමණ දැන සිටීම යන මෙය අල්පේච්ඡ භාවයේ ලක්ෂණ යි; එම ලක්ෂණයෙන් සමන්විත වූයේ; සන්තුට්ඨො ප්‍රත්‍ය සතර පිළිබඳ ව, ලැබෙන පරිදි සතුටට පත් වන්නේ, හැකි පමණින් සතුටට පත් වන්නේ, හැකි සුදුසු පරිදි සතුටට පත් වන්නේ යන මේ සන්තෝෂ තුනෙන් සමන්විත වූයේ. පවිවිත්තො විවෙකස්ථ කාය ඇතියවුන්ගේ හා නෙක්ඛම්මයෙහි ඇළුනවුන්ගේ කාය විවේකය ද, පරිශුද්ධ සිත් ඇති (හා) පරම පවිත්‍රත්වයට පත් වූවන් ගේ චිත්ත විවේකය ද, උපධි රහිත වූ විසංකාර ගත (නිර්වාණගත) වූ පුද්ගලයන්ගේ උපධි විවේකය ද යන මේ විවේක තුන ලබන්නා; අසංසට්ඨො දර්ශන සංසග්ග, ශ්‍රවණ සංසග්ග, සමුල්ලාප සංසග්ග, පරිභෝග සංසග්ග, කාය සංසග්ග යන මේ සංසග්ග (සංගම) වලින් තොර ව, මේ පඤ්චවිධ සංගමය, රාජ මහාමාත්‍ය, තීර්ථක, තීර්ථක ශ්‍රාවක, උපාසක, උපාසිකා, භික්ෂු, භික්ෂුණී යන පුද්ගලයන් අට සමගින් ඇති වේ. ඒ සියල්ල තෙරුනට නැතැයි ‘අසංසට්ඨ’ නමි.
ආරද්ධවීරියොති පග්ගහිතවීරියො පරිපුණ්ණවීරියො. තත්ථ ආරද්ධවීරියො භික්ඛු ගමනෙ උප්පන්නකිලෙසස්ස ඨානං පාපුණිතුං න දෙති, ඨානෙ උප්පන්නස්ස නිසජ්ජං, නිසජ්ජාය උප්පන්නස්ස සෙය්යං පාපුණිතුං න දෙති, තස්මිං තස්මිං ඉරියාපථෙ උප්පන්නං තත්ථ තත්ථෙව නිග්ගණ්හාති. ථෙරො පන චතුචත්තාලීස වස්සානි මඤ්චෙ පිට්ඨිං න පසාරෙති. තං සන්ධාය “ආරද්ධවීරියො”ති ආහ. වත්තාති ඔධුනනවත්තා. භික්ඛූනං අජ්ඣාචාරං දිස්වා “අජ්ජ කථෙස්සාමි, ස්වෙ කථෙස්සාමී”ති කථාවවත්ථානං න කරොති, තස්මිං තස්මිං යෙව ඨානෙ ඔවදති අනුසාසතීති අත්ථො.
ආරද්ධවිරියො දැඩි ලෙස ග්‍රහණය කළ වීර්යය ඇත්තේ. පරිපූර්ණ වීර්යය ඇත්තේ. එහි ආරද්ධ වීරිය ඇති භික්ෂුව ගමනෙහි උපන් කෙළෙසුනට සිට ගෙන ඉන්නා විට මතු වීමට ඉඩ නො දෙයි, සිට ගත් විට උපන් කෙළෙසුනට හිඳීමට, හිඳගෙන සිටියදී උපනහුට ශයනයට පැමිණීමට ඉඩ නො දෙයි. යම් යම් ඉරියව්වක උපදී ද ඒ ඒ තන්හි ම නිග්‍රහ කරයි. තෙරුන් වහන්සේ සිවුසාළිස් වසක් ඇඳක පිට දිගා නො කළසේක. ඒ අරභයා ‘ආරද්ධවිරියො’ යි කී ය. වත්තා වැනෙන සුලු ආචාර; භික්ෂූන්ගේ ශික්ෂා පද ඉක්මවා හැසිරීම දැක, “අද කථා කරමි. හෙට කථා කරමි” යි කථා ව්‍යවස්ථා කිරීම (නියම කිරීම) නො කරයි. ඒ අවස්ථාවෙහි ම අවවාද කරයි; අනුශාසනා කරයි යනු අර්ථයි.
වචනක්ඛමොති වචනං ඛමති. එකො හි පරස්ස ඔවාදං දෙති, සයං පන අඤ්ඤෙන ඔවදියමානො කුජ්ඣති. ථෙරො පන පරස්සපි ඔවාදං දෙති, සයං ඔවදියමානොපි සිරසා සම්පටිච්ඡති. එකදිවසං කිර සාරිපුත්තත්ථෙරං සත්තවස්සිකො සාමණෙරො – “භන්තෙ, සාරිපුත්ත, තුම්හාකං නිවාසනකණ්ණො ඔලම්බතී”ති ආහ. ථෙරො කිඤ්චි අවත්වාව එකමන්තං ගන්ත්වා පරිමණ්ඩලං නිවාසෙත්වා ආගම්ම “එත්තකං වට්ටති ආචරියා”ති අඤ්ජලිං පග්ගය්හ අට්ඨාසි.
වචනක්ඛමො වචන ඉවසයි. එක් තැනැත්තෙක් අනුනට අවවාද කරයි. තමාට අන්‍යයන් විසින් අවවාද දෙනු ලබද්දී කුපිත වෙයි. තෙරුන් වහන්සේ අනුනටත් ඔවදන් දෙයි. තමනට අවවාද දෙනු ලබද්දී හිස් මුදුනින් පිළිගනියි. එක් දිනක් සත් වස් වියැති සාමණේරවරයෙක් සැරියුත් තෙරණුවනට “ස්වාමීනි, ඔබ වහන්සේගේ අඳන කෙළවර එල්ලෙයි” යි කී ය. තෙරුන් වහන්සේ කිසියක් නො කියා ම එක් පසකට ගොස් වට කොට හැඳ පැමිණ “ආචාර්යයනි, මෙපමණක් වටී” යි ඇඳිලි බැඳ සිටි සේක.
“තදහු පබ්බජිතො සන්තො, ජාතියා සත්තවස්සිකො; සොපි මං අනුසාසෙය්‍ය, සම්පටිච්ඡාමි මත්ථකෙ”ති. (මි· ප· 6.4.8) –
තදහු පබ්බජිතො සන්තො ජාතියා සත්තවස්සිකො සොපි මං අනුසාසෙය්‍ය සම්පටිච්ඡාමි මත්ථකෙ”
(උපතින් සත් වසක් වූ ශාන්ත වූ එදා මහණ වූවකු වුව ද මට අනුශාසනා කරයි නම් (එය) හිස් මුදුනෙන් පිළිගනිමි” යි)
ආහ.
කීහ.
චොදකොති වත්ථුස්මිං ඔතිණ්ණෙ වා අනොතිණ්ණෙ වා වීතික්කමං දිස්වා – “ආවුසො, භික්ඛුනා නාම එවං නිවාසෙතබ්බං, එවං පාරුපිතබ්බං, එවං ගන්තබ්බං, එවං ඨාතබ්බං, එවං නිසීදිතබ්බං, එවං ඛාදිතබ්බං, එවං භුඤ්ජිතබ්බ”න්ති තන්තිවසෙන අනුසිට්ඨිං දෙති.
චොදකො විෂය - අවස්ථාව - පැමිණි විට හෝ නො පැමිණි විට සීමා ඉක්මවීමක් දැක “ඇවැත්නි, භික්ෂුවක් විසින් මෙසේ හැඳිය යුතු ය. මෙසේ පෙරවිය යුතු ය; මෙසේ යා යුතු ය, මෙසේ සිටිය යුතු ය, මෙසේ හිඳිය යුතු ය. මෙසේ වැළඳිය යුතු ය. මෙසේ අනුභව කළ යුතු ය” යි චෝදනා කිරීම් වශයෙන් අනුශාසනා කරයි.
පාපගරහීති පාපපුග්ගලෙ න පස්සෙ, න තෙසං වචනං සුණෙ, තෙහි සද්ධිං එකචක්කවාළෙපි න වසෙය්යං.
පාපගරහී පාපී පුද්ගලයන් නො දැකිය යුතු ය. ඔවුන්ගේ වචනය නො ඇසිය යුතු ය. ඔවුන් සමග එක් සක්වළකවත් නො විසිය යුතු ය.
“මා මෙ කදාචි පාපිච්ඡො, කුසීතො හීනවීරියො; අප්පස්සුතො අනාදරො, සමෙතො අහු කත්ථචී”ති. –
“මා මෙ කුදාස්සු දුස්සීලො කුසීතො හීනවීරියො අප්පස්සුතො අනාදරො සමන්තා කත්ථවි අහු”
(මට කිසිදු දිනෙක දුශ්ශීල, කුසීත, හීන වීර්ය ඇති, අල්පශ්‍රැත හාත්පසින් අනාදර තැනැත්තෙක් නො වේවා.)
එවං පාපපුග්ගලෙපි ගරහති, “සමණෙන නාම රාගවසිකෙන දොසමොහවසිකෙන න හොතබ්බං, උප්පන්නො රාගො දොසො මොහො පහාතබ්බො”ති එවං පාපධම්මෙපි ගරහතීති ද්වීහි කාරණෙහි “පාපගරහී, භන්තෙ, ආයස්මා සාරිපුත්තො”ති වදති.
මෙසේ පාපී පුද්ගලයන් ද ගරහයි. “ශ්රමණයන් රාග වසඟ, ද්වේෂ වසඟ, මෝහ වසඟ නො විය යුතු ය. උපන් රාගය, ද්වේෂය, මෝහය දුරු කළ යුතු ය” යි, පාපධර්මයටත් ගරහති යි (යන) දෙකරුණකින් පාපගරහී භන්තෙ ආයස්මා සාරිපුත්තො (ස්වාමීනි, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පාපගරහී වෙත්) යි කියයි.
එවං ආයස්මතා ආනන්දෙන සොළසහි පදෙහි ථෙරස්ස යථාභූතවණ්ණප්පකාසනෙ කතෙ – “කිං ආනන්දො අත්තනො පියසහායස්ස වණ්ණං කථෙතුං න ලභති, කථෙතු කිං පන තෙන කථිතං තථෙව හොති, කිං සො සබ්බඤ්ඤූ”ති? කොචි පාපපුග්ගලො වත්තුං මා ලභතූති සත්ථා තං වණ්ණභණනං අකුප්පං සබ්බඤ්ඤුභාසිතං කරොන්තො ජිනමුද්දිකාය ලඤ්ඡන්තො එවමෙතන්තිආදිමාහ.
මෙසේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ විසින් පද දහසයකින් තෙරුන්ගේ සැබෑ ගුණ වර්ණනාව කරනු ලැබූ විට කිම, ආනන්‍දයනට තම ප්‍රිය සහායකයාගේ ගුණ වර්ණනාව පැවසීමට (ඉඩක්) නො ලැබේ ද? කියාවා! කිම ඔහු විසින් කියන ලද දේ එලෙස ම වේ ද? කිම හේ සර්වඥ ද? යි කීමට කිසියම් පාපී පුද්ගලයෙක් නො වේවා යි ඒ ගුණ කථනය නො සෙල්වෙන සර්වඥ භාෂිතයක් කරමින් ජිනමුද්රිකාවෙන් ලාංඡන තබන්නාහු එවමෙතං (එය එසේ ම ය) පැවසූහ.
එවං තථාගතෙන ච ආනන්දත්ථෙරෙන ච මහාථෙරස්ස වණ්ණෙ කථියමානෙ භුමට්ඨකා දෙවතා උට්ඨහිත්වා එතෙහෙව සොළසහි පදෙහි වණ්ණං කථයිංසු. තතො ආකාසට්ඨකදෙවතා සීතවලාහකා උණ්හවලාහකා චාතුමහාරාජිකාති යාව අකනිට්ඨබ්රහ්මලොකා දෙවතා උට්ඨහිත්වා එතෙහෙව සොළසහි පදෙහි වණ්ණං කථයිංසු. එතෙනුපායෙන එකචක්කවාළං ආදිං කත්වා දසසු චක්කවාළසහස්සෙසු දෙවතා උට්ඨහිත්වා කථයිංසු.
මෙසේ තථාගතයන් වහන්සේ විසින් හා ආනන්ද තෙරුන් විසින් ද මහා ශ්‍රාවකයන් වහන්සේගේ ගුණ වර්ණනාව කරන විට බූමාටු දේවතාවෝ නැගිට ඒ සොළොස් පදයෙන් ම වර්ණනා කළහ. ඉක්බිති ආකාශස්ථ දේවතාවෝ, ශීත වළාහක, උෂ්ණ වළාහක, චාතුර්මහාරාජික සිට අකනිටා බඹලොව දක්වා වූ දේවතාවෝ නැගිට මේ සොළොස් පදයෙන් වර්ණනා කළහ. මේ ක්‍රමයෙන් එක් සක්වළක් ආදි කොට ඇති දසදහසක් සක්වළ දේවතාවෝ නැගිට වර්ණනාව කළහ.
අථායස්මතො සාරිපුත්තස්ස සද්ධිවිහාරිකො සුසීමො දෙවපුත්තො චින්තෙසි – “ඉමා දෙවතා අත්තනො අත්තනො නක්ඛත්තකීළං පහාය තත්ථ තත්ථ ගන්ත්වා මය්හං උපජ්ඣායස්සෙව වණ්ණං කථෙන්ති, ගච්ඡාමි තථාගතස්ස සන්තිකං, ගන්ත්වා එතදෙව වණ්ණභණනං දෙවතාභාසිතං කරොමී”ති, සො තථා අකාසි. තං දස්සෙතුං අථ ඛො සුසීමොතිආදි වුත්තං.
ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්ත හිමියන්ගේ සද්ධි විහාරික සුසීම දේවපුත්‍රයා මෙසේ සිතී ය: මේ දේවතාවෝ තම තමන්ගේ නක්ෂත්ර ක්‍රීඩාව හැර දමා ඒ ඒ තැන ගොස් මගේ උපාධ්‍යායන්ගේ ම ගුණ වර්ණනා කරති. තථාගතයන් වහන්සේ වෙත යමි, ගොස් මේ වර්ණනා කිරීම දේවභාෂිතයක් කරමි. හේ එසේ කළේ ය. එය දක්වනු පිණිස අථ ඛො සුසීමො ආදිය කියන ලදි.
උච්චාවචාති අඤ්ඤෙසු ඨානෙසු පණීතං උච්චං වුච්චති, හීනං අවචං. ඉධ පන උච්චාවචාති නානාවිධා වණ්ණනිභා. තස්සා කිර දෙවපරිසාය නීලට්ඨානං අතිනීලං, පීතකට්ඨානං අතිපීතකං, ලොහිතට්ඨානං අතිලොහිතං, ඔදාතට්ඨානං අච්චොදාතන්ති, චතුබ්බිධා වණ්ණනිභා පාතුභවි. තෙනෙව සෙය්යථාපි නාමාති චතස්සො උපමා ආගතා. තත්ථ සුභොති සුන්දරො. ජාතිමාති ජාතිසම්පන්නො. සුපරිකම්මකතොති ධොවනාදිපරිකම්මෙන සුට්ඨු පරිකම්මකතො. පණ්ඩුකම්බලෙ නික්ඛිත්තොති රත්තකම්බලෙ ඨපිතො. එවමෙවන්ති රත්තකම්බලෙ නික්ඛිත්තමණි විය සබ්බා එකප්පහාරෙනෙව විරොචිතුං ආරද්ධා. නික්ඛන්ති අතිරෙකපඤ්චසුවණ්ණෙන කතපිළන්ධනං. තඤ්හි ඝට්ටනමජ්ජනක්ඛමං හොති. ජම්බොනදන්ති මහාජම්බුසාඛාය පවත්තනදියං නිබ්බත්තං, මහාජම්බුඵලරසෙ වා පථවියං පවිට්ඨෙ සුවණ්ණඞ්කුරා උට්ඨහන්ති, තෙන සුවණ්ණෙන කතපිළන්ධනන්තිපි අත්ථො. දක්ඛකම්මාරපුත්තඋක්කාමුඛසුකුසලසම්පහට්ඨන්ති සුකුසලෙන කම්මාරපුත්තෙන උක්කාමුඛෙ පචිත්වා සම්පහට්ඨං. ධාතුවිභඞ්ගෙ (ම· නි· 3.357 ආදයො) අකතභණ්ඩං ගහිතං, ඉධ පන කතභණ්ඩං.
උච්චාවචා අනෙක් තැන්වල, ප්‍රණීත යන්න ‘උච්චං’ යි කියනු ලැබේ. හීන ‘අවච’ ය, මෙහි උච්චාවචා යනු නානා විධ වූ වර්ණ ය; වණ්ණනිභා ඒ දේව පිරිසෙහි නිල්වන් තැන අති නීල, පීත වන් තැන අතිපීත ලෝහිත ස්ථානය අතිලෝහිතක ඕදාත ස්ථානය අතිඕදාත යන චතුර්විධ වූ වර්ණ බැබළීම් පහළ විය. එයින් ම සෙය්යථාපි නාම යි උපමා සතර දක්වන ලදි. එහි සුභො සුන්දර, ජාතිමා උසස් පෙළපතකින් යුක්ත වූ සුපරිකම්මකතො සේදීම ආදී ක්‍රියාවලීන් මනා ලෙස පිරියම් කරන ලද පණ්ඩුකම්බලෙ නික්ඛිත්තො රතු පලසෙහි තබන ලද එවමෙවං රතු පළසේ තබන ලද මැණිකක් සේ සියලු දේවතාවෝ එක පැහැර බබළන්නට පටන් ගත්හ. නෙක්ඛං අතිරේක ස්වර්ණ පහකින් පළඳනාවක් කරන ලද, එය ගැටීම් මැදීම්වලට ඔරොත්තු දෙයි. ජම්බොනදං මහත් දඹ ශාඛාවකින් පවත්නා නදියෙහි හටගත්, නැතහොත් පොළොවට වන් මහත් දඹ පළසෙහි ස්වර්ණ අංකුර පැන නගියි, ඒ ස්වර්ණයෙන් කුන ලද පළඳනාව යන අර්ථය ද වේ. කම්මාරපුත්තෙන උක්කාමුඛෙ සුකුසල සම්පහට්ඨං දක්ෂ වූ රන් කරු පුතකු විසින් කෝවයෙහි පිස පිරිසිදු කළ, ධාතු විභංගයෙහි අකත (නො සෑදු) භාණ්ඩ ගන්නා ලදි. මෙහි සාදන ලද භාණ්ඩ ගන්නා ලදි.
විද්ධෙති දූරීභූතෙ. දෙවෙති ආකාසෙ. නභං අබ්භුස්සක්කමානොති ආකාසං අභිලඞ්ඝන්තො. ඉමිනා තරුණසූරියභාවො දස්සිතො.
විද්ධෙ - දුරු වූ (පහ වූ), දෙවෙ අහසෙහි නභං අබ්භුස්සුක්කමානො අහසට නැගෙන්නේ, මෙයින් සූර්යයාගේ තරුණ බව පෙන්වන ලදි.
සොරතොති සොරච්චෙන සමන්නාගතො. දන්තොති නිබ්බිසෙවනො. සත්ථුවණ්ණාභතොති සත්ථාරා ආභතවණ්ණො. සත්ථා හි අට්ඨපරිසමජ්ඣෙ නිසීදිත්වා “සෙවථ, භික්ඛවෙ, සාරිපුත්තමොග්ගල්ලානෙ”තිආදිනා (ම· නි· 3.371) නයෙන ථෙරස්ස වණ්ණං ආහරීති ථෙරො ආභතවණ්ණො නාම හොති.
සොරතො මොළොක් බවින් සමන්විත වූ දන්තො ශාන්ත වූ, සත්ථුවණ්ණාභතො ශාස්තෲන් වහන්සේ විසින් ගෙනෙන ලද පැසසුම් ඇත්තේ, භාග්‍යවතුන් වහන්සේ පිරිස් අට මැද හිඳ, “මහණෙනි, සැරියුත් මුගලන් දෙදෙන සේවනය කරව්” යනාදි පරිද්දෙන් තෙරුන්ගේ ගුණ ගෙන හැර පෑහ යි තෙරණුවෝ “ආභතවණ්ණ” නම් වෙත්.
කාලං කඞ්ඛතීති පරිනිබ්බානකාලං පත්ථෙති. ඛීණාසවො හි නෙව මරණං අභිනන්දති, න ජීවිතං පත්ථෙති, දිවසසඞ්ඛෙපං වෙතනං ගහෙත්වා ඨිතපුරිසො විය කාලං පන පත්ථෙති, ඔලොකෙන්තො තිට්ඨතීති අත්ථො. තෙනෙවාහ –
කාලං කඞ්ඛති පිරිනිවන් කාලය ප්‍රාර්ථනා කරයි. ක්ෂීණාශ්රව තෙමේ මරණය ගැන ප්‍රීති නො වේ. ජීවිතය ද නො පතයි. දවස දවස වේතන ලබා ගෙන සිටින පුද්ගලයෙකු මෙන් කාලය පතයි, අවලෝකනය කරමින් සිටියි යන තේරුම යි. එහෙයින් ම කී ය:
“නාභිනන්දාමි මරණං, නාභිනන්දාමි ජීවිතං; කාලඤ්ච පටිකඞ්ඛාමි, නිබ්බිසං භතකො යථා”ති. (ථෙරගා· 1001-1002);
“නාභිනන්දාමි මරණං නාභිනන්දාමි ජීවිතං කාලඤ්ච පටිකංඛාමි වෙතනං භතකො යථා”
(මරණය ගැන ප්‍රීති නො වෙමි. ජීවිතය ගැන ද ප්‍රීති නො වෙමි. යම් සේ කුලියට ගත් සේවකයා වේතනය (පතන්නා) සේ කාලය අපේක්ෂාවෙන් සිටිමි.)
නවමං;
නව වැනි සූත්‍රය යි.