යෙදුමෙන් කියවන්න

සුසීමසුත‍්තං

2. 3. 9.

2. 3. 9.

සුසීමසුත‍්තං.

සුසීම සූත්‍රය

110. සාවත්‍ථියං–

110. සැවැත්නුවර–

අථ ඛො ආයස‍්මා ආනන්‍දො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො ආයස‍්මන‍්තං ආනන්‍දං භගවා එතදවොච: තුය‍්හම‍්පි නො ආනන්‍ද සාරිපුත‍්තො රුච‍්චතීති.

එකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ “ආනන්‍දය, තොපට ද ශාරිපුත්‍ර තෙමේ නුරුස්නේ දැ” යි මෙය වදාළ සේක.

කස‍්ස හි නාම භන‍්තෙ, අබාලස‍්ස අදුට‍්ඨස‍්ස අමූළ‍්හස‍්ස අවිපල‍්ලත්‍ථචිත‍්තස‍්ස ආයස‍්මා සාරිපුත‍්තො න රුච‍්චෙය්‍ය. පණ‍්ඩිතො භන‍්තෙ, ආයස‍්මා සාරිපුත‍්තො. මහාපඤ‍්ඤො භන‍්තෙ, ආයස‍්මා සාරිපුත‍්තො. පුථුපඤ‍්ඤො භන‍්තෙ, ආයස‍්මා සාරිපුත‍්තො. හාසුපඤ‍්ඤො භන‍්තෙ, ආයස‍්මා සාරිපුත‍්තො. ජවනපඤ‍්ඤො භන‍්තෙ, ආයස‍්මා සාරිපුත‍්තො. තික‍්ඛපඤ‍්ඤො භන‍්තෙ, ආයස‍්මා සාරිපුත‍්තො. නිබ‍්බෙධිකපඤ‍්ඤො භන‍්තෙ, ආයස‍්මා සාරිපුත‍්තො. අප‍්පිච‍්ඡො භන‍්තෙ, ආයස‍්මා සාරිපුත‍්තො. සන‍්තුට‍්ඨො භන‍්තෙ, ආයස‍්මා සාරිපුත‍්තො. පවිවිත‍්තො භන‍්තෙ, ආයස‍්මා සාරිපුත‍්තො. අසංසට‍්ඨො භන‍්තෙ, ආයස‍්මා සාරිපුත‍්තො. ආරද‍්ධවිරියො භන‍්තෙ, ආයස‍්මා සාරිපුත‍්තො. වත‍්තා භන‍්තෙ, ආයස‍්මා සාරිපුත‍්තො. වචනක‍්ඛමො භන‍්තෙ, ආයස‍්මා සාරිපුත‍්තො. චොදකො භන‍්තෙ, ආයස‍්මා සාරිපුත‍්තො. පාපගරහී භන‍්තෙ, ආයස‍්මා සාරිපුත‍්තො. කස‍්ස හි නාම භන‍්තෙ, අබාලස‍්ස අදුට‍්ඨස‍්ස අමූළ‍්හස‍්ස අවිපල‍්ලත්‍ථචිත‍්තස‍්ස ආයස‍්මා සාරිපුත‍්තො න රුච‍්චෙය්‍යාති.

වහන්ස, බාල නො වූ දුෂ්ට නො වූ මුළා නො වූ නො පෙරලුනු සිත් ඇති කාහට නම් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ නුරුස්නා හු ද? වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ පණ්ඩිතයහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ මහාප්‍රාඥායහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පෘථුප්‍රාඥාය හ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ හාසබහුල ප්‍රාඥාවෙන් යුක්තයහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ජවනප්‍රාඥාවෙන් යුක්තයහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ තීක්‍ෂණප්‍රාඥයහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ නිර්වේදිකප්‍රඥා ඇත්තාහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අලේපච්ඡයහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සන්තුෂ්ටයහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ප්‍රකර්‍ෂවිවේක ඇත්තාහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අසංශෘෂ්ටයහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පිරිපුන් වීර්‍ය්‍ය ඇත්තාහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වක්තෲහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ චචනක්‍ෂමයහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ චෝදකයහ. වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පාපගර්හීය. වහන්ස, බාල නො වූ දුෂ්ට නො වූ මුළා නො වූ නො පෙරලුනු සිත් ඇති කාට නම් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ නුරුස්නා හු ද?

එවමෙතං ආනන්‍ද, එවමෙතං ආනන්‍ද. කස‍්ස හි නාම ආනන්‍ද, අබාලස‍්ස අදුට‍්ඨස‍්ස අමූළ‍්හස‍්ස අවිපල‍්ලත්‍ථචිත‍්තස‍්ස සාරිපුත‍්තො න රුච‍්චෙය්‍ය. පණ‍්ඩිතො ආනන්‍ද සාරිපුත‍්තො. මහාපඤ‍්ඤො ආනන්‍ද සාරිපුත‍්තො. පුථුපඤ‍්ඤො ආනන්‍ද සාරිපුත‍්තො. හාසුපඤ‍්ඤො ආනන්‍ද සාරිපුත‍්තො. ජවනපඤ‍්ඤො ආනන්‍ද සාරිපුත‍්තො. තික‍්ඛපඤ‍්ඤො ආනන්‍ද සාරිපුත‍්තො. නිබ‍්බෙධිකපඤ‍්ඤො ආනන්‍ද සාරිපුත‍්තො. අප‍්පිච‍්ඡො ආනන්‍ද සාරිපුත‍්තො. සන‍්තුට‍්ඨො ආනන්‍ද සාරිපුත‍්තො. පවිවිත‍්තො ආනන්‍ද සාරිපුත‍්තො. අසංසට‍්ඨො ආනන්‍ද සාරිපුත‍්තො. ආරද‍්ධවිරියො ආනන්‍ද සාරිපුත‍්තො. වත‍්තා ආනන්‍ද සාරිපුත‍්තො. වචනක‍්ඛමො ආනන්‍ද සාරිපුත‍්තො. චොදකො ආනන්‍ද සාරිපුත‍්තො. පාපගරහී ආනන්‍ද සාරිපුත‍්තො. කස‍්ස හි නාම ආනන්‍ද අබාලස‍්ස අදුට‍්ඨස‍්ස අමූළ‍්හස‍්ස අවිපල‍්ලත්‍ථචිත‍්තස‍්ස සාරිපුත‍්තො න රුච‍්චෙය්‍යාති.

ආනන්‍දය, එය එසේ ය. ආනන්‍දය, එය එසේ ය. ආනන්‍දය, බාල නො වූ දුෂ්ට නො වූ මුළා නො වූ නො පෙරලුනු සිත් ඇති කාහට නම් ශාරීපුත්‍ර තෙමේ නුරුස්නේ ද? ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ පණ්ඩිත ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ මහාප්‍රාඥ ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ පෘථුප්‍රාඥා ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ හාසබහුල ප්‍රාඥා ඇත්තේ ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ ජවනප්‍රාඥා ඇත්තේ ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ තීක්‍ෂණප්‍රඥා ඇත්තේ ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ නිර්වේදිකප්‍රඥාවෙන් යුක්ත ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ අලේපච්ඡ ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ සන්තුෂ්ට ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ ප්‍රකර්‍ශවිවේකයෙන් යුක්ත ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ අසංශෘෂ්ට ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ පිරිපුන් වීර්‍ය්‍ය ඇත්තේ ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ වක්තෘ ය. ආනන්‍ද, ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙමේ වචනක්‍ෂම ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ චෝදක ය. ආනන්‍ද, ශාරීපුත්‍ර තෙමේ පාපගර්හී ය. ආනන්‍ද, බාල නො වූ දුෂ්ට නො වූ මුළා නො වූ නො පෙරලුනු සිත් ඇති කාහට නම් ශාරීපුත්‍ර තෙමේ නුරුස්නේ ද?

අථ ඛො සුසීමො දෙවපුත‍්තො ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස වණ‍්ණෙ භඤ‍්ඤමානෙ මහතියා දෙවපුත‍්තපරිසාය පරිවුතො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතො ඛො සුසීමො දෙවපුත‍්තො භගවන‍්තං එතදවොච: එවමෙතං භගවා. එවමෙතං සුගත. කස‍්ස හි නාම භන‍්තෙ, අබාලස‍්ස අදුට‍්ඨස‍්ස අමූළ‍්හස‍්ස අවිපල‍්ලත්‍ථචිත‍්තස‍්ස ආයස‍්මා සාරිපුත‍්තො න රුච‍්චෙය්‍ය? පණ‍්ඩිතො භන‍්තෙ, ආයස‍්මා සාරිපුත‍්තො -පෙ- පාපගරහී භන‍්තෙ, ආයස‍්මා සාරිපුත‍්තො. කස‍්ස හි නාම භන‍්තෙ, අබාලස‍්ස අදුට‍්ඨස‍්ස අමූළ‍්හස‍්ස අවිපල‍්ලත්‍ථචිත‍්තස‍්ස ආයස‍්මා සාරිපුත‍්තො න රුච‍්චෙය්‍යාති.

ඉක්බිති සුසීම දෙව්පුත් තෙමේ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ ගුණ කියනු ලබනු කල්හි මහත් දෙව්පුත්පිරිස විසින් පිරිවරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි සුසීමදෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. භාග්‍යවතුන් වහන්ස, එය එසේ ය. සුගතයන් වහන්ස, එය එසේ ය. වහන්ස, බාල නො වූ දුෂ්ට නො වූ මුළා නො වූ නො පෙරලුනු සිත් ඇති කාහට නම් ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ නුරුස්නා හු ද? වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ පණ්ඩිතයහ. … වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පාපගර්හී හ. වහන්ස, බාල නො වූ දුෂ්ට නො වූ මුළා නො වූ නො පෙරලුනු සිත් ඇති කාහට නම් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ නුරුස්නා හු ද?

අහම‍්පි හි භන‍්තෙ, යඤ‍්ඤදෙව දෙවපුත‍්තපරිසං උපසඞ‍්කමිං. එතදෙව බහුලං සද‍්දං සුණාමි: පණ‍්ඩිතො ආයස‍්මා සාරිපුත‍්තො. -පෙ- පාපගරහී ආයස‍්මා සාරිපුත‍්තො. කස‍්ස හි නාම අබාලස‍්ස අදුට‍්ඨස‍්ස අමූළ‍්හස‍්ස අවිපල‍්ලත්‍ථචිත‍්තස‍්ස ආයස‍්මා සාරිපුත‍්තො න රුච‍්චෙය්‍යාති.

වහන්ස, මම ද යම් යම් දෙව්පුත් පිරිසකට එළඹුනෙම් ද, “ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පණ්ඩිතයහ. … ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පාපගර්හීහ. බාල නො වූ දුෂ්ට නො වූ මුළා නො වූ නො පෙරලුනු සිත් ඇති කාහට නම් ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ නුරුස්නා හු ද” යන මේ ශබ්ද ය ම බහුල වශයෙන් අසමි.

අථ ඛො සුසීමස‍්ස දෙවපුත‍්තස‍්ස දෙවපුත‍්තපරිසා ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස වණ‍්ණෙ භඤ‍්ඤමානෙ අත‍්තමනා පමුදිතා පීතිසොමනස‍්සජාතා උච‍්චාවචා වණ‍්ණනිභා උපදංසෙති.

ඉක්බිත්ව සුසීමදෙව්පුත්හුගේ දෙව්පුත්පිරිස ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ ගුණ කියනු ලබන කල්හි සතුටු සිත් ඇත්තාහු ප්‍රමුදිත වූවාහු හටගත් ප්‍රීතිසොම්නස් ඇත්තාහු නන්වැදෑරුම් වර්‍ණයන් පහළ කෙරෙත්.

සෙය්‍යථාපි නාම මණිවෙළුරියො සුභො ජාතිමා අට‍්ඨංසො සුපරිකම‍්මකතො පණ‍්ඩුකම‍්බලෙ නික‍්ඛිත‍්තො භාසතෙ ච තපතෙ ච විරොචති ච. එවමෙවං සුසීමස‍්ස දෙවපුත‍්තස‍්ස දෙවපුත‍්තපරිසා ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස වණ‍්ණෙ භඤ‍්ඤමානෙ අත‍්තමනා පමුදිතා පීතිසොමනස‍්සජාතා උච‍්චාවචා වණ‍්ණනිභා උපදංසෙති.

ශුභ වූ ජාතිමත් වූ අටැස් වෙරළුමිණෙක් මැනවින් පිරියම් කරණ ලද්දේ රත්පලසෙක තබන ලද්දේ යම් සේ බබළා ද, දිලිසේ ද, පැහැ විහිදුවා ද. එපරිද්දෙන් ම සුසීමදෙව්පුත්හුගේ දෙව්පුත්පිරිස ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ ගුණ කියනු ලබන කල්හි සතුටු සිත් ඇත්තාහු ප්‍රමුදිත වූවාහු ප්‍රීතිසොම්නස් ඇත්තාහු නන්වැදෑරුම් වර්‍ණයන් පහළ කෙරෙත්.

සෙය්‍යථාපි නාම නෙක‍්ඛං ජම‍්බොනදං දක‍්ඛකම‍්මාරපුත‍්තෙන උක‍්කාමුඛෙ සුකුසලසම‍්පහට‍්ඨං පණ‍්ඩුකම‍්බලෙ නික‍්ඛිත‍්තං භාසතෙ ච තපතෙ ච විරොචති ච. එවමෙවං සුසීමස‍්ස දෙවපුත‍්තස‍්ස දෙවපුත‍්තපරිසා -පෙ- උච‍්චාවචා වණ‍්ණනිභා උපදංසෙති.

දක්‍ෂරන්කරු පුතකු විසින් කෝවාමුවෙහි මොනවට පිස ශුද්ධ කරණ ලද දඹරන්මුවා නිකෙක් රත්පලසෙක තබන ලද්දේ යම් සේ බබළා ද, දිලිසේ ද, පැහැ විහිදුවා ද, එසෙයින් ම සුසීමදෙව්පුත්හුගේ දෙව්පුත්පිරිස … නන්වැදෑරුම් වර්‍ණයන් පහළ කෙරෙත්.

සෙය්‍යථාපි නාම [සරදසමයෙ විද‍්ධෙ විගතවලාහකෙ දෙවෙ] රත‍්තියා පච‍්චූසසමයං ඔසධිතාරකා භාසතෙ ච තපතෙ ච විරොචති ච. එවමෙවං සුසීමස‍්ස දෙවපුත‍්තස‍්ස දෙවපුත‍්තපරිසා -පෙ- උච‍්චාවචා වණ‍්ණනිභා උපදංසෙති.

ශරත් කල රෑ අලුයම පහ වූ වලාකුල් ඇති අහස පිරිසිදු වූ කල්හි පහන්තරුව යම් සේ බබළා ද, දිලිසේ ද, පැහැ විහිදුවා ද, එසෙයින් ම සුසීමදෙව්පුත්හුගේ දෙව්පුත්පිරිස … නන් වැදැරුම් වර්‍ණයන් පහළ කෙරෙත්.

සෙය්‍යථාපි නාම සරදසමයෙ විද‍්ධෙ විගතවලාහකෙ දෙවෙ ආදිච‍්චො නභං අබ‍්භුස‍්සුක‍්කමානො සබ‍්බං ආකාසගතං තමං අභිවිහච‍්ච භාසතෙ ච තපතෙ ච විරොචති ච. එවමෙවං සුසීමස‍්ස දෙවපුත‍්තස‍්ස දෙවපුත‍්තපරිසා -පෙ- උච‍්චාවචා වණ‍්ණනිභා උපදංසෙති.

ශරත් කල පහ වූ වලාකුල් ඇති අහස පිරිසිදු වූ කල්හි හිරු අහසට නැගෙන්නේ අහසෙහි වූ සියලු අඳුර නසා යම් සේ බබළා ද, දිලිසේ ද, පැහැ විහිදුවා ද, එසෙයින් ම සුසීම දෙව්පුත්හුගේ දෙව්පුත් පිරිස … නන් වැදැරුම් වර්‍ණයන් පහළ කෙරෙත්.

අථ ඛො සුසීමො දෙවපුත‍්තො ආයස‍්මන‍්තං සාරිපුත‍්තං ආරබ‍්භ භගවතො සන‍්තිකෙ ඉමං ගාථං අභාසි:

සුසීම දෙව්පුත් තෙමේ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ඇරබ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

පණ‍්ඩිතොති සමඤ‍්ඤාතො සාරිපුත‍්තො අකොධනො, අප‍්පිච‍්ඡො සොරතො දන‍්තො සත්‍ථුවණ‍්ණාභතො ඉසීති.

පණ්ඩිත යයි ප්‍රකට වූ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ නො කිපෙන සුල්ලහ. අපිස්හ. මොළොක්හ. දමුනහ යි ශාස්තෲන් වහන්සේ විසින් වණනලද ගුණ ඇති ඍෂිවරයෙකි.

අථ ඛො භගවා ආයස‍්මන‍්තං සාරිපුත‍්තං ආරබ‍්භ සුසීමං දෙවපුත‍්තං ගාථාය අජ‍්ඣභාසි:

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ශාරිපුත්‍රයන් ඇරබ සුසීම දෙව්පුත්හට ගාථායෙකින් වදාළ සේක,

පණ‍්ඩිතොති සමඤ‍්ඤාතො සාරිපුත‍්තො අකොධනො, අප‍්පිච‍්ඡො සොරතො දන‍්තො කාලං කඞ‍්ඛති සුදන‍්තොති.

පණ්ඩිත යයි ප්‍රසිද්ධ වූ නො කිපෙන සුලු අපිස් මොළොක් දැමුණු ඉතා දැමුණු සැරියුත් තෙමේ කාලය අපේක්‍ෂා කරයි.