නානාතිත්ථියසාවකසුත්තං
2. 3. 10.
2. 3. 10.
නානාතිත්ථියසාවකසුත්තං
නානාතිත්ථියසාවක සූත්‍රය
111. එවං මෙ සුතං එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ.
111. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සේක.
අථ ඛො සම්බහුලා නානාතිත්ථියසාවකා දෙවපුත්තා අසමො ච සහලී ච නිඞ්කොච ආකොටකො ච වෙටම්බරී ච මාණවගාමියො ච අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං වෙළුවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතො ඛො අසමො දෙවපුත්තො පූරණං කස්සපං ආරබ්භ භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
එකල්හි නොයෙක් නොයෙක් තීර්ත්ථකයන් ගේ ශ්‍රාවක වූ මනා ඡවිවර්ණ ඇති අසම ද සහලි ද නිඞ්ක ද ආකොටක ද වෙටම්බරි ද මානවගාමිය ද යන බොහෝ දෙව්පුත්හු රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු වේළුවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි අසම දෙව්පුත් තෙමේ පූරණකාශ්‍යප ඇරබ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
ඉධ ඡින්දිතමාරිතෙ හතජානීසු කස්සපො, පාපං න සමනුපස්සති පුඤ්ඤං වා පන අත්තනො, ස වෙ විස්සාසමාචික්ඛි සත්ථා අරහති මානනන්ති.
කසුප් ශාස්තෘ තෙමේ සිඳීමෙහි ද මැරීමෙහි ද පෙළීමෙහි ද ධනහානියෙහි ද තමහට පවක් හෝ පිනක් හෝ නො දකියි. හෙ තෙමේ ඒකාන්තයෙන් විශ්වාසය කී ය. (එහෙයින්) බුහුමනට සුදුසු ය.
අථ ඛො සහලී දෙවපුත්තො මක්ඛලිං ගොසාලං ආරබ්භ භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
ඉක්බිති සහලී දෙව්පුත් තෙමේ මක්කලිගොසල ඇරබ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
තපොජිගුච්ඡාය සුසංවුතත්තො වාචං පහාය කලහං ජනෙන, ස මොසවජ්ජා විරතො සච්චවාදී නහනූන තාදී පකරොති පාපන්ති.
(කය පෙළන) තපසින් හා පවට පිළිකුල් කිරීමෙන් යුක්ත වූ හෙ තෙමේ ජනයා සමග කලහ වචන හැර මුසාවාදයෙන් තොර වූයේ සැබෑ තෙපුල් කියන සුලු වූයේ එබඳු ගුණ ඇත්තේ ඒකාන්තයෙන් පවක් නොම කෙරෙයි.
අථ ඛො නිඞ්කො දෙවපුත්තො නිගණ්ඨං නාතපුත්තං ආරබ්භ භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
ඉක්බිති නිඞ්ක දෙව්පුත් තෙමේ නිගණ්ඨනාථපුත්‍ර ඇරබ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
ජෙගුච්ඡී නිපකො භික්ඛු චාතුයාමසුසංවුතො, දිට්ඨං සුතඤ්ච ආචික්ඛං නහනූන කිබ්බිසී සියාති.
පවට පිළිකුල් කරණ නුවණැති සසර භය දක්නා චාතුයාමසංවරයෙන් යුත් (නිගණ්ඨනාථපුත්‍ර තෙමේ) දක්නා ලද්ද ද, අසන ලද්ද ද කියන්නේ ඒකාන්තයෙන් පව් කරන්නෙක් නො ම වන්නේ ය.
අථ ඛො ආකොටකො දෙවපුත්තො නානාතිත්ථියෙ ආරබ්භ භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
ඉක්බිති ආකොටක දෙව්පුත් තෙමේ නොයෙක් තීර්ත්ථකයන් ඇරබ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
පකුධකො කාතියානො නිගණ්ඨා යෙ චාපිමෙ මක්ඛලිපූරණාසෙ, ගණස්ස සත්ථාරො සාමඤ්ඤප්පත්තා නහනූන තෙ සප්පුරිසෙහි දූරෙති.
පකුධකාත්‍යායන තෙමේ ද නිගණ්ඨනාතපුත්‍ර තෙමේ ද යම් මේ මක්ඛලිගෝසාල පූරණකාස්සප දෙදෙනා ද යන ගණයාට ශාස්තෘ වූ මහණ කමෙහි කෙළ පැමිණි ඔහු ඒකාන්තයෙන් සත්පුරුෂයන් ගෙන් දුර නොවෙත්.
අථ ඛො වෙටම්බරී දෙවපුත්තො ආකොටකං දෙවපුත්තං ගාථාය පච්චභාසි:
ඉක්බිති වෙටම්බරී දෙව්පුත් තෙමේ ආකොටක දෙව්පුත්හට ගාථායෙන් පෙරළා කී ය.
සහාචරිතෙන ඡවො සිගාලො න කොත්ථුකො සීහසමො කදාචි, නග්ගො මුසාවාදී ගණස්ස සත්ථා සඞ්කස්සරාචාරො න සතං සරික්ඛොති.
කොත්ථුක නම් වූ ලාමක කළුසිවල් තෙමේ එක ව හැසිරීමෙන් කිසි කලෙකත් සිංහයෙකු හා සම නො වේ. එහෙයින් නග්න වූ බොරු කියන සුලු වූ සැක කට යුතු හැසුරුම් ඇති ගණශාස්තෘ තෙමේ බුද්ධාදි සත්පුරුෂයන්ට සම නො වේ.
අථ ඛො මාරො පාපිමා වෙටම්බරිං දෙවපුත්තං අන්වාවිසිත්වා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
ඉක්බිති පවිටු මාර තෙමේ වෙටම්බරී දෙව්පුත්හට ආවිෂ්ට ව භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
තපො ජිගුච්ඡාය ආයුත්තා පාලයං පවිවෙකියං, රූපෙ ච යෙ නිවිට්ඨාසෙ දෙවලොකාභිනන්දිනො, තෙ වෙ සම්මානුසාසන්ති පරලොකාය මාතියාති.
තපසෙහි ද පවට පිළිකුල් කිරීමෙහි ද විවේක බව රකින රූපයෙහි පිහිටි යම් කෙනෙක් දෙව්ලොව පතත් ද, ඒ මනුෂ්‍යයෝ ඒකාන්තයෙන් පරලොව පිණිස මැනවින් අනුශාසනා කෙරෙත්.
අථ ඛො භගවා මාරො අයං පාපිමා ඉති විදිත්වා මාරං පාපිමන්තං ගාථාය පච්චභාසි:
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මාරයා ය යි දැන පවිටු මාරයහට ගාථායෙන් පෙරළා වදාළ සේක:
යෙ කෙචි රූපා ඉධ වා හුරං වා යෙ අන්තලික්ඛස්මිං පභාසවණ්ණා, සබ්බෙව තෙ තෙ නමුචිප්පසත්ථා ආමිසංව මච්ඡානං වධාය ඛිත්තාති.
මෙලොව හෝ පරලොව හෝ අහසෙහි හෝ පැහැපත් වර්ණ ඇති යම් කිසි රූපයෝ වෙද්ද, මාරය, ඒ සියල්ලෝ තා විසින් පසස්නා ලදහ. මසුන් නැසීම පිණිස ලූ ඇමක් මෙනි.
අථ ඛො මාණවගාමියො දෙවපුත්තො භගවන්තං ආරබ්භ භගවතො සන්තිකෙ ඉමා ගාථායො අභාසි:
ඉක්බිති මානවගාමිය දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ ඇරබ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාවන් කී ය.
විපුලො රාජගහීයානං ගිරි සෙට්ඨො පවුච්චති, සෙතො හිමවතං සෙට්ඨො ආදිච්චො අඝගාමිනං.
රජගහනුවර පර්වතයන්ට වෛපුල්යපර්වතය ශ්‍රේෂ්ඨ ය යි කියනු ලැබේ. හිමවත් පර්වතයන්ට කෛලාසය ශ්‍රේෂ්ඨ ය. අහසෙහි යන්නවුන්ට සූර්‍ය්‍යයා ශ්‍රේෂ්ඨ ය.
සමුද්දො උදධිනං සෙට්ඨො නක්ඛත්තානඤ්ච චන්දිමා, සදෙවකස්ස ලොකස්ස බුද්ධො අග්ගො පවුච්චතීති.
ජලාසයනට මුහුද ශ්‍රේෂ්ඨ ය. නැකත්තරුවලට සඳ ශ්‍රේෂ්ඨ ය. දෙවියන් සහිත ලෝකයාහට බුදුරජානන් වහන්සේ ශ්‍රේෂ්ඨයහ යි කියනු ලැබේ.
නානාතිත්ථියවග්ගො තතියො.
නානාතිත්ථිය වර්ගය තුන්වැනි යි.
තත්රුද්දානං:
එහි උද්දානය:
සිවො ඛෙමො ච සෙරී ච ඝටී ජන්තු ච රොහිතො, නන්දො නන්දිවිසාලො ච සුසීමො නානාතිත්ථියෙන තෙ දසාති.
සිව, ඛේම, සේරී, ඝටීකාර, ජන්තු, රෝහිතස්ස, නන්ද, නන්දිවිසාල, සිසීම, නානාතිත්ථියසාවක සූත්‍ර ය යි ඔහු දශයෙකි.
දෙවපුත්තසංයුත්තං සමත්තං.
දේවපුත්තසංයුත්තය සමාප්ත ය.