යෙදුමෙන් කියවන්න

10. නානාතිත්‍ථියසාවකසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

10. නානාතිත්‍ථියසාවකසුත‍්තවණ‍්ණනා

10. නානාතිර්ථයසාවක සූත්‍ර වර්ණනාව

දසමෙ නානාතිත්‍ථියසාවකාති තෙ කිර කම‍්මවාදිනො අහෙසුං, තස‍්මා දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා සග‍්ගෙ නිබ‍්බත‍්තා, තෙ “අත‍්තනො අත‍්තනො සත්‍ථරි පසාදෙන නිබ‍්බත‍්තම‍්හා”ති සඤ‍්ඤිනො හුත්‍වා “ගච‍්ඡාම දසබලස‍්ස සන‍්තිකෙ ඨත්‍වා අම‍්හාකං සත්‍ථාරානං වණ‍්ණං කථෙස‍්සාමා”ති ආගන‍්ත්‍වා පච‍්චෙකගාථාහි කථයිංසු.

දස වැන්නෙහි - නානාතිත්‍ථියසාවකා ඔවුහු කර්මවාදීහු වූහ. එහෙයින් දානාදී පින් කොට ස්වර්ගයෙහි උපන්හ. ඔවුහු බුදුන් කෙරෙහි වූ තම තමාගේ ප්‍රසාදයෙන් උපනිමු යි දැන, ‘යමු, බුදුන් වහන්සේ සමීපයේ සිට (උන් වහන්සේ පිළිබඳ) අපගේ වර්ණනාව කරන්නෙමු’යි පැමිණ එක් එක් ගාථාවකින් පැවසූහ.

තත්‍ථ ඡින්‍දිතමාරිතෙති ඡින්‍දිතෙ ච මාරිතෙ ච. හතජානීසූති පොථනෙ ච ධනජානීසු ච. පුඤ‍්ඤං වා පනාති අත‍්තනො පුඤ‍්ඤම‍්පි න සමනුපස‍්සති, සඞ‍්ඛෙපතො පුඤ‍්ඤාපුඤ‍්ඤානං විපාකො නත්‍ථීති වදති. ස වෙ විස‍්සාසමාචික‍්ඛීති සො – “එවං කතපාපානම‍්පි කතපුඤ‍්ඤානම‍්පි විපාකො නත්‍ථී”ති වදන‍්තො සත‍්තානං විස‍්සාසං අවස‍්සයං පතිට‍්ඨං ආචික‍්ඛති, තස‍්මා මානනං වන්‍දනං පූජනං අරහතීති වදති.

එහි ඡින්‍දිතමාරිතෙ සිඳීමෙහි ද මැරීමෙහි ද; හතජානිසු තැළීමෙහි ද, ධන හානියෙහි ද; පුඤ්ඤං වා පන තමාගේ පිනක් පවා නො දකියි, ලුහුඬින් කියතොත් පින් පව්වල විපාකයක් නැතැයි පවසයි. ස වෙ විස්සාසමාචික්‍ඛති මෙසේ හේ කරන ලද පාපයන්ගේත් කරන ලද පින්වලවත් විපාකයක් නැතැයි පවසමින් සත්ත්වයන්ගේ ‘විස්සාසං’ උපකාරය - පිහිට දක්වයි. එහෙයින් මානනං වන්දනා කිරීම, බුහුමන අරහති (සුදුසු) යි කියයි.

තපොජිගුච‍්ඡායාති කායකිලමථතපෙන පාපජිගුච‍්ඡනෙන. සුසංවුතත‍්තොති සමන‍්නාගතො පිහිතො වා. ජෙගුච‍්ඡීති තපෙන පාපජිගුච‍්ඡකො. නිපකොති පණ‍්ඩිතො. චාතුයාමසුසංවුතොති චාතුයාමෙන සුසංවුතො. චාතුයාමො නාම සබ‍්බවාරිවාරිතො ච හොති සබ‍්බවාරියුත‍්තො ච සබ‍්බවාරිධුතො ච සබ‍්බවාරිඵුටො චාති ඉමෙ චත‍්තාරො කොට‍්ඨාසා. තත්‍ථ සබ‍්බවාරිවාරිතොති වාරිතසබ‍්බඋදකො, පටික‍්ඛිත‍්තසබ‍්බසීතොදකොති අත්‍ථො. සො කිර සීතොදකෙ සත‍්තසඤ‍්ඤී හොති, තස‍්මා තං න වලඤ‍්ජෙති. සබ‍්බවාරියුත‍්තොති සබ‍්බෙන පාපවාරණෙන යුතො. සබ‍්බවාරිධුතොති සබ‍්බෙන පාපවාරණෙන ධුතපාපො. සබ‍්බවාරිඵුටොති සබ‍්බෙන පාපවාරණෙන ඵුට‍්ඨො. දිට‍්ඨං සුතඤ‍්ච ආචික‍්ඛන‍්ති දිට‍්ඨං “දිට‍්ඨං මෙ”ති සුතං “සුතං මෙ”ති ආචික‍්ඛන‍්තො, න නිගුහන‍්තො. න හි නූන කිබ‍්බිසීති එවරූපො සත්‍ථා කිබ‍්බිසකාරකො නාම න හොති.

තපොජිගුච්ඡාය කය පෙළෙන තපසින් (හා) පව පිළිකුල් කිරීමෙන්, සුසංවුතත්තො සමන්විත වූ; නැතහොත් වසන ලද. ජෙගුච්ඡි තපස මගින් පව පිළිකුල් කරන්නා වූ; නිපකො පණ්ඩිත වූ; චාතුයාම සුසංවුතො චාතුයාම සංවරයෙන් යුක්ත වූ; ‘චාතුයාම’ නම් ‘සබ්බවාරිවාරිතො’ ද ‘සබ්බවාරියුත්තො’ ද ‘සබ්බවාරිධුතො’ ද ‘සබ්බවාරිඵුට්ඨො’ ද යන මේ කොටස් සතර ය. එහි “සබ්බවාරිවාරිතො” යනු ‘සියලු ජල වළක්වන ලද්දේ’ යනු ය. සියලු සිසිල් දිය ප්‍රතික්ෂේප කළේ යනු අර්ථ යි; හේ සිසිල් දියේ සත්ත්ව සංඥාව ඇත්තේ වෙයි. එහෙයිාන් එය නො වළඳයි. (පරිහරණය නො කරයි.) “සබ්බවාරියුත්තො” සියලු පව් වැළැක්වීමෙහි යුක්ත වූයේ; “සබ්බවාරිධුතො” සියලු පව් වැළැක්වීමෙන් සොළවන ලද පව් ඇත්තේ; “සබ්බවාරි ඵුට්ඨො” සියලු පව් වැළැක්වීමෙන් ස්පර්ශ කරන ලද්දේ; දිට්ඨං සුතඤ්ච ආචික්‍ඛං දුටු දේ මා විසින් දක්නා ලදී යි ද ඇසූ දේ මා විසින් අසන ලදී යයි ද කියන්නේ, නො සඟවන්නේ; නහනූන කිබ්බිසී මේ ආකාරයේ ශාස්තෲවරයා “කිබ්බිසකාරක’ (පව් කරන්නෙක්) නම් නො වන්නේ ය.

නානාතිත්‍ථියෙති සො කිර නානාතිත්‍ථියානංයෙව උපට‍්ඨාකො, තස‍්මා තෙ ආරබ‍්භ වදති. පකුධකො කාතියානොති පකුධො කච‍්චායනො. නිගණ‍්ඨොති නාටපුත‍්තො. මක‍්ඛලිපූරණාසෙති මක‍්ඛලි ච පූරණො ච. සාමඤ‍්ඤප‍්පත‍්තාති සමණධම‍්මෙ කොටිප‍්පත‍්තා. න හි නූන තෙති සප‍්පුරිසෙහි න දූරෙ, තෙයෙව ලොකෙ සප‍්පුරිසාති වදති. පච‍්චභාසීති “අයං ආකොටකො ඉමෙසං නග‍්ගනිස‍්සිරිකානං දසබලස‍්ස සන‍්තිකෙ ඨත්‍වා වණ‍්ණං කථෙතීති තෙසං අවණ‍්ණං කථෙස‍්සාමී”ති පතිඅභාසීති.

නානාතිත්‍ථියෙ හේ නොයෙක් තීර්ථකයන්ගේ ම උපස්ථායක වූයේ; එහෙයින් ඔවුන් අරභයා පවසයි. පකුධකො කාතියානො පකුධ කච්චායන; නිගණ්ඨො නිගණ්ඨ නාථපුත්ත; මක්‍ඛලීපූරණාසෙ මක්ඛලී ද පූරණ ද; සාමඤ්ඤපත්තා ශ්‍රමණ ධර්මයෙහි කෙළ පැමිණියෝ; නහනූන තෙ ඒ සත් පුරුෂයන් විසින් නො දූරෙ (නො දුරෙහි); ඔවුහු ම ලොවෙහි සත්පුරුෂයෝ (වෙති)’ යි කියයි. පච්චභාසි මේ ආකෝටක (දෙව් පුත්) තෙමේ මේ නග්න නිශ්‍රිත වූවන්ගේ ගුණ බුදුන් වහන්සේ අසළ සිට වර්ණනා කරති. (එබැවින්) ඔවුන්ගේ අවගුණ පවසන්නෙමැයි පෙරළා පැවසී ය.

තත්‍ථ සහාචරිතෙනාති සහ චරිතමත‍්තෙන. ඡවො සිගාලොති ලාමකො කාලසිගාලො. කොත්‍ථුකොති තස‍්සෙව වෙවචනං. සඞ‍්කස‍්සරාචාරොති ආසඞ‍්කිතසමාචාරො. න සතං සරික‍්ඛොති පණ‍්ඩිතානං සප‍්පුරිසානං සදිසො න හොති, කිං ත්‍වං කාලසිගාලසදිසෙ තිත්‍ථියෙ සීහෙ කරොසීති?

එහි සහචරිතෙන එක් ව හැසිරීම් පමණින් ඡවො සිගාලො ලාමක කළු සිවලා; කොත්‍ථුකො ඊට ම සමානාර්ථවාචී ය. සබ්බස්සරාචාරො සැක කළ හැසිරීම් ඇති; න සතං සරික්‍ඛො පණ්ඩිත වූ සත් පුරුෂයන් හා සමාන වූවෙක් නො වේ. කිම ඔබ කළු සිවල් සමාන තීර්ථකයන් සිංහයන් කරන්නෙහි ද? යි.

අන්‍වාවිසිත්‍වාති “අයං එවරූපානං සත්‍ථාරානං අවණ‍්ණං කථෙති, තෙනෙව නං මුඛෙන වණ‍්ණං කථාපෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා තස‍්ස සරීරෙ අනුආවිසි අධිමුච‍්චි, එවං අන්‍වාවිසිත්‍වා. ආයුත‍්තාති තපොජිගුච‍්ඡනෙ යුත‍්තපයුත‍්තා. පාලයං පවිවෙකියන‍්ති පවිවෙකං පාලයන‍්තා. තෙ කිර “න‍්හාපිතපවිවෙකං පාලෙස‍්සාමා”ති සයං කෙසෙ ලුඤ‍්චන‍්ති. “චීවරපවිවෙකං පාතෙස‍්සාමා”ති නග‍්ගා විචරන‍්ති. “පිණ‍්ඩපාතපවිවෙකං පාලෙස‍්සාමා”ති සුනඛා විය භූමියං වා භුඤ‍්ජන‍්ති හත්‍ථෙසු වා. “සෙනාසනපවිවෙකං පාලෙස‍්සාමා”ති කණ‍්ටකසෙය්‍යාදීනි කප‍්පෙන‍්ති. රූපෙ නිවිට‍්ඨාති තණ‍්හාදිට‍්ඨීහි රූපෙ පතිට‍්ඨිතා. දෙවලොකාභිනන්‍දිනොති දෙවලොකපත්‍ථනකාමා. මාතියාති මච‍්චා, තෙ වෙ මච‍්චා පරලොකත්‍ථාය සම‍්මා අනුසාසන‍්තීති වදති.

අන්‍වාවිසිත්‍වා මොහු මේ ආකාර ව ශාස්තෲන්ගේ නුගුණ කථා කරයි, ඒ මුවින් ම ඒ ගුණ වර්ණනාව කරවන්නෙමැයි සිතා ඔහුගේ ශරීරයට ආවිෂ්ට විය, ආවේශ විය. එසේ ආවිෂ්ට වී; ආයුත්තා තපස පිළිකුල් කිරීමෙහි යෙදුණු; ඇලී ගැලුණු; පාලයං පවිවෙකියං විවේක බව රකින්නාහු, ඔවුහු නෑමෙන් උතුම් විවේකය පාලනය කරන්නමෝ යි තමාගේ කෙස් උදුරති. සිවුරු දැරීමෙන් උතුම් විවේකය පාලනය කරන්නමෝ යි නග්න ව හැසිරෙත්. පිණ්ඩපාතයෙන් උතුම් විවේකය පාලනය කරන්නමෝ යි සුනඛයන් මෙන් බිම හෝ අත්වල හෝ අනුභව කරති. සේනාසන විවේකය පාලනය කරන්නමෝ යි කටුගොඩවල නිදීම් ආදිය කරත්. රූපෙ නිවිට්ඨා තෘෂ්ණා දෘෂ්ටි ආදිය මඟින් රූපවල පිහිටියාහු; දෙවලොකාභිනන්‍දිනො දෙව්ලොව පතන්නාහු; මාතියා මනුෂ්‍යයෝ, ඔවුහු පරලොකත්‍ථාය පරලෝ පිණිස සම්මා අනුසාසන්ති (මැනවින් අනුශාසනා කරත්) යි කියති.

ඉති විදිත්‍වාති “අයං පඨමං එතෙසං අවණ‍්ණං කථෙත්‍වා ඉදානි වණ‍්ණං කථෙති, කො නු ඛො එසො”ති ආවජ‍්ජෙන‍්තො ජානිත්‍වාව. යෙ චන‍්තලික‍්ඛස‍්මිං පභාසවණ‍්ණාති යෙ අන‍්තලික‍්ඛෙ චන්‍දොභාසසූරියොභාසසඤ‍්ඣාරාගඉන්‍දධනුතාරකරූපානං පභාසවණ‍්ණා. සබ‍්බෙව තෙ තෙති සබ‍්බෙව තෙ තයා. නමුචීති මාරං ආලපති. ආමිසංව මච‍්ඡානං වධාය ඛිත‍්තාති යථා මච‍්ඡානං වධත්‍ථාය බළිසලග‍්ගං ආමිසං ඛිපති, එවං තයා පසංසමානෙන එතෙ රූපා සත‍්තානං වධාය ඛිත‍්තාති වදති.

ඉති විදිත්‍වා මෙතෙමේ පළමු ව ඔවුන්ගේ නුගුණ පවසා දැන් ගුණ පවසයි. මේ කවුද? යි ආවර්ජනය කරන සේක් දැන ගෙන ම, යෙචන්තලික්‍ඛස්මිං පභාසවණ්ණා යම් කෙනෙක් අන්තරීක්ෂයෙහි සඳ එළිය, හිරු එළිය, සැඳෑ එළිය, දේදුණු, තරු ආදියෙහි ආලෝකය බඳු වර්ණ ඇත්තාහු; සබ්බෙව තෙ තෙ ඒ සියල්ල ඔබ විසින් නමුචි මාරයා ආමන්ත්‍රණය කරයි. ආමිසං ව මච්ඡානං වධාය ඛිත්තා යම් සේ මාළුවන් මරනු පිණිස බිලීකොකු අග මාංසයක් දමයි ද, එසේ ප්‍රශංසා කරන ඔබ විසින් මේ රූප සත්ත්වයන්ගේ වධය පිණිස දමන ලද ඒවා යයි පවසයි.

මාණවගාමියොති අයං කිර දෙවපුත‍්තො බුද‍්ධුපට‍්ඨාකො. රාජගහීයානන‍්ති රාජගහපබ‍්බතානං. සෙතොති කෙලාසො. අඝගාමිනන‍්ති ආකාසගාමීනං. උදධිනන‍්ති උදකනිධානානං. ඉදං වුත‍්තං හොති – යථා රාජගහීයානං පබ‍්බතානං විපුලො සෙට‍්ඨො, හිමවන‍්තපබ‍්බතානං කෙලාසො, ආකාසගාමීනං ආදිච‍්චො, උදකනිධානානං සමුද‍්දො, නක‍්ඛත‍්තානං චන්‍දො, එවං සදෙවකස‍්ස ලොකස‍්ස බුද‍්ධො සෙට‍්ඨොති.

මානවගාමියො මේ දේව පුත්‍රයා බුදුන් වහන්සේගේ උපස්ථායකයෙකි. රාජගහියානං රජගහ නුවර පර්වතයන්ට සෙතො කෛලාසය; අඝගාමිනං ආකාශගාමින් හට; උද්ධීනං ජලනිධානයන් (ජලාශයන්) හට; කියන ලද්දේ මෙය යි; යම් සේ රජගහ නුවර පර්වතයන්ට විපුල (වෛපුල්‍ය පර්වතය) ශ්‍රේෂ්ඨ ද, හිමවත් පර්වතයන්ට කෛලාසය ශ්‍රේෂ්ඨ ද, ආකාශගාමීන් හට සූර්යයා ශ්‍රේෂ්ඨ ද, ජලාශයන් හට සමුද්‍රය ද, තාරකාවලට චන්ද්‍රයා ද (ශ්‍රේෂ්ඨ වන්නේ ද) එලෙස සදෙව් ලොවට තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨ වෙති.

දසමං.

දස වැනි සූත්‍රය යි.

නානාතිත්‍ථියවග‍්ගො තතියො.

තෙවැනි වර්ගය යි.

ඉති සාරත්‍ථප‍්පකාසිනියා සංයුත‍්තනිකාය-අට‍්ඨකථාය දෙවපුත‍්තසංයුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

මෙසේ දේවපුත්ත සංයුක්ත වර්‍ණනාව නිමියේ ය.