1. දහරසුත්තවණ්ණනා අට්ඨකථා
1. දහරසුත්තවණ්ණනා
1. දහර සූත්‍ර වර්ණනාව
කොසලසංයුත්තස්ස පඨමෙ භගවතා සද්ධිං සම්මොදීති යථා ඛමනීයාදීනි පුච්ඡන්තො භගවා තෙන, එවං සොපි භගවතා සද්ධිං සමප්පවත්තමොදො අහොසි. සීතොදකං විය උණ්හොදකෙන සම්මොදිතං එකීභාවං අගමාසි. යාය ච – “කච්චි, භො ගොතම, ඛමනීයං, කච්චි යාපනීයං, කච්චි භොතො ච ගොතමස්ස සාවකානඤ්ච අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරො”තිආදිකාය කථාය සම්මොදි, තං පීතිපාමොජ්ජසඞ්ඛාතසම්මොදජනනතො සම්මොදිතුං යුත්තභාවතො ච සම්මොදනීයං, අත්ථබ්යඤ්ජනමධුරතාය චිරම්පි කාලං සාරෙතුං නිරන්තරං පවත්තෙතුං අරහරූපතො සරිතබ්බභාවතො ච සාරණීයං. සුය්යමානසුඛතො ච සම්මොදනීයං, අනුස්සරියමානසුඛතො සාරණීයං. තථා බ්යඤ්ජනපරිසුද්ධතාය සම්මොදනීයං, අත්ථපරිසුද්ධතාය සාරණීයන්ති එවං අනෙකෙහි පරියායෙහි සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා පරියොසාපෙත්වා නිට්ඨපෙත්වා ඉතො පුබ්බෙ තථාගතස්ස අදිට්ඨත්තා ගුණාගුණවසෙන ගම්භීරභාවං වා උත්තානභාවං වා අජානන්තො එකමන්තං නිසීදි, එකමන්තං නිසින්නො ඛො යං ඔවට්ටිකසාරං කත්වා ආගතො ලොකනිස්සරණභවොක්කන්තිපඤ්හං සත්ථු සම්මාසම්බුද්ධතං පුච්ඡිතුං භවම්පි නොතිආදිමාහ.
කෝසල සංයුක්තයෙහි පළමු වැන්නේ - භගවතා සද්ධිං සම්මොදී ඔහු විසින් යම් සේ ඛමනීය ද (සුවසේ සිටින්නේ ද) ආදියෙන් භාග්‍යවතුන් වහන්සේ විමසනු ලබන්නේ ද එසේ ම ඔහු ද භාග්‍යවතුන් වහන්සේ සමඟ සම ව පවත්නා සතුටින් යුක්ත වූයේ විය. උණු දියෙන් සිසිල් දිය හා සොම්නසට පත්වූවා සේ ඒකීයභාවයට ගියේ ය. “කච්චි භො ගොතම ඛමනීයං කච්චි යාපනීයං කච්චි භොතො ගොතමස්ස ගොතමසාවකානඤ්ච අප්පාබාධාං අප්පාතංකං ලහුට්ඨානං බලං ඵාසු විහාරො” (භවත් ගෞතමයනි, කිම සුවසේ සිටින සේක් ද, කිම ප්‍රමාණවත් සේ යැපීමට තිබේ ද? කිම භවත් ගෞතමයනට හා භවතුන්ගේ ශ්‍රාවකයනට අල්ප ආබාධ - අල්ප ආතංක (අසනීප), ශරීර සුවය, ශක්තිය පහසුවෙන් විසීම වේ ද?) ආදී කථාවෙන් සම්මෝදයට (සතුටට) පත් විය. එය ප්‍රීතිය, ප්‍රමෝදය සංඛ්‍යාත වූ සම්මෝදය හට ගැනීම හේතුවෙන් (හා) සම්මොද වීම පිණිස යෙදුණු බැවින් සම්මොදනීය ය. අර්ථ ව්‍යංජනවල මධුර භාවය මගින් බොහෝ කාලයක් ස්මරණය කරන්නට පවත්වන්නට සුදුසු වන බැවින් (හා) ස්මරණය කළ යුතු බැවින් ද සාරාණීය (සිහි කරනු නිසි) ය. ඇසීම මඟින් වන පිනවීමෙන් සම්මොදනීය ය; අනුස්මරණය කිරීම් මඟින් වන පිනවීමෙන් සාරාණීය ය. එසේ ම ව්‍යඤ්ජන පරිශුද්ධතාව මඟින් සම්මොදනීය ය; අර්ථ පරිශුද්ධතාව මඟින් සාරාණීය ය; මෙසේ නොයෙක් ආකාරයෙන් සම්මෝදනීය වූ සාරාණීය වූ කථාව, වීතිසාරෙත්වා අවසන් කොට, නිමවා. මෙයට පෙර තථාගතයන් වහන්සේ නො දුටු බැවින් ගුණ අගුණ වශයෙන් ගැඹුරු බව හෝ නො ගැඹුරු බව හෝ නො දන්නේ එකස්මිං නිසීදි, එකමන්තං නිසින්නො ඛො යමක් ඉත හිත ද පැමිණියේ එය විචාරීම පිණිස “භවම්පි නො” ආදිය පැවසී ය.
තත්ථ භවම්පීති පි-කාරො සම්පිණ්ඩනත්ථෙ නිපාතො, තෙන ච ඡ සත්ථාරෙ සම්පිණ්ඩෙති. යථා පූරණාදයො “සම්මාසම්බුද්ධම්හා”ති පටිජානන්ති, එවං භවම්පි නු පටිජානාතීති අත්ථො. ඉදං පන රාජා න අත්තනො ලද්ධියා, ලොකෙ මහාජනෙන ගහිතපටිඤ්ඤාවසෙන පුච්ඡති. අථ භගවා බුද්ධසීහනාදං නදන්තො යං හි තං මහාරාජාතිආදිමාහ.
එහි භවම්පි හි ‘පි’ කාරය සම්පිණ්ඩනාර්ථයෙහි නිපාතයකි. එයින් ශාස්තෲවරුන් සය දෙනා කැටි කරයි. යම් සේ පූරණ (කස්සප) ආදීහු සම්මා සම්බුද්ධ වම්හ යි හඟිත් ද එලෙස ඔබ වහන්සේත් හඟින්නෙහි ද යන අරුත යි. මෙය රජතුමා තමාගේ ලබ්ධියෙන් නොව ලොවෙහි මහජනයා විසින් ගන්නා ලද දැනුම් වශයෙන් අසයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බුද්ධ සිංහ නාදය නඟන්නාහු යං හි තං මහාරාජ යනාදිය වදාළහ.
තත්ථ අහං හි මහාරාජාති අනුත්තරං සබ්බසෙට්ඨං සබ්බඤ්ඤුතඤ්ඤාණසඞ්ඛාතං සම්මාසම්බොධිං අහං අභිසම්බුද්ධොති අත්ථො. සමණබ්රාහ්මණාති පබ්බජ්ජූපගමනෙන සමණා, ජාතිවසෙන බ්රාහ්මණා. සඞ්ඝිනොතිආදීසු පබ්බජිතසමූහසඞ්ඛාතො සඞ්ඝො එතෙසං අත්ථීති සඞ්ඝිනො. ස්වෙව ගණො එතෙසං අත්ථීති ගණිනො. ආචාරසික්ඛාපනවසෙන තස්ස ගණස්ස ආචරියාති ගණාචරියා. ඤාතාති පඤ්ඤාතා පාකටා. “අප්පිච්ඡා සන්තුට්ඨා අප්පිච්ඡතාය වත්ථම්පි න නිවාසෙන්තී”ති එවං සමුග්ගතො යසො එතෙසං අත්ථීති යසස්සිනො. තිත්ථකරාති ලද්ධිකරා. සාධුසම්මතාති “සන්තො සප්පුරිසා”ති එවං සම්මතා. බහුජනස්සාති අස්සුතවතො අන්ධබාලපුථුජ්ජනස්ස. පූරණොතිආදීනි තෙසං නාමගොත්තානි. පූරණොති හි නාමමෙව. තථා, මක්ඛලීති. සො පන ගොසාලාය ජාතත්තා ගොසාලොති වුත්තො. නාටපුත්තොති නාටස්ස පුත්තො. බෙලට්ඨපුත්තොති බෙලට්ඨස්ස පුත්තො. කච්චායනොති පකුධස්ස ගොත්තං. කෙසකම්බලස්ස ධාරණතො අජිතො කෙසකම්බලොති වුත්තො.
එහි අහං හි මහාරාජ අනුත්තරං සියල්ලට ශ්‍රේෂ්ඨ වූ සර්වඥතා ඥාන සංඛ්‍යාත සම්මාසම්බොධිං අහං අභිසම්බුද්ධො (මම සම්මා සම්බෝධිය අවබෝධ කළෙමි) යන අර්ථය යි. සමණබ්රාහ්මණා පැවිදි බවට පත්වීමෙන් ශ්‍රමණයෝ; ජාති වශයෙන් බ්‍රාහ්මණයෝ; ‘සංඝිනො’ ආදි තැන්වල පැවිදි සමූහ සංඛ්‍යාත වූ සංඝයා (සමූහය) මොවුනට ඇතැයි = සංඝිනො; තමාගේ ගණයක් (සමූහයක්) ඔවුනට ඇතැයි = ගණිනො; ආචාර ඉගැන්වීම් වශයෙන් ඒ සමූහයේ ආචාර්යවරයෝ යි ගණාචරියා; ඤාතා ප්‍රසිද්ධ, ප්‍රකට; අල්පේච්ඡ වූ සතුටට (සෑහීමට) පත්වූ, අල්පේච්ඡතාව නිසා වස්ත්‍රයක් පවා නො හඳිතියි මෙසේ පැතිරුණු යශස ඔවුනට ඇතැයි යසස්සිනො, තිත්ථකරා ලබ්ධිය ඇති කරන්නාවූ; සාධු සම්මතා ශාන්තයහ, සත්පුරුෂයෝ යි මෙසේ පිළිගත්. බහුජනස්ස අශ්‍රැතවත් (නූගත්) අන්ධබාල පෘථග්ජනයා හට; පූරණො යනාදිය ඔවුන්ගේ නාම ගෝත්‍ර ය. පූරණො නාමය ම ය. එසේ ම මක්ඛලී, හේ ගෝසාලයක (ගව හලක) උපන් හෙයින් ‘ගෝසාල’ යයි කියන ලද්දේ ය. නාථපුත්තො නාථයන්ගේ පුත්‍රයා; බෙල්ලට්ඨපුත්තො බෙල්ලට්ඨගේ පුත්‍රයා, කච්චායනා පකුධගේ ගෝත්‍රය; කෙස්වලින් තනන ලද කම්බිලියක් දරන බැවින් අජිනො කෙසකම්බලො යි කියන ලදි.
තෙපි මයාති කප්පකොලාහලං බුද්ධකොලාහලං චක්කවත්තිකොලාහලන්ති තීණි කොලාහලානි. තත්ථ “වස්සසතසහස්සමත්ථකෙ කප්පුට්ඨානං භවිස්සතී”ති කප්පකොලාහලං නාම හොති – “ඉතො වස්සසතසහස්සමත්ථකෙ ලොකො විනස්සිස්සති, මෙත්තං මාරිසා, භාවෙථ, කරුණං මුදිතං උපෙක්ඛ”න්ති මනුස්සප්පථෙ දෙවතා ඝොසෙන්තියො විචරන්ති. “වස්සසහස්සමත්ථකෙ පන බුද්ධො උප්පජ්ජිස්සතී”ති බුද්ධකොලාහලං නාම හොති – “ඉතො වස්සසහස්සමත්ථකෙ බුද්ධො උප්පජ්ජිත්වා ධම්මානුධම්මපටිපදං පටිපන්නෙන සඞ්ඝරතනෙන පරිවාරිතො ධම්මං දෙසෙන්තො විචරිස්සතී”ති දෙවතා උග්ඝොසෙන්ති. “වස්සසතමත්ථකෙ පන චක්කවත්තී උප්පජ්ජිස්සතී”ති චක්කවත්තිකොලාහලං නාම හොති – “ඉතො වස්සසතමත්ථකෙ සත්තරතනසම්පන්නො චතුද්දීපිස්සරො සහස්ස පුත්තපරිවාරො වෙහාසඞ්ගමො චක්කවත්තිරාජා උප්පජ්ජිස්සතී”ති දෙවතා උග්ඝොසෙන්ති.
තෙපි මයා කප්ප කෝලාහල, බුද්ධ කෝලාහල, චක්කවත්ති කෝලාහල යි කෝලාහල තුනකි. එහි, වර්ෂ ශතසහස්රයකින් (ලක්ෂයකින්) මත්තෙහි කල්ප හට ගැනීම වන්නේ ය යි කල්ප කෝලාහල නම් වේ. “මින් වර්ෂ ශත සහස්‍රයකින් මතුයෙහි ලෝකය විනාශ වන්නේ ය. පින්වත්නි, මෛත්‍රී කරවූ කරුණා, මුදිතා, උපෙක්ඛා (වඩවු) යි හඬනඟමින් දේවතාවෝ මිනිස් ලොව ඇවිදිති. වර්ෂ ශත සහස්රයක් මතුයෙහි බුදුන් වහන්සේ පහළ වන්නේ ය යි “බුද්ධ කෝලාහල” නම් වේ. “මෙයින් වර්ෂ ශත සහස්‍රයකින් මතුයෙහි බුදුවරයකු පහළවී ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුතු සංඝරත්නය විසින් පිරිවරන ලද්දාහු ධර්මය දේශනා කරමින් හැසිරෙන්නෝ ය” යි දේවතාවෝ උද්ඝෝෂණය කරති. වර්ෂ සියයක් මතුයෙහි චක්‍රවර්ති (රජතුමා) උපදින්නේ ය යි උද්ඝෝෂණය කිරීම “චක්‍රවර්ති කෝලාහලය” නම් වේ. මෙයින් වර්ෂ සියයක් මතුයෙහි සප්තරත්නයෙන් යුක්ත වූ ද්වීප සතරට අධිපති වූ දහසක් පුතුන් පිරිවරා ගත්, අහසින් යන චක්‍රවර්ති රජු උපදින්නේ යයි දේවතාවෝ උද්ඝෝෂණය කරති.
ඉමෙසු තීසු කොලාහලෙසු ඉමෙ ඡ සත්ථාරො බුද්ධකොලාහලං සුත්වා ආචරියෙ පයිරුපාසිත්වා චින්තාමාණිවිජ්ජාදීනි උග්ගණ්හිත්වා – “මයං බුද්ධම්හා”ති පටිඤ්ඤං කත්වා මහාජනපරිවුතා ජනපදං විචරන්තා අනුපුබ්බෙන සාවත්ථියං පත්තා. තෙසං උපට්ඨාකා රාජානං උපසඞ්කමිත්වා, “මහාරාජ, පූරණො කස්සපො…පෙ… අජිතො කෙසකම්බලො බුද්ධො කිර සබ්බඤ්ඤූ කිරා”ති ආරොචෙසුං. රාජා “තුම්හෙව නෙ නිමන්තෙත්වා ආනෙථා”ති ආහ. තෙ ගන්ත්වා තෙහි, “රාජා වො නිමන්තෙති. රඤ්ඤො ගෙහෙ භික්ඛං ගණ්හථා”ති වුත්තා ගන්තුං න උස්සහන්ති, පුනප්පුනං වුච්චමානා උපට්ඨාකානං චිත්තානුරක්ඛණත්ථාය අධිවාසෙත්වා සබ්බෙ එකතොව අගමංසු. රාජා ආසනානි පඤ්ඤාපෙත්වා “නිසීදන්තූ”ති ආහ. නිග්ගුණානං අත්තභාවෙ රාජුස්මා නාම ඵරති, තෙ මහාරහෙසු ආසනෙසු නිසීදිතුං අසක්කොන්තා ඵලකෙසු චෙව භූමියං ච නිසීදිංසු.
මේ කෝලාහල තුන අතුරින් බුද්ධ කෝලාහලය අසා, මේ ශාස්තෲවරු සය දෙන ආචාර්යවරුන් ඇසුරු කොට චින්තාමණි විද්‍යාව ආදිය උගෙන අපි බුදුන් වම්හ යි ප්‍රතිඥා කොට මහජනයා විසින් පිරිවරන ලද්දාහු ජනපදයන්හි සැරිසරන්නාහු පිළිවෙලින් සැවතට පැමිණියාහු ය. ඔවුන්ගේ උපස්ථායකයෝ රජු වෙත පැමිණ, “මහරජතුමනි, පූරණ කෘශ්‍යප, අජිත කේශකම්බල ‘බුදු කෙනෙක්’ ලු ‘සර්වඥ කෙනෙක්’ ලු යි දැනුම් දුන්හ. රජතුමා ඔබලා ම ආරාධනය කොට කැඳවා ගෙන එවු යයි කී ය. ඔවුන් විසින්, ගොස් “රජතුමා ඔබලාට ආරාධනය කරයි. රජුගේ නිවසෙහි භික්ෂාව ගනු මැනවි” යි කියන ලද්දාහු, යාමට උත්සාහ නො කරති. යළි යළිත් පවසනු ලබන්නාහු උපස්ථායකයන්ගේ සිත රැක ගනු පිණිස පිළිගෙන සියලු දෙනා එක් ව ම ගියහ. රජතුමා ආසන පනවා හිඳ ගනු මැනවි යි කී ය. නිර්ගුණවතුන්ගේ ශරීරවල රාජ උෂ්ණය පැතිරෙයි. ඔවුහු මහාර්ඝ වූ ආසනවල හිඳ ගැන්මට අපොහොසත් වන්නාහු ලෑලිවල ද බිම ද හිඳ ගත්හ.
රාජා “එත්තකෙනෙව නත්ථි තෙසං අන්තො සුක්කධම්මො”ති වත්වා ආහාරං අදත්වාව තාලතො පතිතං මුග්ගරෙන පොථෙන්තො විය “තුම්හෙ බුද්ධා, න බුද්ධා”ති පඤ්හං පුච්ඡි. තෙ චින්තයිංසු – “සචෙ ‘බුද්ධම්හා’ති වක්ඛාම, රාජා බුද්ධවිසයෙ පඤ්හං පුච්ඡිත්වා කථෙතුං අසක්කොන්තෙ ‘තුම්හෙ මයං බුද්ධාති මහාජනං වඤ්චෙත්වා ආහිණ්ඩථා’ති ජිව්හම්පි ඡින්දාපෙය්ය, අඤ්ඤම්පි අනත්ථං කරෙය්යා”ති සකපටිඤ්ඤාය එව ‘න මයං බුද්ධා’ති වදිංසු. අථ නෙ රාජා ගෙහතො නිකඩ්ඪාපෙසි.
රජතුමා එපමණෙකින් ම ඔවුන්ගේ ඇතුළත පුණ්‍ය ධර්ම නැතැයි කියා ආහාර නො දී ම, තල් ගසින් වැටුණහුට මුගුරින් තළන්නා සේ “ඔබලා බුදුහු ද නො බුදුහු දැයි ප්‍රශ්න කළේ ය. ඔවුහු (මෙසේ) සිතූහ: ඉදින් “බුදුවරු වෙමු” යි පවසමු නම් රජතුමා බුද්ධවිෂයක ප්‍රශ්නයක් අසා කථා කිරීමට (පිළිතුරු දීමට) අපොහොසත් වූ කල්හි, ඔබලා අපි බුදුවරු වෙමු යි මහජනයා වංචා කොට තැන තැන යන්නාහු යයි දිව හෝ කපනු ඇත. වෙනත් අනර්ථයක් හෝ කරනු ඇත. තම කැමැත්තෙන් ම “අපි බුදුවරු නො වම්හ” යි කීහ. එවිට රජතුමා ඔවුන් ගෙයින් ඇද දැමී ය.
තෙ රාජඝරතො නික්ඛන්තෙ උපට්ඨාකා පුච්ඡිංසු – “කිං ආචරියා රාජා තුම්හෙ පඤ්හං පුච්ඡිත්වා සක්කාරසම්මානං අකාසී”ති? රාජා “බුද්ධා තුම්හෙ”ති පුච්ඡි, තතො මයං – “සචෙ අයං රාජා බුද්ධවිසයෙ පඤ්හං කථියමානං අජානන්තො අම්හෙසු මනං පදොසෙස්සති, බහුං අපුඤ්ඤං පසවිස්සතී”ති රඤ්ඤො අනුකම්පාය ‘න මයං බුද්ධා’ති වදිම්හා, මයං පන බුද්ධා එව, අම්හාකං බුද්ධභාවො, උදකෙන ධොවිත්වාපි හරිතුං න සක්කාති. ඉති බහිද්ධා ‘බුද්ධම්හා’ති ආහංසු – රඤ්ඤො සන්තිකෙ ‘න මයං බුද්ධා’ති වදිංසූති, ඉදං ගහෙත්වා රාජා එවමාහ. තත්ථ කිං පන භවං ගොතමො දහරො චෙව ජාතියා, නවො ච පබ්බජ්ජායාති ඉදං අත්තනො පටිඤ්ඤං ගහෙත්වා වදති.
ඔවුන් රජ ගෙදරින් බැහැර යන කල්හි උපස්ථායකයෝ (මෙසේ) ප්‍රශ්න කළහ: “කිම ආචාර්යවරුනි, රජතුමා ඔබලාගෙන් ප්‍රශ්න අසා සත්කාර සම්මාන කළේ ද?” “රජතුමා ඔබලා බුදුවරුදැයි විමසුවේ ය; ඉන් පසු අපි, ඉදින් මේ රජතුමා බුද්ධ විෂයේ ප්රශ්නය විසඳන විට නො දැන අප කෙරෙහි සිත දූෂණය කරගන්නේ ය. බොහෝ පව් පැසවන්නේ යයි රජුට අනුකම්පාවෙන් අපි බුදුවරු නො වම්හ යි කීවෙමු. අපි බුදුවරු ම වෙමු. අපේ බුදු බව දියෙන් සෝදා වුව ද ඉවත් කිරීමට නො හැක්කේ ය” යි පිටත දී ‘බුදුවරු වෙමු’ යි කීහ. රජතුමා සමීපයේ දී අපි බුදුවරු නො වම්හ” යි කීහ යි මෙය ගෙන රජතුමා මෙසේ කී ය. එහි කිං පන භවං ගොතමො දහරො චෙව ජාතියා, නවො ච පබ්බජ්ජාය (කිම? භවත් ගෞතමයන් වහන්සේ උපතිනුදු ළමා වන සේක. පැවිද්දෙනුත් නවක වන සේක යි) තමාගේ පිළිගැන්ම අනුව මෙය පවසයි.
තත්ථ කින්ති පටික්ඛෙපවචනං. එතෙ ජාතිමහල්ලකා ච චිරපබ්බජිතා ච “බුද්ධම්හා”ති න පටිජානන්ති, භවං ගොතමො ජාතියා ච දහරො පබ්බජ්ජාය ච නවො කිං පටිජානාති? මා පටිජානාහීති අත්ථො.
එහි කිං යනු ප්‍රතික්ෂේප කිරීමේ වචනයකි. උපතින් මහලු වූත් බොහෝ කලක් පැවිදි ව සිටියාවූත් මොවුහු බුදු වෙමු යි නො පිළිගනිති. භවත් ගෞතමයෝ උපතින් ද ළමා ය. පැවිදි වීමෙන් ද නවක ය. කිම පිළිගන්නෙහි ද, නො පිළිගනු මැනවි යන අරුත යි.
න උඤ්ඤාතබ්බාති න අවජානිතබ්බා. න පරිභොතබ්බාති න පරිභවිතබ්බා. කතමෙ චත්තාරොති කථෙතුකම්යතාපුච්ඡා. ඛත්තියොති රාජකුමාරො. උරගොති ආසීවිසො. අග්ගීති අග්ගියෙව. භික්ඛූති ඉමස්මිං පන පදෙ දෙසනාකුසලතාය අත්තානං අබ්භන්තරං කත්වා සීලවන්තං පබ්බජිතං දස්සෙති. එත්ථ ච දහරං රාජකුමාරං දිස්වා, උක්කමිත්වා මග්ගං අදෙන්තො, පාරුපනං අනපනෙන්තො, නිසින්නාසනතො අනුට්ඨහන්තො, හත්ථිපිට්ඨාදීහි අනොතරන්තො, හෙට්ඨා කත්වා මඤ්ඤනවසෙන අඤ්ඤම්පි එවරූපං අනාචාරං කරොන්තො ඛත්තියං අවජානාති නාම. “භද්දකො වතායං රාජකුමාරො, මහාකණ්ඩො මහොදරො – කිං නාම යංකිඤ්චි චොරූපද්දවං වූපසමෙතුං යත්ථ කත්ථචි ඨානෙ රජ්ජං අනුසාසිතුං සක්ඛිස්සතී”තිආදීනි වදන්තො පරිභොති නාම. අඤ්ජනිසලාකමත්තම්පි ආසීවිසපොතකං කණ්ණාදීසු පිළන්ධන්තො අඞ්ගුලිම්පි ජිව්හම්පි ඩංසාපෙන්තො උරගං අවජානාති නාම. “භද්දකො වතායං ආසීවිසො උදකදෙඩ්ඩුභො විය කිං නාම කිඤ්චිදෙව ඩංසිතුං කස්සචිදෙව කායෙ විසං ඵරිතුං සක්ඛිස්සතී”තිආදීනි වදන්තො පරිභොති නාම. ඛජ්ජොපනකමත්තම්පි අග්ගිං ගහෙත්වා හත්ථෙන කීළන්තො භණ්ඩුක්ඛලිකාය ඛිපන්තො චූළාය වා සයනපිට්ඨසාටකපසිබ්බකාදීසු වා ඨපෙන්තො අග්ගිං අවජානාති නාම. “භද්දකො වතායං අග්ගි කතරං නු ඛො යාගුභත්තං පචිස්සති, කතරං මච්ඡමංසං, කස්ස සීතං විනොදෙස්සතී”තිආදීනි වදන්තො පරිභොති නාම. දහරසාමණෙරම්පි පන දිස්වා උක්කමිත්වා මග්ගං අදෙන්තොති රාජකුමාරෙ වුත්තං අනාචාරං කරොන්තො භික්ඛුං අවජානාති නාම. “භද්දකො වතායං සාමණෙරො මහාකණ්ඨො මහොදරො යංකිඤ්චි බුද්ධවචනං උග්ගහෙතුං යංකිඤ්චි අරඤ්ඤං අජ්ඣොගාහෙත්වා වසිතුං සක්ඛිස්සති, සඞ්ඝත්ථෙරකාලෙ මනාපො භවිස්සතී”තිආදීනි වදන්තො පරිභොති නාම. තං සබ්බම්පි න කාතබ්බන්ති දස්සෙන්තො න උඤ්ඤාතබ්බො න පරිභොතබ්බොති ආහ.
න උඤ්ඤාතබ්බා අවමන් නො කළ යුත්තෝ ය. න පරිභොතබ්බා පරිභව නො කළ යුත්තෝ ය. කතමෙ චත්තාරො? පැවසීමට කැමති වීමේ ප්රශ්නයකි. ඛත්තියො රාජකුමාරයා ය. උරගො සර්පයා ය, අග්ගි ගින්න ය. භික්ඛු මේ පදයෙහි ම දේශන කුශලතාවයෙන් තමා (ද) ඇතුළත් කොට සිල්වත් වූ ප්‍රව්‍රජිතයා දක්වයි. මෙහි ද ළමා රාජකුමාරයෙකු දැක ඉවත් වී මඟ (ඉඩ) නො දෙන්නේ, කරේ දමා ඇති පොරෝනාව ඉවත නො ගන්නේ, හිඳ ගෙන සිටි අසුනින් නො නැඟිටින්නේ, ඇතු පිටින් ආදියෙන් නො බසින්නේ, පහත් කොට සැලකීම් වශයෙන් වෙනත් මෙවැනි ආචාරවත් නො වූ දේ කරන්නේ ක්ෂත්රියයාට අවමන් කරයි නම් වේ. “මේ රාජකුමාරයා නම් හොඳයි. කන් මහත ය. බඩ මහත ය. කිසියම් සොර උවදුරක් සමනය කරන්නට, කුමන හෝ තැනක රජුට අනුශාසනා කරන්නට සමත් වන්නේ ය” යනාදිය කියන්නේ ‘පරිභව කරයි’ නමි. අඤ්ජනිසලාකයක (අඳුන් ගානා කූර) පමණ හෝ සර්ප පැටියකු කන්හි ආදියෙහි පළඳන්නේ ඇඟිල්ල දිව පවා දෂ්ට කරවන්නේ උරගයාට ‘අවමන් කරයි’ නමි. මේ සර්පයා නම් හොඳයි, දියබරියකු මෙන් සිරුරෙහි ටිකක් සපා කන්නට කාගේ හෝ සිරුරක විෂ පතුරුවන්නට හැකි වන්නේ ය ආදිය කියන්නේ “පරිභව කරයි” නමි. කණාමැදිරියකු (කදෝපැණියකු) පමණ වූ ගිනි අඟුරක් ගෙන අතින් සෙල්ලම් කරන්නේ තට්ටය මත දමන්නේ, කුඩුම්බියෙහි හෝ යහන පුටු සළු පසුම්බි ආදියෙහි හෝ තබන්නේ ගින්නට ‘අවමන් කරයි’ නමි. මේ ගින්න නම් හොඳයි! කවර කැඳබත් නො උයා ද? කුමන මස් මාළුවක් (නො උයා ද?) කාගේ සීතලක් පහ කරන්නේ ද?’ ආදිය පවසන්නේ ‘පරිභව කරයි’ නමි. ළමා සාමණේර කෙනෙකුන් දැක ඉවත් වී මග (ඉඩ) නො දෙන්නේ, රාජ කුමාරවරුන් ගැන පෙර කී පරිදි ආචාර නො වූ ලෙස කරන්නේ, භික්ෂුවට “නිගරු කරයි” නමි. මේ සාමණේර තැන නම් හොඳයි මහ ගඩු ඇත්තේ මහබඩක් ඇත්තේ කිසියම් බුද්ධ වචනයක් ඉගෙනීමට, කිසියම් අරණකට ඇතුළු වී විසීමට සමත් වන්නේ ය. සංඝස්ථවිර වූ කල්හි මනාප ලෙස සිටිනු ඇත්තේ ය ආදිය පවසන්නේ “පරිභව කරයි” නමි. ඒ සියල්ල නො කළ යුතු යයි දක්වමින් ‘න උඤ්ඤාතබ්බො පරිභොතබ්බො’ යි වදාළ සේක.
එතදවොචාති එතං ගාථාබන්ධං අවොච. ගාථා ච නාමෙතා තදත්ථදීපනාපි හොන්ති විසෙසත්ථදීපනාපි, තත්රිමා තදත්ථම්පි විසෙසත්ථම්පි දීපෙන්තියෙව. තත්ථ ඛත්තියන්ති ඛෙත්තානං අධිපතිං. වුත්තඤ්හෙතං “ඛෙත්තානං අධිපතීති ඛො, වාසෙට්ඨ, ‘ඛත්තියො ඛත්තියො’ත්වෙව දුතියං අක්ඛරං උපනිබ්බත්ත”න්ති (දී· නි· 3.131). ජාතිසම්පන්නන්ති තායෙව ඛත්තියජාතියා ජාතිසම්පන්නං. අභිජාතන්ති තීණි කුලානි අතික්කමිත්වා ජාතං.
එතදවොච “එතං” ගාථා බන්ධය “අවොච” (පැවසී ය.) ගාථා නම් වූ මේවා ඒ අර්ථය ම හඟවන ඒවා ද වේ. විශේෂාර්ථ හඟවන ඒවා ද වේ. එහි මේවා තදර්ථයත් විශේෂාර්ථයත් දක්වා ලන්නේ ම ය. එහි ඛත්තියං කෙත්වලට අධිපති; (එය) කියන ලද්දේ ම ය: “ඛෙත්තානං අධිපතීති ඛො වාසෙට්ඨ ඛත්තියොත්වෙව දුතියං අක්ඛරං උපනිබ්බත්තං” (වාසෙට්ඨයනි, කෙත්වලට අධිපති යි ‘ඛත්තිය’ (ක්ෂත්රිය) වේ. ඛත්තිය යන්න ම දෙවැනි අක්ෂරය (ලෙස) හටගත්තේ ය). ජාතිසම්පන්නං ඒ ක්ෂත්රිය ජාතිය මගින් ම ජාති සම්පන්න වූ: අභිජාතං කුල තුනක් ඉක්මවා උපන්;
ඨානං හීති කාරණං විජ්ජති. මනුජින්දොති මනුස්සජෙට්ඨකො. රාජදණ්ඩෙනාති රඤ්ඤො උද්ධටදණ්ඩෙන, සො අප්පකො නාම න හොති, දසසහස්සවීසතිසහස්සප්පමාණො හොතියෙව. තස්මිං පක්කමතෙ භුසන්ති තස්මිං පුග්ගලෙ බලවඋපක්කමං උපක්කමති. රක්ඛං ජීවිතමත්තනොති අත්තනො ජීවිතං රක්ඛමානො තං ඛත්තියං පරිවජ්ජෙය්ය න ඝට්ටෙය්ය.
ඨානං හි කරුණක් විද්‍යමාන වේ (පවතී). මනුස්සින්දො මිනිසුන්ගේ ජ්‍යෙෂ්ඨයා; රාජදණ්ඩෙන රජු පැන වූ දණ්ඩනයෙන්. එය ස්වල්ප නම් නො වේ. දස දහස් විසි දහස් ප්‍රමාණ වේ ම ය. තස්මිං පක්කමතෙ භූසං ඒ පුද්ගලයා කෙරෙහි බලවත් උපක්‍රමයක් සිදු කරයි. රක්ඛං ජීවිතමත්තනො තම ජීවිතය රකිමින් ඒ ක්ෂත්රියා දුරු කරන්නේ ය. නො ගැටෙන්නේ ය.
උච්චාවචෙහීති නානාවිධෙහි. වණ්ණෙහීති සණ්ඨානෙහි. යෙන යෙන හි වණ්ණෙන චරන්තො ගොචරං ලභති, යදි සප්පවණ්ණෙන, යදි දෙඩ්ඩුභවණ්ණෙන, යදි ධමනිවණ්ණෙන, අන්තමසො කලන්දකවණ්ණෙනපි චරතියෙව. ආසජ්ජාති පත්වා. බාලන්ති යෙන බාලෙන ඝට්ටිතො, තං බාලං නරං වා නාරිං වා ඩංසෙය්ය.
උච්චාවචෙහි නානාවිධ වූ වණ්ණෙහි සලකුණුවලින්, යම් යම් වර්ණයකින් (ස්වරූපයකින්) සැරිසරන්නේ ද ගොදුරු ලැබෙයි. - සර්ප ස්වරූපයෙන්, දිය බරියකුගේ ස්වරූපයෙන්, වැලක ස්වරූපයෙන්, අන්තිම වශයෙන් ලේකනකුගේ ස්වරූපයෙන් හෝ සැරිසරන්නේ ම ය. ආසජ්ජ පැමිණ බාලං යම් බාලයෙකු සමග ගැටෙන ලද්දේ ද, ඒ බාලයා: නරං (පිරිමියකු) හෝ නාරිං (ගැහැනියක) හෝ (වේවා) දෂ්ට කරන්නේ ය.
පහූතභක්ඛන්ති බහුභක්ඛං. අග්ගිස්ස හි අභක්ඛං නාම නත්ථි. ජාලිනන්ති ජාලවන්තං. පාවකන්ති අග්ගිං. පාවගන්තිපි පාඨො. කණ්හවත්තනින්ති වත්තනීති මග්ගො, අග්ගිනා ගතමග්ගො කණ්හො හොති කාළකො, තස්මා “කණ්හවත්තනී”ති වුච්චති.
පහූතභක්ඛං බොහෝ දෑ භක්ෂණය කරන (දවන), ගින්නට ආහාර වශයෙන් නො ගත හැකි කිසිවක් නම් නැත. ජාලිනං ගිනි දැල් ඇති, පාවකං ගින්න ‘පාවගං’යි ද පාඨයකි. කණ්හවත්තනිං ‘වත්තනි’ යනු මග ය. ගින්නන් ගිය ගමන කණහ (කෘෂ්ණා) වේ, කළු ය. එහෙයින් ‘කණ්හවත්තනි (කළු මග) යි කියනු ලැබේ.
මහා හුත්වානාති මහන්තො හුත්වා. අග්ගි හි එකදා යාවබ්රහ්මලොකප්පමාණොපි හොති. ජායන්ති තත්ථ පාරොහාති තත්ථ අග්ගිනා දඩ්ඪවනෙ පාරොහා ජායන්ති. පාරොහාති තිණරුක්ඛාදයො වුච්චන්ති. තෙ හි අග්ගිනා දඩ්ඪට්ඨානෙ මූලමත්තෙපි අවසිට්ඨෙ පාදතො රොහන්ති ජායන්ති වඩ්ඪන්ති, තස්මා “පාරොහා”ති වුච්චන්ති. පුන රොහනත්ථෙන වා පාරොහා. අහොරත්තානමච්චයෙති රත්තින්දිවානං අතික්කමෙ. නිදාඝෙපි දෙවෙ වුට්ඨමත්තෙ ජායන්ති.
මහාහුත්වාන මහත් වී, ගින්න සමහර දවසක බ්‍රහ්මලෝක ප්‍රමාණය දක්වා ද වේ. ජායන්ති තත්ථ පාරෝහා එහි ගින්න විසින් දවන ලද වනයෙහි ‘පාරෝහ’ (රිකිලි හෙවත් අංකුර) හට ගනී. ‘පාරොහ’ යනු තෘණ වෘක්ෂ ආදීන් යයි කියනු ලැබේ. ඒවා ගින්න විසින් දවන ලද ස්ථානයෙහි මුල පමණක් ඉතිරි ව තිබියදී මුලෙන් මතුවෙයි, හට ගනියි, වැඩෙයි. එහෙයින් ‘පාරොහ’ යි කියනු ලැබේ. යළි නැග එන අර්ථයෙන් හෝ ‘පාරොහ’ වේ. අහොරත්තානං අච්චයෙ රෑ දවල් ඉක්මීමේ දී, නියං කාලයෙහි වැස්ස වැටුණු පමණින් හට ගනිත්.
භික්ඛු ඩහති තෙජසාති එත්ථ අක්කොසන්තං පච්චක්කොසන්තො භණ්ඩන්තං පටිභණ්ඩන්තො පහරන්තං පටිපහරන්තො භික්ඛු නාම කිඤ්චි භික්ඛුතෙජසා ඩහිතුං න සක්කොති. යො පන අක්කොසන්තං න පච්චක්කොසති, භණ්ඩන්තං න පටිභණ්ඩති. පහරන්තං න පටිපහරති, තස්මිං විප්පටිපන්නො තස්ස සීලතෙජෙන ඩය්හති. තෙනෙවෙතං වුත්තං. න තස්ස පුත්තා පසවොති තස්ස පුත්තධීතරොපි ගොමහිංසකුක්කුටසූකරාදයො පසවොපි න භවන්ති, විනස්සන්තීති අත්ථො. දායාදා වින්දරෙ ධනන්ති තස්ස දායාදාපි ධනං න වින්දන්ති. තාලාවත්ථූ භවන්ති තෙති තෙ භික්ඛුතෙජසා දඩ්ඪා වත්ථුමත්තාවසිට්ඨො මත්ථකච්ඡින්නතාලො විය භවන්ති, පුත්තධීතාදිවසෙන න වඩ්ඪන්තීති අත්ථො.
භික්ඛූ දහති තෙජසා එහි ආක්‍රෝශ කරන්නහුට පෙරළා ආක්‍රෝශ කරන, බනින අයට පෙරළා බණින, පහර දෙන්නහුට ප්‍රතිප්‍රහාර දෙන භික්ෂුව, භික්ෂු තේජසින් කිසිවකු දවන්නට සමත් නො වේ. යමෙක් ආක්‍රෝශ කරන්නහුට පෙරළා ආක්‍රෝශ නො කරයි ද, බණින අයට පිළිතුරු බැණීම නො කරයි ද, පහර දෙන්නහුට ප්‍රතිප්‍රහාර නො දෙයි ද එහි දී විරුද්ධ වීමෙන් වළකින්නේ ඔහුගේ ශීල තේජසින් පුළුස්සයි. එහෙයින් මෙය කියන ලදි. න තස්ස පුත්තා පසවො ඔහුට පුත්තු දූවරු ද ගව මහිෂ කුකුලු ඌරු ආදි සිවුපාවෝ ද නො වෙත්, ‘නැති වන්නෝ ය’ යන අර්ථ වේ. දායාදා න වින්දරෙ ධනං ඔහුගේ දායාදයෝ ධනය නො ලබත්. තාලාවත්ථු භවන්ති තෙ භික්ෂු තේජසින් දැවුනා වූ ඔවුහු වස්තුව පමණක් ඉතිරි වූවාහු මුදුන කපා දැමූ තල් ගසක් මෙන් වෙත්. පුතුන් දියණියන් ආදි වශයෙන් නො වැඩෙත් යන අරුත යි.
තස්මාති යස්මා සමණතෙජෙන දඩ්ඪා මත්ථකච්ඡින්නතාලො විය අවිරුළ්හිධම්මා භවන්ති, තස්මා. සම්මදෙව සමාචරෙති සම්මා සමාචරෙය්ය. සම්මා සමාචරන්තෙන පන කිං කාතබ්බන්ති? ඛත්තියං තාව නිස්සාය ලද්ධබ්බං ගාමනිගමයානවාහනාදිආනිසංසං, උරගං නිස්සාය තස්ස කීළාපනෙන ලද්ධබ්බං වත්ථහිරඤ්ඤසුවණ්ණාදිආනිසංසං අග්ගිං නිස්සාය තස්සානුභාවෙන පත්තබ්බං යාගුභත්තපචනසීතවිනොදනාදිආනිසංසං, භික්ඛුං නිස්සාය තස්ස වසෙන පත්තබ්බං අසුතසවනසුතපරියොදපන-සග්ගමග්ගාධිගමාදිආනිසංසං සම්පස්සමානෙන “එතෙ නිස්සාය පුබ්බෙ වුත්තප්පකාරො ආදීනවො අත්ථි. කිං ඉමෙහී”ති? න සබ්බසො පහාතබ්බා. ඉස්සරියත්ථිකෙන පන වුත්තප්පකාරං අවජානනඤ්ච පරිභවනඤ්ච අකත්වා පුබ්බුට්ඨායිපච්ඡානිපාතිතාදීහි උපායෙහි ඛත්තියකුමාරො තොසෙතබ්බො, එවං තතො ඉස්සරියං අධිගමිස්සති. අහිතුණ්ඩිකෙන උරගෙ විස්සාසං අකත්වා නාගවිජ්ජං පරිවත්තෙත්වා අජපදෙන දණ්ඩෙන ගීවාය ගහෙත්වා විසහරෙන මූලෙන දාඨා ධොවිත්වා පෙළායං පක්ඛිපිත්වා කීළාපෙන්තෙන චරිතබ්බං. එවං තං නිස්සාය ඝාසච්ඡාදනාදීනි ලභිස්සති. යාගුපචනාදීනි කත්තුකාමෙන අග්ගිං විස්සාසෙන භණ්ඩුක්ඛලිකාදීසු අපක්ඛිපිත්වා හත්ථෙහි අනාමසන්තෙන ගොමයචුණ්ණාදීහි ජාලෙත්වා යාගුපචනාදීනි කත්තබ්බානි, එවං තං නිස්සාය ආනිසංසං ලභිස්සති. අසුතසවනාදීනි පත්ථයන්තෙනපි භික්ඛුං අතිවිස්සාසෙන වෙජ්ජකම්මනවකම්මාදීසු අයොජෙත්වා චතූහි පච්චයෙහි සක්කච්චං උපට්ඨාතබ්බො, එවං තං නිස්සාය අසුතපුබ්බං බුද්ධවචනං අසුතපුබ්බං පඤ්හාවිනිච්ඡයං දිට්ඨධම්මිකසම්පරායිකං අත්ථං තිස්සො කුලසම්පත්තියො ඡ කාමසග්ගානි නව ච බ්රහ්මලොකෙ පත්වා අමතමහානිබ්බානදස්සනම්පි ලභිස්සතීති ඉමමත්ථං සන්ධාය සම්මදෙව සමාචරෙති ආහ.
තස්මා යම් සේ ශ්‍රමණ තේජසින් දැවුනාහු මුදුන කපා දැමු තල් ගස මෙන් නො වැඩෙන ස්වභාව ඇත්තාහු වෙත් ද, එහෙයින්; සම්මදෙව සමාචරෙ මැනවින් හැසිරෙන්නේ ය (ඇසුරු කරන්නේ ය). මැනවින් හැසිරෙන්නා විසින් කුමක් කළ යුතු වේ ද? ක්ෂත්රිය (ඇසුරෙන්) ලැබිය යුතු ගම් නියම්ගම් යාන වාහන ආදී ආනිශංසය, උරගයා (ඇසුරෙන්) ඔහු නැටවීමෙන් ලැබිය යුතු වස්ත්‍ර රන් රුවන් ආදිය ආනිශංසය, ගින්න (ඇසුරෙන්) එහි අනුහසින් ලැබිය යුතු කැඳ බත් පිසීම, ශීත නැති කිරීම ආදි ආනිශංස ය. භික්ෂුව ඇසුරෙන් ලැබිය යුතු නො ඇසූ දේ ඇසීම, ඇසූ දේ පිරිසිදු කර ගැනීම, ස්වර්ග මාර්ග අධිගමය ආදී ආනිශංස (යන ඒවා) දකින්නකු විසින්, ‘ඒවා නිසා මුලින් කී පරිදි වූ ආදීනව ඇත, මෙයින් කිමැ’යි සහමුලින් ම අත නො හැරිය යුත්තේ ය. ඉසුරු බව පතන්නකු විසින් කියන ලද ප්‍රකාර ව අවඥා කිරීමක් ද පරිභව කිරීමක් ද නො කොට, හැමට පෙර අවදි වන්න, හැමට පසු නිදා ගන්න ආදී උපායෙන් ක්ෂත්රිය කුමාරයා පිනවිය යුත්තේ ය; මෙසේ එයින් ඉසුරු බවට පත් වන්නේ ය; අහිගුණ්ඨිකයා විසින් උරගයන් පිළිබඳ විශ්වාසයක් නො කොට නාග විද්‍යාව යොදා ගනිමින් අජපද (එළු පා) දණ්ඩෙන් බෙල්ලෙන් අල්ලා ගෙන විස නසන මුලකින් දළ සෝදා පෙට්ටියෙහි දමා නැටවීම මගින් හැසිරිය යුතු ය (නැටවීමෙහි යෙදවිය යුතු ය.) මෙසේ ඌ නිසා කෑම ඇඳීම ආදිය ලබන්නේ ය. කැඳ පිසීම ආදිය කරනු කැමැත්තා විසින් විශ්වාසයෙන් යුතු ව භාජනයක නො දමා අත්වලින් ස්පර්ශ නො කර ම ගොම (රිටි) කොළ ආදියෙන් ගිනි අවුළුවා කැඳ පිසීම ආදිය කළ යුතු වන්නේ ය. මෙසේ ඒ මගින් ඵල ලබන්නේ ය. නො ඇසු දෑ ශ්‍රවණය කිරීම ආදිය පතන්නකු විසින් භික්ෂුව අති විශ්වාසයෙන් වෙදකම පණිවුඩ ගෙන යාම ආදියෙහි නො යොදවා ප්‍රත්‍ය සතරෙන් මනා කොට උපස්ථාන කළ යුත්තේ ය. මෙසේ එහු නිසා පෙර නො ඇසූ බුද්ධ වචනය, පෙර නො ඇසූ ප්‍රශ්න විනිශ්චය, දිට්ඨ ධම්ම සම්පරායික අර්ථ, කුලසම්පත්ති තුන, කාම ස්වර්ග හය, බ්‍රහ්ම ලෝක නවය ලබා අමෘත මහා නිර්වාණ දර්ශනය ද ලබන්නේය යි මේ අර්ථය අරභයා සම්මදෙව සමාචාරෙ යි වදාළ සේක.
එතදවොචාති ධම්මදෙසනං සුත්වා පසන්නො පසාදං ආවිකරොන්තො එතං “අභික්කන්ත”න්තිආදිවචනං අවොච. තත්ථ අභික්කන්තන්ති අභිකන්තං අතිඉට්ඨං අතිමනාපං, අතිසුන්දරන්ති අත්ථො. එත්ථ එකෙන අභික්කන්තසද්දෙන දෙසනං ථොමෙති “අභික්කන්තං, භන්තෙ, යදිදං භගවතො ධම්මදෙසනා”ති. එකෙන අත්තනො පසාදං “අභික්කන්තං, භන්තෙ, යදිදං භගවතො ධම්මදෙසනං ආගම්ම මම පසාදො”ති.
එතදවොච ධර්ම දේශනාව අසා ප්‍රසන්න වූයේ, ප්‍රසාදය පළකරමින් ඒ අභික්කන්තං ආදි වචනය පැවසී ය. එහි අභික්කන්තං අභික්රාන්ත වූ (සුන්දර වූ), අතිඉට්ඨ (ඉතා ප්‍රිය), අතිමනාප, අති සුන්දර යන අර්ථ වේ. එක් අභික්කන්ත ශබ්දයකින් දේශනාවට ප්‍රශංසා කරයි: “අභික්කන්තං භන්තෙ යදිදං භගවතො ධම්මදෙසනා,” (ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ යම් ඒ ධර්ම දේශනාවක් වේ ද එය මනහර ය); එක් අභික්කන්ත ශබ්දයකින් තමාගේ ප්‍රසාදය දක්වයි. “අභික්කන්තං භන්තෙ යදිදං භගවතො ධම්මදෙසනං ආගම්ම මම පසාදො” (ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාවට පැමිණ මාගේ ප්‍රසාදය වී යන්න මනහර ය).
තතො පරං චතූහි උපමාහි දෙසනංයෙව ථොමෙති. තත්ථ නික්කුජ්ජිතන්ති අධොමුඛඨපිතං, හෙට්ඨාමුඛජාතං වා. උක්කුජ්ජෙය්යාති උපරිමුඛං කරෙය්ය. පටිච්ඡන්නන්ති තිණපණ්ණාදිඡාදිතං. විවරෙය්යාති උග්ඝාටෙය්ය. මූළ්හස්සාති දිසාමූළ්හස්ස. මග්ගං ආචික්ඛෙය්යාති හත්ථෙ ගහෙත්වා “එස මග්ගො”ති වදෙය්ය. අන්ධකාරෙති කාළපක්ඛචාතුද්දසී අඩ්ඪරත්තඝනවනසණ්ඩ මෙඝපටලෙහි චතුරඞ්ගෙ තමෙ. ඉදං වුත්තං හොති – යථා කොචි නික්කුජ්ජිතං උක්කුජ්ජෙය්ය, එවං සද්ධම්මවිමුඛං අසද්ධම්මෙ පතිතං මං අසද්ධම්මා වුට්ඨාපෙන්තෙන, යථා පටිච්ඡන්නං විවරෙය්ය, එවං කස්සපස්ස භගවතො සාසනන්තරධානා පභුති මිච්ඡාදිට්ඨිගහනපටිච්ඡන්නං සාසනං විවරන්තෙන, යථා මූළ්හස්ස මග්ගං ආචික්ඛෙය්ය, එවං කුම්මග්ගමිච්ඡාමග්ගපටිපන්නස්ස මෙ සග්ගමොක්ඛමග්ගං ආවිකරොන්තෙන, යථා අන්ධකාරෙ තෙලපජ්ජොතං ධාරෙය්ය, එවං මොහන්ධකාරෙ නිමුග්ගස්ස මෙ බුද්ධාදිරතනරූපානි අපස්සතො තප්පටිච්ඡාදකමොහන්ධකාරවිද්ධංසකදෙසනාපජ්ජොතං ධාරෙන්තෙන මය්හං භගවතා එතෙහි පරියායෙහි පකාසිතත්තා අනෙකපරියායෙන ධම්මො පකාසිතොති.
ඉන් අනතුරු ව උපමා සතරකින් දේශනාව ම පසසයි. එහි නික්කුජ්ජිතං අධෝමුඛ ව තැබූ; කට පහතට ඇති හෝ; උක්කුජ්ජෙය්ය මුව උඩුකුරු කරන්නේ ද පටිච්ඡන්නං - තෘණ පර්ණ ආදියෙන් වසා දමන ලද්දක් විවරෙය්ය වැසුම් හරියි ද (විවෘත කරයි ද), මූළ්හස්ස දිසාව වැරදුණු තැනැත්තෙකුට; මග්ගං ආචික්ඛෙය්ය අත අල්ලා ගෙන “මේ මග” යි කියයි ද, අන්ධකාරෙ කළුවර පක්ෂයෙහි තුදුස්වක දින අඩ රෑ ඝන වන ලැහැබෙහි ඝන වළා පටල ඇති යන අංග සතරකින් යුත් කළුවරෙහි; කියන ලද්දේ මෙය යි: යමෙක් යම් සේ අධෝමුඛ වූවක් උඩුකුරු කරයි ද එසේ සද්ධර්මයට පිටුපෑ අසද්ධර්මයෙහි වැටුණු මා අසද්ධර්මයෙන් ඔසවා තබන; වසන ලද්දක් යම් සේ විවෘත කරන්නේ ද, එසේ කාශ්‍යප බුදුන් වහන්සේගේ ශාසනය අතුරුදහන් වීමේ පටන් මිථ්‍යාදෘෂ්ටි මාර්ගයට පිළිපන් මා හට ස්වර්ග මෝක්ෂ මාර්ගය හෙළිපෙහෙළි කරදෙන: අඳුරෙහි දී යම් සේ තෙල් පහනක් දරන්නේ ද එසේ ම මෝහාන්ධකාරයෙහි නිමග්න වූ බුද්ධාදි රතන රූපයන් නො දක්නා වූ මා හට එය වසා දමන මෝහාන්ධකාර විධ්වංශක දේශනා (නමැති) ප්‍රදීප දරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ විසින් මා හට මේ ආකාරවලින් ප්‍රකාශ කරන ලද බැවින්; අනෙකපරියායෙන ධම්මො පකාසිතො,
එවං දෙසනං ථොමෙත්වා ඉමාය දෙසනාය රතනත්තයෙ පසන්නචිත්තො පසන්නාකාරං කරොන්තො එසාහන්තිආදිමාහ. තත්ථ එසාහන්ති එසො අහං. භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්චාති භගවන්තඤ්ච ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්චාති ඉමං රතනත්තයං සරණං ගච්ඡාමි. උපාසකං මං, භන්තෙ, භගවා ධාරෙතූති මං භගවා ‘උපාසකො අය’න්ති එවං ධාරෙතු, ජානාතූති අත්ථො. අජ්ජතග්ගෙති අජ්ජතං ආදිං කත්වා. අජ්ජදග්ගෙති වා පාඨො, ද-කාරො පදසන්ධිකරො, අජ්ජ අග්ගං කත්වාති අත්ථො. පාණුපෙතන්ති පාණෙහි උපෙතං යාව මෙ ජීවිතං පවත්තති, තාව උපෙතං අනඤ්ඤසත්ථුකං තීහි සරණගමනෙහි සරණං ගතං උපාසකං කප්පියකාරකං මං භගවා ධාරෙතූති අයමෙත්ථ සඞ්ඛෙපො, විත්ථාරො පන සුමඞ්ගලවිලාසිනියා දීඝනිකායට්ඨකථාය සාමඤ්ඤඵලසුත්තෙ සබ්බාකාරෙන වුත්තොති.
මෙසේ දේශනාවට ප්‍රශංසා කොට, මේ දේශනාවෙන් රත්නත්‍රය පිළිබඳ ප්‍රසන්න වූ සිත් ඇත්තේ ප්‍රසන්න වූ අයුරු දක්වන්නේ ‘එසාහං’ ආදිය පැවසී ය. එහි එසාහං එසො අහං (ඒ මම), භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසංඝඤ්ච භාග්‍යවතුන් වහන්සේ ද ධර්මය ද භික්ෂු සංඝයා ද යන මේ රත්නත්‍රය සරණ යමි. උපාසකං මා භන්තෙ භගවා ධාරෙතු ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මොහු උපාසකයෙකි යි මා දරන සේක්වා, සලකන සේක්වා යනු අර්ථ යි. අජ්ජතග්ගෙ ආදි කොට ‘අජ්ජදග්ගෙ’ යි කියා ද පාඨයකි. ‘ද’ කාරය සන්ධියෙනි. අද අග කොට (අද සිට) යනු අර්ථය යි. පාණුපෙතං ‘පාණෙහි උපෙතං’ යම් තාක් මගේ ජීවිතය පවතී ද එතෙක්, අන්‍ය ශාස්තෲන් කෙනකු වෙත නො පැමිණීම් සහිත ව, තුන් සරණ යාමෙන් සරණං ගතං උපාසකං කැපකරුවකු ලෙසට මං භගවා ධාරෙතු මේ වූ කලී කෙටියෙනි. විස්තර සුමංගලවිලාසිණී දීඝනිකායට්ඨ කථාවෙහි සාමඤ්ඤඵල සූත්‍රයෙහි සර්වාකාරයෙන් කියන ලද්දේ ය.
පඨමං.
පළමු සූත්‍රය යි.