දහරසුත්තං
3. 1. 1.
3. 1. 1.
දහරසුත්තං.
දහර සූත්‍රය
112. එවං මෙ සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො රාජා පසෙනදි කොසලො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: භවම්පි නො ගොතමො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති පටිජානාතී?ති.
112. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතු වහන්සේ සමග සතුටු වී ය. සතුටු විය යුතු සිහි කරන්නට නිසි කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය.
යං හි තං මහාරාජ සම්මා වදමානො වදෙය්ය, අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති, මමං තං සම්මා වදමානො වදෙය්ය. අහං හි මහාරාජ අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති.
“භවත් ගෞතමයන් වහන්සේත් නිරුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළෙම් ය” යි ප්‍රතිඥා කරණ සේක් ද? “මහරජ, මැනවින් කියන්නෙක් නිරුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කළේ ය” යි යමකු සඳහා කියන්නේ නම් මැනවින් කියන්නේ ඒ මා සඳහා කියන්නේ ය. මහරජ, මම වනාහි නිරුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කළෙමි.
යෙ’පි තෙ භො ගොතම සමණබ්රාහ්මණා සඞ්ඝිනො ගණිනො ගණාචරියා ඤාතා යසස්සිනො තිත්ථකරා සාධුසම්මතා බහුජනස්ස. සෙය්යථීදං: පූරණො කස්සපො, මක්ඛලි ගොසාලො, නිගණ්ඨො නාතපුත්තො, සඤ්චයො බෙලට්ඨපුත්තො, පකුධො කච්චායනො, අජිතො කෙසකම්බලො. තෙ’පි “මයා අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධාති පටිජානාථා”ති පුට්ඨා සමානා අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධාති න පටිජානන්ති. කිං පන භවං ගොතමො දහරො චෙව ජාතියා නවො ච පබ්බජ්ජායාති.
භවත් ගෞතමයන් වහන්ස, පැවිදි සමූහයා ඇති පැවිදි ගණයා ඇති ගණාචාර්ය වූ ප්‍රසිද්ධ වූ යසගී ඇති ලබ්ධිකර වූ (අඳබල්) බොහෝදෙනා විසින් සාධු සම්මත වූ යම් ඒ මහණබමුණෝ ඇද්ද ඔහු කවරහ: පූර්ණකස්සප ය, මක්ඛලිගෝසාල ය, නිගණ්ඨනාතපුත්ත ය, සඤ්ජය බෙලට්ඨපුත්ත ය, පකුධකච්චායාන ය, අජිතකේසකම්බල ය යන මොහු යි. ඔහුත් “නිරුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කළම්හ යි ප්‍රතිඥා කරහු දැයි මා විසින් විචාරණ ලද්දාහු “නිරුත්තර සම්මාසම්බෝධිය අවබෝධ කළම්හ” යි ප්‍රතිඥා නො කෙරෙත්. කීම? භවත් ගෞතමයන් වහන්සේ උපතිනුදු ලදරු වන සේක. පැවිදෙනුත් නවක වන සේක.
චත්තාරො ඛො, මෙ මහාරාජ දහරාති න උඤ්ඤාතබ්බා, දහරාති න පරිභොතබ්බා. කතමෙ චත්තාරො? ඛත්තියො ඛො මහාරාජ දහරොති න උඤ්ඤාතබ්බො, දහරොති න පරිභොතබ්බො. උරගො ඛො මහාරාජ දහරොති න උඤ්ඤාතබ්බො, දහරොති න පරිභොතබ්බො. අග්ගි ඛො මහාරාජ දහරොති න උඤ්ඤාතබ්බො, දහරොති න පරිභොතබ්බො. භික්ඛු ඛො මහාරාජ දහරොති න උඤ්ඤාතබ්බො, දහරොති න පරිභොතබ්බො. ඉමෙ ඛො මහාරාජ චත්තාරො දහරාති න උඤ්ඤාතබ්බා, දහරාති න පරිභොතබ්බාති.
මහරජ, මේ සිවු දෙනෙක් ලදරු හ යි අවමන් නො කට යුත්තාහ, ලදරු හ යි පරිභව නො කට යුත්තාහ. කවර සිවු දෙනෙක යත්: මහරජ, ක්ෂත්රිය තෙමේ ලදරු ය යි අවමන් නො කට යුත්තේ ය, ලදරු ය යි පරිභව නො කට යුත්තේ ය. මහරජ, සර්පයා ලදරු ය යි අවමන් නො කට යුත්තේ ය, ලදරු ය යි පරිභව නො කට යුත්තේ ය. මහරජ, ගිනි ලදරු ය යි අවමන් නො කට යුත්තේ ය, ලදරු ය යි පරිභව නො කට යුත්තේ ය. මහරජ, මහණ ලදරු ය යි අවමන් නො කට යුත්තේ ය, ලදරු ය යි පරිභව නො කට යුත්තේ ය. මහරජ, මේ සිවු දෙන ලදරු හ යි අවමන් නො කට යුත්තාහ, ලදරුහ යි පරිභව නො කට යුත්තාහ.
ඉදමවොච භගවා. ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. තවද සුගත වූ ශාස්තෘන් වහන්සේ මෙය වදාරා ඉක්බිති අන්‍ය තෙල ගය ද වදාළ සේක.
ඛත්තියං ජාතිසම්පන්නං අභිජාතං යසස්සිනං, දහරොති නාවජානෙය්ය න නං පරිභවෙ නරො.
මිනිස් තෙමේ ජාතිසම්පන්න වූ විශිෂ්ට කුලයෙහි උපන් යශස්වී වු කැත් කුමරා ලදරු ය යි අවමන් නො කරන්නේ ය. ඔහුට පරිභව ද නො කරනෙනේ ය.
ඨානං හි සො මනුස්සින්දො රජ්ජං ලද්ධාන ඛත්තියො සො කුද්ධො රාජදණ්ඩෙන තස්මිං පක්කමතෙ භුසං, තස්මා තං පරිවජ්ජෙය්ය රක්ඛං ජීවිතමත්තනො.
තව කරුණෙක් ඇත. මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වූ ඒ ක්ෂත්රිය තෙමේ රජය ලැබ කිපියේ (තමහට අවමන් කළ) ඔහු කෙරෙහි රාජදණ්ඩයෙන් අත්‍යර්‍ත්‍ථයෙන් උපක්‍රම කෙරේ. එහෙයින් තමදිවි රක්නේ ඔහු නො ගටන්නේ ය.
ගාමෙ වා යදි වා, රඤ්ඤෙ යත්ථ පස්සෙ භුජඞ්ගමං, දහරොති නාවජානෙය්ය න නං පරිභවෙ නරො.
ඉදින් මිනිස් තෙමේ ගම්හි හෝ අරණෙහි හෝ යම් තැනක සර්පයෙකු දක්නේ ද? ඔහු ලදරු ය යි අවමන් නො කරන්නේය. ඔහුට පරිභව ද නො කරනෙනේ ය.
උච්චාවචෙහි වණ්ණෙහි උරගො චරති තෙජසී, සො ආසජ්ජ ඩසෙ බාලං නරං නාරිඤ්ච එකදා, තස්මා තං පරිවජ්ජෙය්ය රක්ඛං ජීවිතමත්තනො.
තේජස්වී වූ සර්ප තෙමේ නන් වැදෑරුම් වෙසින් හැසිරෙයි. හෙ කිසි විටෙක (තමන්ට අවමන්) අඥ පුරුෂයා හා ස්ත්‍රිය කරා පැමිණ දෂ්ට කරන්නේ ය. එහෙයින් තමදිවි රක්නේ ඔහු නො ගටන්නේ ය.
පහූතභක්ඛං ජාලිනං පාවකං කණ්හවත්තනිං, දහරොති නාවමඤ්ඤෙය්ය න නං පරිභවෙ නරො.
ප්රභුතභක්ෂා ඇති (බොහෝ දේ දවන) ගිනිදැල් ඇති කළුමග ඇති ගින්න ලදරු ය යි අවමන් නො කරන්නේය. මිනිස් තෙමේ ඊට පරිභව ද නො කරනෙනේ ය.
ලද්ධා හි සො උපාදානං මහා හුත්වාන පාවකො, සො ආසජ්ජ ඩසෙ බාලං නරං නාරිඤ්ච එකදා, තස්මා තං පරිවජ්ජෙය්ය රක්ඛං ජීවිතමත්තනො.
ඒ ගින්න පසයන් ලැබ විශාල ව ඇතැම් විටෙක (තමන්ට අවමන් කළ) අඥ පුරුෂයා හා ස්ත්‍රිය කරා පැමිණ ඩැහැ ගන්නේ ය. එහෙයින් තම දිවි රක්නේ එය නො ගටන්නේ ය.
වනං යදග්ගි ඩහති පාවකො කණ්හවත්තනී, ජායන්ති තත්ථ පාරොහා අහොරත්තානමච්චයෙ.
කළුමග ඇති පාවක නම් වූ ගින්න යම් වනයක් ඩැහැගන්නේ ද, දවරැය ඉක්ම ගිය කල්හි එහි ප්රරෝහයෝ (මුලින් නගින අකුරු) හට ගණිත්.
යං ච ඛො සීලසම්පන්නො භික්ඛු ඩහති තෙජසා, න තස්ස පුත්තා පසවො දායාදා වින්දරෙ ධනං, අනපච්චා අදායාදා තාලාවත්ථු භවන්ති තෙ.
සිල්වත් මහණෙක් තෙදින් යමකු දවා ද? ඔහුට පුත්‍රයෝ ද සිවුපාවෝ ද නො වෙත්. දායාදයෝ ධනය නො ලබත්. (මෙසේ) ඔහු දරුවන් නැත්තාහු දායාදයන් නැත්තාහු මුදුන සුන් තල්රුක්බඳු වෙත්.
තස්මා හි පණ්ඩිතො පොසො සම්පස්සං අත්ථමත්තනො භුජඞ්ගමං පාවකඤ්ච ඛත්තියඤ්ච යසස්සිනං, භික්ඛුං ච සීලසම්පන්නං සම්මදෙව සමාචරෙති.
එහෙයින් නුවණැති පුරුෂ තෙමේ තමාගේ අභිවෘද්ධිය දක්නේ සර්පයා ද, ගිනි ද, කීර්තිමත් ක්ෂත්රියයා ද, සිල්වත් මහණහු ද මැනවින් ම ඇසුරු කරන්නේ ය.
එවං වුත්තෙ රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: අභික්කන්තං භන්තෙ, අභික්කන්තං භන්තෙ, සෙය්යථාපි භන්තෙ නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය, චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීති. එවමෙවං භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භන්තෙ භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භන්තෙ භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
මෙසේ වදාළ කල්හි පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළේ ය: වහන්ස ඉතා මැනවි. වහන්ස ඉතා මැනවි. වහන්ස, යම්සේ යටිකුරු වූවක් උඩුකුරු කරන්නේ හෝ වේ ද, වැසුනු දෙයක් විවර කරන්නේ හෝ වේ ද, මං මුළා වූවකුට මග කියන්නේ හෝ වේ ද, ඇස් ඇත්තෝ රූප දක්නාහු ය යි අඳුරෙහි තෙල්පහනක් දරන්නේ හෝ වේ ද, එසෙයින් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරෙන් දහම් පවසන ලදී, වහන්ස, මේ මම භාග්‍යවතුන් වහන්සේත් දහමත් බික්සඟනත් සරණ කොට යෙමි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවිහිම් කොට තෙරුවන් සරණ ගිය මා උපාසකයෙකු කොට දරණ සේක්වා යි.