යෙදුමෙන් කියවන්න

නන්‍දසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

2. 3. 7.

2. 3. 7.

නන්‍දසුත‍්තං.

නන්‍ද සූත්‍රය

108. සාවත්‍ථියං–

108. සැවැත්නුවර–

එකමන‍්තං ඨිතො ඛො නන්‍දො දෙවපුත‍්තො භගවතො සන‍්තිකෙ ඉමං ගාථං අභාසි:

එකත්පසෙක සිටි නන්‍ද දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:

අච‍්චෙන‍්ති කාලා තරයන‍්ති රත‍්තියො වයොගුණා අනුපුබ‍්බං ජහන‍්ති, එතං භයං මරණෙ පෙක‍්ඛමානො පුඤ‍්ඤානි කයිරාථ සුඛාවහානීති.

පෙරවරු ආදී කාලයෝ ඉක්ම යෙත්. රාත්‍රීහු පුද්ගලයා මරණය කරා පමුණුවති. වයෝරාශීහු අනුක්‍රමයෙන් පුරුෂයා හැර යෙත්. මේ ත්‍රිවිධභය ,මරණයෙහි ලා දන්නේ සැප එළවන පින් කරන්නේ ය.

[භගවා:]

[භගවත්හු:]

අච‍්චෙන‍්ති කාලා තරයන‍්ති රත‍්තියො වයොගුණා අනුපුබ‍්බං ජහන‍්ති, යං මරණෙ පෙක‍්ඛමානො ලොකාමිසං පජහෙ සන‍්තිපෙක‍්ඛොති.

කාලයෝ ඉක්ම යත්. රාත්‍රීහු පුරුෂයා මරණය කරා පමුණුවත්. වයෝ රාශීහු අනුක්‍රමයෙන් පුරුෂයා හැර යත්. මේ බිය මරණයෙහි ලා දක්නේ නිවන් පතනුයේ (භවත්‍රය සඞ්ඛ්‍යාත) ලොකාමිසය දුරු කරන්නේ ය.

2. 3. 8.

2. 3. 8.

නන්‍දිවිසාලසුත‍්තං.

නන්‍දිවිසාල සූත්‍රය

109. සාවත්‍ථියං–

109. සැවැත්නුවර–

එකමන‍්තං ඨිතො ඛො නන්‍දිවිසාලො දෙවපුත‍්තො භගවන‍්තං ගාථාය අජ‍්ඣභාසි:-

එකත්පසෙක සිටි නන්‍දිවිසාල දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙකින් කී ය.

චතුචක‍්කං නවද‍්වාරං පුණ‍්ණං ලොභෙන සංයුතං, පඞ‍්කජාතං මහාවීර කථං යාත්‍රා භවිස‍්සතීති.

මහාවීරයන් වහන්ස, (මේ ශරීරයානය) සක් සතරක් ඇත්තේ ය. නවදොරක් ඇත්තේ ය. (අශුචියෙන්) පිරුණේ ය. ලෝභයෙන් යුක්ත ය. මඩෙහි උපන. එහි නික්ම යෑම කෙසේ වන්නේ ද?

[භගවා:]

[භගවත්හු:]

ඡෙත්‍වා නද‍්ධිං වරත‍්තඤ‍්ච ඉච‍්ඡා ලොභඤ‍්ච පාපකං, සමූලං තණ‍්හං අබ‍්බුය‍්හ එවං යාත්‍රා භවිස‍්සතීති.

රැහැන ද වරපට ද ලාමක ඉච්ඡාව ද ලෝභය ද සිඳ තෘෂ්ණාව සහමුලින් උදුරා (ලීමෙන්) මෙසේ නික්ම යෑම වන්නේ ය.