යෙදුමෙන් කියවන්න

ජන‍්තුසුත‍්තං

2. 3. 5.

2. 3. 5.

ජන‍්තුසුත‍්තං.

ජන්තු සූත්‍රය

106. එවං මෙ සුතං එකං සමයං සම‍්බහුලා භික‍්ඛූ කොසලෙසු විහරන‍්ති හිමවන‍්තපස‍්සෙ අරඤ‍්ඤකුටිකායං උද‍්ධතා උන‍්නළා චපලා මුඛරා විකිණ‍්ණවාචා මුට‍්ඨස‍්සතිනො අසම‍්පජානා අසමාහිතා විබ‍්භන‍්තචිත‍්තා පාකතින්‍ද්‍රියා.

106. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක කොසොල් දනව්වෙහි හිමවත් පෙදෙස වනකිළියෙක උඩනු වූ නගා ගත් මාන නළ ඇති චපල වූ රළු වචන ඇති දොඩමලු වූ මුළා වූ සිහි ඇති මනා නුවණ නැති නොඑකඟ සිත් ඇති නොසන්සුන් සිත් ඇති පියවි ඉඳුරන් ඇති බොහෝ භික්‍ෂූහු වෙසෙත්.

අථ ඛො ජන‍්තු දෙවපුත‍්තො තදහුපොසථෙ පණ‍්ණරසෙ යෙන තෙ භික‍්ඛූ තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා තෙ භික‍්ඛූ ගාථාහි අජ‍්ඣභාසි:

එකල්හි ජන්තු දෙව්පුත් තෙමේ පුණුරැසි පොහොය වූ එදින ඒ භික්‍ෂූන් වෙත එළඹියේ ය. එළඹ ඒ භික්‍ෂූන්ට ගාථාවලින් කීය:

සුඛජීවිනො පුරෙ ආසුං භික‍්ඛූ ගොතමසාවකා, අනිච‍්ඡා පිණ‍්ඩමෙසනා අනිච‍්ඡා සයනාසනං, ලොකෙ අනිච‍්චතං ඤත්‍වා දුක‍්ඛස‍්සන‍්තං අකංසු තෙ.

පෙර ආශා රහිත ව පිඬු සොයන ආශා රහිත ව සෙනසුන් සොයන ගොයුමු සව් වූ මහණහු සුඛජීවී වූහ. ඔහු ලොව අනිස් බැව් දැන දුක් කෙළවර කළහ.

දුප‍්පොසං කත්‍වා අත‍්තානං ගාමෙ ගාමණිකා විය, භුත්‍වා භුත්‍වා නිපජ‍්ජන‍්ති පරාගාරෙසු මුච‍්ඡිතා.

මම සඞ්ඝයාට ඇඳිලි බැඳ කියමි: මෙහි ඇතැම්හු ගම්හි නින්‍දිත ගම්දෙටුවන් මෙන් තමන් දුක සේ පෝෂණය කළහැක්කවුන් කොට අන්ගෙවල පුනපුනා වළඳමින් මුසපත් ව හොවිත්. සස්නෙන් බැහැර වූ ඔ අසරණයෝ ය. සොහොනෙහි දමන මළසිරුරු බඳු වෙත්.

සඞ‍්ඝස‍්ස අඤ‍්ජලිං කත්‍වා ඉධෙකච‍්චෙ වදාමහං, අපවිද‍්ධා අනාථා තෙ යථා පෙතා තථෙව ච.

යෙ ඛො පමත‍්තා විහරන‍්ති තෙ මෙ සන්‍ධාය භාසිතං, යෙ අප‍්පමත‍්තා විහරන‍්ති නමො තෙසං කරොමහන‍්ති.

යම් කෙනෙක් ප්‍රමත්ත ව වෙසෙත් ද, මා විසින් ඔවුන් සඳහා කියන ලදි: යම් කෙනෙක් අප්‍රමත්ත ව වෙසෙද් ද, මම ඔවුන්ට නමස්කාර කරමි.