යෙදුමෙන් කියවන්න

2. අනාථපිණ‍්ඩිකවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

2. අනාථපිණ්ඩික වර්ගය

1. චන්‍දිමසසුත‍්තවණ‍්ණනා

1. චන්දිමස සූත්‍ර වර්ණනාව

දුතියවග‍්ගස‍්ස පඨමෙ කච‍්ඡෙවාති කච‍්ඡෙ විය. කච‍්ඡෙති පබ‍්බතකච‍්ඡෙපි නදීකච‍්ඡෙපි. එකොදි නිපකාති එකග‍්ගචිත‍්තා චෙව පඤ‍්ඤානෙපක‍්කෙන ච සමන‍්නාගතා. සතාති සතිමන‍්තො. ඉදං වුත‍්තං හොති – යෙ ඣානානි ලභිත්‍වා එකොදී නිපකා සතා විහරන‍්ති, තෙ අමකසෙ පබ‍්බතකච‍්ඡෙ වා නදීකච‍්ඡෙ වා මගා විය සොත්‍ථිං ගමිස‍්සන‍්තීති. පාරන‍්ති නිබ‍්බානං. අම‍්බුජොති මච‍්ඡො. රණඤ‍්ජහාති කිලෙසඤ‍්ජහා. යෙපි ඣානානි ලභිත්‍වා අප‍්පමත‍්තා කිලෙසෙ ජහන‍්ති, තෙ සුත‍්තජාලං භින්‍දිත්‍වා මච‍්ඡා විය නිබ‍්බානං ගමිස‍්සන‍්තීති වුත‍්තං හොති.

දෙවන වර්ගයේ පළමු වැන්නේ - කච්ඡෙ ව කිස්සෙහි මෙන්, කිස්ස - කඳුවල “කිස්ස” හා ගංගා “කිස්ස” ද වේ. එකොදි නිපකා ඒකාග්‍රතාවයට පත් සිතින් හා ප්‍රඥා නිපුණත්වයෙන් යුක්ත වූ; සතා සිහි ඇති; කියන ලද්දේ මෙය යි: යම් කෙනෙක් ධ්‍යාන ලැබ එකඟ වූ සිතින් යුතු ව, ප්‍රඥානිපුණත්වය ඇති ව හා සිහියෙන් යුතු ව වසන්නේ ද ඔවුහු (අමකසෙ = අ+මකසෙ) මදුරුවන් නැති කඳු කිස්සක හෝ නදීකිස්සක හෝ මුවන් මෙන් සුවයට යන්නෝ ද පාරං නිවනට; අම්බුජො මත්ස්‍යයා, රණඤ්ජහා කෙළෙස් දුර ලන, යම් කෙනෙක් දැහැන් ලැබ අප්‍රමාදී වූවෝ කෙළෙස් දුර ලත් ද ඔවුහු නූල් දැල බිඳ (යන) මත්ස්‍යයන් මෙන් නිවනට යන්නාහු ය යි කියන ලදි.

පඨමං.

ප්‍රථම සූත්‍රය යි.

2. වෙණ‍්හුසුත‍්තවණ‍්ණනා

2. වෙණ්හු සූත්‍ර වර්ණනාව

දුතියෙ වෙණ‍්ඩූති තස‍්ස දෙවපුත‍්තස‍්ස නාමං. පයිරුපාසියාති පරිරුපාසිත්‍වා. අනුසික‍්ඛරෙති සික‍්ඛන‍්ති. සිට‍්ඨිපදෙති අනුසිට‍්ඨිපදෙ. කාලෙ තෙ අප‍්පමජ‍්ජන‍්තාති කාලෙ තෙ අප‍්පමාදං කරොන‍්තා.

දෙවැන්නේ - වෙණ්හු ඒ දේවපුත්‍රයාගේ නම යි. පයිරුපාසියා ආශ්‍රය කොට; අනුසික්‍ඛරෙ හික්මෙත්; සත්‍ථිපදෙ අනුශාසන පදයෙහි; කාලෙ තෙ අප්පමජ්ජන්තා සුදුසු කල්හි ඔවුහු අප්‍රමාද ව කරන්නාහු.

දුතියං.

දෙවැනි සූත්‍රය යි.

3. දීඝලට‍්ඨිසුත‍්තවණ‍්ණනා

3. දීඝලට්ඨි සූත්‍ර වර්ණනාව

තතියෙ දීඝලට‍්ඨීති දෙවලොකෙ සබ‍්බෙ සමප‍්පමාණා තිගාවුතිකාව හොන‍්ති, මනුස‍්සලොකෙ පනස‍්ස දීඝත‍්තභාවතාය එවංනාමං අහොසි. සො පුඤ‍්ඤානි කත්‍වා දෙවලොකෙ නිබ‍්බත‍්තොපි තථෙව පඤ‍්ඤායි.

තුන් වැන්නේ - දීඝලට්ඨි දෙව්ලොව සියල්ලෝ සමප්‍රමාණ ව ගවු තුනක් ම වෙත්, මනුෂ්‍ය ලෝකයෙහි ඔහුගේ දිගු සිරුර හේතුවෙන් මෙ බඳු නමක් විය, හේ පින් කර දෙව් ලොව උපන්නේ වුව ද ඒ නමින් ම හැඳින්විණි.

තතියං.

තුන් වන සූත්‍රය යි.

4. නන්‍දනසුත‍්තවණ‍්ණනා

4. නන්දන සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ ගොතමාති භගවන‍්තං ගොත‍්තෙන ආලපති. අනාවටන‍්ති තථාගතස‍්ස හි සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං පෙසෙන‍්තස‍්ස රුක‍්ඛො වා පබ‍්බතො වා ආවරිතුං සමත්‍ථො නාම නත්‍ථි. තෙනාහ “අනාවට”න‍්ති. ඉති තථාගතං ථොමෙත්‍වා දෙවලොකෙ අභිසඞ‍්ඛතපඤ‍්හං පුච‍්ඡන‍්තො කථංවිධන‍්තිආදිමාහ. තත්‍ථ දුක‍්ඛමතිච‍්ච ඉරියතීති දුක‍්ඛං අතික‍්කමිත්‍වා විහරති. සීලවාති ලොකියලොකුත‍්තරෙන සීලෙන සමන‍්නාගතො ඛීණාසවො. පඤ‍්ඤාදයොපි මිස‍්සකායෙව වෙදිතබ‍්බා. පූජයන‍්තීති ගන්‍ධපුප‍්ඵාදීහි පූජෙන‍්ති.

සිවු වැන්නේ - ගොතම භාග්‍යවතුන් වහන්සේ ගෝත්‍රයෙන් ආමන්ත්‍රණය කරයි. අනාවටං තථාගතයන් වහන්සේගේ සර්වඥතාඥානය විහිදුවද්දී ගසකට හෝ පර්වතයකට හෝ ආවරණය කරලීමට (වළකා ලීමට) සමතෙක් නම් නැත. එහෙයින් ‘අනාවටං’ යි කී ය. මෙසේ තථාගතයන් වහන්සේට ස්තුති කොට දෙව්ලොව දී සකසන ලද ප්‍රශ්නය විමසන්නේ ‘කථං විධං’ ආදිය කී ය. එහි දුක්‍ඛමතිච්ච ඉරීයති දුක ඉක්මවා වාසය කරයි. සීලවා ලෞකික ලෝකෝත්තර ශීලයෙන් යුක්ත ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේ; ප්‍රඥා ආදිය ද මිශ්‍රක යයි දත යුතු; පූජයන්ති සුවඳ මල් ආදියෙන් පූජා කරත්.

චතුත්‍ථං.

සිවු වැනි සූත්‍රය යි.

5. චන්‍දනසුත‍්තවණ‍්ණනා

5. චන්දන සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ අප‍්පතිට‍්ඨෙ අනාලම‍්බෙති හෙට‍්ඨා අපතිට‍්ඨෙ උපරි අනාලම‍්බනෙ. සුසමාහිතොති අප‍්පනායපි උපචාරෙනපි සුට‍්ඨු සමාහිතො. පහිතත‍්තොති පෙසිතත‍්තො. නන්‍දීරාගපරික‍්ඛීණොති පරික‍්ඛීණනන්‍දීරාගො. නන්‍දීරාගො නාම තයො කම‍්මාභිසඞ‍්ඛාරා. ඉති ඉමාය ගාථාය කාමසඤ‍්ඤාගහණෙන පඤ‍්චොරම‍්භාගියසංයොජනානි, රූපසංයොජනගහණෙන පඤ‍්ච උද‍්ධම‍්භාගියසංයොජනානි, නන්‍දීරාගෙන තයො කම‍්මාභිසඞ‍්ඛාරා ගහිතා. එවං යස‍්ස දස සංයොජනානි තයො ච කම‍්මාභිසඞ‍්ඛාරා පහීනා, සො ගම‍්භීරෙ මහොඝෙ න සීදතීති. කාමසඤ‍්ඤාය වා කාමභවො, රූපසංයොජනෙන රූපභවො ගහිතො, තෙසං ගහණෙන අරූපභවො ගහිතොව, නන්‍දීරාගෙන තයො කම‍්මාභිසඞ‍්ඛාරා ගහිතාති එවං යස‍්ස තීසු භවෙසු තයො සඞ‍්ඛාරා නත්‍ථි, සො ගම‍්භීරෙ න සීදතීතිපි දස‍්සෙති.

පස් වැන්නේ - අප්පතිට්ඨෙ අනාලම්බෙ පහතින් ප්‍රතිෂ්ටාවක් (පදනමක්, පිහිටක්) නැති; ඉහළ එල්ලීමක් නැති, සුසමාහිතො අර්පණාවෙන් හා උපචාරයෙනුත් මැනවින් සමාධිගත වූ පහිතත්තො යැවූ (මෙහෙය වූ) සිත් ඇත්තේ. නන්‍දිරාගපරික්‍ඛීණො ප්‍රහීණ කළ නන්දිරාග ඇත්තේ, ‘නන්‍දිරාග’ නම් කර්මාභිසංස්කාර තුන ය. මෙසේ මේ ගාථාවෙන් කාම සංඥා ගැනීමෙන් පඤ්ච ඕරම්භාගිය සංයෝජනත්, රූප සංයෝජන ගැනීමෙන් පඤ්ච උද්ධම්භාගිය සංයෝජනත් නන්‍දිරාගයෙන් කර්මාභිසංස්කාර තුනත් ගන්නා ලදි. මෙසේ යමෙකුගේ දස සංයෝජනත් කර්මාභිසංස්කාර තුනත් ප්‍රහීණ වී ද සො ගම්භීරෙ (හේ ගැඹුරු) මහා සැඬ පහරෙහි න සීදති (නො ගිලෙයි). කාම සංඥාවෙන් කාම භවය හෝ රූපසංයෝජනයෙන් රූපභවය හෝ ගන්නා ලදි. ඒවා ගැනීමෙන් අරූප භාවය ගන්නා ලද්දේ ම ය. නන්දිරාගයෙන් කර්මාභිසංස්කාර තුන ගන්නා ලදැයි මෙසේ යමෙකුට භවත්‍රයෙහි සංස්කාර තුන නො මැත්තේ ද හේ සැඬ පහරෙහි නො ගිලෙතියි පෙන්වයි.

පඤ‍්චමං.

පස් වැනි සූත්‍රය යි.

6. වසුදත‍්තසුත‍්තවණ‍්ණනා

6. වසුදත්ත සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨං වුත‍්තත්‍ථමෙව.

සය වැන්න - පවසන ලද පරිදි ය.

ඡට‍්ඨං.

සය වැනි සූත්‍රය යි.

7. සුබ්‍රහ‍්මසුත‍්තවණ‍්ණනා

7. සූබ්‍රහ්ම සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ සුබ්‍රහ‍්මාති සො කිර දෙවපුත‍්තො අච‍්ඡරාසඞ‍්ඝපරිවුතො නන්‍දනකීළිකං ගන‍්ත්‍වා පාරිච‍්ඡත‍්තකමූලෙ පඤ‍්ඤත‍්තාසනෙ නිසීදි. තං පඤ‍්චසතා දෙවධීතරො පරිවාරෙත්‍වා නිසින‍්නා, පඤ‍්චසතා රුක‍්ඛං අභිරුළ‍්හා.

සත් වැන්නේ - සුබ්‍රහ්මා ඒ දේවපුත්‍රයා අප්සරාවන් දහසකින් පිරිවරන ලද්දේ නදුනුයනේ ක්‍රීඩා පිණිස ගොස් පරසතු රුක මුල පනවන ලද අසුනේ හිඳ ගත්තේ ය. පන්සියයක් දෙව්දූවරු ඔහු පිරිවරා සිටියාහු ය. පන්සියයක් රුකට නැඟී සිටියාහු ය.

නනු ච දෙවතානං චිත‍්තවසෙන යොජනසතිකොපි රුක‍්ඛො ඔනමිත්‍වා හත්‍ථං ආගච‍්ඡති, කස‍්මා තා අභිරුළ‍්හාති. ඛිඩ‍්ඩාපසුතතාය. අභිරුය‍්හ පන මධුරස‍්සරෙන ගායිත්‍වා ගායිත්‍වා පුප‍්ඵානි පාතෙන‍්ති, තානි ගහෙත්‍වා ඉතරා එකතොවණ‍්ටිකමාලාදිවසෙන ගන්‍ථෙන‍්ති.

දේවතාවන්ගේ සිත් (කැමති) පරිදි යොදුන් සියයක් වුව ද වෘක්ෂය නැමී අතට එන්නේ නම් කුමන කරුණක් නිසා ඔවුහු ගසට නැග්ගෝ ද? ක්‍රීඩාවෙහි යෙදුණු නිසා ය. නැග මධුර ස්වරයෙන් ගය ගයා මුල් පහත හෙලත් ඒවා ගෙන අන්‍යයෝ ‘එකතො වණ්ටිකමාලා’ (එක පැත්තට නැටි සිටින සේ ගෙතු මල් මාලා) ආදී වශයෙන් ගොතත්.

අථ රුක‍්ඛං අභිරුළ‍්හා උපච‍්ඡෙදකකම‍්මවසෙන එකප‍්පහාරෙනෙව කාලං කත්‍වා අවීචිම‍්හි නිබ‍්බත‍්තා මහාදුක‍්ඛං අනුභවන‍්ති.

ඉක්බිති ගසට නැග්ගාහු උපච්ඡේදක කර්ම වශයෙන් එක් වන ම කාල ක්‍රියා කොට අවීචියෙහි උපන්නාහු මහ දුක් අනුභව කරති.

අථ කාලෙ ගච‍්ඡන‍්තෙ දෙවපුත‍්තො “ඉමාසං නෙව සද‍්දො සුය්‍යති, න පුප‍්ඵානි පාතෙන‍්ති. කහං නු ඛො ගතා”ති? ආවජ‍්ජෙන‍්තො නිරයෙ නිබ‍්බත‍්තභාවං දිස‍්වා පියවත්‍ථුකසොකෙන රුප‍්පමානො චින‍්තෙසි – “එතා තාව යථාකම‍්මෙන ගතා, මය‍්හං ආයුසඞ‍්ඛාරො කිත‍්තකො”ති. සො – “සත‍්තමෙ දිවසෙ මයාපි අවසෙසාහි පඤ‍්චසතාහි සද‍්ධිං කාලං කත්‍වා තත්‍ථෙව නිබ‍්බත‍්තිතබ‍්බ”න‍්ති දිස‍්වා බලවතරෙන සොකෙන රුප‍්පි. සො – “ඉමං මය‍්හං සොකං සදෙවකෙ ලොකෙ අඤ‍්ඤත්‍ර තථාගතා නිද‍්ධමිතුං සමත්‍ථො නාම නත්‍ථී”ති චින‍්තෙත්‍වා සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා නිච‍්චං උත්‍රස‍්තන‍්ති ගාථමාහ.

ඉක්බිති කාලය ගත වත් ම දේවපුත්‍රයා මේ අයගේ ශබ්දයකුත් නෑසේ. මල් වැටෙන්නේ ද නැත. කොහි ගියාහු දැයි ආවර්ජනය කරන්නේ නිරයෙහි උපන් බව දැක, ප්‍රියවස්තුක ශෝකයෙන් ඉද්දෙන්නේ (පෙළෙන්නේ) (මෙසේ) සිතී ය. “ඔවුහු යථාකර්ම වශයෙන් ගියහ. මගේ ආයු සංස්කාරය කොපමණ කලකින් ද?” හේ “සත් වැනි දවසෙහි මා ද අවශේෂ පන්සියයක් දෙනා සමඟ කාලක්‍රියා කොට එහි ම ඉපදිය යුතු වන්නේ යයි” දැක අධිකතර ශෝකයෙන් පෙළුනේ ය. හේ මාගේ මේ ශෝකය නිවීමට සදෙව් ලොව තථාගතයන් වහන්සේ හැර වෙනත් සමර්ථ වවෙක් නම් නැතැයි සිතා ශාස්තෲන් වහන්සේගේ සමීපයට ගොස් නිච්චං උත්‍රසතං යන ගාථාව පැවසී ය.

තත්‍ථ ඉදන‍්ති අත‍්තනො චිත‍්තං දස‍්සෙති. දුතියපදං පුරිමස‍්සෙව වෙවචනං. නිච‍්චන‍්ති ච පදස‍්ස දෙවලොකෙ නිබ‍්බත‍්තකාලතො පට‍්ඨායාති අත්‍ථො න ගහෙතබ‍්බො, සොකුප‍්පත‍්තිකාලතො පන පට‍්ඨාය නිච‍්චන‍්ති වෙදිතබ‍්බං. අනුප‍්පන‍්නෙසු කිච‍්ඡෙසූති ඉතො සත‍්තාහච‍්චයෙන යානි දුක‍්ඛානි උප‍්පජ‍්ජිස‍්සන‍්ති, තෙසු. අථො උප‍්පතිතෙසු චාති යානි පඤ‍්චසතානං අච‍්ඡරානං නිරයෙ නිබ‍්බත‍්තානං දිට‍්ඨානි, තෙසු චාති එවං ඉමෙසු උප‍්පන‍්නානුප‍්පන‍්නෙසු දුක‍්ඛෙසු නිච‍්චං මම උත්‍රස‍්තං චිත‍්තං, අබ‍්භන‍්තරෙ ඩය‍්හමානො විය හොමි භගවාති දස‍්සෙති.

එහි ඉදං තමාගේ සිත දක්වයි. දෙවන පදය මුල් පදයට ම සමානාර්ථවාචී ය. නිච්චං පදයෙහි ‘දෙව් ලොව උපන් කාලයේ පටන්’ යයි අර්ථය නො ගත යුත්තේ ය. “නිච්චං” යන්න ශෝකය උපන් කාලයේ පටන් යි දත යුතු ය. අනුප්පන්නෙසු කිච්ඡෙසු (නූපන් දුක ගැන) මෙයින් සත් දිනක් අවසානයේ යම් දුකක් උපදී ද, ඒවා කෙරෙහි; අථො උප්පතිතෙසු ච භාග්‍යවතුන් වහන්ස, නිරයෙහි උපන් පන්සියයක් අප්සරාවන්ගේ යම් (දුක් රැසක්) දක්නා ලද ද ඒවා පිළිබඳ වත් මෙසේ උපන් නූපන් දුක් පිළිබඳවත් නිරන්තරයෙන් තැති ගත් මගේ සිත අභ්‍යන්තරයෙහි දැවෙන්නාක් මෙන් වෙමි යි දක්වයි.

නාඤ‍්ඤත්‍ර බොජ‍්ඣා තපසාති බොජ‍්ඣඞ‍්ගභාවනඤ‍්ච තපොගුණඤ‍්ච අඤ‍්ඤත්‍ර මුඤ‍්චිත්‍වා සොත්‍ථිං න පස‍්සාමීති අත්‍ථො. සබ‍්බනිස‍්සග‍්ගාති නිබ‍්බානතො. එත්‍ථ කිඤ‍්චාපි බොජ‍්ඣඞ‍්ගභාවනා පඨමං ගහිතා, ඉන්‍ද්‍රියසංවරො පච‍්ඡා, අත්‍ථතො පන ඉන්‍ද්‍රියසංවරොව පඨමං වෙදිතබ‍්බො. ඉන්‍දියසංවරෙ හි ගහිතෙ චතුපාරිසුද‍්ධිසීලං ගහිතං හොති. තස‍්මිං පතිට‍්ඨිතො භික‍්ඛු නිස‍්සයමුත‍්තකො ධුතඞ‍්ගසඞ‍්ඛාතං තපොගුණං සමාදාය අරඤ‍්ඤං පවිසිත්‍වා කම‍්මට‍්ඨානං භාවෙන‍්තො සහ විපස‍්සනාය බොජ‍්ඣඞ‍්ගෙ භාවෙති. තස‍්ස අරියමග‍්ගො යං නිබ‍්බානං ආරම‍්මණං කත්‍වා උප‍්පජ‍්ජති, සො “සබ‍්බනිස‍්සග‍්ගො”ති භගවා චතුසච‍්චවසෙන දෙසනං විනිවත‍්තෙසි.

නාඤ්ඤත්‍ර බොජ්ඣඞ්ගා තපසා බොජ්ඣංග භාවනාව හා තපෝගුණය ද වෙනතක මුදා (අත හැර) සුවයක් නො දක්නෙමි යන අර්ථ යි. සබ්බනිස්සග්ගා නිර්වාණයෙන්: මෙහි බොජ්ඣංග භාවනාව ප්‍රථමයෙන් ගන්නා ලද්දේ හා ඉන්ද්‍රිය සංවරය පසු ව (ගන්නා ලද්දේ) වුව ද, අර්ථ වශයෙන් ඉන්ද්‍රිය සංවරය ම පළමු ව දත යුත්තේ ය. ඉන්ද්‍රිය සංවරය ගත් කල්හි ම චතුපාරිශුද්ධි ශීලය ගන්නා ලද්දේ වෙයි. එම පිහිටි භික්ෂුව ඇසුරක් නොමැත්තේ ධුතංග සංඛ්‍යාත තපෝ ගුණය සමාදන් ව අරණට පිවිස කමටහන් වඩන්නේ විපස්සනාව සමග බොජ්ඣංග වඩයි. ඔහුගේ ආර්ය මාර්ගය යම් නිවනක් අරමුණු කොට උපදී ද එය ‘සබ්බනිස්සග්ගො’ යි භාග්‍යවතුන් වහන්සේ සත්‍ය සතර වශයෙන් දේශනාව අවසන් කළ සේක.

දෙවපුත‍්තො දෙසනාපරියොසානෙ සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහීති.

දේවපුත්‍රයා දේශනාව අවසානයේ සෝවාන් ඵලයෙහි පිහිටියේ ය.

සත‍්තමං.

සත් වැනි සූත්‍රය යි

8. කකුධසුත‍්තවණ‍්ණනා

8. කකුධ සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ කකුධො දෙවපුත‍්තොති අයං කිර කොලනගරෙ මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරස‍්ස උපට‍්ඨාකපුත‍්තො දහරකාලෙයෙව ථෙරස‍්ස සන‍්තිකෙ වසන‍්තො ඣානං නිබ‍්බත‍්තෙත්‍වා කාලඞ‍්කතො, බ්‍රහ‍්මලොකෙ උප‍්පජ‍්ජි. තත්‍රාපි නං කකුධො බ්‍රහ‍්මාත්‍වෙව සඤ‍්ජානන‍්ති. නන්‍දසීති තුස‍්සසි. කිං ලද‍්ධාති තුට‍්ඨි නාම කිඤ‍්චි මනාපං ලභිත්‍වා හොති, තස‍්මා එවමාහ. කිං ජීයිත්‍ථාති යස‍්ස හි කිඤ‍්චි මනාපං චීවරාදිවත්‍ථු ජිණ‍්ණං හොති, සො සොචති, තස‍්මා එවමාහ. අරතී නාභිකීරතීති උක‍්කණ‍්ඨිතා නාභිභවති. අඝජාතස‍්සාති දුක‍්ඛජාතස‍්ස, වට‍්ටදුක‍්ඛෙ ඨිතස‍්සාති අත්‍ථො. නන්‍දීජාතස‍්සාති ජාතතණ‍්හස‍්ස. අඝන‍්ති එවරූපස‍්ස හි වට‍්ටදුක‍්ඛං ආගතමෙව හොති. “දුක‍්ඛී සුඛං පත්‍ථයතී”ති හි වුත‍්තං. ඉති අඝජාතස‍්ස නන්‍දී හොති, සුඛවිපරිණාමෙන දුක‍්ඛං ආගතමෙවාති නන්‍දීජාතස‍්ස අඝං හොති.

අට වැන්නෙහි - කකුධො දෙවපුත්තො මොහු වූ කලී කෝළ නගරයේ මහා මුගලන් තෙරුන් වහන්සේගේ උපස්ථායකයාගේ පුත්‍රයා වූයේ, තරුණ කල්හිා ම තෙරුන් සමීපයෙහි වසමින් දැහැන් උපදවා කාල ක්‍රියා කොට බ්‍රහ්ම ලෝකයෙහි උපන්නේ ය. එහි ද ඔහු කකුධ බ්‍රහ්ම නමින් ම හඳුනති. නන්‍දසි සතුටු වන්නෙහි ද? කිං ලද්ධා තුෂ්ටිය නම් මනාප වූ කිසිවක් ලැබ ඇති වේ. එහෙයින් මෙසේ කී ය. කිං ජියිත්‍ථ (දිරා ගියේ ද) මනාප වූ සිවුරු ආදි කිසිවක් දිරා ගියේ වේ ද හේ ශෝක කරයි. එහෙයින් එසේ කී ය. අරති නාභිකීරති උකටලී බව මැඩ පවත්වනුයේ නැද්ද? අඝජාතස්ස දුක හටගත්තහුට, සසර දුකෙහි සිටියහුට යන අර්ථය යි. නන්‍දිජාතස්ස හටගත් තණ්හාව ඇතියහුට, අඝං මේ ආකාරවූවන්ට සසර දුක පැමිණියේ ම වේ. “දුක්‍ඛී සුඛං පත්‍ථයති” (දුකට පත්වූයේ සුවය පතයි) යි කියන ලදි. මෙසේ දුක හටගන්නහුට නන්‍දි (තෘෂ්ණාව) වේ. විපරිණාමයෙන් දුක පැමිණියේ ම යි තෘෂ්ණාව හටගන්නහුට දුක වේ.

අට‍්ඨමං.

අට වැනි සූත්‍රය යි.

9. උත‍්තරසුත‍්තවණ‍්ණනා

9. උත්තර සූත්‍ර වර්ණනාව

නවමං වුත‍්තත්‍ථමෙව.

නව වැන්න කියන ලද පරිදි ම ය.

නවමං.

නව වැනි සූත්‍රය යි.

10. අනාථපිණ‍්ඩිකසුත‍්තවණ‍්ණනා

10. අනාථපිණ්ඩික සූත්‍ර වර්ණනාව

දසමෙ ආනන්‍දත්‍ථෙරස‍්ස අනුමානබුද‍්ධියා ආනුභාවප‍්පකාසනත්‍ථං අඤ‍්ඤතරොති ආහ.

දස වැන්නෙහි - අනඳ තෙරුන්ගේ අනුමාන බුද්ධියේ ආනුභාවය ප්‍රකාශ කිරීම් වස් අඤ්ඤතරො යි කී ය.

දසමං.

දස වැනි සූත්‍රය යි

දුතියො වග‍්ගො.

දුතිය වර්‍ගය යි