චන්දිමසසුත්තං
2. 2. 1.
2. 2. 1.
චන්දිමසසුත්තං.
චන්දිමස සූත්‍රය
92. සාවත්ථියං–
92. සැවැත්නුවර–
අථ ඛො චන්දිමසො දෙවපුත්තො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො චන්දිමසො දෙවපුත්තො භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
එකල්හි චන්දිමස දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මනා ඡවිවර්ණ ඇත්තේ, මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි චන්දිමස දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
තෙ හි සොත්ථිං ගමිස්සන්ති කච්ඡෙවාමකසෙ මගා, ඣානානි උපසම්පජ්ජ එකොදි නිපකා සතාති.
ධ්‍යානයන්ට පැමිණීමෙන් එකඟසිත් ඇති වූ තීරණප්‍රඥා ඇති සිහි ඇති ඔහු මදුරුවන් නැති කැසෙක මුවන් මෙන් සෙතට පැමිණෙන්නාහු ම ය.
[භගවා:]
[භගවත්හු:]
තෙ හි පාරං ගමිස්සන්ති ඡෙත්වා ජාලං ව අම්බුජො, ඣානානි උපසම්පජ්ජ අප්පමත්තා රණඤ්ජහාති.
ධ්‍යානයන් ලැබ නො පමාවන කෙලෙස් දුරලන ඔහු දැල සිඳ යන මස්කැල මෙන් පරතෙරට (නිවණට) පැමිණෙන්නාහු ම ය.
2. 2. 2.
2. 2. 2.
වෙණ්හුසුත්තං
වෙණ්හු සූත්‍රය
93. සාවත්ථියං–
93. සැවැත්නුවර:-
එකමන්තං ඨිතො ඛො වෙණ්හු දෙවපුත්තො භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
එකත්පසෙක සිටි වෙණ්හු දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීයේ ය:
සුඛිතා වත තෙ මනුජා සුගතං පයිරුපාසිය, යුඤ්ජං ගොතම සාසනෙ අප්පමත්තානුසික්ඛරෙති.
(යම්) මිනිස් කෙනෙක් බුදුරජානන් වහන්සේ පර්ය්යුපාසාන කොට ගොයුම්සස්නෙහි යෙදෙන්නාහු නො පමාව හික්මෙත් ද, ඔහු ඒකාන්තයෙන් සුවපත් වූවෝ ය.
යෙ මෙ පවුත්තෙ සත්ථිපදෙ (වෙණ්හොති භගවා) අනුසික්ඛන්ති ඣායිනො, කාලෙ තෙ අප්පමජ්ජන්තා න මච්චුවසගා සියුන්ති.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: එම්බා වෙණ්හු දේවපුත්‍රය, ධ්‍යාන කරණ යම් කෙනෙක් මා විසින් ප්‍රකාශ කරණ ලද අනුශාසනපදයෙහි සුදුසු කල්හි නොපමාවෙමින් හික්මෙද් ද, ඔහු මරුවසඟ වූවෝ නොවන්නාහ යි.
2. 2. 3.
2. 2. 3.
දීඝලට්ඨිසුත්තං.
දීඝලට්ඨි සූත්‍රය
94. සාවත්ථියං–
94. සැවැත්නුවර–
එවං මෙ සුතං එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ.
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක.
අථ ඛො දීඝලට්ඨි දෙවපුත්තො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං වෙළුවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො දීඝලට්ඨි දෙවපුත්තො භගවන්තං ගාථාය අජ්ඣභාසි:
දීඝලට්ඨි දෙව්පුත් තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මනාඡවිවර්ණ ඇත්තේ, මුළු වේළුවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් (මෙසේ) කීය:
භික්ඛු සියා ඣායී විමුත්තචිත්තො ආකඞ්ඛෙ චෙ හදයස්සානුපත්තිං, ලොකස්ස ඤත්වා උදයබ්බයඤ්ච සුචෙතසො අනිස්සිතො තදානිසංසොති.
මහණ තෙමේ ඉදින් හෘදයානුප්රාප්තිය (අභීත්ත්වය) කැමති වන්නේ නම් ලොව පිළිබඳ උදයව්‍යය දැන ධ්‍යාන වඩන්නෙක්, මිදුනු සිතැත්තෙක්, (එසෙයින් ම) මනාසිතැත්තෙක්, (තෘෂ්ණාදෘෂ්ටීන්) අනිඃශ්‍රිතයෙක්, ඒ අභීත්ත්වය අනුසස් කොට ඇත්තෙක් වන්නේ ය.
2. 2. 4.
2. 2. 4.
නන්දනසුත්තං.
නන්දන සූත්‍රය
95. සාවත්ථියං–
95. සැවැත්නුවර–
එකමන්තං ඨිතො ඛො නන්දනො දෙවපුත්තො භගවන්තං ගාථාය අජ්ඣභාසි:
එකත්පසෙක සිටි නන්දන දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
පුච්ඡාමි තං ගොතම භූරිපඤ්ඤ අනාවටං භගවතො ඤාණදස්සනං කථංවිධං සීලවන්තං වදන්ති, කථංවිධං පඤ්ඤවන්තං වදන්ති කථංවිධො දුක්ඛමතිච්ච ඉරීයති. කථංවිධං දෙවතා පූජයන්තීති.
පතුළ නුවණැති ගෞතමයන් වහන්ස, මුබවහන්සේ විචාරමි. භාග්‍යවතුන් වහන්සේගේ ඥානදර්ශනය ආවරණරහිත ය. කෙබන්දහු ‘සිල්වතැ’ යි කියද්ද? කෙබන්දහු නුවණැති යැ යි කියද්ද? කෙබඳු තැනැත්තේ දුක ඉක්ම විහරණය කෙරේ ද? කෙබන්දහු දෙවියෝ පුදද්ද?
[භගවා:]
[භගවත්හු:]
යො සීලවා පඤ්ඤවා භාවිතත්තො සමාහිතො ඣානරතො සතීමා, සබ්බස්ස සොකා විගතා පහීණා ඛීණාසවො අන්තිමදෙහධාරී.
යමෙක් සිල්වත් ද, නුවණැත්තේ ද, වඩන ලද සිත් ඇත්තේ ද, සමාහිත වේ ද, ධ්‍යානයෙහි ඇලුනේ ද, සිහි ඇත්තේ ද, ඔහුගේ සියලු ශෝකයෝ පහ වූවාහු ද, ප්‍රහීණ වූවාහු ද, ක්ෂීණ වූ කෙලෙස් ඇත්තේ ද, අන්තිම සිරුර දරණ සුලු වේ ද,
තථාවිධං සීලවන්තං වදන්ති තථාවිධං පඤ්ඤවන්තං වදන්ති, තථාවිධො දුක්ඛමතිච්ච ඉරීයති තථාවිධං දෙවතා පූජයන්තීති.
එබන්දහු සිල්වතැ යි කියත්. එබන්දහු නුවණැතියැ යි කියත්. එබඳු තැනැත්තේ දුක ඉක්ම විහරණ කෙරේ. එබන්දහු දෙවියෝ පුදති.
2. 2. 5.
2. 2. 5.
චන්දනසුත්තං.
චන්දන සූත්‍රය
96. සාවත්ථියං–
96. සැවැත්නුවර–
එකමන්තං ඨිතො ඛො චන්දනො දෙවපුත්තො භගවන්තං ගාථාය අජ්ඣභාසි:–
එකත්පසෙක සිටි චන්දන දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
කො සූ ධ තරති ඔඝං රත්තින්දිවමතන්දිතො, අප්පතිට්ඨෙ අනාලම්බෙ කො ගම්භීරෙ න සීදතීති.
මෙහි කවරෙක් රෑදෙවෙහි අනලස් ව චතුරෝඝය තරණය කෙරේ ද? කවරෙක් (යට) පිහිටක් නැති (මතුයෙහි) එල්බීමක් නැති ගැඹුරෙහි නො ගිලේ ද?
[භගවා:]
[භගවත්හු:]
සබ්බදා සීලසම්පන්නො පඤ්ඤවා සුසමාහිතො, ආරද්ධවිරියො පහිතත්තො ඔඝං තරති දුත්තරං.
හැම කල්හි සිල්වත් වූ, නුවණැති, එකඟසිත් ඇති, ඇරඹු වෙර ඇති, නිවන පිණිස මෙහෙයූ සිත් ඇති පුඟුල් තෙමේ තරණය කිරීමට දුෂ්කර වූ චතුරෝඝය තරණය කෙරෙයි.
විරතො කාමසඤ්ඤාය රූපසඤ්ඤොජනාතිගො, නන්දිරාගපරික්ඛීණො සො ගම්භීරෙ න සීදතීති.
කාමසංඥායෙන් වැළකුණු රූපසංයෝජන ඉක්ම ගිය ක්ෂීණ වූ නන්දිරාගය ඇති හෙ තෙම් ගැඹුරෙහි නො ගිලේ.
2. 2. 6.
2. 2. 6.
වසුදත්තසුත්තං.
වසුදත්ත සූත්‍රය
97. සාවත්ථියං–
97. සැවැත්නුවර–
එකමන්තං ඨිතො ඛො වසුදත්තො දෙවපුත්තො භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:–
එකත්පසෙක සිටි වසුදත්ත දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
සත්තියා විය ඔමට්ඨො ඩය්හමානොව මත්ථකෙ, කාමරාගප්පහාණාය සතො භික්ඛු පරිබ්බජෙති.
සැතෙකින් පහර ලද්දකු මෙන් ද, හිසැ දැවෙන්නකු මෙන් ද, මහණ තෙමේ කාමරාග ප්රහාණය පිණිස සිහි ඇති ව වෙසෙන්නේ ය.
[භගවා:]
[භගවත්හු:]
සත්තියා විය ඔමට්ඨො ඩය්හමානොව මත්ථකෙ, සක්කායදිට්ඨිප්පහාණාය සතො භික්ඛු පරිබ්බජෙති.
සැතෙකින් පහර ලද්දකු මෙන් ද, හිසැ දැවෙන්නකු මෙන් ද, මහණ තෙමේ සක්කායදෘෂ්ටි ප්රහාණය පිණිස සිහි ඇති ව වෙසෙන්නේ ය.
2. 2. 7.
2. 2. 7.
සුබ්රහ්මසුත්තං.
සුබ්‍රහ්ම සූත්‍රය
98. සාවත්ථියං–
98. සැවැත්නුවර–
එකමන්තං ඨිතො ඛො සුබ්රහ්මා දෙවපුත්තො භගවන්තං ගාථාය අජ්ඣභාසි:–
එකත්පසෙක සිටි සුබ්‍රහ්ම දෙව්පුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
නිච්චං උත්‍රස්තමිදං චිත්තං නිච්චං උබ්බිග්ගමිදං මනො අනුප්පන්නෙසු කිච්ඡෙසු අථො උප්පතිතෙසු ච සචෙ අත්ථි අනුත්‍රස්තං තංමෙ අක්ඛාහි පුච්ඡිතො ති.
නූපන් දුක් නිමිති කොට ද, යලිත්, ඉපදුන දුක් නිමිති කොට ද, මේ සිත නිතර තැති ගත්තේ ය. මේ සිත නිතර බියෙන් සැලුණේ ය. මා විසින් විචාරණ ලද්දෙහි. ඉදින් නොතැති ගත් සිතක් ඇත්නම් එය වදාරණු මැනව.
[භගවා:]
[භගවත්හු:]
නාඤ්ඤත්ර බොජ්ඣඞ්ගා තපසා නාඤ්ඤත්ර ඉන්ද්රියසංවරා, නාඤ්ඤත්ර සබ්බනිස්සග්ගා සොත්ථිං පස්සාමි පාණිනන්ති.
බෝධ්‍යඞ්ග භාවනාව හැර තපෝගුණය හැර ඉන්ද්රියසංවරය හැර නිවන් හැර සත්ත්වයන්ට සුවයක් නො දකිමි.