සද්ධම්මපතිරූපකසුත්තං
4. 1. 13.
4. 1. 13.
සද්ධම්මපතිරූපකසුත්තං
සද්ධම්මපතිරූපක සූත්‍රය
296. එකං සමයං භගවා සාවත්ථියං විහරති -පෙ-
296. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි … වැඩ වසන සේක.
අථ ඛො ආයස්මා මහාකස්සපො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො ආයස්මා මහාකස්සපො භගවන්තං එතදවොච:
එකල්හි ආයුෂ්මත් මහකසුප් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ … එකත්පසෙක හුන් ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ:
කො නු ඛො භන්තෙ, හෙතු කො පච්චයො යෙන පුබ්බෙ අප්පතරානි චෙව සික්ඛාපදානි අහෙසුං, බහුතරා ච භික්ඛූ අඤ්ඤාය සණ්ඨහිංසු? කො පන භන්තෙ. හෙතු කො පච්චයො යෙනෙතරහි බහුතරානි චෙව සික්ඛාපදානි අප්පතරාච භික්ඛූ අඤ්ඤාය සණ්ඨහන්තිති?
වහන්ස, යම් හෙයකින් පෙර ශික්‍ෂාපදයොත් ඉතා මඳ වූහු නම් ඉතා බොහෝ භික්ෂූහුත් රහත්බැව්හි පිහිටියාහු නම් ඊට හේතු කවරේ ද? ප්‍රත්‍යය කවරේ ද? වහන්ස, දැන් යම් හෙයකින් ශික්‍ෂාපදයොත් ඉතා බොහෝ වෙත් නම් ඉතා මඳ වූ භික්ෂූහුත් රහත් බැව්හි පිහිටත් නම් ඊට හේතු කවරේ ද? ප්‍රත්‍යය කවරේ ද?
එවං හෙතං කස්සප, හොති. සත්තෙසු හායමානෙසු, සද්ධම්මෙ අන්තරධායමානෙ, බහුතරානි චෙව සික්ඛාපදානි හොන්ති. අප්පතරා ච භික්ඛූ අඤ්ඤාය සණ්ඨහන්ති.
කස්සප, මෙය මෙසේ ම වෙයි. සත්ත්වයන් පිරිහෙන කල්හි සදහම් අතුරුදන් වන කල්හි ශික්ෂාපදයෝත් ඉතා බොහෝ වෙති ඉතා මඳ වූ භික්ෂූහුත් රහත්බැව්හි පිහිටත්.
න තාව කස්සප, සද්ධම්මස්ස අන්තරධානං හොති, යාව න සද්ධම්මපතිරූපකං ලොකෙ උප්පජ්ජති. යතො ච ඛො කස්සප සද්ධම්මපතිරූපකං ලොකෙ උප්පජ්ජති, අථ සද්ධම්මස්ස අන්තරධානං හොති. සෙය්යථාපි කස්සප, න තාව ජාතරූපස්ස අන්තරධානං හොති යාව න ජාතරූපපතිරූපකං ලොකෙ උප්පජ්ජති. යතො ච ඛො කස්සප ජාතරූපපතිරූපකං ලොකෙ උප්පජ්ජති, අථ ජාතරූපස්ස අන්තරධානං හොති. එවමෙව ඛො කස්සප, න තාව සද්ධම්මස්ස අන්තරධානං හොති, යාව න සද්ධම්මපතිරූපකං ලොකෙ උප්පජ්ජති. යතො ච ඛො කස්සප සද්ධම්මපතිරූපකං ලොකෙ උප්පජ්ජති, අථ සද්ධම්මස්ස අන්තරධානං හොති.
කස්සප, ලොව යම් තාක් සදහම් පිළිරුවෙක් (=සදහම් වැනි වූවෙක්) නූපදී ද, ඒ තාක් සදහම්හුගේ අතුරුදන් වීමෙක් නො වේ. කස්සප, ලොව යම් කලෙක සදහම් පිළිරුවෙක් උපදී ද, එකල්හි සදහම්හුගේ අතුරුදන් වීම වේ. කස්සප, යම් සේ ලොව යම් තාක් රන්බඳු දෙයක් නො හටගණී නම් ඒ තාක් රන් අතුරුදන් වීමෙක් නො වේ ද, කස්සප, ලොව යම් කලෙක රන්බඳු දෙයක් හටගණී නම් එකල්හි රන් පිළිබඳ අතුරුදන් වීම වේ ද, කස්සප, එසෙයින් ම ලොව යම් තාක් සදහම්පිළිරුවෙක් නූඋපදී ද, ඒ තාක් සදහම්හුගේ අතුරුදන් වීම නො වේ. කස්සප, යම් කලෙක ලොව සදහම්පිළිරුවෙක් උපදී ද, එකල්හි සදහම්හුගේ අතුරුදන් වීම වේ.
න ඛො කස්සප, පඨවීධාතු සද්ධම්මං අන්තරධාපෙති න ආපොධාතු සද්ධම්මං අන්තරධාපෙති න තෙජොධාතු සද්ධම්මං අන්තරධාපෙති. න වායොධාතු සද්ධම්මං අන්තරධාපෙති. අථ ඛො ඉධෙව තෙ උප්පජ්ජන්ති මොඝපුරිසා යෙ ඉමං සද්ධම්මං අන්තරධාපෙන්ති.
කස්සප, පඨවිධාතුව සදහම් අතුරුදන් නො කෙරෙයි. ආපෝධාතුව සදහම් අතුරුදන් නො කරයි. තේජෝධාතුව සදහම් අතුරුදන් නො කෙරෙයි. වායෝධාතුව සදහම් අතුරුදන් නො කෙරෙයි. වැලි, යම් කෙනෙක් මේ සදහම් අතුරුදන් කෙරෙද්ද, ඒ හිස් පුරුෂයෝ මේ සසුනෙහි ම උපදිත්.
සෙය්යථාපි කස්සප, නාවා ආදිකෙනෙව ඔපිලවති, න ඛො කස්සප, එවං සද්ධම්මස්ස අන්තරධානං හොති.
කස්සප, යම් සේ නැව වඩාලා බඩු ගැණීමෙන් ම ගිලේ ද, කස්සප, එසෙයින් (පරියත්ති ආදීන් පිරීමෙන්) සදහම් අතුරුදන් නො වේ.
පඤ්ච ඛො මෙ කස්සප, ඔක්කමණියා ධම්මා සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තන්ති. කතමෙ පඤ්ච?
කස්සප, පිරිහීමට හේතු වන මේ දහම් පසෙක් සදහම්හුගේ නැසීම පිණිස අතුරුදන් වීම පිණිස පවතී. කවර පසෙක් ද යත්.
ඉධ කස්සප, භික්ඛූ භික්ඛුනියො උපාසකා උපාසිකායො සත්ථරි අගාරවා විහරන්ති අප්පතිස්සා, ධම්මෙ අගාරවා විහරන්ති අප්පතිස්සා, සඞ්ඝෙ අගාරවා විහරන්ති අප්පතිස්සා, සික්ඛාය අගාරවා විහරන්ති අප්පතිස්සා, සමාධිස්මිං අගාරවා විහරන්ති අප්පතිස්සා. ඉමෙ ඛො කස්සප, පඤ්ච ඔක්කමණියා ධම්මා සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තන්ති.
කස්සප, මේ සසුන්හි භික්ෂූහු භික්ෂුණීහු උපාසකයෝ උපාසිකාවෝ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්. ධර්මය කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්. සඞ්ඝයා කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්. ශික්ෂාව කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්. සමාධිය කෙරෙහි ගෞරව නැත්තාහු යටත් පැවතුම් නැත්තාහු වෙසෙත්. කස්සප, පිරිහීමට හේතු වන මේ දහම් පස සදහම්හුගේ නැසීම පිණිස, අතුරුදන් වීම පිණිස පවතී.
පඤ්ච ඛො මෙ කස්සප, ධම්මා සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තන්ති. කතමෙ පඤ්ච? ඉධ කස්සප, භික්ඛූ භික්ඛුනියො උපාසකා උපාසිකායො සත්ථරි සගාරවා විහරන්ති සප්පතිස්සා, ධම්මෙ සගාරවා විහරන්ති සප්පතිස්සා, සඞ්ඝෙ සගාරවා විහරන්ති සප්පතිස්සා, සික්ඛාය සගාරවා විහරන්ති සප්පතිස්සා, සමාධිස්මිං සගාරවා විහරන්ති සප්පතිස්සා ඉමෙ ඛො කස්සප, පඤ්ච ධම්මා සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තන්තීති.
කස්සප, මේ දහම් පසෙක් සදහම්හුගේ පැවැත්ම පිණිස නොනැසීම පිණිස අතුරුදන් නො වීම පිණිස පවතී. කවර පසෙක් ද යත්: කස්සප, මෙසස්නෙහි භික්ෂූහු භික්ෂුණීහු උපාසකයෝ උපාසිකාවෝ ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තාහු යටත් පැවතුම් ඇත්තාහු වෙසෙත්. ධර්මය කෙරෙහි ගෞරව ඇත්තාහු යටත් පැවතුම් ඇත්තාහු වෙසෙත්. සඞ්ඝයා කෙරෙහි ගෞරව ඇත්තාහු යටත් පැවතුම් ඇත්තාහු වෙසෙත්. ශික්ෂාව කෙරෙහි ගෞරව ඇත්තාහු යටත් පැවතුම් ඇත්තාහු වෙසෙත්, සමාධිය කෙරෙහි ගෞරව ඇත්තාහු යටත් පැවතුම් ඇත්තාහු වෙසෙත්. කස්සප, මේ දහම්පස සදහම්හුගේ පැවැත්ම පිණිස නො නැසීම පිණිස අතුරුදන් නො වීම පිණිස පවතී.
කස්සපවග්ගො පඨමො.
කස්සපවර්ගය පළමුවැනි යි.
තස්සුද්දානං:
එහි උද්දානය :
සන්තුට්ඨඤ්ච අනොත්තාපී චන්දොපමං කුලූපගං, ජිණ්ණං තයො ච ඔවාදා ඣානාභිඤ්ඤා උපස්සයං, චීවරං පරම්මරණං සද්ධම්මපතිරූපකන්ති.
සන්තුට්ඨ, අනොත්තාපී, චන්‍දොපම, ජිණ්ණ යන සූත්‍ර ය, ඕවාද සූත්‍ර තුණ ය, ඣානාභිඤ්ඤා, උපස්සය, චීවර, පරම්මරණ, සද්ධම්මපතිරූපක සූත්‍ර ය යි සූත්‍ර තෙළෙසකි.
කස්සපසංයුත්තං සමත්තං.
කස්සපසංයුත්තය නිමියේ ය.