12. තථාගතපරම්මරණසුත්තවණ්ණනා අට්ඨකථා
12. තථාගතපරම්මරණසුත්තවණ්ණනා
12. තථාගත පරම්මරණ සූත්‍ර වර්ණනාව
ද්වාදසමෙ තථාගතොති සත්තො. න හෙතං, ආවුසො, අත්ථසංහිතන්ති, ආවුසො, එතං දිට්ඨිගතං අත්ථසන්නිස්සිතං න හොති. නාදිබ්රහ්මචරියකන්ති මග්ගබ්රහ්මචරියස්ස පුබ්බභාගපටිපදාපි න හොති. එතඤ්හි, ආවුසො, අත්ථසංහිතන්ති, ආවුසො, එතං චතුසච්චකම්මට්ඨානං අත්ථසන්නිස්සිතං. එතං ආදිබ්රහ්මචරියකන්ති එතං මග්ගබ්රහ්මචරියස්ස ආදි පුබ්බභාගපටිපදා.
දොළොස්වන සූත්‍රයේ - “තථාගතො” යනු සත්ත්වයායි. “න හෙතං ආවුසො අත්ථ සංහිතං” යනු ඇවැත්නි මේ දෘෂ්ටිය අර්ථයෙන් යුක්ත වූවක් නොවේ. “තාදිබ්රහ්මචරියකං” යනු මාර්ග බ්‍රහ්ම චර්යාවට මුල්වූවක්, පූර්වභාග ප්රතිපදාවක්වත් නොවේ. “එතං ආදිබ්රහ්මචරියකං” යනු මෙය මාර්ග බ්‍රහ්මචර්යාවට මූලික වූ ප්‍රතිපදාවකි.
ද්වාදසමං.
දොළොස්වන සූත්‍රයයි.
13. සද්ධම්මපතිරූපකසුත්තවණ්ණනා
13. සද්ධම්මපතිරූපක සූත්‍ර වර්ණනාව
තෙරසමෙ අඤ්ඤාය සණ්ඨහිංසූති අරහත්තෙ පතිට්ඨහිංසු. සද්ධම්මප්පතිරූපකන්ති ද්වෙ සද්ධම්මප්පතිරූපකානි අධිගමසද්ධම්මප්පතිරූපකඤ්ච පරියත්තිසද්ධම්මප්පතිරූපකඤ්ච. තත්ථ –
දහතුන්වන සූත්‍රයේ “අඤ්ඤාය සණ්ඨහිංසු” යනු රහත්බවෙහි පිහිටියහ යනුයි. “සද්ධම්ම පතිරූපකං” යනු සද්ධර්ම ප්‍රතිරූපක දෙකකි. අධිගම සද්ධර්ම ප්‍රතිරූපකය සහ පර්යාප්ති සද්ධර්ම ප්‍රතිරූපකය යන දෙකයි. එහි
“ඔභාසෙ චෙව ඤාණෙ ච, පීතියා ච විකම්පති; පස්සද්ධියා සුඛෙ චෙව, යෙහි චිත්තං පවෙධති.
ඔභාසෙ චෙව ඥාණෙච පීතියාච විකම්පති පස්සද්ධියා සුඛෙචෙව යෙහි චිත්තං පවෙදති
“අධිමොක්ඛෙ ච පග්ගාහෙ, උපට්ඨානෙ ච කම්පති; උපෙක්ඛාවජ්ජනාය චෙව, උපෙක්ඛාය ච නිකන්තියා.
අධිමොක්ඛෙ ච පග්ගාහෙ උපට්ඨා නෙ විකම්පති උපෙක්ඛා වජ්ජනෙ චෙව උපෙක්ඛාය නිකන්තියා
“ඉමානි දස ඨානානි, පඤ්ඤා යස්ස පරිචිතා; ධම්මුද්ධච්චකුසලො හොති, න ච සම්මොහ ගච්ඡතී”ති. (පටි· ම· 2.7); –
ඉමානි දසඨානානි පඤ්ඤා යස්සපරීචිතා ස තත්ථ කුසලො හොති නච සම්මොහං ගච්ඡති
“ආලෝකයෙහිද ඤාණයෙහි ද ප්‍රීතියෙහිද විශේෂයෙන් කම්පා වෙයි. ශාන්ත බවෙහි ද සැපයෙහි ද යමෙකුගේ සිත කම්පාවෙයි.”
“සිතේ ස්ථිරත්වයෙහිද උත්සාහයෙහිද උපස්ථානයෙහිද කම්පා වේ. උපේක්ෂා ආවර්ජනයෙහි මෙන් ම උපේක්ෂාවෙහිද බලවත් ආශා ඇතිව”
“යමෙකුගේ ප්‍රඥාව මේ දසතැන්හි පුරුදු කරන ලද ද ඔහුට ඉන් කුසලයක්ම (දියුණුවක්ම) වේ. මුලාවට පත් නොවේ.”
ඉදං විපස්සනාඤාණස්ස උපක්කිලෙසජාතං අධිගමසද්ධම්මප්පතිරූපකං නාම. තිස්සො පන සඞ්ගීතියො අනාරුළ්හං ධාතුකථා ආරම්මණකථා අසුභකථා ඤාණවත්ථුකථා විජ්ජාකරණ්ඩකොති ඉමෙහි පඤ්චහි කථාවත්ථූහි පරිබාහිරං ගුළ්හවිනයං ගුළ්හවෙස්සන්තරං ගුළ්හමහොසධං වණ්ණපිටකං අඞ්ගුලිමාලපිටකං රට්ඨපාලගජ්ජිතං ආළවකගජ්ජිතං වෙදල්ලපිටකන්ති අබුද්ධවචනං පරියත්තිසද්ධම්මප්පතිරූපකං නාම.
මෙම විදර්ශනා ඤාණයේ කිලුටු ඇතිවීම -හටගැනීම “අධිගම සද්ධර්ම ප්‍රතිරූපය” නම් වේ. ත්‍රිවිධ සංගායනාවන්හි නොනගන ලද ධාතුකථා, ආරම්මණ කථා, අසුභ කථා, ඤාණවත්ථු කථා, විජ්ජාකදම්බක යන කථාවස්තු පහද වෙනත් (අභයගිරිකාදී) සමයන්හි වූ ගුල්හවිනය, ගුල්හ වෙස්සන්තර, ගුල්හ මහෝසධ, වණ්ණ පිටක ය, අංගුලිමාල පිටකය, රට්ඨපාල ගජ්ජිතය, ආළවක ගජ්ජිතය, වෙතුල්ල (වේදල්ල) පිටකය යන බුදුවදන් නො වූ කොටස් පර්යාප්ති සද්ධර්ම ප්‍රතිරූපක නම් වේ.
ජාතරූපප්පතිරූපකන්ති සුවණ්ණරසවිධානං ආරකූටමයං සුවණ්ණවණ්ණං ආභරණජාතං. ඡණකාලෙසු හි මනුස්සා “ආභරණභණ්ඩකං ගණ්හිස්සාමා”ති ආපණං ගච්ඡන්ති. අථ නෙ ආපණිකා එවං වදන්ති, “සචෙ තුම්හෙ ආභරණත්ථිකා, ඉමානි ගණ්හථ. ඉමානි හි ඝනානි චෙව වණ්ණවන්තානි ච අප්පග්ඝානි චා”ති. තෙ තෙසං සුත්වා, “කාරණං ඉමෙ වදන්ති, ඉමානි පිළන්ධිත්වා සක්කා නක්ඛත්තං කීළිතුං, සොභන්ති චෙව අප්පග්ඝානි චා”ති තානි ගහෙත්වා ගච්ඡන්ති. සුවණ්ණභණ්ඩං අවික්කියමානං නිදහිත්වා ඨපෙතබ්බං හොති. එවං තං ජාතරූපප්පතිරූපකෙ උප්පන්නෙ අන්තරධායති නාම.
“ජාතරූප පතිරූපකං” යනු රන්රසය විඳින ලද (ආලේප කරන ලද) පිත්තල වූ රන්වන් ආභරණවල ඇතිවීමයි. උත්සව කාලයේදී මිනිස්සු “ආභරණාදී භාණ්ඩ ගනෙමු”යි වෙළඳසැල්වලට යති. ඔවුන්ට වෙළඳසැල් හිමියෝ මෙසේ කියති. “ඉදින් ඔබලාට ආභරණ අවශ්‍ය නම් මේවා ගන්න. මෙම ආභරණ ඝන වූයේත්, වර්ණවත් වූයේත් වේ. වටිනාකම අඩුවේ.” ඔවුහු එය අසා කරුණු සලකා බලා මෙසේ කැමති වෙති. “අලංකාර වූ අඩු මිලට ගතහැකි වූ මේ ආභරණ පැළඳ නැකැත් ක්‍රීඩා කළ හැකිය” යනුවෙන් සිතා ඒවා ගෙන යති. නොවිකිණිය හැකි (වැඩිමිල) රන්බඩු සඟවා තබන ලද්දේම වේ. මෙසේ ඒ රන් ආභරණ වැනි වූම ආභරණ ඇතිවූ කල්හි, එම රන් ආභරණ අතුරුදහන් වීම සිදුවේ.
අථ සද්ධම්මස්ස අන්තරධානං හොතීති අධිගමසද්ධම්මස්ස පටිපත්තිසද්ධම්මස්ස පරියත්තිසද්ධම්මස්සාති තිවිධස්සාපි සද්ධම්මස්ස අන්තරධානං හොති.
“අථ සද්ධම්මස්ස අන්තරධානං හොති” යනු අධිගම සද්ධර්මයයි. ප්‍රතිපත්ති සද්ධර්මය හා පර්යාප්ති සද්ධර්මය යනු ත්‍රිවිධ සද්ධර්මයන්ගේ ම අතුරුදහන් වීම සිදුවේ.
පඨමබොධියඤ්හි භික්ඛූ පටිසම්භිදප්පත්තා අහෙසුං. අථ කාලෙ ගච්ඡන්තෙ පටිසම්භිදා පාපුණිතුං න සක්ඛිංසු, ඡළභිඤ්ඤා අහෙසුං. තතො ඡ අභිඤ්ඤා පාපුණිතුං අසක්කොන්තා තිස්සො විජ්ජා පාපුණිංසු. ඉදානි කාලෙ ගච්ඡන්තෙ තිස්සො විජ්ජා පාපුණිතුං අසක්කොන්තා ආසවක්ඛයමත්තං පාපුණිස්සන්ති. තම්පි අසක්කොන්තා අනාගාමිඵලං, තම්පි අසක්කොන්තා සකදාගාමිඵලං, තම්පි අසක්කොන්තා සොතාපත්තිඵලං. ගච්ඡන්තෙ කාලෙ සොතාපත්තිඵලම්පි පත්තුං න සක්ඛිස්සන්ති. අථ නෙසං යදා විපස්සනා ඉමෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨා ආරද්ධමත්තාව ඨස්සති, තදා අධිගමසද්ධම්මො අන්තරහිතො නාම භවිස්සති.
ප්‍රථම සම්බෝධියෙහි (බුද්ධත්වයට පත්වූ අලුත) භික්ෂුන් සිවුපිළිසිඹියාපත් වූහ. ඉක්බිති කල්ගත වනවිට සිවුපිළිසිඹියාපත් වීමට නොහැකිව ෂඩ් අභිඤ්ඤා ඇත්තෝ වූහ. ඒ සඳහා ද අසමත් වූ පසුකාලීන භික්ෂූහු ත්‍රිවිද්‍යා උපදවාගත්හ. දිගුකලකට පසු ඊට ද අසමත් වූ බැවින් ආසවක්ඛය ඤාණය පමණක්ම ලබාගැනීමට දක්ෂ වූහ. එයද නොහැකි වූ කාලයෙහි අනාගාමී ඵලය පමණක් විය. අනාගාමී වීමට නොහැකි වූ විට සකදාගාමී ඵලයට පත්වූහ. ඊටද අසමත් වූවෝ සෝවාන් ඵලයට පත්වූහ. කාලයක් යනවිට සෝවාන් වීමටද නොහැකි වේ. ඉන්පසුව විදර්ශනාව, මෙම කෙලෙස් ධර්මයන්ගෙන් කිලුටුවීමෙන් පටන්ගත් තැනම නතරවේද එකල්හි අධිගම සද්ධර්මය අතුරුදහන් වූයේ වේ.
පඨමබොධියඤ්හි භික්ඛූ චතුන්නං පටිසම්භිදානං අනුච්ඡවිකං පටිපත්තිං පූරයිංසු. ගච්ඡන්තෙ කාලෙ තං අසක්කොන්තා ඡන්නං අභිඤ්ඤානං, තම්පි අසක්කොන්තා තිස්සන්නං විජ්ජානං, තම්පි අසක්කොන්තා අරහත්තඵලමත්තස්ස. ගච්ඡන්තෙ පන කාලෙ අරහත්තස්ස අනුච්ඡවිකං පටිපත්තිං පූරෙතුං අසක්කොන්තා අනාගාමිඵලස්ස අනුච්ඡවිකං පටිපත්තිං පූරෙස්සන්ති, තම්පි අසක්කොන්තා සකදාගාමිඵලස්ස, තම්පි අසක්කොන්තා සොතාපත්තිඵලස්ස. යදා පන සොතාපත්තිඵලස්සපි අනුච්ඡවිකං පටිපදං පූරෙතුං අසක්කොන්තා සීලපාරිසුද්ධිමත්තෙව ඨස්සන්ති, තදා පටිපත්තිසද්ධම්මො අන්තරහිතො නාම භවිස්සති.
ප්‍රථම බෝධියෙහි සිටි භික්ෂුහු සිවුපිළිසිඹියාපත් වීමට සුදුසු වූ පිළිවෙත් සම්පූර්ණ කළහ. කල් ගතවනවිට ඊට අසමත් වූ භික්ෂූහු ෂඩ් අභිඥාවන් සඳහා ද එයද නොහැකි වූ විට ත්‍රිවිද්‍යාව සඳහාද පිළිවෙත් පිරූහ. එයටද අසමත් වූ විට අර්හත් ඵලය සඳහා පමණක් ගැලපෙන පිළිවෙත් පිරූහ. පසුව අනාගාමී ඵලයට යෝග්‍ය පිළිවෙත් පිරූහ. එයට අසමත් වූ කල්හි සකදාගාමී ඵලයට ද ඉන්පසුව සෝවාන් ඵලයට ද යෝග්‍ය වූ පිළිවෙත් සම්පූර්ණ කළහ. යම්කලෙක සෝවාන් වන පිළිවෙත් පිරීමටද නොහැකි වූයේද එවිට ශීල පාරිශුද්ධිය පමණක් ම පවතින්ය. මෙවිට ප්‍රතිපත්ති සද්ධර්මය අතුරුදහන් වූයේ වේ.
යාව පන තෙපිටකං බුද්ධවචනං වත්තති, න තාව සාසනං අන්තරහිතන්ති වත්තුං වට්ටති. තිට්ඨන්තු තීණි වා, අභිධම්මපිටකෙ අන්තරහිතෙ ඉතරෙසු ද්වීසු තිට්ඨන්තෙසුපි අන්තරහිතන්ති න වත්තබ්බමෙව. ද්වීසු අන්තරහිතෙසු විනයපිටකමත්තෙ ඨිතෙපි, තත්රාපි ඛන්ධකපරිවාරෙසු අන්තරහිතෙසු උභතොවිභඞ්ගමත්තෙ, මහාවිනයෙ අන්තරහිතෙ ද්වීසු පාතිමොක්ඛෙසු වත්තමානෙසුපි සාසනං අනන්තරහිතමෙව.
යම්තාක් කල් ත්‍රිපිටක බුද්ධවචනය පවතින්ද ඒතාක් කල් බුදුසසුන අතුරුදහන් වූයේ යැයි පැවසීම නුසුදුසුය. ත්‍රිපිටකය තිබියේවා. අභිධර්ම පිටකය අතුරුදහන්ව සෙසු දෙපිටකය පවතියිද සසුන අතුරුදහන් වීයැයි නොකිව යුතුයි. විනය පිටකය පමණක් තිබියදීත් එසේ කිව නොහැක. එහිද ඛන්ධක-පරිවාර දෙක අතුරුදහන්ව උභතො විභංගය පමණක් ඉතිරි වූ විටද, මහාවිනය අතුරුදහන්ව ප්රාතිමෝක්ෂය පමණක් පවත්නා විට ද සසුන අතුරුදහන් වූයේයැ”යි පැවසීම නුසුදුසුය.
යදා පන ද්වෙ පාතිමොක්ඛා අන්තරධායිස්සන්ති, අථ පරියත්තිසද්ධම්මස්ස අන්තරධානං භවිස්සති. තස්මිං අන්තරහිතෙ සාසනං අන්තරහිතං නාම හොති. පරියත්තියා හි අන්තරහිතාය පටිපත්ති අන්තරධායති, පටිපත්තියා අන්තරහිතාය අධිගමො අන්තරධායති. කිං කාරණා? අයඤ්හි පරියත්ති පටිපත්තියා පච්චයො හොති, පටිපත්ති අධිගමස්ස. ඉති පටිපත්තිතොපි පරියත්තිමෙව පමාණං.
යම්කලෙක උභය ප්රාතිමෝක්ෂය අතුරුදහන් වන්නේද එකල්හි පර්යාප්ති සද්ධර්මය අතුරුදහන් වේ. එය අතුරුදහන් වූ කල්හි ම සසුන අතුරුදහන් වූයේ වේ. පර්යාප්තිය අතුරුදහන් වීමේ හේතුවෙන් අධිගමය අතුරුදහන් වේ. ප්‍රතිපත්තිය අතුරුදහන් වීමෙන් අධිගමය අතුරුදහන් වේ. කුමන කරුණක් නිසාද?අධිගමය වනාහී පර්යාප්තියටද ප්‍රතිපත්තියට ද හේතු වූ බැවිනි. ප්‍රතිපත්තිය අධිගමයට ද හේතුවේ. මෙසේ ප්රතිපත්තියද පර්යාප්තියේ ම ප්‍රමාණය වේයැයි දතයුතුයි.
නනු ච කස්සපසම්මාසම්බුද්ධකාලෙ කපිලො නාම අනාරාධකභික්ඛු “පාතිමොක්ඛං උද්දිසිස්සාමී”ති බීජනිං ගහෙත්වා ආසනෙ නිසින්නො “අත්ථි ඉමස්මිං වත්තන්තා”ති පුච්ඡි, අථ තස්ස භයෙන යෙසම්පි පාතිමොක්ඛො වත්තති, තෙපි “මයං වත්තාමා”ති අවත්වා “න වත්තාමා”ති වදිංසු, සො බීජනිං ඨපෙත්වා උට්ඨායාසනා ගතො, තදා සම්මාසම්බුද්ධස්ස සාසනං ඔසක්කිතන්ති? කිඤ්චාපි ඔසක්කිතං, පරියත්ති පන එකන්තෙනෙව පමාණං. යථා හි මහතො තළාකස්ස පාළියා ථිරාය උදකං න ඨස්සතීති න වත්තබ්බං, උදකෙ සති පදුමාදීනි පුප්ඵානි න පුප්ඵිස්සන්තීති න වත්තබ්බං,
කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි “කපිල” නම් අනාරාධිත භික්ෂුවක් “ප්රාතිමෝක්ෂය දේශනා කරමි”යි විජිනිපත ගෙන අසුනේ හුන්නාහු නොවෙත්ද? පිරිසේ වූවෙක් “මෙහි පැවැත්මක් ඇද්ද?”යි විචාළවිට ඔහුට බිය වූ භික්ෂුව “යමක් ප්රාතිමෝක්ෂයේ පවතී ද ඒවා අපි ළඟ පවතිමු”යි නොපවසා “නොපවතිමු”යි කීවේය. උන්වහන්සේ විජිනිපත තබා අසුනින් නැගිට ගියේය. එනිසා එම සම්මා සම්බුදුරජුන්ගේ සසුන පසුබැස්සේය. පසුබැස පිරිහීගිය නමුත් ඒකාන්තයෙන්ම පර්යාප්තිය ප්‍රමාණවත් වේ. “මහාතඩාගයක ස්ථිර වූ ඉවුරු ඇති කල්හි ජලය නොසිටී යැයි නොකිව යුතුයි. ජලය ඇති කල්හි පියුම් ආදී මල් නොපිපේ යැයි නොකිව යුතුයි.
එවමෙව මහාතළාකස්ස ථිරපාළිසදිසෙ තෙපිටකෙ බුද්ධවචනෙ සති මහාතළාකෙ උදකසදිසා පටිපත්තිපූරකා කුලපුත්තා නත්ථීති න වත්තබ්බා, තෙසු සති මහාතළාකෙ පදුමාදීනි පුප්ඵානි විය සොතාපන්නාදයො අරියපුග්ගලා නත්ථීති න වත්තබ්බාති එවං එකන්තතො පරියත්තියෙව පමාණං.
මේ ලෙසින් ම මහා තඩාගයේ ස්ථිර වූ ඉවුර, ත්‍රිපිටක බුදුවදනට සමානය. එය පවතින කල්හි මහා තඩාගයේ ජලය හා සමාන වූ පිළිවෙත් පුරන කුලපුත්තු නැතැයි නොකිව යුතුයි. ඔවුහු සිටින කල්හි මහා තඩාගයේ පියුම් පිපෙන්නාක් මෙන් සෝවාන් ආදී මාර්ගඵල ලද ආර්යයෝ නැතැයි නොකිව යුතුයි. මෙලෙස ඒකාන්ත වූ පර්යාප්තියට ම මෙය ප්‍රමාණවත් වේ.
පථවීධාතූති ද්වෙ සතසහස්සානි චත්තාරි ච නහුතානි බහලා මහාපථවී. ආපොධාතූති පථවිතො පට්ඨාය යාව සුභකිණ්හබ්රහ්මලොකා උග්ගතං කප්පවිනාසකං උදකං. තෙජොධාතූති පථවිතො පට්ඨාය යාව ආභස්සරබ්රහ්මලොකා උග්ගතො කප්පවිනාසකො අග්ගි. වායොධාතූති පථවිතො පට්ඨාය යාව වෙහප්ඵලබ්රහ්මලොකා උග්ගතො කප්පවිනාසකො වායු. එතෙසු හි එකධම්මොපි සත්ථු සාසනං අන්තරධාපෙතුං න සක්කොති, තස්මා එවමාහ. ඉධෙව තෙ උප්පජ්ජන්තීති ලොහතො ලොහඛාදකං මලං විය ඉමස්මිං මය්හංයෙව සාසනෙ තෙ උප්පජ්ජන්ති. මොඝපුරිසාති තුච්ඡපුරිසා.
“පඨවිධාතු” යනු දෙලක්ෂ හතලිස් නහුතයකටත් වඩා ඝන වූ මහපොළවයි. “ආපො ධාතු” යනු පෘථිවියේ සිට සුභකිණ්ණ බ්‍රහ්ම ලෝකය දක්වා නැගෙන කල්පය විනාශ කරන ජලයයි. “තෙජො ධාතු” යනු පොළව පටන් ආභස්සර බඹලොව දක්වා නැගෙන කල්ප විනාශ කරන ගින්නයි. “වායො ධාතු” යනු පොළවේ සිට වේහප්ඵල බඹලොව දක්වා කල්පය විනාශ කරන වායුවයි. මේවා එකකින්වත් ශාස්තෘ ශාසනය (බුදුසසුන) වැනසිය නොහැක. අතුරුදහන් කළ නොහැක. එනිසා මෙසේ වදාළහ. “ඉධෙව තෙ උප්පජ්ජන්ති” යනු ලෝභයෙන්ම ඉපදී ලෝභයම කාදමන මලකඩ මෙන්, මොවුහු මගේ සසුනෙහි ම උපදිති යනුයි. “මොඝ පුරිසා” යනු හිස් පුරුෂයෝය.
ආදිකෙනෙව ඔපිලවතීති එත්ථ ආදිකෙනාති ආදානෙන ගහණෙන. ඔපිලවතීති නිමුජ්ජති. ඉදං වුත්තං හොති – යථා උදකචරා නාවා භණ්ඩං ගණ්හන්තී නිමුජ්ජති, එවං පරියත්තිආදීනං පූරණෙන සද්ධම්මස්ස අන්තරධානං න හොති. පරියත්තියා හි හායමානාය පටිපත්ති හායති, පටිපත්තියා හායමානාය අධිගමො හායති. පරියත්තියා පූරයමානාය පරියත්තිධරා පුග්ගලා පටිපත්තිං පූරෙන්ති, පටිපත්තිපූරකා අධිගමං පූරෙන්ති. ඉති නවචන්දො විය පරියත්තියාදීසු වඩ්ඪමානාසු මය්හං සාසනං වඩ්ඪති යෙවාති දස්සෙති.
“ආදිකෙනෙව ඔපිලවතී” මෙහි “ආදිකෙන” යනු දැඩිව ගැනීමෙන්ය. අල්ලා ගැනීමෙන්ය. “ඔපිලවතී” යනු කිමිදෙයි යනුයි. මෙය කියන ලදී. ජලයේ හැසිරෙන නැව වැඩිපුර බඩු පටවනුයේ නම් ගිලෙයි. කිමිදෙයි. එලෙසින්ම පර්යාප්ති ආදිය පිරිහී යාමෙන් සද්ධර්මයේ අතුරුදහන් වීමක් සිදු නොවේ. පර්යාප්තිය පිරිහීමෙන් ප්‍රතිපත්තිය පිරිහේ. ප්‍රතිපත්තිය පිරිහීමෙන් අධිගමය පිරිහේ. පර්යාප්තිය පුරන්නා වූ පර්යාප්තිධර පුද්ගලයෝ ප්‍රතිපත්තිය ම පුරවති. ප්‍රතිපත්තිය සම්පූර්ණ කරන්නෝ අධිගමය සම්පූර්ණ කරති. මෙසේ නවසඳක් මෙන් පර්යාප්ති ආදියෙන් වැඩෙන්නා වූ මගේ සසුන වර්ධනය වන්නේ ම යැයි දක්වයි.
ඉදානි යෙහි ධම්මෙහි සද්ධම්මස්ස අන්තරධානඤ්චෙව ඨිති ච හොති, තෙ දස්සෙන්තො පඤ්ච ඛොතිආදිමාහ. තත්ථ ඔක්කමනීයාති අවක්කමනීයා, හෙට්ඨාගමනීයාති අත්ථො. සත්ථරි අගාරවාතිආදීසු අගාරවාති ගාරවරහිතා. අප්පතිස්සාති අප්පතිස්සයා අනීචවුත්තිකා.
දැන් යම් කරුණකින් සද්ධර්මය අතුරුදහන් නොවී පවතිද්ද, ස්ථිරව පවතිද්ද එය දක්වන සේක්, “පඤ්චඛො” යනාදිය දෙසූහ. එහි “ඔක්කමණියා” යනු ඉවත්වීමට, පිරිහීමට, පහතට යෑමට යන අර්ථයි. “සත්ථරි අගාරවා” යනාදියෙහි “අගාරවා” යනු ගෞරව රහිතවය. “අප්පතිස්සා” යනු අකීකරුව, පහත් පැවතුම් ඇතිව යනුයි.
තත්ථ යො චෙතියඞ්ගණං ආරොහන්තො ඡත්තං ධාරෙති, උපාහනං ධාරෙති, අඤ්ඤතො ඔලොකෙත්වා කථං කථෙන්තො ගච්ඡති, අයං සත්ථරි අගාරවො නාම.
එහි යමෙක් චෛත්යංගණයට නැගෙමින් කුඩ පාවහන් රැගෙන ම යයි ද අනිකකු දෙස බලාගෙන කථාකරමින් ම යයිද මෙය ශාස්තෘන් වහන්සේට කරන අගෞරවයකි.
යො ධම්මස්සවනස්ස කාලෙ සඞ්ඝුට්ඨෙ දහරසාමණෙරෙහි පරිවාරිතො නිසීදති, අඤ්ඤානි වා නවකම්මාදීනි කරොති, ධම්මස්සවනග්ගෙ නිසින්නො නිද්දායති, වික්ඛිත්තො වා අඤ්ඤං කථෙන්තො නිසීදති, අයං ධම්මෙ අගාරවො නාම.
යමෙක් ධර්මශ්රවණය සඳහා ඝෝෂා කළ කල්හි ළදරු සාමණේරවරු පිරිවරාගෙන හිඳීම හෝ වෙනත් නව කර්මාන්තාදියෙහි නියුක්තව හිඳියිද බණ අසන පිරිස් කෙළවර හිඳියි ද එතැනට ගොස් නිදාගනියි ද වික්ෂිප්ත වූ සිත් ඇතිව සිටියිද බණ අසන අන්‍යයන් සමග කථාකරයි ද මෙම අකීකරු ක්‍රියාවන් ධර්මයට කළ අගෞරව නම් වේ.
යො ථෙරුපට්ඨානං ගන්ත්වා, අවන්දිත්වා නිසීදති, හත්ථපල්ලත්ථිකං දුස්සපල්ලත්ථිකං කරොති, අඤ්ඤං වා පන හත්ථපාදකුක්කුච්චං කරොති, වුඩ්ඪානං සන්තිකෙ අනජ්ඣිට්ඨො කථෙති, අයං සඞ්ඝෙ අගාරවො නාම.
යමෙක් තෙරවරුන්ට උපස්ථාන කිරීමට ගොස් නොවැඳ හිඳියි. අත්බැඳගෙන හිඳියි. රෙදි බැඳගෙන හිඳියි. අන්‍යයන්ටද අත්පා වලින් කුකුස් ඇතිකරයි. වැඩිහිටියන් සමීපයේදී අනාරාධිතව කථා කරයි. මෙය “සංඝ අගෞරවය” නම් වේ.
තිස්සො පන සික්ඛා අපූරෙන්තොව සික්ඛාය අගාරවො නාම හොති. අට්ඨ සමාපත්තියො අනිබ්බත්තෙන්තො තාසං වා පන නිබ්බත්තනත්ථාය පයොගං අකරොන්තො සමාධිස්මිං අගාරවො නාම. සුක්කපක්ඛො වුත්තවිපල්ලාසෙනෙව වෙදිතබ්බොති.
ත්‍රිවිධ ශික්ෂා සම්පූර්ණ නොකිරීම “ශික්ෂා අගෞරවය” නම් වේ. අෂ්ට සමාපත්තී නූපදවීම හා ඊට උත්සාහ නොකිරීම සමාධියට කරන ලද අගෞරවයකි. මේ දැක්වූ විවරණයන්හි යහපත් පැත්ත මෙම පදයන්ගේ අර්ථ විරුද්ධ අතට පෙරලීමෙන් ම දතයුතුයි.
තෙරසමං.
දහතුන්වන සූත්‍රයයි.
කස්සපසංයුත්තවණ්ණනා නිට්ඨිතා.
කස්සප සංයුත්තය නිමාවට පත්විය.