1. දාරුණවග්ගො අට්ඨකථා
1. දාරුණ වර්ගය
1. දාරුණසුත්තවණ්ණනා
1. දාරුණ සූත්‍ර වර්ණනාව
ලාභසක්කාරසංයුත්තස්ස පඨමෙ දාරුණොති ථද්ධො. ලාභසක්කාරසිලොකොති එත්ථ ලාභො නාම චතුපච්චයලාභො. සක්කාරොති තෙසංයෙව සුකතානං සුසඞ්ඛතානං ලාභො. සිලොකොති වණ්ණඝොසො. කටුකොති තිඛිණො. ඵරුසොති ඛරො. අන්තරායිකොති අන්තරායකරො.
ලාභසත්කාර සංයුත්තයේ පළමු සූත්‍රය “දාරුණෝ” යනු තද වූ දරුණු වූ යනුයි. “ලාභසක්කාර සිලොකො” මෙහි “ලාභය” නම් සිවුපස ලාභයයි. “සත්කාරය” නම් මනාසේ සකස් කළ, මනාව පිළියෙල කළ ලාභයයි. “සිලොක” යනු කීර්ති ඝෝෂාවයි. “කටුකො” යනු තියුණුය. “ඵරුසො” යනු කර්කෂය. “අන්තරායිකො” යනු අන්තරායක් කරයි.
පඨමං.
පළමු සූත්‍රයයි.
2. බළීසසුත්තවණ්ණනා
2. බළිස සූත්‍ර වර්ණනාව
දුතියෙ බාළිසිකොති බළිසං ගහෙත්වා චරමානො මච්ඡඝාතකො. ආමිසගතන්ති ආමිසමක්ඛිතං. ආමිසචක්ඛූති ආමිසෙ චක්ඛු දස්සනං අස්සාති ආමිසචක්ඛු. ගිලබළිසොති ගිලිතබළිසො. අනයං ආපන්නොති දුක්ඛං පත්තො. බ්යසනං ආපන්නොති විනාසං පත්තො. යථාකාමකරණීයොති යථාකාමෙන යථාරුචියා යථෙව නං බාළිසිකො ඉච්ඡති, තථෙවස්ස කත්තබ්බොති අත්ථො. යථාකාමකරණීයො පාපිමතොති යථා කිලෙසමාරස්ස කාමො, එවං කත්තබ්බො, නිරයං වා තිරච්ඡානයොනිං වා පෙත්තිවිසයං වා පාපෙතබ්බො.
දෙවන සූත්‍රයේ “බාළිසිකො” යනු බිලීපිත්තක් ගෙන හැසිරෙන මසුන් මරන්නායි. “ආමිසගතං” යනු ආහාරමය ඇමයි. “ආමිස චක්ඛු” යනු ආහාරයේම පැවති ඇසේ දර්ශනය ඇති තැනැත්තා. “ආමිස චක්ඛු” නම් වේ. “ගිළ බළසො” යනු ගිලින ලද බිලිය ඇති යනුයි. “අනයං අපන්නො” යනු දුකට පැමිණියේ යනුයි. “ව්යසනං ආපන්නො” යනු ව්‍යසනයට පැමිණියේ යනුයි. “යථාකාම කරණීයො” යනු කැමති පරිදි රිසි සේ යනුයි. යම්සේ බිලීබාන්නා කැමති වේ. ඒ අයුරින් ඔහුට කළහැකි වේ. “යථාකාම කරණීයො මාරස්ස” යනු ක්ලේශ මාරයාට රිසි දේ කළ හැකි වේ. නිරයට හෝ ප්‍රේත යෝනියට හෝ තිරිසන් යෝනියට හෝ කැමති තැනකට පමුණුවන්නේය.
දුතියං.
දෙවන සූත්‍රයයි.
3-4. කුම්මසුත්තාදිවණ්ණනා
3-4. කුම්ම ආදි සූත්‍ර වර්ණනා
තතියෙ මහාකුම්මකුලන්ති මහන්තං අට්ඨිකච්ඡපකුලං. අගමාසීති “එත්ථ අද්ධා කිඤ්චි ඛාදිතබ්බං අත්ථි, තං මච්ඡරායන්තො මං එස නිවාරෙතී”ති සඤ්ඤාය අගමාසි. පපතායාති පපතා වුච්චති දීඝරජ්ජුකබද්ධො අයකන්තකොසකෙ දණ්ඩකං පවෙසෙත්වා ගහිතො කණ්ණිකසල්ලසණ්ඨානො, අයකණ්ටකො, යස්මිං වෙගෙන පතිත්වා කටාහෙ ලග්ගමත්තෙ දණ්ඩකො නික්ඛමති, රජ්ජුකො එකාබද්ධො ගච්ඡතෙව. සො කුම්මොති සො විද්ධකුම්මො. යෙන සො කුම්මොති උදකසද්දං සුත්වා සාසඞ්කට්ඨානං භවිස්සතීති නිවත්තිත්වා යෙන සො අත්ථකාමො කුම්මො. න දානි ත්වං අම්හාකන්ති ඉදානි ත්වං අමිත්තහත්ථං ගතො, න අම්හාකං සන්තකොති අත්ථො. එවං සල්ලපන්තානංයෙව ච නෙසං නාවාය ඨිතො ලුද්දො රජ්ජුකං ආකඩ්ඪිත්වා කුම්මං ගහෙත්වා යථාකාමං අකාසි.
තෙවැනි සූත්‍රයේ “මහාකුම්මකුලං” මහත් වූ ඇටකැස්බා කුලයක් යනුයි. “අගමාසි” යනු ඒකාන්තයෙන් මෙහි කිසියම් කෑයුතු දෙයක් ඇතැයි, ඒ පිළිබඳ මසුරුකමින් මට එය නැතිවේය යන සංඥාවෙන් ගියේය යනුයි. “පපතාය” යනු වැටුණේය යනුයි. දිගු රැහැනකින් බැඳි යකඩ කොපුවක දණ්ඩක් ඇතුලු කර තනාගත් මුදුනෙහි හිලක් යෙදූ ගල් කඩුව-යකඩ කටුව, යමකට වේගයෙන් වැටී පිටපැත්තෙහි ඇලුණු මොහොතේ දණ්ඩක් නික්මී රැහැණින් එකට බැඳී යයි. “සො කුම්මො” යනු ඒ ළදරු කැස්බෑවාය. “යෙන සො කුම්මො” යනු ජලයේ ශබ්දය අසා සැක සහිත තැනක් වන්නේ යැයි නැවතී සිටි තමාට යහපත කැමති කැස්බෑවාය. “තදානි ත්වං අම්හාකං” යනු දැන් නුඹ අපගේ සතුරන් අතට ගියේය. අපට අයත් නොවේ යන අර්ථයි. මෙසේ ඔවුහු කථාකරමින් සිටියදීම නැවේ සිටි වැද්දා රැහැන ඇද, කැස්බෑවා ගෙන කැමති දෙයක් කළේය.
සෙසමෙත්ථ ඉතො අනන්තරසුත්තෙ ච උත්තානමෙව.
මෙම අර්ථය ම සිවුවන සූත්‍රයේදී ද දතයුතුයි.
තතියචතුත්ථානි.
තෙවන හා සිවුවන සූත්‍රයන් ය.
5. මීළ්හකසුත්තවණ්ණනා
5. මීළ්හක සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ මීළ්හකාති ගූථපාණකා. ගූථාදීති ගූථභක්ඛා. ගූථපූරාති අන්තො ගූථෙන භරිතා. පුණ්ණා ගූථස්සාති ඉදං පුරිමස්සෙව අත්ථදීපනං. අතිමඤ්ඤෙය්යාති පච්ඡිමපාදෙ භූමියං ඨපෙත්වා පුරිමපාදෙ ගූථස්ස උපරි ආරොපෙත්වා ඨිතා “අහම්හි ගූථාදී”ති භණන්තී අතිමඤ්ඤෙය්ය. පිණ්ඩපාතො චස්ස පූරොති අපරොපිස්ස පත්තපූරො පණීතපිණ්ඩපාතො භවෙය්ය.
පස්වන සූත්‍රයේ - “එළකා” යනු අශූචි කා ජීවත්වන සත්තුය. “ගූථාදී” යනු අශූචි කන යනුයි. “ගූථ පුරා” යනු ඇතුල අශූචියෙන් බරවූ යනුයි. “පුණ්ණා ගූථස්ස” යනු මෙය මුල්පදයේම අර්ථය දැක්වීමකි. “අතිමඤ්ඤෙය්ය” යනු පසුපාදයෙන් බිම හිඳ, පෙර පාදයෙන් අශූචි මතුපිටට නැඟ සිටගෙන - “මම වනාහී අශූචිවලින් පිරුණේයැ”යි කියමින් සෙසු පණුවන් ඉක්මවා සිතයි. “පිණ්ඩපාතො චස්ස පූරො” යනු ඔහුගේ පාත්‍රය පිරි ප්‍රණීත පිණ්ඩපාතය ලැබුණේ වෙයි.
පඤ්චමං.
පස්වන සූත්‍රයයි.
6. අසනිවිචක්කසුත්තවණ්ණනා
6. අසනිවක්ක සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ කං, භික්ඛවෙ, අසනිවිචක්කන්ති, භික්ඛවෙ, කං පුග්ගලං මත්ථකෙ පතිත්වා මද්දමානං සුක්කාසනිචක්කං ආගච්ඡතු. අප්පත්තමානසන්ති අනධිගතාරහත්තං. ඉති භගවා න සත්තානං දුක්ඛකාමතාය, ආදීනවං පන දස්සෙතුං එවමාහ. අසනිචක්කඤ්හි මත්ථකෙ පතිතං එකමෙව අත්තභාවං නාසෙති, ලාභසක්කාරසිලොකෙන පරියාදිණ්ණචිත්තො නිරයාදීසු අනන්තදුක්ඛං අනුභොති.
සයවන සූත්‍රයේ “කං භික්ඛවෙ! අසනි විචක්කං” යනු “මහණෙනි! කවර පුද්ගලයෙක් මත වැටී මඩිමින් විනාශවන හෙනගුලිය එන්නේද?” යනුයි. “අප්පත්ත මානස” යනු රහත්බව අවබෝධ නොකළ යනුයි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ සත්ත්වයන්ගේ දුක්සහගත කාමයේ ආදීනව දැක්වීමට පමණක්ම මෙය නොදෙසූහ. හෙනගුලියක් හිසමත වැටුනහුගේ එක් ආත්මභාවයක් පමණක් විනාශ වේ. ලාභ සත්කාර කීර්ති ප්රශංසාදියේ ඇලුණු සිත් ඇත්තා නිරයාදියෙහි ආත්මභාව ගණනාවක් අනන්ත දුක් විඳියි.
ඡට්ඨං.
සයවන සූත්‍රයයි.
7. දිද්ධවිසල්ලසුත්තවණ්ණනා
7. දිද්ධවිසල්ල සූත්‍ර වර්ණනාව
සත්තමෙ දිද්ධගතෙනාති ගතදිද්ධෙන. විසල්ලෙනාති විසමක්ඛිතෙන. සල්ලෙනාති සත්තියා.
සත්වන සූත්‍රයේ “දිද්ධගතෙන” යනු විෂ පොවන ලද යනුයි. “විසල්ලෙන” යනු විෂ ආලේප කරන ලද හුලෙන්. සැතෙන්. ආයුධයෙන් යන අර්ථයි.
සත්තමං.
සත්වන සූත්‍රයයි.
8. සිගාලසුත්තවණ්ණනා
8. සිගාල සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ සිඞ්ගාලොති ජරසිඞ්ගාලො. යථා හි සුවණ්ණවණ්ණොපි කායො පූතිකායො ත්වෙව, තංඛණං ගළිතම්පි ච මුත්තං පූතිමුත්තන්ත්වෙව වුච්චති, එවං තදහුජාතොපි සිඞ්ගාලො ජරසිඞ්ගාලොත්වෙව වුච්චති. උක්කණ්ටකෙන නාමාති එවංනාමකෙන රොගෙන. සො කිර සීතකාලෙ උප්පජ්ජති. තස්මිං උප්පන්නෙ සකලසරීරතො ලොමානි පතන්ති, සකලසරීරං නිල්ලොමං හුත්වා, සමන්තතො ඵුටති, වාතබ්භාහතා වණා රුජ්ජන්ති. යථා උම්මත්තකසුනඛෙන දට්ඨො පුරිසො අනවට්ඨිතොව භමති, එවං තස්මිං උප්පන්නෙ භමිතබ්බො හොති, අසුකට්ඨානෙ සොත්ථි භවිස්සතීති න පඤ්ඤායති.
අටවන සූත්‍රයේ “සිගාලො” යනු ජරාවට පත් සිවලාය. යම්සේ රන්වන් වූ ශරීරයත් කුණු ශරීරයක්ම වේ. එකෙණෙහිම ගත්තා වූ මුත්‍ර පවා “කුණු වූ මුත්‍ර” නම් වේ. මෙලෙස එදිනම උපන් සිවලාත් “මහළු වූ සිවලෙකි”යි දැක්විණි. “උක්කණ්ටකෙන නාම” එනම් ඇති රෝගයෙන්. එය ශීත කාලයේ සෑදෙන්නකි. එය වැළඳුණු විට මුලු ශරීරයේම ලෝම හැලෙයි. සිරුරේ ලොම් නැතුව හාත්පස ස්පර්ශ කරයි. සුලං වැදී තුවාල වේදනා දෙයි. පිස්සු බල්ලෙකු විසින් හපා කන ලද මිනිසෙකු මෙන් ස්ථිර නොවූයේ, එහෙ-මෙහෙ හැසිරේ. මෙම රෝගය උපන් කල්හි මෙසේ කැරකීම හා ඇවිදීම ඇතිවේ. අසුවල් තැන සැපක් ඇතිවේයැයි නොවැටහේ.
අට්ඨමං.
අටවන සූත්‍රයයි.
9. වෙරම්බසුත්තවණ්ණනා
9. වෙරම්භ සූත්‍ර වර්ණනාව
නවමෙ වෙරම්භවාතාති එවංනාමකා මහාවාතා. කීදිසෙ පන ඨානෙ තෙ වාතා වායන්තීති? යත්ථ ඨිතස්ස චත්තාරො දීපා උප්පලිනිපත්තමත්තා හුත්වා පඤ්ඤායන්ති. යො පක්ඛී ගච්ඡතීති නවවුට්ඨෙ දෙවෙ විරවන්තො වාතසකුණො තත්ථ ගච්ඡති, තං සන්ධායෙතං වුත්තං. අරක්ඛිතෙනෙව කායෙනාතිආදීසු හත්ථපාදෙ කීළාපෙන්තො ඛන්ධට්ඨිං වා නාමෙන්තො කායං න රක්ඛති නාම, නානාවිධං දුට්ඨුල්ලකථං කථෙන්තො වාචං න රක්ඛති නාම, කාමවිතක්කාදයො විතක්කෙන්තො චිත්තං න රක්ඛති නාම. අනුපට්ඨිතාය සතියාති කායගතාසතිං අනුපට්ඨපෙත්වා.
නවවන සූත්‍රයේ “වෙරම්බ වාතා” යනු එනම් වූ නම් ඇති මහ සුලඟයි. මේ සුලඟ කවර තැනක හමන්නේද? යම්තැනකදී සතරමහා දිවයින් උපුල්පතක් මෙන් පෙනෙන්නේද (ඉහල අහසේ) එබඳු තැන මේ සුලඟ හමයි. “යො පක්ඛී ගච්ඡති” යනු අලුතින් වැසි වැටුණු කල්හි නද දෙමින් සුලං කුරුල්ලෝ එහි පියඹා යති. එනිසා මෙය කියන ලදී. “අරක්ඛිතෙනෙව කායෙන” යනාදියෙහි අත්පාවලින් ක්‍රීඩාකරන - කොඳු ඇට නවන ස්වභාවය, “කය නොරැකීම” නම් වේ. නානාප්‍රකාර අසභ්‍ය වදන් කථාකිරීම “වචන නොරැකීම” නම් වේ. කාම විතර්කාදිය විතර්කනය කිරීම “සිත නොරැකීම” නම් වේ. “අනුපට්ඨිතාය සතියා” යනු කායගතාසතිය නොපිහිටුවාය.
නවමං.
නවවන සුත්‍රය යි.
10. සගාථසුත්තවණ්ණනා
10. සගාථ සූත්‍ර වර්ණනාව
දසමෙ අසක්කාරෙන චූභයන්ති අසක්කාරෙන ච උභයෙන. සමාධීති අරහත්තඵලසමාධි. සො හි තෙන න විකම්පති. අප්පමාණවිහාරිනොති අප්පමාණෙන ඵලසමාධිනා විහරන්තස්ස. සාතතිකන්ති සතතකාරිං. සුඛුමංදිට්ඨිවිපස්සකන්ති අරහත්තමග්ගදිට්ඨියා සුඛුමදිට්ඨිඵලසමාපත්තිඅත්ථාය විපස්සනං පට්ඨපෙත්වා ආගතත්තා විපස්සකං. උපාදානක්ඛයාරාමන්ති උපාදානක්ඛයසඞ්ඛාතෙ නිබ්බානෙ රතං. ආහු සප්පුරිසො ඉතීති සප්පුරිසොති කථෙන්තීති.
දසවන සූත්‍රයේ “අසක්කාරෙන චූභයං” යනු අසක්කාරෙන ච උභයෙන සත්කාර කිරීමෙන්ද අසත්කාර කිරීමෙන්ද යනුයි. “සමාධී” යනු අර්හත්ඵල සමාධියයි. ඔහු එයින් කම්පා නොවේ. “අප්පමාණ විහාරිතො” යනු අප්‍රමාණ වූ ඵලසමාධියෙන් යුක්තව වාසය කරන්නාටය. “සාතතිකං” යනු නිතර ක්රියාකරන්නාය. “සුඛුමදිට්ඨි විපස්සකං” යනු අර්හත් මාර්ග දෘෂ්ටියෙන්, සූක්ෂම දෘෂ්ටියෙන් ඵල සමාපත්තිය සඳහා විදර්ශනාව වඩා, විදර්ශනාවට පැමිණි බැවින්. “උපාදානක්ඛයාරාමං” යනු උපාදානක්ෂය නම් වූ නිවනෙහි ඇලුණු යනුයි. “ආහු සප්පුරිසො ඉතී” යනු සත්පුරුෂයෙක් යැයි කියති.
දසමං.
දසවන සූත්‍රයයි.
පඨමො වග්ගො.
පළමු වර්ගය නිමියේ ය.