බළීසසුත්තං
5. 1. 2.
5. 1. 2.
බළීසසුත්තං
බළිස සූත්රය
298. සාවත්ථියං–
298. සැවැත්නුවර–
දාරුණො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො කටුකො ඵරුසො අන්තරායිකො අනුත්තරස්ස යොගක්ඛෙමස්ස අධිගමාය. සෙය්යථාපි භික්ඛවෙ බාළිසිකො ආමිසගතං බළිසං ගම්භීරෙ උදකරහදෙ පක්ඛිපෙය්ය. තමෙනං අඤ්ඤතරො ආමිසචක්ඛු මච්ඡො ගිලෙය්ය. එවං හි සො භික්ඛවෙ, මච්ඡො ගිලබළිසො බාළිසිකස්ස අනයං ආපන්නො, ව්යසනං ආපන්නො, යථාකාමකරණීයො බාළිසිකස්ස. බාළිසිකොති ඛො භික්ඛවෙ මාරස්සෙතං පාපිමතො අධිවචනං. බළිසන්ති ඛො භික්ඛවෙ ලාභසක්කාරසිලොකස්සෙතං අධිවචනං.
මහණෙනි, ලාභසත්කාර කීර්තිප්රශංසා දරුණු ය, තියුණු ය, රළු ය, අනුත්තර වූ අර්හත්ත්වාබෝධය පිණිස අන්තරාය කර ය. මහණෙනි, යම් සේ බිළී වැද්දෙක් ඇමින් යුත් බිළිය ගැඹුරු දිය විලෙක බහන්නේ ද, ඇමෙහි ලූ ඇස් ඇති එක්තරා මසෙක් එය ගිලින්නේ ය. මහණෙනි, මෙසේ ඒ මසු තෙමේ බිළිය ගිලගත්තේ දුකට පැමිණියේ වැනසුමට පැමිණියේ බිළීවැදි විසින් කැමති සේ කටයුත්තෙක් වන්නේ ය. මහණෙනි, “බිළීවැද්දා” යනු පවිටු මරුට මේ නමෙකි. මහණෙනි, “බිළිය” යනු ලාභසත්කාර කීර්තිප්රශංසාවනට මේ නමෙකි.
යො හි කොචි භික්ඛවෙ, භික්ඛු උප්පන්නං ලාභසක්කාරසිලොකං අස්සාදෙති නිකාමෙති, අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු ගිලබළිසො මාරස්ස අනයං ආපන්නො, ව්යසනං ආපන්නො, යථාකාමකරණීයො පාපිමතො. එවං දාරුණො ඛො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො කටුකො ඵරුසො අන්තරායිකො යොගක්ඛෙමස්ස අධිගමාය. තස්මාතිහ භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං: “උප්පන්නං ලාභසක්කාරසිලොකං පජහිස්සාම. “න ච නො උප්පන්නො ලාභසක්කාරසිලොකො චිත්තං පරියාදාය ඨස්සතී”ති. එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
මහණෙනි, යම් කිසි මහණෙක් උපන් ලාභසත්කාර කීර්ති ප්රශංසා ආස්වාද කෙරේ ද, කැමති වේ ද, මහණෙනි, මේ මහණ තෙමේ ගිලගත් බිළී ඇත්තේ දුකට පැමිණියේ වැනසුමට පැමිණියේ පවිටු මරු විසින් කැමති සේ කටයුත්තෙක් ය යි කියනු ලැබේ. මහණෙනි, ලාභසත්කාර කීර්තිප්රශංසා මෙසේ දරුණු ය, තියුණු ය, රළු ය, අනුත්තර වූ අර්හත්ත්වාවබෝධය පිණිස අන්තරාය කර ය, මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “උපන් ලාභ සත්කාරකීර්තිප්රශංසා දුරුකරන්නෙමු. උපන් ලාභසත්කාර කීර්තිප්රශංසා අපගේ සිත ක්ෂය කොට නොම සිටිනේ ය” යි. මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතු මැ යි.