යෙදුමෙන් කියවන්න

කුම‍්මසුත‍්තං

5. 1. 3.

5. 1. 3.

කුම‍්මසුත‍්තං

කුම්ම සූත්‍රය

299. සාවත්‍ථියං–

299. සැවැත්නුවර–

දාරුණො භික‍්ඛවෙ, ලාභසක‍්කාරසිලොකො -පෙ-

මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ය. ...

භූතපුබ‍්බං භික‍්ඛවෙ, අඤ‍්ඤතරස‍්මිං උදකරහදෙ මහාකුම‍්මකුලං චිරනිවාසී අහොසි. අථ ඛො භික‍්ඛවෙ, අඤ‍්ඤතරො කුම‍්මො අඤ‍්ඤතරං කුම‍්මං එතදවොච: “මා ඛො ත්‍වං තාත කුම‍්ම, එතං පදෙසං අගමාසී”ති. අගමාසි ඛො භික‍්ඛවෙ, සො කුම‍්මො තං පදෙසං. තමෙනං ලුද‍්දො පපතාය විජ‍්ඣි. අථ ඛො භික‍්ඛවෙ, සො කුම‍්මො යෙන සො කුම‍්මො තෙනුපසඞ‍්කමි. අද‍්දසා ඛො භික‍්ඛවෙ, සො කුම‍්මො තං කුම‍්මං දූරතොව ආගච‍්ඡන‍්තං. දිස‍්වාන තං කුම‍්මං එතදවොච: කච‍්චි ත්‍වං තාත කුම‍්ම, න තං පදෙසං අගමාසීති? අගමාසිං ඛො අහං තාත කුම‍්ම, තං පදෙසන‍්ති. කච‍්චි පනාසි තාත කුම‍්ම, අක‍්ඛතො අනුපහතොති? අක‍්ඛතො ඛොම‍්හි තාත කුම‍්ම, අනුපහතො. අත්‍ථි පන මෙ ඉදං සුත‍්තකං පිට‍්ඨිතො පිට‍්ඨිතො, අනුබද‍්ධන‍්ති.

මහණෙනි, පෙර වූවක් කියමි. එක්තරා දියවිලෙක මහ කැසුප් කුලක් දිගුකලක් වුසුයේ විය. මහණෙනි, එකල්හි එක්තරා කැසුබුවෙක් අනෙක් කැසුබුවකුට “පුත, කැස්බ, තෝ මේ පෙදෙසට නො යා”යි මෙය කී ය. ඒ කැසුබු ඒ පෙදෙසට ගියේ ය. උහුට වැද්දෙක් යොත් බන් යකටුවකින් විද්දේ ය. මහණෙනි, එකල්හි ඒ කැසුබු ඒ කැසුබුවා වෙත එළඹියේ ය. මහණෙනි, ඒ කැසුබු තෙමේ එන්නා වූ ඒ කැසුබුවා දුර දී ම දැක්කේ ය. දැක ඒ කැසුබුවාට මෙය කී ය. පුත, කැස්බ, කිම? තෝ ඒ පෙදෙසට නො ගියෙහි ද? පියේ, කැස්බ, මම ඒ පෙදෙසට ගියෙමි යි. පුත, කැස්බ, කිම? අක්‍ෂත (නුබුන් සිරුරු ඇති) යෙහි ද? අනුපහත (නොනැසුනේ) වෙහිද? පියේ කැස්බ, අක්‍ෂතයෙමි, අනුපහතයෙමි. එහෙත් මා පසුපස ලුහුබැඳි මේ හුයෙක් ඇතැයි.

තග‍්ඝස‍්සසි තාත කුම‍්ම, ඛතො උපහතො. එතෙන හි තෙ තාත කුම‍්ම, සුත‍්තකෙන පිතරො ච පිතාමහා ච අනයං ආපන‍්නා ව්‍යසනං ආපන‍්නා. ගච‍්ඡදානි ත්‍වං තාත කුම‍්ම, න දානි ත්‍වං අම‍්හාකන‍්ති.

පුත, කැස්බ, ඒකාන්තයෙන් ක්‍ෂත වූයේ උපහත වෙහි. පුත, කැස්බ, මේ හුයෙන් තාගේ පියහු ද මුත්හු ද දුකට පැමිණියහ. විපතට පැමිණියහ. පුත, කැස්බ, දැන් තෝ යව. දැන් තෝ අපගේ නො වෙහි යි.

ලුද‍්දොති ඛො භික‍්ඛවෙ, මාරස‍්සෙතං පාපිමතො අධිවචනං. පපතාති ඛො භික‍්ඛවෙ, ලාභසක‍්කාරසිලොකස‍්සෙතං අධිවචනං. සුත‍්තකන‍්ති ඛො භික‍්ඛවෙ නන්‍දිරාගස‍්සෙතං අධිවචනං. යො හි කොචි භික‍්ඛවෙ භික‍්ඛු උප‍්පන‍්නං ලාභසක‍්කාරසිලොකං අස‍්සාදෙති, නිකාමෙති, අයං වුච‍්චති භික‍්ඛවෙ, භික‍්ඛු ගිද‍්ධො පපතාය අනයං ආපන‍්නො, ව්‍යසනං ආපන‍්නො, යථාකාමකරණීයො පාපිමතො. එවං දාරුණො ඛො භික‍්ඛවෙ, ලාභසක‍්කාරසිලොකො -පෙ- [තස‍්මාතිහ භික‍්ඛවෙ එවං සික‍්ඛිතබ‍්බං: උප‍්පන‍්නං ලාභ සක‍්කාරසිලොකං පජහිස‍්සාම -පෙ-] එවං හි වො භික‍්ඛවෙ සික‍්ඛිතබ‍්බන‍්ති.

මහණෙනි, ‘වැද්දා’ යනු පවිටු මරුට මේ නමෙකි. මහණෙනි, ‘යකටු’ යනු ලාබ සත්කාර කීර්ති ප්‍රශංසාවනට මේ නමෙකි. මහණෙනි, ‘හුය’ යනු තෘෂ්ණාවට මේ නමෙකි. මහණෙනි, යම් කිසි මහණෙක් උපන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආස්වාද කෙරේ ද, කැමති වේ ද, මහණෙනි, මේ මහණ තෙමේ ගිජු වූයේ යකටුවෙන් දුකට පැමිණියේ වැනසුමට පැමිණියේ පවිටු මරු විසින් කැමති සේ කටයුත්තේ ය යි කියනු ලැබේ. මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මෙසේ දරුණු ය, ... උපන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බැහැරලමු. ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.