දීඝලොමිඵළකසුත්තං
5. 1. 4.
5. 1. 4.
දීඝලොමිඵළකසුත්තං
දීඝලෝමි ඵලක සූත්රය
300. සාවත්ථියං–
300. සැවැත්නුවර–
දාරුණො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ-
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණු ය. ...
සෙය්යථාපි භික්ඛවෙ දීඝලොමිකා එළකා කණ්ටකාගහණං පවිසෙය්ය, සා තත්ර තත්ර සජ්ජෙය්ය, තත්ර තත්ර ගය්හෙය්ය, තත්ර තත්ර බජ්ඣෙය්ය, තත්ර තත්ර අනයව්යසනං ආපජ්ජෙය්ය. එවමෙව ඛො භික්ඛවෙ, ඉධෙකච්චො භික්ඛු ලාභසක්කාරසිලොකෙන අභිභූතො පරියාදින්නචිත්තො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසති. සො තත්ර තත්ර සජ්ජති, තත්ර තත්ර ගය්හති. තත්ර තත්ර බජ්ඣති, තත්ර තත්ර අනයව්යසනං ආපජ්ජති. එවං දාරුණො ඛො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ- [උප්පන්නං ලාභසක්කාරසිලොකං පජහිස්සාම -පෙ- ]එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බන්ති.
මහණෙනි, යම් සේ දික් ලොම් ඇති එළුදෙනක් කටුලැහැබකට පිවිසියා ද, ඕ ඒ ඒ තන්හි ඇලෙන්නී ය. ඒ ඒ තන්හි ගැණෙන්නී ය, ඒ ඒ තන්හි බැඳෙන්නී ය. ඒ ඒ තන්හි දුකට විපතට පැමිණෙන්නී ය. මහණෙනි, එසෙයින් ම මෙහි ඇතැම් මහණෙක් ලාභ සත්කාර කීර්ති ප්රශංසායෙන් මඬනා ලද්දේ ගන්නා ලද සිත් ඇත්තේ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ ගමකට හෝ නියම් ගමකට හෝ පිඬු පිණිස පිවිසේ ද, හෙතෙමේ ඒ ඒ තන්හි ඇලෙයි, ඒ ඒ තන්හි ගැණෙයි, ඒ ඒ තන්හි බැඳෙයි. ඒ ඒ තන්හි දුකට විපතට පැමිණෙයි. මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසා මෙසේ දරුණු ය, ... උපන් ලාභ සත්කාර කීර්තිප්රශංසා බැහැර ලමු. ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.