මීළ‍්හකසුත‍්තං
5. 1. 5.
5. 1. 5.
මීළ‍්හකසුත‍්තං
මීළ්හක සූත්‍රය
301. සාවත්‍ථියං–
301 සැවැත්නුවර–
දාරුණො භික‍්ඛවෙ, ලාභසක‍්කාරසිලොකො -පෙ-
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය. ...
සෙය්‍යථාපි භික‍්ඛවෙ, මීළ‍්හකා ගූථාදී, ගූථපූරා, පුණ‍්ණා ගූථස‍්ස, පුරතො චස‍්ස මහාගූථපුඤ‍්ජො. සා තෙන අඤ‍්ඤා මීළ‍්හකා අතිමඤ‍්ඤෙය්‍ය: අහං හි ගූථාදී, ගූථපූරා, පුණ‍්ණා ගූථස‍්ස, පුරතො ච ම්‍යායං මහාගූථපුඤ‍්ජොති.
මහණෙනි, යම්සේ වර්චස් බුදින වර්චස් භරිත වර්චසින් පිරුණු මීළ්හක (වර්චස් බුදිනා) පණුවෙක් වේ ද, ඉදිරියෙහිත් මහා වර්චස් පිඩෙක් වන්නේ ද, ඕ එයින් “මම් වූ කලි වර්චස් කන්නෙම් වර්චස් භරිතයෙම් වර්චසින් පිරුණෙම් වෙමි. මා ඉදිරියෙහිත් මේ අශූචිපිඩෙක් වේ ය”යි අන් මීළ්හකාවන් ඉක්මවා සිතයි.
එවමෙව ඛො භික‍්ඛවෙ, ඉධෙකච‍්චො භික‍්ඛු ලාභසක‍්කාරසිලොකෙන අභිභූතො පරියාදින‍්නචිත‍්තො පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය ගාමං වා නිගමං වා පිණ‍්ඩාය පවිසති. සො තත්‍ථ භුත‍්තාවී ච හොති යාවදත්‍ථො, නිමන‍්තිතො ච ස‍්වාතනාය, පිණ‍්ඩපාතො චස‍්ස පූරො. සො ආරාමං ගන‍්ත්‍වා භික‍්ඛුගණස‍්ස මජ‍්ඣෙ විකත්‍ථති: භුත‍්තාවී චම‍්හි යාවදත්‍ථො, නිමන‍්තිතොචම‍්හි ස‍්වාතනාය, පිණ‍්ඩපාතො ච ම්‍යායං පූරො, ලාභී චම‍්හි චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරානං. ඉමෙ පනඤ‍්ඤෙ භික‍්ඛූ අප‍්පපුඤ‍්ඤා අප‍්පෙසක‍්ඛා න ලාභිනො චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරානං. සො තෙන ලාභසක‍්කාරසිලොකෙනාභිභිභූතො පරියාදින‍්නචිත‍්තො අඤ‍්ඤෙපෙසලෙ භික‍්ඛූ අතිමඤ‍්ඤති. තං හි තස‍්ස භික‍්ඛවෙ, මොඝපුරිසස‍්ස හොති දීඝරත‍්තං අහිතාය දුක‍්ඛාය. එවං දාරුණො ඛො භික‍්ඛවෙ, ලාභසක‍්කාරසිලොකො -පෙ- [උප‍්පන‍්නං ලාභසක‍්කාරසිලොකං පජහිස‍්සාම -පෙ-] එවං හි වො භික‍්ඛවෙ, සික‍්ඛිතබ‍්බන‍්ති.
මහණෙනි, එසෙයින් ම ඇතැම් මහණෙක් ලාභ සත්කාර කීර්තිප්‍රශංසායෙන් මඩනා ලද්දේ හාත්පසින් පැහැරගන්නා ලද හිත් ඇත්තේ පෙරවරු හැඳ පොරොවා පාසිවුරු ගෙණ ගමකට හෝ නියම්ගමකට හෝ පිඬු පිණිස පිවිසේ. හෙතෙමේ එහි දී ඇති තාක් වළඳුයේත් සෙට පිණිස පවරණ ලද්දේත් වෙයි. පිණ්ඩපාතය ද පිරුණේ වන්නේ ය. හෙතෙම අරමට ගොස් මහණගණා මැද “මම ඇති තාක් වැළඳුයෙම් ද වෙමි. සෙට පිණිස පවරණ ලද්දෙම් ද වෙමි. මාගේ මේ පිණ්ඩපාතය ද පිරුණේ ය. සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන සුල්ලෙම් ද වෙමි. මේ අන් මහණහු මඳ පිණැත්තහ, අල්පේශාක්‍යයහ. සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර නො ලබන සුල්ලහ”යි තමා වණයි. හෙ තෙමේ ඒ ලාබ සත්කාර කීර්ති ප්‍රශංසායෙන් මඩනා ලද්දේ ගන්නා ලද සිත් ඇත්තේ අනෙක් ප්‍රියශීල භික්‍ෂූන් ඉක්මවා සිතයි. මහණෙනි, එය ඒ හිස්පුරුෂයාහට දිඟුකලක් අහිත පිණිස දුක් පිණිස වේ. මහණෙනි, ලාභසත්කාර කීර්ති ප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බැහැරලන්නෙමු. ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු ම යි.