අසනිවිචක්කසුත්තං
5. 1. 6.
5. 1. 6.
අසනිවිචක්කසුත්තං
අසනිවක්ක සූත්රය
302. සාවත්ථියං–
302. සැවැත්නුවර–
දාරුණො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ-
මහණෙනි, ලාභසත්කාර කීර්ති ප්රශංසා දරුණු ය, ...
කං භික්ඛවෙ, අසනි විචක්කං ආගච්ඡතු? සෙඛං අප්පත්තමානසං ලාභසක්කාරසිලොකො අනුපාපුණාතු. “අසනි විචක්කන්ති” ඛො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකස්සෙතං අධිවචනං. එවං දාරුණො ඛො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො, -පෙ- [උප්පන්නං ලාභසක්කාරසිලොකං පජහිස්සාම -පෙ-] එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
මහණෙනි, හෙනසක කවරකු කරා පැමිණිය හෙයි ද? නො පැමිණි රහත්බැව් ඇති ශෛක්ෂයා වෙත ය. ලාභසත්කාර කීර්තිප්රශංසා (ඔහු කරා) පැමිණිය හෙයි. මහණෙනි, “හෙනසක” යනු ලාභසත්කාර කීර්තිප්රශංසාවනට මේ නමෙකි. මහණෙනි, ලාභසත්කාර කීර්තිප්රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභසත්කාර කීර්ති ප්රශංසා බැහැර ලන්නෙමු. ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
5. 1. 7.
5. 1. 7.
දිද්ධවිසල්ලසුත්තං.
දිද්ධවිසල්ල සූත්රය
303. සාවත්ථියං–
303. සැවැත්නුවර–
දාරුණො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ-
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණු ය ...
කං භික්ඛවෙ, දිද්ධගතෙන විසල්ලෙන සල්ලෙන බිජ්ඣතු? සෙඛං අප්පත්තමානසං ලාභසක්කාරසිලොකො අනුපාපුණාතු. විසල්ල’න්ති ඛො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකස්සෙතං අධිවචනං. එවං දාරුණො ඛො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ- [උප්පන්නං ලාභසක්කාරසිලොකං පජහිස්සාම -පෙ-] එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
මහණෙනි, විසපී විස වැකි හුලෙකින් කවරකුට විදිය හේ ද? නො පැමිණි රහත්බැව් ඇති ශෛක්ෂයාට ය. ලාභ සත්කාර කීර්ති ප්රශංසා (ඔහු කරා) පැමිණිය හෙයි. මහණෙනි, “හුල” යනු ලාභ සත්කාර කීර්ති ප්රශංසාවනට මේ නමෙකි. මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසා මෙසේ දරුණු ය, ... උපන් ලාභසත්කාර කීර්ති ප්රශංසා බැහැර ලන්නෙමු. ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.