යෙදුමෙන් කියවන්න

සිගාලසුත‍්තං

5. 1. 8.

5. 1. 8.

සිගාලසුත‍්තං

සිගාල සූත්‍රය

304. සාවත්‍ථියං–

304. සැවැත්නුවර–

දාරුණො භික‍්ඛවෙ, ලාභසක‍්කාරසිලොකො -පෙ-

මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ය ...

අස‍්සුත්‍ථ නො තුම‍්හෙ භික‍්ඛවෙ, රත‍්තියා පච‍්චූසසමයං ජරසිගාලස‍්ස වස‍්සමානස‍්සාති? එවං භන‍්තෙ, එසො ඛො භික‍්ඛවෙ, ජරසිගාලො උක‍්කණ‍්ටකෙන නාම රොගජාතෙන ඵුට‍්ඨො නෙව බිලගතො රමති. න රුක‍්ඛමූලගතො රමති. න අජ‍්ඣොකාසගතො රමති. යෙන යෙන ගච‍්ඡති, යත්‍ථ යත්‍ථ තිට‍්ඨති, යත්‍ථ යත්‍ථ නිසීදති, යත්‍ථ යත්‍ථ නිපජ‍්ජති, තත්‍ථ තත්‍ථ අනයබ්‍යසනං ආපජ‍්ජති.

මහණෙනි, තෙපි රෑ පැසුළු යම හඬන ජරසිවලකුගේ හඬ ඇසූහු ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ ජරසිවලා උක්කණ්ටක නම් රෝග ජාතියෙන් පහස්නා ලද්දේ බිලයට ගියේ නො ම ඇලෙයි. රුක්මුලට ගියේ නො ම ඇලෙයි. අබවසට ගියේ නො ම ඇලෙයි. යම් යම් තැනෙක යේ ද, යම් යම් තැනෙක සිටී ද, යම් යම් තැනෙක හිඳී ද, යම් යම් තැනෙක හොවී ද, ඒ ඒ තැන්හි දුකට පීඩාවට පැමිණෙයි.

එවමෙව ඛො භික‍්ඛවෙ, ඉධෙකච‍්චො භික‍්ඛු ලාභසක‍්කාරසිලොකෙන අභිභූතො පරියාදින‍්නචිත‍්තො නෙව සුඤ‍්ඤාගාරගතො රමති. න රුක‍්ඛමූලගතො රමති. න අජ‍්ඣොකාසගතො රමති. යෙන යෙන ගච‍්ඡති, යත්‍ථ යත්‍ථ තිට‍්ඨති, යත්‍ථ යත්‍ථ නිසීදති, යත්‍ථ යත්‍ථ නිපජ‍්ජති, තත්‍ථ තත්‍ථ අනයබ්‍යසනං ආපජ‍්ජති. එවං දාරුණො ඛො භික‍්ඛවෙ, ලාභසක‍්කාරසිලොකො -පෙ- [උප‍්පන‍්නං ලාභසක‍්කාරසිලොකං පජහිස‍්සාම -පෙ-] එවං හි වො භික‍්ඛවෙ, සික‍්ඛිතබ‍්බන‍්ති.

මහණෙනි, එසෙයින් ම මෙහි ඇතැම් මහණෙක් ලාභ සත්කාර කීර්තිප්‍රශංසායෙන් මඩනා ලද්දේ ගන්නා ලද සිත් ඇත්තේ ශූන්‍යාගාරයට ගියේ නො ම ඇලෙයි. රුක්මුලට ගියේ නො ම ඇලෙයි. අබවසට ගියේ නො ම ඇලෙයි. යම් යම් තැනෙක යේ ද, යම් යම් තැනෙක සිටී ද, යම් යම් තැනෙක හිඳී ද, යම් යම් තැනෙක හොවී ද, ඒ ඒ තැන්හි දුකට පීඩාවට පැමිණෙයි. මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභ සත්කාර කීර්තිප්‍රශංසා බැහැර ලන්නෙමු. ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.