යෙදුමෙන් කියවන්න

වෙරම‍්බසුත‍්තං

5. 1. 9.

5. 1. 9.

වෙරම‍්බසුත‍්තං

වේරම්බ සූත්‍රය

305. සාවත්‍ථියං–

305. සැවැත්නුවර–

දාරුණො භික‍්ඛවෙ, ලාභසක‍්කාරසිලොකො -පෙ-

මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය ...

උපරි භික‍්ඛවෙ, ආකාසෙ වෙරම‍්බා නාම වාතා වායන‍්ති. තත්‍ථ යො පක‍්ඛී ගච‍්ඡති, තමෙනං වෙරම‍්බා වාතා ඛිපන‍්ති. තස‍්ස වෙරම‍්බවාතඛිත‍්තස‍්ස අඤ‍්ඤෙනෙව පාදා ගච‍්ඡන‍්ති, අඤ‍්ඤෙන පක‍්ඛා ගච‍්ඡන‍්ති, අඤ‍්ඤෙන සීසං ගච‍්ඡති, අඤ‍්ඤෙන කායො ගච‍්ඡති.

මහණෙනි, මතු අහසෙහි වේරම්බ නම් වාතයෝ හමත්. එහි යම් පක්‍ෂි (වාලිහිණි)යෙක් යේ නම් ඒ මූ වේරම්බ වාතයෝ දමාපියත්. වේරම්බ වාතයෙන් දමා ලූ උගේ පාදයෝ අන් දෙසකට යෙත්. පියාපත් අන් දෙසකට යේ. හිස අන් දෙසකට යේ. කය අන්දෙසකට යේ.

එවමෙව ඛො භික‍්ඛවෙ, ඉධෙකච‍්චො භික‍්ඛු ලාභසක‍්කාරසිලොකෙන අභිභූතො පරියාදින‍්නචිත‍්තො පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය ගාමං වා නිගමං වා පිණ‍්ඩාය පවිසති, අරක‍්ඛිතෙනෙව කායෙන අරක‍්ඛිතාය වාචාය අරක‍්ඛිතෙන චිත‍්තෙන, අනුපට‍්ඨිතාය සතියා, අසංවුතෙහි ඉන්‍ද්‍රියෙහි. සො තත්‍ථ පස‍්සති මාතුගාමං දුන‍්නිවත්‍ථං වා දුප‍්පාරුතං වා. තස‍්ස මාතුගාමං දිස‍්වා දුන‍්නිවත්‍ථං වා දුප‍්පාරුතං වා රාගො චිත‍්තං අනුද‍්ධංසෙති. සො රාගානුද‍්ධංසිතෙන චිත‍්තෙන සික‍්ඛං පච‍්චක‍්ඛාය හීනායාවත‍්තති. තස‍්ස අඤ‍්ඤෙ චීවරං හරන‍්ති. අඤ‍්ඤෙ පත‍්තං හරන‍්ති. අඤ‍්ඤෙ නිසීදනං හරන‍්ති. අඤ‍්ඤෙ සූචිඝරං හරන‍්ති. වෙරම‍්බවාතඛිත‍්තස‍්සෙව සකුණස‍්ස. එවං දාරුණො ඛො භික‍්ඛවෙ, ලාභසක‍්කාරසිලොකො -පෙ- [උප‍්පන‍්නං ලාභසක‍්කාරසිලොකං පජහිස‍්සාම -පෙ-] එවං හි වො භික‍්ඛවෙ, සික‍්ඛිතබ‍්බන‍්ති.

මහණෙනි, එසෙයින් ම මෙහි ඇතැම් මහණෙක් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසායෙන් මඩනා ලද්දේ ක්‍ෂය කොට ගන්නා ලද සිත් ඇත්තේ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ නොරක්නා ලද කයින් යුතු ව ම නොරක්නා ලද වචනයෙන් යුතුව ම නොරක්නා ලද සිතින් යුතුව ම නො රක්නා ලද සිහියෙන් යුතු ව ම සංවරණය නො කළ ඉඳුරන්ගෙන් යුතු ව ම ගමකට හෝ නියම්ගමකට හෝ පිඬු පිණිස පිවිසේද, හෙතෙමේ එහි දී නපුරු කොට හැන්දා වූ හෝ නපුරු කොට පෙර වූ හෝ මාගමක දකී ද, නපුරු කොට හැන්දා වූ හෝ නපුරු කොට පෙර වූ හෝ මාගම දැකීමෙන් ඔහුගේ සිත රාගය තෙමේ වනසයි. හෙතෙමේ රාගයෙන් වනසන ලද සිතින් සිකපද පිළිකෙව් කොට ගිහි බවට පෙරළෙයි. අන්නු ඔහුගේ සිවුර හැර ගණිත්. අන්නු පාත්‍රය හැර ගණිත්, අන්නු නිසීදනය හැර ගණිත්. අන්නු හිදිගුලාව හැර ගණිත්. වේරම්බ වාතයෙන් බැහැර ලූ පක්‍ෂියාගේ (අවයව) මෙනි. මහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු යි ... උපන් ලාභ සත්කාරකීර්තිප්‍රශංසා බැහැර ලන්නෙමු ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.