සගාථසුත්තං
5. 1. 10.
5. 1. 10.
සගාථසුත්තං
සගාථ සූත්‍රය
306. සාවත්ථියං–
306. සැවැත්නුවර–
දාරුණො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ-
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය ...
ඉධාහං භික්ඛවෙ, එකච්චං පුග්ගලං පස්සාමි ලාභසක්කාරෙන අභිභූතං පරියාදින්නචිත්තං කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නං.
මහණෙනි, මෙහි මම ලාභ සත්කාරයෙන් මඩනා ලද ගන්නා ලද සිත් ඇති, කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණි ඇතැම් පුඟුලකු දකිමි.
ඉධ පනාහං භික්ඛවෙ, එකච්චං පුග්ගලං පස්සාමි අසක්කාරෙන අභිභූතං පරියාදින්නචිත්තං කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නං.
මහණෙනි, මෙහි මම අසත්කාරයෙන් මඩනා ලද ගන්නා ලද සිත් ඇති කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණි ඇතැම් පුඟුලකු දකිමි.
ඉධ පනාහං භික්ඛවෙ, එකච්චං පුග්ගලං පස්සාමි සක්කාරෙන ච අසක්කාරෙන ච ද්වයෙන අභිභූතං පරියාදින්නචිත්තං කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නං.
මහණෙනි, මෙහි මම සත්කාරයෙන් ද, අසත්කාරයෙන් ද යන දෙකින් ම මඩනා ලද ගන්නා ලද සිත් ඇති කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණි ඇතැම් පුඟුලකු දකිමි.
එවං දාරුණො ඛො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො කටුකො ඵරුසො අන්තරායිකො අනුත්තරස්ස යොගක්ඛෙමස්ස අධිගමාය. තස්මාතිහ භික්ඛවෙ, සික්ඛිතබ්බං: ‘උප්පන්නං ලාභසක්කාරසිලොකං පජහිස්සාම. න ච නො උප්පන්නො ලාභසක්කාරසිලොකො චිත්තං පරියාදාය ඨස්සතී’ති. එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය, තියුණු ය, රළු ය, අනුත්තර වූ අර්‍හත්ත්‍වාවබෝධය පිණිස අන්තරාය කර ය. මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “උපන් ලාභ සත්කාරකීර්ති ප්‍රශංසා බැහැර ලන්නෙමු. උපන් ලාභ සත්කාර කීර්තිප්‍රශංසා අපගේ සිත ගෙණ නො ම සිටිනේ ය” යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු ම යි.
ඉදමවොච භගවා. ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා යළි මතු ද මෙය වදාළසේක:
යස්ස සක්කරියමානස්ස අසක්කාරෙන චූභයං,සමාධි න විකම්පති අප්පමාණවිහාරිනො.
සත්කාර කරණු ලබන අප්‍රමාණ සමාධිවිහරණ ඇති යමකුගේ සමාධිය අසත්කාරයෙන් ද සත්කාරයෙන් ද යන දෙකින් නො සැලේ ද,
තං ඣායිනං සාතතිකං සුඛුමදිට්ඨිවිපස්සකං,උපාදානක්ඛයාරාමං ආහු සප්පුරිසො ඉතීති.
ධ්‍යාන කරණසුලු සතතක්‍රියා ඇති සූක්ෂම දෘෂ්ටි හා විදර්ශනා ඇති උපාදානක්ෂය සඞ්ඛ්‍යාත නිවනෙහි ඇලුනු ඔහුට සත්පුරුෂයා යි කියති යි.
දාරුණවග්ගො පඨමො
දාරුණවර්ගය පළමුවැනි යි.
තස්සුද්දානං:
එහි උද්දානය:
දාරුණො බළිසං කුම්මො දීඝලොමිං මීළ්හකං, අසනි දිද්ධං සිගාලඤ්ච වෙරම්බෙන සගාථකන්ති.
දාරුණ, බළිස, කුම්ම, දීඝලෝමි, මීළ්හක, අසනි, දිද්ධ, සිඟාල, වේරම්බ, සගාථක යි සූත්‍ර දශයෙකි යි.