යෙදුමෙන් කියවන්න

සුවණ‍්ණපාතිසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

5. 2. 1.

5. 2. 1.

සුවණ‍්ණපාතිසුත‍්තං

සුවණ්ණපාති සූත්‍රය

307. සාවත්‍ථියං–

307. සැවැත්නුවර–

දාරුණො භික‍්ඛවෙ, ලාභසක‍්කාරසිලොකො -පෙ-

මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ය …

ඉධාහං භික‍්ඛවෙ, එකච‍්චං පුග‍්ගලං එවං චෙතසා චෙතො පරිච‍්ච පජානාමි. “න චායමායස‍්මා සුවණ‍්ණපාතියාපි රූපියචුණ‍්ණපරිපූරාය හෙතු සම‍්පජානමුසා භාසෙය්‍යා”ති. තමෙනං පස‍්සාමි අපරෙන සමයෙන ලාභසක‍්කාරසිලොකෙන අභිභූතං පරියාදින‍්නචිත‍්තං සම‍්පජානමුසා භාසන‍්තං.

මහණෙනි, මම මෙහි ඇතැම් පුඟුලකු “මේ ආයුෂ්මත් තෙමේ රිදී සුණු පිරුණු රන්තලියක් හේතු කොට ද දැන දැන මුසා නොම බණන්නේ ය” යි මෙසේ සිතින් සිත පිරිසිඳ දනිමි. පසු කලෙක ලාභසත්කාර කීර්ති ප්‍රශංසායෙන් මඩනා ලද ක්‍ෂය කොට ගන්නා ලද සිත් ඇතිව දැන දැන මුසා බණන ඒ පුඟුල් දකිමි.

එවං දාරුණො ඛො භික‍්ඛවෙ, ලාභසක‍්කාරසිලොකො -පෙ- [උප‍්පන‍්නං ලාභසක‍්කාරසිලොකං පජහිස‍්සාම -පෙ-] එවං හි වො භික‍්ඛවෙ, සික‍්ඛිතබ‍්බන‍්ති.

මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය. ... උපන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.

5. 2. 2.

5. 2. 2.

රූපියපාතිසුත‍්තං

රුපියපාති සූත්‍රය

308. සාවත්‍ථියං–

308. සැවැත්නුවර–

දාරුණො භික‍්ඛවෙ, ලාභසක‍්කාරසිලොකො -පෙ-

මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය …

ඉධාහං භික‍්ඛවෙ, එකච‍්චං පුග‍්ගලං එවං චෙතසා චෙතො පරිච‍්ච පජානාමි “න චායමායස‍්මා රූපියපාතියාපි සුවණ‍්ණචුණ‍්ණපරිපූරාය හෙතු සම‍්පජානමුසා භාසෙය්‍යා”ති. තමෙනං පස‍්සාමි අපරෙන සමයෙන ලාභසක‍්කාරසිලොකෙන අභිභූතං පරියාදින‍්නචිත‍්තං සම‍්පජානමුසා භාසන‍්තං.

මහණෙනි, මම මෙහි ඇතැම් පුඟුලකු “මේ ආයුෂ්මත් තෙමේ රන්සුණු පිරුණු රීදීතලියක් හේතු කොට ද දැන දැන මුසා නො ම බණන්නේ ය” යි මෙසේ සිතින් සිත පිරිසිඳ දනිමි. පසු කලෙක ලාභ සත්කාර කීර්ති ප්‍රශංසායෙන් මඩනා ලද ගන්නා ලද සිත් ඇතිව දැන දැන මුසා බණන ඒ පුඟුල් දකිමි.

එවං දාරුණො ඛො භික‍්ඛවෙ, ලාභසක‍්කාරසිලොකො -පෙ- [උප‍්පන‍්නං ලාභසක‍්කාරසිලොකං පජහිස‍්සාම -පෙ-] එවං හි වො භික‍්ඛවෙ, සික‍්ඛිතබ‍්බන‍්ති.

මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.