යෙදුමෙන් කියවන්න

2. පාතිවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

2. පාති වර්ගය

1. සුවණ‍්ණපාතිසුත‍්තවණ‍්ණනා

1. සුවණ්ණපාති සූත්‍ර වර්ණනාව

දුතියවග‍්ගස‍්ස පඨමෙ සම‍්පජානමුසා භාසන‍්තන‍්ති අප‍්පමත‍්තකෙනපි කාරණෙන සම‍්පජානමෙව මුසා භාසන‍්තං. “සීලං පූරෙස‍්සාමී”ති සංවිහිතභික‍්ඛුං සිනෙරුමත‍්තොපි පච‍්චයරාසි චාලෙතුං න සක‍්කොති. යදා පන සීලං පහාය සක‍්කාරනිස‍්සිතො හොති, තදා කුණ‍්ඩකමුට‍්ඨිහෙතුපි මුසා භාසති, අඤ‍්ඤං වා අකිච‍්චං කරොති.

දෙවැනි වර්ගයේ පළමු සූත්‍රය - “සම්පජාන මුසා භාසන්තං” යනු අල්පමාත්‍ර වූ කාරණයකින් ද දැන දැනම බොරු කියන. “සිල් පුරවන්නෙමි”යි යොදාගත් භික්‍ෂුව මහමෙර පමණ ප්‍රත්‍ය රැසක් නිසාවත් සෙලවීමට නොහැක. යම්විටෙක සීලය අත්හැර ලාභ සත්කාර ඇසුරු කරන්නේද එවිට සහල් කුඩු මිටක් නිසාද බොරු කියන්නේය. අනිකුත් නොකටයුතු දෑද සිදු කරන්නේය.

පඨමං.

පළමු සූත්‍රයයි.

2. රූපියපාතිසුත‍්තවණ‍්ණනා

2. රුපියපාති සූත්‍ර වර්ණනාව

දුතියං උත‍්තානමෙවාති.

දෙවැනි සූත්‍රයේ අර්ථ ඉතා ප්‍රකටය.

දුතියං.

දෙවැනි සූත්‍රයයි.

3-10. සුවණ‍්ණනික‍්ඛසුත‍්තාදිවණ‍්ණනා

16. 2. 3-10.

තතියාදීසු සුවණ‍්ණනික‍්ඛස‍්සාති එකස‍්ස කඤ‍්චනනික‍්ඛස‍්ස. සිඞ‍්ගීනික‍්ඛස‍්සාති සිඞ‍්ගීසුවණ‍්ණනික‍්ඛස‍්ස. පථවියාති චක‍්කවාළබ‍්භන‍්තරාය මහාපථවියා. ආමිසකිඤ‍්චික‍්ඛහෙතූති කස‍්සචිදෙව ආමිසස‍්ස හෙතු අන‍්තමසො කුණ‍්ඩකමුට‍්ඨිනොපි. ජීවිතහෙතූති අටවියං චොරෙහි ගහෙත්‍වා ජීවිතෙ වොරොපියමානෙ තස‍්සපි හෙතු. ජනපදකල්‍යාණියාති ජනපදෙ උත‍්තමිත්‍ථියා. තතියාදීනි.

තෙවැනි සූත්‍රයේ සිට “සුවණ්ණ නික්ඛස්ස” යනු එක්තරා රනින් නිමකරන ලද කාසි වර්ගයකි. “සිංගී නික්ඛස්ස” යනු සිඟුරන් කාසියකි. “පඨවියා” යනු සක්වල ඇතුලත වූ මහපොළවේය. “ආමිසකිඤ්චික්ඛහෙතු” යනු කිසියම් ආහාරයක් හේතුකරගෙනය. යටත් පිරිසෙන් කුඩු සහල් මිටක් හෝ හේතුවෙන්. “ජීවිතහෙතු” යනු කැලයේ දී සොරු විසින් අල්ලාගෙන දිවි තොර කරන කල්හිය. ඒ හේතුවෙන්වත් “ජනපද කල්‍යාණියා” යනු ජනපදයේ උතුම් ස්ත්‍රියයි.

දුතියො වග‍්ගො.

දෙවැනි වර්ගය නිමියේය.