යෙදුමෙන් කියවන්න

3. මාතුගාමවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

3. මාතු වර්ගය

1. මාතුගාමසුත‍්තවණ‍්ණනා

1. මාතුගාම සූත්‍ර වර්ණනාව

තතියවග‍්ගස‍්ස පඨමෙ න තස‍්ස, භික‍්ඛවෙ, මාතුගාමොති න තස‍්ස රහො එකකස‍්ස නිසින‍්නස‍්ස තෙන ධම‍්මෙන අත්‍ථිකොපි මාතුගාමො චිත‍්තං පරියාදාතුං සක‍්කොති, යස‍්ස ලාභසක‍්කාරසිලොකො චිත‍්තං පරියාදාතුං සක‍්කොතීති, අත්‍ථො.

තෙවැනි වර්ගයේ පළමු සූත්‍රය - “නතස්ස භික්ඛවෙ මාතුගාමො” යනු එහි රහසිගත වූ, හුදකලාව හුන් තැනැත්තාටය. යමකුගේ සිත ලාභසත්කාර, කීර්ති ප්‍රශංසාදියෙහි නියැලීමෙන් විනාශවීමට යන්නේ ද එවැනි වූ බරපතල විනාශයක්, ස්ත්‍රියක් ඔහුගේ සිත ගැනීමෙන්, එම ධර්මයෙහි යෙදීමෙන් සිදු නොකරයි.

පඨමං.

පළමු සූත්‍රය යි.

2. ජනපදකල්‍යාණීසුත‍්තවණ‍්ණනා

2. ජනපද කල්‍යාණී සූත්‍ර වර්ණනාව

දුතියං උත‍්තානමෙවාති.

දෙවැනි සූත්‍රයේ අර්ථ ඉතා ප්‍රකටය.

දුතියං.

දෙවැනි සූත්‍රයයි.

3. එකපුත‍්තසුත‍්තවණ‍්ණනා

3. එකපුත්ත සූත්‍ර වර්ණනාව

තතියෙ සද‍්ධාති සොතාපන‍්නා. සෙසමෙත්‍ථ උත‍්තානමෙව.

තෙවැනි සූත්‍රයේ - “සද්ධා” යනු සෝතාපන්න වූ. ඉතිරි පදයන්ගේ අර්ථ ඉතා ප්‍රකටය.

තතියං.

තෙවැනි සූත්‍රය යි.

4-6. එකධීතුසුත‍්තාදිවණ‍්ණනා

4-6. එකධීතු ආදි සූත්‍ර වර්ණනා

තථා චතුත්‍ථෙ පඤ‍්චමෙ ඡට‍්ඨෙ ච.

සතරවන, පස්වන හා සයවන සූත්‍රවල ද අර්ථ එසේම ඉතා ප්‍රකටය.

7. තතියසමණබ්‍රාහ‍්මණසුත‍්තවණ‍්ණනා

7. තතිය සමණබ්‍රාහ්මණ සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ සමුදයන‍්තිආදීසු සහ පුබ‍්බකම‍්මෙන අත‍්තභාවො කොලපුත‍්තියං වණ‍්ණපොක‍්ඛරතා කල්‍යාණවාක‍්කරණතා ධුතගුණාවීකරණං චීවරධාරණං පරිවාරසම‍්පත‍්තීති එවමාදි ලාභසක‍්කාරස‍්ස සමුදයො නාම, තං සමුදයසච‍්චවසෙන නප‍්පජානාති, නිරොධො ච පටිපදා ච නිරොධසච‍්චමග‍්ගසච‍්චවසෙනෙව වෙදිතබ‍්බා.

සත්වන සූත්‍රයේ - “සමුදයං” යනාදියේ පූර්ව කර්මයත් සමගම, සිටුපුතෙක් බඳු ආත්මභාවයේ කීර්ති ප්‍රශංසා, සුන්දරත්වය, යහපත් කථික හැකියාව, ස්ථිර ගුණ පැතිරවීම්, පිරිවර සම්පත් මේ ආදී ලාභ සත්කාරයගේ හටගැනීමයි. සමුදය ප්‍රත්‍ය වශයෙන් නොදනිති. නිරෝධය ද ප්‍රතිපදාව ද නිරෝධ සත්‍යය හා මාර්ග සත්‍යය ලෙසම දතයුතුයි.

සත‍්තමං.

සත්වන සූත්‍රය යි.

8. ඡවිසුත‍්තවණ‍්ණනා

8. ඡවි සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ යස‍්මා ලාභසක‍්කාරසිලොකො නරකාදීසු, නිබ‍්බත‍්තෙන‍්තො සකලම‍්පි ඉමං අත‍්තභාවං නාසෙති, ඉධාපි මරණම‍්පි මරණමත‍්තම‍්පි දුක‍්ඛං ආවහති, තස‍්මා ඡවිං ඡින්‍දතීතිආදි වුත‍්තං.

අටවන සූත්‍රයේ - යම්හෙයකින් ලාභසත්කාර කීර්ති ප්‍රශංසා නිසා නරකාදියෙහි උපදින්නෝ මුලුමහත් අත්බවම නසාගනිති. මෙලොවදීද මරණයට හෝ මරණ සමාන දුකට පත්වෙති. එනිසා “ජීවිතං ඡින්‍දති” යනාදිය කියන ලදී.

අට‍්ඨමං.

අටවන සූත්‍රයයි.

9. වාලරජ‍්ජුසුත‍්තවණ‍්ණනා

9. වාලරජ්ජු සූත්‍ර වර්ණනාව

නවමෙ වාළරජ‍්ජුයාති සුත‍්තාදිමයා රජ‍්ජු මුදුකා හොති වාළරජ‍්ජු ඛරා ඵරුසා, තස‍්මා අයමෙව ගහිතා.

නවවන සූත්‍රයේ “වාළ රජ්ජුයා” යනු නූල් ආදියෙන් කරන ලද රැහැන මෘදු හෝ සියුම් වේ. දළ අස්කෙඳි රැහැන කර්කෂ වේ. පරුෂය. එනිසා මෙම නූලම ගන්නා ලදී.

නවමං.

නවවන සූත්‍රය යි.

10. ඛීණාසවභික‍්ඛුසුත‍්තවණ‍්ණනා

10. ඛිණාසව භික්ඛු සූත්‍ර වර්ණනාව

දසමෙ දිට‍්ඨධම‍්මසුඛවිහාරාති ඵලසමාපත‍්තිසුඛවිහාරා. තෙසාහමස‍්සාති තෙසං අහං අස‍්ස.

දසවන සූත්‍රයේ - “දිට්ඨධමම සුඛ විහාරා” යනු ඵලසමවත් සුවයෙන් වසන යනුයි. “තෙසාහමස්ස” යනු “තෙසං අහං අස්ස” යනුයි.

ඛීණාසවො හි ලාභී පුඤ‍්ඤසම‍්පන‍්නො යාගුඛජ‍්ජකාදීනි ගහෙත්‍වා ආගතාගතානං අනුමොදනං කරොන‍්තො ධම‍්මං දෙසෙන‍්තො පඤ‍්හං විස‍්සජ‍්ජෙන‍්තො ඵලසමාපත‍්තිං අප‍්පෙත්‍වා නිසීදිතුං ඔකාසං න ලභති, තං සන්‍ධාය වුත‍්තන‍්ති.

රහතන් වහන්සේ වනාහී ප්‍රත්‍ය ලබනුයේ, පිනින් යුක්ත වූයේ වෙයි. කැඳබත් කැවිලි ආදිය රැගෙන පැමිණි පුද්ගලයන්ට පුණ්‍යානුමෝදනා කරන සේක. ධර්මදේශනා කරමින් ප්‍රශ්න විසඳන සේක. ඵල සමවතට නොඑළඹ සිටීමට ඉඩකඩ නොදෙයි. එම කරුණ සඳහා මෙය කියන ලදී.

දසමං.

දසවන සූත්‍රයයි.

තතියො වග‍්ගො.

තෙවැනි වර්ගය නිමියේය.