යෙදුමෙන් කියවන්න

වාලරජ‍්ජුසුත‍්තං

5. 3. 9.

5. 3. 9.

වාලරජ‍්ජුසුත‍්තං

වාලරජ්ජු සූත්‍රය

325. සාවත්‍ථියං–

325. සැවැත්නුවර–

දාරුණො භික‍්ඛවෙ, ලාභසක‍්කාරසිලොකො. ලාභසක‍්කාරසිලොකො භික‍්ඛවෙ, ඡවිං ඡින්‍දති, ඡවිං ඡෙත්‍වා චම‍්මං ඡින්‍දති, චම‍්මං ඡෙත්‍වා මංසං ඡින්‍දති, මංසං ඡෙත්‍වා නහාරුං ඡින්‍දති, නහාරුං ඡෙත්‍වා අට‍්ඨිං ඡින්‍දති, අට‍්ඨිං ඡෙත්‍වා අට‍්ඨිමිඤ‍්ජං ආහච‍්ච තිට‍්ඨති.

මහණෙනි, ලාභසත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ය. මහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා සිවිය සිඳියි. සිවිය සිඳ සම සිඳියි. සම සිඳ මස් සිඳියි. මස් සිඳ නහර සිඳියි. නහර සිඳ ඇට සිඳියි. ඇට සිඳ ඇටමිදුලු හැනගෙණ සිටියි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, බලවා පුරිසො දළ‍්හාය වාලරජ‍්ජුයා ජඞ‍්ඝං වෙඨෙත්‍වා ඝංසෙය්‍ය. සා ඡවිං ඡින්‍දෙය්‍ය, ඡවිං ඡෙත්‍වා චම‍්මං ඡින්‍දෙය්‍ය, චම‍්මං ඡෙත්‍වා මංසං ඡින්‍දෙය්‍ය, මංසං ඡෙත්‍වා නහාරුං ඡින්‍දෙය්‍ය, නහාරුං ඡෙත්‍වා අට‍්ඨිං ඡින්‍දෙය්‍ය, අට‍්ඨිං ඡෙත්‍වා අට‍්ඨිමිඤ‍්ජං ආහච‍්ච තිට‍්ඨෙය්‍ය. එවමෙව ඛො භික‍්ඛවෙ, ලාභසක‍්කාරසිලොකො ඡවිං ඡින්‍දති, ඡවිං ඡෙත්‍වා චම‍්මං ඡින්‍දති, චම‍්මං ඡෙත්‍වා මංසං ඡින්‍දති, මංසං ඡෙත්‍වා නහාරුං ඡින්‍දති, නහාරුං ඡෙත්‍වා අට‍්ඨිං ඡින්‍දති, අට‍්ඨිං ඡෙත්‍වා අට‍්ඨිංමිඤ‍්ජං ආහච‍්ච තිට‍්ඨති.

මහණෙනි, යම් සේ බලවත් පුරුෂයෙක් දළ අස්කෙඳි රැහැණෙකින් කෙණ්ඩය වෙළා ගටන්නේ ද, එය සිවිය සිඳිනේ ය. සිවිය සිඳ සම සිඳිනේ ය. සම සිඳ මස් සිඳිනේ ය. මස් සිඳ නහර සිඳිනේ ය. නහර සිඳ ඇට සිඳිනේ ය. ඇට සිඳ ඇටමිදුලු හැනගෙණ සිටින්නේ ය. මහණෙනි, එසෙයින් ම ලාභසත්කාර කීර්ති ප්‍රශංසා සිවිය සිඳියි. සිවිය සිඳ සම සිඳියි. සම සිඳ මස් සිඳියි. මස් සිඳ නහර සිඳියි. නහර සිඳ ඇට සිඳියි. ඇට සිඳ ඇටමිදුලු හැනගෙණ සිටියි.

එවං දාරුණො ඛො භික‍්ඛවෙ, ලාභසක‍්කාරසිලොකො -පෙ- [උප‍්පන‍්නං ලාභසක‍්කාර සිලොකං පජහිස‍්සාම -පෙ-] එවං හි වො භික‍්ඛවෙ, සික‍්ඛිතබ‍්බන‍්ති.

මහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය. ... උපන් ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දුරු කරන්නෙමු. ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.