යෙදුමෙන් කියවන්න

සමණබ්‍රාහ‍්මණසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

5. 3. 5.

5. 3. 5.

සමණබ්‍රාහ‍්මණසුත‍්තං

සමණබ්‍රාහ්මණ සූත්‍රය

321. සාවත්‍ථියං–

321. සැවැත්නුවර–

යෙ හි කෙචි භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා ලාභසක‍්කාරසිලොකස‍්ස අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං නප‍්පජානන‍්ති, න මෙතෙ භික‍්ඛවෙ සමණා වා බ්‍රාහ‍්මණා වා සමණෙසු වා සමණසම‍්මතා, බ්‍රාහ‍්මණෙසු වා බ්‍රාහ‍්මණසම‍්මතා. න ච පන තෙ ආයස‍්මන‍්තො සාමඤ‍්ඤත්‍ථං වා බ්‍රහ‍්මඤ‍්ඤත්‍ථං වා දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරන‍්ති.

මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලාභසත්කාර කීර්ති ප්‍රශංසාවන්ගේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනිද්ද, මහණෙනි, ඒ මේ මහණෝ හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහි හෝ මහණෝ ය යි සම්මත නො වෙති. බමුණන් කෙරෙහි හෝ බමුණෝ ය යි සම්මත නො වෙති. ඒ ආයුෂ්මත්හු මහණබැව්හි ඵලය හෝ බමුණු බැව්හි ඵලය හෝ දිටුදැමියෙහි ම තුමූ වෙසෙස් නැණින් දැන පසක් කොට සපයා නො ම වෙසෙති.

යෙ ච ඛො කෙචි භික‍්ඛවෙ සමණා වා බ්‍රාහ‍්මණා වා ලාභසක‍්කාරසිලොකස‍්ස අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං පජානන‍්ති, තෙ ච ඛො මෙ භික‍්ඛවෙ සමණා වා බ්‍රාහ‍්මණා වා සමණෙසු චෙව සමණසම‍්මතා බ්‍රාහ‍්මණෙසු ච බ්‍රාහ‍්මණසම‍්මතා. තෙ ච පනායස‍්මන‍්තො සාමඤ‍්ඤත්‍ථඤ‍්ච බ්‍රහ‍්මඤ‍්ඤත්‍ථඤ‍්ච දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරන‍්තීති.

මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලාභසත්කාරකීර්ති ප්‍රශංසාවන්ගේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දනිද් ද, මහණෙනි, ඒ මේ මහණෝ හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහිත් මහණෝ ය යි සම්මත වෙති. බමුණන් කෙරෙහිත් බමුණෝ ය යි සම්මත වෙති. ඒ ඇවත්හු ද ශ්‍රමණ ඵලය ද බ්‍රාහ්මණ ඵලය ද දිටුදැමියෙහි ම තුමූ විශිෂ්ට ඥානයෙන් දැන පසක් කොට එළඹ වෙසෙති යි.

5. 3. 6.

5. 3. 6.

දුතියසමණබ්‍රාහ‍්මණසුත‍්තං

දුතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය

322. සාවත්‍ථියං–

322. සැවැත්නුවර–

යෙ හි කෙචි භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා ලාභසක‍්කාරසිලොකස‍්ස සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං නප‍්පජානන‍්ති -පෙ- න ච පන තෙ ආයස‍්මන‍්තො සාමඤ‍්ඤත්‍ථඤ‍්ච බ්‍රහ‍්මඤ‍්ඤත්‍ථඤ‍්ච දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරන‍්ති.

මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලාභසත්කාර කීර්ති ප්‍රශංසාවන්ගේ සමුදයත් අස්තගමයත් ආස්වාදයත් ආදීනවයත් නිඃශරණයත් තතු සේ නො දනිද්ද ... ඒ ආයුෂ්මත්හු ශ්‍රමණ ඵලයත් බ්‍රාහ්මණ ඵලයත් දිටුදැමියෙහි තුමූ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට පැමිණ නො ම වෙසෙති.

යෙ හි කෙචි භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා ලාභසක‍්කාරසිලොකස‍්ස සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං පජානන‍්ති -පෙ- තෙ ච පනායස‍්මන‍්තො සාමඤ‍්ඤත්‍ථඤ‍්ච බ්‍රහ‍්මඤ‍්ඤත්‍ථඤ‍්ච දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරන‍්ති.

මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලාභසත්කාර කීර්ති ප්‍රශංසාවන්ගේ සමුදයත් අස්තගමයත් ආස්වාදයත් ආදීනවයත් නිඃශරණයත් තතු සේ දනිද්ද, ... ඒ ආයුෂ්මත්හු ශ්‍රමණ ඵලයත් බ්‍රාහ්මණ ඵලයත් දිටුදැමියෙහි තුමූ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට පැමිණ වෙසෙති යි.

5. 3. 7.

5. 3. 7.

තතියසමණබ්‍රාහ‍්මණසුත‍්තං

තතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය

323. සාවත්‍ථියං–

323. සැවැත්නුවර–

යෙ හි කෙචි භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා ලාභසක‍්කාරසිලොකං නප‍්පජානන‍්ති, ලාභසක‍්කාරසිලොකසමුදයං නප‍්පජානන‍්ති, ලාභසක‍්කාරසිලොකනිරොධං නප‍්පජානන‍්ති, ලාභසක‍්කාරසිලොකනිරොධගාමිනී පටිපදං නප‍්පජානන‍්ති -පෙ- යෙ හි කෙචි සමණා වා බ්‍රාහ‍්මණා වා -පෙ- පජානන‍්ති -පෙ- තෙ ච පනායස‍්මන‍්තො සාමඤ‍්ඤත්‍ථඤ‍්ච බ්‍රහ‍්මඤ‍්ඤත්‍ථඤ‍්ච දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරන‍්ති.

මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලාභසත්කාර සිලෝක නො දනිත් ද, ලාභසත්කාර සිලෝක සමුදය නො දනිත් ද, ලාභ සක්කාර සිලෝක නිරෝධය නො දනිත් ද, ලාභ සක්කාර සිලෝක නිරෝධගාමිනීපටිපදාව නො දනිත් ද, ... යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ … දනිද් ද ... ඒ ආවත්හු මහණදම්හි ඵලයත් බමුණුදම්හි ඵලයත් දිටුදැමියෙහි ම විශිෂ්ටඥානයෙන් තුමූ දැන පසක් කොට එළඹ වෙසෙති යි.

5. 3. 8.

5. 3. 8.

ඡවිසුත‍්තං

ඡවි සූත්‍රය

324. සාවත්‍ථියං–

324. සැවැත්නුවර–

දාරුණො භික‍්ඛවෙ, ලාභසක‍්කාරසිලොකො. ලාභසක‍්කාරසිලොකො භික‍්ඛවෙ ඡවිං ඡින්‍දති, ඡවිං ඡෙත්‍වා මංසං ඡින්‍දති, මංසං ඡෙත්‍වා චම‍්මං ඡින්‍දති, චම‍්මං ඡෙත්‍වා නහාරුං ඡින්‍දති, නහාරුං ඡෙත්‍වා අට‍්ඨිං ඡින්‍දති, අට‍්ඨිං ඡෙත්‍වා අට‍්ඨිමිඤ‍්ජං ආහච‍්ච තිට‍්ඨති.

මහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය. මහණෙනි, ලාභසත්කාර කීර්ති ප්‍රශංසා සිවිය සිඳියි. සිවිය සිඳ සම සිඳියි. සම සිඳ මස් සිඳියි. මස් සිඳ නහර සිඳියි. නහර සිඳ ඇට සිඳියි. ඇට සිඳ ඇටමිදුලු හැනගෙණ සිටියි.

එවං දාරුණො ඛො භික‍්ඛවෙ, ලාභසක‍්කාරසිලොකො -පෙ- උප‍්පන‍්නං ලාභසක‍්කාරසිලොකං පජහිස‍්සාම -පෙ- එවං හි ඛො භික‍්ඛවෙ, සික‍්ඛිතබ‍්බන‍්ති.

මහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභසත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.