එකධීතුසුත‍්තං
5. 3. 4.
5. 3. 4.
එකධීතුසුත‍්තං
ඒකධීතු සූත්‍රය
320. සාවත්‍ථියං–
320. සැවැත්නුවර–
දාරුණො භික‍්ඛවෙ, ලාභසක‍්කාර සිලොකො -පෙ-
මහණෙනි, ලාභසත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ය ...
සද‍්ධා භික‍්ඛවෙ, උපාසිකා එකං ධීතිකං පියං මනාපං එවං සම‍්මා ආයාචමානා ආයාචෙය්‍ය: “තාදිසා අය්‍යෙ, භවාහි, යාදිසා ඛුජ‍්ජුත‍්තරා උපාසිකා වෙළුකණ‍්ටකියා ච නන්‍දමාතා”ති.
මහණෙනි, සැදැහැති සෝවන් උපාසිකාවක් ප්‍රිය මනාප වූ එක ම දුවක් මැනැවින් අයදිනී “දියෙනියෙනි, ඛුජ්ජුත්තරා උවැසියත් වේළුකණ්ටකියා නන්‍ද මාතාවත් යම්බඳු නම් එබඳු වෙව”යි මෙසේ අයදිනී ය.
එසා භික‍්ඛවෙ තුලා, එතං පමාණං, මම සාවිකානං උපාසිකානං යදිදං ඛුජ‍්ජුත‍්තරා ච උපාසිකා, වෙළුකණ‍්ටකියා ච නන්‍දමාතා.
මහණෙනි, යම් මේ ඛුජ්ජුත්තරා උපාසිකාවත් වේළුකණ්ටකියා නන්‍ද මාතාවත් වෙත් නම්, මා සවු උවැසියන්ට මෝ තුලාව ය. මේ පමණ ය.
“සචෙ ඛො ත්‍වං අය්‍යෙ අගාරස‍්මා අනගාරියං පබ‍්බජසි, තාදිසා අය්‍යෙ භවාහි, යාදිසා ඛෙමා ච භික‍්ඛුනී, උප‍්පලවණ‍්ණාචා”ති.
“දියනියෙනි, ඉදින් තී ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙහි නම්, ඛේමා මෙහෙණත් උප්පලවණ්ණාත් යම්බඳු ද එබඳු වෙව” යි.
එසා භික‍්ඛවෙ, තුලා, එතං පමාණං, මම සාවිකානං භික‍්ඛුනීනං යදිදං ඛෙමා ච භික‍්ඛුනී උප‍්පලවණ‍්ණා ච.
මහණෙනි, යම් මේ ඛේමා මෙහෙණත් උප්පලවණ්ණාත් වෙද්ද, මා සවු මෙහෙණනට මෝ තුලාව ය. මේ පමණ ය.
“මා ච ඛො ත්‍වං අය්‍යෙ සෙඛං අප‍්පත‍්තමානසං ලාභසක‍්කාරසිලොකො අනුපාපුණාතූ”ති.
“දියනියෙනි, ශෛක්‍ෂ වූ නො පැමිණි රහත් බැව් ඇති තී කරා ලාභ සත්කාර කීර්තිප්‍රශංසා නො පැමිණේවා”.
තඤ‍්චෙ භික‍්ඛවෙ, භික‍්ඛුනිං සෙඛං අප‍්පත‍්තමානසං ලාභසක‍්කාරසිලොකො අනුපාපුණාති, සො තස‍්සා හොති අන‍්තරායාය.
මහණෙනි, ශෛක්‍ෂ වූ නො පැමිණි රහත්බැව් ඇති ඒ මෙහෙණ කරා ලාභසත්කාර කීර්ති ප්‍රශංසා ඉදින් පැමිණේ නම්, ඒ ඇයට අන්තරාය පිණිස වෙයි.
එවං දාරුණො ඛො භික‍්ඛවෙ, ලාභසක‍්කාරසිලොකො -පෙ- [උප‍්පන‍්නං ලාභසක‍්කාරසිලොකං පජහිස‍්සාම -පෙ-] එවං හි වො භික‍්ඛවෙ, සික‍්ඛිතබ‍්බන‍්ති.
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය. ... උපන් ලාභසත්කාර කීර්ති ප්‍රශංසා දුරුකරන්නෙමු. ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු ම යි.