යෙදුමෙන් කියවන්න

එකපුත‍්තසුත‍්තං

5. 3. 3.

5. 3. 3.

එකපුත‍්තසුත‍්තං

ඒකපුත්ත සූත්‍රය

319. සාවත්‍ථියං–

319. සැවැත්නුවර–

දාරුණො භික‍්ඛවෙ, ලාභසක‍්කාරසිලොකො -පෙ-

මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ය ...

සද‍්ධා භික‍්ඛවෙ, උපාසිකා එකං පුත‍්තං පියං මනාපං එවං සම‍්මා ආයාචමානා ආයාචෙය්‍ය “තාදිසො තාත භවාහි, යාදිසො චිත‍්තො ච ගහපති හත්‍ථකො ච ආළවකො.

මහණෙනි, සැදැහැති (සෝවන්) උපාසිකාවක් ප්‍රිය මනාප වූ එක් පුතකු මැනැවින් යදින්නී “පුත චිත්ත ගැහැවි තෙමේත් හත්‍ථක ආළවක තෙමේත් යම් බඳු නම් එබඳු වෙව”යි මෙසේ යදින්නී ය.

එසා භික‍්ඛවෙ තුලා, එතං පමාණං, මම සාවකානං උපාසකානං යදිදං චිත‍්තො ච ගහපති, හත්‍ථකො ච ආළවකො.

මහණෙනි, යම් ඒ චිත්ත ගැහැවිත් හත්‍ථක ආළවකත් වෙත් නම් මා සවු උවසුන්ට මෝ තුලාව ය. මේ ප්‍රමාණ ය.

“සචෙ ඛො ත්‍වං තාත, අගාරස‍්මා අනගාරියං පබ‍්බජසි, “තාදිසො තාත භවාහි යාදිසා සාරිපුත‍්ත-මොග‍්ගල‍්ලානා”ති.

“දරුව, ඉදින් තෝ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙහි නම්, දරුව, සැරියුත් - මුගලන් දෙනම යම් බඳු ද එබඳු වෙව” යි.

එසා භික‍්ඛවෙ තුලා, එතං පමාණං, සාවකානං භික‍්ඛූනං යදිදං සාරිපුත‍්තමොග‍්ගලානා .

මහණෙනි, යම් මේ සැරියුත් - මුගලන් දෙනම වෙත් නම්, මා සවු මහණුන්ට මෝ තුලාව ය. මේ ප්‍රමාණ ය.

“මා ච ඛො ත්‍වං තාත සෙඛං අප‍්පත‍්තමානසං ලාභසක‍්කාරසිලොකො අනුපාපුණාතූ”ති.

“දරුව, ශෛක්‍ෂ වූ නො පැමිණි රහත් බැව් ඇති තා කරා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නො පැමිණේ වා”.

තඤ‍්චෙ භික‍්ඛවෙ, භික‍්ඛුං සෙඛං අප‍්පත‍්තමානසං ලාභසක‍්කාරසිලොකො අනුපාපුණාති, සො තස‍්ස හොති අන‍්තරායාය.

මහණෙනි, ශෛක්‍ෂ වූ නො පැමිණි රහත් බැව් ඇති ඒ මහණහු කරා ලාභසත්කාර කීර්ති ප්‍රශංසා ඉදින් පැමිණේ නම්, ඒ ඔහුට අන්තරාය පිණිස වෙයි.

එවං දාරුණො ඛො භික‍්ඛවෙ, ලාභසක‍්කාරසිලොකො -පෙ- [උප‍්පන‍්නං ලාභසක‍්කාරසිලොකං පජහිස‍්සාම -පෙ-] එවං හි වො භික‍්ඛවෙ, සික‍්ඛිතබ‍්බන‍්ති.

මහණෙනි, ලාභසත්කාර කීර්ති ප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දුරුකරන්නෙමු ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.