මාතුගාමසුත්තං
5. 3. 1.
5. 3. 1.
මාතුගාමසුත්තං
මාතුගාම සූත්රය
317. සාවත්ථියං–
317. සැවැත්නුවර–
දාරුණො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ-
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්රශංසා දරුණු ය. ...
න තස්ස භික්ඛවෙ, මාතුගාමො එකො එකස්ස චිත්තං පරියාදාය තිට්ඨති, යස්ස ලාභසක්කාරසිලොකො චිත්තං පරියාදාය තිට්ඨති.
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසා යමකුගේ සිත (යම්සේ) ක්ෂය කොට සිටී ද, එකලා වූ මාගමක් එකලා වූ ඔහුගේ සිත (ඒ ධර්මයෙන් ද) එසේ ක්ෂය කොට නො සිටී.
එවං දාරුණො ඛො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ- [උප්පන්නං ලාභසක්කාරසිලොකං පජහිස්සාම -පෙ-] එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසා මෙසේ දරුණු ය. ... උපන් ලාභසත්කාර කීර්තිප්රශංසා දුරු කරන්නෙමු. ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
5. 3. 2.
5. 3. 2.
ජනපදකල්යාණීසුත්තං
ජනපද කල්යාණී සූත්රය
318. සාවත්ථියං–
318. සැවැත්නුවර–
දාරුණො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ-
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණු ය. ...
න තස්ස භික්ඛවෙ, ජනපදකල්යාණී එකා එකස්ස චිත්තං පරියාදාය තිට්ඨති, යස්ස ලාභසක්කාරසිලොකො චිත්තං පරියාදාය තිට්ඨති.
මහණෙනි, ලාභසත්කාර කීර්ති ප්රශංසා යමකුගේ සිත යම්සේ ක්ෂයකොට ගෙණ සිටී ද, එකලා වූ ඔහුගේ සිත එකලා වූ ද ජනපද කල්යාණී (ජනපදයෙහි රූසපුවෙන් උතුම් ස්ත්රී) තොමෝ එසේ ක්ෂය කොට ගෙණ නො සිටී.
එවං දාරුණො ඛො භික්ඛවෙ, ලාභසක්කාරසිලොකො -පෙ- [උප්පන්නං ලාභසක්කාරසිලොකං පජහිස්සාම -පෙ-] එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභසත්කාර කීර්තිප්රශංසා දුරු කරන්නෙමු ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.