යෙදුමෙන් කියවන්න

ඛීණාසවභික‍්ඛුසුත‍්තං

5. 3. 10.

5. 3. 10.

ඛීණාසවභික‍්ඛුසුත‍්තං

ඛිණාසව භික්ඛු සූත්‍රය

326. සාවත්‍ථියං–

326. සැවැත්නුවර–

යො පි සො භික‍්ඛවෙ, භික‍්ඛු අරහං ඛීණාසවො, තස‍්ස පාහං ලාභසක‍්කාරසිලොකො අන‍්තරායාය වදාමීති.

මහණෙනි, අර්‍හත් වූ ක්‍ෂීණාස්‍රව වූ යම් ඒ මහණෙක් වේ නම්, ඔහුට ද ලාභසත්කාර කීර්තිප්‍රශංසා අන්තරාය පිණිස වේ ය යි මම කියමි.

එවං වුත‍්තෙ ආයස‍්මා ආනන්‍දො භගවන‍්තං එතදවොච කිස‍්ස පන භන‍්තෙ, ඛීණාසවස‍්ස භික‍්ඛුනො ලාභසක‍්කාරසිලොකො අන‍්තරායායාති?

මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙමේ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, රහත් මහණහුට කුමක් සඳහා ලාභසත්කාර කීර්තිප්‍රශංසා අන්තරාය පිණිස වේ දැ”යි මෙය සැළකෙළේ ය.

යා හිස‍්ස සා ආනන්‍ද, අකුප‍්පා චෙතො විමුත‍්ති, නාහං තස‍්සා ලාභසක‍්කාර සිලොකං අන‍්තරායාය වදාමි. යෙ ච ඛ‍්වස‍්ස ආනන්‍ද අප‍්පමත‍්තස‍්ස ආතාපිනො පහිතත‍්තස‍්ස විහරතො දිට‍්ඨධම‍්මසුඛවිහාරා අධිගතා, තෙසාහමස‍්ස ලාභසක‍්කාරසිලොකං අන‍්තරායාය වදාමි.

ආනන්‍ද, ඔහුගේ යම් ඒ අකෝප්‍ය වූ චිත්තවිමුක්තියෙක් වේ ද, ලාභසත්කාර කීර්තිප්‍රශංසා එයට අන්තරාය පිණිස වේ ය යි මම නො කියමි. ආනන්‍ද, නො පමා ව කෙලෙස් තවන වැර ඇතිව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වසනහු විසින් ලබන ලද යම් දිටුදැමි පලසමවත් සුව විහරණයෝ වෙද්ද, ලාභසත්කාර කීර්තිප්‍රශංසා ඔවුනට අන්තරාය (බාධා) පිණිස වන්නේ ය යි මම කියමි.

එවං දාරුණො ඛො ආනන්‍ද, ලාභසක‍්කාරසිලොකො කටුකො ඵරුසො, අන‍්තරායිකො අනුත‍්තරස‍්ස යොගක‍්ඛෙමස‍්ස අධිගමාය. තස‍්මාතිහ ආනන්‍ද, එවං සික‍්ඛිතබ‍්බං. උප‍්පන‍්නං ලාභසක‍්කාරසිලොකං පජහිස‍්සාම, න ච නො උප‍්පන‍්නො ලාභසක‍්කාරසිලොකො චිත‍්තං පරියාදාය ඨස‍්සතීති. එවං හි වො ආනන්‍ද, සික‍්ඛිතබ‍්බන‍්ති.

ආනන්‍ද, ලාභසත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණුය, තියුණු ය, රළු ය, නිරුත්තර වූ අර්‍හත්‍වාවබෝධයට අන්තරායකර ය. ආනන්‍ද, එසේ හෙයින් මෙහි මෙසේ හික්මිය යුතු යි: උපන් ලාභසත්කාර කීර්තිප්‍රශංසා දුරු කරන්නෙමු. උපන් ලාභසත්කාර කීර්තිප්‍රශංසා අපගේ සිත ක්‍ෂය කොට නො ම සිටුනේ ය යි. ආනන්‍ද, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.

මාතුගාමවග‍්ගො තතියො.

මාතුගාම වර්‍ගය තෙවෙනි යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

මාතුගාමො ච කල්‍යාණී එකපුත‍්තෙක ධීතු ච සමණබ්‍රාහ‍්මණා තීණි ඡවි රජ‍්ජු ච භික‍්ඛු චෙති.

මාතුගාම, කල්‍යාණි, ඒකපුත්ත, ඒකධිතු සූත්‍ර ද, සමණබ්‍රාහ්මණ සූත්‍ර තුණ ද, ඡවි, රජ්ජු, භික්ඛු සූත්‍ර දැ යි සූත්‍ර දශයෙකි.