සඞ‍්ඝභෙදසුත‍්තං
5. 4. 1.
5. 4. 1.
සඞ‍්ඝභෙදසුත‍්තං
සඞ්ඝභේද සූත්‍රය
327. සාවත්‍ථියං–
327. සැවැත්නුවර–
දාරුණො භික‍්ඛවෙ, ලාභසක‍්කාරසිලොකො -පෙ-
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය ...
ලාභසක‍්කාරසිලොකෙන අභිභූතො පරියාදින‍්නචිත‍්තො භික‍්ඛවෙ, දෙවදත‍්තො සඞ‍්ඝං භින්‍දි. එවං දාරුණො ඛො භික‍්ඛවෙ, ලාභසක‍්කාරසිලොකො -පෙ- [උප‍්පන‍්නං ලාභසක‍්කාරසිලොකං පජහිස‍්සාම -පෙ-] එවං හි වො භික‍්ඛවෙ, සික‍්ඛිතබ‍්බන‍්ති.
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසායෙන් මැඩුණු ක්‍ෂය කොට ගන්නා ලද සිත් ඇති දෙව්දත් තෙමේ සඞ්ඝයා බින්දේ ය. මහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභසත්කාරකීර්තිප්‍රශංසා දුරු කරන්නෙමු ... මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතු මැ යි.
5. 4. 2.
5. 4. 2.
කුසලමූලසමුච‍්ඡෙදසුත‍්තං
කුසලමූලසමුච්ඡේද සූත්‍රය
428. සාවත්‍ථියං–
428. සැවැත්නුවර–
දාරුණො භික‍්ඛවෙ, ලාභසක‍්කාරසිලොකො. -පෙ-
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය ...
ලාභසක‍්කාරසිලොකෙන අභිභූතස‍්ස පරියාදින‍්නචිත‍්තස‍්ස භික‍්ඛවෙ, දෙවදත‍්තස‍්ස කුසලමූලං සමුච‍්ඡෙදමගමා. එවං දාරුණො ඛො භික‍්ඛවෙ, ලාභසක‍්කාරසිලොකො -පෙ- [උප‍්පන‍්නං ලාභසක‍්කාරසිලොකං පජහිස‍්සාම -පෙ-] එවං හි වො භික‍්ඛවෙ, සික‍්ඛිතබ‍්බන‍්ති.
මහණෙනි, ලාභ-සත්කාරකීර්තිප්‍රශංසායෙන් මැඬුනු ගන්නා ලද සිත් ඇති දෙව්දත්ගේ කුසල්මුල් සහමුලින් සිඳීමට ගියේ ය. මහණෙනි, ලාභ-සත්කාරකීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභසත්කාරකීර්තිප්‍රශංසා දුරුකරන්නෙමු ... මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතු මැ යි.
5. 4. 3.
5. 4. 3.
කුසලධම‍්මසමුච‍්ඡෙදසුත‍්තං
කුසලධම්මසමුච්ඡේද සූත්‍රය
429. සාවත්‍ථියං–
429. සැවැත්නුවර–
දාරුණො භික‍්ඛවෙ, ලාභසක‍්කාරසිලොකො -පෙ-
මහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය ...
ලාභසක‍්කාරසිලොකෙන අභිභූතස‍්ස පරියාදින‍්නචිත‍්තස‍්ස භික‍්ඛවෙ, දෙවදත‍්තස‍්ස කුසලො ධම‍්මො සමුච‍්ඡෙදමගමා. එවං දාරුණො ඛො භික‍්ඛවෙ, ලාභසක‍්කාරසිලොකො -පෙ- [උප‍්පන‍්නං ලාභසක‍්කාරසිලොකං පජහිස‍්සාම -පෙ-] එවං හි වො භික‍්ඛවෙ, සික‍්ඛිතබ‍්බන‍්ති.
මහණෙනි, ලාභසත්කාරකීර්තිප්‍රශංසායෙන් මැඬුනු ගන්නා ලදසිත් ඇති දෙව්දත්ගේ කුසල්දහම් සහමුලින් ඡේදයට ගියේ ය. මහණෙනි, ලාභසත්කාරකීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභසත්කාරකීර්තිප්‍රශංසා දුරුකරන්නෙමු ... මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතු මැ යි.
5. 4. 4.
5. 4. 4.
සුක‍්කධම‍්මසමුච‍්ඡෙදසුත‍්තං
සුක්කධම්මසමුච්ඡේද සූත්‍රය
430. සාවත්‍ථියං–
430. සැවැත්නුවර–
දාරුණො භික‍්ඛවෙ, ලාභසක‍්කාරසිලොකො -පෙ-
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය ...
ලාභසක‍්කාරසිලොකෙන අභිභූතස‍්ස පරියාදින‍්නචිත‍්තස‍්ස භික‍්ඛවෙ, දෙවදත‍්තස‍්ස සුක‍්කො ධම‍්මො සමුච‍්ඡෙදමගමා. එවං දාරුණො ඛො භික‍්ඛවෙ, ලාභසක‍්කාරසිලොකො -පෙ- [උප‍්පන‍්නං ලාභසක‍්කාරසිලොකං පජහිස‍්සාම -පෙ-] එවං හි වො භික‍්ඛවෙ, සික‍්ඛිතබ‍්බන‍්ති.
මහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසායෙන් මඬනා ලද නිශ්ශේෂයෙන් ගන්නා ලද සිත් ඇති දෙව්දත්ගේ ශෝභන ධර්‍මය සහමුලින් ඡේදයට ගියේ ය. මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන්ලාභසත්කාරකීර්තිප්‍රශංසා දුරුකරන්නෙමු ... මහණෙනි, තොප විසින් හික්මිය යුතු මැ යි.